මුලින්ම කියන්න ඔනේ මේ කථා ලියන්නේ ලියන්න දෙයක් නැතුව එහෙම නෙවෙයි කියන එක . මේ ලඟදි දවසක් මූනු පොතේ කැරකෙද්දී හම්බවුන පට්ටම කථා සෙට් එකක් තමයි දෙන්න යන්නේ ..... ඒ වගේම ඔන්න මේව කියවලා , දිනෙල්කයා මහා වලා කියල කියල කියන්නත් ඔට්ටු නෑ හරි ...........
ඔන්න වැඩ පටාටාටාටාන් ගන්නයි යන්නේ ....
1.
සංගීත සන්දර්ශනයක් බලන්න ගියපු ගෑල්ලමයෙක් එතන හිටපු සංවිදායක උන්දැට කිමෙහෙම කිව්වලු ....
" අනේ අයියේ , එඩ්වඩ් අයියට කියන්නකෝ සිරි යහනේ ගහන්න කියලා !! "
මේක අහපු සංවිදායක මහත්තයගේ කටටත් පණ ආවාලු.
" නංගි එඩ්වඩ් අයිය තාම ඇවිල්ලා නෑ , එතකන් මං මිල්ටන් අයියට කියන්නද මේ නංගිට , මේ මැයි ගහ යට ගහන්න කියලා ?
නංගා කැමති නැත්නම් කියන්න මං ටී. එම් අයියට කියන්නම් අඳුරු කුටියේ ගහන්න කියලා . ඒත් බැයි නම් බෙග් අයියට කියන්නම් කෝටු කෑලි ගහන්න කියලා """
2.
විනෝද ගමනක යෙදුණු පිරිසක් රැගත් බසයක් පාළු තැනකදී හොර
රැළක් විසින් නතර කරන ලදී. “කවුරුත් යටහත් උණොත් හොඳයි !
පිරිමින් ළඟ තියෙන හැම දෙයක්ම අපි පැහැර ගන්නවා! ගෑනුන්ට අපි
බලහත්කාරකම් කරනවා“ යයි සොර දෙටුවා කීය.
“අපෙන් ඹ්න දෙයක් පැහැර ගන්න! ගෑනු අයට නං අත තියන්න එපා!“
යයි නඩේ ගුරා ආයාචනා කළේය.
පසුපස ආසනයක උන් මැදිවියේ කාන්කාවකගේ කට හඬ මෙසේ
ඇසිණ. “ඒ අයට කැමති දෙයක් කරන්න ඉඩ දීලා නඩේ ගුරා කට වහ
ගන්නවා නං හොඳයි!“
3.
මේක උනේ වාද්දූව පැත්තේ මුහුදට ටිකක් ලං වෙන්න පදිංචි වෙලා
උන්නු කොලුවෙක්ට.. නං ගං ඕනි නැහැ.. මේ කොලුවා පොඩි හාද
කමක් තිබුණා රටේ මධ්‍යම කොටසට වෙන්න හිටපු කෙලි පොඩ්ඩක්
එක්ක.. මේ කෙලිත් මේකට පන ඇරලා.. දැන් වගේ ෆෝන් හෙම
නැහැනේ කෙලීගේ ගෙවල් ලඟ යාලුවෙකුගේ නමට ලියමනක් යවලා
කෙලීව ගෙන්න ගන්න තීරනය කලා… හෝ ගාන පොකුණ බලන්න
යමු කිව්වාම කෙලීත් දුර නොබලා කැමති උනා.
අයියත් මේ වැල්ල ගැන දන්න නිසා කවුරුවත් වැඩිය න
ොයෙන පැත්තක පොල් ගහක් මුල තෝරා ගත්තා නගාත් එක්ක මුහුද
බලන්න..
ඉතිං පොකුණ බලන්න ගියා කිව්වට මොකෝ මේ අයියා මේ නංගිට
ඉන්න දෙන්නේම නැහැ…
කෙලීගේ වාසනාවට කොලුවගේ අවාසනාවටද මංදා වෙරලාරක්ශක
පොලීසියේ කෙනෙක් අවා මේ හරියට.. කොලුවා හදිසි වෙලා නගාව
යතා තත්වයට පත් කලා..
පොලිස් කාරයා :- මොකද තමන්ලා මේතන කරන්නේ…?..
කෝ ගන්නවා බලන්න අයිඩෙන්ටිටි කාර්ඩ්ස්
කොලුවා ( හැඳුනුම් පත් දිගු කරමින් ) අපි.. මේ.. මේ.. නංගිට මුහුද
පෙන්නන්න ආවා සර්.ර්…
පොලිස් කාරයා :- ආහ්… නංගිට මුහුද පෙන්නන්නද ආවේ.. මට
හිතුනේ නංගිට පොල් ගස් නගින්න උගන්නන්න ආවා කියලා..
කොලුවා (පුදුමයෙන් ) ඇ.. ඇයි ස..ර් එහෙම කිව්වේ…
පොලිස් කාරයා :- නෑ මේ නංගිගේ වලල්ල තාමත් කකුල් දෙක මුල…
ඒකයි …
4.
ලස්සන පොශ් නෝන කෙනෙක් ඇවිත් ටයර් කඩේකට පැච් එකක්
දාගන්න, කඩේ ඉන්න කොල්ල ටිකක් ලස්සන අහිංසක පෙනුමක්
තියෙන එකෙක්ලු.නෝනට මූ ගැන ආසාවක් ඇති වෙලා.
නෝනා : මල්ලි මට ඔයාව තනියම පොඩ්ඩක් හම්බ වෙන්න ඕනෙ
කොල්ලා : ඇයි නෝනා?
නෝනා : මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ
කොල්ලා : කියන දෙයක් කියන්න නෝනා. මෙතන අපි දෙන්න
විතරනෙ ඉන්නෙ
නෝනා : නෑ මට ඔයා එක්ක අහවල් එක කරන්න ආසයි
කොල්ලා : හරි නෝනා, හෙට මම නිවාඩු. හෙට පූල් එකකට හරි වතුර
පාරක් ලඟට හරි සෙට් වෙමු
නෝනා : ඒ මොකද?
කොල්ලා : නෑ නෝනා, මට හිල හොයාගන්න වතුරෙ දාල බලන්න
ඕනෙ............. !!!!!
5.
මාකටිං ජොබ් එකට කරපු බුවෙක් මැරිලා. දැන් දෙයියොන්ට හිතා
ගන්න බැහැලු මූව යවන්නෙ දිවියලෝකෙටද අපායටද කියල. මොකද
මූ පව් පින් සම සමව කරල තියෙන නිසා. අන්තිමට දෙවියො තීරණය
කරාලු මේ බුවාටම ඩිසයිඩ් කරන්න දෙනව යන්නෙ කොහෙද කියල.
දෙවියෝ : තමන් යන්න කැමති දිවියලෝකෙටද? අපායටද?
බුවා : මට දිවියලෝකෙ බලන්න පුලුවන්ද?
දෙවියෝ බුවාව දිවියලෝකෙ වටේ එක්කගෙන යනවලු. පසුබිමෙන්
ක්ලැසිකල් මියුසික් එනවලු. දිවියලෝකෙ ඉන්න හැමෝම හෙන
ක්ලාසි විදියට ඇඳගෙන පලතුරු කකා ඉන්නවලු. හරිම නිස්කලන්ක
ගතියක්ලු තියෙන්නෙ. බුවාට හිතුනලු කෝකටත් අපායත් බලල එන්න
ඕනෙ කියල.
බුවා : මට අපායත් බලන්න පුලුවන්ද?
දෙවියෝ : ඔය කෙලවරේ තියෙන ලිෆ්ට් එකට නැගල බේස්මන්ට්
බටන් එක ඔබන්න
බුවත් එහෙම කරල ආවලු අපායට. අපාය කියන්නෙ තනිකරම ක්ලබ්
එකක් වගේ පට්ට පාටියක්ලු. ඇති වෙන්න බොන්න තියෙනවලු. හෙන
සද්දෙට රොක් මියුසික් එහෙමත් දාල පට්ට හැපනිං පාටියක්ලු. ඉන්න
හැම එකාම කුනුවෙන්න බීල හෝ ගාල නටනවලු පිස්සු හැදිල වගේ.
දැන් බුවා හැරිල ආයෙත් ආවලු දෙවියො හම්බවෙන්න.
දෙවියෝ : තමන් තීරණයක් ගත්තද?
බුවා : දිවියලෝකෙ කොච්චර සිරා උනත්, මට හොඳටම මැච් වෙන්නෙ
අපාය තමා. මම එහෙ යනවා
දෙවියොත් බුවාගේ තීරණයට ඉඩ දීල බුවාට යන්න දුන්නලු අපායට.
අපායට බුවා ආව ගමන් බුවාව අල්ලලා කූඩුවක දාල අත පයට දම්වැල්
එහෙමත් දැම්මලු. දැන් බුවාට හිතාගන්නත් බැරිලු මොකද මේ උනේ
කියල. බුවා එතනින් යමපල්ලෙක් යනකම් බලන් ඉඳල
බුවා : ශ්.. මල්ලි
යමපල්ලා : ඇයි?
බුවා : කෝ අර මෙහේ තිබ්බ පාටි?
යමපල්ලා : ආ ඒ අපේ මාකටිං ප්‍රසන්ටේශන් එකනෙ