Social Icons

හොයමු බලමු

Saturday, September 8, 2012

පොලීසියේ ඉන්නේ බල්ලෝ ද ???????? නොදකින් විතරක්!!

ශ්‍රී ලංකා පොලීසිය , නම කියනකොටම එක එක අයට අමුතු අමුතු දේවල්  මතක් වෙනව ඇති නේද !!!! වාහන වලින් ගාන කඩා ගන්න ඒවා ,ලොකු එවුන් පත්තරවල යන වැරදි කරද්දි  පොකට් කාරයාව විතරක් අල්ලන ඒවා,සල්ලි නොදී ට්‍රීවීල් වල බස් වල යන ඒවා ,කැම්පස් වල එවුන්ට බැටවන් වලින් කෙලින ඒවා ................ ඒවා මේවා තව ගොඩයි .



                          ]
                    ඇත්තටම පොලිස් නිල්‍ධාරියා කියන වචනෙත් එක්ක කුණු කථා විතරක් මතක් වෙන්න හේතුව මොකක්ද !වැරද්ද වෙලා තියෙන්නේ කොතනද ? ඔහේ නිකං බැන බැන ඉන්න අතරේ  කවුරුත් ඒ ගැන හිතුවද ? නිකමටවත් !!! නෑ නේද ?  ( මං දන්නව ! )
ඇත්තටම ඔය කියන විදිහට පොලිසියේ ඉන්නේ බල්ලොද ? නැත්තං අපි දකින කෝනේ වැරද්දක් තියෙනවද !!!!
 " අනේ මන්ද අප්ප මට නං දැං එපා වෙලා තියෙන්නේ ....... අපේ ගෙදරින් මට මොනවත්  කරන්න දෙන්නෑනේ ! තනියෙන් කොහෙවත් යන්න නෑ .......ඒක කරන්න එපාලු මේක කරන්නේ මෙහෙමලු ...... ඇයි අනේ අම්මටයි තාත්තටයි ඒකාලේ මතක නැත්තේ !! "
          ගෙදරින් ඇයි අපිට සමහර දේවල් කරන්න දෙන්නේ නැත්තේ, එමහර තේරුම් ගන්න බැරි දේවල් අපි ලවා කරවන්න හදන්නේ ඇයි කියන එක අපිට නොතේරෙන්න හේතුව තමයි දෙමාපිය දූ දරු සම්භන්ධයේ දෙමාපිය කෝණය මොකක්ද කියන දේ අපිට නොතේරෙන එක , එහෙම තේරෙම් ගන්න පුළුවන් වුනා නම් කිසිම ගැටුමක් නෑ .
        ඉතින් මං තීරණය කළා පොලීසීයේ ඉන්නේ බල්ලොද නැද්ද කියන එක හැමදාම වෙනව වගේ  මහජනතාවගේ කෝණයෙන් නොබලා  පොලිස් නිළධාරියෙකුගේ කෝණයෙන් හොයල බලන්න .
දැන් ඉතින් මෙකට පොලීසියේ එක්කෙනෙක්ව හොයාගන්න එපායැ ....... ඒ විතරක්ද ඌ කථා කරන්න කැමති වෙන්නත් එපාය . කොහොමද ඉතින් මේ අවශ්්‍යතා සම්පුරන කරගන්නේ .
                                                     සාමාන්‍ය කෙනෙකුට අමාරු වුනත් මට නම් ඒක සිම්පල් දෙයක් . ඒ අර මං ලෝඩ් පකීර් කෙනෙක් නිසා නෙවෙයි  , මං ඇවිල්ල පොලිස් ‍නිලධාරියෙකුගේ පුතෙක් නිසා ........ (අන්තර්ජාලයට මුදාහරින පලවෙනි වතාව හොදේ ....... තිත් දෙකයි ඩී ) .
පෙරේදා රෑ වැඩ ඇරිල ආවට පස්සේ මං තාත්තගේ ‍ඔළුවට මේ අයිඩියා එක දැම්ම ( නිකන් පොලිසියේ කෙනෙක් එක්ක කථා කරන්න ඕනේ කියල විතරයි කිව්වේ ..... මං බ්ලොග් එකක් ලියන වග ගෙදර අය දන්නෑ)
කොහෙමෙන් කොහොමෙන් හරි තාත්ත හදුන්වලා දීපු පොලිස් නිලධාරියෙකුගේ ‍පිහිටෙන් මං ඊයේ පොලිස් නිලදාරියෙක් මේ ප්‍රශ්නේ දකින කෝනේ හොයා ගත්ත.  ඔන්න කථාව මුල ඉදන්ම කියන්නම් කෝ .............  

කොල කෑලි දෙකතුකුයි පෑනකුයි අරන්  ඇදිරිවැටීගෙන එන වෙලාවේ මං පොලිස් බැරක්කේට රිංගුවේ අර කියපු අයි‍ය කාරයා හම්බ වෙන්න . ලගදි  පොලීසියට බැදුන කොල්ලෙක් නිසා ඒකාලේ පොලීසිය දැකපු විදිහයි දැන් දකින විදිහයිත් හොයා ගන්න පුලුවන් වේවි. 
" දර්ශන අයියා ...... "  ම්හ් කොහෙ ගියාද මේකා , හදිස්සියේ ඩියුටියක් වත් වැටුනද ! වෙන්න බෑ ..... අද මොනවත් විශේෂ දේවල් නෑනේ . බලමු තවපාරක් කථා කරල .......... " දර්ශනයෝ ......... " 
" ආ .....උඹ ආවද !!" ( නෑ මං තවම මග )
" එනව කිව්වට මං හිතුවේ නෑ එයි කියල ........... දැං මොන බම්බුවකටද කියහංකෝ මෙහෙම දෙයක් දැන ගන්න ඕනේ ,....... උඹ පත්තරේට වත් ලියන්නද ? "
දැං දීපංකෝ උත්තර 
" නෑ එහෙම නෙවෙයි ........... හිටපු පොලිස්පති තුමා අපේ ඉස්කෝලේ ඕල්ඩ් බෝයි කෙනෙක්නේ ... ගිය මාසේ මීටින් එකට ගියවෙලාවේ එතුම කිව්ව මං ඒ ලෙවල් වලට කරපු ප්‍රො‍ජෙක්ට් එක ඕනේ කියල එතුමගේ දුවට කරුණු ටිකක් ගන්න ...... ඒ වෙලාවේ මං කිව්ව මං කරල තියෙන්නේ පොලීසිය ගැන එකක්ය එක ගෙනත්දෙන්න පුළුවන් කියල . මිනිස්සු පොලීසිය ගැන හිතන විදිය පොලිස්පති කෙනෙකුට තේරුම් කරල දෙන්න පුලුවන් වෙන නිසයි එහෙම කිව්වේ ....... එහෙම නැතුව මගේ ලග ඇත්තටම එහෙම    ප්‍රො‍ජෙක්ට් එකක් තියෙන නිසා නෙවෙයි .... වැඩ්ඩ වගේ කිව්ව නිසා දැන් ඊලග මාසේදී ඒක ගිහින් දෙන්න ඔනේ " ගණදෙවි නුවන. තිත්දෙකයි ඩී.
"අනේ මන්ද උඹත් කරගන්න දෙවල් ......... හ්ම් හ්ම් ....... මොනවද දැන් දැන ගන්න ඕනේ "
" පොලීසිය කියන්නේ ඇත්තටම ‍මහජන මිත්‍රශීලී ආයතනයක්ද ? "
" නෑ ........ පොලීසිය කියන්නේ මහජන ආරක්ශාව හා සාමය සුරකින ආයතනයක් ....... . ඒක මිත්‍රශීලිත්වයට වඩා එහා ගිය බැදීමක්. මිනිස්සුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මිනිස්සුන්ට සේවය සපයන ආයතනයක් "
" කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නැද්ද ? එතකොට පඩිය ? ........ මගදි ලැබෙන වාසි "
" පඩිය කියනවට වඩා ඒකට අපි කියන්නේ සේවය ඇගයිම වෙනුවෙන් දෙන දීමනාවක් කියල .......... "
" පගාව  "
"මං ගන්නෑ "
" වෙන්න ඇත් ඒත් බහුතරය එහෙමනේ .........ඒ මදිවට ලොක්කන්ගේ වැරදි අල්ලන්නෑ ..... ඇයි බයද ? " 
" බහුතරය නෙවේ සුලුතරය ! සුලුතරය ,බහුතරය කරල තියෙන්නේ ලංකාවේ මාධ්‍ය ආයතනවලින් , චිත්‍රපටි වලින් , ටෙලි නාට්‍ය වලින් .... "
"?"
"හුග දෙනෙකුට නොතේරුනාට මේ රස්සාව කරන මිනිස්සු බොහෝම දැ‍‍ඩි අපහසු කම් ගොඩකට හිර වෙලාතමයි ජීවත් වෙන්නේ . ඇගිලිගැහිම් නැතුව නිදහසේ සේවය කරන්න අපිත් ආසයි  ඒත් කෝ ස්වාධීන පොලිස් කොමිසමක් එහෙම දෙයක් නැතුව පොලීසියට නිදහසේ රාජකාරි කරන්න බෑ ,රුපියල් 25000ක පඩියකින් අපි ජීවක් වුනාට කසාදයක් බැදල ළමයි ඉන්න නිලධාරියෙන් ජීවත් වෙන්නේ කොහොමද ? වෙන ආයතන වල ඉන්න අය සතුටින් පගාව ගන්නව ඇති .ඒත් පොලිස් නිලධාරියා එහෙම නෙවෙයි ........... මිනිහෙකුගෙන් ගානක් ගත්තට පස්සේ ඇස්වල කදුලු පුරවන් දවසම වැඩකරන අය අපි අනන්තවත් දැකල තියෙනව .ඒ වෙන මොනවත් නිසා නෙවෙයි , මෙච්චර කල් රැකගත්තු ආත්මාභිමානය  කියන දේ නැතිවෙච්ච නිසා . හෙට පාරට බහින්නේ කොහොමද කියබ හිතන නිසා , තමන් නිසා තමන්ගේ දරුවන්ව  සමාජයෙන් බැනුන් අහන්න වෙයි කියල හිතෙන නිසා , ඒත් එහෙම නොකර කොහොමද හතර පස්දෙනෙක් එක්ක මාසයක් ජීවත් වෙන්නේ . 



                             මං මේ පගාව කියදේ සාධාරණිකරනය  කරන්න හදනව නෙවෙයි , ඇත්ත තත්වේ කියල දෙනව . මහ දවල් පාරේ ඉන්න නිලධාරියා  විදින්නේ මොන වගේ දුකක් ද කියල බලන්න ඕනෙම නම් කාකි සූට් එක ඇදල පාරට බහින්නම වෙනව ,එලිය පට්ටම රස්නෙයි නම්  ඇදුම ඇතුල ඒවගේ දෙගුනයක් රස්නෙයි. උඩින් අව්ව සැරයි කාපට් එක රත්වෙලා යටිනුත් කරවෙනව , වාහන දුමයි , දුවිල්ලයි අස්සේ හෝන් සද්දත් ඇහෙනකොට ඔළුව පැලෙන්න එනව . එහෙම උන්ට තමයි වාහන කාරයෝ බැන බැන යන්නේ , ඔය බනින එකෙක් වත් ඔය වෙලාවෙ  අපි ඉන්නේ මොන වගේ තත්වෙකද කියල හිතනවද ?
                                  ලොකු ලොකු අපරාධ කාරයෝ අල්ලන්නැල්ලු , කොහොමද උන්ව අල්ලන්නේ කියහංකෝ ,අපි පුට් සයිකල් වලින් මුරසංචාරය කරද්දි උන් යන්නේ 1000cc CBR වලින් .ෆිල්ම් වලදි නම් ඒවගේ ඒවයේ පස්සෙන් දුවගෙන ගිහිල්ල උන්ව අලැල්ලුවට හැබෑ ජීවිතේදි එහෙම බෑ කියල උඹ දන්නවනේ . මාසේ   අන්තිම වෙන්න කලින් දීල තියෙන පැට්‍රෝල් ඉවරවෙනව ............ ඊට පස්සේ කෝල් එකක් එහෙම ආවෙත් අතන මෙහෙම කලබලයන් වෙනව කියල අපි යන්නේ අපේ අතින් සල්ලිදාලා ජීප් එකට පෙට්‍රල් ගහල . 
                             

         අනිත් හැම ආයතනයකම උසස් වීමේ පටිපාටියක් තියෙනවා ඒත් පො‍ලිසියට එහෙම දෙයක් තියෙනවද ? සමහරු කොස්තාපල් විදිහට ඇවිල්ල අවුරුදු 30ක් 40ක් වැඩ කරල කොස්තාපල් විදිහටම පෙන්ශන් යනව . සේවය අගයන්න මෙනවද අපි වෙනුවෙන් තියෙන්නේ උසස් විමක්වත් හරියට නැතිකොට .!!!!!
                                 හරියට රාජකාරිකරන්න ඇත්තටම බෑ ........ එක එක දේශපාළුවෝ  උන්ට ඕන විදිහට වැඩ නොකරන උන්ව ‍‍මාරු කරල දානව . 
           රටේ ලෝකේ ඔක්කෝටම යුද්දය ඉවර උනාට පස්සේ  හමුදාව දෙයිය වෙලා පොලීසිය බල්ලවෙලා ........ හමුදාව දෙයිය වෙන එක වැරදි කියනව නෙවෙයි , පොලීසිය බල්ල වෙච්ච එකයි වැරද්ද !!!! හමුදාව ප්‍රදේශ යටත්කරගන්න කොට පොලීසිය ඇවිල්ල ඒ ප්‍රදේශ වල ආයෙත්
ත්‍රස්ථවාදය එලියට නොයෙන්න කටයුතු නොකලා නම් හමුදාව දෙපැත්තකින් කොටුවෙනව , ඒව කවුරුත් කථා කරන්නෑ.
                   උද්ගෝශන වලට ගහනව කියනව . ඒත් කවුරුත් කථා කරනවද ඒ දාලා තියෙන බැරියර් කඩාගෙන එන එක වැරදී කියල . අවම බලය පාවිච්චි නොකර  දිගටම යන්න දුන්න නම් වෙන්න පුළුවන් දේ ගැන ඇයි කවුරුත් කථා කරන්නැත්තේ . 



         රටේ ජන මාධ්‍යයි චිත්‍රපටිකා‍රයොයිත් මීට දෙවනි නෑ ..... පෙන්නන්නේ පොලිසියේ  වැරදි විතරයි හොද දේවල් අනන්තවත් තිබුනට ඒ එකක් වත් පෙන්නනවද  පොලීසිය ගැන විතරක් නෙවෙයි රටේ දේශපාලකයෝ මෝඩයෝ කියල පෙන්නන්නෙත් උන්ම තමයි .වැදගත් දේශන දාහක් තිබුනත් දවසේ කථාව කියල පෙන්නන්නේ කොහේ හරි හිටපු ගොන් වස්සෙක් පස්ස කහනවට කියපු කථාවක්. චිත්‍රපටි වලදිත්  විශේෂයෙන්ම ලංකාවේ ඒවගේ , පොලීසිය ඉන්නේ දුශ්ඨයාගේ පැත්තේ . ඉතින් මහ උන් විතරක් නෙවෙයි පොඩි උන්ටත් පොලිසිය පේන්න බැරිවෙන එක අහන්න දෙයක්ද?!!!!! 
                               සමහර දාට ඩියුටි ඉවර වෙකොට රෑ 1.00 යි ආයෙත් පාන්දර පහයි තිහට  වැඩට යන්න ඕනේ .අපි  විතරක් නෙවෙයි හැම පොලිස් නිලධාරියෙක්ම එහෙමයි ..............  උඹ මේක කැමති තැනක ලියහන්.... මගේ නම දාන්නේ නැතුව ............................. අවුලක් නැත්තං මං ටිකක් නිදාගන් නම් අද නයිට් එක බං  "









   

38 comments:

  1. හොද ලිපියක්..
    සමහර පොලිසියේ අය නීතීය හරියට ක්‍රියාත්මක කරද්දී ඒ වගේ අයට දේශපාලුවෝ ඉන්න දෙන්නේ නෑ.. ලගදි අපේ පැත්තේ පොලිසියේ හිටපු ලොක්කාව මාරු කරා පොඩි පොලිසියකය දෙවෙනියා කරලා. ඒ ඇතිවෙච්ච කළකිරිම මත ඒ ලොක්කා පොලිසියට සමු දීලා විදේශ ගත වුනා. කරපු වැරැද්ද තමා මෙහෙ ඉන්න ඇමතිගේ වැඩට සහයෝගය නොදී නීතීය අකුරට ඉටුකිරිම..

    ReplyDelete
    Replies
    1. හුගක් තැන්වල ඔය සින්දුව තමයි ....... ... ඒත් කෝ ! කවුද මේක නිවැරදි කරන්නේ .......

      Delete
  2. නීතිය අකුරට කරන්න බැරිනම් යුනිෆෝම් ගලවල හේනක් කොටාගන්න එක ඊට වඩා නම්බුයි කියල මට නම් හිතෙන්නේ ..පගා නොගහ..කොයි රස්සාව කරන කෙනාටත් මොකක් හරි ප්‍රශ්නයක් මේවට කාට දොස් කියන්නද මන්ද..
    :Dහොඳයි ඇ..වෙනස් මාතෘකාවක්නේ..

    ReplyDelete
    Replies
    1. නීතිය අකුරට කරන්න බැරිනම් යුනිෆෝම් ගලවල හේනක් කොටාගන්න එක ඊට වඩා නම්බුයි කියල මට නම් හිතෙන්නේ . ..... ????? !!! කථාව තේරිලා නෑ වගේ ...... කාරිනෑ කාරිනෑ .... තිත් දෙකයි ඩී...වෙලාවක් තිබුනොත් තව පාරක් කියවමු .

      Delete
    2. හලේ දෙය්යලේ දිනේල්කයෝ.. :D මන් කියව්වේ මෙන්න මේකයි..ඔබේ තාත්ත වැනි අවංක නිලධාරින් රටට සේවයක්..ඔවුනට මම හිස නමා ගරු කරනවා..නමුත් "පාගා ගහන" උදවිය මට පෙන්නන්න බැරියෝ..හේතුව..දිග වැඩිය..ඒ නිසා නොලියමි.

      Delete
  3. බොහොම හොඳ උත්සාහයක් පොලීසියේ දුක කියන්න. මේ ගැන පුවත්පත් ලිපි කාලයක් තිස්සේ පළවුනා. නමුත් පොලීසියට ලැබුන සෙතක් නැහැ.
    ආසියාවේ, විශේෂයෙන් දකුණු ආසියාවේ රටවල් බොහොමයක පොලිස් සේවය අප වගේමයි. නැත්නම් ඊටත් වඩා පහත්. අපේ රටේ තියන වසල දේශපාලන ප්‍රතිපත්ති සහ ඒ වසලයන්ගේ වසුරු හඳුන් කල්ක මෙන් නළලේ උලාගන්නට යන පොලිකාරයන් (පොලීසිය කරවන්නා = පොලිස්කාරයා, නඩුව කරවන්නා = නඩුකාරයා, මාළු සපයන්නා = මාළුකාරයා)නිසාත් පොලිස් සේවය බල්ලට ගිහින් තියනවා.එහෙමත් නැත්නම් පොලිස්කාරයා එතනට ඇදලා දාලා තියනවා. අඩු ගණනේ ඒ මිනිහට සුදුසු නිල ඇඳුමක් තවම නැහැ. ඔක්කොම උසස්වීම් දේශපාලනයටයි. එයට හේතුව පොලීසිය දෙපාර්තමේන්තුවක් වීමයි. මේ විවෘත ආර්ථිකය තුල ඒ මිනිහගේ ජීවිත සටන ඉතා දුක්ඛදායකයි. පොලීසිය පාලනය වන සමහර නීති තවමත් තියෙන්නේ සුද්දගේ කාලයේ දාපුවා. ඒකම පොලිස්පතියෙක්වත් ඒ වෙනස්කම් කරන්න උත්සාහ කලේ නැහැ.
    ඉතා කනගාටුදායක සහ භයානක දෙය තමයි දැන් ත්‍රිවිධ හමුදාව තුළටත් ඉතා කැත, නින්දිත විදිහට දේශපාලනය රිංගවා තිබීම. තව ටිකකලකින් හමුදාව තුල බෙලි කැපිලි කාකොටා ගැනිලි එළිපිට සිදුනොවුනොත් තමයි පුදුම වියයුත්තේ.
    විසඳුම:- වර්තමාන පරපුර එල්ලී සිටින අධ්‍යාපන ක්‍රමයේම දිගටම එල්ලී සිටියොත් තිරිසන් හැඟීම් සහිත, අනුන්ට නොසලකන, තමනුත් දිනපතා පිරිහෙන පරපුරක් බිහිවෙනවා. එය අර ජරා දේශපාලුවන්ගේ පැවැත්මට හොඳ තෝතැන්නක්. ඉවසීම, අවබෝධය, බෙදාහදා ගැනීම, සාධාරණත්වය, නීතිගරුක බව, අධ්‍යාපනයේ පදනම කරගෙන සිලබස් කවර කිරීමේ අද්යාපන ක්‍රමය වෙනස් කර චර්යා වර්ධන අධ්‍යාපනය නැවත හඳුන්වා දීම නොකලොත් අපි විනාසයි.එවිටයි මහජනතාව නීතියට මෙන්ම පොලීසියටත් ගරුකරන පොලීසියද පෙරලා එසේම කරන ක්‍රමයක් බිහිවන්නේ. අධ්‍යාපනයෙන් විසිවූ අයාලේ යමින්, ජීවිත සටන සඳහා උප්පරවැට්ටි කරන්නන්, ජරා දේශපාලකයන්ටම ඡන්දය දෙන්නන් බවට පත්ව තිබෙන තුරු ගොඩ යාම අමාරුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වැඩ ඇරිල ආවේ දැන් ...... දිග කමෙන්ට් පාරකට යන්න තරම් ඇගිලිවලට පණ නෑ ...... කොහොම වෙතත් බොහෝම ස්තූති

      Delete
  4. ටයිටල් එක දැකල දුවගෙන ආවේ හොඳ දෙකක් කියල යන්න ඇත්තටම මම ඒ මිනිස්සු ගැන මානුෂීය පැත්තෙන් බලල ලිපියක් බ්ලොග් අවකාශයේ ලියල තියෙනව දැක්කමයි. මිනිස්සු පොලීසිය ගැන වැරදි කොණයකින් බලන්න මේ රටේ ජනමාධ්‍ය, දෘෂ්‍ය කලා මාධ්‍ය,සහ දේශපාලන භාවිතය සෘජුවම හේතුවෙලා තියෙනවා.ඔය හැම දේකටම මුල හොයාගෙන ගියොත් නතර වෙන්නේ ලංකාවේ මිනිස්සු ගාව විනය කියන දේ නෑ කියන තැන පා‍රෙ පයින් යනකොට, වාහනයක යනකොට, උද්ගොෂණයක් හෝ පෙළපාලියක් කරනකොට ඒ දේවල් නිසි විනයකින් කරන්න ඕනි කියල අපේ මිනිස්සු නම් කවදාවත්ම තේරුම් ගන්න එකක් නෑ. අන්තිමේදී ඒ විනය බලහත් කාරයෙන් උගන්වන්න සිද්ධවෙලා තියෙන්නෙත් පොලිස් නිළධාරියාට. ඉතින් තමන්ට නුපුරුදු විනය බලයෙන් ඇගේ ගහන්න උත්සාහ කරන කෙනා අපේ මිනිස්සුන්ට පේන්නේ “බල්ලෙක්“ විදිහට නම් එතන තියෙන්නේ මහා ඛේදවාචකයක් නේද?

    උදාහරණයක් විදිහට අපේ මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද කහ ඉරෙන් පාර මාරු වෙන්නේ?, පාරෙ වාහනයක් පදිනකට තනි ඉරි හෝ ද්විත්ව ඉරි කපන මිනිස්සු අනන්තයි ඉතින් පාරවල් වල ඕව ඇඳල තියෙන්නේ කාටවත් කහනවට වෙන්න බෑනේ කියල හිතන්න අපේ මිනිස්සුන්ට බෑ. පාරෙ තමන් යන ලේන් එකේ බ්ලොක් එකක් නම් ටිකක් ඉවසගෙන ඉන්නේ නැතුව අනිත් ලේන් එකට දාල මුළු පාරම පැය ගානකට බ්ලොක් කරන්න තරම් අපේ මිනිස්සු නොඉවසිලිමත් (හරියට වෙලාවට වැඩ කරන මිනිස්සු වගේ) ඉතින් ඔය වැරැද්ද පෙන්නල දෙන, වැරැද්දට දඩයක් නියම කරන පොලිස් නිළධාරියෙක් අපේ මිනිස්සුන්ට පෙන්නේ බල්ලෙක් වගේ නම් කොතනද වැරැද්ද?

    මේ ලඟදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ගෝෂණයක් තිබුන ඉතින් ඒක සෑහෙන වෙලාවකත් පැවැත්වූවාට පස්සේ පොලිස් නිළධාරීන් මහත්තුරුන්ට වගේ කිව්ව දැන් ඇති ඉවත් වෙන්න කියල ඒත් ඒ ශිෂ්‍යයෝ ගියේ නෑ අන්තිමේදී අවම බලය පාවිච්චි කරල බලු කුක්කන්ව වගේ ඒ ශිෂ්‍යයන්ව එළවල දාන්න පොලීසියට සිද්ධ වුනා එතකොට කවුද බල්ලෝ?

    දේශපාළුවෙකුගේ හිතවතෙක් අත් අඩංගුවට ගන්න, එහෙව් කෙනෙකුගේ වැරැද්දට දඩයක් ගහන පොලිස් නිළධාරියෙක් ඈතකට මාරු කරනවනම් ඒ නිළධාරියගේ උසස් වීම් කප්පාදු කරනවනම් කව්ද බලු වැඩ කරන්නේ?

    දැන් ටිකක් හිතල බලන්න මේ වගේ පිරිහුණු සමාජයක් හමුවේ පොලිසීය නොහිටියා නම් මොනවයින් මොනව වෙයිද? ඇත්තටම බලු වෙලා තියෙන්නේ මේ සමාජය මිසක් ඒක නිවැරදි කරන්න උඩුගංබලා පිහිනන පොලිස් නිළධාරියෝ නෙවෙයි. අවංකවම හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. හැමෝම බලන්න පුරුදුවෙලා තියෙන්නේ ........තමන්ට පේන්න තියෙන කෝනෙන් විතරයි .......ඒහෙව් රටේ මේවගේ පෝස්ට් එකකින් වැඩක් තියේවිද ?

      Delete
  5. පොලීසියට කෙලවෙන්නේ ස්වාධීනත්වයක් ඒකට දෙන්නැති නිසයි බං...
    අනික පඬියත් මදි...
    (වෙලාවකට උං සාධාරණයි කියලා මටත් හිතිලා තීනවා..)
    සිරා පෝස්ට් එකක් ඈ...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ........ බොහෝම ස්තුති

      Delete
  6. ට්‍රැෆික් වල අව්වේ කරවෙන මාමල නම් පව්..
    පෝස්ට් එකත් නියමයි හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති ..... ( අපේ තාත්තලා විදින දුක තේරුම් ගත්ත එකට )

      Delete
  7. මේ කතා ටිකම මම අහල තියනවා තව දෙයක් එකතු වෙන්නත් ඕන පොලිසියට වෘත්තීය අයිතිවාසිකම් නෑ . පඩි මදි කියලා වර්ජනය කරන්න බෑ.අනිත් එක වැටුප් තලපටන් ගන්නේ බොහොම පහල අගයකින්.එට අමතරව සමහර වැටුප් වර්දක ... කියන්නත් ලැජ්ජයි රුපියල් 150ක් වගේ අඩුම අගයක්.පොලිසියේ ඉන්න මිනිස්සු විඳින්නේ දුකක්.බල්ලෝ ඉන්නේ කලාතුරකින්.ඒ ටික ඇති ඉතින් ඔක්කොම නැති වෙන්න

    ReplyDelete
    Replies
    1. හේතුව ,, පොලීසිය කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සේවයක් වීම .........

      Delete
  8. උන්ටත් හොඳ පඩියක් දුන්න නම් පගාව ගන්න යන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවා.........තිත් දෙකයි ඩී

      Delete
  9. මම නම් දැකලා තියෙන හැම පොලිස් කාරයාම එපා කරපු වුන්.මට පෙන්නන්න බැහැ ඕකුන්ව

    ReplyDelete
  10. හොඳ අයත් ඉන්නවා ඇති.ඒත් මට කාකි ඇඳුම පේන්න බැහැ.නිකරුණේ තුන් පාරක්ම පොලීසියෙන් පීඩාවට ලක් වුණු කෙනෙක් හැටියට ඒක සාධාරණයි මම හිතන්නේ.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. පීඩාවට පත් උනේ නිකරුනේ නම් ඔබ සාධාරනයි .....

      Delete
  11. මං මේ පොලිසිය ගැන පෝස්ටුවක් ලියන්නංමයි කියලා හිත හිතා හිටියේ ... බැලින්නම් මේකා ලියලනේ ඊට කලින්... මටත් ලියන්න තිබුනේ පොලීසියේ අය විඳින දුක ගැන තමා... හ්ම්ම්... පස්සේ මාත් ලියන්නම්කෝ පොලීසිය ගැන මගේ අත්දැකීමුත් දාලා පෝස්ටුවක්... ජය වේවා කිව්වා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ලියහන් ලියහන් !!!!!! එතකන් අපි මග බලාගෙන

      Delete
  12. නෑදැයෝ , යාළුවෝ පවා පොලිසියේ හිටියට
    අනේ මන්දා බං මටනං පව් කියන්ඩ හිතෙන් නැ.

    ReplyDelete
    Replies
    1. පව් කියන්න ඔනේත් නෑ ! අනුකම්පාව ඔනේත්නෑ ..... ඇත්ත තේරුම් ගනින් ! ඒ ඇති

      Delete
  13. පොලිසිය කිව්වම ඉතින් කියන්න දේවල ගොඩයි. පොලිසියේ නිලධාරින් කරන රාජකාරිය අපි කරන අනෙක් රැකියා වගේ නෙවෙයි නෙ. කොටින් ම කියනවා නම් කට්ටක් ම තමයි. අනික ඒ අයට ක්‍රියාත්මක කරන්න වෙනවා ඉහළින එන නියෝග. පෙළපාලියක් එහෙම එනකොට කොහොම හරි නවත්තපන් කියල ඕඩර් ඒක ආවම ඉතින් අකමැත්තෙන් උනත් නෙලන්න වෙනවා නෙ. එතකොට ඒ අය හරියට ගිරයට අහු වුනු පුවක් ගෙඩිය වගේ වෙනවා. මම දන්නා තරමින් වැටුපත් කරන කාර්යට ප්‍රමාණවත් නෑ කියලයි මට හිතෙන්නේ.
    නමුත් ඉතින් ඒ අය ගේ පීඩනය සාමාන්‍ය මිනිස්සු පිටින් යවන එක සාධාරන නෑ. සමහර අය ඉන්නවා හොඳ නිලධාරීන්. අපි සමාජයේ කා එක්ක උනත් පොලිසිය ගැන කතා කලොත් බහුතරයක් තුල තියන්නේ නම් අප්‍රසන්න හැගීමක්.අහේතුකව නෙවෙයි මොකක් හරි පැහැදිලි හේතුවකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔය අහේතුට මුල ඉදන්ම ආ‍පු එකක් !!!!! පොලීසිය , මිනිස්සුන්ට පේන්න බැරි උනේ සුද්ද පටන් ගත්තු දෙයක් ‍නිසා ... එදා තිබුන අකමැත්ත අදවෙනකම්ම හිගන්නගේ තුවලේ වගේ තියෙනව . හැමදේම වෙනස්වෙනව කියන ආගම අදහන අපේ උන්ට වෙනස් වීම කියන දේ තේරුම් ගන්න බැරිවෙච්ච නිසා තමයි මේ සේරම

      Delete
  14. හ්ම් .... අනේ මන්දා මේ ගැන කියන්න අදහසක් එන්නැ...

    ReplyDelete
  15. මටත් ඔය ගැන අත්දැකීම් තියනවා. උඹ ඕකට කරුණු ගත්තේ පොලිචේ කාරයෙකුගේන්මනේ. එහෙම නෙවෙඉ. උඹ පොලීසියක් ඇතුලට ගිහින් බලපන්. අපිට අපිට ඕනේ දේවත් හරියට කියාගන්න විදිහක් නැහැ. විත්තිකාරයාගේ පැත්තෙන් නෙවෙඉ, පැමිණිලි කාරයාගේ පට්ටේනුට් ඊ විදිහියමි. ටමන්ට උන අසාධාරනීවත් තමන්ට ඕනේ විදිහට නෙවෙඉ, උන්ට හිතෙන විදිහට තමි පැමිණිලි පොතෙත් ලියන්නේ. රිමාන්ඩ් එකේ ඉන්න එකා රෑට ගල් බෝතල් 2ක් 3ක් ගෙනට් දුන්නොට් එහෙම ඌත රජ සැප.

    ReplyDelete
    Replies
    1. දවස් 365ම ඉන්නේ පොලීසිය ඇතුලේ තමයි බං ....... හැම තැනම සාදාරණී කරනය කරන්න මම උත්සහ කරන්නේ නෑ ...... හැබැයි එහෙම වෙන්න හේතු තියෙනව

      Delete
  16. පොලිසියක නෙමේ මචන් රටේ ඕනෑම තැනම යුක්තියට සාධාරනෙට තැනක න මචන්...සල්ලි වලටයි බලයටයි හැම දේම වෙනස් කරන්න පුළුවන්...උබත් දවසක් පොලිසියක ඉදල බලපං කොහොම තත්වේ කියල..ඔය කියන තරම් හුරතල් නෑ මචන්....

    http://crosssculture.blogspot.com/2012/10/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි මචං ස්වාධීන පොලිස් කොමිසමත් එක්ක සේවයට සරිලන වැටුපක් දෙන්න කියලා මං කියන්නේ !!!!!! පොලීසිය කියන්නේ හුරතල් වෙන තැනක් නෙවෙයිනේ බං . උන්ව හුරතල් කරන්න මට ඔනේ නෑ , එත් ඇත්ත ඕකයි !!!! අවස් 365ම පොලීසිය ඇතුලේ තමයි . අමුතුවෙන් බලන්න දෙයක්නෑ :D :D

      Delete
  17. හොඳ ලියුමක්! මගේ උනත් පොලීසිය ගැන තියන චිත්‍රය හොඳ එකක් නෙමෙයි බං!!

    ReplyDelete
    Replies
    1. 95% ක් දෙනාට පොලීසිය ගැන තියෙන්නේ වැරදි චිත්‍රයක් .. කවුද වැරදි

      Delete
  18. ලිපිය හොදයි,
    නමුත් එයින් පොලිසියේ අඩුපාඩු සාධාරණී කරණය කල නොහැකියි. එය එක් එක් පොලිස් නිළධාරියාගේ වරදකට වඩා සමස්ථ ක්‍රමයේම වරදක් ලෙසයි මම නම් දකින්නේ. අධිකරණය සහ පොලෝසිය කියන්නෙ ලංකාවේ දූශිතම ආයතන දෙකක්, ඒවායින් සමාජයට යහපතක් වන බවත් ඒ වා නැතිව සමාජ ක්‍රමය බිද වැටෙන බවත් ඉදුරාම සත්‍ය, නමුත් එයින් හෙළුව වසා ගැනීමට නොහැකියි.

    ReplyDelete
    Replies
    1. අඩෝ මෙතනින් අධිකරනයට අපහාසයක් වෙනව !!!! කොමෙන්ටුව අහක් කොරගනින් .. බොරුවට අමාරුවේ වැටෙන්න ඔනේනෑනේ ..... කරුමෙට මොකෙක් හරි බලය තියෙන එකෙක් දැක්කොත් !! :D

      Delete
  19. හොදයි..... ඒත් මචං හැම දේකම දෙපැත්තක් තියෙනව...... ගින්නක් නැතුව දුමක් නගින් නෑ...... උන්ගෙන් උබ ඇහුවෙ නැද්ද උන්ගෙ අවම බලය මොකක්ද කියල...... පොල්ලක් අරන් ගෑනු පිරිමි බලන් නැතුව තඩි බාන 1 ද????
    මහජනයට අවම නිතියක් තියෙනව නම් පොලිසියටත් නීතියක් තියෙන්න ඕනෙ.........

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text