Thursday, November 22, 2012
අම්මට සිරි තේ ............... ( තේරුනොත් ලොකු දෙයක් )
තේ වනාහී සුද්දාගේ ජාතික පානය සේම ලාංකිකයාගේ සුදු ලකුණ වන්නාවූ ද , මද බෑවුමක් හා රතු ලැටරයිට් පසක් ඇති ස්ථානයන් හී වාරිශික වර්ශාපතනය මිලිමීටර 2000ත් තවත් කීයක් දෝත් අතර පිහිටි ලැම්බෝගිනි යන තරම් දුගී දුප්පත් ප්‍රදේශවල වැවෙන , කොළ පැහැති ඳල්ලක් හා වේලුන පසු කළු කුඩක් වන මෙව්වා එකක් ලෙස සැලකිය හැක.
සයිවර් කඩ වල වැඩ කරන කොල්ලන්ට නොඅඩුව අයඩින් සහිත ලුනු කෑමට ලැබෙන්නේ යැයි සැලකූ කල්හී , නයිට් කඩේදී රුපියල් 20ටත් දවාලට රුපියල් 15 ටත් අයඩින් සහිත තේ කෝප්පයක් රස විදීමට අපට ගතවන්නේ සංඛ්‍යාත්මකව ගෙන විනාඩි වලින් පැවසූවිට , වැඩි වුන පඩියටත් අඩු කාලයකි .
විනිමය අනුපාතය ඉහලගොස් ගැටුම් ඇතිවන සමහර අවස්ථා වලදී නිවසේ වලං ලේක් හවුස් එක ඉස්සරහා පොලවේ ගසා අවසන් වූ පසු අපට ඉතුරුවන්නේ පාර අයිනේ තේ දමනා ජංගම මෙව්වා එකයි . එහිදී නානාගේ යාරේ දැමීමේ හැකියාවෙන් අපිට තේ කෝප්පයේ ප්‍රමිතිය පිළිඹද මිනුමක් ලබාගත හැකිවන්නේය.
කොහේ හෝ අමාරුවක් ඇතිවූවිට හෝ මූලග්ගාය තදවූ අවස්ථාවකදී නැත්තං දෙනෙත නිවා ගැනීම උදෙදා සුදු ගලක් බැලීමට සිතුන විට තරු පහේ හෝටලයක සුදු පුටුවකට වී කළු තේ කෝප්පයක්, රුපියල් 250කට පමණ ලබාගත හැක .මෙහිදී වැරදීමකින් හෝ කළු කෝපි ලැබීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් කාරිවිය යුතුය . එසේම එහිදී සීනි තබා ඇත්තේ වෙනම පැකට් ලෙස වෙනම තැනක බව දැනගෙන යාමෙන් තේ බී අවසානයේ සීනි පිළිඹඳ දුක් වීම වලක්වා ගත හැක. කෙසේ වෙතත් ගෙදර අම්මා හදන තේ කෝප්පයට ගහන්නට හෝටලේ ලොයිඩ් උන්දෑට තියා උන්දැගේ අම්මාට වත් බැරිබව අද්දැකීමෙන්ම දන්මි . තේ සෑදීමේ අද්දැකීම සේම ආදරයද කෝප්පයට වැටිය යුතුය ....... රසවත් වන්නේ එවිටය .
වතුර ,තේකොළ හා සීනි....... , තේ කෝප්පයක ප්‍රධාන ප්‍රභේධ වන අතර මේවා ප්‍රදාන උප ප්‍රභේද රාශයිකට දැක්විය හැක ...... තේ සෑදීමට උණු වතුර බහුලව භාවිතාවන අතර ඇල් වතුර යොදා ගන්නේ කඩේ මුදලාලිගේ කුකුල් සායම් තවමත් එලෙසින්ම ඇද්දැයි තහවුරු කරගන්නටය . නමුත් මුදලාලි සමහර විට දක්ෂයා වෙන්නේ උඩින් හොද ඒවා පෙන්නා යටින් ගේම දෙන නිසාය. අමුබුලුවාගල පැත්තේ මේ වැඩේ නියමෙට යන්නේ රෝද පුටුවේ සිට නැගිගොස් වෙඩි තබා යලි පැමිණ රෝද පුටුවේ හිඳගෙන බබා පාට් දැමු මූ... මුදලාලි කෙනෙකුට පින් සිදුවන්නටය. උන්දෑ පරණ දේවලට නමදාගන්න උපන් හපනාය .
මේ අතර වැහි වතුර උනු කිරීමෙන් තේ සෑදීම මඟින් අමුතු ආතල් එකක් ගත හැක .වතුර ගන්නෙ කොළඹින්ද නුවරින්ද නුවර එලියෙන්ද නැත්නම් මැදමූලනින්ද යන්න මත තේවල රසය වෙනස්වේ .
කෙසේ වෙතත් කැලනි ගඟෙන් ගත් වතුරෙන් සෑදූ තේ තරම් අනික්වා රසවත් නොවනා බව වටහා ගත්තේ පෑලියගොඩදී බොන්නට ලැබුන තේ කෝප්පයකට පින්සිදුවන්නටය. කඩේ උන්දෑට ගාන නොදී මාරු වෙන්නට මෙහිදී මට අවස්ථාව ලැබුනේ තේකෝප්පයේ අවසානයේ අඩියෙන් මතුවූ මැස්සෙකුට පින් සිදුවන්නටය .ගාල්ලේ බස් නැවතුම අසල ටැප් එකේ වතුරෙන්ද පංකාදු තේ සෑදිය හැක .......
සුදු සීනී ගබඩාවේ මීයන්ගේ පෝෂණ මට්ටම සේම සීනි මිටි කරගහන්නන්ගේ ලවන මට්ටම අනුව තේකෝප්පයේ රස වෙනස්වනු ඇත . මීට අමතරව රතු සීනි භාවිතා කරන්නේ නම් එහි සේවකයන්ගේ බුලත් විටේ ප්‍රමිතිය සේම සීනි කම්හල අසල ඩිස්පැන්සරිගේ දොස්තැර උන්දෑගේ තුවාල බෙහෙත් වල සැර මට්ටම අනුව තේ රස වෙනස්වේ .
උඩ රට තේ , පහත රටතේ සේම BOP අගයද රෝසා සහ මාමාගේ උපදෙස් මතද වෙනස් රසකින් යුතු තේ සාදා ගත හැක.
මෙහිලා ග්‍රීන්ටී නොහොත් කොළ තේ ගැන කථා කරන්නේ නැත්තේ අපේ උන් ඒවා බොන්නේ නැති නියාවෙනි .
හැන්දක් , කෝප්ප දෙකක් , සීනි තේකොල ටින් එක හා වතුර කේතලයක් නැති තැන තේ ගැන කථා කිරීම ඵල රහිත වන්නේය එසේ කලහොත් එය දවසේ කථාව වනබව නිසැකය , ඒ මොන තරං වැදගත් දේ තිබුනද දවාසේ කථාව වන්නේ මොකෙක් හරි කොහෙදෝ අමාරුවකට කියන ගොන් කථාවක් හැමදාම දවසේ කථාව වන නිසාය ..... අපිත් බලාන ඉන්නේ ඌට හිනා වී පසුව තේ වත්තේ වැඩට යවන්නටය .
ඉහත උපකරන මේසයකට ගෙන තේ හැදුවද ...... නුදුරු අනාගතයේදී අපටත් ග්‍රීන්ටී හදනවිදිහට සියළූම අඩුම කුඩුම බිමට ගෙන කරාතේ ක්‍රීඩක ලීලාවෙන් ඇන තියාගෙන ඒවා සෑදීමට සිදුවිය හැක. මෙහිදී පිජාමා එක අනිවාර්්යවේ නැත්තං ගතියක් නැත.
ප.ලි - පිජාමා යන්න කිමෝනා ලෙස වෙනස් විය යුතුය .
ප.ප.ලි - පහුගිය දවස් ටිකේම බ්ලොග් එක පැත්ත පලාතේ එන්න බැරි වුනා. උඹලාගේ බ්ලොග් කියවන්න බැරි උනාට සමාවෙන්න ඕනේ . අම්බානක වැඩ සෙට්උනා. ඒකයි එන්න බැරි උනේ ඔන්න කොනක ඉදන් අද කියවන්නම් .තේ එක බීලම වැඩ පටන් ගමුකෝ.
Saturday, November 10, 2012
ආරච්චිලෑ රොටිය ............. ! ( අපෝ නෑ.... 18 + නෙවෙයි )
දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම ගෙදරකම මිදුලේ පත්තුවෙවි තිබුන කොප්පරා පන්දම් එළියෙන් මුළු ගමම දිලිසි දිලිසී තිබුනා .මාසේ පෝය නිසාම .....වෙනදා ඇවිත් , කට පුරා හිනා වෙලා මුළු ගමටම එළිය බෙදන හඳ පේන්න වත් නෑ . කොහෙදෝ පාවෙලා යන හිතුවක්කාර වලාකුළක් නිසා ගමට තරු එළිය වැටෙන එකත් නැවතිලා ................
හුටා .................. !!!!! සොරිවෙන් ඔනේ මොනවා ලියනවද මන්දා , මේක නෙවෙයිනේ අද කථාව , මේක ඇවිත් කමින් කෑල්ලක් . ඔන්න අද ස්ටෝරිය .
වැයික්කියේ ඉන්න සේරම ආරච්චි මහත්තුරු ටික අවුරුද්දකට සැරයක් කොහේට හරි එකතුවෙලා එකතුවෙලා අවුරුද්ද සමරන එක , ගඟ ඉහල කෝරලේ වසමේ ආරච්චි මහත්තුරුන්ට අමුතු දෙයක් නොවුනේ . සුද්දගේ කාලේ ඉදන්ම පුරුද්දක් විදිහට මේ දේ සිද්දවෙන නිසයි ( දැන් නම් කොහොමද දන්නේ නැ ) . සුද්දදා රට දාලා ගිහින් අවුරුදු හැට ගානක් උනාට මොකද මේ ගම්වල මිනිස්සුන්ට ග්‍රාම සේවක කියන නමට දිව හදා ගන්න තවමත් බැරිවෙලා . ඒ මොඩ කමද නැත්තං අහින්සක කමද කියන එක තේරුම් ගන්න එක බොහෝම අමාරුයි , මුළු ජීවිත කාලෙම ඒ පැත්තේ හැදුනත් වැඩුනත් ඕක තමයි තත්වේ .
කාලෙකට කලින් , අවුරුදු 14 කට 13 කට විතර කලින් වෙන්න ඕනේ , ඔය විදිහට ආරච්චි සංගමේ දාන්න තෝරගත්තේ මීතලාව වසම භාරව ඉන්න ආරච්චි උන්නාන්සේගේ වලව්ව . වසම මීගහ තැන්න උනාට මොකද මේ උත්තමයාගේ ගෙවල් තිබුනේ ඊට පැයක විතර දුරින් තිබුන , ගම්පොල නාවලපිටිය පරණ පාරේ කුරුදුවත්ත ටවුමෙන් වම්පැත්තට තියෙන එකම පාරෙ ගියාම හම්බවෙන කොළුවල කියන ගමේ .( ඔන්න දැන් ඒ පැත්තේ කවුරු හරි ඉන්නව නම් දන්නවා කවුරු ගැනද මං මේ කියන්නේ කියලා :D ).
බොහා්ම ගාම්භීර විදිහට තොරණක් එහෙම ගහලා ,එන ආරධිත ආරච්චිලෑ පිලිගන්න කටයුතු කරලයි තිබුනේ . හවස හතර පහ වෙනකොට සේරම වගේ ඇවිල්ලා හිටියා . මුලින් මුලින් තම තමන්ගේ වසම් වල තියෙන අඩුපාඩු වගේම ඒවා කොහොමද ඉහලට වාර්ථා කරන්නේ වගේ බොහෝම හරබහ කථා ඇදිලා ගියා .
කට්ටිගේ දැහැන් බින්දේ දොර රෙද්දකට හේත්තුවෙලා බලාගෙන හිටපු බොකුට කොණ්ඩයක් තියෙන පොඩි කොල්ලෙක් අතින් බුලත් හෙප්පුවක් බිම වැටිලා ..... " ටාං " ගාන සද්දෙත් එක්කයි . ලෝකේ පෙරලෙනවා වගේ ආපු සද්දෙත් එක්ක හැමෝගෙම ඇස් ඒ පැත්තට ආවේ වෙඩිල්ලකටත් වඩා වේගෙන් .
" ආහ් ........... මට කියන්නත් බැරි උනානේ !!!!! ඔය ඉන්නේ අපේ ලොකු කෙලීගේ පුතා දිනෙල්ක " ගෙවල් බාර ආරච්චි උන්නාන්සේ තමන්ගේ මුනුබුරාව කට්ටියට අදුන්වලා දුන්නේ එන්න එහෙමයි . උන්දෑට හෙප්පුව වැටිච්ච එක ගැන ගානක් වත් නෑ . කවදාවත් මොනවා කරත් ආදරෙන් කියලා දෙන පුරුද්ද බුලත් හෙප්පුවක් නිසා උන්දැ නැති කරගන්න ගියේ නෑ .
සම්භාව්‍ය කථා ඉවරයි . හැමෝටම ඔනේ පොඩි එකාව හුරතල් කරන්න . ඌ හෙන හුරුබුහුටීනේ :D .

( ඔන්න ඔය දිනෙල්ක කියන එකා පොඩි පැට්ටා කාලේ !! ආහ් දැන් කියහංකෝ හුරතල් නැද්ද කියලා :D :D :D )
පැයකට විතර පස්සේ සංගමේ මැද්දට ආපු රට බීම බෝතළුත් එක්ක ,අනේ අර අහිංසකයට එච්චරවෙලා තිබුන සැලකිලි සේරම බෝතල් වලට ලැබෙන්න ගත්තා .........
ටිකෙන් ටික රෑ උනා .... බෝතල් එකෙන් එක හිස් උනා ... කට්ටියටම නාගසලං ..... ටික දෙනෙකුට කබර සලං , ඔය අල්ල පනල්ලේ . අර ආරච්චි උන්නෑහේගේ බිරින්දෑ ඇවිදින් හැමෝටම රෑ කෑමට , කෑම කාමරේ ඇතුලට එන්න ආරාධනා කලා ............ බත් විතරක් නෙවෙයි . කැමති අයට කන්න රොටිත් හදලා තිබුනා .
කවදත් අර අහින්සකයගේ ප්‍රියතම ගමේ කෑම රොටී වෙච්ච එකේ , ඌ උගේ පාඩුවේ රොටියක් උල උල පැත්තකට වෙලා ආරච්චි කෝලම බලාගෙන හිටියා . සමහරු පරිප්පු වලට බත් බෙදාග්නවා , මස් හැලියට අත දාලා මස් ගන්නවා , ආරච්චි භාර්්‍යාව කොච්චර එපා කිව්වත් කට්ටිය කාපු පිඟාන හෝදනවා................. වැඩ කෝටියයි .
ඔය අතරේ දැකපු හොදම දේ දැකපු අර පොඩි එකාට හිනාව නවත්ත ගන්න බැරි උනා ,
රොටියක් අරන් ඒකේ මැදට වෙන්න ලුණුමිරිස් කන්දක් ගොඩහ ගත්තු ගෙවල් භාර ආරච්චි මහත්තයා නොහොත් අර කොලුවගේ සීයා , බොහෝම අමාරුවෙන් ලුණුමිරිස් ටික කාලා රොටිය හෝදලා පිඟන් රාක්කෙන් තිබ්බ .
ප.ලී - බීපු වෙලාවට රොටී කන්නට යෑම භයානක ප්‍රථීඵල ගෙනදේ . අදාල ආරච්චි උන්නාන්සේ අද දක්වාම මුනුබුරාගේ උපහාසයට ලක්වෙන්නේ මේ සිද්දිය නිසාය . හැබැයි ඒ මුනුබුරා සීයට හෙන ආදරෙයිළු ඇ....... :D
ප.ප.ලි - මේ කථාව බොහෝම ප්රසිස්ද වුනාට මොකද කවුරුවත් නිදාන කථාව හරියට දැනන් හිටියේ නෑ . ( එදා වුනේ පරණ කථාවක ප්රතිනිර්මානයද කියලා නම් මං දන්නෑ ඕං )
Tuesday, November 6, 2012
රෙද්දටද යකෝ අච්චර තඩි බිල්ඩිමක් හදලා පොකුණට විතරක් නම දැම්මේ !!!
වෙනදා පරිප්පුම තමයි ....... තවත් එක එකම විදිහට යයි කියලා හිතපු දවසක ඉර පායන්නත් කලින්ම ඇදෙන්බැස්සේ , සෙනසුරාදා උනත් පුරුද්ද අතඇර ගන්න බැරි නිසා වෙන්න ඇති . ඇති වැඩකුත් නෑ ......... බොටමකුටි ටීශර්ට් එකකුයි දාගෙන ගෝල් ෆේස් පැත්තට ජොගින් යන්න තමයි ප්ලෑන තිබුනේ .එතනට ගිහින් එනකොට 8.00 ට විතර ඇති ගෙදර ආවා විතරයි නාගන්න හම්බවුනෙත් නෑ . කුරාගෙන් කෝල් එකක් .
" අඩෝ !!!!!!! මොනවද බං කරන්නේ ......ෆෝන් එකට හෙන ගහලද ....ආන්සර් කරන්නැත්තේ ...... වැරදුනා .... කණට හෙනගහලද "
" නෑ , ප@$%$ හෙන ගහලා ....... මොකටද කෝල් කලේ කියහංකෝ .."
" අම්මට සිරි එතකොට උඹ දැන් බිසී ඈ ......... ආහ් .... අපිට ඒවා අදාල නෑ තව පැයකින් කොට්ටාවට වරෙන් ස්ටුඩියෝ එකෙන් අවුලක් මුං කලින් කියපු ගානට ට්‍රැක් එක කරන් බෑ කියනවා "
" හුටා ......... අයියෝ පැයකින් නම් බෑ බං තාම මූණ හේදුවෙත් න...............
( ඒ කථාව වැඩක් නෑනේ , තවපොඩ්ඩෙන් සේරම ලියනව . මට වුන සිද්දය වුනේ ගිහිල්ලා ආයෙත් 138 බස් එකෙන් ගෙදරට එනකොට )
කොට්ටාවෙන් 138 කට ගොඩවෙලා වම් පැත්තේ සීට් පේලියේ අයිනක් අල්ලලා වාඩිවුනේ අවුව වැටන්නේ දකුනු පැත්තට නිසා .
තුම්මුල්ලට එනකම්ම හැමදේම සාමාන්්‍යයි ....... නෝමල් බස් එකක්ම තමයි .
මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ ඉන්න කොළුගැටව් දෙන්නෙක් බර කථාවක . සෑහෙන් හෙමීට කථාව , කොච්චර හෙමින්ද කියනවනම් සෙට් එක මහ සද්දෙන් කෑගැහුවත් වැඩියෙන්ම සද්දෙට ඇහෙන්නේ මුං දෙන්නගේ කටේ සද්දේ , ඉපදෙන්න කලින් අම්ම පන්සලට ඝාන්ඨාරයක් පූජා කරන් ඇති කියලා මං හිත හදා ගත්තා , අනික ඇහුනත් මං ඔය අනුන්ගේ කථා අහන ජාතියේ නෙවෙයි .උවමනාවෙන්ම අනුන්ගේ ආතල් වලට කණ දෙන්න හදන උනුත් ඔන තරම් ..... මාව ඒ ගනයට දාන්න එපා ඈ . මුන් දෙන්නා පට්ට ආතල් බුවෝ දෙන්නෙක්, තේරුන විදිහට කොහේ හරි දුර පලාතකි කොළඹට ඇවිත් තියෙන්නේ ලඟදී .
තුම්මුල්ලෙන් තර්ස්ටන් පාරට හරවපු බස් එක බ්‍රිජට් කොන්වන්ට් එක ලඟට ඇවිත් නැවත්තුවා .
දැන් අරුන් දෙන්නගේ කථාව අල්ලපු බස් එකටත් ඇහෙනවා .....
" අම්මට සිරි මේ මොකද්ද බං මේ බිල්ඩින් එක " ඉස්සරහා සීට් එකේ හිටපු එක කොල්ලෙක් අනිකගෙන් ඇහුවේ බ්‍රිජට් එක ඉස්සරහම තියෙන ලොකුම ලොකු ගොඩ නැගිල්ල අනිකට පෙන්න ගමන් .
" ඒ නෙළුම් පොකුණනේ බං ..... ඇයි උඹ ටීවි එකේ දැකලා නැද්ද " ඒ අනිකා.
" අම්මට සිරි ....... එහෙමද !!!! "
" හ්ම් හ්ම් ..............."
" මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
" පිස්සුද !!!!! ඔය තියෙන්නේ ඒක තමයි "
" සිරා නේ බං.................... නෙළුම් පොකුණ ........ එතකොට ඔය බිල්ඩින් එකේ නම මොකද්ද බං .... එකටත් නමක් ඇතිනේ . "
" මොකා........" අනිකා මොල් වෙලා ගියා .
" මුන් හරක්නේ බං .... මෙච්චර තඩි බ්ල්ඩිමක් ගහලා පොකුණට විතරක් නම දාලා.................."
අනිත් එකා මූ දිහා තක්කු මුක්කු වෙලා වගේ බලාන හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරිව වෙන්න ඇති . ඌ කියපු දේ ඇහුනේ නැත්තේ ටවුන් හොල් එක ලඟින් මට බහින්න වුන නිසා .
ප.ලි - ඔන්න අපේ රටේ මිනිස්සුන්ගේ විචාර බුද්ධියේ තරම . මොඩයො ඉන්නව තමයි . ඒත් මේ තරං.
ප.ප.ලි - බ්‍රිජට් කොන්වන්ට් එක ඉස්සරහා තමයි නෙළුම් පොකුණ රඟහල තියෙන්නේ ඈ.....................
Thursday, November 1, 2012
එඩ්වඩ් අයියට කියනවද සිරි යහනේ ගහන්න කියලා ..... ( 18 +++ ) ( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ )
මුලින්ම කියන්න ඔනේ මේ කථා ලියන්නේ ලියන්න දෙයක් නැතුව එහෙම නෙවෙයි කියන එක . මේ ලඟදි දවසක් මූනු පොතේ කැරකෙද්දී හම්බවුන පට්ටම කථා සෙට් එකක් තමයි දෙන්න යන්නේ ..... ඒ වගේම ඔන්න මේව කියවලා , දිනෙල්කයා මහා වලා කියල කියල කියන්නත් ඔට්ටු නෑ හරි ...........
ඔන්න වැඩ පටාටාටාටාන් ගන්නයි යන්නේ ....
1.
සංගීත සන්දර්ශනයක් බලන්න ගියපු ගෑල්ලමයෙක් එතන හිටපු සංවිදායක උන්දැට කිමෙහෙම කිව්වලු ....
" අනේ අයියේ , එඩ්වඩ් අයියට කියන්නකෝ සිරි යහනේ ගහන්න කියලා !! "
මේක අහපු සංවිදායක මහත්තයගේ කටටත් පණ ආවාලු.
" නංගි එඩ්වඩ් අයිය තාම ඇවිල්ලා නෑ , එතකන් මං මිල්ටන් අයියට කියන්නද මේ නංගිට , මේ මැයි ගහ යට ගහන්න කියලා ?
නංගා කැමති නැත්නම් කියන්න මං ටී. එම් අයියට කියන්නම් අඳුරු කුටියේ ගහන්න කියලා . ඒත් බැයි නම් බෙග් අයියට කියන්නම් කෝටු කෑලි ගහන්න කියලා """
2.
විනෝද ගමනක යෙදුණු පිරිසක් රැගත් බසයක් පාළු තැනකදී හොර
රැළක් විසින් නතර කරන ලදී. “කවුරුත් යටහත් උණොත් හොඳයි !
පිරිමින් ළඟ තියෙන හැම දෙයක්ම අපි පැහැර ගන්නවා! ගෑනුන්ට අපි
බලහත්කාරකම් කරනවා“ යයි සොර දෙටුවා කීය.
“අපෙන් ඹ්න දෙයක් පැහැර ගන්න! ගෑනු අයට නං අත තියන්න එපා!“
යයි නඩේ ගුරා ආයාචනා කළේය.
පසුපස ආසනයක උන් මැදිවියේ කාන්කාවකගේ කට හඬ මෙසේ
ඇසිණ. “ඒ අයට කැමති දෙයක් කරන්න ඉඩ දීලා නඩේ ගුරා කට වහ
ගන්නවා නං හොඳයි!“
3.
මේක උනේ වාද්දූව පැත්තේ මුහුදට ටිකක් ලං වෙන්න පදිංචි වෙලා
උන්නු කොලුවෙක්ට.. නං ගං ඕනි නැහැ.. මේ කොලුවා පොඩි හාද
කමක් තිබුණා රටේ මධ්‍යම කොටසට වෙන්න හිටපු කෙලි පොඩ්ඩක්
එක්ක.. මේ කෙලිත් මේකට පන ඇරලා.. දැන් වගේ ෆෝන් හෙම
නැහැනේ කෙලීගේ ගෙවල් ලඟ යාලුවෙකුගේ නමට ලියමනක් යවලා
කෙලීව ගෙන්න ගන්න තීරනය කලා… හෝ ගාන පොකුණ බලන්න
යමු කිව්වාම කෙලීත් දුර නොබලා කැමති උනා.
අයියත් මේ වැල්ල ගැන දන්න නිසා කවුරුවත් වැඩිය න
ොයෙන පැත්තක පොල් ගහක් මුල තෝරා ගත්තා නගාත් එක්ක මුහුද
බලන්න..
ඉතිං පොකුණ බලන්න ගියා කිව්වට මොකෝ මේ අයියා මේ නංගිට
ඉන්න දෙන්නේම නැහැ…
කෙලීගේ වාසනාවට කොලුවගේ අවාසනාවටද මංදා වෙරලාරක්ශක
පොලීසියේ කෙනෙක් අවා මේ හරියට.. කොලුවා හදිසි වෙලා නගාව
යතා තත්වයට පත් කලා..
පොලිස් කාරයා :- මොකද තමන්ලා මේතන කරන්නේ…?..
පොලිස් කාරයා :- මොකද තමන්ලා මේතන කරන්නේ…?..
කෝ ගන්නවා බලන්න අයිඩෙන්ටිටි කාර්ඩ්ස්
කොලුවා ( හැඳුනුම් පත් දිගු කරමින් ) අපි.. මේ.. මේ.. නංගිට මුහුද
පෙන්නන්න ආවා සර්.ර්…
පොලිස් කාරයා :- ආහ්… නංගිට මුහුද පෙන්නන්නද ආවේ.. මට
පොලිස් කාරයා :- ආහ්… නංගිට මුහුද පෙන්නන්නද ආවේ.. මට
හිතුනේ නංගිට පොල් ගස් නගින්න උගන්නන්න ආවා කියලා..
කොලුවා (පුදුමයෙන් ) ඇ.. ඇයි ස..ර් එහෙම කිව්වේ…
පොලිස් කාරයා :- නෑ මේ නංගිගේ වලල්ල තාමත් කකුල් දෙක මුල…
කොලුවා (පුදුමයෙන් ) ඇ.. ඇයි ස..ර් එහෙම කිව්වේ…
පොලිස් කාරයා :- නෑ මේ නංගිගේ වලල්ල තාමත් කකුල් දෙක මුල…
ඒකයි …
4.
ලස්සන පොශ් නෝන කෙනෙක් ඇවිත් ටයර් කඩේකට පැච් එකක්
දාගන්න, කඩේ ඉන්න කොල්ල ටිකක් ලස්සන අහිංසක පෙනුමක්
තියෙන එකෙක්ලු.නෝනට මූ ගැන ආසාවක් ඇති වෙලා.
නෝනා : මල්ලි මට ඔයාව තනියම පොඩ්ඩක් හම්බ වෙන්න ඕනෙ
කොල්ලා : ඇයි නෝනා?
නෝනා : මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ
කොල්ලා : කියන දෙයක් කියන්න නෝනා. මෙතන අපි දෙන්න
විතරනෙ ඉන්නෙ
නෝනා : නෑ මට ඔයා එක්ක අහවල් එක කරන්න ආසයි
කොල්ලා : හරි නෝනා, හෙට මම නිවාඩු. හෙට පූල් එකකට හරි වතුර
පාරක් ලඟට හරි සෙට් වෙමු
නෝනා : ඒ මොකද?
කොල්ලා : නෑ නෝනා, මට හිල හොයාගන්න වතුරෙ දාල බලන්න
ඕනෙ............. !!!!!
5.
මාකටිං ජොබ් එකට කරපු බුවෙක් මැරිලා. දැන් දෙයියොන්ට හිතා
ගන්න බැහැලු මූව යවන්නෙ දිවියලෝකෙටද අපායටද කියල. මොකද
මූ පව් පින් සම සමව කරල තියෙන නිසා. අන්තිමට දෙවියො තීරණය
කරාලු මේ බුවාටම ඩිසයිඩ් කරන්න දෙනව යන්නෙ කොහෙද කියල.
දෙවියෝ : තමන් යන්න කැමති දිවියලෝකෙටද? අපායටද?
බුවා : මට දිවියලෝකෙ බලන්න පුලුවන්ද?
දෙවියෝ බුවාව දිවියලෝකෙ වටේ එක්කගෙන යනවලු. පසුබිමෙන්
දෙවියෝ බුවාව දිවියලෝකෙ වටේ එක්කගෙන යනවලු. පසුබිමෙන්
ක්ලැසිකල් මියුසික් එනවලු. දිවියලෝකෙ ඉන්න හැමෝම හෙන
ක්ලාසි විදියට ඇඳගෙන පලතුරු කකා ඉන්නවලු. හරිම නිස්කලන්ක
ගතියක්ලු තියෙන්නෙ. බුවාට හිතුනලු කෝකටත් අපායත් බලල එන්න
ඕනෙ කියල.
බුවා : මට අපායත් බලන්න පුලුවන්ද?
බුවා : මට අපායත් බලන්න පුලුවන්ද?
දෙවියෝ : ඔය කෙලවරේ තියෙන ලිෆ්ට් එකට නැගල බේස්මන්ට්
බටන් එක ඔබන්න
බුවත් එහෙම කරල ආවලු අපායට. අපාය කියන්නෙ තනිකරම ක්ලබ්
බුවත් එහෙම කරල ආවලු අපායට. අපාය කියන්නෙ තනිකරම ක්ලබ්
එකක් වගේ පට්ට පාටියක්ලු. ඇති වෙන්න බොන්න තියෙනවලු. හෙන
සද්දෙට රොක් මියුසික් එහෙමත් දාල පට්ට හැපනිං පාටියක්ලු. ඉන්න
හැම එකාම කුනුවෙන්න බීල හෝ ගාල නටනවලු පිස්සු හැදිල වගේ.
දැන් බුවා හැරිල ආයෙත් ආවලු දෙවියො හම්බවෙන්න.
දෙවියෝ : තමන් තීරණයක් ගත්තද?
දැන් බුවා හැරිල ආයෙත් ආවලු දෙවියො හම්බවෙන්න.
දෙවියෝ : තමන් තීරණයක් ගත්තද?
බුවා : දිවියලෝකෙ කොච්චර සිරා උනත්, මට හොඳටම මැච් වෙන්නෙ
අපාය තමා. මම එහෙ යනවා
දෙවියොත් බුවාගේ තීරණයට ඉඩ දීල බුවාට යන්න දුන්නලු අපායට.
අපායට බුවා ආව ගමන් බුවාව අල්ලලා කූඩුවක දාල අත පයට දම්වැල්
එහෙමත් දැම්මලු. දැන් බුවාට හිතාගන්නත් බැරිලු මොකද මේ උනේ
කියල. බුවා එතනින් යමපල්ලෙක් යනකම් බලන් ඉඳල
බුවා : ශ්.. මල්ලි
බුවා : ශ්.. මල්ලි
යමපල්ලා : ඇයි?
බුවා : කෝ අර මෙහේ තිබ්බ පාටි?
යමපල්ලා : ආ ඒ අපේ මාකටිං ප්‍රසන්ටේශන් එකනෙ
Subscribe to:
Posts (Atom)