Social Icons

හොයමු බලමු

Sunday, September 23, 2012

බුක් ෆෙයා ප්‍රෝඩාව ! ( නිරුවත හෙලි කිරීම )




මේ දවස්වල නැගලම යන ටොපික් එකක් . හැමෝම යනව , නොගිය අය යන්න බලං ඉන්නව , යන්න බැරි අය අඩනව , වෙන රට වල  ඉන්න අපේ අයට ඇ‍ඩෙනව ඔය අස්සේ  ජීවිතේට පොතක් කියවන්නැති උන් උදේ ඉදන් රෑ වෙනකං දවස්  තුන හතර පොත් ප්‍රදර්ශනේ ලැගගෙන ඉන්නව ,,, වැඩ කෝටියයි. බුක් ෆෙයා ගියපු අය කීප දෙනෙක් බ්ලොග් පෝස්ට් දාගෙන රහ කරනවත් මං බලාගෙන :D :D .
                                                 මේදවස් වල මේ බ්ලොග් එක ගැන එක එක රෙද්දවල් කියල එන ලොල් ඊමේල් වගයක්  නිසා  මගේ මූඩ් එක ටිකක් අවුල්, කොටින්ම කිව්වොත් මේ දවස්වල විලක්කුව බුර බුරා දැල්වෙනව. ඒකයි පහු ගිය දවස්වල ලියන එක අත ඇරල දාලා හිටියේ . හිත හදා ගත්ත , ආයෙ ඉතිං වට්ටනව බොරු, හ්ම් .. ලාමක ටිං ටිං කථා ඇති. ආයෙත් ආවේ මේ ටොපික් එක දළු දානව දැකල පොඩ්ඩක් වෙනස් පැත්තකට පෙහොර ටිකක් දාලා යන්න හිතාගෙන .

               හැමෝම  වගේ මාත් ඔය බුක් ෆෙයා එකට පතාගෙන ආවා වගේ  , අවුරුදු පතා යන බුවෙක් .මේ අවුරුද්දෙ නම් තවම බැරිවුනා කොහෙම හරි, අනිවා 26 වෙනිදට හරි යනවම තමයි . ඒත් හැම අවුරුද්දකම සාහිත්‍ය මාසේ කියන මාසේ විතරක් පොත් කියවන , පොත් ගන්න අය‍ට නොදැනෙන , අවුරුද්ද පුරාම පොත් වලට ආදරේ කරන උන්ට විතරක් බුක් ෆෙයා එක ඉවර වෙලා එනකොට දැනෙන මුස්පේන්තු හැගීම වෙන අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් මට දැනෙයි . හැ‍බෑටම පොත් ප්‍රදර්ශනේ අරමුණ මොකක්ද ?!!!!!
        පොත් වලට ආ‍දරේ අයට පොත්වලට ලං වෙන්න අවස්ථාවක් ‍‍ලබාදෙන එකද ? අපෝ නෑ.... පොත් වලට ඇත්තටම ආදරේ අය ඒවට ලං වෙන්න අවස්ථා හදා ගන්නව  උන්ට මේ හැන්දෙන් පොවන්න , බබා උක්කුං පාරවල් , මොත්තේ දාලා නලවන ආතල්  ඕ‍න වෙන්නේ නෑ .

එහෙනං ... එකම තැනකින් විවිධ විශයන්ට අයිති පොත් පහසුවෙන් අරන් කියවන්න අවස්ථාවක් ලබාදෙන එකද ? මොකක් !! පහසුවෙන් කිව්ව, පොත් තෝරන්න නිදහස තියෙන්න ඕනේ . පොත් ප්‍රදර්ශනේදි ඒවගේ තේරීමකට ඉඩ නෑ ........කලින් හිතාගෙන ගියපු පොත් ටිකක් අරන් එනව මිසක් .
කොල්ලන්ට ලංකාවේ විවිධ පැතිවල ඉදන් එන කෙල්ලන්ව බලන්න චාන්ස් එකක් අරන් දෙන එකද ? 
:D  ඒක අතුරු ථලයක්ය කියමුකෝ .
                              ඇත්තටම පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් බුක් ෆෙයා එක කරන එකේ අරමුණ මොකක්ද ?. ඒ ගොල්ලන් කියන විදිහට නම් ලංකාවේ පොත් කියවීම වැඩිකරවීමේ අරමුණින් තමයි මේක කරන්නේ .ඇත්තද ?????
                                   සමහර විට 
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ මුල් පුටුවේ උන්දැගේ අරමුණ  ඒක වෙන්න ඇති . ඒත් සමස්ථයක් විදිහට ගත්තෝත් ප්‍රකාශකයින්ගේ  අරමුන ඒකද ?
 කොහෙත්ම නෑ !!!!
                         පොත් ප්‍රදර්ශනේට සති කීපයක කලින් ඉදල ඔය මහ ලොකු , ගරු ලේබලේ එල්ලන් ඉන්න කුජීත කාලකන්නි ‍පොත් සමාගම් හැම එකක්ම ව‍ගේ කරන්නේ අවුරුදු කාලෙට පිට කොටුවේ ඇදුම් විකුනන පේමන්ට් කාරයෝ බඩගෝස්තරේ හොයා ගන්න  කරන ‍දේම තමයි  . මෙච්චර  කාළයක් ‍ තමන්ගේ හොදම අලවිය තිබුන පොත්වලට අලුතින් ලස්සන ලස්සන ඇදුම් අන්දවන එක  ( පිටකවර හදන එක ) . අළුතින් මිලක් නියම කරන එක , ඒ නියම කරන මිල තිබුන මිලට වඩා රුපියල් 50 ක් 100 ක් වැඩිවෙන එක හෙට ඉර පායනව කියන එක වගේ ශුවර්, ඊට පස්සේ කරන්නේ 20 % ක 25 % ඩිස්කවුන්ට එකකට කියල පොත විකුනලා දාන එක මිනිස්සු රැවටෙන එක . ඒ දෙන ඩිස්කවුන්ට් එකෙන් පොත් ගන්න එන එවුන්ට සත පහකවත් වැඩක් නෑ ,ප්‍රදර්ශනේට කලින් පොත ගන්න තිබුන ගානට වඩා රු.10 , 15 ක් වැ‍ඩිපුර ගෙවල තමයි පොත ගන්න වෙන්නේ . 
                                 කාළකන්නි  හැතිකරේ හැදි ගෑවිලා යන්න ඕනේ !  බුක් ෆෙයා එකෙන් අඩුවට පොත් ගන්න කියල ගම්වල ඉදන් එන උන්ව අන්දවල වැඩි ගානට  විකුනනව මදිවට ඊලග මිල වැඩිවීම  වෙනකම්ම මාස ගානක් යනකන් පොත විකුනන්නේත් ඒ  ලකුනු කරපු ගානටමයි . ඒකයි මම කලින්ම කිව්වේ මේ මගඩි නාට්‍ය හරියට තේරෙන්නේ සාහිත්‍ය මාසේ විතරක් පොත් කියවන  වැඩ බැරි ටාසන්ලට නෙවෙයි අවුරුද්ද පුරාම පොත් වලට ආදරේ උන්ට විතරයි කියල .
          " පොත පත පරිභෝජනය වැඩි කිරීම අපේ අරමුණයි " බම්බුව තමයි ,හක්කේ බුදුරරස් බොක්කේ දඩ මස් කියන්නේ මේවගේ කථාවලට වෙන්න ඇති . ජාතිය නගා හිටුවන්න හිතන්නේ මෙහෙමෙ වෙන්න ඇති . ලංකා‍ව දැ‍නුමේ කේන්ද්‍රස්ථානය කරන්න හිතාගෙන ඉන්නේ මෙහෙම වෙන්න ඇති . මොකටද මගෙ කට,,,,.......

                    හැම දේකටම ප්‍රමිතියක් තියෙන්න ඕනේ . බුක් ෆෙයා එකේ වෙළද කටයුතු සම්භන්ධයෙන් තියෙන ප්‍රමිතිය මොකක් ද! කාටද මේව පේන්නේ ? කාටද පෙන්නන්න ඔනේ ! කවුද දන්නේ , රටේ අනිත් හැම වැඩක්ම වගේ මේ‍ වැ‍ඩේදිත් බලන් ඉන්න උන්ව ගොන්ට අන්දවලා උන්ව හීන ලෝකෙකට යවන්න සංවිධායකයො කියන හැත්තට පුළුවන්වෙලා තියෙනව !!!!!!

ප.ලි - හැමෝවම නෙවෙයි .

ප.ප.ලි - සෑම පොත් ප්‍රකාශකයෙක්ම මේ ක්‍රමය අනුගමනය නොකරයි නමුත් 99% එසේ වද්දී 1% නොසලකා හැරෙන්නේ නිරායාසයෙනි. කෙටි පෝස්ටුවක්  , ලොකු කථාවක්  


Saturday, September 8, 2012

පොලීසියේ ඉන්නේ බල්ලෝ ද ???????? නොදකින් විතරක්!!

ශ්‍රී ලංකා පොලීසිය , නම කියනකොටම එක එක අයට අමුතු අමුතු දේවල්  මතක් වෙනව ඇති නේද !!!! වාහන වලින් ගාන කඩා ගන්න ඒවා ,ලොකු එවුන් පත්තරවල යන වැරදි කරද්දි  පොකට් කාරයාව විතරක් අල්ලන ඒවා,සල්ලි නොදී ට්‍රීවීල් වල බස් වල යන ඒවා ,කැම්පස් වල එවුන්ට බැටවන් වලින් කෙලින ඒවා ................ ඒවා මේවා තව ගොඩයි .



                          ]
                    ඇත්තටම පොලිස් නිල්‍ධාරියා කියන වචනෙත් එක්ක කුණු කථා විතරක් මතක් වෙන්න හේතුව මොකක්ද !වැරද්ද වෙලා තියෙන්නේ කොතනද ? ඔහේ නිකං බැන බැන ඉන්න අතරේ  කවුරුත් ඒ ගැන හිතුවද ? නිකමටවත් !!! නෑ නේද ?  ( මං දන්නව ! )
ඇත්තටම ඔය කියන විදිහට පොලිසියේ ඉන්නේ බල්ලොද ? නැත්තං අපි දකින කෝනේ වැරද්දක් තියෙනවද !!!!
 " අනේ මන්ද අප්ප මට නං දැං එපා වෙලා තියෙන්නේ ....... අපේ ගෙදරින් මට මොනවත්  කරන්න දෙන්නෑනේ ! තනියෙන් කොහෙවත් යන්න නෑ .......ඒක කරන්න එපාලු මේක කරන්නේ මෙහෙමලු ...... ඇයි අනේ අම්මටයි තාත්තටයි ඒකාලේ මතක නැත්තේ !! "
          ගෙදරින් ඇයි අපිට සමහර දේවල් කරන්න දෙන්නේ නැත්තේ, එමහර තේරුම් ගන්න බැරි දේවල් අපි ලවා කරවන්න හදන්නේ ඇයි කියන එක අපිට නොතේරෙන්න හේතුව තමයි දෙමාපිය දූ දරු සම්භන්ධයේ දෙමාපිය කෝණය මොකක්ද කියන දේ අපිට නොතේරෙන එක , එහෙම තේරෙම් ගන්න පුළුවන් වුනා නම් කිසිම ගැටුමක් නෑ .
        ඉතින් මං තීරණය කළා පොලීසීයේ ඉන්නේ බල්ලොද නැද්ද කියන එක හැමදාම වෙනව වගේ  මහජනතාවගේ කෝණයෙන් නොබලා  පොලිස් නිළධාරියෙකුගේ කෝණයෙන් හොයල බලන්න .
දැන් ඉතින් මෙකට පොලීසියේ එක්කෙනෙක්ව හොයාගන්න එපායැ ....... ඒ විතරක්ද ඌ කථා කරන්න කැමති වෙන්නත් එපාය . කොහොමද ඉතින් මේ අවශ්්‍යතා සම්පුරන කරගන්නේ .
                                                     සාමාන්‍ය කෙනෙකුට අමාරු වුනත් මට නම් ඒක සිම්පල් දෙයක් . ඒ අර මං ලෝඩ් පකීර් කෙනෙක් නිසා නෙවෙයි  , මං ඇවිල්ල පොලිස් ‍නිලධාරියෙකුගේ පුතෙක් නිසා ........ (අන්තර්ජාලයට මුදාහරින පලවෙනි වතාව හොදේ ....... තිත් දෙකයි ඩී ) .
පෙරේදා රෑ වැඩ ඇරිල ආවට පස්සේ මං තාත්තගේ ‍ඔළුවට මේ අයිඩියා එක දැම්ම ( නිකන් පොලිසියේ කෙනෙක් එක්ක කථා කරන්න ඕනේ කියල විතරයි කිව්වේ ..... මං බ්ලොග් එකක් ලියන වග ගෙදර අය දන්නෑ)
කොහෙමෙන් කොහොමෙන් හරි තාත්ත හදුන්වලා දීපු පොලිස් නිලධාරියෙකුගේ ‍පිහිටෙන් මං ඊයේ පොලිස් නිලදාරියෙක් මේ ප්‍රශ්නේ දකින කෝනේ හොයා ගත්ත.  ඔන්න කථාව මුල ඉදන්ම කියන්නම් කෝ .............  

කොල කෑලි දෙකතුකුයි පෑනකුයි අරන්  ඇදිරිවැටීගෙන එන වෙලාවේ මං පොලිස් බැරක්කේට රිංගුවේ අර කියපු අයි‍ය කාරයා හම්බ වෙන්න . ලගදි  පොලීසියට බැදුන කොල්ලෙක් නිසා ඒකාලේ පොලීසිය දැකපු විදිහයි දැන් දකින විදිහයිත් හොයා ගන්න පුලුවන් වේවි. 
" දර්ශන අයියා ...... "  ම්හ් කොහෙ ගියාද මේකා , හදිස්සියේ ඩියුටියක් වත් වැටුනද ! වෙන්න බෑ ..... අද මොනවත් විශේෂ දේවල් නෑනේ . බලමු තවපාරක් කථා කරල .......... " දර්ශනයෝ ......... " 
" ආ .....උඹ ආවද !!" ( නෑ මං තවම මග )
" එනව කිව්වට මං හිතුවේ නෑ එයි කියල ........... දැං මොන බම්බුවකටද කියහංකෝ මෙහෙම දෙයක් දැන ගන්න ඕනේ ,....... උඹ පත්තරේට වත් ලියන්නද ? "
දැං දීපංකෝ උත්තර 
" නෑ එහෙම නෙවෙයි ........... හිටපු පොලිස්පති තුමා අපේ ඉස්කෝලේ ඕල්ඩ් බෝයි කෙනෙක්නේ ... ගිය මාසේ මීටින් එකට ගියවෙලාවේ එතුම කිව්ව මං ඒ ලෙවල් වලට කරපු ප්‍රො‍ජෙක්ට් එක ඕනේ කියල එතුමගේ දුවට කරුණු ටිකක් ගන්න ...... ඒ වෙලාවේ මං කිව්ව මං කරල තියෙන්නේ පොලීසිය ගැන එකක්ය එක ගෙනත්දෙන්න පුළුවන් කියල . මිනිස්සු පොලීසිය ගැන හිතන විදිය පොලිස්පති කෙනෙකුට තේරුම් කරල දෙන්න පුලුවන් වෙන නිසයි එහෙම කිව්වේ ....... එහෙම නැතුව මගේ ලග ඇත්තටම එහෙම    ප්‍රො‍ජෙක්ට් එකක් තියෙන නිසා නෙවෙයි .... වැඩ්ඩ වගේ කිව්ව නිසා දැන් ඊලග මාසේදී ඒක ගිහින් දෙන්න ඔනේ " ගණදෙවි නුවන. තිත්දෙකයි ඩී.
"අනේ මන්ද උඹත් කරගන්න දෙවල් ......... හ්ම් හ්ම් ....... මොනවද දැන් දැන ගන්න ඕනේ "
" පොලීසිය කියන්නේ ඇත්තටම ‍මහජන මිත්‍රශීලී ආයතනයක්ද ? "
" නෑ ........ පොලීසිය කියන්නේ මහජන ආරක්ශාව හා සාමය සුරකින ආයතනයක් ....... . ඒක මිත්‍රශීලිත්වයට වඩා එහා ගිය බැදීමක්. මිනිස්සුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මිනිස්සුන්ට සේවය සපයන ආයතනයක් "
" කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නැද්ද ? එතකොට පඩිය ? ........ මගදි ලැබෙන වාසි "
" පඩිය කියනවට වඩා ඒකට අපි කියන්නේ සේවය ඇගයිම වෙනුවෙන් දෙන දීමනාවක් කියල .......... "
" පගාව  "
"මං ගන්නෑ "
" වෙන්න ඇත් ඒත් බහුතරය එහෙමනේ .........ඒ මදිවට ලොක්කන්ගේ වැරදි අල්ලන්නෑ ..... ඇයි බයද ? " 
" බහුතරය නෙවේ සුලුතරය ! සුලුතරය ,බහුතරය කරල තියෙන්නේ ලංකාවේ මාධ්‍ය ආයතනවලින් , චිත්‍රපටි වලින් , ටෙලි නාට්‍ය වලින් .... "
"?"
"හුග දෙනෙකුට නොතේරුනාට මේ රස්සාව කරන මිනිස්සු බොහෝම දැ‍‍ඩි අපහසු කම් ගොඩකට හිර වෙලාතමයි ජීවත් වෙන්නේ . ඇගිලිගැහිම් නැතුව නිදහසේ සේවය කරන්න අපිත් ආසයි  ඒත් කෝ ස්වාධීන පොලිස් කොමිසමක් එහෙම දෙයක් නැතුව පොලීසියට නිදහසේ රාජකාරි කරන්න බෑ ,රුපියල් 25000ක පඩියකින් අපි ජීවක් වුනාට කසාදයක් බැදල ළමයි ඉන්න නිලධාරියෙන් ජීවත් වෙන්නේ කොහොමද ? වෙන ආයතන වල ඉන්න අය සතුටින් පගාව ගන්නව ඇති .ඒත් පොලිස් නිලධාරියා එහෙම නෙවෙයි ........... මිනිහෙකුගෙන් ගානක් ගත්තට පස්සේ ඇස්වල කදුලු පුරවන් දවසම වැඩකරන අය අපි අනන්තවත් දැකල තියෙනව .ඒ වෙන මොනවත් නිසා නෙවෙයි , මෙච්චර කල් රැකගත්තු ආත්මාභිමානය  කියන දේ නැතිවෙච්ච නිසා . හෙට පාරට බහින්නේ කොහොමද කියබ හිතන නිසා , තමන් නිසා තමන්ගේ දරුවන්ව  සමාජයෙන් බැනුන් අහන්න වෙයි කියල හිතෙන නිසා , ඒත් එහෙම නොකර කොහොමද හතර පස්දෙනෙක් එක්ක මාසයක් ජීවත් වෙන්නේ . 



                             මං මේ පගාව කියදේ සාධාරණිකරනය  කරන්න හදනව නෙවෙයි , ඇත්ත තත්වේ කියල දෙනව . මහ දවල් පාරේ ඉන්න නිලධාරියා  විදින්නේ මොන වගේ දුකක් ද කියල බලන්න ඕනෙම නම් කාකි සූට් එක ඇදල පාරට බහින්නම වෙනව ,එලිය පට්ටම රස්නෙයි නම්  ඇදුම ඇතුල ඒවගේ දෙගුනයක් රස්නෙයි. උඩින් අව්ව සැරයි කාපට් එක රත්වෙලා යටිනුත් කරවෙනව , වාහන දුමයි , දුවිල්ලයි අස්සේ හෝන් සද්දත් ඇහෙනකොට ඔළුව පැලෙන්න එනව . එහෙම උන්ට තමයි වාහන කාරයෝ බැන බැන යන්නේ , ඔය බනින එකෙක් වත් ඔය වෙලාවෙ  අපි ඉන්නේ මොන වගේ තත්වෙකද කියල හිතනවද ?
                                  ලොකු ලොකු අපරාධ කාරයෝ අල්ලන්නැල්ලු , කොහොමද උන්ව අල්ලන්නේ කියහංකෝ ,අපි පුට් සයිකල් වලින් මුරසංචාරය කරද්දි උන් යන්නේ 1000cc CBR වලින් .ෆිල්ම් වලදි නම් ඒවගේ ඒවයේ පස්සෙන් දුවගෙන ගිහිල්ල උන්ව අලැල්ලුවට හැබෑ ජීවිතේදි එහෙම බෑ කියල උඹ දන්නවනේ . මාසේ   අන්තිම වෙන්න කලින් දීල තියෙන පැට්‍රෝල් ඉවරවෙනව ............ ඊට පස්සේ කෝල් එකක් එහෙම ආවෙත් අතන මෙහෙම කලබලයන් වෙනව කියල අපි යන්නේ අපේ අතින් සල්ලිදාලා ජීප් එකට පෙට්‍රල් ගහල . 
                             

         අනිත් හැම ආයතනයකම උසස් වීමේ පටිපාටියක් තියෙනවා ඒත් පො‍ලිසියට එහෙම දෙයක් තියෙනවද ? සමහරු කොස්තාපල් විදිහට ඇවිල්ල අවුරුදු 30ක් 40ක් වැඩ කරල කොස්තාපල් විදිහටම පෙන්ශන් යනව . සේවය අගයන්න මෙනවද අපි වෙනුවෙන් තියෙන්නේ උසස් විමක්වත් හරියට නැතිකොට .!!!!!
                                 හරියට රාජකාරිකරන්න ඇත්තටම බෑ ........ එක එක දේශපාළුවෝ  උන්ට ඕන විදිහට වැඩ නොකරන උන්ව ‍‍මාරු කරල දානව . 
           රටේ ලෝකේ ඔක්කෝටම යුද්දය ඉවර උනාට පස්සේ  හමුදාව දෙයිය වෙලා පොලීසිය බල්ලවෙලා ........ හමුදාව දෙයිය වෙන එක වැරදි කියනව නෙවෙයි , පොලීසිය බල්ල වෙච්ච එකයි වැරද්ද !!!! හමුදාව ප්‍රදේශ යටත්කරගන්න කොට පොලීසිය ඇවිල්ල ඒ ප්‍රදේශ වල ආයෙත්
ත්‍රස්ථවාදය එලියට නොයෙන්න කටයුතු නොකලා නම් හමුදාව දෙපැත්තකින් කොටුවෙනව , ඒව කවුරුත් කථා කරන්නෑ.
                   උද්ගෝශන වලට ගහනව කියනව . ඒත් කවුරුත් කථා කරනවද ඒ දාලා තියෙන බැරියර් කඩාගෙන එන එක වැරදී කියල . අවම බලය පාවිච්චි නොකර  දිගටම යන්න දුන්න නම් වෙන්න පුළුවන් දේ ගැන ඇයි කවුරුත් කථා කරන්නැත්තේ . 



         රටේ ජන මාධ්‍යයි චිත්‍රපටිකා‍රයොයිත් මීට දෙවනි නෑ ..... පෙන්නන්නේ පොලිසියේ  වැරදි විතරයි හොද දේවල් අනන්තවත් තිබුනට ඒ එකක් වත් පෙන්නනවද  පොලීසිය ගැන විතරක් නෙවෙයි රටේ දේශපාලකයෝ මෝඩයෝ කියල පෙන්නන්නෙත් උන්ම තමයි .වැදගත් දේශන දාහක් තිබුනත් දවසේ කථාව කියල පෙන්නන්නේ කොහේ හරි හිටපු ගොන් වස්සෙක් පස්ස කහනවට කියපු කථාවක්. චිත්‍රපටි වලදිත්  විශේෂයෙන්ම ලංකාවේ ඒවගේ , පොලීසිය ඉන්නේ දුශ්ඨයාගේ පැත්තේ . ඉතින් මහ උන් විතරක් නෙවෙයි පොඩි උන්ටත් පොලිසිය පේන්න බැරිවෙන එක අහන්න දෙයක්ද?!!!!! 
                               සමහර දාට ඩියුටි ඉවර වෙකොට රෑ 1.00 යි ආයෙත් පාන්දර පහයි තිහට  වැඩට යන්න ඕනේ .අපි  විතරක් නෙවෙයි හැම පොලිස් නිලධාරියෙක්ම එහෙමයි ..............  උඹ මේක කැමති තැනක ලියහන්.... මගේ නම දාන්නේ නැතුව ............................. අවුලක් නැත්තං මං ටිකක් නිදාගන් නම් අද නයිට් එක බං  "









   

Wednesday, September 5, 2012

ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්ම )


"මේ..........  ඔයා හිරුණි නේද?"
"ඔව් ඇයි ? " හත්ඉලව්වේ වෙඩි තිබ්බා වගේනේ. ඔහොමද හැබෑට කස්ටමර්ලට කථා කරන්නේ.
"මට පොඩ්ඩක් ඔයත් එක්ක කථා කරන්න ඕනේ !"
"අප්පද බොල , බලහල්ලකෝ දැං හැදෙන උන්ගේ තරම .මුලින්ම වයස කියල ඉම්මුකෝ, පස්සේ බැරිය කථා කරන්න "
ඔන්න ඔහේ ඇත්තම කියල දාමු ! " 19යි "
"අවුරුදු 19ට තියෙන අසහනයක තරම නේද කොල්ලෝ!!! අනේ ඉතින් උඹල ‍වගේ එවුන් තමයි ගෑනුන්ගේ පිරිසිදුකම හොය හොය බදින පිරිමි.......... නේද ? උඹව බදින වැස්සිට දෙයියන්ගෙම පිහිට තමයි ඉතින්.
           හ්ම් හ්ම් ...... මට මොකටද ඒ වගක් පැයකට 2000යි , වෙන කොහේවත් බෑ  මං කියන තැනට එන්න ඕනේ . අනික පෙති ගහල එන්න බෑ  මොකද මේවා හැදිලා තියෙන්නේ යකඩෙන් නෙවෙයිනේ "
        චරිත සහතික ඕන නෑ !!!! විලි ලැජ්ජයි . අපරාදේ ආවේ කියල හිතෙනවා .ජීවිතේට මෙහෙම චාටර් වෙලා නැද්ද කොහෙද ! පාරේ යන උන් හිනා වෙවී යනව.පොලොව පලාගෙන යන්න තියෙනවා නම් ‍. ශික් විතරක් .
කෙල්ල නම් උපරිමයි . ඉටියෙන් වාත්තු කළා වගේ , ඒත් කට , නොදකින් විතරක් මෝදර කුණු කානුව වගේ .
          හෙන කික් එකේ ආවට මොකද දැන් නම් ජින්තු බැහැලා. හුලං පුරවපු බැලුමකට දෙහි කට්ටකින් ඇන්න වගේ .
"නෑ නෑ අක්කේ ...... මේ එහෙම දේකට නෙවෙයි ........."
"එහෙනං කොහෙම දේකටද ?"
පොඩ්ඩකට කට වහගෙන ඉදහංකෝ කියනකන් .
" 'ලංකාවේ ගණිකා වෘතිය නීතිගත කළ යුතුද ?' කියලා මම  ඒ ලෙවල් වලට ප්‍රොජෙක්ට් එකක් කරනවා . ඉතින් මම ඒකට අක්ක වගේ කෙනෙක් එක්ක කරන සාකච්චාවක් දාන්න කියලයි ඉන්නේ ...... ඒකට උදව්වක් ගන්න තමයි ආවේ ! ..... "
"මට ඕවට වෙලාවක් නෑ  ! " ඉවරයි ..........
"අනික මොකටද මාවම ඔය ඕන තරම් තව අය ඉන්නේ !!! "
"******** පත්තරේට අක්ක දීල තිබ්බ කථාව නිසයි ආවේ !!!! අනිත් අයනම් කොහොමත් වෙලා යනව කියල මාරු වෙනවනේ ! "
කෙල්ල ටිකක් සැලෙන්ඩර් වගේ .
"දැන් ඉතින් මෙනවද දැන ගන්න ඕනේ ??? හැබැයි විනාඩි 15ක් විතරයි යංකෝ බස් හොල්ට් එකට මෙතන කට්ටිය වැඩියි වගේ  "
"මුල ඉදල සේරම ! "
වැඩේ හරි ගියාට මොකද නිකන් චාටර් ගතියකුත් දැනෙනව. පාර එහා පැත්තේ ට්‍රීවිල් පාර්ක් එකේ සේරම අපේ දිහාද කොහෙද බලන් ඉන්නේ . අද පොඩි එකෙක්ට ආතල් එක සෙට්වෙන්න යනව කියල හිතන්න ඇති. අයියෝ චාටර්.
"ක්ලාස් ඇරිල යන ගමන්ද ?" ගෑස් බැහැල.
"ඔව් "
"මොකද බය වෙලා වගේ "
"නෑ !!!! " ඔය කිව්වට‍ බයවෙලා තමයි හිටියේ .කරුමෙට වත් තාත්තගේ යාළුවෙක් වත් දැක්කොත් හවසට ගෙදර යන්නේ කොහොමද !!!
" මටත් තිබ්බ මල්ලි ඔය වගේ කාලයක්...........................................  ඒත් අර මොකද්දෝ කරුමෙකට තමයි මෙහෙම උනේ !........ හ්ම් " දිග හුස්මක් 
"කෙල්ලෙක් ඉන්නවද ??? "
"ඔව් " ඔව් කිව්වට  මට එහෙම කව්රුත් හිටියෙ නෑ
"බදින්නම ද ? "
"හ්ම් ... "
"කවදාවත් ඒකිට ද්‍රෝහි වෙන්න එපා මල්ලි ....... උන් පව් .!!! එහෙම උනොත්  මට කරන්න ඉතුරුවුන දේ උන්නටත් කරන්න වෙන්න පුළුවන් "   
" ? "
"මට තවම 23යි , වෙන කෙල්ලෝ මොනතරම් සන්තෝසෙන් විනෝදෙන් ගෙවන කාලයක්ද ! මට වෙලා තියෙන්නේ කවදාවත් නොදැකපු එවුං එක්ක නිදා ගන්න .......... තරහ වෙන්න එපා මල්ලි මට මේ පිරිමි කියන ජාතිය පේන්න බෑ...... "
" ඒත් හැමෝම එක වගේ නෙවෙයි නේද? " ජාතිය වෙනුවෙන් 
" ඔව් මම ඒක දන්නවා ....... ඒත් මට එහෙම හිතන්න කරම් හිත හදාගන්න බෑ ,
                   මං පොඩිකාලෙම මගේ තාත්ත වෙන ගෑනියෙක් එක්ක පැනල ගියා .... එත  කොට මගේ වයස අවුරුදු 6ක් විතර ඇති , තේරෙන වයසනේ ....මං පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තේ එදා .....මං වැරදිද ?? "
උත්තර නෑ!
" මං වැරදි වෙන්න හෙතුවක් නෑ නේද....... ****** තමයි මම පදින්චි වෙලා හිටියේ .......... ඉස්කෝලේ ගියේ නුගේගොඩ       ******** විද්‍යාලයට .අනේ මල්ලි ඉස්කෝලෙ නම නම් ලියන්න එපාහොදේ !,
‍ ඒකාලේ කවදාවත් මගේ  අතේ රුපියල් 15කට වඩා තිබ්බේ නෑ .රුපියල් සත කියන්නේ ඒ දවස් වල ඉදලම අපිත් එක්ක තරහ දෙයක් ! තාත්තා දාලා යනකොට මොනවත් ඉතුරු කරල ගියේ නෑ !..... අම්මගේ රත්තරන් බඩු ටිකත් අරගෙන තමයි ගියේ ! .එදා ඉදං අම්ම කලේ නුගේගොඩ පොලේ බඩු විකුනපු එක. දුප්පත් කම කියන්නේ මං උපතින්ම ගෙනාපු දෙයක් .
                                        ශිෂ්‍යත්වෙ නම් පාස් වෙන්න බැරි වුනා, ඒත් ඕලෙවල් විභාගේ හොදටම පාස් වුනා, ඒ 8ක් තිබුනා..... ඒක වෙන්න ඇති මගෙ ජීවිතේ සතුටුම දවස " තවමත් මතකයි  ඒ වෙලාවේ කෙල්ලගේ ඇස් දිලිසුන හැටි.
                        " ඒ ලෙවල් වලට කොමස් කරන්න පටන් ගත්ත කාලෙම තමයි මට මහේෂ් ව හම්බ වුනේ. එයා හරිම හොද කෙනෙක් කියල තමයි මම හිතුවේ , ඒ ආදරෙන් එහාට දෙයක් මට තිබුනේ නෑ . පැය ගනන් කථා කරකර හිටිය .ඒ ඇස් දෙකෙන් ගැලවෙන්න මට බැරි වෙයි කියලයි හිතුවෙ.  මහේෂ්ගේ අම්ම නෑ ! පුන්චි කාලෙම නැති වෙලාලු , තාත්තත් හවසට එන්නේ හොදටම බීගෙන.ඒනිසාම අපි දෙන්නගේ සමාජ පසුබිමත් හොදට  ගැලපුනා . ඒවෙනකොට අපේ අම්මත් මේ සම්භන්දෙ ගැන දැනගෙන හිට්යා , එයාගෙනුත් අකමැත්තක් තිබ්බේ නෑ ,අම්මත් මහේෂ්ට සැලකුවේ එයාගෙම දරුවෙකුට වගේ .
                                                        ඒ ලෙවල් ඉවර උනගමන් අපි බැන්ද !! ඒකට විරුද්ද වෙන් කවුරුවත් හිටියේ නෑ. මහේෂ්ලගේ තාත්ත නිසා අපි දෙන්න නැවතුනේ අපේ ගෙදරමයි .මාසයක් විතර යනකොට මහේෂ්ට රස්සාවක් ලැබුන , මමත් මහන්සි බලන්නැතුව පොලේ ගිහින් බඩු විකුනුවා .මහන්සි නෑ නෙවෙයි ආදරේ නිසා මහන්සිය තේරෙන්නෑ . මේ නිසා අම්මට  ගෙදර නවතින්න පුළුවන් වුනා. 
                                     මාස හතර පහක් යනකොට මට දරුවෙක් ලැබෙන ලකුණු ආවා. මමයි ‍මහේෂ්ශුයි අම්මයි විතරක් නෙවෙයි අපිට නෑයෙකූට කියල ඉතිරිවෙලා ඉන්න ආච්චි අම්මත් සන්තෝස වුනා.
                                    ටිකෙන් ටික දින ලං වුනා. මේ වෙනකොට මහේෂ්ගෙ මොකද්දෝ වෙනසක් දැනුනත් මම ඒක ඒ තරං ගනන් ගත්තේ නෑ.
      හැන්දෑවරුවක මට අමාරුවෙලා කළුබෝවිල හොස්පිටල් එකට ගෙනිච්ච .එදා රෑ තමයි මට මේ ලෝකෙ ඉතුරුවෙලා ඉන්න එකම වස්තුව ලැබුනේ. ................ඔව් පුන්චි කොලුපැටියෙක් . පිරිමියෙකුට කියල මේ ලෝකේ මං ආදරේ ඌට විතරයි " හැම අම්මමෙක්ම එක වගේ නේද !
                              ඊලග දවසේ උදේ මහේෂ්ශුයි අම්මයි ඇවිල්ල මාවයි පොඩි පැටියවයි බලල ගියා .අද හවසට මගේ ට්කට් කපනව කියල මං ඒවෙලාවේ ඒ දෙන්නට කියලයි තිබ්බේ . 3.30 ට විතර ටිකට් කැපුව , පැයක් හිටිය , දෙකක් හිටිය ....... කවුරුත් ආවෙනෑ . පොඩි එකාට ‍අදින්න තිවුන රෙදි කෑලි දෙකතුන මේවෙනකොටත් තෙමාගෙනයි හිටියේ .තවත් බලන් ඉන්න බැරිනිසා තනියම හරි ගෙදර යන්න හිතාගෙන එළියට බැස්ස.වෙනඅය වාහන නැතත් හයර් එකට හරි අරගෙන ඇවිත් ‍පොඩි උන්ව දූවිල්ලලක් වත් වදින්නැතුව ගෙවල් වල එක්ක යද්දි මගේ පොඩි පැටිය බස් එකේ ගෙදර ආවා. බස් එකේදි මට ඇඩුන ......!
                                 ගෙදර එනකොට කිසිම හැල හොල්මනක් නෑ .... ආච්චි විතරක් එලියෙ පඩියට වෙලා ඉදගෙන ඉන්නව.මාව දැක්ක විතරයි උන්දැ වාත අමාරුව අමතක කරල දුවගෙන ආ‍වා .......... 
"අනේ කෙල්ලේ ..........ගේ හරියේ සතයක් නෑ නැත්තං මං එනව උඹව එක්ක එන්න "
" කෝ ආච්චි අම්මේ අපේ අම්ම , මහේෂ් " 
" උන් ආයේ එන්නෑ කෙල්ලේ ........... " ආච්චි අම්ම අඩනව 
"‍අනේ මෙනවද උනේ කියන්නකෝ "
"උඹලගෙ අම්ම මහේෂ් එක්ක පැනල ගිහින් .............. මේන් කඩදහියක් තියෙනවා . ඒකෙන් තමයි මම දැන ගත්තේ අද උඹේ ටිකට් කපනවාය කියල"
" මට ලෝකෙම කැරකෙනව වගේ දැනුන මල්ලි ....... මගේම අම්ම ම‍ට මෙහෙම කරයි කියල හිතන්න පුළුවන්ද ඒවිතරක්ද අරතරං ආදරේ පෙන්නපු මගේ කොල්ල ..... මහේෂ්  මෙහෙම කලේ මොන හිතකින්ද ! , පොඩි එකාවත් තුරුලුකරගෙන එදා මං කදුළු බේසන් ගානක් පිරෙන්න අඩන්න ඇති. මහේශ් වැ‍ඩ කරපු තැනින් ඇහුවට වැඩක් උනේ නෑ . මිනිහ එතනින් අස්වෙලා ගිහින් .  
                                      තාත්ත දාල ගියා වගේමයි . දෙන්න ගිහින් තියෙන්නේ ගෙදරම හූරගෙන .සතයක්වත් නෑ . මගේ අතේ රුපියල් 500ක් තිබුන . ඒත් ඒකෙන් මොනව කරන්නද ...............
                     පහුවදා පොඩි එකා‍ව ආච්චිට දාලා මං ගියා පොලට ...... වැඩක් නෑ , මට එතන ඉන්න උන් මගේ අම්ම ගැන කියන කථා අහන් ඉන්න බෑ.මොනව උනත් ඒ මගේ අම්ම .... දහ දුක් විදල මාව උස්මහත් කලේ එයා .
                   ඊට පස්සෙ සතියක් විතර යනකන් එහෙන් මෙහෙන් සල්ලි පොලියට ගත්ත ....... දවසක් රෑ එලි වෙනකං කල්පනා කරල මං බොහෝම අමාරුවෙන් තීරනය කලා මට තියෙන එකම වස්තුව විකුනන්න. කාලෙකට කලින් ගත්ත කොට සායකුත් ඇදගෙන පහුවෙනිද මං පාරට බැස්ස ......... එදා මගේ 21 වෙනි උපන් දිනය. කෙල්ලොවිතරක් නෙවෙයි කොල්ලොත් 21 වෙනි උපන්දිනේ මහ ඉහලින් ගද්දි මං......... ඇග විකුනන්න පාරට බැස්ස මල්ලි......."
          මට  එතනදීත්  කියන්න දෙයක් නෑ !!!!!!!!
" ඒත් මං මේක කරන්නේ තව ටික කාලයක් විතරයි ........ පොඩි එකාට හොද නෑනේ , දැනටමත් ඌ අහනව .....ඇයි අම්මි රෑට ගෙදර නැත්තේ කියල  ....... ඉතුරු කරපු සල්ලි වලින්  මොනව හරි වෙන දෙයක් කරන්නයි ඉන්නේ. "
" මොකද ගල් වෙලා වගේ ? "
" නෑ නිකන් ......... මේක නීති ගතකළානම් හොදයි කියලත් හිතෙනව "
" නෑ ......... එහෙම කලොත් මෙහෙ ඉන්න අයියලා ගම්වල ඉන්න අහිංසක කෙල්ලොන්ව ශෝරූම් වල දාල විකුනයි බලෙන්ම ........ කිසිම ගෑණියෙක් කැම‍ත්තෙන් මේ රස්සසාව කරන්නෑ............." 
දිලිසෙන කිරිපාට කාර් එකක් ...........වීදුරුවක් යන්ම් ඇරිල වැහුන .
" එයා සතියකට පාරක් එන කස්ටමර් කෙනෙක් ............. මං යනව "
                රත්තරන් පාට හෑන්ඩ් බෑග් එක කරට දාගෙන කොන්‍ඩේන් පොඩි කෑල්ලක් ඉස්සරහට අරන් හිරුනි කාර් එක පැත්තට ඇදුන .අඩි තුන හතරක් ඉස්සරහට ගිහින් ආයෙත් හැරුන.
   " ඔව් ඒ බැදපු මිනිහෙක් තමයි " කාර් එ‍ක ගැන මගේ කුතුහලය ඉවර උනා.



ප.ලි - කරුනු මදිවීම හා අනුමැතිය නොලැබීම නිසා  ඒ ලෙවල් වලට ප්‍රොජෙක්ට් එක 'ලංකාවේ ගණිකා වෘතිය නීතිගත කළ යුතුද ?'  එකේ ඉදන් ' ශ්‍රි ලංකා පොලිසිය මහජන මීත්‍රශීලිද යන්න දක්වා වෙනස් විය .

ප.ප.ලි - සියලුම දෙනා එක සමාන නොවන බව සලකන්න . හිරුනි හා මහේශ් යනු කල්පිත නම් දෙකකි . කථාව 100% සත්‍යවේ . වගකියමි. 




 
 

Sample text

Sample Text

Sample Text