Social Icons

හොයමු බලමු

Wednesday, September 5, 2012

ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්ම )


"මේ..........  ඔයා හිරුණි නේද?"
"ඔව් ඇයි ? " හත්ඉලව්වේ වෙඩි තිබ්බා වගේනේ. ඔහොමද හැබෑට කස්ටමර්ලට කථා කරන්නේ.
"මට පොඩ්ඩක් ඔයත් එක්ක කථා කරන්න ඕනේ !"
"අප්පද බොල , බලහල්ලකෝ දැං හැදෙන උන්ගේ තරම .මුලින්ම වයස කියල ඉම්මුකෝ, පස්සේ බැරිය කථා කරන්න "
ඔන්න ඔහේ ඇත්තම කියල දාමු ! " 19යි "
"අවුරුදු 19ට තියෙන අසහනයක තරම නේද කොල්ලෝ!!! අනේ ඉතින් උඹල ‍වගේ එවුන් තමයි ගෑනුන්ගේ පිරිසිදුකම හොය හොය බදින පිරිමි.......... නේද ? උඹව බදින වැස්සිට දෙයියන්ගෙම පිහිට තමයි ඉතින්.
           හ්ම් හ්ම් ...... මට මොකටද ඒ වගක් පැයකට 2000යි , වෙන කොහේවත් බෑ  මං කියන තැනට එන්න ඕනේ . අනික පෙති ගහල එන්න බෑ  මොකද මේවා හැදිලා තියෙන්නේ යකඩෙන් නෙවෙයිනේ "
        චරිත සහතික ඕන නෑ !!!! විලි ලැජ්ජයි . අපරාදේ ආවේ කියල හිතෙනවා .ජීවිතේට මෙහෙම චාටර් වෙලා නැද්ද කොහෙද ! පාරේ යන උන් හිනා වෙවී යනව.පොලොව පලාගෙන යන්න තියෙනවා නම් ‍. ශික් විතරක් .
කෙල්ල නම් උපරිමයි . ඉටියෙන් වාත්තු කළා වගේ , ඒත් කට , නොදකින් විතරක් මෝදර කුණු කානුව වගේ .
          හෙන කික් එකේ ආවට මොකද දැන් නම් ජින්තු බැහැලා. හුලං පුරවපු බැලුමකට දෙහි කට්ටකින් ඇන්න වගේ .
"නෑ නෑ අක්කේ ...... මේ එහෙම දේකට නෙවෙයි ........."
"එහෙනං කොහෙම දේකටද ?"
පොඩ්ඩකට කට වහගෙන ඉදහංකෝ කියනකන් .
" 'ලංකාවේ ගණිකා වෘතිය නීතිගත කළ යුතුද ?' කියලා මම  ඒ ලෙවල් වලට ප්‍රොජෙක්ට් එකක් කරනවා . ඉතින් මම ඒකට අක්ක වගේ කෙනෙක් එක්ක කරන සාකච්චාවක් දාන්න කියලයි ඉන්නේ ...... ඒකට උදව්වක් ගන්න තමයි ආවේ ! ..... "
"මට ඕවට වෙලාවක් නෑ  ! " ඉවරයි ..........
"අනික මොකටද මාවම ඔය ඕන තරම් තව අය ඉන්නේ !!! "
"******** පත්තරේට අක්ක දීල තිබ්බ කථාව නිසයි ආවේ !!!! අනිත් අයනම් කොහොමත් වෙලා යනව කියල මාරු වෙනවනේ ! "
කෙල්ල ටිකක් සැලෙන්ඩර් වගේ .
"දැන් ඉතින් මෙනවද දැන ගන්න ඕනේ ??? හැබැයි විනාඩි 15ක් විතරයි යංකෝ බස් හොල්ට් එකට මෙතන කට්ටිය වැඩියි වගේ  "
"මුල ඉදල සේරම ! "
වැඩේ හරි ගියාට මොකද නිකන් චාටර් ගතියකුත් දැනෙනව. පාර එහා පැත්තේ ට්‍රීවිල් පාර්ක් එකේ සේරම අපේ දිහාද කොහෙද බලන් ඉන්නේ . අද පොඩි එකෙක්ට ආතල් එක සෙට්වෙන්න යනව කියල හිතන්න ඇති. අයියෝ චාටර්.
"ක්ලාස් ඇරිල යන ගමන්ද ?" ගෑස් බැහැල.
"ඔව් "
"මොකද බය වෙලා වගේ "
"නෑ !!!! " ඔය කිව්වට‍ බයවෙලා තමයි හිටියේ .කරුමෙට වත් තාත්තගේ යාළුවෙක් වත් දැක්කොත් හවසට ගෙදර යන්නේ කොහොමද !!!
" මටත් තිබ්බ මල්ලි ඔය වගේ කාලයක්...........................................  ඒත් අර මොකද්දෝ කරුමෙකට තමයි මෙහෙම උනේ !........ හ්ම් " දිග හුස්මක් 
"කෙල්ලෙක් ඉන්නවද ??? "
"ඔව් " ඔව් කිව්වට  මට එහෙම කව්රුත් හිටියෙ නෑ
"බදින්නම ද ? "
"හ්ම් ... "
"කවදාවත් ඒකිට ද්‍රෝහි වෙන්න එපා මල්ලි ....... උන් පව් .!!! එහෙම උනොත්  මට කරන්න ඉතුරුවුන දේ උන්නටත් කරන්න වෙන්න පුළුවන් "   
" ? "
"මට තවම 23යි , වෙන කෙල්ලෝ මොනතරම් සන්තෝසෙන් විනෝදෙන් ගෙවන කාලයක්ද ! මට වෙලා තියෙන්නේ කවදාවත් නොදැකපු එවුං එක්ක නිදා ගන්න .......... තරහ වෙන්න එපා මල්ලි මට මේ පිරිමි කියන ජාතිය පේන්න බෑ...... "
" ඒත් හැමෝම එක වගේ නෙවෙයි නේද? " ජාතිය වෙනුවෙන් 
" ඔව් මම ඒක දන්නවා ....... ඒත් මට එහෙම හිතන්න කරම් හිත හදාගන්න බෑ ,
                   මං පොඩිකාලෙම මගේ තාත්ත වෙන ගෑනියෙක් එක්ක පැනල ගියා .... එත  කොට මගේ වයස අවුරුදු 6ක් විතර ඇති , තේරෙන වයසනේ ....මං පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තේ එදා .....මං වැරදිද ?? "
උත්තර නෑ!
" මං වැරදි වෙන්න හෙතුවක් නෑ නේද....... ****** තමයි මම පදින්චි වෙලා හිටියේ .......... ඉස්කෝලේ ගියේ නුගේගොඩ       ******** විද්‍යාලයට .අනේ මල්ලි ඉස්කෝලෙ නම නම් ලියන්න එපාහොදේ !,
‍ ඒකාලේ කවදාවත් මගේ  අතේ රුපියල් 15කට වඩා තිබ්බේ නෑ .රුපියල් සත කියන්නේ ඒ දවස් වල ඉදලම අපිත් එක්ක තරහ දෙයක් ! තාත්තා දාලා යනකොට මොනවත් ඉතුරු කරල ගියේ නෑ !..... අම්මගේ රත්තරන් බඩු ටිකත් අරගෙන තමයි ගියේ ! .එදා ඉදං අම්ම කලේ නුගේගොඩ පොලේ බඩු විකුනපු එක. දුප්පත් කම කියන්නේ මං උපතින්ම ගෙනාපු දෙයක් .
                                        ශිෂ්‍යත්වෙ නම් පාස් වෙන්න බැරි වුනා, ඒත් ඕලෙවල් විභාගේ හොදටම පාස් වුනා, ඒ 8ක් තිබුනා..... ඒක වෙන්න ඇති මගෙ ජීවිතේ සතුටුම දවස " තවමත් මතකයි  ඒ වෙලාවේ කෙල්ලගේ ඇස් දිලිසුන හැටි.
                        " ඒ ලෙවල් වලට කොමස් කරන්න පටන් ගත්ත කාලෙම තමයි මට මහේෂ් ව හම්බ වුනේ. එයා හරිම හොද කෙනෙක් කියල තමයි මම හිතුවේ , ඒ ආදරෙන් එහාට දෙයක් මට තිබුනේ නෑ . පැය ගනන් කථා කරකර හිටිය .ඒ ඇස් දෙකෙන් ගැලවෙන්න මට බැරි වෙයි කියලයි හිතුවෙ.  මහේෂ්ගේ අම්ම නෑ ! පුන්චි කාලෙම නැති වෙලාලු , තාත්තත් හවසට එන්නේ හොදටම බීගෙන.ඒනිසාම අපි දෙන්නගේ සමාජ පසුබිමත් හොදට  ගැලපුනා . ඒවෙනකොට අපේ අම්මත් මේ සම්භන්දෙ ගැන දැනගෙන හිට්යා , එයාගෙනුත් අකමැත්තක් තිබ්බේ නෑ ,අම්මත් මහේෂ්ට සැලකුවේ එයාගෙම දරුවෙකුට වගේ .
                                                        ඒ ලෙවල් ඉවර උනගමන් අපි බැන්ද !! ඒකට විරුද්ද වෙන් කවුරුවත් හිටියේ නෑ. මහේෂ්ලගේ තාත්ත නිසා අපි දෙන්න නැවතුනේ අපේ ගෙදරමයි .මාසයක් විතර යනකොට මහේෂ්ට රස්සාවක් ලැබුන , මමත් මහන්සි බලන්නැතුව පොලේ ගිහින් බඩු විකුනුවා .මහන්සි නෑ නෙවෙයි ආදරේ නිසා මහන්සිය තේරෙන්නෑ . මේ නිසා අම්මට  ගෙදර නවතින්න පුළුවන් වුනා. 
                                     මාස හතර පහක් යනකොට මට දරුවෙක් ලැබෙන ලකුණු ආවා. මමයි ‍මහේෂ්ශුයි අම්මයි විතරක් නෙවෙයි අපිට නෑයෙකූට කියල ඉතිරිවෙලා ඉන්න ආච්චි අම්මත් සන්තෝස වුනා.
                                    ටිකෙන් ටික දින ලං වුනා. මේ වෙනකොට මහේෂ්ගෙ මොකද්දෝ වෙනසක් දැනුනත් මම ඒක ඒ තරං ගනන් ගත්තේ නෑ.
      හැන්දෑවරුවක මට අමාරුවෙලා කළුබෝවිල හොස්පිටල් එකට ගෙනිච්ච .එදා රෑ තමයි මට මේ ලෝකෙ ඉතුරුවෙලා ඉන්න එකම වස්තුව ලැබුනේ. ................ඔව් පුන්චි කොලුපැටියෙක් . පිරිමියෙකුට කියල මේ ලෝකේ මං ආදරේ ඌට විතරයි " හැම අම්මමෙක්ම එක වගේ නේද !
                              ඊලග දවසේ උදේ මහේෂ්ශුයි අම්මයි ඇවිල්ල මාවයි පොඩි පැටියවයි බලල ගියා .අද හවසට මගේ ට්කට් කපනව කියල මං ඒවෙලාවේ ඒ දෙන්නට කියලයි තිබ්බේ . 3.30 ට විතර ටිකට් කැපුව , පැයක් හිටිය , දෙකක් හිටිය ....... කවුරුත් ආවෙනෑ . පොඩි එකාට ‍අදින්න තිවුන රෙදි කෑලි දෙකතුන මේවෙනකොටත් තෙමාගෙනයි හිටියේ .තවත් බලන් ඉන්න බැරිනිසා තනියම හරි ගෙදර යන්න හිතාගෙන එළියට බැස්ස.වෙනඅය වාහන නැතත් හයර් එකට හරි අරගෙන ඇවිත් ‍පොඩි උන්ව දූවිල්ලලක් වත් වදින්නැතුව ගෙවල් වල එක්ක යද්දි මගේ පොඩි පැටිය බස් එකේ ගෙදර ආවා. බස් එකේදි මට ඇඩුන ......!
                                 ගෙදර එනකොට කිසිම හැල හොල්මනක් නෑ .... ආච්චි විතරක් එලියෙ පඩියට වෙලා ඉදගෙන ඉන්නව.මාව දැක්ක විතරයි උන්දැ වාත අමාරුව අමතක කරල දුවගෙන ආ‍වා .......... 
"අනේ කෙල්ලේ ..........ගේ හරියේ සතයක් නෑ නැත්තං මං එනව උඹව එක්ක එන්න "
" කෝ ආච්චි අම්මේ අපේ අම්ම , මහේෂ් " 
" උන් ආයේ එන්නෑ කෙල්ලේ ........... " ආච්චි අම්ම අඩනව 
"‍අනේ මෙනවද උනේ කියන්නකෝ "
"උඹලගෙ අම්ම මහේෂ් එක්ක පැනල ගිහින් .............. මේන් කඩදහියක් තියෙනවා . ඒකෙන් තමයි මම දැන ගත්තේ අද උඹේ ටිකට් කපනවාය කියල"
" මට ලෝකෙම කැරකෙනව වගේ දැනුන මල්ලි ....... මගේම අම්ම ම‍ට මෙහෙම කරයි කියල හිතන්න පුළුවන්ද ඒවිතරක්ද අරතරං ආදරේ පෙන්නපු මගේ කොල්ල ..... මහේෂ්  මෙහෙම කලේ මොන හිතකින්ද ! , පොඩි එකාවත් තුරුලුකරගෙන එදා මං කදුළු බේසන් ගානක් පිරෙන්න අඩන්න ඇති. මහේශ් වැ‍ඩ කරපු තැනින් ඇහුවට වැඩක් උනේ නෑ . මිනිහ එතනින් අස්වෙලා ගිහින් .  
                                      තාත්ත දාල ගියා වගේමයි . දෙන්න ගිහින් තියෙන්නේ ගෙදරම හූරගෙන .සතයක්වත් නෑ . මගේ අතේ රුපියල් 500ක් තිබුන . ඒත් ඒකෙන් මොනව කරන්නද ...............
                     පහුවදා පොඩි එකා‍ව ආච්චිට දාලා මං ගියා පොලට ...... වැඩක් නෑ , මට එතන ඉන්න උන් මගේ අම්ම ගැන කියන කථා අහන් ඉන්න බෑ.මොනව උනත් ඒ මගේ අම්ම .... දහ දුක් විදල මාව උස්මහත් කලේ එයා .
                   ඊට පස්සෙ සතියක් විතර යනකන් එහෙන් මෙහෙන් සල්ලි පොලියට ගත්ත ....... දවසක් රෑ එලි වෙනකං කල්පනා කරල මං බොහෝම අමාරුවෙන් තීරනය කලා මට තියෙන එකම වස්තුව විකුනන්න. කාලෙකට කලින් ගත්ත කොට සායකුත් ඇදගෙන පහුවෙනිද මං පාරට බැස්ස ......... එදා මගේ 21 වෙනි උපන් දිනය. කෙල්ලොවිතරක් නෙවෙයි කොල්ලොත් 21 වෙනි උපන්දිනේ මහ ඉහලින් ගද්දි මං......... ඇග විකුනන්න පාරට බැස්ස මල්ලි......."
          මට  එතනදීත්  කියන්න දෙයක් නෑ !!!!!!!!
" ඒත් මං මේක කරන්නේ තව ටික කාලයක් විතරයි ........ පොඩි එකාට හොද නෑනේ , දැනටමත් ඌ අහනව .....ඇයි අම්මි රෑට ගෙදර නැත්තේ කියල  ....... ඉතුරු කරපු සල්ලි වලින්  මොනව හරි වෙන දෙයක් කරන්නයි ඉන්නේ. "
" මොකද ගල් වෙලා වගේ ? "
" නෑ නිකන් ......... මේක නීති ගතකළානම් හොදයි කියලත් හිතෙනව "
" නෑ ......... එහෙම කලොත් මෙහෙ ඉන්න අයියලා ගම්වල ඉන්න අහිංසක කෙල්ලොන්ව ශෝරූම් වල දාල විකුනයි බලෙන්ම ........ කිසිම ගෑණියෙක් කැම‍ත්තෙන් මේ රස්සසාව කරන්නෑ............." 
දිලිසෙන කිරිපාට කාර් එකක් ...........වීදුරුවක් යන්ම් ඇරිල වැහුන .
" එයා සතියකට පාරක් එන කස්ටමර් කෙනෙක් ............. මං යනව "
                රත්තරන් පාට හෑන්ඩ් බෑග් එක කරට දාගෙන කොන්‍ඩේන් පොඩි කෑල්ලක් ඉස්සරහට අරන් හිරුනි කාර් එක පැත්තට ඇදුන .අඩි තුන හතරක් ඉස්සරහට ගිහින් ආයෙත් හැරුන.
   " ඔව් ඒ බැදපු මිනිහෙක් තමයි " කාර් එ‍ක ගැන මගේ කුතුහලය ඉවර උනා.



ප.ලි - කරුනු මදිවීම හා අනුමැතිය නොලැබීම නිසා  ඒ ලෙවල් වලට ප්‍රොජෙක්ට් එක 'ලංකාවේ ගණිකා වෘතිය නීතිගත කළ යුතුද ?'  එකේ ඉදන් ' ශ්‍රි ලංකා පොලිසිය මහජන මීත්‍රශීලිද යන්න දක්වා වෙනස් විය .

ප.ප.ලි - සියලුම දෙනා එක සමාන නොවන බව සලකන්න . හිරුනි හා මහේශ් යනු කල්පිත නම් දෙකකි . කථාව 100% සත්‍යවේ . වගකියමි. 




 

80 comments:

  1. " නෑ නිකන් ......... මේක නීති ගතකළානම් හොදයි කියලත් හිතෙනව "
    " නෑ ......... එහෙම කලොත් මෙහෙ ඉන්න අයියලා ගම්වල ඉන්න අහිංසක කෙල්ලොන්ව ශෝරූම් වල දාල විකුනයි බලෙන්ම ........ කිසිම ගෑණියෙක් කැම‍ත්තෙන් මේ රස්සසාව කරන්නෑ............."



    මෙච්චර කල් මමත් හිටියේ ගණිකා වෘතිය නීතිගත කල යුතුයි කියන තැන.. ඒත් හිරුණිගේ උත්තරේ ඉස්සරහ මම නිරුත්තර උනා

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වෙලාවේ කියාගන්න දෙයක් හිතා ගන්න බැරිවුනා !!!!!!!

      Delete
  2. නීතිගත කරනවාට මං තදින්ම විරුද්ධය...

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ‍එසේ විය යුතුයි !!!!!

      Delete
  3. හොද ලිපියක් සහෝ.. මාත් හිටියේ මේ වෘත්තිය නීතීගත කල යුතුයි කියන තැන.තාමත් හිතන්නේ එහෙමයි.ඔය රස්සාව කැමැත්තෙන් කරන එවුනොත් ඉන්නවානේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත !!!!! ඒත් බහුතරය????

      Delete
    2. එත් බලෙන් ළමා කාලේදිම පොළබවයි.

      Delete
  4. හොඳ ලියපියක් සහෝ.ඒත් මට මොකුත්ම කියන්න හිතෙන්නේ නෑ. මට හිතාගන්න බැරි ආශාවන් නිසා ඇයි මිනිස්සු මේ තරම්ම පහත් වැඩ කරන්නේ කියන එක විතරයි. ජය..!


    (නැවතත් කියන්නම් ඔයාගේ ලිපිය හොඳයි.)

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඒ ගැන !!!!!!

      ( බොහෝම ස්තූති )

      Delete
  5. හොඳ ලිපියක් කියන්නද ඉන්ටර්විව් එකක් කියන්නද දන්නෙ නෑ... හොඳයි කියල කියන්නම් :)

    ReplyDelete
    Replies
    1. එල !!!!!! කැමති දෙයක් කියන්න.
      තිත් දෙකයි ඩී

      Delete
  6. ඇත්තෙන්ම ලොකු දෙයක් මේ වගේ ව්‍යාපෘතියක් තෝරගත්ත එක. ඇත්තෙන්ම ඔයාගේ පාසලේ ගුරුවරියත් ගොඩක් වටින කෙනෙක්. අපි එකපාරක් මේ විදිහේ දෙයක් කරන්න ගියාම ගත් කටටම බෑ කියලා අපිට ලොකු ප්‍රශ්ණයක් ඇති කලා. ඇත්තෙන්ම වටිනා දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ...........ඒත් කරුණු මදිවීම නිසාත් මව්තුමියගේ විරෝධය නිසාත් ( තාත්ත නම් කරන්න කිව්ව ) වෘ්‍යාපෘතිය වෙනස් වූ වගයි .

      Delete
  7. පුතා ඉතාමත් වටිනා ලිපියක් එවෙන්නක් ලියන්න ඔබ
    කැපකිරීම ගෙන මගේ සතුට. ලෝකෙන් උතුම්ම රට
    අපේ ලංකාව ලු නේද මල්ලි
    සමන් අය්යා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති
      තිත් දෙකයි ඩී

      ප.ප.ලි කියෙව්වාද ?

      Delete
  8. හොද ලිපියක්... මේ සම්භන්ධයෙන් මුකුත් කියන්න අමාරුයි,, මේ ගැහැණු ළමයට මේ තත්වයට වැටෙන්න වැඩ සිද්ද කරලනේ තියෙන්නේ.. ගොඩක් අය ඉන්නේ මේ තත්වේ නිසා වෙන්නත් ඇති .

    ReplyDelete
  9. ලැම පමනක් ලොවට පෙනෙන.......
    ලය නොපෙනෙන ලඳුනේ......
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ.....

    ReplyDelete
  10. අනේ මන්ද අප්පා......
    හෙන පව්.ශික්.

    ReplyDelete
  11. අනේ මේ කොල්ල ප්‍රොජෙක්ට් එකට තෝරගත්තු මාතෘකාව ..හ්ම්..පව් ..ඒ උනාට හිඟා කන එක ඔයිට වඩා නම්බුයි..

    ReplyDelete
    Replies
    1. හරිද මන්ද ............. මං කොහොමත් සමාජීය ප්‍රශ්න වලට සංවේදී .

      Delete
    2. nambuwa balanda thibba hinga kanakota, adagena gihilla balen karana kota.
      adu gane mea ganu kena eken daruwata kand bond denawa.

      Delete
  12. ගොඩාක් දැනුණු කතාවක් සහෝ :(

    ReplyDelete
  13. බොක්කටම වැදුන මචං

    ReplyDelete
  14. කතාව එක දිගට කියෙව්වා..
    හරි අපූරුවට ලියලා තියනවා..

    ජය.....

    ReplyDelete
  15. ඇඩෙනවා බං...

    සිරාවට කියන්නේ, මටත් හෙන ආසාවක් තියනවා ඒ වගේ එක්කෙනෙක් එක්ක ටිකක් කතා කරන්න.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හුග දෙනෙක් කැමති නෑ .... ඒත් කථා කරන්න කැමති අයත් ඉන්නව .

      Delete
  16. පිස්සු හැදෙනවා බන්
    මේ වගේ ජීවිතත් තියනවානේද කියලා හිතෙන කොට

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා දේවල් තියෙනව බං ඉස්සරහට ලියන්නම් කෝ

      Delete
  17. අඩේ!!!එල ඕයි!!!
    ගණිකාවෝ කියන්නේ බං සමාජය විසින්ම නිර්මාණය කරපු අහිංසක මිනිස්සු ගෑණු පිරිසක්!උන්ගේ ප්‍රශ්න මේ සමාජයටම තේරෙන්නේ නෑ වගේ ඉන්න එකයි අරුමේ!

    ReplyDelete
  18. ම්ම්ම්... මෙහෙමයි ලංකාව වගේ රටක ඕක නීතිගත කරොත් නම් ඔය හිරුනි කියපු දේ වෙන්න ඉඩ තියෙනවා.. මොකද අපි කොච්චර කෑගැහුවත් සම අයිතීන් තියෙනවා කියලා තාමත් පුරුෂයෙක්ට පුළුවන් කාන්තාවක් බලෙන් ඔහොම දේකට ඇදලා දාන්න. ඒ නිසා මෙහෙ නීතිගත නොවෙන තරමට හොඳයි..

    ReplyDelete
  19. මෙහෙමයි මචෝ .... මම නම් හිතන්නේ මේ කතාවට අනුව උබල සදාරන උනත් .... කෙල්ලො කියන්නෙ මහ එපා කරපු ජාතියක් ඒ වගේම ගණිකාව කියන්නෙ ඉටත් වඩා එපා කරපු ජාතියක් .... මම නම් කියන්නෙ මොන ප්‍රශ්න තිබුනත් වල් කමත් මූලික වෙනව ගණිකවක් වෙන්න ..... මොකද කියන්නෙ මචන් .....

    ReplyDelete
    Replies
    1. ඔන්න පල්ලෙහයින් උත්තර ලැබිල තියෙනව .........

      Delete
  20. 1. කෙල්ලෝ කියන්නේ "මහ එපා කරපු ජාතියක්" කියන කතාවේ පොඩි ඇත්තකුත් නැතුව නෙවෙයි.

    2. මම දකින විදියට තමන්ගේ දරුවන්ගේ වගකීම අමතක කරලා දාන, පවුල් ජීවිත අවුල් කරමින් අනියම් සබඳතා පවත්වන ගැහැනුන්ට වඩා මුදල් අරගෙන අවශ්‍යතාවය සපුරා දෙන ගණිකාව යහපත් චරිතයක්.

    3. ගණිකාවක් වෙන්නෙ "වල්කම" නිසා නම් නෙවෙයි. නිකම් පිරිමියෙක් දාලා ඇන්නාට කෙල්ලෙක්ට සතුටක් ලැබෙන්නේ නෑ. පිරිමියාට වතුර ටික ගිය ගමන් ආතල් ආවට.

    ඔන්න අමුවෙන්ම කිව්වා!

    ReplyDelete
    Replies
    1. Anonymous +++++++ සම්පූරනයෙන්ම එකගයි මිත්‍රයා

      Delete
    2. සහතික ඇත්ත මචෝඕ....

      Delete
  21. කෙල්ලෙක් දරුවෙකුයි රුපියල් 500 එක්ක තනි වෙලා ජීවත් වෙන්න වෙන මොනවා කරන්නද කියලත් හිතෙනවා වෙලාවකට

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද බං ලෝකේ හැටි !!!!

      Delete
  22. උඹ පට්ට කොල්ලෙක් නේ බං මං උනා නම් යන්නේ නෑ ;D
    දුකයි බං මේ ලෝකේ සිද්දවෙන දේවල් ඇහුවාම :(
    උන්ට වෙන පිළිසරණක් නැත්තම් වෙන මොනවා කරන්නද

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් ඇත්තේම නැති තරං ........... මොනව කොරන්නද ... ඇත්ත තත්වේ තමයි ඕක .!!!!!

      Delete
  23. ගණිකා වෘත්තීය කියන්නේ ලෝකේ පැරණිම වෘත්තීය. ඒක නීතිගත කල යුතුයි. එහෙම නැති නිසා තමයි බලෙන් ඇදාලා දාපු අය ඕනෑතරම ඉන්නේ. ඒත් අපේ මිනිසුන් තවමත් ඒ අය දිහා පහත විදියට බලන්නේ. ගණිකාවකට වුනත් බලහත්කාරමක් කලොත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන හරියට. ගණිකාවට ආත්ම ගරුත්වයක් තියෙන්න ඕනේ. කරන රැකියාව ගැන කියල පරිභව නොකර ඉන්න ඕනේ. ඒ ටික කිව්වහම පේනවා නීතිගත වීමට වඩා අපේ සමාජයේ කුහක කම අඩු වෙන්න ඕනේ. නීතියෙන් හැම දෙයක්ම කරන්න බෑ. ජනතාවට කළහැකි දෙයකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. විරුද්දයි ....... මුලින්ම ගණිකා වෘත්තිය ඊළගට එල්ලුම් ගහ පස්සේ ගබ්සාවත් නීතිගත කරයි ... අපි හැදිච්ච වැදිච්ච සංස්කෘතියට අන්වු හරියට ඉන්නවනම් ගණීකාවක් දිහා පහත් විදිහට බලන්නේ නෑ ..... වැරද්ද තමයි අපේ උන් සේරම පටලවගෙන ඉන්න එක

      Delete
  24. කතාව ඇත්ත බන්, සල්ලි දීල ගත්තොත් ලෝකෙම දෙන්නම් කියල කියන ගෑනුන්ගේ හිතේ මොන තරන් ගිනි ගොඩක් තියනවද.

    ReplyDelete
    Replies
    1. කියල වැ‍ඩක් නෑ බං

      Delete
  25. ///නෑ ......... එහෙම කලොත් මෙහෙ ඉන්න අයියලා ගම්වල ඉන්න අහිංසක කෙල්ලොන්ව ශෝරූම් වල දාල විකුනයි බලෙන්ම ........ කිසිම ගෑණියෙක් කැම‍ත්තෙන් මේ රස්සසාව කරන්නෑ.///

    නීතිගත කරන්න තළුමරන උන්ට නොපෙනෙන පැත්ත... ඕනෙ එකෙක් ගියාවෙ නීතිගත කිරීමෙන් ලංකාවත් තායිලන්තෙ වෙන එක සහතිකයි... වටිනා පෝස්ට් ලියවෙන බ්ලොගක්... සුභ පැතුම්...

    ReplyDelete
  26. ඇත්තටම සමාජ සංවේදී මාතෘකාවක්, හුගක් ගණිකාවන්ගේ ඇතුල පැත්ත, තමන්ගේ ගෑණිගේ ඇග විකුණල ලැබෙන ගානෙන් හවසට බොන මිනිස්සුත් ඉන්නවනේ

    වටරවුමේ - මුදියන්සේ

    ReplyDelete
    Replies
    1. // තමන්ගේ ගෑණිගේ ඇග විකුණල ලැබෙන ගානෙන් හවසට බොන මිනිස්සුත් ඉන්නවනේ//
      තවත් කථාවක් මතක් උනා !!!! :D

      Delete
  27. හැමෝම ඔහොම වෙන්නෙ හේතු ඇතුව බං!!

    ReplyDelete
    Replies
    1. හැමදේටම හේතුවක් තියෙනවනේ බං !!!

      Delete
  28. umba ai ban mea seen iskoole di kivve naththe?

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙදි වෙනම ආතල්නේ !!! මේව මතක් වෙන්නේ නෑ :D:D

      Delete
  29. අනේ මන්ද මොලේ කුරුවල් වෙනව කල්පනා කරනකොට... මේක නීතිගත කොරනවද නැද්ද කියන එක ගැන මට නිනව්වක් නෑ...අම්ම කෙනෙක් තම කුසෙන් වදාපු දියනියට මේ තරම් වනචර තුප්පහි කමක් කලේ කොහොමද...ඒක හිතනකොට පුදුම දුකක් දැනුන...

    ReplyDelete
    Replies
    1. හිතන්න හිතන්න මොලේ කුරුවල් වෙන දේවල් ඔනේ තරම් ..... සමහරු නම් කියන්නේ මේක නීති ගත කරන්න ඔනේ කියලා ...... ඒ කියන්නේ මේ ගැන කිසිම හොයා බැලීමක් නොකර බං

      Delete
  30. ඇත්තටම හොද ලිපියක් .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි .... ඩී

      Delete
  31. ඒ බන් කෙලින්ම වැදුනේ.. බොක්කට... පවු බන් .. මේ කෙල්ලෝ .. සිරාවටම

    ReplyDelete
  32. ඇත්තටම සංවෙදි කතාවක් ඔයහැමෝ ගාවම ඇති නැත්නමි කවුරුත් කැමත්තෙන් ඔවට එනවයේ!....
    project වලට අනුමැතිය නමි කතාකරන්න එපා මාත් බාගයක් කළාට පස්සෙ කිවිවා එපා කියලා
    කරන්න හිටියෙ යුද්දෙ ගැන

    ReplyDelete
  33. හිත නැවතුනා වගේ..අහිංසක ජීවිත..පිරිමි හරියට නැත්නම් ගෑණු පිට යනවා කියන කතාව ඇත්ත..

    ReplyDelete
  34. අම්මේ....හරිම සංවේදී කථාවක්.......හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  35. ජීවත් වෙන්න විදියක් නැතුව හරි, තව කවුරු හරි ජීවත් කරන්න හරි අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි ලොකේ පරණම රස්සාව කලාට ඇතුලතින් ඒ අයත් හැඟීම් දැනීම් තියන මනුෂ්‍යයො නෙමෙයි ද? ගණිකාවන්ට ඇඟිල්ල දික් කරන්න කලින් ඇඟිල්ල දික් කරන්න ඔනේ අන්න අර කාර් එකේ ආවා වගේ මහත්වරුන්ට...

    ReplyDelete
  36. මම නිතර බ්ලොග් කියවන කෙනෙක් නෙමෙයි. ඒත් මේ ලිපිය මම මුල ඉඳන් අගටම කියෙවුවා. ලිපිය ලියලා තියන ශෙලිය නිසා කථාවේ වස්තු විශය වෙච්ච කාරනාවේ සංවේදී බව තවත් තීවෘර වෙලා තියනවා හිතට දැනෙන්නම. සුභ පතනවා ඔබට.
    ආ තව දෙයක්, මම ඔය සම්බන්දයෙන් දරන මතය ගැන කිවුවොත් “ගණිකා වෟර්තිය නීති ගත කිරීම නොකල යුතුයි“ කියන තැන තමා මාත් ඉන්නෙ. හැබැයි යම් කිසි ප්‍රමිති රාමුවකට යටත්ව ඔය කියන සේවාව සමාජයට අවැසී කියන එක හංගනත් බැහැ.

    ReplyDelete
  37. මේක ලියපු සහෝදරයා පුලුවන්නම් මාව Facebook ඒකෙන Contact කරන්න, වැදගත් කතාවක් තියෙනවා කරන්න https://www.facebook.com/live.marlon

    ReplyDelete
  38. මචං පිස්සු හැදෙනව බං........ මේක සිරාම කතාවක්වද............

    ReplyDelete
  39. සංවේදී කතාවක්. වර්තමානයේ කාන්තාවට මේ තත්වය හිමි උනේ ඇයි..
    කතාවටනම් කියන්න දෙයක් නැ එල. එල එල

    ReplyDelete
  40. මේ කතාව කියවල ඉවර වෙද්දි මට හිතුණේ මේක නීතිගත කලොත් මුදලාලි යටතේ රස්සාව කරන අපිව වගේම මේ ගෑනුන්වත් අයියල කොයිතරම් හූරං කයිද කියලයි. අනේ මන්ද.

    මේ ලිපිය facebook එකෙන් උස්සල තිබුණ. නමක් ගමක් නැතුව. මාතෘකාව හොයල search පාරක් දැම්මේ ලිපියට ස්තූතියක් පල කරන්නයි.

    මේ තියෙන්නේ උස්සපු ලින්ක් එක
    https://www.facebook.com/photo.php?fbid=289509214508166&set=a.221677657957989.50394.221676607958094&type=1&ref=nf

    ReplyDelete
  41. අපරාදේ :( හොඳ ප්‍රෙජෙක්ට් එකකට අනුමැතිය දෙන්න බැරි ලෙඩේ හැම ඉස්කොලෙකට ම වගේ තියෙනවා. හැබැයි කරා නං වටිනා දෙයක් වෙන්න තිබුණා සමාජෙට. මමත් තදින් ම විරුද්ධ යි ගණිකා වෘත්තිය නීතිගත කරනවට. ගොඩක් අයට ඔය පිළිකුල් රස්සාවෙන් ගැලවෙන්න අවස්ථාවක් තිබුණත් ඒකට ඉඩ නොදෙන්නේ මහ ලොකු කස්ටමස්ලා තමයි!

    ReplyDelete
  42. Ela mchn.lankawe wisekara wayase hema kollekma kiyawanna honda article ekak.yatharthaya.

    ReplyDelete
  43. Ela mchn.lankawe wisekara wayase hema kollekma kiyawanna honda article ekak.yatharthaya.

    ReplyDelete
  44. hmmm. ලැම පමණක් ලොවට පෙනෙන , ලය නොපෙනෙන ලදුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ..........

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text