Social Icons

හොයමු බලමු

Monday, December 31, 2012

සඳුන් අරටුව ... නොහොත් සිංහාවලෝකනය!




                                       සැඩ සුළඟින් කැඩී ඉරී විසිරී සීසීකඩ ගිය වැහි වලාකුළු බටහිර අහස වටකොට පැතිරුනේ ආක්‍රමණයකට මුලපුරන්නාවූ සතුරන්ට විරුද්ධව පෙළගැසේනා ගුරුළු රෑනක තරම් චන්ඩ විලාසයෙනි.හදිසියේ පුපු‍රා ගිය කස පහරින් අවදිවූ අසුන් රෑනක් වෙන් ඇඹරෙමින් දිව ආ සුළඟ , සතර අතින්ම බටහිර වා ගැබ පෙලන්නට විය .
                                          තැනින් තැන එබෙමින් සිටි හිරුමඩල පිළඹඳ ආරංචියක් පවා සොයාගත නොහැකි තරම්ය . යම රජුනිගේ අණින් අවදිවූ කුළු මී රැලක තරමට නපුරුවූ දළ රළගෙඩි , දුටුවන් භීතියෙන් උමතු කරවන තරම් විය .
                    බියකරු හඩක් නගාගෙන හිසට ඉහලින් හෙනයක් පිපිරිණි . ඊළඟට ඈත නිම් වලල්ලම දම් පැහැගන්වමින් විදුලි කොටන්නට වූයේ හාත්පස පැවති අඳුර සේම අහසද පුපුරවා දෙබෑ කරන්නට වන තරමිනි.
                                                                      ඔහු අවදිවූයේ  දිනය ආරම්භයේදීම සියල්ල මේ අයුරින් කනපිට හැරීතිබුන වාතාවරණයක් යටතේය.වැහිබිරුම තවත් එලෙසමය, කෙතරම්  අඳුරු වීදි යත්, ඒ උදයේ අඩි දෙක තුනක වත් දුරක් ඉදිරිය නොපෙනෙන තරම්ය.දින කීපයක් සිට පැවති අදුර මේ වනවිට තද වර්ශාවක් වී තිබීම ඔහුගේ සන්තාපයට හේතුවිය .දැනට ලැඟ සිටින අම්බලම  පෙර දිනයේ  හැරයන්නට අවස්ථාව තිබියදීත් එසේ නොයාමට ගත් තීරණය ඔහු වේදනාවට පත් කලේය. ඇතැම් විටකදී ඒ වේදනාව  උහුලාගත නොහැකි තරමට දරුණුවේ............. 
              මධ්‍යයේ ඊයම් පුරවා බලගැන්වූ යකඩ බරුවක් උගුරේ හිරවූ  අයෙකුගේ හැඟීමෙන් මිදෙන්නට උත්සහ දරන ඔහුගේ දෑස නිතරම කඳුලෙන් පිරී පැවතින් . හාත්පස වූ  ඝණ අඳුර නිසාවෙන් අසල වූවන්ට ඔහුගේ කඳුලු නොපෙනේ.
                                            රැය ගතකලාවූ අම්බලමට අඳුර නොතකා පැමිනියවුනගෙන් එය පිරීයද්දි , කුරිරු සමාජය තුල කිසිවක් සිතැගි පරිදි කළ නොහැකි යථාර්ථය පහැදිලි කරමින් ඔහුට සිදුවූයේ එකට සිටි උන්ගේ පාපහර ලැබ අම්බ‍ලමෙන් එලියට විසිවන්නටය. 
                             ආලෝකයක් ලබාගන්නට කිසිවක් නොමැතිවා සේම නොතෙමී යන්නට උපකාරීවන කිසිවක් ඔහු සතු නොවීය . තිබූ සියල්ලද අම්බලමේ සිටි උන් උදුරාගෙන හමාරය. වැස්සට තෙමීමත් පහරකෑමේ වේදනාවත් අඳුරේ යමෙන්  තැන තැන වූ ගල් කුළුවල පා වැදීමත් නිසා දුර්වල වූ හෙතම සිහි මූර්ජාවීම අරුමයක් සේ නොවේ යැයි සිතමි.
                                   දුර්වල උන්  දඩමීමා කරගෙන කුස පුරවාගන්නා කුඩුකාරයින් , රස්තියාදුකාරයින්, අධමයින් හා ගණිකාවන් රැලක් විසින් වටකරගනු ලැබ ඉක්බිති කුදලාගෙන යෑම දක්වා සිදුවීම් දාමයකට මුහුන දෙන්නට ඔහුට සිදුවන්නේ මේ කාලසීමාව තුලදීය.මුලසිටම පිළිකුල් කගවුන් සමඟ එසේ සහවාසයේ යෙදෙන්නට වීම දෛවයේ සරදමක් විය යුතුය.
                                          සිහිය ලැබෙනවිට මධ්‍යාහනද පසුවී තිබිනි ,  නැගිට යාමට තරම් ශක්තියක් සේම උවමනාවක්ද නොවීය . අඳුර එලෙසමය.විටෙක සිතුනේ මේ අඳුර විසින් තම ජීවිතය වෙලාගෙන ඇති බවත් එයින් මිදීයාමට නොහැකි බවත්ය. නමුත්  විටින්  අඳුර මැදින් මතුවන විදුලි එලි නිසාවෙන් හාත්පස පරිසරය දැකීමේත් එමගින් සතුටක් ලැබීමේත් වාසනාව ඔහුට හිමිවිය , එහෙත් ඒ නිමේශයකට පමණි .
                                           නැගිට ගැනීමට තරම් ශක්තියක් ලද පලමු අවස්ථාවේදීම  ඔහු නැඟිසිටියේය , ඒ  පවස නිවා ගැනීමට දිය පොදක් සොයාගැනීම උදෙසාය.දිය උල්පත අසලදී හමුවූ තරුණීයකගෙන් ලද්දාවූ ත්‍යාගක් නිසා ඔහු පිනාගියේය . ඒ ඔහුගේ සොදුරු මතකයන් පිරීගියාවූ අතීතය ගැන ඇය විසින් සටහන් තබන ලද පුස්ථකයකි .ඇය නපුරු විය .යලි කිසිදා හමු නොවන අයුරුන් ඔවුන් වෙන්ව ගිය නමුත් ඇය ඔහුගේ ජීවිත දිශාව වෙනස් කලාය. සිතන්නට යමක් ඉතිරිකලාය.
              උල්පත අසල ජීවිතය සේම අධම‍යින්ගෙන් වෙන්වීමේ තීරණය ගන්නා විට පරිසරය මදක් එලිය වැටී තිබිනි . ඔහු දැන් නැවතත් ගමන අරඹා ඇත . ඔහු වැන්නවුන් රැසක්ම හේ වටා එක්වූයේ නව ගමන එක්ව යන්නටය . දිනය අවසාන වීමට ඇත්තේ තවත් පැය කීපයක් පමනි. 
අද රාත්‍රියේ ඔහු නවාතැන් ගන්නා අම්බලම බෙහෙවින්ම ආලොකමත්ය නමුත් පරිසරයේ වූ අඳුර තවමත් සම්පූරණයෙන් පහවී ගොස් නැත. කම් නැත , රස්තියාදුකාරයින්ගෙන් හා ගණිකාවන් ඇසුරේ සිටියදී ඔහු ඉගෙනගත් දෙයක් විය . ඒ නූපන් හෙට ගැන නොතැවී අද ජීවත්වීමයි . එය ජීවිතය සැහැල්ලු කරනු ඇති බව ඔහුගේ හැඟීමයි.


සමහර විට හෙට ආයෙත් වහීවී ...... කාටද කියන්න පුළුවන්...... ජීවිතය කියන්නේ සදුන් අරටුවක් ..... හිටවලා තියෙනකන් තවත් ගහක් විතරයි උනාට කැපුවහම වටිනාකම කියන්න බැරිතරම් .තැලුනාම , සුවද ඉස්තරම්.



හැමදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!! 

ප.ලි - තේරෙයිද මන්දා !!!!





Thursday, December 20, 2012

දැන් වරෙව්කෝ රෙදි උස්සන් ....... මැගසින් ‍රෝඩ් නොහොත් පත්තිනි අම්මලාගේ කථාව..


රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් මැද්දෙන් අපි අපේ ගමනේ ........... කියෙව්වේ නැත්තං මෙන්න තියෙනවා පලවෙනි කොටස ........... කියවලාම ආව නං හොඳයි . මේ කොටසින් කථාව ඉවර වෙනවානේ ....
හිතේ ඇති තොපි සේරම පත්තිනි අම්මලා කියලා .... නොදකින් මූසල බැල්ලි .........





දෙයියන්ගේ පිහිටෙනුයි ඩ්‍රයි‍වර් අයියට පින්සිද්ද වෙන්නයි අපි මේ වෙනකොට බොරැල්ල Y.M.B.A එක ඉස්සරහට ඇවිල්ලා තිබුනේ ........ ,                     දහ දොලොස් දෙනෙක්ගේ කකුල් අතපය පාගගෙන අපි දෙන්න බස් එකෙන් බැහැගත්තේ අර ඇන්ටි තවත් මොනවා හරි කියන්න දෙයක් හිතාගන්න කලින් ....... 
                                        දසුනයා නම් තවත් මොනවා හරි දෙසන්න ඔනේ කියලා එතනම ඉන්නයි ගේම දුන්නේ. අන්තිමට කණ ලඟට කරලා සුද්ද සිංලලෙන් වචන දෙකතුනක්  කිව්වහම  බහින්න කැමති උනා .
Y.M.B.A  එක ඉස්සරහින් පාර එහා පැත්තේ තියෙන කිරිහලට දෙන්නත් එක්ක ගොඩවැදුනේ මොනවද ඉදිරි ප්ලෑන් කියලා කල්පනා කරන්න හිතාගෙන .
කූල් කිරි වීදුරු දෙකකුයි සොසේජස් බන් දෙකකුයි අරන් අපි දෙන්නා කඩේ තියන මේස දෙකෙන්, ‍එකකට සෙට් උනා .... දවල් නිසාද ‍කො‍හෙද මායි ඌයි හැරුනාම කඩේ හිටිනේ බඩු විකුනන අක්කා විතරයි .
" දැන් මොකද බං ‍කරන්නේ ? මම නං කියන්නේ අතඇරලා දාමු "

" අනේ මන්දා බං හිතා ගන්න බෑ......... කෙල්ලට රිදුනද දන්නේ නෑ නේද ? පවු බං ........ හිතලා නෙවෙයි .... වේදනාවටයි පාරක් ගැහුවේ "


" රිදුනද ????? යකෝ ඒකි විසි වෙලා ගියා ..... දැන් ඉතින් ඒ ගැන් හිතලා වැඩක් නෑ බං ගිය දේ ගියානේ !!!!! , ඔන්න ඔහේ ඕක අතඇරලා දාපන් එක කෙල්ලද බං ඉන්නේ ,උනුත් ඇවිත් 176 බස්එක වගේ තමයි එකක් ගියාම තවඑකක් එන්න විනාඩි පහක්වත් යන්නේ නෑ "

" කියන්න නම් ලේසී එත් කරන්න තියෙන අමාරුව දන්නේ මමනේ "
" අමාරුවෙන් හරි කරන්න වෙනවා , බීලා ඉවර නම් වරෙන් යමන් ගෙදර යං "
" මේවා බීලා හරියන්නේ නෑ බං ......... වරෙන් බාර් එක පැත්තේ ගිහින් යමු "

" ගොන් වස්සෝ ...ඒකි ගියා .... ආයේ එන්නේ නැ .... තෝ බිව්වා කියල එන්නේත් නෑ .... නිකන් ෆිල්ම් වල තියෙන ෆන් ගන්න යන්නේ නැතිව වරෙන්  යන්න ගෙදර "
බාර් කථාව මඟ ඇරවලා බොහෝම අමාරුවෙන් කොල්ලව ගෙදර එක්කන් ආපු මම අසාර්ථක දවසක අවසානය කියලා හිතාගෙන ආයෙත් ගෙදර යන්න ලෑස්ති වුනා .
" ඉදහං මාත් එනවා " දසුනයා ආයෙත් එන්න ලෑස්තිය 

" කොහොද ?  අපේ ගෙදරද "
" තොගෙ ගෙදර එන්න වරෙන්තු  ගන්න ඕනේනේ .. , මම මේ යන්න හදන්නේ බයික් එක අරන් එන්න "
" හ්ම් ........ හැබැයි පරිස්සමේන් කොල්ලෝ අරුන් තවම රැකගෙන ඉන්නවද දන්නේ නෑ ! "
  එහෙම කියාගෙන ගෙයින් එලියට බහිනකොටම දැකපු දර්ශ‍නයෙන් මගේ මුලු ඇඟම පණ නැති වෙලාගියා . හංසි නංගියයි අළුත් කොල්ලයි තවත් තිහක විතර ගැන්සියකුයි පාර දිගේ දසුනයාගේ ගෙවල් පැත්තට එනවා ..... 
                  කෙල්ල නම් බෑ බෑ කිය කිය කොල්ලගේ අතිනුත් ඇදගෙන අනිත් පැත්තට යන්න හැදුවට මොකද අරූ  කෙලගෙන එනවා . කෙල්ලගෙත් බොරුවද කොහෙද .... ගේමක් ඉල්ලන්න ඔනේ කමක් තිබුනේ නැත්තං කියන්න තිබුනේ දසුන්ගේ ගෙවල් තියෙන තැන දන්නේ නෑකියලානේ .
            ගෙදරින් එලියට එනකොටම අපි උන්ව දැක්ක වගේම උනුත් අපිව දැක්කා . හංසි කොල්ලගේ කණට ලංවෙලා මොනවද මිමිනුවා , ' 'අන්න  අරුන් දෙන්න තමයි' කියලා වෙන්න ඇති  කියෙන්න ඇත්තේ . එහෙම කිව්ව විතරයි  කට්ටියගේ ගමන වේගවත් උනා දැන් ඇවිදිනවට වඩා දුවනවා කියලා කිව්වොත් හරි .
" දසුන් ......වැඩ දෙල් වෙන්නයි යන්නේ කොල්ලො..... සාම සාකච්ජා නම් බැරිවෙයි වගේ "
" වරෙන්.. වරෙන්... මැගසින් රොඩ් එකට දුවමු !!!!!!!!! "
එහෙම කියාගෙනම මූ  දුවන් ගත්තේ මට කියන්න දෙයක් හිතා ගන්නවත් කලින් . අපි දුවනවා දැකපු අරුන්ටත් හෙන මොරාල් අප්විල්ලක් අප් උනා ... දැන් හරියට අර දෙමල ෆිල්ම් එකක් වගේ දෙන්නෙක්ගේ පස්සෙන් හතලිහක් පන්නන් එනවා  මහ දවාලේ .
                                 සුපර් මාකට් එක ලගින් තියෙන භූගත පදික මාරුව හරහා යන්න ගියොත් නම් වැඩ අල වෙන්න ඉඩ තියෙනවා ..... ඒ නිසා වැටෙන් පැනලා පාරට ආවා. 
වාහන යනවා ‍සින් සින් ගාලා , ඒ මදිවට ට්‍රැෆික් මාමෙක් අපිදෙන්ට කෑගහනවා පාරෙන් අයින් වෙයව් කියලා ........ 
" ආපහු හැරිලා යනවා කියන්නේ අරුන්ගෙන් කන්න වෙනවා කියන එකයි ... ගුට්කනවට වඩා සැපයි යකෝ පාරේ මැරෙනවා " 
                              පොලිස් මාමාගෙ කටට බයෙන්  පාර පනින එක නවත්තන්න හදපු දසුනයාට එහෙමම කියාගෙන මම පාර හරහා දුවන්න ගත්තා ... 
ක්‍රීස්................... පෑපෑපෑ පෑං .... කට්ටිය හෝ ගාලා හො‍න් ගහනවා   බ්‍රේක් ගහනවා ...... එක විකාරයයි ...බස් කා‍රයෝ දෙතුන් දෙනෙක් සිංහලෙන් බනිනනවත් ලාවට වගේ ඇහුනා .
කොහොමෙන් කොහොම හරි අපි දෙන්නම පණ පිටින් පාරෙන් එහා පැත්තේ. අපේ නරක ආදර්ශේ අර අපේ පස්සෙන් ආපු සෙට් එකත් එහෙම්මම අනුගමනය කලා .... අපි දෙන්න‍  දැන් බේස්ලයි පාර දිගේ මැගසින් බන්ධනාගාරේ පැත්තට දුවනවා . අපේ පස්සෙන් මීටර් 20ක් විතර ඈතින් අරුන් ටික මාරයෝ වගේ පන්නන් එනවා .මැගසින් රෝඩ් එක කියන්නේ තනිකරම චන්ඩින්ගෙන් වගේම පාතාලලෝකේ ලොක්කන්ගේ ගේම් සැරටම ප්ලෑන් වෙන  පාරක් , බොරැල්ලේ ඉස්කෝලෙකට ගියපු නිසාම මගෙත් කන්ටැක් ටිකක් තියෙනවා ඔය පාරේ ඉන්න බුවාලාත් එක්ක . රහෙම නොවෙන්න  මඟ මැරුනත් ඔය ගුබ්බෑයම අස්සේ රිංගන්නේ නෑ......... නෑ .........නෑමයි . බේස්ලයින් පාරේ තියෙන ළමා රෝහලට ඇතුල් වෙන ගේට්ටුවත් මැගසින් බන්ධනාගාරයත්  අතර තමයි ඔය පාර තියෙන්නේ .

" දුවපන් පුතේ තව ටිකයි ....... දිනෙල්ක .....නවතින්න නම් එපා .... "

මුට මොල් ද කොහෙද! මූ නැවතුනත් දුවන සයිස් එකටයි මම නම් හිටියේ ...තවත් විනාඩියක් ඇතුලත අපි දෙන්නා මැගසින් රෝඩ් එකේ .... 18 වත්තට හැ‍රිලා  කෙලින්ම රිංගුවේ .... හර්ශනයාගේ ගෙදරට ...
" හරිශනයෝ .......... වරෙන් .... වලියක් යකෝ ... තියෙන තියෙන දෙයක් අරන් වරෙන් ... හතලිහක් විතර එනවා "

එක පාරක් විතරක් කාමරෙන් එලියට ඔළුව දාපු හරිශනයා හයෙත් ගෙට දුවලා ගිහින් ටියුට් බල්බ් ,හොකීපිති , බයිසිකල් ‍ චේන් වගේ කෑලි බෑලි ටිකක් උස්සන් ආවා ...... දහ පාලොස් දෙනෙකුත් සෙට් කරගත්තා ... 
                                    මේසේරටම වෙලාව ලැබුනේ අපි රිංගුවේ මොන අස්සකටද කියන එක පන්නපු සෙට් එක නොදැන හිටපු එක . නැතත්තං විනාඩියක් වත් යන්න කලින් අපි දෙන්නා කනවා නස්ථාර් වෙන්න .
" හරි දැන් යමං ..... අද කෙලවනවා ඕකුන්ට ....." දසුනයා ‍පිපිරෙන්න ඔන්න මෙන්න .
" උන් යන්න ඇති බං  මැගසින් රෝඩ් ඇවිල්ලා මෙහෙ ඉන්න උන්ට ගහන්න තරං ලොකු උන් ඉන්නවද ? " ඒ හර්ශනගේ අදහස .... 
                          ඇත්තම කිව්වොත් ඒක වැරද්දක් නෑ .. මෙහෙ ඇවිල්ලා පුතාලට ගහල ගියොත් ඉතින් ඊළඟ දවසේ වලියට බහින්නේ තාත්තලා , නිකම්ම නෙවෙයි කඩු කිනිසි වලින් තමයි ගේමට එන්ටර් වෙන්නේ  වෙන්නේ .
මේ වෙලාවෙනම් අපිට හර්ශනයට උත්තර දෙන්න වුනේ නැත්තේ වත්තෙන් එලියට බහිනකොටම  රෝඩ් එකේ එහා පැත්තේ තිබුන කඩයක් අස්සෙන් බොහොම කලබලෙන් එලියට ආපු අරුන් සෙට් එක අපිව දැකපු නිසා . 
" ඔන්න ඉන්නවා ...... මට පේන්නේ ඔන් ලොකුයි වගේ ..... අපි කඩේක හැංගිලා කියලා හිතන්න ඇති ....... " 
අපේ කට්ටිය 15ක් විස්සක් විතර ඇති උන් එතන 50ක් විතර , දසුනයා දැකපු අළුත් පෙම්වතාට මාරයා ආවේස උනා වගේ. උන් ටික පාරට පැනලා අපේ පැත්තට දුවගෙන එන්න ගත්තා .
ඔන්න එතකොට  තමයි මගේ කේන්තිය ඇවිස්සුනේ .මේ ගොනාට ඔනේ තරං අවස්ථාව තිබුනා වලියකට නොයා අපිට දැක්කාම ගෙදර යන්න . යකෝ මේ වෙන කොහෙවත් නෙවෙයිනේ මැගසින් රෝඩ් එකනේ කියලා වත් හිතන්න තිබුනා .. පිටින් ඇවිත් ‍ගේම අදින උන් මේකෙන් එලියට යන්නේ ඇම්බියුලන්ස් වලින් .
කට්ටිය වැඩි උනාට උන් නිරායුදයි ... අපි සන්නද්දයි . මගේ අතේ තිබුන හොකී පිත්ත බර දාලා අල්ලා ගත්තේ තව තත්පර ගානකින් පටන් ගන්න යුද්දයට සූදානම් වෙන්න ....... උන් පාර පැන්න . ගේම පටන් ගත්තා ........උන් දෙතුන් දෙනෙකුට අපේ එකේක් විදිහටයි සෙට් උනේ ..... මාත් හතර අතේ කැරකි කැරකි අහුවෙන හැම එකාටම පිත්තෙන් සංග්‍රහකලා පාරවල් දෙකතුනක් වදින්න ඇති ඒත් ඒකිසිම දෙයක් දැනුනෙවත් නෑ , වලියක ඉදලා තියෙනව නම් එක එහෙමයි කියලා දන්නවා ඇතිනේ.

                                      කාගෙ කරුමෙකටද මන්දා , දසුන්ට සෙට් වෙන්න ඔනේ හංසිගේ අළුත් පෙම්වතාව වලියෙදි සෙට් උනෙ මට ..... අතින් පයින් විතරක් නෙවෙයි හොකී පිත්තක රහ බලන්නත් ඌට චාන්ස් එක ලැබුනා . මුලින්ම ආපු එකාගේ කකුල් දෙ‍කට වැදුන හොකී පිති පාර නං මට ජීවතේට අමතක වෙන්නේ නෑ ........ ඌ ගෙදර ගියේ කෝහෙමද දන්නේ නැ .
ටිකක් වෙලා යද්දි පලාතේ හිටපු ට්‍රීවිල් කාරයෙත් අපේ පැත්තට සහය දෙන්න ගේමට එන්ටර් උනේ ස්පැනර් ,17 ,16 අඬු එහෙමත් අරගෙනයි . විනාඩි පහක් විතර යනකොට ආපු ගැන්සියේ  බහුතරය  තැන් තැන් වල වැටිලා , අනිත් උන් දුවනවා , වීරයා වැටිලා හිටියේ මගේ ගාවමයි .......ඇහැගාවට උඩ   ටිකක් විතර ලේ ගලන්න පාරක් වැදිලා තිබුනා හැරෙන්න මට නම් ඒ හැටි අමාරුවක් නෑ ..........
" දිනෙල්ක ......... දුවපාන් ......... "  මෙහෙම කියපු දසුනයා මගේ ඉස්සරහින් හුළඟක් වගේ දුවලා ගියේ ඉස්සල්ලා අරුන් ටික පස්සෙන් පන්නනවටත් වඩාවේගෙන් . කාරනේ තේරුනේ පිටිපස්ස බලද්දීයි , බොරැල්ල පොලීසියෙන් ජීප් ‍තුනක් ඇවිත් සේරම පටවන්න පටන් අරන්.


                                    දවසේ දෙවනි පාරටත් මායි දසුනයයි දුවනවා ..... දෙන්නත් එක්ක ගිහින් නැවතුනේ නම නොදන්න වත්තක් අස්සේයි ...... 

පාරේ හයි කරපු ටැප් එකකින් මූණ හොදගෙන අපි දෙන්න විසිරුනේ අමතක වෙන්නේ නැති දවසකට ආයුබෝවන් කියනගමන්.
                                           දසුන් ගෙන් කන්න ඔනේ එකා ගුටිකෑවේ මගෙන් , ආරංචියේ විදිහට ඌගේ වම් අතේ මැණික් කටුව පුපුරන්න හොකී පිති පාර වැදිලා .දවස් ගානක් ඉස්පිරිතාලෙත්ඉදලා , කොල්ලා ගේ තාත්තා ලංකාවේ ප්‍රසිද්ද කෝටිපතියෙක් කියලා ආරංචි උනා. තමන්ගේ පුතාට කෙලවපු එකාව හෙයන්න දවස් ගානක් උගේ තාත්තයි පොලීසියයි දරපු උත්සහය වැරදුනේ මූ කිසිම දෙයක් පොලීසියට කිව්වේ නැති නිසා .
                                              ගහපු පාරට කෙල්ලව හම්බවෙලා සොරි කියන්න කියලා හිතාගෙන හිටපු දසුන් ඒ අදහස වගේම කෙල්ලවත් හිතේන් අයින්කරලා දැම්මේ වලියට  පස්සේ  පාරවල් වැදිලා ඉදිමුන මූණ හෝදලා දැම්මා වගේ හරි අමාරුවෙන් . සේරම දේවල් අමතක කරලා දාපු  දසුන් කුකරි කෝස් එකක් කලා.... ගිහ අවුරුද්දේ අන්තිම හරියේ මිනිහා කොහෙදෝ තිබුන තරඟයක් දිනලා ඇමරිකාවට ගියේ හේ වැ‍ඩ කරන්න . යන්ද දවස් දෙක තුනක් තියලා අන්තිමට සෙට් උන වෙලාවේ කිව්වෙ විදිහට කොල්ලා ආයේ ලංකාවට එන්න අදහසක් නෑ . කොච්චර අමතක කරන්න හැදුවත් ලංකාව පුරාම පිරිලා තියෙන හංසිගේ මතකය අමතක කරන්න පුලුවන් හොඳම විදිහ ඒකලු.
                                    අවුරුදු තුනකට කලින් සිද්දවෙච්ච මේ සිද්දියට සම්භන්ද කිසිම කෙනෙක් හිරේ ගියෙත් නෑ , වල පල්ලට ගියෙත් නෑ .  කාලයත් එක්ක මගේ  හිතෙනුත් මේ සිද්ධය වැලලිලා යන්න පටන් අරන් තිබුනට ගිය සතියේ අඟහරුවාදා දවසක නාවල ඕපන් යුනිවසිටි එක ගාවදි හම්බවුන අමුත්තෙක් නිසා ආයෙත් වතාවක් කථාව මුල ඉදලා මතක් උනා. 

                     ඒ වෙන කවුරුත් නෙවෙයි ඒදා මට කියලා අත කඩාගත්තු හාදයා .අපි මිනිහට රමේශ් කියලා කියමුකෝ  මගේ හිතේ කවදාවත් ඌගේ ගැන තරහක් තිබුනේ නෑනේ . එදා කලේ කරන්න ඔනේ දේ මිසක් හිතන් හිටපු දෙයක් නෙවෙයිනේ .... ඒ නිසා ඕනේ එකක් කියලා ගිහින් කථා කරන්න ඔනේ කියලා හිතුවා .
" හ්ම් හ්ම් ......... ඔබ තුමාට මාව මතකද දන්නේ නෑ " 

මගේ දිහාට හැරිලා ටිකක් වෙලා බලන් හිටපු කොල්ල කටකොනකින් හිනාවෙලා  කථා කරන්න ගත්තා .
" අත නං හොදවුනා .....  සෑහෙන කාලෙකින් නේද ??? කොහොමද  වාස දේසේ"

" මං හිතුවේ නෑ කථා කරයි කියලා .....  මට නම් අවුලක් නෑ ඉතින් ඩිගිරියක් කරන ගමන් ජීවත් වෙනවා , උඹ ??? "
" කථා නොකර ඉන්නේ මොකටද බං ...... එදා මගේ අතේ හොකී පිත්තක් තිබුනනං මාත් ‍කරන්නේ ඕක‍මනේ .... අනික ඒක වලියක්නේ බං...... පරණ කරහ හි‍තේ තිබ්බයි කියලා වැඩක් නෑනේ ... උඹ උනත් ඇවිත් කථා කරපු එක ලොකු දෙයක් , 
                                                මම දැන් ඕස්ට්‍රේලියාවේ බං  , තාත්තට පින් සිද්ද වෙන්න, එලෙවල් කරන ගමන්ම ෆයිවට් ඩිග්රියක් ගොඩ දැම්මා , දැන් එහේ බෑන්ක් එකක වැඩ , මේ නිවා‍ඩුවට ආපු ගමන් "  
" හංසිට මොකද උනේ ??? " එවෙලාවේ හිතේ තෙරපි තෙරපි තිබුන එකම ප්‍රශ්නේ මම අත ඇරලා දැම්මා .

" ආහ් ......... උඹලා දන්නේ නැත්ද !!!! අපි  මීට මාස හතකට කලින් බැන්දා බං .... දැන් කෙල්ල අම්ම කෙනෙක් වෙන්නයි ඉන්නේ "
ඒ කථාවනං මට අදහගන්න බැරිවුනා  ...... කෙල්ල බැන්දා ... අනික මේ කොල්ලත් මට වඩා බාලයි .
" සිරාවටමද ???? " මම එහෙම ඇහුවේ ඇත්තටම මට ඒ කථාව විස්වාස කරන්න බැරිඋන නිසායි.
" මොකටද බං බො‍රු කියන්නේ , කෙල්ලත් එහෙම තමයි ඉන්නේ "

" එහෙනං සුභ පැතුම් දෙන්නටම , හංසි මගෙත් එක්ක තරහයිද  දන්නේ නෑ නේද , කොල්ලට කරපු වැඩේට !!!!  කමන්නෑ , මතක් කලා කියලා කියහංකෝ "

" කෙල්ලට නං තාමත් තරහයි තමයි , දසුන් එක්ක තමයි වැඩි පුරම . මගේ අත කැඩුවේ දසුන් කියලායි හිතාගෙන ඉන්නේ , කෙල්ලොනේ බං ..... ගනන් ගන්න එපා  අපි වගේ අමතක කරන්න නෑ ,,, "

" එහෙනං මම යන්නං බං, කොච්චර කල් ඉන්නවද එහෙ ? "

" අපි අයේ එන්නේ නෑ බං , පී ආර් එක ගන්නවා , අවුරුදු පහක් ඉදලා , මෙහෙට වඩා එහෙ හොදයි , ළමයින්ට උනත් අවුලක් නෑ "

" උන්ට නං එහෙනං වලියක රහ  බලන්න වෙන එකක් නෑ ...... ඔන්න අපි ගියා , බුදු සරණයි මචෝ.... "

                                        දසුන් රට ගියා , ඌත් ආයේ එන්නේ නෑලු . හර්ශනයා....... අර අපිට වලියෙදි පිරිස් දායකත්වය දුන්න එකා , මිනිහා ගිය අවුරුද්දේ දවසක දුන්හිද ඇල්ල ලඟදි සෙල්ලමක් දාන්න ගිහින් ඒ ඇල්ලටම බිලිවුනා ඌත් ආයේ එන්නේ නෑ .... පෙම් යුවල රට ගියා , ඒ පුංචි පවුලට ලඟදිම අමුත්තෙකුත් එකතුවෙයි ........ උන් ආයේ එන්නෙත් නෑලු 
කථාව ඉවර උනා , කට්ටිය  විසිර ගියා . ඒ වෙන්වීම වෙන්වීමක්මයි වලියට සම්භන්ද  කීපදෙනා ආයේ කවදාවත් එකිනෙකා හම්බ වෙන එකක් නෑ .  වලියක් නිසා ජිවිතේට මුන ගැහුන අපූරු සතුරෝ  සෙට් එක වෙන් වෙලා ගියා . ලංකාවේ ඉතුරු වුනේ මං විතරයි  

Monday, December 17, 2012

හිතේ ඇති තොපි සේරම පත්තිනි අම්මලා කියලා ...... නොදකින් මූසල බැල්ලි .....





ටයිම්ටු ප්ලේද ගේම් ......... ට්ට්ට්ට්ට්ට්ට්ටර්ර්ර්ර්ර්ර්ර්රං.........
මොන බම්බුවක්ද මන්දා ........ නිදා ගන්නවත් නෑ ...
යකෝ 
තවම වෙලාව  6.30යි. මොන ‍කැනහිලාටද මේ මහ පාන්දර නින්ද යන්නේ නැත්තේ .........
" හලෝ.......... "

" අඩෝ .......... ව්  දිනෙල්කයා........... නිදිද බං !!! "
" තොගේ.....@$$@  ......... උඹ හිතුවේ මං ‍මුර වැඩක් කරනවා කියලද  මෙච්චර වෙලාසනින් ඇහැරලා ඉන්න .. අනික අද නිවාඩු දවසනේ බං "
" හරි හරි ........ නිවාඩු නිසා තමයි බංකථා කලේ ........යංද අද පොඩි ගමනක් "
" හැ .......... කොහෙද ???"

" හා හා පුරාකියලා මගේම සල්ලිවලින් කෙල්ලට ප්‍රසන්ට් එකක් ගත්තා බං .... සප්‍රයිස් පාරක් දාමු "
" ඉතින් දාගනින්කෝ .......... මං මොන මඟුලටද කියහංකෝ උඹේ අටමගලවල් වලට එන්නේ ...."
" අන්න ඉතින් ........ උඹත් කෙල්ලෙක් දාගත්ත දවසට අපි එන්නම්කෝ.... බෑ කියන්නේ නැතුව වරෙන් ... මං තාත්තගේ පරණ බයික්  එකත් හදා ගත්තා ඒකේ යමු "
" හ්ම්.....හ්ම් ...... උඹලත් අනේ මන්දා ! "
" එල  ..... එහෙනං 9 ට බොරැල්ලට වරෙන් ........ අනේ දෙයියෝ පිලිවලකට ඇදන් වරෙන් ඇ........හැමදාම එනවා වගේ ශර්ට් එකවත් මදින‍්නේ නැතුව ඇදන් එන්නේ නැතුව "
" හරි හරි බං ........ අපේ කෑල්ලනේ නේ !! "

" මං තොට කියන්නේ නෑ .... අපේ ... "
              පො‍ඩි කාලේ ඉදන් එකට දුක සැප බෙදාගත්තු දසුනයා, උදේන්ම මගේ නින්ද කඩලා දාල දැම්මේ  වාර්ථා පොත්වලට එකතු වෙන ජාතියේ දවසකට මුල පුරන්න කියන එකට ඒ වෙලාවෙ නං කිසිම සාක්කියක් තිබුනේ නෑ . අඩුම ගානේ හූනෙක්වත් චුක් චුක් ගෑවේ නෑනේ ..... ශික් ..........
පො‍ඩි‍ කාලේ
 ඉදන්ම ආයේ ඉතින් මම නං වෙලාව කිව්වොත් වෙලාව තමයි ... හරියට 9 වෙනකොට බොරැල්ලෙ තිබුන දසුන්ගේ ගෙදර දොරකඩ . 
ඒක නම් හැබෑවටම වාර්ථා පොත් වලට එකතු වෙන්න ඔනේ ... මොකද , කවදාවත් නැතුව මං එනකොට මූ ලෑස්ති වෙලා .....
" හරි යමං .... මං බයික් එක අරන් එන්නම් "


එහෙම කියලා ගේ පිටිපස්සට ගිහින් කිරි ටොයියා වගේ අයිටම් එකක් අරන් එනකන් බලන් හිටපු මට , මූ අරන් ආපු බයික් එක දැක්ක ගමන්  ඔළුවත් එක්ක කැරකෙන්න ගත්තා ........ මේකෙන් ගියොත් නං අනිවා පිටගැස්මට බෙහෙත් විදින්න වෙනවා. දෙන්නෙක් නැග්ගොත් එහෙම කඩාගෙන වැටෙන සයිස්.
"  පරණයිනේ බං ස්පෙයාපාර්ට්ස් හොයන්න අමාරුයි .එහේන් මෙහෙන් බොහොම අමාරුවෙන් කෑලි ටිකක් හොයාගෙන හදා ගත්තෙ බං .... අවුලක් නැතිව නුගේගොඩට ගිහින් එන්න පුලුවන් වෙයි "

හත්ඉලව්වයි .......ඒ වචනේ නම් බොහොම භයානකයි .... මූ කියන්නේ ගිහින් එන්න පුලුවන් වෙයි කියලා මිසක් පුලුවන් ‍කියලා නෙවෙයි .
" එතකොට  දැන්  මට කියන්නේ , උඹ මේ වටෙන් පිටෙන්  හොයාගත්තු ලට්ට ලොට්ට එකතුකරලා හදාගත්තු පතෝලමැස්සේ නැඟලා මටත් එන්න කියලාද ???? "

" නෑ .............. කැමති නම් බස් එකේ වරෙන් ..... කවුරුවත් බල කරන්නේ නෑ .... !! "
නොදකින් ‍මුසලයා ........
" යමං යමං ........... "

දෙදර දෙදර ආපු ලදරම නුගේගොඩට එන්න විනාඩි 45ක් විතර ගත්ත. දැන් හිතාගන්නකෝ ආපු බයික් එකේ තත්වේ .රොටරිය ඉස්සරහා තියෙන සරසවි බුක්ශොප් එකේ  අළුත් ශාකාව ලඟ බයික් එක නතර කරලා, පාරෙන් එහා පැත්තේ තිබුන පල්ලිගේ ගේට්ටුව ගාවට වෙලා අපි බලාගෙන හිටියේ 10.30 ඉන්ටවල් එකට හැමදාමත් පල්ලිය ලඟම තියෙන  හෝටලේට කෑමට එන දසුන්ගේ පැංචිව අල්ලගන්න. " කෙල්ල දන්නවද උඹ මෙතන කියලා ??? "
" දන්නව නම් ඒක සප්‍රයිස් එකක් වෙනවද බං..........!! "
" හදිස්සියේවත් අද කැන්ට්මෙන් කනවා ! මෙතෙන්ට එන්නේ නෑ කියලා හිතලා ආවේ නැත්තං මොකද කරන්නේ ? "
" එහෙම වෙන්න එපා කියලා හිතපන් "
අයියෝ සල්ලි .......... පොඩි ‍ගැට දාගත්තහම තියෙන අවුල පේනවනේ ...ඒහෙම කියලා අයේ අපි ලොකු උන්යෑ .... තාම කටේ කිරිසුවඳ ගිහින් නෑ ......... ‍:D:D
" මොකද්ද බං ගත්තේ කියහංකෝ කෙල්ලට දෙන්න !!! "

" කරාඹු දෙකක් බං ..... පලවෙනි පඩිය හම්බ වුනේ පෙරේදනේ .... අම්මට බ්ලවුස් එකයි , තාත්තට සරමකුයි , නංගිට ලස්සන වලලු දෙකකුයි කෙල්ලට රිදී කරාඹු දෙකකුයි ගත්‍තා... "
 ඒ ලෙවල් වලින් පස්සේ රස්සාවක් හොයාගන්න කියලා  මූ මෙන තරම් දතක් කෑවද !!! එත් ඒක අපතේ ගියේ නෑ මුගේ තියෙන පරිඝනක දැනුමයි තවත් එවයි මෙව්වයි එක්ක ..... අන්තිමට ලංකාවේ තියෙන ප්‍රසිද්ද සමාගමක හොද පඩියකට පැනගන්න පුලුවන් උනා .
 " 10.30යි , බං කෝ තවම නෑනේ ...... " 
                          පලවෙනි පඩියෙන් කාටහරි තෑග්ගක් ගත්තහම ඒක දෙන්න තියෙන හදිස්සිය ආයේ අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ , මෙච්චර වෙලා මට ඉවසපන් ඉවසපන් කියපු මූට දැන් කඩි කුලප්පුව හැදිලා . " ඇති යන්තං .....,ඔන්න කට්ටිය එනවා.............. "
සමුද්‍රදේවි ඉස්කොලේ පාරදිගේ ටියුශන් කොල්ලෝ කෙල්ලෝ රෙත්තයි ,ලස්සන සුදු කෙල්ලෝ පිරිලා .... අනේ මන්දා ක්ලාස් යන්න විතරද කොහෙද මුන් එලියට බහින්නේ , නැත්තං අපි ‍පාරෙ යනකොටත් මේවගේ හුරුබුහුටිලා දකින්න එපායැ ........ ඔය අතෙරේ අපි දෙන්නගේ ඇස් ඒ රූප අතරේ හංසි නංගිගේ රූපේ හෙය හොයා හිටියා . අනිතිමට හම්බවුනා .....ඒත් ඒ අපි හිතපු විදිහට නෙවෙයි .වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලගෙන නැලවි නැලවි .
මට උන් හිටි තැන් අමතක උනා ... මූ මේ කෙල්ලට මොනතරං ආදරේ කලාද දෙයියනේ,එහෙම වෙලත් ඇයිමේ ......දසුනයාට අතේ තිබුන පාර්සලෙත් අතඇරුනා ..... මම හිතන් හිටියේ මේවගේ දේවල් වෙන්නේ හින්දි ෆිල්ම් වල විතරයි කියලා .....ඒත් නෑ ඇත්තටම එහෙම වෙනවා.
......... ඇයි දෙයියනේ කෙල්ලෝ මෙහෙමකරන්නේ ... අකමැති නම් කියන්න තිබුනනේ...... එහෙම කියලා තිබුනා නං ඒක සාදාරනයි.අපි කෙල්ලව දැක්කට කෙල්ලතවම අපිව දැක්කේ නෑ .....
" දසුන් .... යමං ඔය වේ** ගෙන් වැඩක් නෑ බං  .."

වෙන කියන්න දෙයක් නොතිබ්බ කමට මම කිව්වා .කවදාවත් නැතුව දසුන්‍ ‍ගොලු වෙලා ..... ඌ වට පිට බලනවා ...කෙල්ල දිහා බලනවා .... ආයෙ වටේට බලනවා .
" යමං ගොනෝ ...... තොට තවත් මොනවද බලන්න තියෙන්නේ, ඒත්  මචං ඒ කෙල්ලගේ අයිය හරි කවුරුහරිද දන්නේ නෑ!!!! "
" මොන අයියෙක්ද යකෝ .... මම දන්නේ නැද්ද කෙල්ල ගැන..............කොල්ලට ගහමු "
" පිස්සුද බං ....... ගහනව නම් කෙල්ලට ගහලා වරෙන් .....මෙච්චර කරලත්  පිට  ගියේ ඒකිනේ ..... කොල්ලට ගහල මොනවා කරන්නද !! "
මගේ දිහා බලාගෙන විනාඩියක් විතර හිටපු දසුන් , මට කරන්න දෙයක් ‍හිතා‍ ගන්නවත් බැරි විදිහට පාර පැනලා, කෙල්ල හිටපු පැත්තට දිව්වා.  මට පස්සෙන් දුවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ,.......කියපු දේ අහන්නේ නැතිව මේකා ගිහින් කොල්ලට කෙලියොත් එහෙම උගේ සෙට එ‍ක මූට නෙලනවා දත් ‍ටික සවලෙන් එකතු කරන්න .
ඒත් වැඩේ වුනේ මං හිතපු විදිහට නෙවෙයි .අපිට පිටිපාලා හිටපු කෙල්ල ළඟට ගියපු දසුනයා කෙල්ලෙගේ කරෙන් අල්ලා තමන්ගේ පැත්තට හරවා ගත්තා. මෙච්චර වෙලා හිනා මලක් තිබුන ඒ මූණට මාරයා දැක්කා වගේ බයක් පිරෙන්න ඒච්චර වෙලාවක් ගියෙ නෑ ....
වචනයක් වත් කථා නොකරපු දසුනයා අතපුරවලා මහ පාර මැද්දෙ 
  කෙල්ලගේ කණට කෙලියෙ විසිවෙලා ගිහින් කොල්ලවත් එක්කම වැටෙව විදිහට  ,වෙච්ච දෙයක් කාටවත් හිතාගන්න වෙලාවක් නෑ . මූඅයෙම පාර පැනලා ඇවිත් දුවගෙන ගිහින් 164 බත්තර මුල්ල බස්එකක එල්ලුනේ මාව ඇදගෙනමයි  ........

" බහුමු  ගොනෝ මේ 164ක් ..... අපි යන්න ඔනේ176 යේ " 
   කොහොමෙන් කොහෙම හරි සුපර්මාකට් එක ලඟදිකට කපලා සෙනඟ හිටපු 176කට පැනගත්තේ තවත් ‍නුගේගොඩ හිටියොත්කොයි වෙලොවේ කන්න වෙයිද දන්නේ නැතිනිසා.  ඔය අතරේ අපි දැක්කා පොලීසියෙනුත් දෙතුන්දෙනෙක් එන්න තරං, රොටරියට හැරෙන පාර ළඟ ලොකු කලබලයක් . 
" ඇයි බං එහෙම කලේ ....... බයික් එක ගන්න යන්නේ කොහොමද ? "
" බයික් එක බල්ලාට ගියපුදෙන්  ........... පස්සේ ගිහින් ගන්නවා , ඒක ගන්න හිටිය නං කන්න වෙනවා නහුතෙට  "
" පවු බං කෙල්ල  කැරකිලා විසිවුනා ........ "
" පවු!!!!!! ඒකිට රිදුනේ ඇඟට විතරයි ඒ වේදනාව අඩුවෙන්න වැඩිම උනොත් දවසක් යයි . ඒත් මට ..........."
බස් එකේ මිනිස්සු අපි දෙන්නා දිහා කටවලුත් ඇරගෙන බලාගෙන. කොහෙද  මූට ඉතින් හෙමින් කථා කරලා පුරුද්දක් නෑනේ ...
" පස්සේ කථා කරමු........... "
" හ්ම්."

 ශෝක රථය!  හෙමින් සීරුවේ  බොරැල්ලටත් ලංවුනා ,ඔන්න ඔය අල්ල පනල්ලේ  තමයි මගේ අත, ලඟ ඉන්න ශෝයි කෙලි පැටික්කියකගේ ඇ‍‍‍ඟේ ගෑවෙන් ගත්තේ .... කෙල්ලෙගේ අම්මත් ඒ ලඟමයි .... කවදාවත් නැතුව මේ වෙලාවට අද 176යේ සෙනඟ කට කපලා ..... හිතලා අත වැද්දුවේ නෑ, අයින් වෙන්න තැනකුත් නැති නිසා වැදුනට  කරන්න දෙයක් නෑ ඉතින් .......කෙල්ලගේ අම්ම නං දෙතුන් පාරක්ම මගේ දිහි ඔරවලා බැලුවේ අත ගනින් කියන් වෙන්න ඇති ... එත් දෙයියනේ අත අරන් කොහෙන් කියලා තියාගන්නද .
" දූ ........ මේ පැත්තට එනවා  ...... ඔය එක එක වලත්තයෝ අස්සේ රිංගන් ඉන්නේ නෑතුව .....අම්මෙක් නංගියෙක් නැතුව ඇති මුන්ට .... බස් එකේ යන කෙල්ලොන්ට ඉන්න දෙන්නේ නැත්තේ... "

සීවරං දෙයියනේ .......... මීට වඩා හොදයි ඇන්ට් මාව වල දැම්ම නං .... මොනවා කියලා කරන්නද කට වහන් අනිත් පැත්ත හැරෙනවා ඇරෙන්න..බස්එකේ උන් සේරම මගේ දිහා බලාගෙන ... ඉස්සරහා සීට් වල ඉන්න උන් ඉස්සි ඉස්සි බලනවා .  දෙරක් ළඟ හිටියා නං අනිවා බැහැලා යනවා .... කොහෙද මේ වෙලාවේ දෙර ළඟට යන්න මිනිස්සු අස්සෙන් බඩගාන්න වෙයි.
" මොන රෙද්දටද දිනෙල්ක උඹ කට වහගෙන ඉන්නේ .... කථා කරපං බය නැතුව ....... සෙනඟ ඉන්න බස් එකක යන්නේ අදද අහපංකෝ ..... තොගේ දුවගේ ඔය කුරුම්බාඇට්ටි වල අත් වද්ද වද්ද යන්න තරං අමාරුවක් නෑ
ගෑනියේ පොඩ්ඩක් බලපිය වට පිට අල්ලන් තැනක්වත් එහෙම ඉඩක්වත් තියෙනවද කියලා ........ "
දැන් දසුනයා බස් එක දෙක වෙන්න බෙරිහන් දෙනවා .. දැන්ම මූව නැවත්තුවෙ නැත්තං මොනවා කරයයිද දන්නේ නෑ... මිනිස්සු සේරම හිනාවෙනවා .......
" නවත්තපං බං ඒ අම්මා කෙනෙක් .... එහෙම තමයි ඉතින් දුව හින්ද නේ බං කියනවා ඇත්තේ ......." ශේපර් එකේ මම කිව්වේ උගේ කණට ලංවෙලා


"   දුව !!!!!!!!! ආච්චිගේ රෙද්ද තමයි ......... හිතේ ඇති තොපි සේරම පත්තිනි අම්මලා කියලා ...... නොදකින් මූසල හැත්ත....."

ප.ලි --- 
වම ඉවර නෑ ... හරිය ..බොරැල්ලෙන්බැස්සට පස්සේ තමයි සෙල්ලම් පටන් ගන්නේ ......
 

Sample text

Sample Text

Sample Text