Social Icons

හොයමු බලමු

Friday, July 21, 2017

ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 02


***************************************************
මේකට කලින් පලවෙනි කොටස කියවන්න බැරි වුන කට්ටිය ගිහිල්ලා එන්නකෝ .....

ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 01


***************************************************
ෆිල්ම් එකේ හැටියට නං මහ එකා වැටුනට පස්සේ පොඩි පොඩි හෙන්චයියෝ සේරම වීරයා  දිහා බලලා හුරේ රන් එක දෙන්න ඕනේ . ඒ වුනාට ඇත්ත ලෝකේ සෙල්ලම යන්නේ ඒ විදිහට නෙවෙයි කියන එක අද්දැකීමෙන්ම දන්න නිසාම . මහ එකා වැටීමේ ශොක් එක අනිත් උන්ගෙන් මග ඇරෙන්න කලින් මම නංගිගෙ අතකිනුත් අල්ලගෙන ගුඩ්ශෙඩ් එක පැත්තට දුවන්න තියා ගත්තා .

දෙන්නගෙම වෙලාවට වෙන්න ඇති ලාවට වැටි වැටී තිබුන පොද වැස්ස අපි දෙන්නව ගිලින්න පටන් ගත්තේ මාර සේනාවෙන් බේරිලා අපි දෙන්නම ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුන ගම්පොලට යන බස් එකට නැග ගත්තට පස්සෙ .

පිටිපස්සෙම සීට් එකේ දකුනු පැත්තෙ කොනේම ඉඳ ගත්තු අපි දෙන්නා ඉස්සරහ සීට් එකේ හැඩල්  කෑල්ලට ඔළුව තියාගෙන තරගෙට හති අරින් පටන් ගතතා . 

මලක් වගේ පැද්දි පැද්දි හරි ලස්සනට හිටපු චූටි නංගි හිතේ බය හින්දම මූන දෙක කරගෙන අඩන්න වගේ . දුවපු දිවිල්ලට කූඩේ තිබුන නන දෙකක් ගැලවිලා ගිහිල්ලා අයේ කවම දාවත් ඉහලන්න බැරි විදිහේ හැඩේකට ඇඹරිලා ගිහිල්ලා තිබුනා. 
කකුල් දෙක හැඩ කරලා තිබුන ලස්සන රෝස පාට සෙරෙප්පු දෙකේ දාර වලට කකුල් කැපිලා නිල් පාට වෙලා මඩ වලින් වැහිලා .

මොන අයියද කැමති තමන්ගෙ නංගිව ඒ විදිහට දකින්න .තෝ නිදාගෙන හිටපු කොටියෙක්ට වතුර තුවක්කුවකින් වෙඩි තිබ්බා කියලා හිතාගනිං සචින්ත...........

ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා . කොටියා නෙවෙයි මොකා වුනත් වැඩක් තියෙනවද කුලු මී හරක් රන්චුවකට මැදි වුනාම . මට නුවර නැති ඒත් ඌට තියෙන එකම දේ තමයි පිරිස් බලය ....... කොහොමද ආයේ යන්න කලින් මුගේ අන්ඩක් දෙකක් කඩන්නේ.......

"අනේ චූටි අයියේ !!!! මං අයේ නුවර ක්ලාස් එන්නෙ නෑ  "අචින් නංගේ කැඩිලා ගියපු කට හඩත් එකක් ලාවට මතුවෙලා ආපු ඉකියක් මගේ සිතුවිලි දාමය කඩලා බිඳලා දැම්මා.
දෙයියනේ !!!! කොහොමද මං මේක හරි ගස්සන්නේ ?

" මං මොනව හරි කරන්නං ඉන්නවකෝ පන්ඩිතයා වෙන්නෙ නැතුව . ඔයා නෙවෙයි ඌ තමයි ආයේ නුවර ක්ලාස් එන්නෙ නැතුව ඉන්නෙ "
මං එහෙම කිව්වෙ කඳුලු තීරු දෙකක් ගලාගෙන යන ඒ සුදු මූණට වැටිලා තිබුන අවුල් වෙලා ගියපු කෙස් රොදක් අතින් අරගෙන හදන ගමන් කෙල්ලගෙ හිතේ තිබුන බය අඩු වෙන්නත් එක්ක ඔළුව තියාගන්න උරහිස දෙන ගමන් . ( ප්‍රේම ජවනිකාවක් වගේ කියලා හිතුනට ඒ මගේ නංගි ඇ ) 

" අනේ !!! ඔයා දන්නෙ නෑ අයියේ !!! ඕනෙ නැති ඒවට එකතු වෙන්න එපා තේරුනාද !! මීට පස්සෙ මං නුවර ක්ලාස් නෑ ඔයත් රන්ඩු නෑ ......"

"බලමුකෝ........"

" බලමු නෙවෙයි ..... ඔයාට මොනව හරි උනොත් අනේ කාට කියන්නද !! ඉන්නෙත් එක අයියයි ."

                                         එතනනි එහාට කියන්න දෙයක් වත් කථා කරන්න දෙයක් වත් මට හිතාගන්න අමාරු වුනා . කේන්තිය නිසා මිනිස්සු පිස්සු වැටෙනවා කියන එක අහලා තිබුනට මං හිතුවෙ නෑ කවදාවත්ම මට ඒ දේ අද්දකින්න ලැබෙයි කියල.ඒත් මොනව කරන්නද අම්මපා වැරදිලාවත් මේක අපේ බල ප්‍රදේශේ වුනානං අද හවස් වෙන්න කලින් ඕකාගෙ අත පය හතර කඩලා මං හිරේ ගිහිල්ලා . ඒ අතින් බලපුවාම මේක එහෙම අපේ පැත්තෙ නොවුන එකත් හොඳට ගියා කියලා තේරුනේ කාලෙකට පස්සෙ මේ සිද්දිය මේ විදිහට බ්ලොගේ එකේ ලියනකොට . 

කොහොමෙන් කොහෙම හරි කිසිම කථා බහක් නැතුව අපි දෙන්න ගම්පොල වෙනකල්ම ආවා . මෙතනින් එහාට බාප්පගෙ වන්ඩිය තියෙන නිසා බස් එනකල් බොරුවට රස්තියාදු වෙන්න ඕනේ නෑ .
" චූටි අයියේ ...." නංගියා මගේ අත් දෙක අල්ලගෙන මූනට එබුනේ බස් එකෙන් බහින්න සීට් එකෙන් නැගිටින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි .

" හ්ම් ....... " තවම තරහ නිවිලා නෑ 

" අහන්නකෝ සුදු අයියේ ............ අනේ තාත්තට නං මේ කිසි දෙයක් කියන්න එපා . මං අම්මට හෙමීට කථාව කියලා ලබන සතියෙ ඉදලා නුවර ක්ලාස් නොයා ඉන්නං ."

" එතකොට දැං මේ කොහෙවත් යන මූසලයෙක් නිසා තමුසේ ක්ලාස් නවත්තනවා ද ??? එහෙනං ඉතිං මහා මායා එකත් ගම්පොලට ගේනවා . නැත්තං ඉතිං ඉස්කෝලෙ යන්න නුවර යන්න වෙනවනේ "

"ඇයි මට බනින්නෙ ........... "කෙල්ලගෙ ඇස් වලට කඳුලු පිරුනේ බලාගෙන ඉන්නකොට . "එයාලා හරි නරකයි අයියේ ...... තාත්තට කිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා . "

"බනින්නෙ නෑ චූටි !!! ඉන්නකෝ මං වැඩේ ඉවර කරලා දාන්නං මොනව හරි කරලා .......... . "
නංගි කියපු කථාවෙත් ඇත්තක් තියෙනවා . බාප්පා හිටපු හමුදාවේ කැප්ටන් කෙනෙක් . මිනිහා මේක දැන ගත්තොත් අරූට විතරක් නෙවෙයි උන්ගෙ ගෙවල් වල උන්ටත් රට දාලා යන්න වෙනවා . හතුරෙක්ට වුනත් එහෙම දෙයක් කරන්න මොන තරං දරුණූ වුනත් මගේ හිත ඉඩ දෙන්නෙ නෑ .

වෙනදා ගම්පොල ඉදලා ගමට යනකල් ලස්සනට පේන පාර දෙපැත්ත බලලා විදින්න තරම් හිතක් අද නෑ !!! කිසිම දෙයක ලස්සනක් පේන්නෙ නැතිවෙන තරමට හිත අන්ද වෙලා ගිහිල්ලා එක අරමුනකට විතරක් ෆෝකස් වෙලා . ඒ කොහොම හරි සචින්තට කෙලවලා දාන එක .

" චූටි අයියේ ........... ෆෝන් එක රිං වෙනවා නේද ? බාප්පාගේ වෑන් එකේ පිටි පස්සෙ සීට් එකට වෙලා මගේ ඇඟට හේත්තුව දාගෙන හිටපු නංගි මගෙන් ඇහුවේ කකුලකුත් ලාවට කොනිත්තන ගමන් "තරහෙන් නේද ඉන්නේ !!!! ඔයා මාරයි ආ ............ දහයක් විතර හිටියා ඔයා තනියෙන් ... මං හින්දා නේද ... අන්තිමට දීපු පාරට අරයට මොනව හරි වුනාද දන්නෙ නෑ ..."

කීයලා වැඩක් නෑ . මං නේ දන්නෙ උන් සෙට් එක වට වුන වෙලාවෙ කකුල් මැඩලින ගහපු විදිහ . අන්තිමට පණ බේරගන්න කොඩි කනුවක් හතර වටේ වනපු එක . මේකිගෙ හිතේ මං පොඩ්ඩක් වත් බය නෑ කියලා .
ඒ නිසාම වෙන්න ඇති මූණේ මතුවුන කුප්ප හිනාව ලාවට එලියට දාන ගමන් කෝල් එක ආන්සර් කලේ නම්බර් එක බලන්නෙත් නැතුව .

" අඩෝව්............ " අනිත් පැත්තෙන් ඇහුනේ ගස් ගල් පෙරලගෙන පස්සෙන් පන්නගෙන එන ගොපලු යකෙක්ගෙ කට හඩ.

 කවුද බං ......"  එලෝ මෙලෝ නැතුව කල්පනා ලෝකෙක ගිලලා ඉඳලා පිස්සුවෙන් වලේ මොකෙක්ද හරකෙක් කන අස්සෙ ඉදං තප්පුලනකොට කොහොමද හත් ඉලව්වෙ වෙන විදිහක ප්‍රතිචාරයක් දක්වන්නෙ.

"ආහ් ........... ඒ කියන්නෙ දැං උඹලට අපිව මතක නෑනේහ් ?"
"සොරි වෙන්න ඕනේ ........... මතක නෑ . මොන කුණ්ඩවාලයක්ද බං මේ !
" මතක් කරලා දෙන්නං හිටපංකෝ ........ තොපි වගේ උන්ට කෝල් කරනවට අපිට හොඳ වැඩේ !!!"

 ඉතිං බූරුවෝ මේ මගුලෙන් පේන්නෙ නෑනේ . එක්කෝ කවුද කියලා කියපං නැත්තං ෆෝන් එක තියපං තේරුනාද "

අම්බානක මල පැනලා ඉන්න වෙලාවක සුරුට්ටු පත්තු කරන්න එන එකත් එක්ක ෆුල්ම අවුල් පිට කියලා දැම්මා.
නංගි ලඟ නැත්තං තව වචන දෙක තුනකුත් කියලා දන්න තිබුනා . ඒත් අවුල් ............

" අපෝ උඹල නං....... මං රිමේශ් බං !!! .........." 

" මොන රිමේ............. අම්මට සිරිරීරී......... අඩෝව් ......... උඹ...... අම්මේ ඉතිං දෙයියෝ කෝල් කලා වගේ නේ ........... "

" දෙයියෝ තමයි ........ අපි දැක්කනේ උඹලා දෙයියොන්ට කථා කරපු විදිහ ."

" කවුද බං දන්නෙ ඉතිං දෙයියෝ කෝල් කරයි කියලා . අපි හිතාගෙන හිටියේ එයාලා ............ ආහ් හා හා .... ඒවා වැඩක් නෑනේ ඉතිං ඉතිං ...... කියහංකෝ මොකද වෙන්නේ ......"

                  රිමේශ් කියන්නෙ මට ටූනමන්ට් එකකදි හම්බ වුන එක්තරා විදිහක ඩයල් එකක් .  කලින් කියපු විදිහටම ඒක නං දෙයියොන්ගෙම ලැබුන කෝල් එකක් , පොර ඉන්නෙ නුවර ,  කුන්ඩසාලෙට යන පාරේ තියෙන ලංකාවෙම ප්‍රසිද්ද ඉස්කෝලෙක මාශල් ආර්ට් ටීම් එකේ කැපා .                            
                              නුවරින් කෙලවෙලා නුවරට කෙලවන්න පොටක් හොය හොය හිටපු මට අවුරුදු ගානකට පස්සෙ මුගෙන් ලැබුන කෝල් එක දෙයියන්ගෙන් ලැබුන එකක් නෙවෙයි වෙන්නෙ කොහොමද .. පොර සුපිරිම වැඩ්ඩෙක් නුවර තිබිලා මං ගියපු ටූනමන්ට් දෙකකදි අන්තිම වටේදි මං පැරදුනේ පොරට හැබැයි ඊළඟ අවුරුද්දෙ ඌ පැරදුනේ මට . 

රිං එක ඇතුලෙ කොච්චර ගහ මරා ගත්තත් ඒ කිසිම දෙයක් අපි කිසිම කෙනෙක් එලියට අරන් එන්නෙ නෑ . ඒ නිසා පිටදි අපි හොඳම වර්ගයේ යාලුවෝ .

විනාඩි විස්සක් තිහක් කාලෙකට පස්සේ ආපු කෝල් එක නිසා උෟත් එක්ක පිස්සු කියව කියව ඉඳලා . අන්තිමට පොයින්ට් එකට ආවා .

"මචං  පොඩි සීන් එකක් තියෙනවා උඹෙන් පොඩි .......... නෑ නෑ ලොකු උදව්වක් ඕනේ ......"

"මොකද්ද බං .... උඹලට නොකරන උදව් තියෙනවාද ?"

"උඹ දන්නවද ******* එකේ 12 වසරේ වෙන්න ඇති සචින්ත කියලා එකෙක් ???"

"මීටර් නං නෑ බං .......ඇයි මොකක් හරි අවුලක්ද ?"

"අවුලක් තමයි බං ..... ඌ මගේ නංගිට සද්දයක් දැම්මා කියහංකෝ "

"නෑහ් ......."

"නෑ නෙවෙයි බං ........ මං පොරටයි උගේ දෙතුන් දෙනෙකුටයි දුන්නා පාර . ඒත් මදි බං ........"

"අම්මාහ් ..... කවදද සීන් එක වුනෙ ..... "

"අද බං ........... මේහ් මේක මෙහෙම කරන්න බෑ මං හෙට එනවා උඹව හම්බ වෙන්න . පුරුදු පොට් එකට වරෙන් . 10ට විතර සෙට් වෙමුකෝ."

"ඔවු ඉතිං උඹලටත් අපිව ඕනෙ වෙන්නෙ වලි වලට විතරනේ !!!!! වැඩේ දෙල් වෙන්න එන්නේ......."

"අනේ මේහ් හු&*ක් කියවන්නෙ නැතුව හෙට එනවද ........ "තියෙන මලෙන්ම ඌටත් ටෝකක් දුන්නා ....නංගි ලඟ ඉන්නවා කියලා අමතක වෙලා කියවුන වචනේ නිසා ෆෝන් එකත් බිම වැටෙන සුපිරි ටොක්කක් නං දෙයියනේ කියලා ලැබුනා . කවුද යකෝ දන්නේ වීනා තත් පිරිමදින්නා වගේ තියෙන ඇඟිලි වලින් මේ වගේ දරුණු මගුල් කරන්න පුලුවං කියලා .

"හරි හරි අපි වෙලාවට එතන ඇති ....."

                    කොහෙදෝ යන මෝලෙක් නිසා වෙනදට ආච්චි අම්මා හදලා දෙන සුපිරි කෑම වේලක් ගිලලා දාලා ආතල් එකේ ගෙවන නිවාඩුව මේ පාර හෙට ගැන අවිනිශ්චිතව ගෙවිලා ගිය දවසක් වෙන්න අරන්  .....  
                            බාප්පට මේ ගැන මොනවත් කියන්නත් බෑ ඒත් නොකියත් බෑ . කෙල්ලට ආයෙම නුවර යන්න හදලා දෙන්නත් ඕනේ , අද ගේම ඇදපු එකාගේ කකුලක් කඩන්නත් ඕනේ , හෙට මං යද්දි උං නුවර සෙට් වෙලා ඉඳීද දන්නෙත් නෑ . ප්‍රශ්න ලෝකයක් ඇතුලෙ හිරවෙලා 

**************************************************** ලාස්ට් මෑන් ස්ටෑන්ඩින්  නොහොත් ඔපරේශන් බෝගම්බර - 03 
( අවසන් සටන ) ලඟදීම විලක්කුවෙන් .

ප.ලි -- මල් කථාවක් වගේ වුනාට මේක කාලෙකට කලිං නුවර හොල්ලපු . විලක්කුව ලියන එකාගේ සජීවී අද්දැකීමක් ....


3 comments:

  1. උබ මේකෙ ඉතුරු කොටස කියන්නෙ කොයි කාලෙ වගේද

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා වෙනකොට ලියනවා ........

      Delete
  2. මේ කතාවෙ ඉතුරු ටිකත් ඉක්මන්ට දාමු බං

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

වෙලාව කියන්නේ අපි හැමෝටම හුගක් වැදගත් දෙයක් , ඒනිසා කොමෙන්ට් නොකලා කියලා මගේ කිසිම තරහක් නෑ !

 

Sample text

Sample Text

Sample Text