Social Icons

හොයමු බලමු

Friday, October 18, 2013

කැරැල්ලක් 02 ( ඔපරේශන් වයිප් අවුට් නොහොත් අවසන් සටන )

පලවෙනි කොටස



"තමුසෙගෙ කට වැඩී " එහෙම කියාගෙන ඉස්සරහට ආපු කොම්පියුටර් සර් අත පුරවලා මගේ කණ හරහා ගැහුවේ දෙතුන් පාරක් කැරකිලා විසිවෙන තරං වේගෙන් ........ සිහි එලවා ගන්නත් කලින් සර් තවත් පාරක් ගහන්න අත උස්සන හැටි මට ලාවට පෙනුනා .....

"මොකද මොකද ඔය ළමයට ගහන්නේ ........" ඒ විදිහට කියාගෙන අපේ හිටපු විවාද කන්ඩායම භාර  ටීචර් , චමිලා මිස්  පිට්ටනිය මැද්දෙන් දුවගෙන වගේ ආවා....

                   දෙවනි පාරටත් අත උස්සන්න හදපු කොම්පීතර සර්ගේ රැස් ඩිංගක් විතර අඩුවෙලා යනවා වගේ පෙනුනේ චමිලා මිස්ගේ මැදිහත්වීමත් එක්කයි .

 මොකද කොමිපියුටර් මහත්තයෝ ඔය කොල්ලව මරන්න හදන්නේ ?

බලන්න චමිලා මිස් මේ ළමයා වයසේ හැටියට නෙවෙයි වැඩ , දෙයක් කිව්වහම  පිලිගන්නේ නැතුව එකට එක කියවන්න එනවා .....

නිකං බොරු කියන්න එපා සර් , කොහෙදෝ ඉදන් මේක මැද්දට ඇවිල්ලා මං ගත්තු  තීරණ වෙනස් කරන්න හදන්නේ ඇයි .... චමිලා මිස් දිනෙල්ක මල්ලි කියවපු එකට එකක් නෑ 

ආහ් , ඒ පාර තමුසෙත් පටන් ගත්තද ? එහෙම කියපු කොම්පියුටර් සර් නිවාස නායකයා දිහවටත් මරුමුස් බැල්මට් එකක් දැම්මා .

මට පේන්නෙත් කොම්පියුටර් මහත්තයා තමන්ට අයිති නැති දේකට මැදිහත් වෙලා නිකං බොරුවට ළමයි එක්ක ප්‍රශ්න හදාගන්න වගේ හදන්නේ . කරුණා කරලා ඔබතුමා  අර ඒසී කාමරේ ඇතුලට ගිහිං ගේම් එකක් ගහගෙන පාඩුවේ ඉන්න . චමිලා මිස් එතැනින් ගියේ ඒ විදිහට කියාගෙන .
                                                 විනාඩි දෙක තුනක් යනකං එතනටම වෙලා දත්මිටි කාපු කොම්පියුටර් මහත්තයා අපි දිහා බලන්නෙවත් නැතුව ලැබ් එක දිහාට ඇවිදගෙන යන්න ගියේ අපේ කොල්ලෝන්ගේ හූ සද්දෙ මැද්දෙන්. 
                                       වීරයෝ වගේ හූ කිව්වට මොකද තිබුන අවුල දැන් දෙක තුන වෙලා තමයි එලියට බහින්නේ කියලා අපිට තේරුනේ ඈතින් පුශ්පකුමාර සෑර් උත්තමයා වේවැලත් අරන් එද්දී . හූ කියන එක තවත්තලා එකා දෙන්නා හෙමින් සීරුවේ පතෝල මැහි අස්සෙන් නොපෙනී යන්න  ගත්තා .
                                    හැමෝටම පුදුම  හිතුනේ තෝරගැනීම් තිබුන ඉතුරු දවස් කීපය කිසිම වෙනසක් නැතිව ගෙවිලා ගිය නිසා . ඒත් මාහා කුණාටුවකට කලින් ගුප්ත නිහැඩියාවක් තියෙනවා කියන කථාව ඇත්තක් . තෝරා ගැනීම් තරඟ ඉවරවුන පලවෙනි දවසෙ උදේ පාන්දරම දහය වසර සෙක්ශන් එකටම පිට්ටනියට එන්න කියලා පුශ්පකුමාර සර් එවලා තිබුන පණිවිඩයත් එක්කයි . මොනව උනත් විදුහල්පති ‍කෙනෙක්ගේ අණට පිටින් යන්න හිතුවේ නැති අපි කියපු පරක්කුවෙන් පිට්ටනියේ . පාවට්ටා ගස් දෙකක් අතර හැදිලා තිබුන මහ අඹ ගහ යට රැස්වෙලා හිටපු අපේ පැත්තට ආපු පුශ්පකුමාර සර් බොහොම දරුණු විදිහට අපේ දිහා බැලුවා.

තොපි කාලකන්නි හැත්ත , උඹලා නේද අර අළුත් කොම්පියුටර් සර්ට හූ කිව්වේ !!!!! වේවැල් තුනක් විතර එකට තියලා හදාගත්තු පොල්ලක් වගේ එකකින් අහුවෙච්ච පලවෙනි එකාගේ උරපත්ත පැලෙන්න තරං හයියෙන් ගහපු පුශ්පේ ඉස්කෝලෙම දෙදරන තරං හයියෙන්ඇහුවා . 
ගුටි කාපු එකා උරහිස අතගගා කොල්ලන්ගේ මැද්දට එන අතරෙ තවත් දෙතුන් දෙනෙකුටම ඒ පොලු පාරටත් වඩා සැරට දෙන්න අළුත් සර් අමතක කලේ නෑ .

හැදියව් තොපි කාලකන්නි හැත්ත පිට්ටනිය මැද්දේ පෝලිමක් ....... දණ ගහපිය අව්වේ ....

                                   මුළු දහය වසරම ගිණිකාස්ටක අව්වේ දණ ගස්සපු අළුත් සර් කොණක ඉඳන් පටන් අරන් හැම එකාගෙම පිට මැද්දට දෙක ගානේ අර  පොලු කෑල්ලලෙන් ගහන්න පටන් ගත්තා .

නැගිට්ටනේ නෑ තොපි එකෙක්වත් අද ඉස්කෝලෙ ඇරෙනකං හිටපියව් ඔහොම .......

                                           ඔය වෙලාවෙ තමයි කිසිම කෙනෙක් විශ්වාස නොකරන විදිහේ වැඩක් සිද්ද වුනේ , ඒ ලෙවල් පන්ති වල හිටපු සේරම කොල්ලොයි එකොලහ වසරේ සෙක්ශන් එකෙන් භාගයකුයි අනාරාධිතවම ඇවිත්  කට්ට අව්වේ අපිත් එක්කම දණ ගහගෙන ඉන්න ගත්තේ .අළුත් සර්ගේ කට ඇරිලා දිව එලියට ඇවිත් ....

මේ මොකද වෙන්නේ , තමුසෙලාට කවුද එන්න කිව්වේ ....... පලයව් යන්න 

නොකරපු වැරද්දකට දහය වසරේ කොල්ලොටික දඬුවම් විඳිනවා , අපි ආවේ උන් එක්ක ඒක බෙදාගන්න , අපිටත් දැන් දඬුවම් විදින්න දෙන්න සර් , මොකද ඉස්සරහට අපේ අතින් වැරද්දක් වෙන්න තියෙනවා . ඒ වෙනුවෙන් තමයි මේ අවේ ............. ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍යනායකයා වගේම මට කලින් විවාධ කන්ඩායමේ නායකයා වෙච්ච විජිත අයියා එහෙම කිව්වේ දනිස් දෙකේ දූවිලි ගෑවෙන එක නවත්තන්න බිම එලපු කොල කෑල්ලක් උඩ දණ ගහන ගමන් .
                                          කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරිවුන ලොකු සර් තමන්ගේ කාර්්‍යාලය පැත්තට ගියේ උගන්වන්න ළමයි නැතිවුන පන්ති වලින් එලියට බැහැලා පිට්ටනිය දිහා බලාගෙන ඉන්න ගුරුවරු දිහා එක පාරක් විතරක් හැරිලා බලලයි .

පිස්සුනේ විජිත අයියේ , උඹලා මොන රෙද්දටද ආවේ ? රන්දිකයා කථා පටන් ගත්තා .

මේක මෙහෙම කරන්න බෑනේ බං , අපිට නං මූව එපා වෙලා තියෙන්නේ . දැං බලපං අපේ ඉස්කෝලේ කෝටිපතියන්ගේ ළමයි නෑනේ බං ....... එහෙම වෙලා තියෙද්දි . මේ හුත්** පුතා හැම සතියෙම මොකක් හරි ලබ්බක් කියලා පන්තිවලින් සල්ලි එකතු කරනවා ............... ඒ ලෙවල් පන්තිවල හිටපු ගුරුවරු මාරුවීම් හදාගෙන ගිහිං , මූ එක්ක ඉන්න බෑ කියලා .....  අපිට උගන්වන්න ගුරුවරු නෑ ........ මං නං  කියන්නේ අපි කොහෙම හරි මූව එලවමු . විජිත අයියා තමන්ගේ අදහස එලියට දැම්මේ ඒලෙවල් පන්තියේ තමන්ගේ යාළුවෝ දිහා බලන ගමන් . 
උන් සේරම හිටියේ එකම අරමුනකින් කියන එක ඒ වෙලාවේ මූණු වලින් බේරිලා ආපු හැඟීම් වලින් අපි සේරටම පැහැදිලි වුනා . එත් මූව එලවන්නේ කොහොමද ?

අපෙන් කඩා ගන්නවා විතරක් නෙවෙයි බං , මූ හැමදාම හවසට බෝතලයක් ගෙනත් සික්කත් එක්ක කඩාගෙන බොනවා ....

සික්කත් එක්ක !!!!

ඔවු බං .......... මහ පොන්***** , බොන්න එකෙක් නැත්තං තනියෙං බීපං . අනික ඉස්කෝල ඇතුලට ඕවා ගේන්න තහනං නේද බං ....... අපි මූ බොන වෙලාවක් බලලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් එක්කං එමුද ? ඒ අයිඩියාව ලොම්බගෙන්

ඒ විතරක් මදි , මෙහෙම වැඩ වලට අපි විරුද්ධයි කියලා පෙන්වන්න අද කලිං ඉස්කෝලෙං එලියට යමු බං ......... ඒ ලෙවල් පන්තියෙන්ම තවත් යෝජනාවක්.

                                       ලොම්බා දීපු ඒ අයිඩියාවත් එක්ක පිනා එලවන්න ඕනේ කියන ඒත් කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර නැත්තෙම නෑ කියලා තේරුනා . අළුත් සර් ගැන ඔත්තුව අමාත්‍යංශෙට දීලා ගේම ක්ලෝස් කරන වැඩේ විජිත අයියා බාරගත්තා . කුමන්ත්‍රනේ එතනින් ඉවර කරලා , ඉස්කෝලෙ ඇරෙනකං දණ ගහං ඉන්න හිටපු අපි සේරම නැගිටලා පන්තිවලට ඇවිත් පොත් මළු කරේ දාගෙන රොත්ත පිටින්ම ඉස්කෝලෙන් පිට වෙලා ගියා . සික්කාට උනත් ඒ තරං සේනවක් එක්ක හැප්පෙන්න බැරි නිසා පැත්තකට වෙලා බලාගෙන හිටියා .

මං නං කියන්නේ ඒ මදි බං ....... ඊළඟ දවසේ උදෙන්ම පන්තියට ආපු ඩප්පියත් අළුත් සර්ගේ ගැන කථාවට පැටලුනා 

උඹ මොනවද කියන්නේ එහෙනං ....

හේතුවක් නැතුව අපිව මෙහෙම අව්වේ දනගස්සපු එකට රිටන් එක දෙන්න ඕනෙ .....

ඉතිං දැං වැඩේ ප්ලෑන්නේ බං ....

එහෙම නෙවෙයි බං !!! රිදෙන්න දෙන්න ඕනේ......අපි මේ කරන වැඩෙන් යන්නේ පිනා විතරයිනේ , ඌත් එක්ක එකගෙයි කන අනිත් හු**ලා ට මොනවත් වෙන්නේ නෑනෙ බං 

මොනවද කරමු කියන්නේ ? 

අපි මිනිහගේ කාමරේට කෙලවමු , ලොකු සද්දයක් එන විදිහට ......... කට කොනකින් හිනාවෙන ගමන් ඩප්පියා කිව්ව ඒ කථාව ඇතුලෙ හැංගුන මොකද්දෝ දරුණු සැලස්මක් තියෙනවා කියලා 10A පන්තියේ හිටපු අපි හැමෝටම තේරුනා .

වරෙල්ලාකෝ කියන්න .......... අපි සේරම ඩප්පියාව වට කරගත්තා .

*********************************************************************************************

                                          ඩප්පියාගේ ප්ලෑන් එක බොහොම අවදානම් වුනත් පුශ්පකුමාර උත්තමයට ඇඟට දැනෙන්නේ මෙහෙම එකක් කලොත් තමයි කියන මතයට අපි හැමෝම ආවේ , ඒක ජන්දයෙන් ඒ සැලසුම අනුමත කරගෙන . ප්ලෑන් එක අහපු වෙලාවෙ ඉඳක්  හැම එකාම පුදුම කික් එකකින්. කික් එක වැඩි කමටම අපි මේ කරන්න යන වැඩේට නමකුත් දැම්මා ....... ඔපරේශන් වයිප් අවුට්

                            සම්පූරණ සැලස්ම කොටස් තුනකින් ක්‍රියාත්මක වෙනවා .......... අන්තිම කොටස බොහොම භයානකයි වගේම , ඉස්කෝලෙ නමටත් හරි නැති වෙන්න පුලුවන් . එත් අළුත් සර්ව යවන එක ඉක්මන් කරන්න නං මේ වැඩේ කරන්නම වෙනවා .

සීය සීය ගනිල්ලා ....... මේ අන්තිම පාර , ආයේ උඹලාගෙන් අර පල්ලෙහා කාමරේ සුදු ඇඳන් ඉන්න කලවැද්දා සල්ලි ගන්නේ නැති වෙන්න නං මේ ඉල්ලන ගාන අද දීපල්ලා ..... සීයක් නැත්තං තියෙන කීය කීය හරි කමක් නෑ .....
                         ඉන්ටර්වල් එක වෙලාවේ අපේ දෙතුන් දෙනෙක් හැම 10 වසරේ පන්තියකටම ගිහිල්ලා අපේ ගරිල්ලා සැලසුම පැහැදිලි කරලා සල්ලි ඉල්ලුවේ ඒ විදිහට .
                             අපේ උන් මිශන් ඉම්පොසිබල් ජාතියේ ගේම් වලට බොක්කෙන්ම බහින්න ඕනේම වෙලාවක රෙඩි වෙලා ඉන්න නිසා අළුතෙන් ගෙනාපු ඔපරේශන් වයිප් අවුට් ප්ලෑන් එකත් එක්ක බ්‍රයිටගේ ඉඳන් පාංකඩයා දක්වා ඉන්න හැම එකාම එකතුවුනා . 
                         සීය ගානේ නෙවෙයි තියෙන උන් දෙතුන් සීය ගානේ සම්මාදමට දායක වුනා. අන්තිමට පන්ති හතරකින් රුපියල් දොලොස්දාස් ගානක් එකතුවුනා .

ඔපරේශන් වයිප් අවුට් , පළවෙනි කොටස යෙදිලා තිබුනේ අපි සල්ලි එකතු කරපු ඉන්ටර්වල් එකට පස්නේ තිබුන පලවෙනි පීරියඩ් එක වුනු ගණිතය පීරියඩ් එකේදී .
                                        පුශ්පකුමාර ගැන්සියේ හිටපු ගුරුවරියක් විදිහට ප්‍රසිද්ද වෙලා හිටපු ඇන්ටිමනී මිස්  වෙනදා වගේම පැද්දි පැද්දි පන්තියට ආවා . ඇන්ටිමනී කියන්නේ එයාගේ නම නෙවෙයි , අපි දාපු නමක් .........මේ ටීචර් අඳින්නෙම පිටෙන් භාගයක් නැති සාරි ජැකට් ඒ වගේම බුරියටත් අඟල් හය හතක් පාත් වෙන්න සාරිය , ඇන්ටිමනී  කියන්නේ ආවර්ථිතා වගුවේ මූලද්‍රව්‍යක් කියලා දන්නවා ඇතිනේ සංබේතය වෙන්නේ Sb  අපි මේ ටිචර්ට මුලින්ම නම දීලා තිබුනේ සෙක්සි බඩුව ( sexy baduwa ) කියලා ඉතින් ඔය වචන දෙකේ මුල අකුරු වෙච්ච  Sb දෙක එක තැන තියලා Sb වෙනුවෙන් තියෙන හොඳ වචනෙ වෙච්ච ඇන්ටිමනී කියන නම ටීචර්ට රෙජිස්ට් කලා .
                               කුමන්ත්‍රනයේ මූලික අදිර ලෑස්තී . ටීචර් ඇවිත් උගන්වන්න පටන් ගත්තා  වෙනද එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉන්න අපි සෙරම අද හෙන උනන්දුවෙන් පාඩම අහගෙන ....... ටීචර්ට නිකං මොකද්ද වගේ ඇයි යකෝ වෙනදා වගේ නෙවෙයි ...... කවුරුත් කෑගහන්නෙ දඟලන්නේ නෑ .කවුදෝ මන්දා පුටුවක් පිට්පස්සට අදින සද්දයක්, ඔන්න අපි බලාගෙන හිටපු සංඥාව මෙච්චර වෙලා කඳ කෙලින් තියාගෙන හිටපු සේරම උන් ඔළුව ඩෙස් එකේ තියාගෙන පොත අරගෙන ඔළුව වහගත්තා . ළමයි පනහක් ඉන්න පන්තියක හැම එකාම පොත් ඔළුවෙ තියාගෙන නිදාගෙන ඉන්නව දැක්කහම කොහොමද...

තමුසෙලාට මොකද වෙලා තියෙන්නේ , ආහ් ..... උගන්වන්න ඕනේ නැද්ද .......ඔළු උස්සනවා . මොකද්ද මේ විකාරේ ....... ඇන්ටිමනී ඔහේ කියවනවා , අනේ අපිටනං තඹ සෙම්බුවක ගානක් නෑ .

හිටපල්ලා මං ප්‍රින්සිපල්ව එක්කං එන්නං , එතකොට කට්ටියගේ රැස් බහින්නේ නැතෑ ......
විනාඩි විස්සක් විතර නවත්තන්නේ නැතුව බැනප ඇන්ටිමනී ටීචර් පන්තියෙන් එලියට ගියෙ එහෙම කියාගෙන ......

අඩෝ හරි දැන් දෙවනි කොටස ......... සමිරයා එහෙම කියාගෙන පොත් සේරම ඔබාගෙන  බෑග් එක කරට ගත්තා . 

කට්ටියම බොහොම කලබලෙන් පන්තියේ ඩෙස් පුටු එහෙට මෙහෙට ඇඳලා මේස ටිකක් විතරක් පන්තියෙ මැද තියෙන විදිහට පන්තිය හැදුවා . පුටු සේරම පන්තිය වටේට . අනිත් පන්තිවලට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න බොහෝම හෙමින් තමයි මේ වැඩේ වුනේ හැබැයි වේගෙන් . විනාඩි දෙකක් යන්න කලින් වැඩේ හරි ......
සනිදුවා අපි කලින් ලෑස්ති කරගත්තු බෝඩ් කෑල්ල . මේස ටික උඩින් තිබ්බේ පන්තියට ඇතුල් වෙනකොටම පේන විදිහට ....

අපි එන්න කලින්,,



ඇන්ටිමනී , කොම්පිතර , සමසමාජ , ඇස්ගුල්ලා,...... තොපි සේරම පල.....



පිනා ( පුශ්පකුමාර ) , තෝ අනිවාර්යයෙන්ම පල                 
      


                                          

                                         බොහොම පැහැදිලි අකුරින් ඒ බෝඩ් එකේ ලියලා තිබුනේ එහෙමයි ....... පිනා එන්න කලින් පන්තියෙන් පිටවුන අපි තාප්පෙන් පැනලා ගෙවල් වලට ගියේ ඔපරේශන් වයිප් අවුට් තුන්වෙන් කොටස වෙච්ච දවසක් පාසල වර්ජනය කිරීම කියන එක හෙට දවසේ කරන්න හිතාගෙන . ඊට අමතරව තුන්වෙන් කොටසෙම අනු අංගයක් විදිහට අද රෑට ගුරුනිවාසෙ වටේට හිස් අරක්කු බොතල් තියන වැඩේ ඉස්කෝලෙ ලඟින්ම පදිංචි වෙලාහිටපු සෙට් එකකට පවරන්නත් අමතක කලේ නෑ 
                               ඇන්ටිමනීට විරෝධය අපේ විදිහට පලකලාට පස්සේ දවසේ අපි කවුරුත් ඉස්කෝලෙ ගියෙ නෑ.එදා දවස මුලු 10 වසර සෙක්ශන් එකම නිවාඩු අරන් . උදේ නැගිටලා මිදුලට එන කොටම පේන්න තිබුන හිස් අරක්කු බොතල් තොගේ නිසා පුශ්පකුමාර සර් අම්බානක මලෙන් ඉන්නවා කියන එක අපේ සන්තෝසේ වැඩිකරන ආරංචියක් වුනේ ඔපරේශන් වයිප් අවුට් හොඳින් ක්‍රියාත්මක වෙන නිසා .
                            වයිප් අවුට් අවසාන කොටස යෙදිලා තිබුන දවසේ අපි ඉස්කෝලෙට එකතු වුනේ උදේ 6.30 ට.පරක්කු වුනොත් වැඩ වරදින්න තියෙන ඉඩ වැඩිනිසා දෙතුන් දෙනෙක් හැරෙන්න අනිත් සේරම වගේ ඒ වෙලාව වෙනකොටත් ඇවිල්ලයි හිටියේ . හැමෝගෙම හිත්වල උනන්දුව වගේම බය කියන එකත් අඩු නැතිව එකතු වෙලා තිබුනා . 
                          අවසාන කොටසේ පලවෙනි අදීරය වුනේ , දෙවනි තට්ටුවේ තිබුන අපේ සෙක්ශන් එකට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බැරිවෙන විදිහට පඩිපෙල බ්ලොක් කරන එක , උඩට එන්න තිබුන පඩිපෙලවල් දෙකම පන්ති දෙකක තිබුන ඩෙස් පුටු සේරම දාලා බ්ලොක් කරලා පස්සේ දහය වසර සෙක්ශන් එකේ තිබුන හැම ජනේලෙයක්මත් වහලා දැම්මා ....... දැං පලවෙනි කොටස සාර්ථකයි . වැඩ කටයුතු ඔහොම වෙන අතරේ තුන්වෙනි තට්ටුවේ හිටපු ඒ ලෙවල් ආර්ට් පන්ති ටිකත් අපිත් එක්ක අමතර සේනාංක විදිහට එකතු වුනා . අනිත් උන්ට එකතු වෙන් බෑ මොකද කාටවත් එන්න බැරි වෙන්න අපි පඩිපෙල හරස් කරලා තිබුන නිසා . ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක ගැහුවා . 
                                එලියේ ඉන්න හැමෝම කලබල වෙලා ........ ඇයි දෙයියනේ පඩිපෙලවල්  දෙකක් සීල් වෙලානේ. 
                                 ඔය අතරේ   තඩිම තඩි  පොහොර මලු තුනක් උස්සගෙන ආපු අයියලා තුන්දෙනෙක් , සැලස්මේ ඊළඟ අදීරය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා . මලු තුන පිරෙන්න තිබුනේ තුන්හුලස් , රතිඥ්ඤා. වගේම අහස්කූරු .
                                        පන්සිල් ගන්න පටන් ගන්න ගහන දෙවනි බෙල් එකත් එක්කයි අපි අපේ වැඩේට මුල පිරුවේ .......... අපේ පන්තියට යාර දහයක් විතර ඉස්සරහින් පහලින් පේන්න තියෙන විදුහල්පති කාමරේ හොයාගෙන එක වේගෙන් පියාඹගෙන ගියපු අහස්කූරු වැස්සකින්.
                              එතනින් එහාට කිසිම පාලනයක් තිබුනේ නෑ , ඉස්කෝලෙ ඇතුල නන්දිකඩාල් කලපුව වගේ වෙන්න පටන් ගත්තා . අහස්කූරු  , රතිඤ්ඤා , අහස්කූරු ඉස්කෝලේ වටේම තිබුනු පුශ්ප කුමාර සර්ගේ බංකර් හොයාගෙන පියාඹලා ගියා . අපේ පහරදීම සාර්ථකයි .... කොම්පියුටර් ලැබ් එකට වැටුන තුන්හුලස් වලින් කූල් වෙච්ච කොම්පීතර සර්ගේ ගුරු විවේකාගාරයේ ආරක්ශාව හොයාගෙන දුවන්න පටන් ගත්තා . විදුහල්පති අළුත් සර්ට තමන්ගේ කාර්්‍යාලයේ මේසේ යට හැංගෙන්න වුනේ  මිනිහා එලියට එන්න හදන හැම වෙලාවෙම තමන්ව ඉලක්ක කරගනෙ අහස්කූරු කන්දක් පියාඹගෙන එන්න වීම නිසා . 
                           එක පාරටම පටන් ගත්තු ගිනි කෙලි සංදර්ශනේ නිසා පැයක් යන්නත් කලියෙන් මුලු බොරැල්ලම ඔකද වෙලා . දෙමාපියෝ ඉස්කෝලෙ වටේට එකතු වෙන්න පටන් ගත්තා . අපි බලාපොරොත්තු නොවුන විදිහට දෙමාපිය සහයෝගයත් අපේ ඔපරේශන් වයිප් අවුට් එකට ලැබෙන්න පටන් අරන් .අළුත් සර්ගේ කුහක වැඩ ගැන දෙමාපියොත් බොහොම තරහෙන් තමයි ඉඳලා තියෙන්නේ.
                                                                ඇතුලෙ යුද්දෙ බොහොම දරුණු විදිහට යනවා . 
  පැයකට විතර පස්සේ පුශ්පකුමාර  සේනාව අපි අවහිර කරපු පඩිපෙල හරහා උඩට එන්න හෙන ගේමක් දෙන්න ගත්තත් එක දිගට කකුල් වලට වැටුන රතිඤ්ඤා කරල් ඒ උත්සාහය හීන කලා බොහොම අමාරුවෙන් කාගෙන පඩිපෙලේ බායක් නැගපු කැඩෙට් ප්ලැටුන් එක බාර සර්ටත් පහු බහින්න වුනේ පඩිපෙලේ උඩ ඉඳන් ලේන්සුවලින් මූනේ පහල කොටස වහගත්තු ඒ ලෙවල් ගැන්සි කොහෙන්දෝ හොයාගත්තු පොලුවගේකින් සන්නද්ද වෙලා ඉන්නවා දැක්ක නිසා .වැරදිලා හරි උඩට ගියා නං අම්බානක ෆෝම් වෙලා ඉන්න කොල්ලො නිසා  සර්ගේ ඇට ටික එකතු කරන්න වෙන්නේ සවලකින් තමයි .                                                                                             පහු බැහැපු පුශ්ප කුමාර ගැන්සිය සංගීත කාමරේ ඇතුලට රිංගනවා දැක්කා . ඊට පස්සේ දෙවනි තට්ටුවේ දහය වසරෙන් සංගීත කාමරේට එල්ලවුනේ බොහොම දරුනු ප්‍රහාරයක් තුන්හුලස් වැල් පිටින් සංගීතකාමරේ ටියුන් කරන්න පටන් ගත්තා . දෙවනි තට්ටුවේ ඉඳන් සංගීත කාමරේ වහලෙට පැනපු අපේ ගරිල්ලා බටයෝ වහලේ තිබුන උලු එහෙ මෙහෙ කරලා එතනිනුත් ඇතුලට පහර දෙන්න ගත්තා . ඒ දරුණු ප්‍රහාරය නැවතුනේ ඇතුලේ හිටපු දෙන්නෙක්ගේ කලිසම් වලට ගිනි ඇවිලිලා ටැප් එක පැත්තට දුවන් ගත්තට පස්සෙයි ......
                                           මේ වෙද්දි සිද්ධිය සමථයකට පත්කරන්න හිතාගෙන පොලීසියෙනුත් අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් ඇවිත් හිටපු නිසා අවහිර කරපු පඩිපෙල ක්ලියර් කරගෙන අපි විදුහල්පති කාමරය වටකරගත්තා . ඉතුරු වෙලා තිබුන රතිඤ්ඤාටිකත් පත්තු කරලා කාමරේ ඇතුලට විසිකරපු අපි එක හඩින් කිව්වේ විදුහල්පති මේ දැම්මම තියෙන කොට්ට පැදුරුටික අකුලං යන්න ඕනේ කියන එකයි. 
                                             උදේ අටට පටන් ගත්තු ඔපරේශන් වයිප්අවුට් නතර කරලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආපු මහත්තුරුන්ට සාකච්චාවක් දෙනකොට වෙලාව දොලහත් පහුවෙලා . ඒ මහත්තුරු අළුත් පුශ්පකුමාර සර්ව අදම වෙන තැනකට යවන්ත් . මේ ඉස්කෝලෙ කරපු වැඩ ගැන පරීක්ශනයක් තියන්නත් තීරණය ඇමති තුමාගේ නියෝගයක් යටතේ තීරනය කරලා . 
                     ඒ නිසා මේ වැඩේ නවත්තලා හොඳ ළමයි වගේ ගෙවල් වලට යන්න කියලා . පොලොවෙ හැපි හැපී ඒ මහත්තුරු ඉල්ලා හිටියා . 



කෙටියෙන්ම කියනව නං අපි සටන දිනුවා . ඔපරේශන් වයිප්අවුට් නිසා අමාත්‍යංශයෙන් කරන්න ඕනේ වැඩ ටික ඉක්මනට කරවන්න අපිටපුලුවන් වුනා . විදුහල්පති කාර්්‍යාලයේ අරක්කු බොතල් තියාගෙන හිටපු අළුත් සර් කැලනියේ ගුරුකු**** ඉස්කෝලෙට ගියපු බවත් එතනිනුත් බොහොම කෙටිකාලෙකින් ළමයින්ගේ විරෝධය නිසා වෙන තැනකට යන්නත් වුන බව දැන ගන්න ලැබුනා .අළුත් සර්ගේ වටේට ගොට්ට අල්ලගෙන හිටපු මානසික රෝගියොන්ට දුශ්කර පලාත්වල පනිශ්මන්ට් ට්‍රන්සර් ලැබුනා. හැබැයි ඔපරේශන් වයිප්අවුට් නිසා අපේ ඉස්කෝලෙට තිබුන මදාවි කියන නම තවත් දෙතුන්ගුනයකින් වැඩි වුනා.
               
 පහුගිය මාසේ සෙනසුරාදා දවසක්......... බොහොම සාමාන්‍ය දවසක් වුනත්  නාරහෙන්පිට අපේ සයිට් එකේ වැඩට එනකොට මුන ගැහුන චරිතයක් නෙවෙන්න මට මේ කථාව ලියන්න නොහිතෙන්න ඉඩ තිබුනා . 
                                                          ඒ වෙන කවුරුත් නෙවෙයි , ඔපරේශන් වයිප්අවුට් සැලස්ම මුලින්ම ඉදිරිපත් කරපු ඩප්පියා . මිනිහා දැන් යුධ හමුදාවේ ෆුට්බෝල් ස්කොඩ් එකේ සාමාජිකයෙක් . ඩප්පියා කියපු විදිහට  අපේ සටනේ ඉස්සරහින්ම හිටපු ලොම්බා දැන් වෙළඳ නැවක සේවයට බැදිලා .. සනිදු නං ඇමරිකාවේ ගිහිල්ලා ජොබ් එකකට . කොහෙම හරි වේවා එදා ගේම ඇදපු හැම එකාම , මාත් ඇතුලුව අද වෙනකොට හොඳටම නැතත් හොඳ තැනක ඉඳීම ගැන මට තියෙන්නේ මුලු හිත ඇතුලෙන්ම එන සන්තෝසයත් එක්ක ආයේ උන්ව ලේසියෙන් හම්බ වෙන්නේ නෑ නේද කියන දුකත් මිශ්‍ර වෙච්ච අමුතුම හැඟීමක් .




                                   
                         

Tuesday, October 15, 2013

කැරැල්ලක් !!!!

         





                           දිනුම කෙසේවෙතත් පැරදිලා ඉවරයක් නැති මගේ ජීවිතේ මේ කථාව සිද්ද වෙන්නේ අපේ  ඉස්කෝලේ සුදු  දිග කලිසමට බැහැපු මුල්ම මාස කීපය ඇතුලත..........
                            මාස කීපයක් ඇතුලත සිද්දවුන සිද්ධි දාමයක් නිසා අපි හැමෝගෙම ජීවත හිතාගන්නවත් බැරි තරම් වෙනස් වුනා කියලා කිව්වොත් වැරද්දක් නෑ .
                                    කොළඹ හතට පොඩ්ඩක් මෙහාට වෙන්න පිහිටලා තිබුන අපේ ඉස්කෝලේ ප්‍රසිද්ධ වෙලා තිබුනේ මැරයින්ගේ පාරාදිසයක් විදිහට .ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ඒ ඉස්කෝලෙට ආපු බහුතරයක් කොල්ලො ජීවත්වුනේ වනාතමුල්ලෙයි මැගසින් රෝඩ් එකෙයි වීම නිසා .අපේ ඉස්කෝලවල වරගවාදය නෑ , කවුරුවත් පහත් කරලා සලකන්නේ නෑ කියලා බණකියන රටේ , කොළඹ කොයි කවුරුත් අපේ ඉස්කෝලෙ දිහා බලාගෙන කෙල ගැහුවා . එහෙම කලේ ඒකේ ඉගනගන්න උන්ගේ වැරද්දක් නිසා නෙවෙයි . ඉගන ගන්න උන් පදිංචිවෙලා ඉන්න පලාත නිසා . 
                          කෙටියෙන්ම කිව්වොත් දෙමාපියන්ගේ වැරදි වලට දරුවන්ගෙන් පලිගැනීමක් තමයි සිද්ද වුනේ .ගුරුවරු කරන්නේ ජොබ් එකක් නෙවෙයි සේවයක් කියලා පූජනියත්වයට පත්වෙන්න හදන ගුරුවරු අපේ ඉස්කෝලෙට ගුරුපත්වීමක් ලැබෙනවා කියලා කියන්නේ දුශ්කර පලාතකට ගුරු පත්වීමක් ලැබෙනවටත් අන්ත විදිහටයි සැලකුවේ.
                                  කොළඹ තිබුන ඉස්කෝලවලට තිබුන පහසුකම් වලින් 1%ක් වත් අපිට තිබුනේ නෑ . කොටින්ම කියනව නං අපිට වතුර බොන්න තිබුනේ එක ටැප් එකයි . 
                                         ඔහොම තත්වෙක ඉස්කෝලෙ තියෙද්දි  බලෙන්ම වගේ අපේ ඉස්කෝලෙට පත්වීමක් හදාගෙන ආපු එතුමා විදුහල්පති කෙනෙක් නෙවෛයි දෙවි කෙනෙක් , මුලු ඉස්කෝලෙම වෙනස් කලා . පුස්තකාලයක් , අළුත් ජල නල පද්දතියක්  , පරිඝනක විද්‍යාගාර දෙකක්  ,අළුත් ගොඩනැගිලි ............. ඔය වගේ තවත් ගොඩක් දේවල් අපේ දුප්පත් ඉස්කෝලෙට අරන් දීලා තරමක තත්වෙකට අරගෙන ආපු ජයසෙන සර් , තමන්ගේ සේවාකාලය ඉවර කරලා විශාම යන්න තීරනය කලෙත් අපි දිග කලිසමට බැහැපු මුල්ම දවස්වල.
                                            වෙන ගුරුවරයෙක් විශ්‍රාම යනවා කියලා කියන්නේ අපිටනං නත්තල් වගේ සීන් එකක් වුනාට ජයසේන සර් ගියපු දවස කියන්නේ මුලු ඉස්කෝලෙම අඬවපු දවසක් .
                                           කියන්න යන  සිද්ධිය පටන් ගන්නේ ඊට පස්සේ  අපේ ඉස්කෝලෙටෙ පත්වීමක් අරන් එන විදුහල්පත් තුමාගේ පැමිණීමත් එක්ක .
                               ජයසේන සර් නිසා අපේ ඉස්කෝලේ ඉන්න හැම කෙනෙකුගේම හිත්වල විදුහලපති කියන චරිතයට පුදුමාකර ගෞරවයක් ඇත්වෙලා තිබුනා . ඒ නිසා අළුත් විදුහල්පති තුමාව බොහොම හරසරින් බේස්ලයින් පාරේ ඉඳන් පටන් ගත්තු පෙරහැරක් එක්ක ඉස්කෝලෙට කැන්දන් ආවා.
                                   හිටපු ලොකු සර්ට පිං සිද්දවෙන්න ඉස්කෝලේ හදපු එලිමහන් රංඟපීඨයේ තමයි අළුත් සර්ව පිලිගන්න උත්සවය සංවිධානය වෙලා තිබුනේ . 
                            ඉස්කෝලෙ විවාද කන්ඩායම් නායකයා විදිහට විදුහල්පති තුමාව පිලිගන්න කථාව කලේ මම ,  අළුත් විදුහල්පති තුමාව බොහොම ගෞරවයෙන් පිලිගන්න ගමන් පරණ විදුහල්පති තුමාව අගය කරන්නත් ඒ කථාවෙදි අමතක කලේ නෑ . ඊට පස්සේ තිබුනේ අළුත් විදුහල් පති තුමාගේ කථාව .
                   එතුමා බොහෝම වටිනා කියන ඇඳුම් කට්ටලේකින් සැරසිලා , සුදු පාට කෝට් බෑයක් එහෙම පොරවගෙන තමයි හිටියේ .
                      පෙරහැර පටන් ගනිද්දිම දාපු මල් මාලාවලින් බෙල්ලෙ බාගයක් වැහිලා තියෙද්දි වේදිකාවට ගොඩවුන විදුහල්පති උත්තමයා කථාව පටන් ගත්තා. මුළු කථාවම මතක නැතත් කවදාවත් අමතක නොවෙන ඉතිහාසගතවෙන වර්ගයේ කථාවක් උන්නාන්සේ කලා කියලානං හොඳටෝම මතකයි .
"ගරුතර සංඝරත්නයෙන් අවසරයි , මුලින්ම කියන්න ඕනේ මගේ ගුරු ජීවිතයේ මුහුණ දුන්න පිලිගැනීමේ උත්සව අතරින් දුර්වලම උත්සවය තමයි මේක ............. ඉස්කෝලෙ ඉන්න එක ලමයෙක්ගෙන් රුපියල් 10 ගානෙ එකතු කරලා වුනත් මීට වඩා දෙයක් කරන්න පුලුවන් කම තිබුනා............"
                         මෙච්චර වෙලා හිනා කටක් පුරවගෙනඅළුත් සර් ගැන බලාපොරොත්තු දාහක් හිතේ තියාගෙන හිටපු  අපි හැමෝගෙම මල් මල් හිත් සේරම ටික බිමටම කඩාගෙන වැටුනා.
                                   විදුහල්පති උත්තමයාගේ කථාව ඉවරවුනේ යුද්ධෙකට ඕනෙ කරන වටපිටාව නියම විදිහට ඉස්කෝලෙ ඇතුලෙ නිර්මාණය කරන ගමන් .
".......... මට දැන ගන්න ලැබුනා අර පිලිගැනීමේ කථාව කලේ විවාද කන්ඩායමේ නායකයා කියලා . ඇත්තටම ඒ කථාවෙන් මට තේරුනේ අළුතෙන් විවාද හා කථික සංගමයක් පිහිටවලා හොඳන් පුහුනු කරන්න ඕනේ කියන එක....... එකට ඕනෙ කරන කටයුතු මං සූදානම් කරනවා ......"
                         අති උත්තම විදුහල්පති තුමාගේ ඒ කථාවත් එක්කම විවාද සංගමය බාරව හිටපු මුලු ඉස්කෝලෙම ගෞරවය ආදරය අඩු නැතුව දිනාගෙන හිටපු ගුරුතුමිය සභාව ඉස්සරහදිම නැගිටලා යන්න ගියා . අපිටත් යන්න ඕනේ කම තිබුනට තාම ළමයි කියන එක හිත ඇතුලේ තිබුන නිසා අකමැත්තෙන් වුනත් උත්සවේ ඉවර වෙනකං ඉන්න සිද්ධ වුනා  . 
                 උත්සවේ නිවේදන කටයුතු බාවෙලා හිටපු මාධ්‍ය ඒකකයේ කොල්ලො ටිකත් වැඩේ නවත්තලා දාලා පිට්ටනිය මැදට ආපු නිසා නිවේදන කටයුතු ගුරුවරයෙකුට බාරගන්න සිද්ද වුනා .
                             ඔන්න ඔය විදිහේ බොහොම භයානක වටපිටාවක් විනාඩි කීපයක් ඇතුලත නිර්මාණය කරලා තියපු අළුත් සර් පිලිගැනීමේ උත්සවය අවසාන වුනා .
                      වේදිකාවෙන් බිමට බහිනකම්ම බෙල්ල තිබුන මාලෙ ගැලෙව්වෙ නැති නිසා අළුත් සර් ඇවිල්ලා පැයක් යන්නත් කලියෙන් පුශ්පකුමාර වුනා .
                පුශ්ප කුමාර සර් කියපු විදිහටම වැඩ පටන් ගත්තා , එක ළමයෙක්ගෙන් රුපියල් 50ගානේ එකතු කරලා විදුහල්පති කාමරයේ තීන්ත ගාගත්තු එතුමා ඊටපස්සෙ කලේ විවාද සංචිය විසුරවා හැරලා  අළුතෙන් පත්වෙලා ආපු කොම්පීතර සර්ගෙත් සමාජ අධ්‍යනය මිස්ගෙත් ප්‍රධානත්වයෙන් අළුත් විවාද කන්ඩායමක් පටන් ගත්තු එක .පරණ උන්ට ඒ පැත්තේ එන්න එපා කියලා නීතියක් දාපු අපේ කොම්පීතර සර් අළුත් සෙට් එක පුහුණු කරන්න ගත්තා . 
                        ඒ විතරක් නෙවෙයි , තෝරගත්තු කොටසක් හැමදාම කොම්පියුතර පන්තියෙන් එලියෙ තියන්නත් පටන් ගත්තා . මේ විදිහට කොටසක්  කොන් කරන්න හේතුවක් හිතාගන්න අමාරුවුනත් , කොන් වෙන්න වෙලා තියෙන්නේ ඉස්කෝලෙ ළමයි වෙච්ච අපිට විතරක් නෙවෙයි කියන එක මේ වෙද්දි තේරිලයි තිබුනේ . 
පරණ විවිධ කන්ඩායමත් ඇතුලත්ව අනිත් හැම කාණ්ඩයක්ම බාර වෙලා හිටපු ගුරුවරුන්ටත් සිද්ද වෙලා තිබුනේ මේ සන්තෑසියම තමයි .




‍                  කාට කාටත් සිද්දවෙමින් තිබුන අසාධාරණය කියාගන්න තැනක් නැතිකම නිසාම කුඩම්මගේ සැලකිල්ලට පාත්‍රවුන අපේ කල්ලිය ඒ ගැන අමතක කරලා ඉන්න තීරනය කලා . බොහොම අපහසුවෙන් ගෙවපු සති කීපයකට පස්සේ තමයි අපේ ඉස්කෝලේ ස්පෝට්මීට් එකට ප්‍රැක්ටිස් පටන් ගන්නේ .......
                          හය හත වසරවල් වලදි පැනගෙන ගියාට මොකද කකුල් දෙක දික්වෙන්න වෙන්න මං ක්‍රීඩාවෙන් ටිකක් ඈත්වුන චරිතයක් වුනා . ඒත් මේ ස්පෝට්මීට් එකට නං කොහොම හරි පෙනී ඉඳලා තියෙන සහතික ගොන්නට ක්‍රීඩා සහතික කීපයක් එකතු කරගන්න හීනෙට පන දෙන්න මං හිටියේ බොහෝම ආසාවෙන් .
                                              අවුරුදු ගානක් තිස්සේ තරඟෙට දුවන්නේ නැතිව ලබ්බ තිබ්බා වගේ ඉඳලා  ඉස්කෝලෙ ඉන්න ධාවන ශූරයොත් එක්ක හැරෙන්නවත් බැරි බව  අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ  . ඒ නිසාම විසිකිරීමේ තරඟ පැත්තට වැඩි අවධානයක් දුන්නා ......
දවසින් දවස ගෙවිලා ගිහින් නිවාස වලින් තරඟ වලට ඕනේ කරන කට්ටිය තෝරන දවසත් ආවා . 
                          පන්තිවලින් එලියට බැහැපු අපිට වෙනදා ක්ලීන් එකට පේන පිට්ටනිය නෙවෙයි අද පේන්නේ . තනිකරම දූඹුරු පාට වලාකුලක් ඒ වලාකුල ඇතුලෙන් ලාවට පේනවා ........,,මුළු පිට්ටනියෙම හෝ ගාලා සෙනග ,කට්ටියක් දුවනවා ....... තව උන් ටිකක් දුවන උන් ඉන්න පැත්තටම කව පෙත්ත විසික්කරනවා , එක් දිහා බලාගෙන ඉන්න ක්‍රීඩා ගුරුතුමා කව පෙත්ත විසික් කරපු උන්ගේ ජාතිය අමතනවා . අපරාදෙ කියන්න බෑ අපේ උන් හෙනම ආතල් එකේ බැනුං අහනවා .
                         කලිනුත් කිව්වා වගේ අපේ ගල් ආඳොත් එක්ක දුවන්න ගිහින් තියෙන තත්වෙ නැති කරගන්නේ නැතුව , ආතල් එකේ විහිලුවට  කරනවා කියලා වටේටම බෙර ගහලා හෙල්ල විසිකිරන පොට් එකට ගියා . අපේ උන් මොකක් හරි පිස්සුවක් කෙලලා හෙල්ලෙන් ඇනලා දෙතුන් දෙනෙක්ව මරයි කියන බය හින්දා හෙල්ල විසික්කරන්න තෝරගෙන තිබුනේ අලුත් කක්කුස්සි පේලිය ගාව කෘශිකර්මය සර් හදලා තිබුන පතෝල මැහි තිබුන බිම් තීරුව.
                         තෝරා ගැනීම් පටන් ගත්තා , ඒ ලෙවල් අයියෙකුගේ විසිල් පාරට එකා දෙන්න ෆුල් ඩම් එක දාලා දුවගෙන අග උල්කරලා තිබුන යකඩ රිට විසික් කරලා එනවා . සමහර උන් විසික් කරන හෙල්ල මීටර් දහයක් වත් දුර යන්නේ නෑ , හුඟක් උන් විසි කරන හෙල්ල වැටෙන්නේ උල බිම ඇනෙන විදිහට නෙවෙයි , මිට බිම ඇනෙන විදිහට , තවත් සමහරුන්ගේ හෙල්ල උඩින් යනවට වඩා දුරක් බිම දිගේ ඇදිලා යනවා .දහ පාලොස් දෙනෙක්ව අධ්‍යයනය කළාට පස්සේ ඔන්න යන්තං හිතට  ෆිට් , මොකද ඉතිං වැරදුනාට චාටර් එකක් නෑනේ , හැමෝම කෙල ගන්නවානේ .
පුර්ෂ ධෛර්්‍යය හිතට අරගෙන  සූර පප්පා ඒකෙදි හෙල්ල විසික්කරන විදිහත් මතක් කරගෙන ඔන්න දිනෙල්කයත් හෙල්ල අතට ගත්තා . 
                                                    ෙකලින් දෙතුන් පාරක් ඔය කියන හෙල්ල අල්ලලා තිබුනට කවදාවත් විසික්කරලා නෑ .අන්තිම පාර ඇල්ලුවාට වඩා සැහැල්ලුවට දැනුන නිසා හිතේ තිබුන ෆිට් එක තවත් ටිකක් වැඩි වුනා .

"මෙහෙමයි මල්ලි , ඔය හෙල්ල ඔයාගෙ උරහිසට සම මට්ටමින් හරි ටිකක් උඩින් හරි තියාගෙන දුවන්න . විසි කරද්දි අංශක 30කට වඩා වැඩිපු  වෙන්න අල්ලලා විසි කරන්න . තේරුනාද ?"

"අම්මට සිරි කොහොමද කෝනේ මනින්නේ ? "

"හාල් ගරපං .......... ඔන්න ඕක හිතේ මිම්මට විසි කරලා වරෙං ආවා කොණෙ  මනින්න !!"

              නිවාස නායකයාගේ දරුණු වාග් ප්‍රහාරයත් එක්ක විසිල් එකටත් කලියෙන්ම මං  දුවන්න පටන් ගත්තා . සීමා ඉර ගාවදි නැවතිලා ඇඟේ තිබුන හයියයි හිතේ තිබුන හයියි දෙකම එකතු කරලා හෙල්ල දකුන අතින් අත ඇරියා . එහෙම අත අරින ගමන් පපුව පිරෙන්න හුස්ම අරන් ගිරිය යටින් කෑගහන්නත් අමතක කලේ නෑ , මොකද ලොකු ලොකු තරඟ වලදි හෙල්ල  විසික් කරන උන් එහෙම කෑගහනවා මං අහලා තියනවා . 
                ඒත් කෑගැහිල්ල වැඩි වුනාද මන්දා ,  මුලු පිට්ටනියෙම හිටපු උන්ගේ අවධානය හෙල්ල විසික්කරන තැනය ආවා . ප්‍රථමාධාර කන්ඩායම ඈතින් දුවගෙන එනවා පේනවා . උන් හිතන්න ඇත් කාගෙ හරි පපුව හිල් වෙන්න හෙල්ල ඇනිලා කියලා .

"ඔවුවුවු..........දිනෙල්කයාගේ අතින් නිදහස්වූ හෙල්ල , බන්දුල සෙනවියාගේ හීසරයක් මෙන් අහස දෙබෑකරමින් ඇදී යනවා අපිට පෙනෙනවා ............. උල බිම ඇනෙයිද .....බිම ඇනෙයිද .......ඇනෙයිද.....ඇනෙයිද  "  ආතල් කොමෙන්ටේටස් කොරන දෙතුන් දෙනෙක්ගේ සද්දේ බොහොම පැහැදිලිව ඇහෙනවා .

             අන්තිමට තත්පර හතරක් පහක් අහසේ රැදිලා තිබුන හෙල්ල මං හිටපු තැනින් සෑහෙන දුරක් ගිහින් බිම ඇනුනා ...... ඔවු , පලවෙනි වතාවට උල බිම ඇනුනා . දුර මනින උන් ටේප් එකකුත් අරන් ඒ පැත්තට දුවන්න ගත්තා .....

මීටර් 41.75යි ...... "
             ඒ වෙනකොට වාර්ථාවුන දෙවනි වැඩිම දුර ............. මගේ පුංචි හිතේ මල් පිපෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ ......  දැං ඉතිං ස්පෝට්මීට් එකට අපේ නිවාසෙන් හෙල්ල විසි කරන උන් දෙන්න අතර මාත් ඉන්නවා .

ඒක ෆවුල් නේද !!! මං ඈත ඉදන් බලාගෙන හිටියේ ........." අපේ අළුත් කොම්පියුටර් සර් එහෙම කියාගෙන අපේ පැත්තට ආවේ මං ජයග්‍රහනය සමරමින් ඉන්න අතරෙයි .

නෑ සර්  අවුලක් නෑ ...... ඉර පැන්නෙ නෑනේ ........." නිවාස නායක  එහෙම කියාගෙන සර් ඉන්න පැත්තට ගියා .

නැත්තෙ මොකද මං දැක්කනේ , මෙයා විසික් කලේ ඉර පාගලා , ඒක ෆවුල් .......... ඊට අඩුවෙන් දුර විසික් කල කෙනාව දාන්න තරඟෙට , එතන ගිහිල්ලත් ෆවුල් දැම්මොත් අපේ නිවාසෙට තමයි නෝන්ඩිය ...."
කොමිපීතරයා ගේම අත අරින්නේ නෑ .....
              මගේ හිතේ සති ගානක් තිස්සේ එකතුවෙලා තිබුන කේන්තිය පුපුරන්න සෑහෙන්න ලං වෙලා තිබුනේ ,බොහොම පැහැදිලිව විසික් කරලා තියෙද්දිත් මේ වගේ බොරුවට චෝදනා කරන එක තවත් ඉවසන්නේ කොහොමද !!!!!!





නෑ නෑ සර් මං නේ ඉර බලන්න හිටියේ මෙයා ඉර පෑගුවේ නෑ ...... මේ දෙන්නව දාලා දාමු එකයි දෙකයි දෙකම අපිට ලැබෙයි සර් . "

තමුන්ට ඒ පඬි කථා වැඩක් නෑනේ මේකාව අයින් කරලා වෙන කෙනෙක්ව දානවා ...... නැත්ත ..... "
දැන් නං ඉතිං ඉවසුවා ඇති ,

ඇයි නැත්තං ඔයා මොනවා කරන්නද ???? මගෙත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද සර් !! තියෙනව නං කථා කරමු . මෙහෙම බලු වැඩ කරන්න එපා ................... " අනිත්මට මගේ කටටත් පන ආවේ ඔහොමයි .
                පුතේ උඹට අසාධාරනයක් වෙනව නං කථා නොකර ඉන්න එපා ,අඩො තිව්වොත් උඹත් අඩෝ කියපං . උඹට ගහනව නං උඹත් ගහපං ...........ගුටි කාලා උඹ ඉස්පිරිතාලෙ ඉන්නව නං උඹට ගහපු එකා එහා ඇඳේ ඊට වඩා අමාරු වෙලා ඉන්න ඕනේ ...... මගේ තාත්තා වගේම සීයත් පුංචි කලේ ඉඳන් මාව ඔඩෙක්කුවේ තියාගෙන ඔහොම කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයිනේ ......

මොනව උනත් ගුරුවරයෙකුට එහෙම කථා කරන එක වැරදී වෙන්න පුලුවල් , ඒත් ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබුනද !!!

"තමුසෙගෙ කට වැඩී " එහෙම කියාගෙන ඉස්සරහට ආපු කොම්පියුටර් සර් අත පුරවලා මගේ කණ හරහා ගැහුවේ දෙතුන් පාරක් කැරකිලා විසිවෙන තරං වේගෙන් ........ සිහි එලවා ගන්නත් කලින් සර් තවත් පාරක් ගහන්න අත උස්සන හැටි මට ලාවට පෙනුනා .....

"මොකද මොකද ඔය ළමයට ගහන්නේ ........" ඒ විදිහට කියාගෙන අපේ හිටපු විවාද කන්ඩායම භාර ටීචර් පිට්ටනිය මැද්දෙන් දුවගෙන වගේ ආවා.....


දෙවනි කොටස බලාපොරොත්තු වන්න !!!!!




දෙවනි කොටස

Thursday, October 10, 2013

ගෑණූ කොහොමත් විකිනෙන්නේ වැඩිම ලංසුවට බං !!!!




අයිස් ක්‍රීම් එකක් කමුද ? "

මොකක් ? 

අයිස් ක්‍රීම් බං !!!එව්වා එකක් කමුද ? ..... හැබැයි ෆලුඩා මැජික් "

මොලේ හොඳ නැද්ද යකෝ!!! "

ඇයි ? "

ඇයි අහන්නේ !!!! ගේ කපල් එකක් කියලා හිතයි ...... ෆලූඩා කන්න ..... මෙන්න මෙහෙ වර ගිහිං ස්ප්‍රයිට් පාරක් දාමු !!!! "

තර්කයක් නෑ ..... මේ දුක හිතෙන වෙලාවක් , එත් කවදාවත් නැතුව සජිත්ගෙ මුනේ තිබුනේ අතරමං වෙච්ච එකෙකුගේ පෙනුමක් . ඉස්කෝලෙ යන දවස් වල පන්තියේ හිටපු සංවේදීම චරිතේ , හිතේ තිබුන දේවල් හංඟන්නේ නැතුව කියලා දාපු  මනුස්සයෙක්ට මේ වගේ වෙන්න තරම් ........ ඇයි ඒ.....
නනාගේ කඩේ තවම තියෙනව නේද බං !!! උඹට මතකද අපි ඉස්සර සෙට් එක පිටින්ම ඇවිත් මෙතන බදු ගන්නවා , මුස්ලිම් මින්ස්සුන්ගෙන් මට හම්බවුන එකම හොඳම මිනිහා බං ....."

කඩේ තිබුනට නනා නෑ බං , දැන් වෙන එකෙක් කරනවා ඇත්තේ  ..... ලෝකෙට මුස්ලිම් වුනාට ඌ ස්ලාම්  නෙවෙයිනේ බං ...... "

හ්ම් ........ කොම්පඤ්ඤ වීදියේදි වෙඩි කාලා මැරුනනේ "

මිනිහා හිටිය නං අද ස්ප්‍රයිට් එකට සල්ලි  ඕනේ නෑ ....... මුලු හවස් වරුවටම සජිත්ගේ මූනේ ලාවට ඇදිලා ගියපු පලවෙනි හිනාව දැක්කේ ඒ වෙලාවේ .

******************************************************
දිනෙල්ක , හෙට උදෙන්ම පනා‍ගොඩ ගිහින් අළුත් ප්ලාන්ට් එකේ ඉලෙක්ට්‍රසිටි වැඩේ ඉවරයක් කරලා දාන්න ඕනේ හොඳද "

හොඳයි සර් "

මෙහෙන් හයට විතර පිටත් වෙන්න , නැත්තං පාදුක්ක ඉලෙට්‍රසිටි බොඩ් එකේ උන් ඩිස්මිස් වෙලා ඉඳි යද්දි ........ මගේ වාහනේ අරන් යන්න , අද හවසට මං ඒක තියලා යන්නං. පෙට්‍රල් වලට බිල් එක ගේන්න නැත්තං ක්ලේම් කරන්න බැරිවෙනවානේ.... ඕකේයියියි...... "

ඔකේ සර් මං යන්නම් "

                                  හෙනම උනන්දුවෙන් , ආසාවෙන් , උවමනාවෙන් ඕකේ සර් කියලා කිව්වට මොකද මට නං දැං තෝව මරාගෙන කන්න තරං කේන්තී ....... කාටද යකෝ උදේ 6ට වැඩට එන්න පුලුවන් ....... මට හොඳටම නින්ද යන්නේ 6ට ..... අනික ඒ වෙලාවට සික්කත් බුදිද කොහෙද . අද රෑ නං කකුලා විතරක් නෙවෙයි උගෙ ගෑනිවත් කොට්ටේ උඩ තියාගෙන තමයි බුදියන්න වෙන්නේ , නැත්තං කොහොමද 6ට වැඩට යන්න ලෑස්ති වෙන්නේ .......

******************************************************

ආහ් ........ දිනෙල්ක මහත්තයා !!!! ඉතින් කොහොමද ??? ඇයි අද උදෙන්ම ඇවිත් ....."

ඔවු ඔවු ..... මේ පනාගොඩ යන්න තියෙනවනේ ... කෝ **** මහත්තයාගේ වාහනේ තියෙනව නේහ්??"

" හ්ම් ...... ඊයේ යද්දි මට කියලා ගියේ අද  දිනෙල්ක මහත්තයා උදෙන්ම එයි ආවහම දෙන්න කියලා , රෙස්ට් රෑම් එකෙන් ඩ්‍රයිවර් කෙනෙක්වත් කථා කරලා ගන්න කිව්වා ."

ඇ යකෝ එහෙනං ගේට්ටුවෙන් එද්දිම  අද උදෙන්ම ආවේ මොකද කියලා ඇහුවේ ආච්චිගෙ වස්තරේටද ..... මට පේන්නේ සික්කා මාව කොචොක් එකට අරන්ද කොහෙද !!  මූසලයා ග්‍රවුට් වලකට වැටිලා මැරියං .

*****************************************************

වැඩේ ඉවරද මහත්තයා ? "

හ්ම් ........ මං දැනං හිටියේ නෑනේ ලයිට් ඉල්ලලා ඇප්ලිකේශන් එකක් දාන එන මේ තරං වෙලා යන වැඩක් කියලා . අර ග්‍රාමසේවකයගෙන් තමයි ලොකුම වදේ තිබුනේ . අම්මාපා අස්සනක් ගහන්න එච්චර වෙලා යනවනේ ඌට ."

ඕහොම තමයි මහත්තයා , ඔය මොකුත් නෑ කීයක් හරි මිට මොලවලා ආවනං ...... මිනිහම ඇවිල්ලා වයර් ටිකත් ඇදලා දෙයි ."

එකෙන් මේකෙන් මහින්ද අයියට දවල් කෑමත් පරක්කු වෙලා නේද !!! දැං එකත් පහුවෙලා මගේහිතේ ..... ෆෝන් තිබුනට ඒවගේ වෙලාව  වැඩ කරන්නේ නෑනේ ."

දැං ඉතිං ගිහිල්ලාම කමු ..... කෑමඑක පිළුනුවෙලාද දන්නේ නෑ "

                                   රටේ තියෙන කාළකන්නි පරිපාලනයත් එක්ක බැඳුන ක්‍රියාපිලිවෙත් ගැන අන්තෙටම කලකිරිලා ගොඩක් කල් නිසා මේ සිද්දියට මගේ හිත අළුතෙන් රිද්දන්න පුලුවන් වුනේ නෑ .ඒත් මෙතන නං විකාර ගොඩයි  විදුලිබල මන්ඩලේ කාර්්‍යාලය තියෙන්නේ පාදුක්කේ , සල්ලි ගෙවන්න ඕනේ හංවැල්ලේ මහජන බැංකුවට ......... කළමනාකරනය හා මහජන සුභසාදනය ගැන ඉතිං තවත් කුමන කථාද !

*****************************************************

 ජීවිතේ හරි පුදුමයි , කාලයක් අපි දොස්තරලා ඉන්ජිනේරුවෝ පයිලට්ලා වෙන්න හීන දැක්කා .එහෙම හීන දැක්කේ ඒ හීනෙ හැබෑ කරගෙන සන්තෝසෙන් ඉන්න , හීන හැබෑකරගන්න කළයුතු දේවල් සතුටින් කරන්න  ......දැන් හීනේ හැබෑ වේගෙන එනවා  , තව අවුරුදු දෙකකින් විතර හරියටම හරියයි .... ඒත් සතුට කෝ . "

" දැං මොකද්ද වෙලා තියෙන්නේ කියපංකෝ බං උඹයි මායි මේ සෙට් වුනේ අවුරුදු 5කට විතර පස්සේ , ඔලෙවල් වලින් උඹ  විසි වෙලා වෙන ඉස්කෝලකට ගියානේ ......"

ඔය මොකා වෙන්න හීන දැක්කත් වැඩක් නෑ ............ සල්ලි අපිව යට කරලා .සල්ලි තියෙන එකා තමයි හැමදාමත් දිනන්නේ , සල්ලි නැති එකාට වෙන්නේ මාසේ අන්තිම වෙනකං සල්ලි කාරයංගේ කුණු අදන එක .... "අහපු ප්‍රශ්නෙට උත්තර නොදී මූ බයිලා කියවනවා .

එහෙම තමයි බං මං අද දවසටම කෑවේ උදේ කෑම එක විතරයි . කන්න බොන්න ඕනෙ කමට සල්ලි හෙව්වට , අපිට සල්ලි දෙන උන් කෑම කන්න වෙලාවක් දෙන්නේ නෑ බං . සල්ලි දීලා අපේ ගාව තියෙන හැම දෙයක්ම උදුර ගන්නවා , වැඩේ කියන්නේ උන් ඒවා අපෙන් උදුරගෙන කියලා තේරෙනකොට පරක්කු වැඩී . "

මෙච්චර වෙලා ගෝල් ෆේස් එකේ බංකුවක ඇන්ද උඩට වෙලා ඉඳගෙන හිටපු සජිත් මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ . 

උඹ වෙනස් වෙලා , ඒ කාලේ උඹ ඔහොම කථා කලේ නෑ "

මේකට කියන්නේ අනුගත වීම කියලා බං ........... ආහ් එක නෙවෙයි , ඒලෙවල් කරන කාලේ එක දවසක් මං උඹව දැක්කා සුවිසයිඩ් බාලිකාවේ කෙල්ලෙක් එක්ක ජෝඩු දාල යනවා ........."

*****************************************************
කොහොමද දිනෙල්ක .......... වැඩේ කලාද ? "

ඔවු සර් දැන් ඇස්ටිමේශන් එක ආවාම ගාන ගෙවන්න විතරයි තියෙන්නේ !!!"

ගූඩ් ගූඩ් ....."

"දිනෙල්ක තව පොඩි වැඩක් තියෙනවා ....... කෑමට කලින් ඒකත් කරන්නකෝ ....."

It's time to play the game...
Time to play the game! Ha ha

It's all about the game and how you play it.
All about control and if you can take it.
All about your debt and if you...................

"ආහ්.... ආන්සර් කරලම එන්නකො !!!"

අම්මේ කථා කරපු එකාට පිං දැං ඉතිං කථා කරලා කාලම තමයි ඇතුලට යන්නේ , නැත්තං ඉතිං කන්න වෙන්නේ නෑ....
දන්න අදුරන නම්බරයක් නොවුනට කවුරු වුනත් තැංකූ වේවා 

හෙලෝ ........."
මචං දිනෙල්ක !!!!"
ඔව් "
මං සජිත් බං !!!!"
මොන......"
ඇයි බං **** මේ හිටියේ "
අඩෝව්ව්ව්ව්......... අවුරුදු කීයකට පස්සෙද !!!!  ඉතිං ඉතිං  කොහොමද නම්බරේ හොයා ගත්තේ ....
ඒ ගැන පස්සේ කථා කරමුකෝ , මට උඹව හම්බ වෙන්න ඔනේ අද හවසට ගොල් ෆේස් එක පැත්තේ වරෙං ...... මං කෝල් එකක් දෙන්නං ඇවිත් ....... අනිවා වරෙං ආ ... හෙන වැදගත් "
"උඹලව බලන්නත් ආසයි බං .... හරි හරි මං එන්නං ....."
.
.
.

දිනෙල්ක ....... ප්ලීස් කම් ඉන් සයිඩ් .."
කාලා හමාරයි ( ෆක් යූ )

*****************************************





                                                    බටහිර මුහුදේ කරදිය සුවඳත් එක්ක මුහුවෙලා එන මොකද්දෝ අමුතු සුවඳකින් මුලු වෙරළම පිරිලා ඉතිරිලා . වෙනද තරම්ම නැති වුනත්, අපේ ජීවිත කථාව වගේ ඔහේ පාවෙන සරුංගල් , ඒ දිහා බලාගෙන හූල්ලන පොඩිඋන්ගෙන් වෙරළ පිරිලා. එක පේලියට හයිකරලා තිබුන බංකු උඩට වෙලා තමන්ගෙම ලෝකවල තනිවෙලා වැරදි පැත්තට කුඩ ඉහලං ඉන්න පෙම්වතුන් , ඒ දිහා පිලිකුලෙන් බලලා සන්තෝසෙන් ඉන්න ආපු හවස්යාමේ ලේපුච්ච ගන්න වැඩිහිටියෝ ......... ඒ හැම දේම දිහා බලාගෙන මොකද්දෝ ලොකු කථාවක් කියන්න හදන අපි .

ඒ ගැන කථා කරන්න කියලා තමයි බං එන්න කිව්වේ .. ලොකුම ලොකු හුස්මක් ඇදලා ගන්න ගමන් සජිත් කථාව පටන් ගත්තා ."

ආහ් ......... බූට් එකක්ද ? ඕවා ඔහොම තමයි බං ....... කවුද ගනං ගන්නේ , අනික එහෙම එකක් කෑවෙ නෑ කියන්නේ ජීවිතේ ලොකු අඩුවක් . "

උඹ කියන තරං ඒහෙම එකක් දරාගන්න ලේසී නං මොනවා කරන්න බැරිද බං ."

කවුද කිව්වේ ලේසී කියලා ...... ලේසි නෑ බං .....ඒත් මුහුද දිහා බලාගෙන හිතුවා කියලා ගිය එක එන්නේ නෑ බං ..... මං දන්නවා , දැන් උඹ මුලු ගෑනු සංහතියටම වෛර කරනවා ඇති . "

පිස්සුද බං ....... මං ඒ තරං බිමට වැටිලා නෑ, මටත් අම්මෙක් අක්කෙක් ඉන්නවානේ , ලස්සනට ආදරේ කරන කෙල්ලොත් දැකලා තියෙනවනේ ... ඒත් හරි අමාරුයි බං ."

මොකද උනේ කියපංකෝ  "

 මට ඒකිව හම්බ වුනේ  ඒලෙවල් කරද්දි තමයි , අර උඹ දැක්කා කිව්වේ , ඒ ඒයත් එක්ක යනකොට වෙන්න ඇති . මට වෙන කෙල්ලෝ හිටියේ නෑනේ බං . පලවෙනි  ලව් එක !!!! "

ම්"

ඒ ලෙවල් ඉවර උනා , දෙවනි පාරත් කලා ..... අපි දෙන්නම , විභාගෙ පාස් වුනත් කැම්පස් යන්න බැරිවුනා. ජොබකට සෙට් වුනා . "

ඉතින් ......"

අවුරුදු හතක් අපි එකට හිටියා බං . මීට මාස දෙකකට කලින් කෙල්ලත් ජොබ් එකක් පටන් ගත්තා . ***** ට්‍රස්ට් බැංකුවේ , ***ය බ්‍රාන්ච් එකේ. "

ඉතිං ..........."

මං කවදාවත් කෙල්ලගේ ෆෝන් එක අරන් මැසේජ් කියවලා නෑ ...... එයාගේ එෆ් බී එකවුන්ට් එකේ පාස්වර්ඩ් ඉල්ලලා නෑ , ඊමෙල් පාස්වර්ඩ් ඉල්ලලා නෑ .....  ගමනක් යන්න හදනකොට එපා කියලා නෑ . කොටින්ම උපරිම නිදහස් "

අපිට උංව හිර කරලා තියන්න බෑනේ බං "

ඒ නිසා තමයි බං මාත් අරම කලේ 
ඉතිං ......... ගිය සෙනසුරාදා උදෙන්ම මට කෝල් කලා , අපි හැම සෙනසුරාදම හම්බ වෙනවා , කොහෙ හරි යනවා , කනවා බොනවා . විහිලු කරනවා ,...... මේ සෙනසුරාදා උදෙන්ම කෝල් කරලා කිව්වා අද එන්න වෙන්නේ නෑ . යළුවෙක්ගේ මල ගෙදරක යන්න තියෙනවා සොරි කියලා ......
                  මොනතරං දුක හිතුනත් බං , යන්න එපා කියන්නෙ කොහොමද ! මලගෙදරක්නේ .... මං හා කිව්වා , කොහෙවත් යන්නත් නැති එකේ මං පබ්ලික් ලයිබ්‍රියට ගියා යාළුවෙක්ගේ පොතක් එලිදක්වන උත්සවේකට එන්න කියලා තිබුන නිසා . යන්න නෙවෙයි හිටියේ ඒත් ගියා බං ........ 
                     අපි ඉතිං තාමත් ගමන ලක්ෂ 60 වාහනේ නේ බං ...... ටවුන් හෝල්එක ගාව තියෙන 155 බස් හොල්ට් එකට වෙනකං ඇවිදන් ආවේ විහාරමහාදේවි එක පැත්තෙන් .උඹ විස්වාස කරපං අවුරුදු හතක් තිසේසේ මං පන දෙන්නං කියලා කියපු අපේ ගෑනි ඇතුලෙ ඉඳන් එලියට එනවා කොල්ලෙක් එක්ක...... මට හිටපු තැනත් අමතක වුනා බං විනාඩි දහයක් විතර යනකං , කර කියාගන්න දෙයක් හිතාගන්න කලින් උන් දෙන්නා ප්‍රාඩෝ එකක නැගලා යන්න ගියා . "

සල්ලි කාරයෙක්........ඒත් . යාළුවෙක්ද දන්නේ නෑනේ බං "

උඹට පිස්සුද බං , එහෙමනං අත බදාගෙන තුරුල් වෙලා එයිද  අනික ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වුනානේ ! "

ඒ කොහොමද ? "

මාසයක් විතර තිස්සේ කෙල්ල මට කෝල කලෙත් අඩුවෙන් බං , මං කෝල් කරපු ටික විතරයි ඒකි කලේ කෝල් කලොත් ආන්සර් කරන එක විතරයි . අර සීන් එකෙන් දවස් හතරක් විතර යනකන් මං කෙල්ලට කථා නොකර හිටියා , මොකද වෙන්නේ බලන්න . "

ඉතිං ? "

වැඩක් නෑ බං ....ඒකිට මං උන්නද මලාද කියලා හොයන්නවත් උවමනාවක් නෑ ... කෝල් එකක් නැතිම තැන මං ඊයේ හවස ගියා කෙල්ලගේ ගෙදර . "

යකෝ ..... උඹ මාර පොරක්නේ "

අවුලක් නෑ බං .... ගෙදරින් දන්නවා ., "

හ්ම් ...... ඉතිං "

වෙනදා හෙන හැපි එකෙන් පිලිඅරං කාමරේටම ඇදං යන කෙල්ල අද එලියට ආවෙත් මං ගිහිං විනාඩි දහයක් විතර පුටුවක ඉඳං හිටියාම , අම්ම උනත් හෙන අකමැත්තෙන් හිටියේ ,..... හරියට නිකං තරහකාරයෙක් ඇවිත් වගේ ......
                        කෙල්ල ඇවිත් ඇහුවා දැන්ද ආවේ කියලා , ඉතිං මොනවා කියන්නද බං ,....... වැඩිය වටේ යන්නේ නැතුව මං කෙලින්ම ඇහුවා කවුද අර එදා හිටපු පොර කියලා .......සෑහෙන වෙලාවක් යනකං කෙල්ලට උත්තර නෑ . "

එහෙම පුලුවන් ද බං උත්තරයක් දෙන්න එපාය..... මොන හු**ද "

සොරි ...... අපි හුඟක් කල් එකට හිටියා ,  අපි ගැල පෙන්නේ නෑ , මට ඔනේ දේ දෙන්න ඔයාට බෑ , ඔයා ඒක තේරුම් අරන් මට යන්න දෙයිකියලා මං හුඟක් කල් බලාගෙන හිටියා . ඒත් එහෙම වුනේ නෑනේ, ඉතිං මං තීරණය කලා ඒ තීරණය මමම ගන්න ඔනේ කියලා .කැම්පස් නොගියට කමන්නෑ , ඒත් ඔයා හිතන්නකෝ ඔයා ගන්න හිඟන පඩියෙන් කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා . ම් ....... බෑ නේද !! ඒකයි මං ජොබ් එකකටත් ගිහින් බැලුවේ පුලුවන්ද කියලා ..... ඒත් බෑ .... සොරි සජිත් මේක ඉවරයි 
ඒකි එහෙම කියාගෙන කාමරේ ඇතුලට ගියා බං .......විනාඩි ගානක් යකනං සජිත්ට කියන්න දෙයක් හිතාගන්න මට පුලුවන් වුනේ නෑ .
උඹට මතකයිනේ දිනෙල්ක , අපි දෙන්නම එකට ඩිබෙටින් ටීම් එකේ හිටියේ , උඹ කැප්ටන් කරද්දි මං ෆෝත් , මං කැප්ටන් කරද්දි උඹ ෆෝත් . කවදාවත් කවුරුවත් කියපු දේකට උත්තර නොදී ඉන්න තරං මාව හිර වෙලා නෑ . ඒත් ඊයේ ........ "

                                        ලෝබ කමක් නැතුවම ඇස් ඇතුලේ හිරවෙලා මෙච්චර වෙලාවක් දුක්විදපු කඳුලු පේලියක් මුහුදු හුළඟත් එක්ක පැටලුන හැන්දෑ අදුරට එකතු වුනේ කොල්ලගෙ හිතේ තෙරපෙන්නේ මොනතරං දුකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න වගේ . පිරිමියෙක් ලේසියෙන් අඩන්නේ නෑ , අඩනකොට හිත හදන්නත් ලේසියෙන් බෑ.

සජිත් , මචං ප්‍රශ්න එනවා තමයි බං , ඒත් ඒවට වැටිලා බෑ ...... "

උඹ දන්නවද .... ඊට පස්සේ කෙල්ලගෙ අම්මා ආවා , මං මගේ කෙල්ලව හැදුවේ තැන තැන වැටිලා රස්සා කරන්න නෙවෙයි .අවුරුදු 22ක් වෙලත් බස් එකේ යන  මං වගේ හිඟන්නෙකුට නෙවෙයි ඒකිව දෙන්නේ මොනවා නැතත් සල්ලි තියෙන එකෙකුට කිව්වා . වෙන වෙලාවක ඔහොම එකක් කිව්වා නං මං උත්තර දෙනවා බං , ඒත් වෙලාවෙ හැටියට මට වචන එකතු කරගන්න බැරිවුනා ..... මං හිඟන්නෙක්ද බං දිනෙල්ක?
ඇයි බං මේ සම්භන්දේ ඉවරයි කියලා නැවත්තුවෙ නැත්තේ , මගෙ අම්ම තාත්තවත් එහෙම කියලා නෑ බං."

උඹට පිස්සුද බං , එහෙනං මේ රටේ බස් වල යන සේරම හිඟන්නෝ වෙන්න එපාය . අනික වාහන වල යන උන් තමයි බං හිඟන්නේ , උන් අනිත් උන්ගෙං හිඟාකාපුවා එකතු කරලා තමයි ඕවා ගන්නේ , ඔන්න බලහං මං කිව්වා කියලා මතක තියාගනිං . එකිව අරන් යන එකා ගැන ඒකිගේ අම්මා හිතාගෙන ඉන්නේ අර විදිහට නං ........ උඹේ කෙල්ලව අරන් යන එකා ඒකට කන බොන ටික දෙන්නෙත් මැනලා කියලා. "

ආත්මීය ආදරය , ආත්ම ගනාක් එකට හිටපු කථා , පණ දෙන සීන් අපිත් ඒවා විස්වාස කරගෙන බඩ බැඳං හිටපු මිනිස්සු
                                                          ඒත්මේවා සේරම බොරු කථා බං .ආදරේ කියලා දෙයක් නෑ බං , කවුරුත් ආදරේ කරන්නෙත් නෑ , ඇත්තටම ආදරේ කරන උනුත් මේ වගේ දේවල් නිසා ආදරේ විස්වාස කරන්නේ නැතිවෙනවා බං .  ගෑනු කියන්නේ වැඩිම ලංසුවට විකිනෙන බඩු බං . උන් යන්නේ තමන්ට වැඩිම වටිනාකම දෙන එකාගාවට . ඒ වගේම උන් ඒ වටිනාකම බලාපොරොත්තු වෙන්නේ සල්ලි වලින් මිසක් ආදරෙන් නෙවෙයි .  අපි ජීවත් වෙන්න ඕනේනේ බං , ඒකට සල්ලි ඕනේ ඒ නිසා කෙල්ලෝ ඒවගේ වැඩිම ලන්සුවට යන එක වැරදී කියලා මං කවදාවත් හිතන්නේ නෑ ........ 
"

                                    බැහැලා ගියපු ඉරත් එක්කම පායාගෙන ආපු තරුවලින් අහස පිරිලා . ෆ්ලෑශ් ලයිට් එලියෙන් පේන වෙරල පුරා දුවන කකුලුවෝ රෑනක් හදිස්සියේම කඩාගෙන ආපු රළපාරකට අහුවෙලා මුහුදටම ඇඳිලා ගියා . තමන් කරපු වැඩේ ගැන දුක හිතිලා වගේ කකුලුවෝ වෙනුවට සුදු පාට පෙන ඉතුරුකලා රැල්ලත් යන්නම ගියා .

අපි වෙන කෙල්ලෙක් හොයාගමු බං , වෙරලේ ඉන්නේ එක කුකුලුවද .."

හ්ම් ....... සජිත්ගේ කඳුලු වේලිලා . ලාවට හිනාවක් මතුවුනා . හොයාගමු  හොයාගමු , හැබැයි මං ආයේ ආදරේ කරන්නේ නෑ ,  සල්ලි හොයනවා විතරයි ,ඊළඟ මාසේ මං ඇමරිකාවේ යනවා ....... පහුගිය සෙනසුරාදා කෙල්ලව හම්බවෙලා මං ඒ ගැන කියන්න හිටියේ . මං අර හදපු පෑනට පේට්න් එක ලැබුන නේ  , ඒ විස්තරෙත් දාලා මං එහෙ යුනිවර්සිටි එකකට ලියුමක් දැම්මා . උන් මට ෆුල් ස්කොලශ්ප් එකක් දෙන්න කැමති වුනා . ලියුමත් ආවා . පාට් ටයිම් ජොබ් පර්මිට් එකකුත් දුන්නා . "

සුපිරි මචං සුපිරි ........... අරකි මේ සීන් එක දැන ගත්තහම අපරාදේ කියලා හිතෙයි . මෙච්ච වෙලා මූඩ් ගහල හිටපු මටත් අමුතුම කික් එකක් ආවේ ඒ ආරංචියත් එක්ක

මට ලංකාවෙන් යද්දි කියලා යන්න හිතුනේ උඹට විතරයි බං . මං දිනේ කියන්නං එයාපෝර්ට් වරෙං ... "

එල එල ......... අවුරුදු කීයකටද ??? "

මං ආයේ එන්නේ නෑ .........අළුතේන් හදපු ජැටිය පැත්තට එන නැවක ලයිට් එලිය දිහා බලාගෙන සජිත් කිව්වා .

මේ පිස්සු නං කෙලින්න එපා ඇ ...... අපි මේ රටේ  නිදහස් අධ..... "

අනේ උඹේ ලබ්බේ බණ........... අපි එහෙම ඉඟන ගත්ත තමයි . ඒත් එහෙම ඉගගෙන අපි මොනව හරි කලාම කෝ බං පිළිගැනීමක් . කෝ අපිට කරන්න රස්සා ,අපේ නිර්මානශීලීත්වය බල්ලට දාලා , අපිව ගනං ගන්නේ නෑ බං . මෙහෙ තියෙන්නේ ගාමන්ට්වලයි , බැංකුවලයි ජොබ් තමයි . සයන්ස් කරපු අපිය කෝ ගැලපෙන ජොබ් .........ඒකනේ බං සයන්ස් උපාධි කාරයෝ සේරම රට දාලා යන්නේ . මේ රටේ  උන්ට තැනක් නෑ . පිස්සු හුත්*** තමයි මෙහෙ තැන තියෙන්නේ . අපිට උඹලට හරියන්නේ නෑ බං මෙහෙ.
              දැන් උඹ බලපං , මට අර පෑණ හදන අයිඩියා එක දුන්නේ උඹ , මූලධර්මෙ පෙන්නුවේ උඹ ...... උඹ මොනවද කරන්නේ ජොබ් එකට ආහ් ...... මං යනවා බං ආයේ එන්නේ නෑ ,අම්මලාවත් එහෙට ගන්නවා , සුද්දියෙක්ව බඳිනවා , උන් හෙන ඕපන් ........ උඹත් එනව නං වරෙං .... මං දාපු යුනියටම ඇප්ලයි කරපං ඒත් ඊට කලිං මට කියලා දුන්න වගේ ප්‍රින්සිපල් එකක් ඇප්ලයි කරලා අළුත් දෙයක් කරල වරෙං , එතකොට උන් පිලිගන්නවා උඹව ........උඹට එහෙ ආපුවාම උදව් කරන්න මං සැදී පැහිදී !!!! මොකද මේ ලෝකෙට ඕනේ උඹලා වගේ මිනිස්සු ....
                                         මං උඹට එන්න කිව්වෙත් මේ කථාව කියලා උඹටත් ඒහෙට ඇප්ලයි කරන්න කියන්න "

හහ් ......... මගෙන් සුබ පැතුම් බං , යන දවසට කියපං මං අනිවා එන්නං.
 මොකක් හරි අළුත් දෙයක් නේද ........ බලමු ...... දැං වරෙං යන්න , ගිහිං ෆලූඩා මැජික් එකක් කමු "







 

Sample text

Sample Text

Sample Text