Social Icons

හොයමු බලමු

Thursday, August 30, 2012

සමාව භාජනයක දමනු මැනවි ................




අවාසනාවට ඇත්ත කථාවක්  සමගින් වාසනාවන්ත බලාපොරොත්තුවක්.............................................



1. අවාසනාවට ඇත්ත කථාව - අද අළුත් කථාවක් පොස්ට් කරන්නයි                  හිටියේ ඒත් වෙලාව මදි නිසා ‍ඒක කොටන්ට වෙන්නෑ ඕං .

2. වාසනාවන්ත බලාපොරොත්තුවක් - හෙට උදැහැනැක්කෙම  මිතුරන් සමගින් නුවරඑළිගතවීමට බලා හිදිමි .................. දිනෙල්කගේ චාටර් ‍චාරිකා සටහන් සමගින් හමුවෙන්නයි ඉන්නේ .........


එතෙක් ඔබ සැමට ,

                      අයියනායක දෙයියන්නේම පිහිටයි 

පඩිවදන - චෙතනා පරිශුද්දවේ නම් උක් දඩු ගිනිතපින්නද ??????????

පුරස්නය ---- දිනෙල්කයා යලිත් පණපිටින් පැමිනේවිද??????

පිළිතුර - ඔබට බාරයි !! 


                                  කලින් චාරිකාවක මතකය





Sunday, August 26, 2012

දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ්




" මචං , දිනෙල්කයෝ................... " මහා බෙලෙක්ක කටහඩකින් මොකොක්ද එකෙක් කෑගහනවා   
 කව්ද යකෝ මේ මහ රෑ ටින් බෙලෙක්ක එකට ගහන්නා වගේ මගේ නම කියල  කෑගහන එකා . ඒ මදිවට පිටකොටුවේ. 
                                හ්ම් ..... ඔව් , මම හිට්යේ වැඩ ඇරිලා ගෙදර එන ගමන් තමයි . වෙනදට කොටුවේ ස්ටේශන් එක ලගින් බැස්සට  අද ආව බස් එක එතන නවත්තන්නේ නැතුව දිගටම ගියා , දහ පාළොස් පාරක් බෙල් ලනුව ඇදල ඇදල අන්තිමට ‍ බෝගහ ලගදි බස්එක නවත්ත ගන්න පුලුවන් උනා . එතන ඉදල මල්වත්ත පාරාට යන්න පටන් ගන්නකොටමයි , ම‍ගේ නම ගුවන සිසාරා පැතිරිලා ගියේ .
                                                                           ඕනේ මගුලක් කියලා ආපහු හැරිල බැලුවා .මීටර 20 ක් 30ක් විතර ඈත ඉදන් මොකෙක්ද මන්ද එකෙක් අතවන වන ගෝණියකුත් කරේ තියන් එනව පේනවා . දන්න කියන එකෙක් වෙන්න තියෙන්නේ බොහෝම අඩු සම්භාවිතාවක් නිසා මම හිතුවේ ආපහු කථා කළත් ඇහුනේ නෑ වගේ යන්න ඕනේ කියන එක . එහෙම හිතලා හැරෙන්න හදනකොටම මිනිහටත් වැඩේ මීටර් වෙලාද කොහෙද ආයෙත් කථා කරනව.

"ඒ මම ප්‍රියාන් බං ඔහොම හිටපන්........ "
 ......................................................................................................
 "මොනවද ළමයෝ ‍ඔය ඇදන් ඉන්න ඇදුමේ හැටි ...... ඇ "
"... බලන්න හරියට  සපත්තු දෙක පොලිශ් කරල නෑ  ....."
"අනිත් හැමෝම කෑම පෙට්ටියක් සර්වියට් එකක් ගේනව ඔය ළමය විතරක් ඔතාගෙන එනවා.." 
හැමදාමත් වගේ අපේ පන්ති භාර ටීචර්ට මොනව හරි දෙයක් හොය‍ගෙන්න පුළුවන් ‍වුනා ප්‍රියාන්ගේ හිත රිද්දන්න ,ඒ අපි පොඩි දවස් වල . ගුරුවරු මොනවා කිව්වත් ළමයි හැමෝම වගේ ප්‍රියාන්ට අකමැත්තක් පෙන්නුවේ නෑ මොකද ඌට මොනවා නැති වුනත් හොද හිතක් තිබ්බ නිසා .වනාතමුල්ල කියන්නේ මොන වගේ  පැත්තක්ද කියල හැමෝම දන්නවා නැතෑ , ප්‍රියාන් කොළුවගේ ගෙවලුත් තිබුනේ ඔය පැත්තතේ නිසා මිනිහා අමුම අමු කාඩයෙක් වෙන්න වැඩි කාළයක් ගියේ නැ. 
ප්‍රියාන් ගැන ඉස්කෝලේ ජීවිතේදී  මට කවදාවත් අමතක වෙන්නේ නැත්තේ ඕලෙවල් විභාගේ ප්‍රතිඵල ආපු දවස... මු ප්‍රතිඵල බලන්න ආවේ අම්මත් එක්ක. බලන්න දෙයක් නෑ මිනිහා ෆේල් . 
ඊට පස්සේ මූ අම්මවත් ඇදගෙන ප්‍රින්සිපල්ගේ කාමරේට ආවා . ඒ වෙලාවේ එතන ඕලෙවල් වල හොද ප්‍රතිඵල ගත්ත අයට විදුහල්පති තුමා දේශනාවක් තියතියායි හිටියේ ( මමත් එතන හිටියා ඈ ). ප්‍රියාන් කියන්නේ ඉස්කෝලේ ජනප්‍රිය චරිතයක් , කාඩ වැඩ වලට. හැබැයි ඕලෙවල් ලං වෙනකොට ඒවා අඩුවුනා. 
එක පාරටම මැද්දට පැනපු කොල්ලා ප්‍රින්සිපල්ට කථා කළා. මට ඒ වචන ටික තාමත් මතකයි .......... කවදාවත් අමතක වෙන එකකුත් නෑ . 
"සර්......... මේ ඉන්නේ මගේ අම්මා සර්. ඉස්කෝලෙට දාන්න ආවට පස්සේ අද තමයි මේ පළවෙනි පාරට ආවේ . මං විභාගේ ෆේල් සර් ....... මමත් වැරදී තමයි ඒත් මුං තමයි අපිව කෑවේ සර් . " කියල මු අම්මව පෙන්නුවා .
" සුද්දවන්ත උපාසක අම්ම වගේ ගෙදරටත් සාරිය ඇදන් හිටියට ‍......මේකි කරන්නේ කුඩු විකුනන එක සර්. හැමදාම රෑ වෙනකොට අපේ  ගෙදර කුඩුකාරයංගේ ගුබ්බෑයමක් වෙනවා . තැන් තැන් වල එක එකා වැටිලා , ඒක අපායක් සර් . ගම්වලින් එන අහිංසක කෙල්ලෝන්ට ඇග විකුනන වෙස ගෑනු කරන ජාතියේ එකියක් තමයි මේ . මෙච්චර කල් ඉස්කෝලේ පිස්සු නැටුවට සමාවෙන්න සර් ...... මේ මෙතන ඉන්නේ ඒකට හේතුව තමයි . "

..................................................................................................

ඕලෙවල් කරන කාලේ දැක්කට පස්සේ මූව දැක්කේ අද ! ආම් කට් එකක් ගහල සරමකුත් ඇදලා තඩි පොහොර උරයකුත් ඔළුවේ තියාන ඉන්න මූව මට අදුරගන්න සෑහෙන වෙලාවක් ගියා . 

" අම්මට සිරි යකෝ ! උඹ දැන් මහත්තයෙක් වෙලා නේ " 
" බම්බුව තමයි !!!  ඕලෙවල්  කළාට පස්සේ උඹව  දැක්කේ අද  බං  මොනවද කරන්නේ . මල්ලේ මොනවද ? "
" අඹ ! හෙට විකුනන්න තමයි ........ පේමන්ට් ජීවිතේ " හිනා වෙලා කථා කළාට උගේ හිතේ තියෙන  දුක තේරෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. 
" මං ගෙදරින් පැනලා ආවා බං ඒ අපායේ ඉන්න බෑ !!!!" 
" මොකක්!!! එතකො උඹ කොහෙද ඉන්නේ ? " 
" ******* තමයි තවත් මං වගේ සෙට් එකක් එක්ක "
විනාඩි දෙක තුනක් යනකන් මට කියන්න දෙයක් තිබුනේ නෑ ........ ඒත් මොනවත් ‍නොකියා කොහොමද !
" කොහොමද  බිස්නස් සරුයිද ? " 
" වරදක්මත් නෑ බං !!!!! මං හෙට අනිද්ද දිහාට මේ අඹ අරන් ඇව්දින එක නතර කරල පොඩියට ක‍ඩ කෑල්ලක් පටන් ගන්නවා "
දෙයියන්ගේ පිහිටයි 
" ආහ් ........ එහෙනං ඔය වගේ හැම අඹ විකුනන එකාටම සරු ඇතිනේ , කොහොම උනත්  කඩේ හොදට කරන් පලයන් " 
" පිස්සුද බං ..... මේ රස්සාව කරන කිසිම එකෙකුගේ අතේ හෙට උදේ වෙනකොට අද හොයපුවා ගෙන් තඹ සතයක් නෑ . මටත් එච්චර තමයි ! " 
"එතකොට කඩේ පටන් ගන්න යන්නේ ****** ද ?"
" හිකිස්..... මෙහෙම බිස්නස් කරලා ලොකු ම්නිස්සු වෙච්ච අය ඉන්නවා තමයි ඒත් ඒකට හුගාක් කල් යනවා . මෙහේ තියෙන්නේ වෙනම සිස්ටම් එකක් . මාත් ගෙදරින් ආවේ ඇදන් හිටපු ඇදුම පිටින් පාරෙදි හම්බවුන අඹ කාරයෙක් තමයි මාව  ***** කියලා  මුදලාලි කෙනෙකුට අදුන්වලා දුන්නේ . මිනිහා කරන්නේ අපි වගේ උන්ට පොලියට සල්ලි දෙන එක .අයි‍ඩින්ටිය තියාගෙන රු.2000ක් දෙනව දවසට 10% පොලියට    " 
" යකෝ දවසට 10% ක් පොලිය ගන්නවද ?" 
" ඔව් බං මේ බිස්නස් එකම කරන අනිත් මුදලාලිලාත් එක්ක බැළුවාම මුගේ තමයි අඩුම පොලිය . හැමදාම උදේට රු.2000 අරන් හවසට 2200ක් දීලා ණය බේරන්න ඕනේ නෑත්තං ආයේ ණය නෑ ! 
                                       ඉතින් ඔය 2000න් උදේම මොනව හරි ගන්න ඕනේ විකුනන්න. මම නං අඹ විතරයි ඒත් සමහරු ඒක දවසක් පලතුරක් , අනිත් දවසේ ලේන්සු කීටැග් , පින්තූර පොත් විකුනනවා . හවසට ණය පියෙව්වහම ඉතුරු වෙන්නේ රු.100 විතර තමයි . ඒකෙන් රෑට කනව බං . උදේ වෙනකොට ආයෙත් ගෙදරින් ආවා වගේමයි . 
                                            අපිටනං ඕන දෙයක් බං ඒත් සමහර එවුන් දරුපවුල ජීවත් කරවන්නත් ඕනේ ඔය සොච්චමෙන් තමයි .  පොඩි එකාගේ ඉස්කෝලෙට එක එක දේවල් ගේන්න කියල ගෙදරට පනිවිඩ එවන දවස්වල, උං රෑට අඩනව බං . අපියි කියල මොනවා කරන්නද  , අපිත් ඒ බෝට්ටුවේකොට ....... ඔන්න ඔහොමයි බං අපේ පේමන්ට් වෙ‍ළෙදාමේ ජීවිත ...... උඹල වාසනාවන්තයි 
" අනේ මන්ද බං ! " එහෙම  කියනවා හැරෙන්න මට වෙන කියන්න දෙයක් හිතා ගන්න බැරිවුනා .
" උඹ මල් වත්ත පාරට හැරෙනවා නේද ? මං කෙලින්ම යන්න ඕනේ බං , එහෙනං ආයේ හම්බවෙමු , මං යනව " 
මගි ගුවන් පාලමෙන් ස්ටේයිශන් එක පැත්තට ඌ යන දිහා බලාගෙන ඉදලා මාත් මල්වත්ත පාරට හැරුනා .
අතේ පිච්චියක්නැති ජීවිත ප්‍රායෝගිකව හොයන්න නෑ කියල කිව්වට එහෙම ජීවිත තියෙනව බං.



  

Monday, August 20, 2012

පිට කොටුවේ රැයක් සමගින් ..... කලම්බෝ නයිට් ලයිෆ් !!!!


මම මෙච්චර දවසක් ලියපු ලිපිත් එක්ක සන්සන්දනය කරල බැලුවෙත් මේක හුගක්ම වෙනස් ලිපියක් වේවි . කැම්පස් යන අය මගෙත් එක්ක තරහ වෙන්න එපා මොකද මේ ලිපියේ දෙවනි කොටසේදී ඉන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන  නම  යොදාගන්න පිරිසක් මිසක් ඇත්තටම කැම්පස් යන පිරිසක් නෙවෙයි. 

දිනෙල්ක නොහොත් මට අළුතෙන් රස්සාවක් ලැබුන බව හැමෝම නැතත් ටික දෙනෙක් හරි දන්නව ඇතිනේ ( දන්නැති අය දැන ගන්නකෝ එහෙනම් මට අළුත් ජොබක් සෙට් උනා ....ඈ .... ) . වැඩ කරන තැන තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්දම වටරවුම ලග  ,  උද්ගෝෂණ10 ක් ගත්තෝත් 7 ක්ම තියෙන්නේ ඔතැන තමයි .කොළඹ 07 ටත් සෑහෙන්න ලග නිසා රෑ හය හත  වෙනකොට මරු අප්පා . සුරංගනාවියෝ වගේ ලස්සන සුදු ගෑල්ලමයි හැමතැනම ( ආසයි නේ ) . තොරන් වගේ ලයිට් දාපු සාප්පු සංකීරන . පාරේ හයි කරපු ලොකු ලොකු ‍ටීවී , ලංකාවද කියලත් වෙලාවකට හිතෙනවා . 

කොල්ලගේ වැඩ ඉවර වෙන්නේ රෑ 10 ට විතර  , ඒ වෙලාවෙනම් අර මං කලින් කියපු දේවල් ගොඩක් ඉවර වෙලා ගිහිල්ලා .ගෑල්ලමයි නම් ඇත්තෙම නැති තරං හිටියත් ඉන්නේ කස්ටමර් කෙනෙක් එනකන් ඉන්න හරි මං වගේ වැඩ ඉවර වෙලා ගෙදර යන කෙනෙක් හරි තමයි . දවල්ට, හවසට , අපිට පේන ලස්සන රෑට නැති තරං. 
                                                     කොළඹ  තාත්තලා කීදෙනෙක් කරටි කැඩෙන්න ගහල වැනි වැනි යනවද කියල බලන්න නම් ඒ වෙලාවට එලියට බහින්නම ඔනේ . අනාගත  පරපුරත් ඊට දෙවනි නෑ , සිගරට්කොට වල අළුවලට යට වෙච්ච අවුරුදු 16  , 17 කොල්ලෝ  මොනර කොළ අමුවෙන්ම පුච්චන හැටි බලන් ඉන්නත් දුකයි , මොකෙක් හරි බීලා වැනෙන එක වෙනම දෙයක් , ඌ හෙට  කෙලින් යයි , ඒත් මුංගේ අද කෙලින් උනාට මේ බොන සිගරට් බීමේ හැටියට  තව අවුරුදු 10 ක් 12 ක් යන කොට කෙලින් නොවීම තියේවි . අනේ ඉතින් එහෙම එකෙක් බදින කෙල්ලට බුදු සරණයි . 



                               අර කියපු වට රවුම ලග ඉදලා  මීටර 100 විතර දුරින් තමයි ආර්පිකෝ එක තියෙන්නේ. හැමදාමත් වැඩට යන්නේ වගේම වැඩ ඇරිල ගෙදර එන්න හිතාගෙන  බස් එකට නගින්නේත් ඔය ආ‍ර්පිකෝ එක ලගින් තමයි. පුන්චිම පුන්චි පැටව් දෙන්නෙකුත් වඩාගෙන පාර අයි‍නකට වෙලා  යන එන අයගෙන් කීය කීය හරි ඉල්ලගෙන ජීවත් වෙන අම්ම කෙනෙක්ව මම දැක්කේ එතැනට ආපු පළවෙනි දවසෙමයි , එහෙම දෙයක් දැක්කහම අහක බලන් යන්න කාටද පුළුවන් , මමත් එදා එතනින් ආවේ අතේ තිබ්බ අන්තිම රුපියල් 50න් රුපියල් 20ක්ම ඒ අම්මට දීල, කාත් කවුරුවත් නැති අසරණ මිනිස්සු කියල. ඒත් මම ආයේ නං කවදාවත් ඒ අම්මන්ඩිට සතපහක් දෙන්නෑ කියල හිතාගත්තේ  හිගන නයිට් ලයිෆ් එක දැක්කට පස්සෙයි , ‍කාත් කවුරුවත් නෑ ..... අපි අසරණයි ...... බොහෝම අමාරුවෙන් වේලක් කන්නේ කියල කියන එවුන්ගේ  රෑට ටච් ස්ක්‍රීන් තියෙන ෆෝන් වලින් කොල් ගන්නව . ඩිනර් එක කේ.ඇෆ්.‍සී එකෙන් . නොදකින් කාලකන්නි හැත්ත . 
එදා රෑ ඒක දැක්කහම මට මතක් වුනේ මීට අවුරුදු ගානකට කලින් සර් කෙනෙක් මට කියපු දෙයක් , " උඹලා කවදාවත් හිගන්නන්ට සල්ලි දෙන්න යන්න එපා , ඒක පවක් . මොකද උඹලා උන්ට තවතවත් හිගන කමේ ආතල් එක වටහලා දීලා සදාකාලිකවම උන්ව හිගන්නෝ කරනවා"
                                       අන්තිම 138 බස් එක තියෙන්නේ 10 . 15 ත් 10. 30ත් අතර . මගේ වැඩ ඉවර වෙන්නේ 10ට නිසා ඔය බස් එක මග ඇරෙන්නේ නැති තරම්. බස් එක නම් ෆුල්  ,හැමදාමත්. හැමෝම වගේ ඉන්නේ මං වගේ වැඩ ඇරිලා ගෙවල් වල යන අය . මග දිගට තවත් අය එකතු වෙනවා . මම නම් හරිම කැමති නවලෝක ඉස්පිරිතාලේ ලගින් නගින අක්කලා දෙන්නට . හැමදාමත් වගේ බස් එකේ ඉන්න කාන්තා පාර්ශවේ වෙන්නේ ඔය දෙන්න තමයි , අනිත් සේරම පිරිමි . 
                                            කොටුවේ ස්ටෙශන් එක ලගින් තමයි මම බහින්නේ .කඩවල් සේරම වහල තිබුනත් වර්ල්ඩ් මාර්කට් එකේ හැම කඩයක්ම ඇරපු ගමන්මයි ( ඒවා කීයට වහනවද මන්දා ) . දවල්ට ඕනේ කෑල්ලක් 50ට 60ට විකුනන කඩවල් වල පිලේ හිගන්නෝ නිදි නැත්තං කෑම කනව, කෑම කන එකනං බලන්න අප්පිරියය් අර යස අගේට ඔතල දෙන කෑම එක පොළොව පුරා වනාගෙන. වැලිත් එක්ක කනකොට රස වැඩිඇති මයේ හිතේ . 
පලතුරු විකුනන මැහි වලත් හිගන්නෝ බුදි, ඒවයේ ලෑලි වලට බල්ලෝ චූ කරනවා . මම නං ආයේ පිටකොටුවේ පලතුරු නොකා ඉන්න තීරනව කලා. ඔය විකාරත් බලාගෙනම මල්වත්ත පාරට එනව ,                  එතන ඊට අන්තයි , හිගන ලෝකයයි . ඒ මදිවට උන් බීලා එතන ඉන්න ගෑනුත් එක්ක රණ්ඩු වෙනවා . පාර පුරා ජරා කරලා, ඒ තැන් සුද්ද කරන්න එන නගර සභා සේවකයොත් එක්කත් මුන් වලි ඇදගෙන කුණුහරපෙන් කෑගහනව ( කුණහරප දන්නැති අය ඉන්නවනම් ඒ වෙලාවට මල්වත්ත පාරට එන්න ) . බල්ලෙකුගේ උනුහුමට ගුලිවෙලා නිදියන ඈයෝ එමටයි. 
ඔක්කොමත් හරි කියපංකෝ මුං හැම එකාටම වගේ රේඩියෝ එකක් තියෙනවනේ බොලව් .  සමහරු නිදියන්නේ ඒක දාගෙන . රේඩියෝ එක නැතුව නින්ද යන්නැති එවුනුත් ඒ අතරේ ඉන්නවා. කොළඔ රෑට තියෙන ත්‍රීවිල් සංස්කෘතියත් හරි අමුතුයි , ඒවත් හරියට ප්‍රයිවට් බස්වගේ,මිනිහෙක් පේන්න බෑ යනවද !යනවද කියල අහනව . ඒ මදිවට එක මිනිහෙක් ඇතුලේ ඉද්දි තව එවුන්ව පටව ගන්නවා . කොටුවේ ඉදන් මම ගෙදරට යන්නේ පයින් , පැය 1/2 විතර යනව  , සමහර දාට  ත්‍රී වීල් එකක යන වෙලාවලුත් තියෙනවා . 

මේ ලිව්වේ කලම්බෝ නයිට් ලයිෆ් පලවෙනි කොටස .... දෙවනි කොටසේ තියෙනවා අපේ කැම්පස් අයියලා කියාගන්න අයගේ වැඩ කිඩ ටිකකුත් ..........    

Sunday, August 12, 2012

ඇදගෙන නෑම නොහොත් ගෑල්ලමයින්ට ( සිංහල බැරි ) පච වීම ....





" එක්ස්කියුස් මී මිස් ......... මම පොඩ්ඩක් දිනෙල්ක මල්ලිට කථා කරන්නද ? " 
" හ්ම් "
හත් ඉලව්වයි මොන ගිණිගෙඩියක්ද මන්ද ,මෙන්න  යකෝ අපේ ඉස්කෝලේ හෙඩ් ෆිෆෙට් කාරයා ඇවිත්!!!!!. ඔන්න බුවා හෙමින් හෙමින් ලගට ආට .
" අඩෝ !! ඉන්ටවල් එකට ලයිබ්‍රියට වරෙන් ඩිබෙට් එකකට ඉන්විටේශන් ඇවිල්ල "

ඔන්න ඔය විදිහට තමයි ඒ ඉතිහාසගතවෙන  පච වීම පටන්ගත්තේ. 

 ඔය ඇවිල්ල මම ඕලෙවල් ලියන අවුරුද්ද මේ සිද්ධිය වෙනකොට විභාගයට මාස 06 ක් විතරතමයි ඉතුරු වෙලා තිබුනේ . මම ඉතිං කොහොමත් හොද ළමයනේ , බෝ පැලේ වගේ තමයි . හැම වෙලේම බලාගෙන ඉන්නේ මොන වෙලාවෙද පීරියඩ් එකක් කට් කරන්නේ කියල. 
                                   දෙයියෝ මූන බැලුව වගේ මෙන්න දැන් ඔෆීශියලි පීරියඩ් කට් කරන්න චාන්ස් එකක් .මොකද දන්නවද දැන් මම ඉන්ටවල් එකේදී  ගියාම ඊළග පීරියඩ් 4ම ප්‍රැක්ටිස් තමයි . ප්‍රැක්ටිස්  කිව්වට ෆන් එකේ ඉදිල්ලක් තමයි තියෙන්නේ. 
                                       බොහෝම අමාරුවෙන් උදේ පීරියඩ් 4 ඉවරවෙලා ඉන්ටවල් බෙල්එක ගැහුව විතරයි . ඩෙස් පුටුත් පෙරලගෙන කුරුල්ලෙක් එළියට පියෑඹුවා . කට්ටිය බයවෙලා බලන් ඉන්නව මේක මේ බත් එකකටවත් ගේමක් දෙන්නද යන්නේ කියල . ඇයි ඉතින් වෙනදට ඉන්ටවල් එකේදි දුවන්නේ බත් එකක් දිග ඇරපු තැනකටනේ ( හිකිස් ..... ) හැබැයි අපරාදේකියන්න බෑ ඒ විදිහට කන එකෙන් පන්තියේ උන් සේරම එක පව්ලේ උන් වගේ වෙනව . එකපාරට 40 විතර   පොරකනකොට එක එකාට අහුවෙන්නේ බත් එකේ එක තැන් , සමහරුන්ට බත් විතරයි තවන් උන්ට පරිප්පු විතරයි ... ඔහොම ඔහොම එක එකාට අහුවෙන දේවල් පස්සේ තමයි බෙදාගන්නේ .එකෙක් කාලා දාපු මස් මාළු කටු තව එකෙක් ආයේ අහුලන් කනව , ආයේ නෑ මාරම සහොදරත්වයක් තමයි ........ මතක් වෙනකොට දුකේ බෑ . ඒත් අද කොහෙද ඒ වගක් ..... බත් වගේද බං පීරියඩ් හතරක් කියන්නේ.
                                        මං ලයිබ්රියට යනකොට මොකෙක්වත් ඇවිල්ල හි‍ටියේ නෑ ..... අපරාදේ කෑමකට සෙට් වෙලාම එන්න ති‍බුනේ දැන් ආයේ යන්න බෑ අප්ප කම්මැලී .  විනාඩි 10 විතර යනකොට ඔන්න එකෙක් ආවා , කණ්ඩායමේ 3 වැනි කථිකයා . 

"අඩේ උඹ දන්නවද ....ලංකාවේ පලවෙනි අගමැතිනියගේ නම තියෙන  බාළිකා වෙන් බං ඉන්විටේශන් එක ඇවිල්ල තියෙන්නේ "

ඔලෙවල් කරන කාලේ මම ගියෙ කොළඹ 08 තියෙන ඉස්කෝලෙකට තමයි , ඒත් ඒක ඔය ජනප්‍රිය කි‍යන ගොන්නට නොවැටීච්ච පොඩිඑකක්, ඉතින් එහෙව් එකකට අරවගේ ඉස්කෝලෙකින් ආරාධනාවක් ලැබුනාම මැජික් වගේ තමයි , හැබැයි  2007 අවුරුද්ද අවුරුද්ද නම් ඒවගේ මැජික් ගොඩක් වෙච්ච අවුරුද්දක් වුනා. ඇයි දන්නවද ,  ඒ අවුරුද්දේ මුල්කාලේ අපිට වැරදිලාද මන්ද ඔය ටෙස්ටියුබ් බාලිකාවෙන් ආරාධනාවක් ආවා විවාද තරගෙකට , ඒකේ අන්තිම තරගේදී අපි අතින් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ පැරදුනානේ .......... ඔය වැ‍ඩේනිසා අපිට සෑහෙන ප්‍රසිද්දියක් ආවා විතරක් නෙවෙයි හෝ ගාලා විවාද තරගත් ආවා .
                                                 
පුස්ථකාලෙට අන්තිමට ආවේ විජිත අයිය  , මිනිහ  ඉස්කෝලේ හෙඩ් ෆිෆෙට් වගේම විවාද කන්ඩා‍යමේ නායකය .මාරම වචන ටිකක් තියෙන බුවෙක් විවාදෙකදි කථාව පටන් ගත්තහම පාරේ යන උනුත් නැවතිලා බලාන ඉන්නවා. අනේ ඉතින් ඔන්න මේක පුරාජේරුවක් නම් නෙවෙයි ඕං දෙවනියට හොදම කථීකයා මමලු ඒකනේ ඒකාලේ මම කන්ඩායමේ උප නායකයා වුනේ !!!!!! මම හිටියේ කණ්ඩායමේ හතරවෙනි කථිකයා විදිහට ........අනිත් කන්ඩායමෙන් ගේන තර්ක බිදින එක තමයි   හතරවෙනි කථිකයාගේ රාජකාරිය. ඒනිසා ඔං මටත් තියෙන්නේ පොඩිපහේ කටක් නෙවෙයි ......හරිද !!!! : ඩී

" ශ්‍රීලංකාවේ අනාගත අභිවෘධිය හා සංවර්ධනය වෙනුවෙන් කාන්තාවන් විදේශගතවීම  සුදුසුය / නුසුදුසුය " 

                                       ඔන්න ලැබිල තිබිනු මාතෘකාව , අපි ප්‍රතියෝජක . මාතෘකාව බැලුවහම ඔනෙම කෙනෙකුට තේරෙනව ප්‍රතියෝජක පිලට සෑහෙන්න වාසි දායක එකක් කියල . ඒත් යෝජක කණ්ඩායම දක්ශයෝ නම් ඒගොල්ලන්ටත් කියන්න දේවල් ඕනේ තරම් තියෙනව . කොහොම හරි වේවා  අපිත් එක්ක විවාද කරන අනිත් ඉස්කෝලේ මොකක්ද කියල දන්නේ නැති නිසා උපරිමේටම පුහුනුවීම් කරල අදාල දවසේදී ඒ අදාල ඉස්කෝලෙට ගියාලු . 

මතක විදියට උදෙන්ම ඇවිල්ල හි‍ටියේ අපිද කොහෙද !! අපරාදේ කියන්න බෑ බොහෝම ආදයෙන්( ? ) ගෞරවයෙන් අපිව පිලිගන්ත . වෙලාව එනකන් ඉදගෙන  ඉන්න කියල මෙන්හෝල් එකටද කොහෙද දැම්ම . ඒවුනාට කාටද අප්ප පැය 2 විතර ඔහේ නිකන් ඉන්න පුළුවන් , අපි හතරදෙනා එලියට ඇවිල්ල ඇරල තිබ්බ පන්තියකට ගිහිල්ල අවසාන පුහුනුවීම් කරන්න හිතුව .අවශ්‍යතාවය මොකක්ද කියල කිව්වහම ලංකාවේ පලවෙනි අගමැතිනියගේ නම තියෙන  බාළිකා වේ විවාද කණ්ඩායමේ නා‍යිකාව ඇවිල්ල පන්තියක්  පෙන්නලා දුන්නේ ,

"වැඩිය කෑගහන්න එපා මිනිස්සු බයවෙයි" කියන ගමන්. ආහ් මට අමතක වුනානේ ....ඒ විවාද කණ්ඩායමයි අපේ එකයි අතරේ පොඩි නෑකමකුත් තිබුනා , අපේ දෙවනි කථීකයා විදුර අයියගේ 'අරය' හිටියේ ලංකාවේ පලවෙනි අගමැතිනියගේ නම තියෙන  බාළිකා විවාද කණ්ඩායමේ 3 වෙනි කථීකයා විදිහටයි , ඒ නිසාද මන්ද අපිට ටිකක් වැඩිපුර සැලකිලි තිබුනා . හ්ම් හ්ම් .........

ඔන්න අවසාන පුහුනුවේ මුල්ම අවස්ථාව විජිත අයියට . විවාදේ කරන විදියටම ඩෙස්එක එහෙම හදාගත්තු මිනිහ කථාව පටන් ගත්ත . ඔය වෙනකොට තවත් කණ්‍ඩායම් දෙක තුනක් ඇවිල්ලයි හිටියේ .කථාව පටන් අරන් ටික වෙලාවක් යනකොට හීනියට කිචිබිචි ගාලා හිනාවෙනව ඇහේන පටන්ගත්ත. කො‍කටත් කියල මම  වටපිට බැළුව , මෙන්න බොලේ පන්තිය දිහා බලාගෙන කෙල්ලෝ හකර දෙනෙක් හිනා වෙනව ( ඔය නෙලුම් පොකුනහරියේ තියෙන  බාලිකාවක් )  .

 මොන විකාරයක්ද ! විවාද කණ්ඩායමකට අයිති නැති කට්ටියක් නම් විවාද පුහුනුවීමක් දිහා බලාගෙන හිනාවුනාට කමක් නෑ .... ඒක සාධාරනීකරනය කරන්න පුළුවන් . ඒත් විවාද කණ්ඩායමක්ම එහෙම හිනාවෙන එක සාධාරනයි කියන්න බෑ කොහෙත්ම . හිත ටිකක් රිදුනත් අපි කට වහගෙන හිටිය ! . තව පාරක් පුරුදු වෙන්න හිතේ තිබුන නිසා  පලවෙනියගේ කථාව ඉවර වුන ගමන්ම රැප් එකක් වගේ දෙවනියා පටන්ගත්ත . එතකොට අරැංට තවත් ආතල්ද කොහෙද ! හයියෙන්ම හිනා වෙනව . උන්ට දෙකක් කියන් නැතුව  විජිතය ‍තවම කට වහගෙන .  

"මොන මගුලද්ද මේ !!!! ඇයි මේකේ ඇතුලේ වදුරෝ නටවනව වගේ පේනවද හිනාවෙන්න "කෙල්ලොන්ගේ දිහා බලනගමන් මම ටිකක් සද්දෙන් ඇහුව. . ටිකක් සද්දෙන් කිව්වට මොකද ඒ සද්දේ මෙන් හෝල් එකටම ඇහෙන්න ඇති. ඒනිසාද කොහෙද විවාදේ සංවිදානය කරන  ගෑල්ලමයිත් ඔළුව දාලා බැළුවේ . 
" අපි ම්ඒ බ්ඇලුවේ කවුද ග්ඔරවන්නේ කියල " 
හුටා!!!!!! මුන්ට සිංහල බැරිද ! බැරුව ඇති නැත්තං ඒවගේ අමුතු විදියට කථාකරයිද .විජිත අයිය බඩ අල්ලගෙන , අනිත් උන් කටවල් ඇරගෙන, අර‍ ගෑල්ලමය කථා කරපු විදිය ඇහිල. මටනං තවමත් අම්බානක මල , මුන් හිනාවෙලා මදිවට තව රෙද්ද කථා කරන්න එනව .

" ගොරවන්න???  අනේ !!! පලයං අක්කේ යන්න ඇවිල්ල බලහංකෝ උඹලෑ තාත්ත මේක අස්සේ නෑ "
 ඒකටනං හතර දෙනාගෙම මූණු රතුවෙන්න වැඩි ‍වෙලාවක් ගියේ නෑ. අඩන්න වගේ . මමත් ආයේ මොනවත් කියන්න ගියේ නෑ මොකද ඒ කියපු එක වැඩිත් එක්ක නිසා . හිනා මූනු කළුකරගෙන  හතර දෙනා වෙන පැත්තකට ඇවිදං යන හැටි අපි බලන් හිටිය . 

" පව් බං " ඒ විජිත අයිය .
" ටිකක් වැඩීවගේ තමයි ඒත් මොනව කරන්නද , ඉල්ලගෙනනේ කෑවේ, මෝඩ ඇඩ් නොදී හිටිය නං ඉවරයිනේ " ඒ වෙලාවේ කේන්ති ගියාට මොකද මටත් දැන් නිකන් දුකයි වගේ . 
............................................................................................................   




විවාදෙට වෙලාව හරි අපි හතර දෙනාත් කලින් වුන දේ අමතක කරල ගිහින් විවාදෙට නියම කරල තිබුන තැන ඉද ගත්ත . මෙන්න බොලේ ටික වෙලාවකින් අර සිරික්කිය දාපු හතර දෙනා ඇවිත් යෝජක කණ්ඩායම විදියට වාඩිවුනා .දැන් ඉතින් මොනව කරන්නද .............. තරගේ පටන් ගත්ත . ඒ කණ්ඩාමෙ නායිකාව හැර අනිත් සේරම ඈයෝ සිංහල කථා කලේ අර මම ඉස්සල්ල කියපු විදියට . ඒ ඇරත් කිසිම වැදගත් කරුනක් කියවුනේනෑ. දැන්නම් හොදටම ශුවර් අපි දිනල කියන එක . 

දෙපැත්තටම දීල තිබුන කාලය ඉවර උනා .දැන් තියෙන්නේ දින්නේ කව්ද කියන එක කියන්න ( හොදටම ශුවර් ඒ අපි කියල ) . 

"  ශ්‍රීලංකාවේ අනාගත අභිවෘධිය හා සංවර්ධනය වෙනුවෙන් කාන්තාවන් විදේශගතවීම  සුදුසුය / නුසුදුසුය , මාතෘකාව යටතේ අහවල් විද්‍යාල දෙක අතරේ පැවති තරගයේ ජය සිංහල  බැරි කෙල්ලන්ගේ බාලිකාවටයි , මේක ඒක මතික තීරනයක් "  

 මොකා...........ක්  !!!!!!!!! අපේ ඇස් උඩ ගිහිල්ල හිටියේ . විවාදයක් ඉවරවෙනකොට කණ්ඩායම් වල කථිකයන්ගේ  ගුන දොස් කියන එක සාමාන්‍ය සිරිත උනත් මේ තරගෙදි එහෙම උනේ නෑ . අපි දිහා අනුකම්පාවෙන් වගේ බලපු විනිශ්්‍ය මන්ඩලය අපිටත් කලින්ම නැගිටලා ගියා . ඊලගට බාළිකාවේ ටික . අන්තිමට අපි ............

" ඇයි බං අපි  පැරදුනේ " 
" අනේ මන්ද !!! හැම තුරුම්පුවක්ම තිබ්බේ අපේ පැත්තට " 
" පැරදුනාට වඩා‍ දුක සිංහල බැරි කෙල්ලන්ට සිංහල විවාදෙකදි පචවෙච්ච එක " 
 එදා ආපහු ඉස්කෝලෙට යනකං අපි කථාවුනේ ඒ ගැනමයි . 
මේක උනේ 2007 ජූනි මාසේ ........ සිංහ පැටව් 4දෙනා එකට ගියපු අන්තිම විවාදේ තමයි ඒක . මම 11 වසරේ හිටියට අනිත් තුන් දෙනාම ඒ අවුරුද්දේ  උ/පේ විභාගය ලියන නිසා විවාද නැවතුනා .

අගෝස්තු මාසේ විභාගේඉවර වෙලා සැප්තැම්බර් මාසේදි  අවුරුදු 1 1/2 පුරාවට මුළු කොළඹම හොල්ලපු විවාද කණ්ඩායම ආයේ කවදාවත් එකතු නොවෙන්නම වෙන්වුනා . හතර දෙනාම ගිහිල්ල උපවංශ හෝටලෙන් පරාට පාරක් දාලා y.m.b.a  එක ලගදි අතට අත දීල අනාගනය වෙනුවෙන් සුභ පතාගෙන වෙන්වුනා . 

"දිනෙල්ක උඹ අප්සට් ගන්න එපා බං ....ඒත් උඹ මේක දැන ගන්න ඔනේ නැත්තං උඹ මේ වරද ආයෙත් කරනව ." අන්තිම මොහොතේ විජිත අයිය කිව්ව .
" මොකක්ද ?"  
" අපි අර එදා පැරදුන විවාදේ පැරදුනේ .......  අදක්ෂ නිසානෙවෙයි ....  විවාදෙට කලින් අපි අර කෙල්ලොත් එක්ක අවුලක් දාගෙන තිබ්බ නිසා . ඒක විනය විරෝධී නිසාලු අපි පැරදුනේ " ...............................







Wednesday, August 8, 2012

18 + ද මන්ද .........


ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු 

කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව 

සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය 

ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ‍ජවසම්පන්න ගොනුන් 

කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට 

මෙම නව යුවළද එබී බලන්නට වූහ.



වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් 

එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර 

ලන්සු තැබීමට ආරාධනා කරයි.



“බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි 

දානවා” කියලා



ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා 

“බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ” කියලා.



ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් 

ගෙනල්ලා පෙන්නල කියනවලු “බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 

120 සැරයක් පට්ටි දාන්න පුලුවන් ” කියලා







ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු “ඒයියි.................. 





බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි 





ස්වීට්නේ.............”කියලා





දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න 





පටන් ගත්තලු.





ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු 





වෙන්දේසිකාරයා කියනවලු “මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි 





දම්මනවා ” කියලා....





ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ 





අතටත් පාරක් ගහලා කියනවලු “365 ක් නේ අනේ.... ඒ කියන්නේ 





දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, 





ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........”




මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු




“ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක 





වැස්සියෙක් එක්කද කියලා??????????????”






Monday, August 6, 2012

හිගනකම


ජීවිතේ මහ පුදුම දෙයක් බං . වෙලවෙකට සුන්දරයි කියල හිතෙනව තමයි ඒත් මටනම් වැඩි පරම හිතෙන්නේ මහා කාළකන්නී කියල. ඒ මම ජීවිතේ දකින හැටිද නැත්තං ජීවත් වෙන හැටි නිසාද කියන එක මේ අවුරුදු 21ටම තේරුනේ නෑ .කැමති විදිහටම හැමදේම වෙන්නේ  නෑ තමයි , ඒත් කැමත් විදියට කිසිම දෙයක් නොවුනහම දැනෙන්නේ කොහොමද කියල මම උඹලට අමුතුවෙන් කියල ාදන්න ඕන නෑනේ .
                                             මම ඇවිල්ල හෙනම දතක් කියල මාව දන්න කියනඑවුන් හිතාගෙන හාටියට මොකද , මං තරං හිගන්නෙක් තවත් නැකුව ඇති . ලෙසටද තියෙන ඩෙනිමක් ටීෂර්ට් එකක්  ඇදල පාට පාට කැන්වස් දාගෙන , සන්ග්ලාස් දාගෙන කොන්ඩෙ ජෙල් කරගෙන , අයිෆෝන් එකක් ඇරගෙන කවදාවත් උන් එක්ක ෆන් ගන්න ගියපු නැති මගේ ගැන උන් එහෙම හිතන්නේ ඇයි කියල මම දන්නෑ , ඇරත් මට ඒ විදිහට යන්නත් බෑ මොකද ඔය කියපු දේවල් එකක් වත් මට නෑ බං . මී‍ට අවුරැදු දෙකකට විතර උඩදි රුපියල් 1500 කට ගත්තු චයිනීස් ෆෝන් එකකුයි 1000කට විතර ගත්තු ඩෙක් ශුස් දෙකකුයි නම් තියෙනව. 
                                     මට මගේ ගැන හෙන දුකයි බං එකට හිටපු එවුන් හැම එකාම තවම ඉගෙන ගද්දි මම විතරක් මහ රෑ 10 වෙනකං රස්සාවක් කරල අතේ ඇගිලිගානටත් අ‍ඩු දාහේ කොළ ගානක් අතට ගන්නව .ජොබ් එකට ඇදගෙන යන කලිසම් ‍තුනකුයි ශර්ට් හතරකුයි ඇරුනාම මට තියෙන්නේ ඩෙනිම් දෙකකුයි , පොකට් කළිසම් එකකුයි එකම එක ටීෂර්ට් එකකුයි විතරයි බං. ඩෙනිම් දෙකෙත් කකුලේ විළුඹ තියෙන හරියේ ඉරිල, 
ටීෂර්ට් එකේ පාට ගිහිල්ල , පාරේ යනකොට මිනිස්සු හිනා වෙනව , උන් හිනා වෙන්නේ මගේ දුප්පත් කමට කියල තේරෙනකොට උගුරේ යකඩයක් හිරවෙනව වගේ .පාරෙ යනකොට ඇස් දෙකට කදුළු පිරිල එන වාර ගාන අනන්තයි .
                                  කොතන හරි මට වැරදුනා ඒත් ඒ කොතනද . කම්පියුටරේම එල්ලිලා ඉන්නේ නැතිව පොඩ්ඩක් යාළුවෙත් එක්ක ඇවිදලා එන්න කියල අම්ම කිව්වට ‍, කො අම්මේ යාළුවෝ . උන් උන්ගේ  ලෝක වල , කවුද කැමති මගේ නැත්බැරි ජීවිතේට එන්න , මම කථා කලාට උන් කොහෙවත් යහන්න එන්නේ නෑ . එතකොට අම්බානක මල පැනගෙන තොපිත් කථා කරපියව් කො ! මම එන්නෙත් නෑ කියල කිව්වට . මම  උන් කථා කරපු ගමන් , තියෙන එකම ටීෂර්ට් එකයි‍ අමාරුවෙන් හරි ඩෙනිමකුයි ඇදගෙන මම  යනව බං. උනුත් මගේ අසරණකමෙන් ප්‍රයෝජනේ ගන්නව.  දැන් කවුරුත් හිතන්න එපා මම මහ පීචං වෙච්ච ඩයල් එකක් කියල.
                                 කොහේ හරි යන්න කථා කළා‍ම මුලින්ම එතැන්ට යන්නේ මම , පැයක් විතර අව්වේ කට්ට කෑවම තමයි අනිත් උන් එන්නේ.ඒ එන්නෙත් තනියෙන් නෙවෙයි බං කෙල්ලෙකුත් එක්ක . මට ඉතිං ගහකින් කපාගෙන තමයි කෑල්ලක් අරන් යන්න වෙන්නේ .

" දිනෙල්කයෝ , වරෙන් බං අද සෙට් වෙමු , ............. අපේ ඔක්කෝම එවුන් එනව  " 


                  ( ඔය කොළ පාට ටී ශර්ට් එකක් ඇදන් ඉන්නේ මං )

එතකොට මමත් යනව තමයි , ඒත් දැන් ඒක මම කළින් හිටපු සෙට් එක නෙවෙයි  , සෙට් එක ඇතුලේ මම තනිවෙලා . උන්සේරම කිරිල්ලියොත් එක්ක ඇවිත් දෙන්න දෙන්න යනව , කවදාවත් කාගෙවත් නිදහසට බාද කරන්න අකමැති නිසා මම ඔහේ උඩ බලාගෙන පස්සෙන් යනව . 

තවත් ලියන්න පුළුවන් බං ඒත් මෙචුචර වෙලා බර වෙලා තිබ්බ ඇස්දෙකට දැන් හොදටම අමාරුයි . අඩන්න ඔන උනත් බෑ , අම්මට ඇහුනොත් එයත් අඩයි බං . ඒ නිසා ලියන එක නවත්තන්න වෙලාව හරි . 

දැන් උඹල මගේ බ්ලොග් එක කි‍යවන එක නවත්තයිද දන්නෑ " මේක මේ කොහෙද යන නිකමෙක් ලියන එකක් කියල "  , අපේ රටේ මිනිස්සු ගොඩක් එහෙමයිනේ බං . අමාරුවෙන් වේල කන එකාගේ ගෙදරමනේ බිදින්න හදන්නේ . 
කමක්නෑ බං මම තරහ නෑ ඕන නම්  නතර කරපන් . මට නැති වෙන්න දෙයක් නෑ බං ................ කවදාවත් තිබුනෙත් නෑ .......




ප.ලි -      මට නැති වෙන්න දෙයක් නෑ බං ................ කවදාවත් තිබුනෙත් නෑ ....... ඉස්සරහටත් එහෙමම වෙයිද !!!!!!! නෑ මම එහෙම වෙන්න ඉඩ ති‍යන්නෙ නෑ 

Thursday, August 2, 2012

රාවනාගේ 2 ........... වැරදුනා!! රාවනා - දෙවන කොටස

ඔන්න හැමෝම බලාගෙන හිටපු රාවණා යුගයක් ආපහු  එන්නේ කොහොහොමද කියක එක පැහැදිලි කරලාදෙන ලිපිය. කලින් ලියපු එකෙන් වුනේ කස්ටියගෙම කුතුහලය ඇවිස්සුන එක විතරනේ . ඒ නිසා ඔන්න ආයෙත් ඒ  වගේ බලු වැඩ නොකර මේ පෝස්ටුවෙන් කථාව ඉවරයක් කොරල දාන්නයි ඉන්නේ .


පලාවනි පෝස්ට් එක කියවපු නැති අය ඉන්නව නම් ඔන්න කියවලාම එන්නකෝ 


ආහ් ... ඇත්තද රාවනා එනවද 01 ... ( රෙද්ද තමයි ? )



හරි යකුනේ  දැන් අපි ආපහු වැඩේට බහිමු , මම ඊයේ කියපු පුස්කොළ පොතට අනුව රාවනා දේහයත් එක්ක ස්ථාන කීපයක රාවනා රජුන්ගේ මිරිවැඩි සගල , පසින්ගල් මාණික්‍යය වගේම රජුට අයිති වෙලා තිබුන සියළුම වස්තුව ඇතුලත් කරල තියෙන සතරමහා නිධානයක් ගැනත් ලියවිලා තියෙනවා .
දේහය නින්දෙන් මුදවන්න නම් කරන්න ඕනේ වතාවත් මොනවද කියල මම සරළව කියන්නම් කෝ,  මුලින්ම  අට සිල් ගත්ත පිරිමින් 108 දෙනෙක් කරණීයමෙත්ත සූත්‍රය කියමින් ලග්ගල කදු මුදුනට ගිහින් පසින්ගල් මාණික්‍යය හොයාගන්න ඔනේ ( දැන් ඉතින් කොහොමද ඕන හොයන්නේ,,,,,, කව්ද දන්නේ ..... ) කොහොම හරි කැලේ පෙරළලා ඕක හොයාගත්තාය කියමුකෝ, ඊට පස්සේ ඒක සමන් මල් යහනාවක තියන්න ඕනේ , ඒක ඇතුලේ තියෙන රන් මිරිවැඩිසගල ලබාගන්න ඕනේ ඒහෙම ලබාගන්න කරන්න ඕනේ වතාවත් වෙනම ලියවිලා තියෙනවා.

මේ විදිහට ලබාගන්න පාත්තු දෙක මහකුඩුගල දේහය තැම්පත් කර ඇති ගල් දෙණ අසලින් තිබ්බහම දෙණ විවර වෙලා ඔය කියන දේහය එළියට එනවලු  පස්සේ ඒක උස්සගෙන ගිහිං ගංගානම් ගගේ වතුරවලින් හෝදන්න ඕනේ , එතකොටලු ඔය රජාට පණ එන්නේ ........


දැන් ඉතින් එය රජතුමා 2012 අන්තිමේදි නැගිටලා එනව කියකිය තමන්ගේ මතය කොහොම හරි මොන බොරුවක් හරි කියල ඔප්පු කරන්න යන , ආදි භාශා තියා සිංහලවත් හරියට බැරි , මහාවංශ වාදියෝ දේශයට විනකටින උන්කිය කිය , රාවනා පුරාවෘතය බ්ලොග් අවකාශයේ විහිලුවක් කරන මීජයා උන්නැහේටයි හෙන්චයියන්ටයි  සනීප ඇති ........ රාවණා ඒන්නේ නෑ යකෝ , ගෙන්න ගන්න ඕනේ, තනියෙන් නැගිටින්න බෑ   ....... ඒක කරන්නේ කොහොමද කියන්න කලින් , අපි රාවන කියන වචනේ නියම තේරුම බලමුකෝ


රා = සූර්්‍යය 
වන =  වාංශික 


එතකොට රාවන කියන්නේ සූර්්‍ය වාංශික නොහොත් සූර්යයිගෙන් පැවතඑන පරපුරයි .  සිදුවන බව කියන ආගමනය අන්තර්ජාල ලිපිමගින් විවරනය කිරීම වෙනුවට පැහැදිලිවම කළ යුත්තේ  ඉතිහාසය පිලිබදව ලියවී ඇති පුස්ථක පරිහරනය කරන එකයි , රාවනාගේ නැවත පැමිණිම කියන  සංකල්පය පැහැදිලිවම විවරණය කරන්න ඕනේ බුද්ධිය මත පදනම් වෙලා සහ ඔය කියන පුස්කොළ පොත් ලියවුන වකවානුවෙ රටේ තිබුන ‍ආගමික හා දේශපාලන වටපිටාව මත පදනම්වෙලා . 
ඔය බොරුවට කයිවාරු ගහන අයියලා දන්නවද දන්නෑ  සිද්ධ රාජ පත්තිරු වගේම රාවනා කථා පුස්ථකයත් කියන දෙකම ලියවුනේ අනුරාධපුර යුගයේ අග භාගයේ කියන එක .
 ඔය කාලේ වෙනකොට රටේ තිබුනේ බුදුදහම නොහොත් බුද්ධිමතුන්ගේ ධර්මය රජ කරන , ජීවමාන රහතන් වහන්සේලා වැඩවාසය කරන,හැබැයි අරාජික දේශපාලන වටපිටාවක්. තමන්ගේ රටට දකුණු ඉන්දීය බලපෑම් නිසා , සියළුම දෙනා ජීවන් උනේ යුධ මානසික වාතාවරනවක් යටතේ . මේවගේ කාළයක ලියවෙන පොතපත බොහෝවෙලාවට පදනම් වෙන්නේ තමන්ගේ අතීත විභූතිය අනාගතය වෙනුවෙන් ලබා දෙන්නට හරි නැත්නම් තමන්ගේ තාක්ශනය අනාගතය වෙනුවෙන් ලබා දෙන්නට හරි එහෙමත් නැත්නම් වටිනා අවවායක් අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන්නටයි . ඒ විදිහට කියන්න ඕනතරම් සාක්ශි තියනව ( පොඩ්ඩක් හොයපල්ල....... හැමදේම මම කිව්වහම කිසි ගතියක් නෑනේ .) 
සිද්ධ රාජ පත්තිරු  කියන්නෙත් අනාගත පරපුරත් ඒකාලේ උන්න පරපුරවගේම බුද්ධිමත් වේවි කියල හිතල ලියපු වටිනා අවවායක් ව්‍යංගාර්ථයෙන් දෙන්න ලියපු කථාවක් .
වර්ථමාන ලෝකයේ මූලිකම ශක්ති මූලාශය තමයි දැවි තෙල් , ඒත් මේ වනකොට අපි ඒ  ශක්ති මූලාශය පාව්ච්චි කරන විදිහ නිසා බොහෝම කෙටි කාළයක් තුලදී ඒ සම්පත නැතිවෙලා යනව , එතකොට බොහොම පැහැදිලිවම ලෝකයාට සිද්දවෙනව විකල්ප , ස්වාභාවික ශක්ති  මූලාශය  වලට මාරුවෙන්න . එයින් ඉදිරියට පැහැදිලිවම ලෝකයාට සිද්ධවෙනව සූර්්‍ය ශක්තිය මූලික ශක්ති මූලාශය කරගන්න . ඒ කියන්නේ තවත් නොබෝකාලයකින්ම සුර්්‍ය වාංශික යුගයක් බිහිවෙනව කියන එකයි . ලෝකේ මෙච්චර කාළයක් දිව්වේ එකම විදිහට ඒත්  තව බොහොම ටික කාලෙකින් ඒක වෙනස්වෙලා රාවණ රජු ලංකාව පාලනය කළ කාළයේදී වගේ  සූර්්‍ය ශක්තිය මූලික ශක්ති මූලාශය වෙනව මෙච්චර කාළයක් නිදාගෙන හිටපු "රාවනා නිවැරදි  කාළය ආවිට එක් ඇලයක සිට තවත් ඇලයකට හැරෙනු ඇත" කියල    සිද්ධ රාජ පත්තිරු වලින් විස්තර කරල දෙන්නේ ඔන්න ඔය සන්සිද්ධියයි .


 ඒ වගේම තමයි ඒ වැ‍‍ඩේ ඔය හිතන තරම් ලේසි වෙන්නෙ නෑ, අවශ්‍ය තාක්ශනය හොය‍ගන්න ඕනේ , කියන එක කියන්න තමයි අර උපමාව දීල තියෙන්නේ ( මොන උපමාවද ?  ලග්ගල කදු මුදුනට ගිහින් පසින්ගල් මාණික්‍යය හොයාගන්න ඔනේ කියන උපමාව  ) , රාවනා රජුගේ අභාවයත් එක්ක වල් වැදිල ගියපු තාක්ශනය ආපහ් වතාවක් , අළු දූවිලි පිරුණ යමක් ගංගානම් ගගේ පිවිතුරු වතුර වලින් හේදුවාම දිලිසෙනව  වගේ රාවනා යුගයක් යලිත් වරක් පණගහල එන බව තමයි   සිද්ධ රාජ පත්තිරු වලින් විස්තර කරල කියන්න උත්සහ කරන්නේ !!!!!!!
ඔය කියන රාවනා යුගයේදී සමකය ආසන්නයේ තියෙන දින 365ම ඉර එළිය ලැබෙන රටවල් වලින් කාන්තාර කරනය නොවූ , අවශ්‍ය හැමදේම නොඅඩුව තියෙන එකම රට  වෙන මගේ ලංකාවට ලොකයම හොල්ලන්න පුළුවන් වෙන එක අහන්නත් දෙයක්ද !!!!!!!


රාවනා කියල රජ ‍කෙනෙක් රට පාලනය කළාය කියන කථාව පැහැදිලිවම සත්‍යක් බව මෙහිලා සදහන් කළයුතු අතර ගිණි තබන ලද  හෙල අටුවාවෙන් බේරාගනු ලැබු අපේ ඇත්ත ඉතිහාසය ඇතුලත් පුස්කොළ පොත් වලින් විශාල කොටසක් නාවලපිටිය ගම්පොල පරන පාරෙ පිහිටි ගම්මානයක ජීත්වෙන පරපුරක් සතුව තවමත් ඇතිබව සලකනු මැනවි . මේ ලිපිය සදහා මූලයන් වූයේ ඒවාය. එහි ඇති පුස්ථකයන්හී  දැක්වෙන තාක්ශනය මේවනවිටත් ලාංකීය විද්වතුන් දෙදෙනෙකු විසින් හදාරනු ලබයි ( මමත් ඉදල හිටල උළුව දාලා එනව ) . එක් පොතක දැක්වෙන පරිදි රාවනා රජුගේ බල ශක්ති කේනද්‍රය මද්‍යම කදුකරයේ ගිනිකොණ බෑවුමේ පවතී එය සොයාගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි .
  




ප.ලි - නෑ මේක මෙහෙම නෙවෙයි කියල පැහැදිලි පදනමකින් තර්කයක් ආවොත් මම තවත් පොස්ට් එකක් ලියනව . 



Wednesday, August 1, 2012

ආහ් ... ඇත්තද රාවනා එනවද 01 ... ( රෙද්ද තමයි ? )




කලින් දවසක් වර්ගපූර්ණිකාව ‍බ්ලොග් එක පැත්තේ ගියපු වෙලාවක ඒකෙ තියෙන දේවලට බඩ අල්ලගෙන හිනාවෙන ගමන් ,  ලොකු මිනිහ වගේ  රාවනා ආයෙ එන විදිහ ගැන පොස්ට් එකක් දාන බවට පොරොන්දු වුනා , ඔන්න ඉතින්  ඒ පොරොන්දුව නිසා මම අද ඒ ගැන ලියන්නයි යන්නේ .


ඔක්කෝටම කලින් හැමෝගෙන්ම සමාව ගන්න ඕනේ  සති දෙකක් තිස්සේ කිසිම පොස්ට් එකක් නොදාපු එකට ( කස්ටියට මාව මතකයිද මන්ද ) ..........ඒහෙම උනේ ඇයි කියල මම ඊලග පොස්ට් එකෙන් කියන්නම්කො ඈ !!!!!!!!!!


ඔන්න ඉතින් අද කරන්න ආපු වැඩේට බහිමුකෝ .......... 
                                   හැබෑවටම  ඉතින් ඔය කියන විදිහට  2012.12.21‍ රාවනා රජතුමා ආපහු ඇවිල්ල රට භාර ගන්නවද !  ඒක වෙන්න පුළුවන් දෙයක්ද !!!!! ඔන්න ඔය කියන මල ඉලව් මතය, ගොන් ආතල් දෙන්නෙ ‍මෝඩ ජෝක් කරන්න නැතිව විමසමුකෝ බලන්න !!!! මොකද , රාවණා‍ එන්නේ නෑ කියල කියන‍කොට පැහැදිලි පදනමක් තියෙන්න එපායෑ ..


රාමායනයේ කියල තියන විදිහට රාම රාවණා යුද්දෙදි රාවනා මිය යනව , ඒත් රාවනා කථා පුස්ථකය වගේම සිද්ද රාජ පත්තිරු වලත් තියෙන විදිහට රාම රාවණා යුද්දෙදි වෙන්නේ විශ ඊතලයක් වැදීම නිසා රාවනා
රජතුමා සිහි මූර්ජා වීම .ඉතින් ඔය කථාව වෙන්න පුළුවන් සම්භාවිතාව ගැන මම මෙතනදී කථා කරන්න යන්නේ නෑ !


ඔය කියපු පුස්කොළ පොතේ තියෙන විදිහට රාවනා දේහය ආපහු වතාවක් සාමාන්‍ය තත්වෙට හැරෙන්න ගතවෙන කාළය , රාවනා රජු ජීවත් වෙලා හිටපු කාලය කියල අපි හිතාගෙන ඉන්න කාලයේ ඉදන්   ඉදිරියට ගනන්  හදල බැලවොත් 2010 ත් 2015 අතර කාළයට වැටෙනව,    එතකොට ඉතින් ඔන්න දැන් රාවණා එන එක විහිළුවට අරන් ඉන්න අයගේ මතය ලිඛිත සාක්ශි මත බිද වැටෙන පදනමක් නැති කථාවක් වෙනව , මොකද  සිද්ද රාජ පත්තිරු කියන්නේ රාමායනය වගේ කථා පොතක් නෙවෙයි ඉතිහා‍ස පොතක් නිසා.


ඒත් ඔය කථාව ඇත්තද ! වෙන්න පුළුවන්ද ! මීට අවුරුදු 5100 කට විතර කලින් හිටියයි කියන , හිටපු බවට කිසිම විදිහක සාක්ශියක් මේ වෙනකන් හොයා ගන්න බැරිවුන කෙනෙක්, පොතක තිබ්බබ පළියට ආපහු එයි කියල හිතන්න පුළුවන්ද !!
හොදයි අපි ආපහු  ඔය  සිද්ද රාජ පත්තිරු දිහාට හැරෙමුකෝ බලන්න , ඒකේ තියෙන්නේ රාමගේ විශ ඊ පහරකින් සිහිමූර්ජා වුන රාවනා දේහය නුවරඑලියේ මහකුඩුගල කදු මුදුනේ ගලින් කල මන්ජුසාවක බෙහෙත් වලින් පදම්කරල තැම්පත් කරල තියෙනව කියල ( කවුරුවත් කියන කථා නෙවෙයි අදාල පුස්කොළ පොත් පෞද්ගලිකව කියවා ඇතිබව සළකන්න) .



 යලිත් රාවනා යුගයක් එනව කියල මේ පොතේ තියෙනව තමයි හැබැයි කිසිම තැනක කියල නෑ රාවනා රජු පෙට්යෙන් නැගිටලා ඇවිත් ,ඔය කියන රාවනා යුගය ඇතිකරනව කියල . අදාල කාළය ආවහම  ( ඒකියන්නේ  2012 දීය කියමුකෝ ) සාමාන්‍ය තත්වයට පත්වෙන රාවනා දේහය එක් ඇලයකින් තවත් ඇලයකට හැරෙනව කියල තමයි ලියල තියෙන්නේ .ඔය කාළය ආවහම  ආපහු රාවනා රජතුමා අවදි කරවන විදිහත් ඔය පොතේ තියෙනව !!!!!
මෙතන දී අපි ‍තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනව , ඒ තමයි කියල තියෙන වතාවත් කලහම රාවනා රජු අවදිවෙලා ලෝකය පාලනය කරනව කියන්නේ රාවනා රජතුමා  මරණයෙන් අවදිවෙලා රට පාළනය කරනව කියෙ එක නෙවෙයි ( එහෙනං ? ) . සරළව තේරුම් ගම්මුකෝ , කස්ටියම දන්නව නේද අර කම්මැලි පුතාල දෙන්නව ලෝකෙට වැඩක් තියෙන ළමයි දෙන්නෙක් කරන්න හිතිගෙන තමන්ගේ මරණි
න් පස්සේ වත්තේ හංගපු  නිධානේ අරන් ජීවත් වෙන්න කියල දරුවොන්ට ගොවිතැන උගන්නපු තාත්තගේ කථාව ( දන්නැති කවුරු හරි ඉන්නව නම් දන්න කෙනෙකුගෙන් අහගන්නකෝ ) , සිද්ද රාජ පත්තිරු වල තියෙන්නෙත්  ඒව‍ගේ කථාවක් , තේරුම් ගන්න නම් මොලේ තියෙන්න ඕනේ !!!!!!

ඔන්න මම අද ආරම්භයක් ගත්ත මෙතනින් නවතින් නෑ දවසක් ඇර දවසක් මේ ගැන ලියනව , හැමෝටම තේරුම කරවනව ‍, කොහොමද ඔය කියන යුගය එන්නේ කියල  . දැන් ඉතින් රස්සාවකුත් කොරන නිසා ටිකක් විතර බිසී නේ !!!!!!!!!! 


 

Sample text

Sample Text

Sample Text