" ඕං පේනවා නේද මහත්තයෝ අපේ ලොක්කොන්ගෙ වැඩ "
කටපිරෙන්න තිබුන බුලත් කෙල සේරෝම ටික, අල්ලපු වත්තේ උන් බොහොම අමාරුවෙං වවාගෙන තියෙන ගොටුකොල යායට වැටෙන විදිහට කෙලගහන ගමන් සයිට් එකේ වම් පැත්තේ කොනකට වෙන්න ලෑලි ගහලා හදලා තිබුන ටකරං වාඩියට , ප්‍රේමදාස මාමා , එහෙම කියාගෙන ගොඩවුනේ මං සජිතයත් එක්ක වාඩියේ කොනකට වෙලා කවුදෝ මන්දා උදේ පාන්දර ගෙනත් තිබුන කැවුම් මල්ලෙන් ගත්තු මුං ඇට කැවමක් එක්ක උණු ප්ලේන්ටියක් ගහන අතරෙයි.
" ඇයි බං අයියේ !!! මොනවෙයි වෙලා තියෙන්නේ "
තඩි වලහෙක් මීවදයක් කනවා වගේ අත් දෙකෙන්ම කැවුම් දෙකක් අල්ලගෙන කට පුරා කැවුම් පුරවගෙන දුම් දාන ප්ලේන්ට්ය දිහා බලාගෙන හිටපු රසිකයා එහෙම අහද්දි , මාත් ඒ පැත්තට ඇන්ටනා පාර දැම්මේ මේවගේ තේවෙලාවකදි සයිට් එකේ උන්ගෙ කටිං කියවෙන එව්වා සතියක් විතර මතක්කර කර හිනාවෙන්න පුළුවන් බව තක්කෙටම විස්වාස නිසා .
" කොහෙද ඉතිං උඹලා මේ ලිඳ ඇතුලෙම ඉන්නවා මිසක් රටේ ලෝකෙ වෙන දෙයක් දන්නව කියලයෑ . රටට ගේට්ටුවෙන් එලියෙ කොටි ගැහුවත් උඹලා දන්නේ නෑ ! අන්න බලාපං අද පත්තරේ තියෙනවා අයෙමත් පාරක් දුමින්ද සිල්වා පාර්ලිමේන්තුවට එනවා කියලා. "
" හප්පට සිලිං කිව්වලු " රසිකයා එහෙම කිව්වෙ කටේ පුරවං හිටපු කැවුම් සේරම ටික උගෙම තේ එකට වැටෙන්න විදිහට කට ඇරලා .
කට අස්සෙ තිබුන කැවුං හපේ දැකලා ඒ ඉස්සරහිංම බිම ඇන තියාගෙන උන් මාරිස් අප්පු , කොට ටකරං බිත්තියෙන් එලියට කෙල ගහැවේ අතට ගත්තු කැවුම ආයෙම බෑග් එකට දාන ගමන් .
වටේටම ඇන්ටනාව දාන ගමන් මං සජිතයා දිහා බලලා හිනා වෙලා තවත් කැවුමක් අතට ගත්තා .
" වෙන්න බෑ , ඌව අයෙ ගනීද මාමේ රට කොරන තැනට " සෙට් එකේ හිටපු බාලම කොල්ලා එහෙම කිව්වේ උනු ප්ලේන්ටි උගුරක් බඩට යවාගන්න ගමන්
" උඹ දන්න බම්බුව , පත්තරවල ඉන්න මිනිස්සු බොරු කියාවිද . අනික ඒක තිබුනේ තඩි අකුරිං මුලපිටුවෙමයි ."
" අම්මාපල්ලා මුංටත් අමු කැවිලද කොහෙද නැතං අයෙ පාරක් මේ හාල්පාළුවාව ගනීවිය " මෙච්චර වෙලා කට වහාගෙන හිටපු අන්දිරිස් මාමත් කථාවට එකතු වුනේ සජිත්ගේ මූණ දිහා බලාගෙන කැවුමක් අතට ගන්න ගමන්.
" ඕකනං මොකද්ද බං දැන් ඉන්න සේරම එව්වෝ හොරුයි , මංකොල්ල කාරයොයි , ස්ත්‍රී දූශකයොයි , මිනීමරුවොයිනේ ඔය ගොඩට තව එකෙක් එකතු වුනා කියලා මහා වෙනසක් වෙන්නේ නෑ " ආයම පාරක් මැදින් දුන්නේ රසිකයා . මේ පාරනං ප්‍රේමදාස මාමා ඌ දිහා බැලුවෙ බොහොම දරුණු විදිහට.
" ඔවු ඉතිං උඹලා චන්දෙ දීපු එවුන්නේ "
" බම්බුව "
" ආහ් ......... මහත්තයා කියන්ට බලන්ට ඒ කරපු වැඩේ හරිද නැද්ද " ප්‍රේමදාස මාම ඒ විදිහට කියලා මගේ දිහා බැලුවේ අන්තිම කැවුං කෑල්ලත් හපාගෙන ප්ලේන්ටියට කට තියන්න යද්දිමයි .
එකපාරට ආපු කැස්සත් එක්ක දුඹුරු පාට කහට කෝප්පෙකං කාලක් විතර සුදු ශර්ට් එක දිගේ ගලාගෙන ගියා. වාඩියේ උන්න හැම එකාම මගෙ දිහා බලාගෙන හිටියේ අළුතෙන් සත්තු වත්තට ගෙනත් දාපු ගෝරිල්ලෙක් දිහා බලාගෙන ඉන්න විදිහට.
මාත් , ඔන්න ඔහේ ඕනේ රෙද්දක් කියලා ප්ලේන්ට් උගුරක් පහලට බැස්සුවෙ මොන වගේ උත්තරයක් දෙන්නද කියලා හිතන ගමන් .
සයිට් එකේ වැඩ කරන උන්ට වෙනමයි , වැඩ බලන අපිට වෙනමයි තේ හදන්නේ ඇයි කියලා තේරුනේ මේ වෙලාවේ . ඒත් දැං පරක්කු වැඩී මායි සජිතයයි මේ රිංගගෙන ඉන්නෙ අපිට තේ හදන වාඩියට නෙවෙයි. කැවුමට පෙරේතකමේ පොඩි උන්ගෙ වාඩිට .
" මං නං කියන්නේ ඒකේ ඒ තරං අවුලක් නෑ මාමේ " තවත් ප්ලෙන්ටි උගුර සනීපෙට පහලට බහිද්දි මං කිව්වේ ඇඟටපතට නොදැනෙන විදිහට.
අඩුසීනි කහට එකක් බබී හිටපු ප්‍රේමදාස මාමාගෙ තේඑක උගුරෙ හිරවෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ , කැවුං මල්ල බදු ඇරං හිටපු රසිකයගෙ අතිං ඒක අන්දිරිස් අප්පොගෙ තේ කෝප්පෙ උඩට අතඇරුනේ වොට් තිස් තුන්දාහක් වැදුනා වගේ ගැස්සිලා . විසික්වෙලා ගියපු කහට වලින් නාගත්තු පූස් තඩියෙක් වාඩිය ඇතුලෙ ඉදං එලියට ලිඳ පැත්තට දුවගෙන ගියා . හෙට ලිඳ ඉහින්න වෙයිද දන්නේනෑ !
" මහත්තයලා මොනවද දන්නේ දේශපාලනේ ගැන . මේ ඊයෙ පෙරේදා ඉස්කෝලෙන් පිටවුන කොල්ලෝ " ප්‍රේමදාස මාමා මගෙන් බලාපොරොත්තු වුනේ මිනිහගේ කථාවට මාත් හූ මිටි තියයි කියලා .
" එහෙම කියන්ට බෑනේ ප්‍රේමදාස අයියේ දැං ඔය වැඩිපුරම දේශපාලනේ වෙන්නේ රජයේ විස්ස විද්‍යාල වලනේ " රසිකයා කැවුං මල්ල පැත්තකින් තියලා මගේ පැත්තට අඩේ තිබ්බේ ඌ මුල ඉඳලම අනිත් පැත්තට ටෝක දීගෙන හිටපු නිසා වෙන්න ඇති .
" අනේ ඔය චූ කොල්ලංගෙ දේශපාලනේ " අන්තිම තේ උගුරත් බඩට දාගෙන කෝප්පෙ හෝදන්න හිතාගෙන නැගිටින ගමන්
ඒ පාරනං මටත් නහුතෙටම මල පැන්න .ඇය් යකෝ මේ පැත්තනට වෙලා හිටපු මාව මොකද්දෝ අහකයන වස්තරේකට අල්ලගෙන චූ කොල්ලා කියන්නේ . අර ඇමති උන්නාන්සෙගෙ පුතාටනං එහෙම කිව්වත් කමක් නෑ .
කටට ආවට ඔහෙ කිව්වා මිසක් කියපු දේ සාධාරණයි කියලා කියන්න හේතුවක් නැතුව ඔළුවෙ හැම අස්සක් මුල්ලක්ම පීරනකොට තමයි මට ඒක මතක් උනේ . ඔවු ....... සිරකරුවෝ මනුශ්්යයෝය.
" ලෝකෙ තියෙන හැම දේම වෙනස් වෙනවා කියලා බුදු හාමුදුරුවොත් කිව්වනේ , ඉතිං ඇයි දුමින්ද සිල්වට වෙනස් වෙන්න බැයි ද ? ඒ මනුස්සයා දැං සෙමින් දැහැමින් පාලයන කරගෙන යයි "
" අන්න හරි මහත්තයෝ . අංගුලිමාල මිනී කීයක් මරලද අන්තිමට රහත් උනේ , ඒ මනුස්සයත් දැං වෙනස් වෙලා ඇති ." අන්දිරිස් අප්පොත් මගේ පැත්තට මුක්කුව ගැහුවා .
මාව ඔකඳ වෙලා හිටියට මොකද , මෙච්චර වෙලා තමංගෙ මතේට හූමිටි තිබ්බ උන් හෙමීට පැත්ත ගහද්දි ප්‍රේමදාස ගොයියට ඉහුලුං නැතුව ගියා . මගේ පඬිටොක් එක නිසා වාඩියේ උන්න සේර උං ප්‍රේමදාස මාමා දිහා බැලුවේ කොචොක් එකට වගේ .
" ඇත්ත ඇත්ත මහත්තයෝ අනික දැං මිනිහට කලිං වෙච්ච දේවල් මතකත් නෑනේ !!! " රසිකය එහෙම කිව්වේ හැම එකාටම කැවුං හිරවෙන්න හිනාවකුත් එකතු කරනගමන් ,ඒත් ප්‍රේමදාස මාමා නෙවෙයි හිනා උනේ.
" එහෙම උනේ නෑ බොලව් මේක පොරජාතත්ත්රවාදී රටක් "
" මොකක් යකෝ ඒ කිව්ව කුණුහබ්බෙ "
" ඔය පේනවනේ, ඒව වත් දන්නෙ නැති උන් තමයි මෙතන හූමිටි තියන්නේ .ඔය හිරේ ගියපු උන් එලියට ඇවිල්ලත් කරන්නේ ඒ ජරාවැඩේම තමා . හැත්ත!!!!! තොපිට ඒක තේරෙන්නේ නෑ "
ප්‍රේමදාස මාමාට නහුතෙටම මලපැනල ඉන්නේ . අනේ මටනං කැවුමක් තරං වත් ගානක් නෑ .
" එහෙම නෙවෙයිනේ , දැං බලන්ට මාමේ විජය කුමාතුංග හිරේ ගියා , මැතිනිට ප්‍රජාඅයිතිය නැති උනා , සරත් පොන්සේකා ත් හිරේ ගියානේ අද රටේ ඉන්න උසස් අධ්‍යාපන ඇමතිත් එකපාරක් කට තියාගන්න බැරුව හිරේ ගියානේ . දැං ඔය එලියට ඇවිත් ඉන්නේ යස අගේට "
මං එහෙම කියවගෙන යද්දි ප්‍රේමදාස මාමට කට උත්තර නෑ . කථාව ඉවර උනත් හරි රසිකයයි අන්දිරිස් අප්පොයි දෙන්නා අප්පුඩියකුත් ගැහුවා .
" ඒ ඉස්සරනේ බොලව් දැං එහෙම උන් නෑ !!! මොකෝ කියන්නේ මහත්තයා . මං ඕනේ ඔට්ටුවක් අල්ලන්න ලෑස්තී ඔය හොරා මේ අවුරුද්ද ඉවර වෙන්න කලිං ආයෙම මොකක් හරි මගෝඩි වැඩකට මාට්ටු වෙලා පෙරෙවූත්ති වල පෙන්නනවා " . මගෙ මුලු ඇඟම සීතල වෙලා ගියා . ඔට්ටුවක් !!!!! හත් ඉලව්වේ දීපු ටෝක්වල හැටියට ඔට්ටුව බාර ගත්තෙ නැත්තං !!!!! ඊට හොඳයි ඇඳුං නැතුව සයිට් එකට එනවා .
" අන්න හරි මාමේ මේ අවුරුද්ද ඇතුලත උන්දා මොකතට හරි මාට්ටු උනේ නැත්තං මාමා සරම නැතුව සයිට් එක වටේ චූකර කර දුවන්ට ඔනේ !!!!මොකද කියන්නේ ." මගේ ඉහිං කනිං දාඩිය බේරෙද්දි මෙච්චර වෙලා කටවහගෙන මගේ ගාව ඉඳගෙන හිටිය සජිතයාත් උගෙ කටේ බලේ පෙන්නුවා .
" තොට මෝල්ද යකෝ " මං උගෙ කනට කරලා එහෙම ඇහුවේ ඔට්ටුව පැරදුනොත් ඌ මට මොනව කරන්න කියයිද දන්නේ නැති නිසා .
ඔය අල්ලපනල්ලෙම තමයි සයිට් එකේ ඉන්න ලොකුම ඉන්ජාත් මඩුවට ගොඩ උනේ . වසලා හමාරයි .
" ඕක මොකද්ද !!!! ඇඳුං නැතුව යනවා විතරක් නෙවෙයි මං වැලිගොඩේ පෙරලෙනවා බොලව් " ප්‍රේමදාස මාමා ඔට්ටුව භාර ගත්තා .
" හැබැයි අයියේ උඹ පැරදිලා හැංගිලා ඉන්න නං බෑ ඕං හොයාගෙන ගමට ඇවිල්ලා ඇඳුං ගලවන්නේ බලාගං "
අපි එහෙම බයේ ඉන්න උන්ද බොලව් .එහෙම කියපු ප්‍රේමදාස මාමා කාරලා කෙල පාරක් ගහලා අයෙම කැවුමක් හපන්න ගත්තා .
" හරි දැං මං ඔට්ටුව පැරදුනොත් !!! " මං මෙච්චර වෙලා හිතේ තෙරපි තෙරපි තිබුන ප්‍රශනේ එලියට ඇදලා දැම්මා .
" එහෙම උනොත් ඉතිං වෙන මොනවා කරනනද !!!! මහත්තයා කලිසම ගලවගෙන වැඩපොල වටේ ඇවිදින්න ඕනේ " හුටා !!!!
" වැඩපොලේ විතරක් නෙවෙයි ඌ හෙඩ් ඔෆිස් එකේත් ඇවිදී දිනෙල්කයා. ඒ ගැන බය වෙන්න එපා ." සජිතයා මොන රෙද්දක් කරනවද මන්දා සයිට් එකේ නං ඉන්නේ පිරිමි විතරයි ඒත් හෙඩ් ඕෆිස් එකේ කෙල්ලොත් ඉන්නවා යකෝ . තෝ මැරියං මේ කරපු බලු වැඩේට.
" හරි එහෙනං ඔට්ටුව පැරදුනොත් මහත්තයා සයිට් එකේ නෙවෙයි ඔපීසියේ ඇවිදින්න ඔනේ කලිසම නැතුව ඕන්න ඔට්ටුව හරි මෙතන සේරම සාක්කි . " මහ ඉන්ජා එහෙම කිව්වේ මගෙ දිහා බලාගෙන නක්කලේට හිනා වෙන ගමන් . සජිතයත් ඒ හිනාවටම එකතුවුනා .
" පුතා බයද? " මහ ඉන්ජා ආයම මගේ දිහා බැලුවා .
වාද පිටියකට ගිහින් දෙතුන් සීයක් එක්ක වාද කරන්න මං බය නෑ . තනිංයෙං ඉද්දි විසි තිස්දෙනක් එක්ක ගහගන්නත් බය නෑ ( එච්චර උන් හිටියොත් ගුටි කන එක වෙනම කථාවක් ) එහෙව් එකේ ඇඳුං නැතුව හෙඩ් ඔෆිස් එකේ ඇවිදින එකට මං බයවෙයිද !!!! ඔවු........... එකටනං මං ගූ බයයි .
දැං ඉතිං පස්ස ගහන්න බෑ ...... එහෙම කලොත් වස නෝන්ඩිය .
" හරි එහෙනං අපි බලමු කෝ මොනවද වෙන්නේ කියලා. "
වෙනදවස් වලටත් වැඩියෙන්ම මම එන්නේ මේ පොඩි උන්ගේ වාඩියට වෙලා උන් එක්ක තේ එක බොන්න . ලොකු උන් එක්ක වෙනම තේඑක බීලා පොඩි උන් එක්ක වැඩ කරනවට වඩා මේ විදිහට උන් එක්කම තේඑක බොන්න එන එකෙන් උන් එක්ක මගේ තිබුන හිතවක් කම වැඩි උනා වගේම මං කියන වැඩ ටිකත් නෑ බෑ කියලා කියන්නේ නැතුව කරන්න උන්ව කැමති කරගන්න මට පුලුවන් උනා .
අද වාඩියෙන් එලියට යන්නේ මේ අවුරුද්ද ඇතුලත ඔනේම දවසක ඇඳුං ගලවන්න ලෑස්තිපිටයි.මුලිං මුලිං අවුලක් තිබුනට දැන් නං ඒ ගැන කිසිම බයක් නෑ .මොන මගෝඩි වැඩක් කලත් දුමින්ද උන්නාස්සේ මේ අවුරුද්ද ඇතුලෙ නං එහෙම එකක් නොකරද බව ඉරහඳ වගේ විස්වාසයි . ඔට්ටුව දැම්මයි කියලා , වාදයක් ගියයි කියලා මං මුං එක්ක තරහ වෙන්නෙත් නෑ උං මගෙත් එක්ක තරහ වෙන්නෙත් නෑ කියලා මට හෙට ඉරපායන්න කලිං මං කක්කුස්සි යනවා කියන එකටත් වඩා විස්වාසයි .
අනේ ඉතිං ජනවාරි පලවෙනිදා ඇඳුං නැතුව සයිට් එකේ ඇවිදින ප්‍රේමදාස අංකල්ව මට මැවිලා පේනවා . හිතවත්කම වැඩිවෙද්දි මේවගේ ඒවා වෙනවා . ඒත බං ........... මං හෙට තේ එක බොන්නෙත් මෙතනිංම තමයි
- දිනෙල්ක -
පහුගිය දවස්වල දාපු පෝස්ට් වල මගේ සුපුරුදු ශෛලිය නැතිවෙලා තියෙන්න ඇති . වෙන විදිහකට ලියන්න පුලුවංද කියලයි අතහදා බැලුවේ . ඒ උනාට මගේ විදිහ මට හොඳයි කියලා තේරුනා . ආය් වෙන විදි නෑ ඔං ආයුබෝවං . අයෙත් පාරක් විලක්කුව විලක්කුවම වෙයි .