Social Icons

හොයමු බලමු

Friday, July 13, 2012

අවසන් විනිශ්චය ............................


A/L කොරලා අවුරුද්දක්ම නිකරුනේ ගෙවිල ගියා ද! , අනේ මන්දා වෙලාවකට හිතෙනව ඔව් නිකරුනේ ගෙවිල ගියා කියල ,හැබැයි  "නෑ එහෙමමත් නෙවෙයි " කියලත් හිතෙනව ..........හිත එක විදිහකට නැතිවුනහම මෙහෙම වෙනව ඇති .
                                  ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියල ඒ කාලේ කවුරුහරි  අහනකොට ඒ මම හැමවෙලාවකම ‍ගොළුවුනා. එක වසරෙදි මුලින්ම ගමේ ඉස්කෝලෙට ගියපු දවසේ පන්තියේ හිටපු ටීච හැමෝ ගෙන්ම ඇහුව ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියල , හැමෝටම බොහෝම විස්වාසෙන් දෙන්න උත්තරයක් තිබුනට මට එහෙම එකක් තිබුනේ නෑ ,මම එදා දොස්තර කෙනෙක් වෙන්න කැමති කිව්වේ මගේ එහා පැත්තේ හිටපු කෙල්ලත් දොස්තර කෙනෙක් වෙන්න කැමතී කිව්ව නිසා.
                            කරන්න  පුළුවං උනත් බැරි උණත් මම මගේ ජීවිතේ හැමදාම තෝරගත්තේ කරන්න අමාරු දේවල්, ඒ විදිහට පටන්ගත්තු වැඩ හරිගියත් වැරදුනත් මම සන්තොස වුනා ,කිසිම වෙනසක් නැතිව, එකම විදිහට . ඒ ඇයි කියල කියන්න මට තේරෙන්නේ නෑ , විභාගයේදි උනත්, හැමෝම ලේසි ගැටළුවලට උත්තර මුලින් ලියද්දි මම හැමදාම තෝරගන්නේ අමාරුම ඒවා ටික ( අමාරු බව දැන දැනම තමයි එහෙම ක‍ලේ. ) මම හිතන්නේ මම A/L වලට ගණිතය තෝරගත්තෙත් ඒ නිසා වෙන්න ඇති,,,,,,,,,,,

මම දන්නව මේ පෝස්ට් එක කියවන් අය හිතනව ඇත් මම අමුතුවිදිහේ ,තේරුම්ගන්න අමාරු චරිතයක් කියල. අනේ නෑ මම එහෙම මානසික රෝගියෙක් නං නෙවෙයි, සාමාන්්‍ය විදිහට පොලවේ පයගහල ජීවත්වෙන, යාළුවෝ රෑනක් වටකරගෙන ආතල් එකේ ඉන්න කොල්ලෙක් !!!!!! ඒත් මම උඩින් ලියල තියෙන හැම දෙයක්ම ඇත්ත .
හැබැයි A/L කරල අද වෙනකම් මම ගෙවපු ජීවිතේ නිසා  ඊටකළින් මගේ තිබ්බ අදහස් සමපූරණයෙන්ම වෙනස් කලා. සමහර විට මෙච්චර කාළයක් නොලැබුන විදිහට තනියම , පහුගිය දේවල් ගැන හිතන්න  කාලයක් ලැබුන නිසා වෙන්න ඇති !!!!! ඇත්තම කිව්වෙත් මම ජීවිතේ විදින්න පටන් ගත්ත ,පලවෙනි වතාවට   !!!!! ඒකයි මම කිව්වේ  අවුරුද්දක්ම නිකරුනේ ගෙවිල ගියේ නෑ කියල හිතෙනව කියල............ ඒත් අනිත් අතින් බැළුවහම මම මේ මාස 10යේ මෙලෝකේ දෙයක් කොරල නෑ.......එකට ඉගනගත්තු හැමෝම මොනව හරි කරනව, මොනවම හරි කරනව!!!  ඒත් මම ,නිකන්. ( මමගේ යාළුවෝ මම ගැන අවංකවම , මුළු හදවතික්ම සන්තෝස වෙනව මෙතුවක් කාලෙකට එකට හිටපු එවුන්ට අනාගතයක් තියෙන නිසා  ) .මමත් ඔය තියෙන් කෝස් කෑලි කීපයක්ම පටන් ගත්තත් ඉවර කලේ නෑ , මම ඒවා මගදි අතඇරල දාපු නිසා නෙවෙයි එහෙම උනේ වෙන වෙන හේතු නිසා ............. ඒව මොනවද කියල අහන්න එපා , කියන්න බෑ ( දුක වැඩිවෙනව ) !!!!! මේ ලෝකේ ඉන්න හැමෝටම වඩා මට බලාපොරොත්තු තියෙනවා ( ගොඩාක් ලොකු ඒව නම් නෑ ) , හැමෝටම වඩා ඒවා වෙනුවෙන් මහන්සිවෙන්නත් මට පුලුවන්, ඒ වෙනුවෙන් ඔනම දෙයක් කරන්නත් මගේ හිතේ හයිය තියෙනව ( මිනී මරණව ‍වගේ දෙවල් නම් නෙවෙයි.. ). ඒත් අදටත් මම දන්නෑ මට ඕනේ කවුරු වෙන්නද කියල.
                              අවුරුද්දක් තිස්සේ එක එක ඒවට ඉන්ටවීව් ගිහිල්ල ගිහිල්ල ඇතිවෙලා හිටපු මට ඔන්න අද ගෙදරටම ඇවිල්ල රස්සාවක් දීල ගියා .ඒත් ඒක මම හීනෙන් වත් කරන්න හිතපු එකක් නෙවෙයි , රස්සාව නරක එකක් නෙවෙයි ඒත් මට අදාල ෆීල්ඩ් එක නෙවෙයි ,ඒකයි  එහෙම කිව්වේ. හොද පඩියකුත් තියෙනව හැබැයි පුහුණු කාලයෙන් පස්සේ තමයි ඒක ලැබෙන්නේ . ඉතිං ඔන්න මම තීරනය කලා ජොබ් එක භාර ගන්න !!! එගමන්ම මගේ ෆීල්ඩ් එක ඒකියන්නේ ඉන්ජිනියරින් වලින් වගේම මට ලැබුන තනතුරට අදාලවත් ඉදිරියට ඉගෙන ගන්න .
අවුරුදු විස්සකට පස්සේ මම ,මටම කියල බලාපොරොත්තුවක් හදාගත්ත මම මේවගේ කෙනෙක් වෙනව කියල !!!!!!!!!!!!!!!!!!!!!   






    

9 comments:

  1. සුභ පැතුම් දිනෙල්ක..ජය වේවා....

    ReplyDelete
  2. උඹේ හිත කැමති දෙයක් උඹට කරගන්න ලැබේවා කියලා මම සුබ පතනවා සහෝදරයා.ඔයා ඇත්තටම ලකී.

    ReplyDelete
  3. සුභ පතනවා සහෝ ඔබට..:)

    ReplyDelete
  4. ගොඩක් සතුටු දායක ආරංචියක්නෙ දිනෙල්ක! ඔන්න මගෙනුත් සුභ පැතුම්! ජය වේවා!

    ReplyDelete
  5. සුභපතපු හැමෝටම ගොඩාක්ම ස්තූතී !!!!!!!!!!!!!!!

    ReplyDelete
  6. ඔයාගේ හැම සිහිනයක්ම සැබෑ වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා යාලු....

    ReplyDelete
  7. Ado mokakda bn job 1.? Apita pty ehema nadda?

    ReplyDelete
  8. කටයුතු හොඳින් කරගෙන යනවා ඇතියි කියලා හිතනවා

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text