Social Icons

හොයමු බලමු

Sunday, October 21, 2012

හදිසියේ මුනගැසුනු මහසෝනා ! ( අවතාරමය )

         
                            ටවුම මැද්දේ එල්ලලා තියෙන මලානික ලයිට් එකේ එලිය නොදකින්න  ‍කුරුදුවත්ත හන්දිය පහුවුන බවට කිසිම සාක්ශියක් හොයා ගන්න බැරිවෙන්න ඕන තරම් ඉඩ තිබුනා.අන්තිම පාරට වෙලාට බලනකොට  රෑ 8.30 යි , එකියන්නේ දැන් නවයට විතර ඇති.

උදේ ඉදන් එකදිගටම වැටෙන වැස්සට තවම හතිවැටිල නෑ, අඩියක් දෙකක් එහායින් ඉන්න එකා නොපෙනෙන තරමට මීදුම , ඒකත් මගේම කරුම වෙලාව තමයි .
" ගල්වල හන්දිය බහින අය ඉස්සරහට එන්න " සී.ටී.බී බස් එකේ ටකරන් වහලෙව වැටිල වේදනාවේන කෑගහන වැහිබින්දුවල සද්දේ අස්සෙන් ,කොන්දොස්තර කථාකරපු සද්දේ ඇහුනේ හරියට පොඩි හාමුදුවෝ කෙනෙක් සෑහෙන දුරක ඉදන් කියන කවි බනක් වගේ සීරුවට . 

                                        පලාතම මීදුමේ ගිලිල තියෙන අස්සේ  මං ඊළගට නවත්තන තැන්නි බස් එකෙන්,රෙදි පුරවපු බෑග් එකත් අරන් බහින්න ඔනේ .කුඩේක වටිනා කම තේරෙන්නේ දැන් තමයි .
                              එදා හවස් වරුවේ කොළඹින් ගම්පොල බස් එකට නගිනකොට පටන් ගත්තු වැස්ස මගෙත් එක්කම ගම්පොලට ඇවිත් ...... තවමත් මගෙත් එක්කමයි .හයයි කාළට ගම්පොලින් පිටත්වෙන උඩුවැල්ල බස්එක මග ඇරුනෙත් ඊට පස්සේ අට වෙනකන් ගම්පොල ඩිපෝවට වෙලා වෙව්ල වෙව්ල ඉන්න උනෙත් මේ කාලකන්නි වැස්ස නිසාම තමයි .
අටට විතර ආපු ලදරම් බස් එකට නැගල මුල්ලක් අල්ලගෙන ඉදගෙන බලාගෙන හිටියේ, වැහි පොද සැරේට දියවෙන්නේ නැතුව ඉන්න දගලන ගම්පොල ස්ටේශන් එකේ නාම පුවරුව දිහා, කිසිම හැගීමක් නැති හිස බවක් ඒ වෙනකොටත් මාට වටකරගෙන ඉවරයි  .මං ඇරුනම මුලු බස්එකටම හිටියේ ‍තව දෙන්නෙක් විතරයි.
" ලෝකානන්ද පන්සල ගාවදි කියන්ට පුතේ " මගේ ඉස්සරහින් හිටපු වයසක අම්ම  කොන්දොස්තරට කියනව ඇහුනේ බොහොම ලාවට .
මගදි කිසට කෙනක් බස් එකට ගොඩ වුනෙත් නෑ .ගම්පොල නාවල පිටිය පරන පාරේ මුල්ලකට වෙන්න තියෙන ගම්පොඩ්ඩක තමයි අපේ මහ ගෙදර තියෙන්නේ.
                   බහින තැනටත් ආවා , දවාලටත් පාළුවට තියෙන අංක 19 තේ කෑල්ල ලග තමයි ගල් වල හන්දිය තියෙනන්නේ , කුරුදුවත්ත         ( කොළඹ එක නෙවෙයි ) ටවුමේ ඉදන් ගමට යන්න අපූරු තාර පාරක් තියෙන වුනත් ....මගදි හම්බවෙන සොහෙන් පිට්ටනිය පහුකරන් යන්න හිතේ  තියෙන බය නිසාම මං තෝරගත්තේ මේ 
19 තේ කෑල්ල හරහා ගමට යන්න පුළුවන් අඩිපාර . තේරීම වැරදී කියයල හිතුනේ බස්එකෙන් බිමට අඩිය ති‍යපු වෙලාවෙමයි , ඒත් දැන් පරක්කු වැඩී. 
                             මොකෙක් හරි එකෙක් ලග ඉදන් ඇගිල්ලෙන් ඇහැට ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි . තද වැස්ස නැවතිලා තිබුනත් ඝණ සැරේට මීදුම මදිවට පට්ටම හීතලයි ........... මාමාට දෙන්න කියල දීපු රෙරන්කෝට් එක බෑක් එකෙන් එලියට අරන් ඇද ගත්ත .ෆෝන් එ‍කේ ටෝච් එක ඔන් කරන් මහ පාරෙන් ,අඩි  පාරට අඩිය තිබ්බේ මෙච්චරවෙලා නැවතිලා තිබුන වැස්ස විදුලිකොට කොටම ආයෙත් පටන් ගන්නවත් එක්කමයි . 
                             වෙලාව රෑ දහයට නැත්තං දහය හමාරට විතර ඇති .
ඔන්න දැන් "කොල්ලෙක් රෑ  දහයට කොල්ලෙක් මහ වැස්සේ පාළු තේ වත්තක් මැද්දේ , මනුස්ස පුළුටක්වත් හොයාගන්න නැතුව " ,බො‍හොම ඈතින් තිබුනු ලැයිම් පේලියක තිබුන  ගෙදරකින බේරිලා එන චිමිනි ලාම්පු එලියක් හැරුනම ඇහැ නිවා ගන්න කිසිම දෙයක් නෑ .සැරින් සැරේට පලාතම දම්පාට කරගෙන මතුවෙලා නැතිවෙන විදුලි එළී වලින් ,තේවත්ත මැද්දේ තිබුන මාර ගස් පෙනුනේ මගේ ඇගට පනින්න බලාන ඉන්න රාක්ෂයො විදිහටයි . කාලෙකට කලින්, මං ගමේ ඉස්කොලෙට යන කාලේ මේ වත්ත ඇතුලේ මාර ගහක එල්ලිලා මැරිල හිටපු , ඉස්කෝලේ ඇරිල එන කොල්ලෙක් හොයගත්තු දෙමල කෙල්ලව මගේ මතකෙට ආවේ මේ වගේ විදිහට වටපිටාව හැදිල තියෙන කොටයි.
මොන තරම් හිත හයිය වුනත් ඒ වෙලාව වෙනකොට මට සැරින් සැරෙට පිටිපස්සටත් ටෝච් එක ගහල බලන්නේ නෑතුව යන්න හිත දුන්නේ නෑ . .... ඔළුව යකාගේ කම්මල වගේ වෙලා තිබ්බ ඒවෙලාවේ කෝල්කරපු පියුමි නංගිට පින් සිද්ද වෙන්න ඔනේ ,
" චූටි අයියේ කොහෙද හලෝ ඉන්නේ ??? අද එන්නේ නැද්ද ..... 11.00 ත් වෙලා " 
" ඔහොම ඉන්නව ! මං මේ මග ............... 19යේ මුදුනේ ඉන්නේ "

" මොනව !!!!!! පිස්සුද හැබෑටම මේ මහරෑ කැලෑවල රිංගන්න. "
" ඉන්න ඉන්න දැන් එනව "
" අනේ..... වල් ඌරෙක් පැනපිය ඉස්සරහට ...... එලිවෙනකං ගහක් උඩ ඉන්න "
" තුහ් ...... නොදකින් විතරක් කට !"
" හී හී.......... ඉක්මනට එනව පරිස්සමෙන් " 
දැන් හිතට ෆිට් ...... ඔනේ අට මගලක් කියල ආයෙත් යන්න පටන් ගත්ත . කොහොමෙන් කොහොම හරි ....... දහ නවය තේ වත්තේ මුදුනට ආවා ...වෙලාව දොලහට කාලයි .වැස්ස නැවතුනත් පොද ගහනව ..... 
                                 කන්ද මුදුනට පය තියපු වෙලාවේ ඉදන් මහ අමුතු විදිහට සීතල වැඩිවුනා, මල මිනියක් බදාගෙන ඉන්න සයිස් එකට සීතලයි , කටින් දුම් පිටවෙන ගානට ...... මේතරම් සීතලක් මෙච්චර වෙලා තිබුනේ නෑ ,තව විනාඩි දහයක ගමනක් තමයි ඉතුරුවෙලා තියෙන්නේ . 
                       මුදුනට වෙලා ටිකක් හිටපු මං ආයෙත් ගමන පටන් ගත්ත .ඒත් වැඩි වෙලාවකට නෙවෙයි,ඒ  මෙච්චරවෙලා ආපු අඩි පාර හරස් කරගෙන  පර්වථයක් වගේ මගේ දිහා බලාගෙන හිටපු මී හරකෙක් නිසා .අයාලේ යන උන් නැති වුනත් මී හරක් අපේ ගමට අළුත් ස‍ත්තු ජාතියක් නෙවෙයි , එත් තේ වත්තක් මැද්දේ මී හරකෙක් !! ටිකක් අමුතුයි , මොකද උන් කොළ කන්න කැමති සත්තු ජා‍තියක් නෙවෙන නිසා .ඒ මදිවට පාරත් හරස් කරන්. ටිකක් වෙලා බලන් හිටියත් මූ අහකට යන පාටක් නෑ , යන්න වෙන පාරකුත් නෑ ඒ නිසා මට කරන්න තිබුන එකම දේ මූව එලවලා දාන එක .මොනව උනත් ළගට යන එක අවුල් වගේ නිසා මං කලේ තඩි ගලක් ඇරගෙන හරකට කෙලල ඇරපු එක . අමුතු  විදිහට පිඹල මගේ දිහා බලපු සතා පාරෙන් අයින් වුනා ........ ඒත් දැන් අළුත්  බාධාවක් මතුවෙලා .
                                          මෙච්ච වෙලා ඇවිදන් ආපු අඩිපාර ...... එක අතුරුදහන් වෙලා ..... මං හිටන් ඉන්නේ නිකම්ම නිකං තේ ගස් ගොඩක් මැද්දේ ! ඒ පාරනං ඔළුව හොදටම අවුල් වුනා .......... හොදටම විස්වාසයි හරකට ගල් ගැහුවේ අඩිපාරේ ඉදන් කියන එක, ඒත් දැන් මං කොහෙද මන්ද වෙන තැනක ..... නෑ වෙන තැනක වෙන්න බෑ ... එතනමයි . මොකද හරකා ඉන්නේ මට පේන මානේ....... ඒත් පාර නෑ . බැග් එකත් එල්ලගෙන එහේ මෙහේ කැරකුනේ පාර හොයන්න ...එත් කෝ ....... . මේවෙනකොට මට , මෙතන වෙන්නේ මහ අමුතු දෙයක් කියල තේරිලා ඉවරයි . මොනපැත්තට මොන තරම් දුරක් ගියත් මට අර කියපු මී හරකාව පේන මානයෙන් එහාට යන්න බෑ , කොච්චර දුර ගිහින් හැරිලා බැලුවත් ඌ කලින් දැක්ක දුරින්ම මගේ දිහා බලාගෙන ඉන්නව . පාර‍හොයන එක පැත්තක දාපු මං දැන් උත්සහ කරන්නේ හරකව මග අරින්න . ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල මට තේරුනේ පැයක් විතර ඔහේ ඇවිද්දට පස්සේ .අන්තිමට බැරිම තැන මං ගිහින් උස ගලක් උඩ වාඩිවුනේ එලිවෙනකන් ඉන්න හිතාගෙන, කළු මී හරකා තාමත් මගේ දිහා බලාගෙන . පොඩි පොඩි ගල් කැට අරන් මං ඉන්න තැන ඉදන්ම ඌට ගැහුව , වදින වදින හැම පාරකටම මූ නයෙක් වගේ පිඹිනව, එත් හෙල්ලෙන්නෙවත් නෑ .එතන මොන තරම් වෙලා ඉදන් හිටියද , අන්තිමට මතක තිබ්බේ කවුදෝ කට්ටියක් මගේ නමකියල කෑගහන සද්දෙත් එක්කම අර මී හරකා පිඹගෙන මගේ දිහාට දුවගෙ ඇවිත් මගදි අතුරු දහන් වුන හැටිත් ,මං ගල උඩ ඉදන් බිමට පැන්න හැටිත් විතරයි .
                              ඇහැරෙන කොට මං හිටියේ ... ගමේ අපේ ගෙදර කාමරයක , ආච්චි අම්ම මගේ දිහා බලාන හිටියා.
" මොකද මගේ පුතේ උනේ "

"‍ අනේ මන්ද ! කොහෙද යන මී හරකෙක් නිසා පාර වැරදුනාද කොහෙද ... අන්තිමට ඌ මගේ පැත්තට දුවගෙන එනකොට පැනපු එක විතරයි මතක ,,,,,, කොහොමද ‍මං ගෙදරට ආවේ ? "
" අපි ගිහින් අරන් ආවා .......... පාර වැරදුන විදිහ තමයි හිතා ගන්න බැරි , උඹ ගලක් උඩ ඉදන් පනිනව අපි දැක්ක .... ඒ ගල  පාමුලින්නේ අඩි පාර යන්නේ .... අනික මී හරකෙක් හිටියේ නෑ .............. "
"ඌ කොහෙට හරි යන්න ඇති"
"මොන පැත්තට ඇවිද්දත් හරකව මග අරින්න බැරිවුනා නේද ?"සීයත් කාමරේට ආවා .
" කොහොමද ඒක දැන ගත්තේ !!!!! ඌ මගේ පස්සෙන් එන්න ඇති " 
" උඹේ කේන්දරේ බලගතු නිසායි , උඹ උපන්නේ  රාස්ස ගනෙන් නිසායි  පුතේ බේරුනේ නැත්තං මහසෝන් පිල්ලියට ගල් ගහපු එකෙක් බේරෙනව බොරු "
" මහසෝන් පිල්ලි !!!!! ගල් ගහපු එකත් දැක්කද ? "

" පිස්සුවෙන් වගේ  මොකකටදෝ ගල් ගහනව අපි ඈත තියාම දැක්ක "




ප.ලි - කථාව 100% සත්‍ය වන අතර .... මෙහි මම යනු මමම වෙමි . මහසොනා හෝ වෙනත් අයෙක් හෝ අදුර හා හිතේ වූ බිය නිසා දුටවක් වේවා , පැය කීපයකට හෝ මහසෝනා හමුවන්නටත් ඌට ගල් ගසන්නටත් මා සමත්වූවෙමි. පසුදා එලිවනතෙක් මහසෝනාට මී හරකෙක්ගේ වෙස් ගන්නට හැකිබව මා නොදැන සිටියෙමි . ඒබැවින් ඒ ඒ රාත්‍රියේ මුනගැසුනේ මහසෝනාම විය යුතුය . 

ප.ප.ලි - යලි මහසෝනා හමුවූයේ නැත.

65 comments:

  1. :D වෙලාවට මාත් රක්ශ ගන හැබැයි පුතො හොද වෙලවට හොලමනක් කියලා උබ නොදෙන උන්නෙ ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බං .... දැනන් උන්න නම් අනිව බයවෙනව ! රාක්ෂ ‍ගනේ උන්ට යක්කුත් එක්ක මොකද්දෝ කනෙක්ශන් එකක් තියෙනවළු

      Delete
  2. ඌප්ස්... මහසෝනා!!!

    අර බලාගෙන ඉද්දි උස යන එක්කෙනා .... එයා මී හරක් වේසෙනුත් එනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා තමයි ....... මේ විහිළු කරන්ට එපා ඈ.... උබව හොයාන එයි ඇමරිකාවටම .... අපි දන්නෑ !!! :D

      Delete
  3. ඒ නියමයි. ඇත්ත කතාවක් නේ මම වගේ උනානන් අයේ ඉතින් මාසේකට සිහිය එන්නෙ නෑ හිකිස්.....

    ReplyDelete
    Replies
    1. මහසෝන පිට දාලා මාසයක් බුදියන්න නේ කල්පනාව :D අපි අහුවෙයි ඕවට

      Delete
  4. මම මේ හොල්මන් කිසිම දිනක දැක නැත හැමදාම ගමන නම් මහ රැම තමා...

    ReplyDelete
    Replies
    1. එපාරට දහස් වාරයක් මාත් ඔය පාරෙන් රෑ වෙලා ගිහින් තියෙනව . ඒ නිසා තමයි එදාත් ඒ පාරම තෝරගත්තේ !!!! වැඩේ වැරදුනානේ !!:D:D

      Delete
  5. හොල්මන් තවම හමු වී නැත. මහ රෑ පාලු වෙල් මැද්දෙන් තනියම ඕනෙ තරම් ගිහින් තියෙනවා.

    මහසෝනා මී හරකෙක් විදියට එනවා ඇහුවාමයි. නියම අත්දැකීමක්!

    ReplyDelete
    Replies
    1. මී හරකෙක් විදිහටත් එනවලු බං ..... හොංපොලෙත් බුදියපු මට මේ තේවත්තක් මැද්දෙදි මහසෝනා මුලිච්චිවුන එක ටිකක් අවුල් තමයි

      Delete
  6. යකෝ! උමත් අපේ පැත්තෙ එකෙක්නෙ! කුරුඳුවත්තෙ නං මගෙත් ඉන්නවා යාලුවෝ! එල එල මචං!! මං නං තාම හොල්මං විස්වාස කරන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. හෑ......... එහෙමද !!!! හදුනා ගැනීම සතුටක් ...... අපිත් කුරුදුවත්තේ කොල්ලෝ හරිය ...... :D :D
      එදා දැකපු දේ මටවත් හරියට මීටර් නෑ බං ඒ නිසා මාත් මේ ලගක් වෙනකම්ම හිටියේ උඹේ මතේ තමයි , හැබැයි හේතුවක් මත මං දැන් වෙනස් මතේක ඉන්න කෙනෙක්!

      Delete
  7. මම දේව ගණේ නෙ.. අපිට හොල්මන් අවතාර පෙන්නේ නෑල්ලු.. අපරාදේ.. මටත් ආසයි මේ විදියේ අත්දැකීමක් ලබන්න.. ඒත් මීහරක්ට නම් කොහොමත් බයයි.. :P
    මරු පෝස්ටුව.. :)
    මගෙත් යාළුවො ඉන්නවා කුරුඳුවත්තේ..(කොළඹ නෙමෙයි) :P

    ReplyDelete
    Replies
    1. දේව ගනේ හැමොටම නෙවෙයි, සමහරුන්ට විතරයි නොපෙනෙන්නේ .... හත් ඉලව්වේ ඒ පාර හැමෝම කුරුදුවත්තේද ? :D අද්දැකීමක් ඔනේ නම් අපේ ටීම් එකට සෙට් වෙන්න... ඊළග පරීක්ශනයට යද්දි එක්ක යන්නම් ......

      Delete
  8. ඇඟේ මවිල් කෙලින් වුනා යකෝ මේක කියවලා. සිරාවටම කතාව පට්ට මචන්. එහෙනම් දිනේල්කයෝ ලේසි නෑ මේ ඉන්නේ මහසොනටත් ගල් ගහපු පොරක්නේ.. හොල්මන් කතා මමත් විශ්වාස කරනවා 50 % හැබැයි.

    ReplyDelete
    Replies
    1. දැක්කනේ අපි ඇවිල්ල ලේසි පහසු පොරවල් නෙවෙයි ඈ ........ :D :D

      Delete
  9. අයියෝ මේකා මී හරකෙක්ට බයවෙලා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පල පල ‍ඩෝ යන්න !!! තව පොඩ්ඩෙන් එදා මට රාජ සම්පත් දෙනව , යම රජ්ජුරුවෝ

      Delete
  10. සමාවෙන්න ඕනි...කියෙව්වෙ නෑ...මාතෘකාවට බය වුනා..ඒ අස්සෙ හෙන ගගා වහිනවා මෙහෙට... :(

    ReplyDelete
    Replies
    1. මාත් මේ කොමෙන්ටුව කියෙව්වෙ නෑ!!!! :D :D කමන්නෑ .... වෙලාව තියෙන වෙලාවක එන්නකෝ කියවලා යන්න .

      Delete
  11. කියෙව්වේ හොරට දිනෙල්ක...මම හොල්මන් කතා වලට බයයි...

    ReplyDelete
  12. ආ ඒ උනාට හෙට උදේට කියවලා කොමෙන්ට් කරන්නම්. එළිය වැටුනම බය නෑ...දැන් රෑනේ....

    ReplyDelete
  13. Replies
    1. ආයෙත් අහල ..... තිත් දෙකයි ඩී

      Delete
  14. මහසෝන හිංදම හොඳයි. ඇත්ත මීහරකෙක් වුනා නම් තියෙයි. මරු කතාව!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං ඇත්තම මී හරකෙක් නං මං තවම ඉස්පිරිතාලේ !

      Delete
  15. මාත් දේව ගණ බන්, පේන්නේ නැද්ද කොහෙදො මටත්

    ReplyDelete
    Replies
    1. ඇස් ඇරල බලපන් .....පෙනෙයි ... තිත් දෙකයි ඩී

      Delete
  16. හී හී :) මරු කතාව

    ReplyDelete
  17. උඹ නිකන් ඩීමන් ආනන්ද වගේ මේක ලියලා තියෙනවා, සිරාවටම කියවනකොට හිත ටිකක් ගැස්සෙනවා.

    ReplyDelete
    Replies
    1. හැබෑට !!!!! එළනේ ..... ලියන්න ඔනේ පොතක්

      Delete
  18. අම්මෝ උබ මාව බය කරනවනේ බං ...
    අනේ මන්දා බං ... මන්නම් ඕවා විස්වාස කරන්නෑ

    මොනවා වුනත් මේ කතාවෙන් පස්සේ මේ ගැන හොයන්න මගේ හිතේ උනන්දුවක් ඇති වුණා ..

    ReplyDelete
    Replies
    1. දෙයක් ඇහැට නොපෙනෙන පලියට අපිට බෑ ඒක අයින් කරලා දාන්න ..... හොයල බලහන්

      Delete
  19. ශා..මහසොන්ව දකින්න වාසනාවකුත් තිබුන එහෙනම් ඇ...(මේ ඇත්තටම ඒ මහසෝනද අප්පා)
    හය්යූ ..අද එලියට් බහිනවා බොරු...!ඇයි අලේ බය කලේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් !!!! ඒ මහසෝනා තමයි .... තව දැකපු දෙවල් ගොඩක් තියෙනව !

      Delete
  20. මචන් උඹ රෑට ගමට යන විදිහටම තමි මමත් යන්නේනම්. හබි ටම යකෙක්නම් හම්බුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ළගදිම හම්බවේවා කියල ප්‍රාර්ථනා කරනව .........තිත් දෙකයි ඩී

      Delete
  21. දිනෙල්කයෝ සිරාද මේ කතාව?
    හම්මේ මම එහෙම උඹ වුනා නම් මෙලහකටත් මැරිලා

    ReplyDelete
    Replies
    1. අපි කවද්ද මල්ලි බොරු කිව්වේ ......... ( හැමදාම කියනව තමයි .. ඒක වෙනම කථාවක් ) .... ඒත් මේක ඇත්ත ‍.... ලියපු කිසිම කථාවක් බොරු නෙවෙයි

      Delete
  22. අම්මො බය උනා ආපු ගමන්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දිගටම බයවෙලා හිටපන් ...........ඩී

      Delete
  23. mamath deava ganeee:D meeta lahiru :D

    ReplyDelete
    Replies
    1. දේව ගනේ උන් චාටර්ලු බං !!:D:D:D මොකද යකෝ‍ මේ ඇනෝ කොටන්නේ :D

      Delete
  24. කොහොමද බං මට මේ පොස්ට් ඒක මග ඇරුනේ .. ඇගේ මයිල් කෙලින් උනා සිරාවටම..

    මමත් රාක්ෂ බං .. උන්ට හොල්මන් පෙනෙන්නේ නැහැලු. ඒත් සමහර වෙලාවල් තියෙනවා බං අපේ දුර්වල වෙලාවල් (නරක වෙලාවල් ) ඒ වගේ වෙලාවකට ටිකක් අමාරුයි . එතකොට ගණ බලපාන්නේ නැහැලු

    ReplyDelete
    Replies
    1. කාරි නෑ !!! පරක්කුවෙලා හරි කියවන්න ලැබුනනේ ! ඩී

      Delete
  25. මමත් ගෙලිඔයේ. මගෙත් තියේ සිරාවටම දැක්ක හොල්මන් ගැන කතාවක්.

    මෙන්න ලින්ක් එක. වෙලා තිබ්බොත් බලන්න.
    http://xandaraya.blogspot.com/2012/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. කෝ බං මේ ලින්ක් එ‍කේ මොනවත් නෑනේ !!!!! 

      Delete
  26. හොල්මන් කතාවකින්ම ඔන්න වැඩ ඇල්ලුවා.. හි හි..

    මාත් දැකලා තියෙනවා නොවැ හොල්මන්.... එක පාරක් උස මනුස්සයෙක් ගේ පිටිපස්සේ ඉන්නවා කියලා බය වෙලා දුවගෙන ආවම, අම්මා එක්කන් ගිහින් පෙන්නුවා ඒ පොල් ගහක් කියලා.... තව පාරක් රෑ වෙලා ඉස්කෝලේ ඇරිලා එනකොට කවුදෝ ඉස්සරහා ඉදන් මන් දිහා බලං ඉන්නවා පෙනිලා, හිත ගැහි ගැහි ඉස්සරහට යනකොට පෙනුනා ඒ කෙහෙල් කොලයක් කියලා... හි හි

    ReplyDelete
    Replies
    1. හි හිහි හිහි හිහි හි............. හැබැයි ඔන්න මේකනං එහෙම එකක් නෙවෙයි ! ඇත්තම එකක් . මීහරක් ලගින් යනකොට පරිස්සමෙන් හොදේ !

      Delete
  27. අප්පට සිරි, පිස්සු හැදෙනවා නේ බං. මීහරක් සීන් එක මං දන්නේ නෑ. මං අහල තිබ්බේ ඌරු වේශයෙන් එනවා කියල

    ReplyDelete
  28. මොලේ අවුල් වෙනවා නේ අප්පා. මම නම් ඔච්චර රෑ වෙලා ඔහොම පාරකින් ගියොත් එදාට මගේ අවසානය තමයි :-D

    ReplyDelete
  29. මට නං අවුලක් නෑ බං ...... හැමදාම යන්නේ ඔය පාරෙන් තමයි

    ReplyDelete
  30. උබට මාර සීන්නෙ බං වෙලා තියෙන්නෙ..... මට හෙම උනා නම් තාමත් මම කෝමා තත්වෙක...........

    ReplyDelete
  31. අම්බියෝ මේක කියවල පිප්පි බරත් හැදුනා


    .සුවී.

    ReplyDelete
  32. බොක්කේ මේ ජා ඇල කුරුදුවත්තෙයි? මාත් දන්නවා හොල්මං කතා

    ReplyDelete
  33. රාත්‍රි 11.40 පී.එම් :O :O ඉන්න තත්වෙ හිතගනින්කො :O

    ReplyDelete
  34. අඩේ මාත් රාස්ස ගනේ

    ReplyDelete
  35. අඩේ මාත් රාස්ස ගනේ

    ReplyDelete
  36. ඒ උනාට මහසෝනා උඹට් බය උනා කියලා තමයි යක්කු කථා උනේ

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text