Social Icons

හොයමු බලමු

Saturday, July 7, 2012

තොවිලය 01 ( ආවඩන්නට පෙර............. )




"අප්පේ ......... ඇති යන්තං දැං ඉතිං ටික කාළයක් නිදහසේ ඉන්න පුළුවං........." ඉස්කෝලෙ යන කාලේ වාර අවසාන විභාග ‍එහෙම තියල නිවාඩු දෙන දවස ආවහම ම‍ට නම් හැමදාම හිතෙන්නෙ ඔහොමයි . 11 වසරට ආව කියල එහෙම හිතන එක වෙනස් වුනේ නෑ , ඔව් ඔව් මම කියන්න යන්නේ ඕ ලෙවෙල් කරන කාලේ අවුරුදු නිවාඩුවේදි  වුන දෙයක් තමයි.
මේ සිද්දිය වෙලා අවුරැදු 4ක් විතර වුනත් උදේ පාන්දර ඉදං මුළු වටපිටාවම දියබත් කරකර එකම විදිහට වැහැපු ඒ මූසල දවස මට ජීවිතේට අමතක වෙන එකක් නෑ, හවස 3 විතර වෙනකොට වැස්ස තුරල්වෙලා ගියාට මීදුමේ අඩුවක් තිබුනෙ නෑ.මේ තරම් ගන සැරේට මීදුම ,මතක ඇති කාලෙක තිබුනෙ නෑකියල තමයි ආච්චි අම්ම කිව්වෙ,,,එතකොට වෙලාව 4ට විතර ඇති හැබැයි මුලු පරිසරයම වෙනස් වෙලා තිබුනා ඉර එලිය කියල නාමයක් නෑ. මහ අදුරුයි, අපේ ගම සෑහෙන්න පිටිසරයි, උදේ 7ට යි හවස 6ටයි විතරයි බස් එකක් ආවෙ ගියෙ, ඔය බස්දෙක මග ඇරුනොත් ටවුන් එකට යන්න වෙන්නෙ තුන් සක රියක තමයි.පයිං ගියොත් කිලෝමීටර 30ක්. ඒ නිසා අපේ ගමේ වාහනයක සද්දයක් ඇහෙන්නෙත් ටිකක් අඩුවෙන්.


 හවස් වරුව පුදුම විදිහ‍ට නිහඩයි අම්ම  ,ආච්චි අම්මත් එක්ක කුස්සියේ කථා කරනව ලාවට ඇහෙනවා, කොළඹ ජීවිතේට පුරුදුවෙලා ඉන්න ම‍ට ගමේදි දරාගන්න අමාරුම දේ තමයි ඒ ගුප්ත නිහැඩියාව, කණ් දෙක කීං ගානව,ටීවි එක බලන්නත් නෑ ලයිට් ගිහිල්ලා .මුළු ගෙදරම වැඩ කලේ කුප්පිලාම්පු එලියෙන් . හාන්සිපුටුව‍ට වෙලා මනෝ පාරක් ගහගෙන හිටපු ම‍ට ටිකක් ගෙයින් එළියට බහින්න හිතුනේ වට පිටාව ඔන්න ඔහොම තියෙන වෙලාවකයි. හිමින් හිමින් දොර ගාවට ගිහිං, වැස්ස හින්ද උදේ ඉදං වහපු ගමන්ම තිබුන දොර ඇරියා!!!
සම්පුරනයෙන්ම දොර අරින්න වුනේ නෑ එළියෙ ඉදං මොකක් ද මන්ද සීතල දෙයක් මගේ කකුල් දෙකේ වැදීගෙනම ගේ ඇතුලට ඇදිල ගියා.........දඩාං..... ගාලා දොර වහගෙනම,  මම පිටිපස්සට පැන්න නෙවෙයි පැන්නුනා මර  ,සීතලේ මට දාඩියත් දාලා. එතකොට තමයි දැක්කෙ ගෙට පැනපු හොල්මන නගුටත් වන වනා මගේ දිහා බලාගෙන ඉන්නවා. මේ බිංකියනෙ ඊයෙ රෑ ඉදං මූ අතුරුදහන් වෙලා හිටියෙ ( ඌ එහෙම තමයි හිටපු ගමන් අතුරුදහන් වෙනව ) මෙන්න ආයෙ ඇවිල්ල .


" පුතා පුතා මොකද වුනේ ?? " අම්ම කුස්සියේ ඉදං කෑගහනව !!
" මොකුත් නැතෝ " ගෙදර ඉන්න බල්ලට බය වුනා කියල රෙද්දක් ඇදගෙන කියන්ට පුළුවනෑ.
" මොකද නැත්තෙ , මේක බල්ලට බය වුනානොවැ " අනිත් හාන්සිපුටුවෙ දිගඇදිල උන්නු අපේ ‍සීය වැඩේ කෑව.කුස්සියේ හිටපු ඈයො හිනා වෙනව , වෑඩියෙන්ම සද්දෙට ඇහෙන්නෙ නංගිගෙ කට !!!!!! මේකිට ටොක්කක් අනින්ට ඇත්තං , ඒත් කුස්සියට යන්න කම්මැලී.


හිතේ තිබ්බ භය ටිකක් අඩුවුන නිසා , සිරි නරඹන්න හිතාගෙන මම ‍‍ආපහු දොර ඇරිය . මොන සිරිද අඩි දෙකකට වඩා ඈත පේන්නෙ නෑ , මීදුම. මොන මගුලක්ද ආපහු ඇතුලට ගියපු මම ඇදට පැන්න, සීතළ  හින්දමද කොහෙද ටක්‍ ‍ගාලා නින්ද ගියා.මම හිතන්නෙ පැය දෙකක් විතර නිදාගන්න ඇති.
" ඇති යන්ත‍ං " මට එහෙම කියවුනේ ආපහු නැගිටිනකොට ලයිට් ඇවිල්ල තියනව දැක්කහමයි . කට්ටිය සාලෙ ටීවී බලනව ඇහෙනව , මමත් ඒ පැත්තට යන්න හිතල ඇදෙන් බැස්ස................


හූ........................................................................................................................................


එතකොටම තමයි ඇගේ ලේ වතුර වෙලා යන විදිහට ගෑණු කෙනෙක් යටිගිරියෙන් බෙරිහන් දෙන්න පටං ගත්තෙ,........ඉක්මනට සාලෙ පැත්තට දුවල ආව ....කණ් දෙකම හූ සද්දෙන් පිරිල නැවතිල්ලක් නෑ ,කාටද යකෝ මෙච්චර වෙලා හුස්ම අල්ලගෙන කෑ ගහන්න පුළුවං . ගෙදර හැමෝම බයවෙලා ,ලේසියකට හෙලවෙන්නෙ නැති ‍අපේ සීයගෙ මූණත් වෙනස් වෙලා.ඇයි යකෝ ගේ ඇතුලෙන් ගෑනියෙක් බෙල්ල මිරිකනකොට කෑගහනව වගේ සද්දයක් එනකොට මොකාටද බය නොහිතෙන්නෙ.    
තත්පර දෙක තුනකට සද්දෙ නැවතුනා ආයෙත් පටං ගත්තා, එතකොට තමයි කට්ටියට මීටර් වුනේ සද්දෙ ඇහෙන්නෙ අපේ ගෙදරට උඩහින් තියෙන සමාධි අක්කලාගේ ගෙදරින් කියල.


" සුමනලාගේ දිහායින් නේද ?? " ආච්චි අම්මා ඇහුවා.
" ඉදිංකො මං බලල එන්න මොකක්ද වින්නැහිය කියල " කියාගෙනම සීයා එලියට බැස්සෙ ටොච් එක විතරක් අරගෙන කමිසයක් වත් අදින්ට පරක්කු වුනේ නෑ .( සරමක් ඇදගෙන හිටිය හොදේ !!!! ) මමත් යන්න හැදුවට අම්මගේ විරෝධය හමු‍වේ පසුබහින්ට වුනා .මක්කොරන්ටද ඉතිං මමත් දොරකඩට වෙලා බලාන උන්නා ...............


" සමාධි කෙළීට දිස්ටියක් ආරූඩ වෙලා කියන්නෙ ............... නටනව ‍ගේ දෙක වෙන්න ආං " සීය ගෙට ගොඩ වුනේ එහෙම නියාගෙනයි.
" හැබෑට "
" හ්ම් .......... තාත්ත ඇවි‍‍දිං තෙල් ඩිංගක් මැතිරුව ඕං දැන්නං ඩිංගක් ගුනයි ඒත් ශාන්තිකරමයක් කරන්න වෙයිලු , "
" ‍හපොයි .......... යස අගේට උන්නු කෙල්ල " ආච්චි අම්ම එහෙම කිවිවෙ ලොකු හුස්මක්  පහත දාන ගමං .
" නුවන් පුතා කියව්වෙ හෙට පාන්දරම කට්ටඩියෙක්ව හොයන්න යනව කියල " 


අම්මට සිරි තොවිලයක්!!!!!! එල ...........................................




කථාව ටිකක් දිගයි ඒ නිසා කොටස් දෙකකට තමයි දෙන්න වෙන්නෙ !!! තරහ නෑනෙ !!!!


තොවිලයක් කියන්නෙ ටිකක් සීරියස් දෙයක් ඒ වගේ දෙයක් ෆන් සාගරයක් වෙච්චි හැටි ඊළග ලිපි‍යෙන් බලන්නකෝ!!!!!!!!!!!!!!!!!!!!

10 comments:

  1. hu....hu....ayyo..ayya ballatath baya welane.onna itiri kotasath ikmanata danna hode.......

    ReplyDelete
    Replies
    1. එතන හිටියනං ඔහොම කියයි ...... හා හා ඉක්මනට දානව

      Delete
  2. ithiri kotasa enna thawa koi kalak yanawei??

    ReplyDelete
    Replies
    1. තව දවස් දෙකතුනකින්

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්..එතකං අපි බලාගෙන! :)

      Delete
  3. ඔන්‍න‍ අදමයි මේ පැත්තට ගොඩ වැදුනේ. ඉතුරු ටිකත් දාන්නකෝ ඉක්මනට :))

    ReplyDelete
  4. ඔන්න මාත් මේ පැත්තෙ ඇවිත් යන්න ආවා. අපූරු ගම් පලාතක වගේ ඉන්නෙ. බලමුකො තොවිලෙ මොකද වෙන්නෙ කියල!

    ReplyDelete
  5. @ රෙප් මහත්තයා-ආවට බොහෝම ස්තූති:):) ........... ලගදිනෙ පටං ගත්තෙ:)

    @ ගිමන් නිවන්නා - ඇත්ත ගමට මං ආසයි ..... හැබැයි පට්ට කම්මැලී

    ReplyDelete
  6. ඉතිරි කොටස කියවන්න ආසයි බයයි අප්පා.... මං පනුච්චිට මාර භීතිකාවක්‌ තීනවා ඕවාට ...

    ReplyDelete
  7. එල එල!ර්‍ ඊළග කොටස බලමු!!

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text