Social Icons

හොයමු බලමු

Tuesday, November 6, 2012

රෙද්දටද යකෝ අච්චර තඩි බිල්ඩිමක් හදලා පොකුණට විතරක් නම දැම්මේ !!!


                                         වෙනදා පරිප්පුම තමයි ....... තවත් එක එකම විදිහට යයි කියලා හිතපු දවසක ඉර පායන්නත් කලින්ම ඇදෙන්බැස්සේ , සෙනසුරාදා උනත් පුරුද්ද අතඇර ගන්න බැරි නිසා වෙන්න ඇති . ඇති වැඩකුත් නෑ ......... බොටමකුටි ටීශර්ට් එකකුයි දාගෙන ගෝල් ෆේස් පැත්තට ජොගින්  යන්න තමයි ප්ලෑන තිබුනේ .එතනට ගිහින් එනකොට 8.00 ට විතර ඇති ගෙදර ආවා විතරයි නාගන්න හම්බවුනෙත් නෑ . කුරාගෙන් කෝල් එකක් .

" අඩෝ !!!!!!! මොනවද බං කරන්නේ ......ෆෝන් එකට හෙන ගහලද ....ආන්සර් කරන්නැත්තේ ...... වැරදුනා .... කණට හෙනගහලද "
" නෑ , ප@$%$ හෙන ගහලා ....... මොකටද කෝල් කලේ කියහංකෝ .." 
" අම්මට සිරි එතකොට උඹ දැන් බිසී ඈ ......... ආහ් .... අපිට ඒවා අදාල නෑ තව පැයකින් කොට්ටාවට වරෙන් ස්ටුඩියෝ එකෙන් අවුලක් මුං කලින් කියපු ගානට ට්‍රැක් එක ‍කරන් බෑ කියනවා "
" හුටා ......... අයියෝ පැයකින් නම් බෑ බං  තාම මූණ හේදුවෙත් න...............
( ඒ කථාව වැඩක් නෑනේ , තවපොඩ්ඩෙන් සේරම ලියනව . මට වුන සිද්දය වුනේ ගිහිල්ලා ආයෙත් 138 බස් එකෙන් ගෙදරට එනකොට )
 කොට්ටාවෙන් 138 කට ගොඩවෙලා වම් පැත්තේ සීට් පේලියේ අයිනක් අල්ල‍ලා වාඩිවුනේ ‍අවුව වැටන්නේ දකුනු පැත්තට නිසා .
තුම්මුල්ලට එනකම්ම හැමදේම සාමාන්්‍යයි ....... නෝමල් බස් එකක්ම තමයි . 
මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ ඉන්න කොළුගැටව් දෙන්නෙක් බර කථාවක . සෑහෙන් හෙමීට කථාව , කොච්චර හෙමින්ද කියනවනම්  සෙට් එක මහ සද්දෙන් කෑගැහුවත් වැඩියෙන්ම සද්දෙට ඇහෙන්නේ මුං දෙන්නගේ කටේ සද්දේ , ඉපදෙන්න කලින් අම්ම පන්සලට ඝාන්ඨාරයක් පූජා කරන් ඇති කියලා මං හිත හදා ගත්තා  , අනික ඇහුනත් මං ඔය අනුන්ගේ කථා අහන ජාතියේ  නෙවෙයි .උවමනාවෙන්ම අනුන්ගේ ආතල් වලට කණ දෙන්න හදන උනුත් ඔන තරම් ..... මාව ඒ ගනයට දාන්න එපා ඈ . මුන් දෙන්නා පට්ට ආතල් බුවෝ දෙන්නෙක්, තේරුන විදිහට කොහේ හරි දුර පලාතකි කොළඹට ඇවිත්‍ ‍තියෙන්නේ ලඟදී .
තුම්මුල්ලෙන් තර්ස්ටන් පාරට හරවපු බස් එක බ්‍රිජට් කොන්වන්ට් එක ලඟට ඇවිත් නැවත්තුවා .
දැන් අරුන් දෙන්නගේ කථාව අල්ලපු බස් එකටත්  ඇහෙනවා .....
" අම්මට සිරි මේ මොකද්ද බං මේ බිල්ඩින් එක " ඉස්සරහා සීට් එකේ හිටපු එක කොල්ලෙක් අනිකගෙන් ඇහුවේ බ්‍රිජට් එක ඉස්සරහම තියෙන ලො‍කුම ලොකු ගොඩ නැගිල්ල අනිකට පෙන්න ගමන් . 
" ඒ නෙළුම් පොකුණනේ බං ..... ඇයි උඹ ටීවි එකේ දැකලා නැද්ද " ඒ අනිකා.
" අම්මට සිරි ....... එහෙමද !!!! "
" හ්ම් හ්ම් ..............."
" මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
" පිස්සුද !!!!! ඔය තියෙන්නේ ඒක තමයි "
" සිරා නේ බං.................... නෙළුම් පොකුණ ........ එතකොට ඔය බිල්ඩින් එකේ නම මොකද්ද බං .... එකටත් නමක් ඇතිනේ . "
" මොකා........" අනිකා මොල් වෙලා ගියා .
" මුන් හරක්නේ බං .... මෙච්චර තඩි බ්ල්ඩිමක් ගහලා පොකුණට විතරක් නම දාලා.................."
අනිත් එකා මූ දිහා තක්කු මුක්කු වෙලා වගේ බලාන හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරිව වෙන්න ඇති . ඌ කියපු දේ ඇහුනේ නැත්තේ ටවුන් හොල් එක ලඟින් මට බහින්න වුන නිසා .


ප.ලි - ඔන්න අපේ රටේ මිනිස්සු‍න්ගේ විචාර බුද්ධියේ තරම . මොඩයො ඉන්නව තමයි . ඒත් මේ තරං.

ප.ප.ලි - බ්‍රිජට් කොන්වන්ට් එක ඉස්සරහා තමයි නෙළුම් පොකුණ රඟහල තියෙන්නේ ඈ.....................


66 comments:

  1. :P මේ ලංකාවනේ සහෝ ;)

    ReplyDelete
  2. හච්චෝ බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    ReplyDelete
    Replies
    1. ලේන්සුවක් ඔනෙයි මයේ අක්කා ...........

      Delete
  3. මරු ඩබලක්නේ ...

    ReplyDelete
  4. ආ ඒක ඉස්සරහද බ්‍රිජට් කොන්වන්ට් එක තියෙන්නෙ?? අද යි දැනගත්තෙ ඉස්තූතියි...

    ReplyDelete
    Replies
    1. හෙට ඉදන් ඉස්කෝලේ මුර වැඩේ බාරගනී වගේ

      Delete
  5. ඇයි බන් එකෙක් ලියලා තිබුනේ කොළඹ නගර සභාව පුරාම තල්මහගෙ ඇටකටුව හෙව්වා කියලා.

    ReplyDelete
    Replies
    1. හෙන ගහනවා .......... ඒක නම් මරුම කාටුන් එක වෙන්න ඇති බං

      Delete
  6. හකස්.... මම ඔය බස් එකේ හිටියනම් මට හයියෙන් හිනා යයි අෆ්ෆා..... :D :D

    ReplyDelete
    Replies
    1. දෙතුන් දෙනෙකුටම එහෙම උනා ..... ඒත් උන් දෙන්නා පව් ... ඇත්තටම පවු

      Delete
  7. මැවිල පෙනුන බං අපූරුයි..උන්දෙන්න යහතින් කොලඹින් ගියාද දන්නෑ නේ..!

    ReplyDelete
    Replies
    1. උන් දෙන්න කොළඹ වැඩට ආපු දෙන්නේක් වගේ තමයි හිටියේ .... ආපහු යාම ගැන නම් නෝ අයිඩියා

      Delete
  8. පිස්සු වලක්නේ...අල ගෝනියයි

    ReplyDelete
    Replies
    1. හැ .......... ඒ මොකෑ ඒ ''''''''''' :D :D

      Delete
  9. හි හි හී...අම්ම ගහයි ටින් එකෙන් ....
    ඇත්ත නේන්නම්...එතකොට බිල්ඩින් එකේ නම දාන්න අමතක වෙන්න ඇති.. :P

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලයක් ඕක දැකපු මට එහෙම හිතුනේ නෑනේ !!!!! මුට එක පාරටම හිතුනා ඒ පොකුණේ නම කියලා .... හෙන නිර්මානශීලී බුවෙක් :D :D

      Delete
  10. අඩෝ උඹලා කොළඹ කියලා ගමෙන් ආව උන්ට කෝචොක් දාන එක කැත වැඩේ ඈ. පලයල්ලකෝ ඩොටේ පලාතක උඹලටත් වෙන්නේ මොකද කියලා බලන්න. :P

    ReplyDelete
    Replies
    1. ආහ් ........... මෙන්න තවත් බායියෙක් ....:D :D:D :D:D :D හූ ඇ .....
      හැබැයි උඹේ කථාව ඇත්ත ....:D :D

      Delete
  11. ඇත්තනේ බං ඌ කියලා තියෙන්නේ... හි හි

    ReplyDelete
    Replies
    1. අනිවා ..........ඇත්ත .. අපි තමයි කෙලවගෙන් ඉන්නේ ... ඇත්තටම නම දාලා තියෙන්නේ ඒක වටේ තියෙන පොකුණට විතරයිනේ :D :D:D :D:D :D

      Delete
  12. ඇත්තනේ බං. පොකුණට නම දැම්මට ගොඩනැඟිල්ලට දාල නෑනේ.

    ReplyDelete
    Replies
    1. අපි තමයි වරද්දගෙන දඟලන්නේ !!!!

      Delete
  13. උගේ කතාවත් ඇත්ත බොල බලන් ගියාම :D

    ReplyDelete
  14. ඇත්ත යකෝ! හොඳ බුද්ධිමත් කොල්ලෝ දෙන්නෙක්!

    ReplyDelete
    Replies
    1. අපි නොදකින පැත්තක් උන් දැකලා තියෙනවා :D

      Delete
  15. පිස්සු ඩබල්..
    අලුතෙන් හිතන්න වෙනවා උගේ කතාව ගැන.. :D

    ReplyDelete
    Replies
    1. ඕක දැනුම් දෙන්න ඕනේ මහ රජතුමාට :D

      Delete
  16. ඉතින් බන් ඇත්ත නෙවැ උන් කියල තියෙන්නෙ.අම්මපල්ල මට ඕක හාංකවිසියක්වත් මතක් නොවුන හැටි.

    ReplyDelete
  17. ඔය හුඟ දෙනෙක් ඉන්නවා තමයි වටා පිටාවට කරදරයක් නොවෙන්නෙ පෞද්ගලික කතාවල් කරන්න අමාරු උන්. උන් ෆෝන් එකට ආන්සර් කරන කොටත් වටේ පිටේ උන්ට කරච්චලේ. ඕක සෙන්සර් අවුලක්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ++++++ ......... වට පිටාව ගැන ගානක්වත් නෑ ..... :D

      Delete
  18. පව් බං උන්. උඹට කියලා දීලම බහින්න තිබුනේ.

    ReplyDelete
    Replies
    1. කියලා දෙන්න ගියානම් තවත් හොද කථා ටිකක් අහගන්න තිබුනා.

      Delete
  19. හෙහ් අපරාදේ.. ඒකා ඒක තියෙන්නේ හම්බන්තොටම කියලා හිතාගෙන හිටියනම් ඉවරයි එක අතකට..

    ReplyDelete
    Replies
    1. එක අතකට ඔවු !!! එතකොට නම්බුව වත් බේරනවා !!!!

      Delete
  20. පවු හොද විචාර බුද්දියක් තියන කොල්ලෙක්නේ බොලන්,
    ඔහොම එවුවෝ ඉන්නේ ගම් වල තමයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි ............. ගමේ නුවණ :D :D

      Delete
  21. කොහොම වුනත් අලුත් විදිහකට හිතන කොල්ලෙක් :D

    ReplyDelete
    Replies
    1. හෙනම නිර්මාණශීලී බුවෙක් !

      Delete
  22. " මං හිතුවේ ඒක තියෙන්නේ හම්බන්තොට කියලා බං "
    මල්ලිලා බලන්නේ INT විතරයි මයේ හිතේ....

    දෙලොවක් අතර සිට

    ReplyDelete
    Replies
    1. වෙන්ටෑ වෙන්ටෑ ......... ඒක විතරද දන්නෑ ටියුන් වෙන්නේ

      Delete
  23. හපොයි... ඇත්තම ඇත්තද බං මේ... කාලයක් ඔය වාහිනී වල ඕක පට්ත ගැහුවනේ.. එච්චර වෙලත් මුන්ට ඕක ගැන දැනුමක් නැද්ද

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත බං ........... මං කල්පනා කලේ මුංනේ චන්දෙ දෙන්න යන්නේ කියලා

      Delete
  24. අඩේ සිරාවටම ඒ බිල්ඩින් එකේ නම මොකක්ද බං ?..හෙහ් හෙහ් හ්හ් !!!

    ReplyDelete
    Replies
    1. බොන්න ඔනේ ප්‍රශ්නයක් :D

      Delete
  25. කතාවේ ඇත්තක් නැත්තෙමත් නැද්ද මන්ද... :P

    ReplyDelete
    Replies
    1. මිනිහගේ කථාව ඇත්ත :D:D :D

      Delete
  26. හිකිස්!! ඒ උනත් පොරගේ කතාව ඇත්ත වගේ බං!! මොකක්ද සිංදුව උඹලා හදන??

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං .......... තවම හරි තීරණයක් නෑ සින්දුව ගැන !!! ඩී .... මොනව උනත් කොහොම හරි සින්දුවක් නම් එලියට දෙනවාමයි

      Delete
  27. වරදක් කියන්නත් බෑ... කත‍ාවෙත් ඇත්තක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කථාව මේකෙත් ලිව්වේ !!! මිනිහගේ කථාව ඇත්ත

      Delete
  28. බලන් ගියාම ඒකත් ඇත්ත බන්

    ReplyDelete
  29. හික්ස්...... බුද්ධිමත් මනුස්සයෙක්නේ.......මට ඕක කල්පනාවට ආවේ නෑනේ ඔය කියනකන්...... හී... හී....

    ReplyDelete
  30. එක අතකට උන්ගේ වරද්දකුත් නැහැ, ඒ නමනම් විකාරයක් තමි.

    ReplyDelete
  31. :) :) :) :) හි හි හි හි හි ////

    ReplyDelete
  32. කියලා වැඩක් නෑ ලංකාවනේ

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text