Social Icons

හොයමු බලමු

Monday, July 24, 2017

හුරතලියක් නොහොත් දඩ බූට් එකක් 01


අමතක කරන්න ඔනේ ඒත් අමතක වෙන්නේ නැති විදිහේ දවස් තියෙන්නේ බොහෙම ටිකයි , ඒ වගේම බොහොම ටික දෙනෙකුට විතරයි .මේකත් ඒ වගේඇත්ත සිද්ධියක් ......

*****************************************************

                                      එදා සැප්තැම්බර් හය වෙනිදා ,කොළඹ ළමා රෝහල ඉස්සරහම තියෙන හුඟාක් ප්‍රසිද්ද ආයතනයක එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක පටන් ගන්න පලවෙනි දවස.කොළඹ ජීවිතේ ගෙවන කෙල්ලෝ කොල්ලෝ හුඟ දෙනෙක් උසස්පෙල විභාගේ ඉවරඋන ගමන් කරන පලවෙනි කෝස් එක තමයි ඔය කිව්ව ආයතනේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක . 2011 ඒ ලෙවල් කරපු මට ඔය කෝස් එක කරන්න 2012 සැප්තැම්බර් වෙනකං ඉන්න උනේ  කෝස් එකට යන වියදම එකපාර ගෙදරින් ඉල්ලන්න බැරි නිසා .

                                                    මම  බ්ලොග් එකක් ලිව්වට , අතමිට සරු චරිතයක් නෙවෙයි . අපේ පවුල බොහොම අමාරුවෙන් දුක්මහන්සි වෙලා කොටින්ම කිව්වොත් බලුදුක් විඳලා තමයි අද මේ ඉන්න තත්වෙටවත් ඇවිත් තියෙන්නේ . ඒ තත්වෙට අපිව  ගේන්න  නොවිඳිනා දුක් විඳපු අම්මටයි තාත්තටයි මේ ආත්මේදි නම් වන්දි ගෙවලා ඉවර කරන්න බැරිවෙයි . කොළඹට එද්දි  මගේ වයස අවුරුදු පහක්වත් නැති උනාට මට හොඳට මතකයි ඒ එද්දි අරන් අවේ මැටි වළං දෙකකුයි , දර ලිපකුයි , නිදියන්න මෙට්ටෙකුයි විතරයි. එහෙම ආපු අපි අද ඉන්න තත්වේ ගැන මං සීයට දෙතුන්සීයක් සන්තෝස වෙනවා .

                                            උදෙන්ම නාගෙන අළුතෙන්ම ගත්තු කොළපාට ටී ශර්ට් එක ඇඳගෙන නිල්පාට ඩෙනිමට නිල්පාට බාටා කුට්ටමත් ගලපගෙන ඉස්කෝලෙ යද්දි පාවිච්චි කරපු බෑග් එකත් එල්ලගෙන එලියට බැස්සේ පොතකුයි පෑනකුයි ‍යන ගමන් ගොඩගේ එක ගාවින් බැහැලා ගන්නවා කියලා හිතාගෙන . 
                            
                 බස්එකට නැග්ගා විතරයි ඒ  මට ආයෙමත් පාරක් ඒ හැඟීම දැනෙන්න ගත්තා . ඒ හැඟීම එන්නේ එක කාලෙකට විතරයි , ඒවගේම උහුලං ඉන්නත් අමාරුයි .

                                  ඔවු !!!!! මගේ යටිබඩ රිදෙනවා ......... කොහොම උනත් මේ වගේ අළුතෙන්ම තැනකට තනියෙන් යද් ඒ විදිහට බඩ රිදෙන එක මට කොහොමත් සිද්දවෙන දෙයක්  . ඒත් මේ තරම් තදට ඒ අමාරුව සෙට් උනේ සෑහෙන කාලෙකට පස්සේ . ආමර්වීදියෙන් බැහැලා ආයේ ගෙදර එන්න තරමට අමාරුව වැඩි උනාට මොකද බස් එක යද්දි වැදුන හුලං පාරත් එක්ක ආමර්වීදිය පහුවෙද්දි ඇඟට අමුතු සනීපයක් දැනුනා . 
නොනාවාට්ටුව ගාවින් බැහැලා පාර එහාපැත්තේ රෑස්ස ගස් අස්සෙන් පේන ඉංග්‍රීසි තක්සලාව දිහා ටිකක් වෙලා බලාගෙන හිටියේ  දන්න කියන එකෙක්වත් පෙනෙයිද කියලා බලන්න .... මොන !!! එකෙක් නෑ බෙහෙතකට. 
                                තවත් බලාගෙන ඉඳලා තේරුමක් නැති නිසා පාර පැනලා ඒ පැත්තට හෙමීන්සීරුවේ ඇදිලා ගියා . වෙලාව හරියටම අටයි , අළුතෙන් එන ළමයි හැමෝම වගේ තමන්ට අදාල පන්තිය හොයාගන්න එහෙට මෙහෙට කැරකෙන නිසා ඇතුලේ තිබුනේ හෙනම ගාලගෝට්ටියක්. ගේට්ටවෙන් ඇතුලට අඩිය තියද්දි දැනුනේ අමුතුම ලෝකෙට ඇතුල්වෙනවා වගේ හැඟීමක් . 

                               අම්මට සිරි .......ලාවට ඔළුවට ගහ ගන්න හිතුවට ඒ පාර සෑහෙන හයියෙන් ඔළුවට වැදුනා  . කෝ යකෝ ...... පොත් පෑන් !!!! චටාටාටාටා......ස් ගාලා නලල මැද්දට වැදුන පාරේ සද්දෙ නිසා පන්ති හොය හොය ගියපු ගොඩක් උන් පන්ති හෙවිල්ල පැත්තකින් තියලා ගේට්ටුව දිහා බැලුවේ අඟහරු ලෝකෙ ඉඳන් ආපු කොල පාට කුරුමිට්ටෙක් දිහා බලන ගානට . හිස් බෑග් එකක් එල්ලගෙන පන්තියට යන්නේ කොහොමද .ශේප් එකේ අයිනකට ගිහින් බෑග් එක ඇරියා . දෙයියෝ බුදු වෙන්න එනේ  අවුරුද්දකට විතර කලින් දාපු  A4 කොල තුනක් බෑග්එක ඇතුලේ !  සයිඩ් පොකට් එකක පැන්සලකුත් තියෙනවා . ඉතින් පුතේ තව මොනවද ඕනේ. සිලෙක්ශන් එග්සෑම් එකට එද්දි පැය භාගයක් පරක්කු වීමේ ප්‍රතිථලයක් විදිහට මාව සෙට් වෙලා තිබුනේ ඉන්ටර්මීඩියට් පන්තියකට , හරියටම කිව්වොත් ඉන්ටර් සී  ක්ලාස් එකට .....
                          කොහොමත් අළුතෙන් මොකකට හරි යද්දි කලින් දවසේ රෑ ඉඳන් ගමන පටන් ගත්තත් තැනට එද්දි විනාඩි දහයක් විතර පරක්කු වීම කියන්නේ ජම්මෙන් එන ගතියක්ද කොහෙද ! එදත් පරක්කුයි . අනිත් උන් ඇතුලේ ඉඳගෙන ටීචර්ගේ කඩ්ඩ දේශනාවට සවන් දෙනවා . 
                         " එක්ස්කියුස් මී ටීවර් "  අන්න ඒ විදිහට හොඳ සාර්ථක හඞ පාලනයකුත් එක්ක පන්තියේ දොර ගාව ඉඳන් ඇතුලේ හිටපු මිස්ට කථා කලා . මිස් කිව්වට එයා දැන් අවුරුදු විසි පහක විතර මිස් කෙනෙක්ගෙ අම්මා කෙනෙක් වෙන්න ඇති .

පහුගිය කාලේ ජපානේ න්‍යශ්ඨික බාලාගර විකිරන කාන්දුවට අහුවෙලා ජාන විකෘත්ති වෙච්ච සතෙක් තමන්ගේ පන්තියේ දොරකඩ ඉන්නවා වගේ බැල්මකින් තමයි ටීචරේ මගේ දිහාට හැරුනේ .

මගේ පිටිපස්සෙන් කවුදෝ එකෙක් ඉන්නවා වගේ ඇතිවුන ෆිලිං එකක් නිසා හෙමීට ආපස්ස හැරිලා බැලුවා . සුප්පා සුපිරි , මං වගේම තවත් එකෙක් ........... කොහෙ ගියත් ඉතිං දෙය්යනේ කියලා මට තනියෙන් නං කට්ටක් කන්න වෙන්නේ නෑ .
දැං ඉතිං තනියෙං නෙවෙයිනේ වෙන දෙයක් දෙන්නටමනේ .........

"ඕහ්  ලේට් කමර්ස් ........." පන්තිය ඇත්ලෙ හිටපු මිස් මගෙ දිහා බලලා කිව්වෙ අමුතු විදිහට කට හදාගෙන .

අනේ නෑ ටීච ලේට් කමර්ස් නෙවෙයි  මං  දිනෙල්ක කියලා  ඒ විදිහටම කට හදලා  කියන්න හිතුනත් ඔන්න ඔහේ පලවෙනි දවසේ ලෙඩ දාගන්න ඕනේ නෑනේ කියලා දත් තිස් දෙකම පේන්න විරිත්තගෙන බලාගෙන හිටියා .

                                      පනුවො කාපු දත් නැතත් විකටයෙක් වගේ හිනාවෙලා ඉන්න කට දිහා බලාගෙන ඉන්න අප්පිරියා හිතුන නිසා වෙන්න ඇති . අපි දෙන්නට පන්තිය ඇතුලට ඇවිල්ලා ඉඳගන්න චාන්ස් එක වැදුනා .  

බිම බලාගෙන පන්තිය ඇතුලට ගියපු අපි ඔළුව උස්සලා බලලා ඉඳගන්න තැනක් හොයනකොට තමයි තේරුනේ පරක්කු වෙලා ආපු අපි දෙන්නගෙන් එකෙකුටවත් ඉඳඟන්න පුටු නෑ කියලා . 
ඒ වෙලාවෙ තමයි ඉතිං මට කෝස් කෝඩිනේටර් ගේ පවුලේ ඈයෝ සිහිවුනේ . 

අපි දෙන්නට පන්තිය ඇතුලට එන්න කියලා බෝඩ් එක පැත්තට හැරිලා මොනවදෝ අකුරු වගයක් ඒකේ කුරුටු ගගා හිටපු ආච්චි අම්මා ...... සොරි සොරි වැරදුනා !!!! මං කියන්න ගියේ මේහ් අපේ ටීචර් ආයෙම පන්තිය පැත්තට හැරිල මොනවදෝ කියන්න හැදුවා විතරයි ආයෙමත් දැක්කේ පන්තිය මැද්දේ මොක්කුදෝ දෙන්නෙක් වගේ හිටගෙන හිටපු අපි ,,,,ලේට් කමර්ස්ල් ලාව තමයි ඉතිං ......
ටීචර්ගේ මූඩු ආයෙම අවුල් ගියා , 

" හයියෝ ...... මේ පරක්කු වෙලා ඇවිත් මොන කරදරයක්ද ... යන්ඩ යන්ඩ අර මේන් හෝල් එකෙන් පුටු දෙකක් අරන් ඇවිත් ඉඳගන්න .... පලවෙනි දවසෙම මෙහෙම නං අනේ මන්දා කොහොම ඉඳීද කියලා ...." 

 අළුතින්ම සිංහලට පුරුදු වුන සුද්දියක් වගේ අමුතු විදිහට වචන ගලපලා කියා ගන්න අපේ ටීචර්ට පුලුවන් වුනා.
අයෙම පාරක් බිම බලාගෙනම පන්තියෙන් එලියට යන ගමන් මං කල්පනා කලේ දැං මගේ ගාව පොතක් නෑ කියලා දැනගත්තාම අපේ ටීචර් කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක .
පරක්කු වුන කපල් එක විදිහට අපි එලියට ගියා 

"මොකද්ද බං නම " එලියට ගියපු ගමන් මගේ පස්සෙන් පෝලිං වෙලා හිටපු ඩයල් එක කථාව පටන් ගත්තා .

"දිනෙල්ක බං .. උඹ "
"රසික "

"පරක්කු වුනා නේහ්  මං ඇහුවා "

"ඔවු බං ටිකක් පරක්කු වුනා . මං එනකොට කඩේ පටන් අරං බං පොඩ්ඩක් එලියට වෙලා හිටියා බං තව මං වගේ එකෙක් එයිද කියලා බලන්න , හිටියාම තමයි උඹ කඩාගෙන බිඳගෙන ඒක ඇතුලට පනින්න යනවා දැක්කේ . මාත් ඉතිං පස්සෙං  සෙට් වුනා ."

"යකෝ උඹ අදහන්න වටිනවානේ ..... ඒක නෙවෙයිනේ කොහෙන්ද බං පුටු ගන්නේ ."

"හොයමු හොයමු බං ...... පැයකින් විතර යමං ඔය කොහෙන් හරි පුටු දෙකකුත් උස්සං ."
                                
                     අන්න කොලේලෝ කොහෙ ගියත් අපේ වගේම උං තමයි අපිට සෙට් වෙන්නේ . ඉගෙන ගන්නවා මයි කියලා ගියත් මොකද්දෝ පිනක් හිටු කියලා පල දෙනවා .

පන්තියේ ඉඳන් මේන හෝල් එකට පට්ට දුරයි . මිලි මීටර් වලින් මැන්නොත් දහස් ගානක් . හරි හරි ඉතිං මීටර් වලින් නං ටිකටි තමයි  ඒක අදාල නෑනේ ....

මේන හෝල් එකේ  පන්තියට මූණ දාලා තියෙන දොර වහලා . දාර ඉබ්බෙකුත් දාලා කියාංකෝ . කෝකටත් දෙන්නත් එක්ක ගිහිල්ලා ඉබ්බට කුචි කවලා එහෙම බැලුව දොර ඇර ගන්න චාන්ස් එකක් තියෙනවාද කියලා . මොන .......... කට වැහුවා වගේ .මේච්චර තඩි ඉබ්බෙක් දාලා රකින්න තරං දෙයියනේ මේක ඇතුලේද දන්නේ නෑ අපි මේකට ගෙවන සල්ලි දාලා තියෙන්නේ.

"ඔය වහලා තියෙන දොර දිහා බලාගෙන ඉන්නේ නැතුව මේන් එන්ට්‍රන්ස් එකෙන් ගිහිල්ලා පුටු දෙකක් ගේනවලාාාා......"

හත් ඉලව්වයි අපි දෙන්නා ඉබ්බත් එක්ක ගත්තු ආතල් එක ටීචර් දැකලා වගේ ....
පන්තිය දිහා නිකමටවත් හැරිලා බලන්නේ නැතුව හෙමින් හැරේ හෝල් එකේ ඉස්සරහා දෙර ගාවට ඇදෙන්න ගත්තා .

"යකෝ බලහංකෝ බං අපි මේ දොර ඇරලා ඉක්මනට ලඟින් පුටු ගන්න බැලුවාම අරයට ඩෝං ගිහිල්ලා තියෙන තරං .."

"උඹ දන්නවද ටීචර්ට වයස තිස් ගානක්ලු තාම ..."

"පිස්සුද යකෝ .... ඒ ගෑණි ඉන්නේ  මැරිලා යන වයසකනේ ...කවද හරි කළු ලෑල්ල බදාගෙනම මැරිලා යයි "

"ටීචර්ට ගෑනි කියන්න එපා යකෝ .....ඔය වයසක පෙනුම ඇවිල්ලා තියෙන්නේ මල පැනලා කෑගහලමලු ."

"ආහ් ........ හා ........ "

  කථාවෙන් කථාවෙන් හෝල්  එකේ මේන් එන්ට්‍රන්ස් එක ලඟට ආපු අපේ පාර හෙන කෙට්ටු බුවෙක්  අහුරගෙන . හෙන දැකලා පුරුදු මූනක් . ඒත් හරියට මීටර් වෙන්නේ නෑ ......

"කවුද බං මේ ඉන්නේ කැල්කියුලස් වගේ ." රසිකයා මගේ කනට කරලා ඇහුවාම තමයි මටත් මීටර් වුනේ කවුද පොර කියලා . මේ කැල්කියුලස් නේ .මේ ... කැලා ගේ ලයිව් වර්ශන් එකනේ .

"හූ ආ යූ පීපල් ඇන්ඩ් ව්ට් ආ යූ ඩුයිං හියර් ......... "අම්මා ගහයි .  බඩු බනිස්  වෙන්න යන්නේ .....

"අංකල් මේ මේ මේ .........."

"අංකල් ????? යු ෆුල් ...... මොකද්ද තමුසෙලාගේ ක්ලාස් එක .... 
මොනවද මේ වෙලාවෙ පන්තියෙන් එලියේ කරන්නේ ."

අපි දෙන්නා ගල් ගිලලා .... කවුද යකෝ මේ පාත්වෙච්ච හෙන හුරා .....
"අපි මේ පුටු දෙකක් ගන්න කියලා පන්තියේ ඉදගන්න ඉඩ නෑ ......සෑර්" 
කෝකටත්  කියලා සෑර් කෑල්ල දැම්මා. 

"ඒකනේ කියන්නේ තමුන් පලවෙනි දවසෙම පන්තියට පරක්කුයි . මං කවුද කියලා දන්නෙත් නෑ . දැන ගන්නවලා මං තමයි මේකෙ රෙජිස්ටාර් ..."

"කවුරු ....... " 
                       එහෙම අහන්න හිතුවෙ නැතත් මගේ කටින් පිටවුනා කියාංකෝ .
පොරගේ කළු මූණ රතු වුනේ හිතාගන්නත් බැරි වේගෙකින්.කළු එකෙක් රතු වෙනවා දැක්කේ මේ පලවෙනි වතාවට .ෆුල් මාවලස් .............දැං ඉතිං කණ් දෙකට මී පැනි වක්කරා වගේ කථා ටිකක් කඩ්ඩෙන්ම අහගන්න පුලුවං . අවුලක් නෑ තේරෙන්නේ නෑනේ . 

"රෙජිස්ටාර් කියන්නේ ෆාදර්ට පස්සේ මේකෙ ඉන්න ප්‍රධානියා බං ." රසිකයා අයෙම කණට කෙදිරුවා .

හුටා .... යකෝ පින්සිපල් ලා ,වයිස් පිනාලා , නායක හාමුදුරුවො අහලා තිබුනට කවුද දෙයි හාන්දුරුවනේ රෙජිස්ටාර් කියලා එකක් අහලා තියෙන්නේ . අපි දන්නේ විවාහ මරන රෙජිස්ටාර්ලා විතරනේ . මං හිතුවෙ කැල්කියුලස් කාරයත් එහෙමයි කියලා . බලනකොට මූනේ මේකේ පිනා .

"සර් පරක්කු වෙන් හොඳ නෑනේ ........ අපි ඉක්මන්ට යන්නං නේද ......"
එහෙම කියලා පොරට මොනවත් හිතාගන්න ඉඩතියන්නේ නැතුවම මං ටිං ගාලා හෝල් එක ඇතුලට මාරු . 


( හුරතලියක් නොහොත් දඩ බූට් එකක්  02 ........... ටික දවසකින්)
               

4 comments:

  1. එළ කතාව...ඉක්මනට ඉතුරු ටිකත් දාමු බං

    ReplyDelete
  2. හෙහ් හෙහ්. මරු ආරම්භය. ඇක්වයිනාස් නේහ්?

    ReplyDelete
  3. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    පොඩි ස්පෑම් පාරක්

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

වෙලාව කියන්නේ අපි හැමෝටම හුගක් වැදගත් දෙයක් , ඒනිසා කොමෙන්ට් නොකලා කියලා මගේ කිසිම තරහක් නෑ !

 

Sample text

Sample Text

Sample Text