Social Icons

හොයමු බලමු

Sunday, February 19, 2017

අරගලය 01

                   
                                 රඛිත හිටියේ ඇත්තටම බඩගින්නේය . යාබද අසුනේ සිටි තරුණිය වරකාපොලදී දුන් බඩ ඉරිගු කරලේ භාගයත් හුන්නස්ගිරියේදී බඩට වැටුනු ප්ලේන්ටියත් අතහැරිය විට අන්තිමට කෑම වේලක් කෑවේ පාන්දර අම්පාරෙන් බස් එකට නගින්නට පැය දෙකකට පමන පෙර  නවෝදා හොටලයෙනි . ඒ නයිට් කඩයකි  .ඒ කෑවේද එලවලු කෑම එකකි. 

                               මොකද්දෝ හේතුවක් නිසා පැය දෙක් යනකල්ම කොළඹ බස් තිබුනේ නැත.රඛිත හිටියේ බස් නැවතුමේ සිමෙන්ති පුටුවකට වී පාර බලාගෙනය .අම්මාත් තාත්තාත් බස් පිලිඹද විමසමින් ඔබ මොබ ගියෝය . අයෙත් මේ අම්පාර බලන්න වෙන්නේ මාස ගනනකිනි. ඒ නිවාඩුවට ආ විට පමනි.

                                                         අම්පාරේ සිට කොළඹට පැය 12ක පමන කාලයක් ගතවේ . බඩ ගින්නට වඩා එපා වෙන්නේ පැය ගානක් කකුල් වකුටුකරගෙන එක තැන ඉඳගෙන හිඳිමය. බස් එකේ ආසන තිබුනේ අඩියකටත් වඩා අඩු පරතරයක් හිටින විදිහටය .ඒ සීට් ගාන වැඩි කර ගෙන කීයක් හෝ වැඩිපුර හොයාගන්නටය .ඉඳගෙන යන එකාට මොනවා වුනත් බස් හිමියාට කම් නැත.එක අතකට ඔහු සාධාරනය. කවුරුත් කාවවත් බලෙන් බස් එකට ඔබා ගන්නේ නැත. එත් ප්‍රමිතියක් තිබිය යුතු නැතිද . ගැටලු මේවාය . රඛිතට බස් එක් සීට් ගැනත් කෑම ගැනත් ගම ගැනත් හිතන්නට පැය දහයකට වඩා තිබිනි.

              වසර ගනනාවකින් පසු කොළඹ වෛද්‍ය පීඨයට ගමෙන් තේරුනු එකම තරුණයා රඛිතය. ඔහුට සිහි වූයේ උසස්පෙල ප්‍රථිඵල පැමිනි දිනයයි .

                           දන්නා කාලේ සිට අඳේට කුඹුරක් වැඩ කරන තාත්තාත් , මොන මොනවා හෝ කර කීයක් හරි හොයා ගන්නා අම්මාත් එදා ඇඬුවාය , ඒ සතුටටය . පවුලේ එකෙක් ගොඩ ගිය සතුටටය.ඌ පවුලම ගොඩ ගනී කියනා සතුටටය. සතියක් කන හාල් වලින් අම්මා නෑදෑයෝ හැමෝටම කිරිබතුත් කැවුමුත් හැදුවාය. එවා බෙදන්නට ගියේ නංගීත් මල්ලීත් ය.

අයියා හඩනවා මා දුටුවේ එදාමය තාත්තාගේ වේවැල් කෝටුපහරටත් අම්මාගේ ඇනුම් බැනුම් වලටත් ණය කාරයින්ගේ නින්දා වලටත් තෙත් නොවුන අයියාගේ ඇස් වලින් කඳුලක් උපන්නේ එදා විතරමය . ඔහු තමාට එතරම් සෙනහසක් දැක්වා ඇතැයි රඛිත වටහා ගත්තේ එදාය  . එදා තාත්තා කුඹුරට ගියෙත් උත්සවයකට පමනක් අඳන්නට වෙන් කර ඇති අලුත්ම සරමත් කමිසයත් ඇඳගෙනය. 

දොස්තර මහත්තයෙක්ගේ තාත්තා කෙනෙක් වැරහැලි ඇදගෙන යන එක දොස්තර මහත්තයාටත් අවනම්බුයි

එදා තාත්තා කිව්වේ එහෙමය. 

දන්නා කාලයේ සිට තාත්තා ජීවිතයේ විඳ ඇත්තේ දුක පමණකි. කුඹුරේ වැඩ වලින් පසු නා කියාගෙන දුම්වැටියක් ඉරීමෙන් හෝ මිතුරන් සමඟ මදුවිතින් සපතවූ විටක හැර වෙනත් විශේෂ සතුටක් තාත්තා ලබා නැත .කොටින්ම තාත්තා මෙසේ සතුටින් ඉන්නවා රඛිත කිසිදා දැක තිබුනේ නැත.

අම්මාට එහෙම අඳින්නට තරම් විශේෂ ඇඳුමක් තිබුනේ නැත .හොඳ ඇදුමකට කියා  තිබුනේ වසර පහකට පමන පෙර මිලට ගත් සාරියක් විතරමය .අනිත් ඒවා ගෙදරට අදින්න ගන්නා සාය හැට්ටය , සිරියා නැන්දාගේ මැශිමෙන් ඒවා මහගත්තේ අම්මාමය.

                      මේ තරම් දරිද්‍රතාවයක් ගැන කී විටදී කොළඹ ඒ /සී කාමර වල මහත්තුරු හිතන්නේ එහෙම ඒවා තිබුනේ ලලිතා විසින් ඉසාට ගොයම් මිටි බැඳ දෙන කාලේ කියාය .ඒත් කොළඹින් පිටතට යන විට එවන් ජීවිත ඹ්නෑ තරම්ය . කොස් කාලෙට වේල් දෙක තුනම කොස් විතරක් තම්බන පලාත් තිබේ . මුලදී නං ඒවා රසය , ඒ කාලෙකට පස්සේ ලැබෙන නිසාය . ඒත් සතිය දෙක යනකොට හැමදාම කෑවොත් අමුර්තේ වුනත් වහ වෙන්නා වගේ කොස් කියන්නේ කරුමයක් වෙයි.

         බස් එක දෙමටගොඩ පාලම හරියේය . කලින් වරක් දෙවරක් කොළඹ පැමින තිබුන නිසා දැං බහින්නට ලඟ බව රඛිත දනී . අතේ තිබුනේ පොත් මල්ල විතරය . ඇදුම් බෑගය ඩිකියේය .... තමා බසයට නැගුන පසු කොහෙන්දෝ පැමිනි රොත්තක් කොළඹ යන්නට තමන් අත වූ ගමන් මලු ඩිකියට දැමූ නිසා පිටකොටුවෙන් තමන්ගේ බෑග් එක ගන්නට සැලකිය යුතු පරිශමයක් දරන්නට සිදුවනු ඇත.

අනේ මගේ දුප්පත් ඇදුම් බෑග් එක වෙන කවුරුත් නං අරං යන්න එපා . රඛිතට හිතන්න තිබුනේ එච්චරමය .

අදින් ඇරඹෙන සරසවි ජීවිතයේ වසර ගනන කෙසේ ගෙවෙනු ඇතිද . මුදල් තිබුනේද මුල් මාසේ ජීවත් වන්නට විතරක්ය . ඒ දුන්නේද අම්මාගේ අරුංගලය උකසට තබාය . මෙතරම් ලොකු මහත් කරලත් ඒ මිනිස්සුන්ට තවත් නිවනක් නැති හැටි . රඛිතට සුසුම් හෙලුනේ නිතතිනි. දිගටම අම්මාගෙන් මුදල් බලාපොරොත්තු විය නොහැක . ගතමනාව හොයා ගන්නට කුලී වැඩක් හෝ කල යුතුය .

සීනියර්ස් ලා මොන වගේ උන්ද කියා දන්නේ නැත.රැග් එක දරුනුවටම තියෙයිද යන්න ඔහු  නොසන්සුන් කලේය. රඛිත අහින්සකය , සුජීව ප්‍රසන්නාරච්චිගේ නවකථාවල කොල්ලා තරම්ම නැතත් ලොකු ඔලුවෙන් නැත .

කොළඹ නං රැග් නෑලු 

තේරුනු විශ්ව විද්‍යාලය පිලිඹද සටහන් ලියුම පැමිණි දින දිලිනි කීවේ එහෙමය . දිලිනි හිටියේ රඛිතගේ අල්ලපු ගෙදරය ,තමන්ට වඩා අවුරුද්දක් බාලය .කලා අංශයෙන් මෙවර උ පෙල ලියා ප්‍රතිථල බලා පොරොත්තුවෙන් සිටී. එහෙව් එකී කොළඹ මෙඩිකලේ ගැන දන්නේ කෙහොමද ඕවා ගැන කථා කරන්නට ගියොත් වෙන්නේ තමන් ලොකු කම කියා ගමේ උන්ගෙන් අසාගන්නටය .

කොළඹ එන්නට කලිං දවසේ රෑ රඛිත ගමේ හැම ගෙරදකටම ගියේ තමන් හෙට ගමෙන් කොළඹ යන බව කියන්නටය . ගමේ සිරිත එහෙමය . නෑදෑයෝ හැම එකාම ඔලුව අත ගා ආශිර්වාද කල නමුත්  ලොකු හැඟිමක් තිබුනේ නැත . දෙතුනදෙනෙකු නං ඔලුව අත ගෑවේ මූන පුලුටු කරගෙනෙය .

අන්දිරිස් මාමා තමන් උසස් පෙලට ජීව විද්‍යාව කරනවාට අකමැති වූවෙකි .

 ඕවා කරලා ගොඩ යන්න අමාරුයි කොලුවෝ .. පලාතේ හැටියට ලේසි එකක් කරපං . ඔහු කිව්වේ එහෙමය .

රඛිත හිතුවේ ඒඉරිසියාවට කියාය. එත් තමන් සමග උ පෙල කල බාගෙයක්ම පේල් වූ හැටිත් තමන් විතරක්ම විස්සවිද්‍යාලයට තේරුන හැටිත් නිසා අන්දිරිස් මාමාගේ කථාවේ ඇත්තක් ඇතැයි සිතුනේ විභාගයට පස්සේ දවසේය .

කොළඹ යන බව කියන්නට ගොස් වදින වෙලාවේ මේක තියාගනිං වියදමට කියා රුපියල් අට දාහක්  දුන්නේත් රඛිත කලින් හිතූ ඒ ඉරිසියාකාරයාය.. ගමෙන්ම ලැබුනේ ඒ මුදල විතරමය ලොකු මුලක් නොවුනත්  වැලි ගොඩ දැමිමෙන් එදා වේල හොයා ගන්නා අන්දිරිස් මාමා කලේ හර්කියුලිස් දිව්‍ය ලෝකේ යන්න කරපු වැඩ වලින් එකක් වැනි වැඩකි. රඛිත එදා එතනින් ආවේ ඇස් වල කඳුලු පුරවාගෙනය . අම්මාත් එදා අන්දිරිස් මාමාට වැන්දාය .ඒ පුතාට උදව් කලේ ඔහු විතරක් නිසාය .

කොළඹ පිටකොටුව හැමදාමත් කළබලය . එදා සෙනසුරාදා කියා වෙනසක් නැත වාහන වත් මිනිසුන්වත් අඩුවක් නැත. රඛිත කොළඹ දන්නේ ටිකකි . පිටකොටුවේ සිට විශ්වවිද්‍යාලයට පාර නම් දන්නේම නැත. උදේ බස් පරක්කුව නිසා දැනටමත් තමන් පැය ගානක් ප්‍රමාද බව රඛිත දනී . දැන් කරන්නට දෙයක් නැත එන දේකට මුහුන දෙන්නට සිදුවනු ඇත. ලියාපදිංචිය සිදු කරන්නේ හෙට නිසා බයක් නැති නමුත් ප්‍රමාදය නිසා  අද නවතින්නට හොස්ටල් නැති විය හැක . එහෙම වුනොත් ඉන්නේ කොහේද .

 අම්පාරට තද අව්ව හුරුය ඒත්කොළඹට වැටෙන අව්ව ඇඟට අමාරුය . බසයෙන් බැස තවම වැඩි වෙලාවක් නැතත් රඛිතගේ අත් නැවූ කමිසයට යටින් ඇඳි බැනියම දාඩියෙන් තෙමී ඇත්තේ ඒ නිසා වන්නට ඇත.
බැලු බැලු අත තොරොම්බල් කඩය , නැත්නම් ඒවා පලතුරු කඩය .ඒත් නැත්නම් බනිස් රෝල්ස් ආදිය පිරවූ කඩ කාමරවේ .

බසයේ ඩිකියෙන් තම බෑගය බේරා ගැනීමට බලාපොරොත්තු වුනා වාගේම සැලකිය යුතු වෙලාවක් ගතවිය . එතන සමුපාකාරය වාගෙය . බෑග් දැමූ අය ඒවා ගන්නේ පොරකාගෙන අනිත් උන් පෙරලාගෙනය . ඇඳුම් බෑගය අතිනුත් පොත් බෑගය කරේත් එලාගත් රඛිත බස් නැවතුමින් මිදී බොගහ යටට ආවේය . හෙවනක් ඇත්තේ එතන විතරය .
          
                          කැම්පස් එකට පාර අහගන්නේ කාගෙන්ද ......... මොනවා කරන්නත් කලියෙං බඩට මොනවා හෝ දමා ගත යුතුය. ඇත්තේ ඉවසාගත නොහැකි බඩගින්නකි . හවස් වී ඇති නිසා රඛිතට දැනුනේ බත් කන්නට බැරි ගතියකි. එනිසා ලඟම තිබූ හෝටලයෙන් ඔහු කෑවේ රෝල්ස් දෙකක් හා බනිස් එකකි . බඩට දැනුනේ ලාවට වුනත් වැඩිය වියදම් කරන්නට නොසිතේ . 

දකින දකින අත ඕනෑ තරම් මිනිසුන්ය ඒත් ඒ කාගෙන්වත් පාර අහන්නට රඛිතට හිතුනේ නැත .

මං මෝඩයෙක් වගේ පෙනේවි ඔහුට දැනුනේ එහෙමය.

ඇය මුන ගැසුනේ පාර අසන්නට එන ගමනේ ගුනසේන පොත් මැදුර ලඟදීය . පිස්සෙකු සේ මලු දෙකකුත් මාස ගනනික් නොකැපූ අවුල් වී ගිය හිස කෙසිනුත් යුතුව සිටි රඛිත ගල් ගැසුනේ ඒ රුව හමුවේය........................

අරගලය 02 බලාපොරොත්තු වන්න

1 comment:

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

වෙලාව කියන්නේ අපි හැමෝටම හුගක් වැදගත් දෙයක් , ඒනිසා කොමෙන්ට් නොකලා කියලා මගේ කිසිම තරහක් නෑ !

 

Sample text

Sample Text

Sample Text