Social Icons

හොයමු බලමු

Sunday, September 23, 2012

බුක් ෆෙයා ප්‍රෝඩාව ! ( නිරුවත හෙලි කිරීම )




මේ දවස්වල නැගලම යන ටොපික් එකක් . හැමෝම යනව , නොගිය අය යන්න බලං ඉන්නව , යන්න බැරි අය අඩනව , වෙන රට වල  ඉන්න අපේ අයට ඇ‍ඩෙනව ඔය අස්සේ  ජීවිතේට පොතක් කියවන්නැති උන් උදේ ඉදන් රෑ වෙනකං දවස්  තුන හතර පොත් ප්‍රදර්ශනේ ලැගගෙන ඉන්නව ,,, වැඩ කෝටියයි. බුක් ෆෙයා ගියපු අය කීප දෙනෙක් බ්ලොග් පෝස්ට් දාගෙන රහ කරනවත් මං බලාගෙන :D :D .
                                                 මේදවස් වල මේ බ්ලොග් එක ගැන එක එක රෙද්දවල් කියල එන ලොල් ඊමේල් වගයක්  නිසා  මගේ මූඩ් එක ටිකක් අවුල්, කොටින්ම කිව්වොත් මේ දවස්වල විලක්කුව බුර බුරා දැල්වෙනව. ඒකයි පහු ගිය දවස්වල ලියන එක අත ඇරල දාලා හිටියේ . හිත හදා ගත්ත , ආයෙ ඉතිං වට්ටනව බොරු, හ්ම් .. ලාමක ටිං ටිං කථා ඇති. ආයෙත් ආවේ මේ ටොපික් එක දළු දානව දැකල පොඩ්ඩක් වෙනස් පැත්තකට පෙහොර ටිකක් දාලා යන්න හිතාගෙන .

               හැමෝම  වගේ මාත් ඔය බුක් ෆෙයා එකට පතාගෙන ආවා වගේ  , අවුරුදු පතා යන බුවෙක් .මේ අවුරුද්දෙ නම් තවම බැරිවුනා කොහෙම හරි, අනිවා 26 වෙනිදට හරි යනවම තමයි . ඒත් හැම අවුරුද්දකම සාහිත්‍ය මාසේ කියන මාසේ විතරක් පොත් කියවන , පොත් ගන්න අය‍ට නොදැනෙන , අවුරුද්ද පුරාම පොත් වලට ආදරේ කරන උන්ට විතරක් බුක් ෆෙයා එක ඉවර වෙලා එනකොට දැනෙන මුස්පේන්තු හැගීම වෙන අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් මට දැනෙයි . හැ‍බෑටම පොත් ප්‍රදර්ශනේ අරමුණ මොකක්ද ?!!!!!
        පොත් වලට ආ‍දරේ අයට පොත්වලට ලං වෙන්න අවස්ථාවක් ‍‍ලබාදෙන එකද ? අපෝ නෑ.... පොත් වලට ඇත්තටම ආදරේ අය ඒවට ලං වෙන්න අවස්ථා හදා ගන්නව  උන්ට මේ හැන්දෙන් පොවන්න , බබා උක්කුං පාරවල් , මොත්තේ දාලා නලවන ආතල්  ඕ‍න වෙන්නේ නෑ .

එහෙනං ... එකම තැනකින් විවිධ විශයන්ට අයිති පොත් පහසුවෙන් අරන් කියවන්න අවස්ථාවක් ලබාදෙන එකද ? මොකක් !! පහසුවෙන් කිව්ව, පොත් තෝරන්න නිදහස තියෙන්න ඕනේ . පොත් ප්‍රදර්ශනේදි ඒවගේ තේරීමකට ඉඩ නෑ ........කලින් හිතාගෙන ගියපු පොත් ටිකක් අරන් එනව මිසක් .
කොල්ලන්ට ලංකාවේ විවිධ පැතිවල ඉදන් එන කෙල්ලන්ව බලන්න චාන්ස් එකක් අරන් දෙන එකද ? 
:D  ඒක අතුරු ථලයක්ය කියමුකෝ .
                              ඇත්තටම පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් බුක් ෆෙයා එක කරන එකේ අරමුණ මොකක්ද ?. ඒ ගොල්ලන් කියන විදිහට නම් ලංකාවේ පොත් කියවීම වැඩිකරවීමේ අරමුණින් තමයි මේක කරන්නේ .ඇත්තද ?????
                                   සමහර විට 
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ මුල් පුටුවේ උන්දැගේ අරමුණ  ඒක වෙන්න ඇති . ඒත් සමස්ථයක් විදිහට ගත්තෝත් ප්‍රකාශකයින්ගේ  අරමුන ඒකද ?
 කොහෙත්ම නෑ !!!!
                         පොත් ප්‍රදර්ශනේට සති කීපයක කලින් ඉදල ඔය මහ ලොකු , ගරු ලේබලේ එල්ලන් ඉන්න කුජීත කාලකන්නි ‍පොත් සමාගම් හැම එකක්ම ව‍ගේ කරන්නේ අවුරුදු කාලෙට පිට කොටුවේ ඇදුම් විකුනන පේමන්ට් කාරයෝ බඩගෝස්තරේ හොයා ගන්න  කරන ‍දේම තමයි  . මෙච්චර  කාළයක් ‍ තමන්ගේ හොදම අලවිය තිබුන පොත්වලට අලුතින් ලස්සන ලස්සන ඇදුම් අන්දවන එක  ( පිටකවර හදන එක ) . අළුතින් මිලක් නියම කරන එක , ඒ නියම කරන මිල තිබුන මිලට වඩා රුපියල් 50 ක් 100 ක් වැඩිවෙන එක හෙට ඉර පායනව කියන එක වගේ ශුවර්, ඊට පස්සේ කරන්නේ 20 % ක 25 % ඩිස්කවුන්ට එකකට කියල පොත විකුනලා දාන එක මිනිස්සු රැවටෙන එක . ඒ දෙන ඩිස්කවුන්ට් එකෙන් පොත් ගන්න එන එවුන්ට සත පහකවත් වැඩක් නෑ ,ප්‍රදර්ශනේට කලින් පොත ගන්න තිබුන ගානට වඩා රු.10 , 15 ක් වැ‍ඩිපුර ගෙවල තමයි පොත ගන්න වෙන්නේ . 
                                 කාළකන්නි  හැතිකරේ හැදි ගෑවිලා යන්න ඕනේ !  බුක් ෆෙයා එකෙන් අඩුවට පොත් ගන්න කියල ගම්වල ඉදන් එන උන්ව අන්දවල වැඩි ගානට  විකුනනව මදිවට ඊලග මිල වැඩිවීම  වෙනකම්ම මාස ගානක් යනකන් පොත විකුනන්නේත් ඒ  ලකුනු කරපු ගානටමයි . ඒකයි මම කලින්ම කිව්වේ මේ මගඩි නාට්‍ය හරියට තේරෙන්නේ සාහිත්‍ය මාසේ විතරක් පොත් කියවන  වැඩ බැරි ටාසන්ලට නෙවෙයි අවුරුද්ද පුරාම පොත් වලට ආදරේ උන්ට විතරයි කියල .
          " පොත පත පරිභෝජනය වැඩි කිරීම අපේ අරමුණයි " බම්බුව තමයි ,හක්කේ බුදුරරස් බොක්කේ දඩ මස් කියන්නේ මේවගේ කථාවලට වෙන්න ඇති . ජාතිය නගා හිටුවන්න හිතන්නේ මෙහෙමෙ වෙන්න ඇති . ලංකා‍ව දැ‍නුමේ කේන්ද්‍රස්ථානය කරන්න හිතාගෙන ඉන්නේ මෙහෙම වෙන්න ඇති . මොකටද මගෙ කට,,,,.......

                    හැම දේකටම ප්‍රමිතියක් තියෙන්න ඕනේ . බුක් ෆෙයා එකේ වෙළද කටයුතු සම්භන්ධයෙන් තියෙන ප්‍රමිතිය මොකක් ද! කාටද මේව පේන්නේ ? කාටද පෙන්නන්න ඔනේ ! කවුද දන්නේ , රටේ අනිත් හැම වැඩක්ම වගේ මේ‍ වැ‍ඩේදිත් බලන් ඉන්න උන්ව ගොන්ට අන්දවලා උන්ව හීන ලෝකෙකට යවන්න සංවිධායකයො කියන හැත්තට පුළුවන්වෙලා තියෙනව !!!!!!

ප.ලි - හැමෝවම නෙවෙයි .

ප.ප.ලි - සෑම පොත් ප්‍රකාශකයෙක්ම මේ ක්‍රමය අනුගමනය නොකරයි නමුත් 99% එසේ වද්දී 1% නොසලකා හැරෙන්නේ නිරායාසයෙනි. කෙටි පෝස්ටුවක්  , ලොකු කථාවක්  


21 comments:

  1. කෙටි පෝස්ටුවක් , ලොකු කථාවක්
    අනිවාර්යයෙන්ම!

    ජය

    ReplyDelete
  2. මල පැනලා වගේ හෙහෙ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහනව .......... තිත් දෙකයි ඩී

      Delete
  3. බිස්නස් බන් බිස්නස්...

    ReplyDelete
  4. විලක්කුව නෙමෙයි, දුම්මල වරම අතට අරගෙන වගේ... කොහොම වුනත් නියමයි...

    ReplyDelete
  5. හෙහ් හෙහ් ඒකනේ බං මම පොත් පරදර්ශනේ බලන්න ගිහිං පොඩි ආතල් එකක් අරං බොරැල්ලේ කඩේකින් පොත් අරං ආවේ. ලොල්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතාමත් ලොල් සහගත ක්‍රියාවක් .......... ලොල් ඈ !

      Delete
  6. මම නම් ඕව දන්නේ නැහැ අප්පා..අපි සයිබර් යාළුවො හම්බවෙන්නනේ ගියේ,,පොත් බැලුවේ නෑ මම නම් :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් ඇහුවේ මොකද්ද මේ ප්‍රදර්ශනේ අරමුණ කියල .......

      Delete
  7. පොත් ගැනිල්ල කෙසේ වෙතත් පුරුද්දට වගේ යැවෙනව. මේ පාර නම් එහෙමවත් යන්න බැරි වෙයි වගේ. අඩුවට පොත් දෙන කුටිත් නැතුවාම නෙවෙයි නේද

    ReplyDelete
    Replies
    1. 1% කථාව අදාල වෙන්නේ එතනට

      Delete
  8. මීට කලින් ගිහින් නැතිනිසා මේ සැරේ යන්න බලන් හිටියට යන්න බැරි උනා.බලන් ගියාම ඒකත් හොඳයි..!
    ඇත්තටම පොත් එක්ක හැමදාම ගනුදෙනුකරන එකා තමයි..ඕකේ ඇත්ත දන්නෙ.

    ReplyDelete
  9. ඕකට ඉතින් තරහ ගන්න කාරියක්ද මලේ.... බිස්නස් නෙව....පොත් කඩවල් ගානේ රස්තියාදු වෙන්න බැරි අය , එක දවසක එක තැනකට ගිහිල්ලා පොඩ්ඩක් වැඩියෙන් දීලා පොත් ගන්නවා..අනිත් අයට තියෙන්නේ සැප්තැම්බර් මාසෙට කලින් පොත් කඩවල් පීරලා අඩුවෙන් පොත් ගන්න එකයි...

    අර කවුද කියලා තියෙන්නේ 'there is nothing called free lunch" kiyala

    ReplyDelete
  10. හ්ම්... ඕවා ඔහොම තමයි.කතාවනම් සහතික ඇත්ත.

    ReplyDelete
  11. අන්න අන්න හෙට අනිද්දා ඒ පැත්තේ යන්න උන්නු මාව කම්මැලි කෙරුවා... යම්දෝ නොයම්දෝ....

    ReplyDelete
  12. Ekane bn book fair ghin horen poth aran enne.ethakota katawath paduwwak wenne nane.hikz.:P

    ReplyDelete
  13. සිරා ඇත්ත බං..
    කවිකඳුර (ගත්තු එකම පොත) කියලා පොතක් ගත්තා..
    යාළුවෙක්ට දෙන්න ඈ..
    පරණ ගාන 490යි..
    අළුත් ගාන 550යි...
    ඇඩෙනවනේ...
    ගත්ත පොතේ පිටකවරේ පරණ එකට වඩා වෙනස්..
    සිරාම ප්‍රෝඩාව බං..

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text