හොයමු බලමු

Pages - Menu

Thursday, May 5, 2016

හිතුවෙවත් නැති දවසක !!!! ( අනේ නෑ බය වෙන්න එපා දේශපාලනේ නෑ )





කාලය , හරිම පුදුමයි . අද ඊයේ වගේ මතකයේ තියෙන ආදරනීය සිදුවීම් දේවල් සිද්ද වෙලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් කියන එක , වෙලාවකට ඒක පිලිගන්න බැරි තරම්............ ඒත් පිලිනොගෙන කොහොමද ! කාලේ ගෙවිලා ගිහිල්ලා .

අපි හිත පතන දේවල් හිතන විදිහ වෙනස් වෙලා , ලෝකෙ දකින විදිහ වෙනස් වෙලා , මිනිස්සු අපි දිහා බලන විදිහ  වෙනස් වෙලා ...අවුරුදු දෙකතුනකට හිතාගන්න බැරිතරං මුලු රටම වෙනස් වෙලා ...
.
.
.
ලංකාවේ පොඩි උන් වෙනස් වෙනස් වෙලා.. උං සෙල්ලම පැත්තක දාලා රැප්කරන්න පටන් අරං කියහංකෝ .

අපේ මිනිස්සු වෙනස් වෙලා .. උං අලුත් අවුරුද්ද විවේචනය කරලා රැඩිකල් වෙන්න අරං කියහංකෝ.

රටේ දේශපාලනේ වෙනස් වෙලා .. ඇන කොටාගන්නේ මන්ත්‍රීවරු කියහංකෝ .... ( ඉස්සර ඕක කලේ උංගේ හෙන්චයියොනේ )

සාසනේ වෙනස් වෙලා .. බන කියන එක පැත්තක තියලා නිවන බල්ලට දාලා හාමුදුරුවරු වේදිකා ගානේ වෛරය වපුරනවා කියහංකෝ..
.

.
.
.


හිතේ කොනක තිබුන මොකද්දෝ ආසාවක් එක්ක බ්ලොග් එකක් ලියන් පටන් අරන්ගෙනත් .......... එ්ක අතඇරලා දාලත් ගොඩක් කල් වෙනවා .... ඒත් දැනුනේ නෑ , 

පටන් ගත්තු කාලේ හිටපු ඒ නිදහස් කොල්ලා තවම ඉන්නවද .... ඒකත් කාලෙත් එක්ක වෙනස් වෙලාද ,
.
.
.

වෙනසට වෙනස් වුන,, ජීවිතෙත් එක්ක වෙනස්වුන විලක්කුව ......... අලුත් කථා ( අනේ නෑ බය වෙන් එපා දේශපාලනේ නෑ ) ගොඩකුත් එක්ක ආයෙමත් ......


ප.ලි - කලිං වගේම තමයි කුජීත කථා ගොඩක් එහෙම්මයි!!!!

එහෙනං මචං එන්නං 




9 comments:

  1. ඒ කාලෙ ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක් නේ.. ආයෙමත් ලියන්න පටන් ගන්න එක ගැන සතුටුයි..

    ජයවේවා!

    ReplyDelete
  2. හැමදේම වෙනස් වෙනකොට වෙනස් නොවී තියෙන්නෙ වෙනස්වීම විතරයි..ලියමු ආපහු

    ReplyDelete
  3. වෙනස්වෙන ඒවට වෙනස් වෙන්න ඇරල මේක ලියහං බං.

    ReplyDelete
  4. දිනෙල්ක දැකපු කල්. මේ විලක්කුව දෙකොනෙන්ම පත්තු කරලා බැලුවොත් මොකෝ?

    ReplyDelete
  5. කෝමෙයි, ලියාන් දිනෙල්කයෝ.. අපිත් නොලියන එකේ දැන්, :D

    ප.ලි : නම නොකියමි. නුඹ මා හදුනමි.

    ReplyDelete
  6. කෝ ඉතිං ලියනවයි ?

    :)

    ReplyDelete
  7. ඔබ තුමා එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනි මට මිස් කෝල් එකක් ගහන්න. 0777370247

    ReplyDelete
  8. ඔබ තුමා එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනි මට මිස් කෝල් එකක් ගහන්න. 0777370247

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .