අතන මෙතන කොතන වුනත් හොදයි කියලා හිතෙන ගොඩක් තැන අතරෙ, අන්තියමේදි හිත නතර වෙන්නේ හොදම තැන නෙවෙයි, අපේ කියලා හිතෙන තැන. ගොඩක් ලොකු කාලයකට පස්සේ මං බ්ලොග් එකේ .ඒක සිද්ධ වෙන්නේ අර මම කලින් කියපු විදිහට , හිත නතර වෙන්නේ හොදම තැන නෙවෙයි තමන්ගේ කියලා දැනෙන තැන.
බ්ලොග් ලෝකෙට මං ආපු නැති පහුගිය අවුරුදු 03කට වැඩි කාලෙ ඇතුලෙදි මේක මොන මොන විදිහට වෙනස් වෙලාද කියලා කියන්න මම දන්නේ නෑ .ඉතින් ආයෙම බ්ලොග් එක පටන් ගන්නේ මම මුලින්ම බ්ලොග් එක ලියන්න පටන් ගත්තු විදිහටමයි. ඒ මේක වෙන්නේ මොනවද කියන එක ගැන මෙලෝකේ දෙයක් දන්නේ නැති එකෙක් විදිහට.
හැමදාමත් ලියපු මගේම වුන වෙනම ශෛලියක අයිතිකාරයෙක් වුන මට ආදරේ කරපු , මගේ ලියවිලි කියවපු ආදරනීය හිත් ටික මේ වෙලාවේ ලෝකේ කොහේ හිටියත් අද දවසේ උඹලා හැමෝවම මතක් කරන්නේ කියාගන්න බැරි තරම් ආදරේකින්. උඹලට ආයෙම මගේ පෝස්ට් කියවන්න විදිහක් නැතිවුනත්, බ්ලොග් කියන්නේ අවුට් ඩේට් වෙලා ගියපු කලාවක් කියලා මේ පැත්තේ නෑවිත් හිටයත් මං හැමදාම උඹලට ආදරෙයි. අද අලුත් හුස්මකින් ආයෙමත් පාරක් විලක්කුව දල්වන්න මට හිතෙන්නේ උඹලා නිසා. මේ බ්ලොග් ලියවිල්ලට පිං සිද්ද වෙන්න මේ මහ පොලොවේ පයගහලා ඉන්න මගේ විදිහටම හරියටම හරියන සෙට් එකක් මට හම්බවෙනවා . ලස්සනට හිතන විදිහ උං මට උගන්නනවා.
මගේ තනිකමට කථා කරන්න කෙනෙක් නෑ හිතේ තියෙනදේවල් හිස් කරන්න විදිහක් නැති පීඩනේ පිට කරගන්න පටන් ගත්තු බ්ලොග් එකකින් අනිතිමේදි මගේ කථා අහන පිරිසක් මගේ ජීවිතේට එකතු කරනවා. උං අදටත් මගෙත් එක්ක ඉන්නවා.
එදා හිටපු ලස්සන චරිත අද බ්ලොග් ලෝකේ නෑ , හැබැයි මට විශ්වාසයි ඒ වගේම සමහර විට ඊටත් වඩා ලස්සන ජීවිත අද වෙනකොට මේ කලාවත් එක්ක එකතු වෙලා ඇති. උං එකක් මම ආයෙම ලියනවා .
ජීවිතේ ගෙවිලා ගිහිල්ලා කාලයත් එක්ක අපි හැමෝම හිතන පතන විදහ වෙනස් වෙලා , ලැබිලා තියන අද්දැකීම් එක්ක ජීවිත පරිකල්පනය අලුත් වෙලා ඉතිං , කලින් වතාවට වඩා ලියන විදිහ වෙනස් වේවි. හැබැයි ලියන එකා උඹලා දැගනෙ හිටපු එකාම තමයි. ඒ වගේම කථා තමයි, වෙනසක් නෑ. විලක්කුවේ හැමදාම ලියවුනේ ඇත්ත කථා .
ආයෙමත් ලියන්න පටන් ගන්නේ අන්තිම බ්ලොග් පෝස්ට් එකත් එක්ක නතරවුන තැන ඉදලා ගෙවිලා ගියපු ජීවිතේ අපි හැමෝටම රස විදින්න පුලුවන් අද්දැකීම්. අද ඉදන් අපි ආයෙම හිනාවෙමු , එකට අඬමු , එකට ආදරේ විදිමු.........
එන්න විලක්කුවට
කොහෙද අප්පා ගිහිං උන්නෙ?
ReplyDelete