Social Icons

හොයමු බලමු

Thursday, December 20, 2012

දැන් වරෙව්කෝ රෙදි උස්සන් ....... මැගසින් ‍රෝඩ් නොහොත් පත්තිනි අම්මලාගේ කථාව..


රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් මැද්දෙන් අපි අපේ ගමනේ ........... කියෙව්වේ නැත්තං මෙන්න තියෙනවා පලවෙනි කොටස ........... කියවලාම ආව නං හොඳයි . මේ කොටසින් කථාව ඉවර වෙනවානේ ....
හිතේ ඇති තොපි සේරම පත්තිනි අම්මලා කියලා .... නොදකින් මූසල බැල්ලි .........





දෙයියන්ගේ පිහිටෙනුයි ඩ්‍රයි‍වර් අයියට පින්සිද්ද වෙන්නයි අපි මේ වෙනකොට බොරැල්ල Y.M.B.A එක ඉස්සරහට ඇවිල්ලා තිබුනේ ........ ,                     දහ දොලොස් දෙනෙක්ගේ කකුල් අතපය පාගගෙන අපි දෙන්න බස් එකෙන් බැහැගත්තේ අර ඇන්ටි තවත් මොනවා හරි කියන්න දෙයක් හිතාගන්න කලින් ....... 
                                        දසුනයා නම් තවත් මොනවා හරි දෙසන්න ඔනේ කියලා එතනම ඉන්නයි ගේම දුන්නේ. අන්තිමට කණ ලඟට කරලා සුද්ද සිංලලෙන් වචන දෙකතුනක්  කිව්වහම  බහින්න කැමති උනා .
Y.M.B.A  එක ඉස්සරහින් පාර එහා පැත්තේ තියෙන කිරිහලට දෙන්නත් එක්ක ගොඩවැදුනේ මොනවද ඉදිරි ප්ලෑන් කියලා කල්පනා කරන්න හිතාගෙන .
කූල් කිරි වීදුරු දෙකකුයි සොසේජස් බන් දෙකකුයි අරන් අපි දෙන්නා කඩේ තියන මේස දෙකෙන්, ‍එකකට සෙට් උනා .... දවල් නිසාද ‍කො‍හෙද මායි ඌයි හැරුනාම කඩේ හිටිනේ බඩු විකුනන අක්කා විතරයි .
" දැන් මොකද බං ‍කරන්නේ ? මම නං කියන්නේ අතඇරලා දාමු "

" අනේ මන්දා බං හිතා ගන්න බෑ......... කෙල්ලට රිදුනද දන්නේ නෑ නේද ? පවු බං ........ හිතලා නෙවෙයි .... වේදනාවටයි පාරක් ගැහුවේ "


" රිදුනද ????? යකෝ ඒකි විසි වෙලා ගියා ..... දැන් ඉතින් ඒ ගැන් හිතලා වැඩක් නෑ බං ගිය දේ ගියානේ !!!!! , ඔන්න ඔහේ ඕක අතඇරලා දාපන් එක කෙල්ලද බං ඉන්නේ ,උනුත් ඇවිත් 176 බස්එක වගේ තමයි එකක් ගියාම තවඑකක් එන්න විනාඩි පහක්වත් යන්නේ නෑ "

" කියන්න නම් ලේසී එත් කරන්න තියෙන අමාරුව දන්නේ මමනේ "
" අමාරුවෙන් හරි කරන්න වෙනවා , බීලා ඉවර නම් වරෙන් යමන් ගෙදර යං "
" මේවා බීලා හරියන්නේ නෑ බං ......... වරෙන් බාර් එක පැත්තේ ගිහින් යමු "

" ගොන් වස්සෝ ...ඒකි ගියා .... ආයේ එන්නේ නැ .... තෝ බිව්වා කියල එන්නේත් නෑ .... නිකන් ෆිල්ම් වල තියෙන ෆන් ගන්න යන්නේ නැතිව වරෙන්  යන්න ගෙදර "
බාර් කථාව මඟ ඇරවලා බොහෝම අමාරුවෙන් කොල්ලව ගෙදර එක්කන් ආපු මම අසාර්ථක දවසක අවසානය කියලා හිතාගෙන ආයෙත් ගෙදර යන්න ලෑස්ති වුනා .
" ඉදහං මාත් එනවා " දසුනයා ආයෙත් එන්න ලෑස්තිය 

" කොහොද ?  අපේ ගෙදරද "
" තොගෙ ගෙදර එන්න වරෙන්තු  ගන්න ඕනේනේ .. , මම මේ යන්න හදන්නේ බයික් එක අරන් එන්න "
" හ්ම් ........ හැබැයි පරිස්සමේන් කොල්ලෝ අරුන් තවම රැකගෙන ඉන්නවද දන්නේ නෑ ! "
  එහෙම කියාගෙන ගෙයින් එලියට බහිනකොටම දැකපු දර්ශ‍නයෙන් මගේ මුලු ඇඟම පණ නැති වෙලාගියා . හංසි නංගියයි අළුත් කොල්ලයි තවත් තිහක විතර ගැන්සියකුයි පාර දිගේ දසුනයාගේ ගෙවල් පැත්තට එනවා ..... 
                  කෙල්ල නම් බෑ බෑ කිය කිය කොල්ලගේ අතිනුත් ඇදගෙන අනිත් පැත්තට යන්න හැදුවට මොකද අරූ  කෙලගෙන එනවා . කෙල්ලගෙත් බොරුවද කොහෙද .... ගේමක් ඉල්ලන්න ඔනේ කමක් තිබුනේ නැත්තං කියන්න තිබුනේ දසුන්ගේ ගෙවල් තියෙන තැන දන්නේ නෑකියලානේ .
            ගෙදරින් එලියට එනකොටම අපි උන්ව දැක්ක වගේම උනුත් අපිව දැක්කා . හංසි කොල්ලගේ කණට ලංවෙලා මොනවද මිමිනුවා , ' 'අන්න  අරුන් දෙන්න තමයි' කියලා වෙන්න ඇති  කියෙන්න ඇත්තේ . එහෙම කිව්ව විතරයි  කට්ටියගේ ගමන වේගවත් උනා දැන් ඇවිදිනවට වඩා දුවනවා කියලා කිව්වොත් හරි .
" දසුන් ......වැඩ දෙල් වෙන්නයි යන්නේ කොල්ලො..... සාම සාකච්ජා නම් බැරිවෙයි වගේ "
" වරෙන්.. වරෙන්... මැගසින් රොඩ් එකට දුවමු !!!!!!!!! "
එහෙම කියාගෙනම මූ  දුවන් ගත්තේ මට කියන්න දෙයක් හිතා ගන්නවත් කලින් . අපි දුවනවා දැකපු අරුන්ටත් හෙන මොරාල් අප්විල්ලක් අප් උනා ... දැන් හරියට අර දෙමල ෆිල්ම් එකක් වගේ දෙන්නෙක්ගේ පස්සෙන් හතලිහක් පන්නන් එනවා  මහ දවාලේ .
                                 සුපර් මාකට් එක ලගින් තියෙන භූගත පදික මාරුව හරහා යන්න ගියොත් නම් වැඩ අල වෙන්න ඉඩ තියෙනවා ..... ඒ නිසා වැටෙන් පැනලා පාරට ආවා. 
වාහන යනවා ‍සින් සින් ගාලා , ඒ මදිවට ට්‍රැෆික් මාමෙක් අපිදෙන්ට කෑගහනවා පාරෙන් අයින් වෙයව් කියලා ........ 
" ආපහු හැරිලා යනවා කියන්නේ අරුන්ගෙන් කන්න වෙනවා කියන එකයි ... ගුට්කනවට වඩා සැපයි යකෝ පාරේ මැරෙනවා " 
                              පොලිස් මාමාගෙ කටට බයෙන්  පාර පනින එක නවත්තන්න හදපු දසුනයාට එහෙමම කියාගෙන මම පාර හරහා දුවන්න ගත්තා ... 
ක්‍රීස්................... පෑපෑපෑ පෑං .... කට්ටිය හෝ ගාලා හො‍න් ගහනවා   බ්‍රේක් ගහනවා ...... එක විකාරයයි ...බස් කා‍රයෝ දෙතුන් දෙනෙක් සිංහලෙන් බනිනනවත් ලාවට වගේ ඇහුනා .
කොහොමෙන් කොහොම හරි අපි දෙන්නම පණ පිටින් පාරෙන් එහා පැත්තේ. අපේ නරක ආදර්ශේ අර අපේ පස්සෙන් ආපු සෙට් එකත් එහෙම්මම අනුගමනය කලා .... අපි දෙන්න‍  දැන් බේස්ලයි පාර දිගේ මැගසින් බන්ධනාගාරේ පැත්තට දුවනවා . අපේ පස්සෙන් මීටර් 20ක් විතර ඈතින් අරුන් ටික මාරයෝ වගේ පන්නන් එනවා .මැගසින් රෝඩ් එක කියන්නේ තනිකරම චන්ඩින්ගෙන් වගේම පාතාලලෝකේ ලොක්කන්ගේ ගේම් සැරටම ප්ලෑන් වෙන  පාරක් , බොරැල්ලේ ඉස්කෝලෙකට ගියපු නිසාම මගෙත් කන්ටැක් ටිකක් තියෙනවා ඔය පාරේ ඉන්න බුවාලාත් එක්ක . රහෙම නොවෙන්න  මඟ මැරුනත් ඔය ගුබ්බෑයම අස්සේ රිංගන්නේ නෑ......... නෑ .........නෑමයි . බේස්ලයින් පාරේ තියෙන ළමා රෝහලට ඇතුල් වෙන ගේට්ටුවත් මැගසින් බන්ධනාගාරයත්  අතර තමයි ඔය පාර තියෙන්නේ .

" දුවපන් පුතේ තව ටිකයි ....... දිනෙල්ක .....නවතින්න නම් එපා .... "

මුට මොල් ද කොහෙද! මූ නැවතුනත් දුවන සයිස් එකටයි මම නම් හිටියේ ...තවත් විනාඩියක් ඇතුලත අපි දෙන්නා මැගසින් රෝඩ් එකේ .... 18 වත්තට හැ‍රිලා  කෙලින්ම රිංගුවේ .... හර්ශනයාගේ ගෙදරට ...
" හරිශනයෝ .......... වරෙන් .... වලියක් යකෝ ... තියෙන තියෙන දෙයක් අරන් වරෙන් ... හතලිහක් විතර එනවා "

එක පාරක් විතරක් කාමරෙන් එලියට ඔළුව දාපු හරිශනයා හයෙත් ගෙට දුවලා ගිහින් ටියුට් බල්බ් ,හොකීපිති , බයිසිකල් ‍ චේන් වගේ කෑලි බෑලි ටිකක් උස්සන් ආවා ...... දහ පාලොස් දෙනෙකුත් සෙට් කරගත්තා ... 
                                    මේසේරටම වෙලාව ලැබුනේ අපි රිංගුවේ මොන අස්සකටද කියන එක පන්නපු සෙට් එක නොදැන හිටපු එක . නැතත්තං විනාඩියක් වත් යන්න කලින් අපි දෙන්නා කනවා නස්ථාර් වෙන්න .
" හරි දැන් යමං ..... අද කෙලවනවා ඕකුන්ට ....." දසුනයා ‍පිපිරෙන්න ඔන්න මෙන්න .
" උන් යන්න ඇති බං  මැගසින් රෝඩ් ඇවිල්ලා මෙහෙ ඉන්න උන්ට ගහන්න තරං ලොකු උන් ඉන්නවද ? " ඒ හර්ශනගේ අදහස .... 
                          ඇත්තම කිව්වොත් ඒක වැරද්දක් නෑ .. මෙහෙ ඇවිල්ලා පුතාලට ගහල ගියොත් ඉතින් ඊළඟ දවසේ වලියට බහින්නේ තාත්තලා , නිකම්ම නෙවෙයි කඩු කිනිසි වලින් තමයි ගේමට එන්ටර් වෙන්නේ  වෙන්නේ .
මේ වෙලාවෙනම් අපිට හර්ශනයට උත්තර දෙන්න වුනේ නැත්තේ වත්තෙන් එලියට බහිනකොටම  රෝඩ් එකේ එහා පැත්තේ තිබුන කඩයක් අස්සෙන් බොහොම කලබලෙන් එලියට ආපු අරුන් සෙට් එක අපිව දැකපු නිසා . 
" ඔන්න ඉන්නවා ...... මට පේන්නේ ඔන් ලොකුයි වගේ ..... අපි කඩේක හැංගිලා කියලා හිතන්න ඇති ....... " 
අපේ කට්ටිය 15ක් විස්සක් විතර ඇති උන් එතන 50ක් විතර , දසුනයා දැකපු අළුත් පෙම්වතාට මාරයා ආවේස උනා වගේ. උන් ටික පාරට පැනලා අපේ පැත්තට දුවගෙන එන්න ගත්තා .
ඔන්න එතකොට  තමයි මගේ කේන්තිය ඇවිස්සුනේ .මේ ගොනාට ඔනේ තරං අවස්ථාව තිබුනා වලියකට නොයා අපිට දැක්කාම ගෙදර යන්න . යකෝ මේ වෙන කොහෙවත් නෙවෙයිනේ මැගසින් රෝඩ් එකනේ කියලා වත් හිතන්න තිබුනා .. පිටින් ඇවිත් ‍ගේම අදින උන් මේකෙන් එලියට යන්නේ ඇම්බියුලන්ස් වලින් .
කට්ටිය වැඩි උනාට උන් නිරායුදයි ... අපි සන්නද්දයි . මගේ අතේ තිබුන හොකී පිත්ත බර දාලා අල්ලා ගත්තේ තව තත්පර ගානකින් පටන් ගන්න යුද්දයට සූදානම් වෙන්න ....... උන් පාර පැන්න . ගේම පටන් ගත්තා ........උන් දෙතුන් දෙනෙකුට අපේ එකේක් විදිහටයි සෙට් උනේ ..... මාත් හතර අතේ කැරකි කැරකි අහුවෙන හැම එකාටම පිත්තෙන් සංග්‍රහකලා පාරවල් දෙකතුනක් වදින්න ඇති ඒත් ඒකිසිම දෙයක් දැනුනෙවත් නෑ , වලියක ඉදලා තියෙනව නම් එක එහෙමයි කියලා දන්නවා ඇතිනේ.

                                      කාගෙ කරුමෙකටද මන්දා , දසුන්ට සෙට් වෙන්න ඔනේ හංසිගේ අළුත් පෙම්වතාව වලියෙදි සෙට් උනෙ මට ..... අතින් පයින් විතරක් නෙවෙයි හොකී පිත්තක රහ බලන්නත් ඌට චාන්ස් එක ලැබුනා . මුලින්ම ආපු එකාගේ කකුල් දෙ‍කට වැදුන හොකී පිති පාර නං මට ජීවතේට අමතක වෙන්නේ නෑ ........ ඌ ගෙදර ගියේ කෝහෙමද දන්නේ නැ .
ටිකක් වෙලා යද්දි පලාතේ හිටපු ට්‍රීවිල් කාරයෙත් අපේ පැත්තට සහය දෙන්න ගේමට එන්ටර් උනේ ස්පැනර් ,17 ,16 අඬු එහෙමත් අරගෙනයි . විනාඩි පහක් විතර යනකොට ආපු ගැන්සියේ  බහුතරය  තැන් තැන් වල වැටිලා , අනිත් උන් දුවනවා , වීරයා වැටිලා හිටියේ මගේ ගාවමයි .......ඇහැගාවට උඩ   ටිකක් විතර ලේ ගලන්න පාරක් වැදිලා තිබුනා හැරෙන්න මට නම් ඒ හැටි අමාරුවක් නෑ ..........
" දිනෙල්ක ......... දුවපාන් ......... "  මෙහෙම කියපු දසුනයා මගේ ඉස්සරහින් හුළඟක් වගේ දුවලා ගියේ ඉස්සල්ලා අරුන් ටික පස්සෙන් පන්නනවටත් වඩාවේගෙන් . කාරනේ තේරුනේ පිටිපස්ස බලද්දීයි , බොරැල්ල පොලීසියෙන් ජීප් ‍තුනක් ඇවිත් සේරම පටවන්න පටන් අරන්.


                                    දවසේ දෙවනි පාරටත් මායි දසුනයයි දුවනවා ..... දෙන්නත් එක්ක ගිහින් නැවතුනේ නම නොදන්න වත්තක් අස්සේයි ...... 

පාරේ හයි කරපු ටැප් එකකින් මූණ හොදගෙන අපි දෙන්න විසිරුනේ අමතක වෙන්නේ නැති දවසකට ආයුබෝවන් කියනගමන්.
                                           දසුන් ගෙන් කන්න ඔනේ එකා ගුටිකෑවේ මගෙන් , ආරංචියේ විදිහට ඌගේ වම් අතේ මැණික් කටුව පුපුරන්න හොකී පිති පාර වැදිලා .දවස් ගානක් ඉස්පිරිතාලෙත්ඉදලා , කොල්ලා ගේ තාත්තා ලංකාවේ ප්‍රසිද්ද කෝටිපතියෙක් කියලා ආරංචි උනා. තමන්ගේ පුතාට කෙලවපු එකාව හෙයන්න දවස් ගානක් උගේ තාත්තයි පොලීසියයි දරපු උත්සහය වැරදුනේ මූ කිසිම දෙයක් පොලීසියට කිව්වේ නැති නිසා .
                                              ගහපු පාරට කෙල්ලව හම්බවෙලා සොරි කියන්න කියලා හිතාගෙන හිටපු දසුන් ඒ අදහස වගේම කෙල්ලවත් හිතේන් අයින්කරලා දැම්මේ වලියට  පස්සේ  පාරවල් වැදිලා ඉදිමුන මූණ හෝදලා දැම්මා වගේ හරි අමාරුවෙන් . සේරම දේවල් අමතක කරලා දාපු  දසුන් කුකරි කෝස් එකක් කලා.... ගිහ අවුරුද්දේ අන්තිම හරියේ මිනිහා කොහෙදෝ තිබුන තරඟයක් දිනලා ඇමරිකාවට ගියේ හේ වැ‍ඩ කරන්න . යන්ද දවස් දෙක තුනක් තියලා අන්තිමට සෙට් උන වෙලාවේ කිව්වෙ විදිහට කොල්ලා ආයේ ලංකාවට එන්න අදහසක් නෑ . කොච්චර අමතක කරන්න හැදුවත් ලංකාව පුරාම පිරිලා තියෙන හංසිගේ මතකය අමතක කරන්න පුලුවන් හොඳම විදිහ ඒකලු.
                                    අවුරුදු තුනකට කලින් සිද්දවෙච්ච මේ සිද්දියට සම්භන්ද කිසිම කෙනෙක් හිරේ ගියෙත් නෑ , වල පල්ලට ගියෙත් නෑ .  කාලයත් එක්ක මගේ  හිතෙනුත් මේ සිද්ධය වැලලිලා යන්න පටන් අරන් තිබුනට ගිය සතියේ අඟහරුවාදා දවසක නාවල ඕපන් යුනිවසිටි එක ගාවදි හම්බවුන අමුත්තෙක් නිසා ආයෙත් වතාවක් කථාව මුල ඉදලා මතක් උනා. 

                     ඒ වෙන කවුරුත් නෙවෙයි ඒදා මට කියලා අත කඩාගත්තු හාදයා .අපි මිනිහට රමේශ් කියලා කියමුකෝ  මගේ හිතේ කවදාවත් ඌගේ ගැන තරහක් තිබුනේ නෑනේ . එදා කලේ කරන්න ඔනේ දේ මිසක් හිතන් හිටපු දෙයක් නෙවෙයිනේ .... ඒ නිසා ඕනේ එකක් කියලා ගිහින් කථා කරන්න ඔනේ කියලා හිතුවා .
" හ්ම් හ්ම් ......... ඔබ තුමාට මාව මතකද දන්නේ නෑ " 

මගේ දිහාට හැරිලා ටිකක් වෙලා බලන් හිටපු කොල්ල කටකොනකින් හිනාවෙලා  කථා කරන්න ගත්තා .
" අත නං හොදවුනා .....  සෑහෙන කාලෙකින් නේද ??? කොහොමද  වාස දේසේ"

" මං හිතුවේ නෑ කථා කරයි කියලා .....  මට නම් අවුලක් නෑ ඉතින් ඩිගිරියක් කරන ගමන් ජීවත් වෙනවා , උඹ ??? "
" කථා නොකර ඉන්නේ මොකටද බං ...... එදා මගේ අතේ හොකී පිත්තක් තිබුනනං මාත් ‍කරන්නේ ඕක‍මනේ .... අනික ඒක වලියක්නේ බං...... පරණ කරහ හි‍තේ තිබ්බයි කියලා වැඩක් නෑනේ ... උඹ උනත් ඇවිත් කථා කරපු එක ලොකු දෙයක් , 
                                                මම දැන් ඕස්ට්‍රේලියාවේ බං  , තාත්තට පින් සිද්ද වෙන්න, එලෙවල් කරන ගමන්ම ෆයිවට් ඩිග්රියක් ගොඩ දැම්මා , දැන් එහේ බෑන්ක් එකක වැඩ , මේ නිවා‍ඩුවට ආපු ගමන් "  
" හංසිට මොකද උනේ ??? " එවෙලාවේ හිතේ තෙරපි තෙරපි තිබුන එකම ප්‍රශ්නේ මම අත ඇරලා දැම්මා .

" ආහ් ......... උඹලා දන්නේ නැත්ද !!!! අපි  මීට මාස හතකට කලින් බැන්දා බං .... දැන් කෙල්ල අම්ම කෙනෙක් වෙන්නයි ඉන්නේ "
ඒ කථාවනං මට අදහගන්න බැරිවුනා  ...... කෙල්ල බැන්දා ... අනික මේ කොල්ලත් මට වඩා බාලයි .
" සිරාවටමද ???? " මම එහෙම ඇහුවේ ඇත්තටම මට ඒ කථාව විස්වාස කරන්න බැරිඋන නිසායි.
" මොකටද බං බො‍රු කියන්නේ , කෙල්ලත් එහෙම තමයි ඉන්නේ "

" එහෙනං සුභ පැතුම් දෙන්නටම , හංසි මගෙත් එක්ක තරහයිද  දන්නේ නෑ නේද , කොල්ලට කරපු වැඩේට !!!!  කමන්නෑ , මතක් කලා කියලා කියහංකෝ "

" කෙල්ලට නං තාමත් තරහයි තමයි , දසුන් එක්ක තමයි වැඩි පුරම . මගේ අත කැඩුවේ දසුන් කියලායි හිතාගෙන ඉන්නේ , කෙල්ලොනේ බං ..... ගනන් ගන්න එපා  අපි වගේ අමතක කරන්න නෑ ,,, "

" එහෙනං මම යන්නං බං, කොච්චර කල් ඉන්නවද එහෙ ? "

" අපි අයේ එන්නේ නෑ බං , පී ආර් එක ගන්නවා , අවුරුදු පහක් ඉදලා , මෙහෙට වඩා එහෙ හොදයි , ළමයින්ට උනත් අවුලක් නෑ "

" උන්ට නං එහෙනං වලියක රහ  බලන්න වෙන එකක් නෑ ...... ඔන්න අපි ගියා , බුදු සරණයි මචෝ.... "

                                        දසුන් රට ගියා , ඌත් ආයේ එන්නේ නෑලු . හර්ශනයා....... අර අපිට වලියෙදි පිරිස් දායකත්වය දුන්න එකා , මිනිහා ගිය අවුරුද්දේ දවසක දුන්හිද ඇල්ල ලඟදි සෙල්ලමක් දාන්න ගිහින් ඒ ඇල්ලටම බිලිවුනා ඌත් ආයේ එන්නේ නෑ .... පෙම් යුවල රට ගියා , ඒ පුංචි පවුලට ලඟදිම අමුත්තෙකුත් එකතුවෙයි ........ උන් ආයේ එන්නෙත් නෑලු 
කථාව ඉවර උනා , කට්ටිය  විසිර ගියා . ඒ වෙන්වීම වෙන්වීමක්මයි වලියට සම්භන්ද  කීපදෙනා ආයේ කවදාවත් එකිනෙකා හම්බ වෙන එකක් නෑ .  වලියක් නිසා ජිවිතේට මුන ගැහුන අපූරු සතුරෝ  සෙට් එක වෙන් වෙලා ගියා . ලංකාවේ ඉතුරු වුනේ මං විතරයි  

97 comments:

  1. හම්මෝ ..මන් හිතුවේ එකෙක් මැරෙයි කියලා ,මදැයි ඔයින් ගියා ...සෑම හමුවීමක් ලඟම වෙනවීමක් තිබෙන බව කියන ධර්මතාවය ඔප්පුවෙලා තියෙන්නේ ඔය !
    :D

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ඉතින් .... ඒවා එහෙම තමයිලු !!!!

      Delete
  2. හි හි... මං හැමදාම ආපේ මහත්තයගෙන් ජොලියට වගේ අහන ප්‍රශ්නයක් තමයි ඔයා මං හින්දා වෙන කොල්ලෙක් එක්ක වලියක් දාගෙනම නැද්ද කියලා...

    එච්චර හරියක් වෙලත් ඒ කෙල්ලව බඳින්න තරම් විශ්වාස කරපු, ආදරේ කරපු මේ රමේශ් කොල්ලට දෙන්න ඕනේ මොන වගේ තෑග්ගක්ද කියලා මං මේ කල්පනා කරන්නේ..

    මං කිව්වා නේ දිනෙල්ක.. එක්කෙනෙක් කරන දේකින් හැමෝවම මනින්න බෑ කීයලා.. මෙතන කී දෙනෙක් කරයි කියලා හිතපු දේවල් නොකර ඉඳලා තියෙනවද.. තාමත් ඉන්නවාද.... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම පලවෙනි පෝස්ට් එකේ කොමෙන්ට් හැම එකකටම කියලා තිබ්බේ .... විනිශ්‍ය දෙන්න කලින් දෙවනි එක බලන්න කියලා .........

      Delete
    2. //එච්චර හරියක් වෙලත් ඒ කෙල්ලව බඳින්න තරම් විශ්වාස කරපු, ආදරේ කරපු මේ රමේශ් කොල්ලට දෙන්න ඕනේ මොන වගේ තෑග්ගක්ද කියලා මං මේ කල්පනා කරන්නේ.//

      දසුන්ව රවට්ටපු එකී රමේෂ්ව රවට්ටන්නෙ නැති වෙන්නෙ කොහොමද? අරූට බූට් එක තියන්නත් කලින් ලව් 2ක් කරපු එකී බැඳගත්තෙ අරූ....................

      තෑග්ග හම්බවේවි පවුල් කනකොට. කොහොමද හරියටම විස්වාස කරන්නෙ අත්තෙන් අත්තට පනින කිරිල්ලියො ගැන :(

      Delete
    3. දසුන්ට ආදරේ නොකළත් රමේශ්ට ඇත්තටම ආදරේ කරන්න ඇති කෙල්ල.. එහෙම නැත්තම් එච්චර කල් රමේශ්ගේ අත කඩපු එකේ තරහා හිතේ තියාගෙන ඉන්නේ නෑ නේ...

      එයා කරපු එක දේකින් එයාව සදහටම මනින්න යනවනං මට කියන්න තියෙන්නේ දසුන් කියන්නෙත් කිසිදාක සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා... හොයන්න බලන්නේ නැතුව එදා කරපු දේ හැටියට...

      Delete
    4. හැම වෙලේම දෙවනි ආදරේ පලවෙනි එකට වඩා වැඩීලුනේ ........

      Delete
    5. ඔතන ඉතිං දෙවනි කොල්ලා කෝටිපතියෙක්ගෙ ළමයෙක් වුන එකත් තියෙනවනෙ ;)

      මොනා වුනත් රමේශ් කියන එකා නම් එල බුවෙක්...

      Delete
    6. ඩෙපා ඩෙපා .........තිත් දෙකයි ඩී

      Delete
  3. අම්මෝ මුල හරිය නම් දෙමල ෆිල්ම් එකක් බැලුවා වගේ. ඔහොම උනා මදැයි. කාලය කියන්නේ ඕන ප්‍රශ්නෙකට හොද බෙහෙතක් තමයි :)

    ReplyDelete
    Replies
    1. කාලය මැව් වෙනසක අරුමේ .......... කිව්වලු

      Delete
    2. කාලය මැව් වෙනසක අරුමේ .............. කිව්වලු

      Delete
  4. පිස්සු හැදෙන කතාවක්නේ දිනා....!! ගතේ මවිල් ස්මයිල් වෙලා ඇඟ හිවුඩු දානවා බං ....දුන්හිඳ අල්ල ගාවා වෙච්ච කතන්දරේ මොකක්ද බං?

    ReplyDelete
    Replies
    1. දුන්හිඳ ඇල්ල බලන්න ගිහින් ඌ ගිලිලා මලා බං ...........

      Delete
  5. ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ......

    අපිනන් ඉස්කෝලේ යනකාලේ ඔය මදාවි වැඩ කරන්න ගියේ නෑ... ඉස්කෝලේ ඇරුනහම පේළියට පාරේ දකුණු පැත්තෙන් ගෙදර ගියා...

    මම බොරුවක් කිව්වනම් දිනේලකයට හෙන ගහන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. ඕනම දේ කියන්න අමතක උනා... අර දෙවනියට කෙල්ලට සෙට් වෙච්ච කොල්ල ඌ සිරා කොල්ලෙක් වෙන්න ඇති

      Delete
    2. නොදකින් විතරක් .............. ලොක විනාසේ අස්සේ මේකා කියන කථා වලට දත් සේරම පනුවෝ කන්න ඔනේ !!!!
      දෙවනි කොල්ලා සිරා වෙන්න ඇති ..... හරියටම දන්නේ නෑ .... වැඩි ආස්සරයක් නෑ නොවැ...... දෙන්නා බැන්දේ අපිට රිද්දන්හිතගෙනද දන්නේ නෑනේ

      Delete
  6. අන්තිමට මොකෙක් වත් නැහැ බන්..
    එච්චරයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත බං ........ උඹ තමයි හොදම කථාව කිව්වේ

      Delete
  7. රමේෂ් සිරා කොල්ලෙක්නේ..එයා එදා ඔයාලා කවුද කියල තාත්තට කිව්වනම් මේ වෙනකොට මොනවයින් මොනා වෙලා තියේවිද ඇත්තටම..??

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා .......... ඒ ගැන නම් හිතා ගන්න බෑ

      Delete
  8. මේ.... උඹ අර ගේට්ටුවට එනවද.....? පොලිස් ගාඩ් දාන්න....

    ReplyDelete
    Replies
    1. අපි නැතුව මොන ගෙට්ටුද බං ......... ඔනේ නං කියහං ... මම පො‍ලීසිය අරගෙනම ඒන්නම් ......... තිත් දෙකයි ඩී

      Delete
    2. අම්මපා මාතලන් අයියේ මමත් හිතුවේ ඔකමයි. එහෙනම් මම සපයන්නන් පොලිස් ගාඩ් කඑ ;පී

      Delete
    3. මං ඒතරං දරුණු නෑ බොලව් ............. ඩී

      Delete
  9. දැන් බලපන් අර ගිය පෝස්ටුවෙ දුෂ්ටයා වෙච්ච එකා මේ වතාවෙ වීරයා වෙලා. ඒ හින්දා කොලිවුඩ් ෆිල්ම් එකක් කියන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඔවුනේද ......... අනේ බං උඹයි මායි දන්න කොලිවුඩ් ...... තිත් දෙකයි ඩී.... ඒක නෙවෙයි බං ... උඹ බ්ලොග් ගෙට්ටුවට එනවද ?? උඹ බුකියෙන් හොයන්න බැලුවත් හරිගියේ නෑ ... බුකියේ නැද්ද

      Delete
    2. අපි නැති බුකි ලොවෙත් නෑ මල්ලී
      chinthaka tikiribandara කියලා ස්ර්ච් කරපන් .බුකියටම එකයි.

      Delete
  10. වලිකදි ගුටි නෙමෙයි බන් ලෝක විනාසයක් වුනත් දැනෙන්නෙ නෑ.... මෙච්චර කාලෙකට නම් කාටහරි ගහනව නම් ගැහුවෙ තනියම... හැබැයි කන එක නම් කාල තියෙනව ඇඩ්රස් නැති වෙන්නෙ... කට්ටිය වටවෙලා නෙලනව විතරයි මතක :)

    ReplyDelete
    Replies
    1. ඔය එන්නේ ඇත්ත එලියට ...... ඩී

      Delete
  11. මදෑ මමත් ඉදල ඉදල ඈවිත් තියෙන්නෙ ඈක්ශන් ෆිල්ම් එකක් බලන්නනෙ.... කොහොම වුනත් කතාවට ආස හිතුන..... පුලුවන් වෙලාවට ඈවිත් යන්න එන්නම්....

    ReplyDelete
    Replies
    1. කථාවක් නෙවෙයි ...... අද්දැකීමක් කිව්වොත් හරි ... බොහෝම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :D :D

      Delete
  12. වලියක් ගියපු ලව් ස්ටොරියක් හොඳින් අවසන් උනා ඇහුවමයි. හුඟක් එව්වල කෙල්ල තව වෙන එකෙක් යනවනේ. එලකිරි ස්ටොරිය :D

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවත් හොදින් ඉවර වෙනවා ඇති බං .... අපි හොයන්න යන්නේ නෑනේ ගැහුවට පස්සේ .... ඒකනේ කථාව ගැන අපි නොදන්නේ

      Delete
  13. ආදරය, දුක, වේදනාව, පළිගැනීම, සන්ත්‍රාසය රැගත් කතාවක්..

    Happy Ending! :)

    ReplyDelete
    Replies
    1. අප්පද බොල .......... ලියමුද කොල්ලෝ විචාරයක් :D :D :D

      Delete
  14. ඕං දෙකම කියෙව්වෙ දැං.

    ReplyDelete
    Replies
    1. දැන්වත් කියෙව්වනේ එහෙනං එච්චරයි ඉතින් .......... :D :D :D

      Delete
  15. අම්මපා සූ........ ගාල කිලිපොලා ගියා නෙව..!

    ReplyDelete
    Replies
    1. හැ ........... ඇයි බොල සූ........ගාන්නේ ..... :D :D :D :D

      Delete
  16. සිරා කතාව. කිව්වත් වගේ රමේෂ් එළ කොල්ලෙක්. ඒ වගේම බ්ලොග් එකලියන ස්ටයිල් එක හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ මෙන්න මම බලාගෙනම හිටපු කොමෙන්ටුවක් ඇවිත් ............. මගේ බ්ලොග් එක පටන් ගන්න ගුරු කරගත්තු බ්ලොග් කීපයෙන් එකක් තමයි බ්ලොග් ගඩොල් කියලා කියන්නේ .... බොහො‍ම සන්තෝසයි අයියලා සෙට් එකෙන් එකෙක් හරි මේ පැත්තට ගොඩවැදුනට .........
      අගය කිරීමට බොහෝම ස්තූති...

      Delete
  17. කථාව නම් ලොවෙත් එළ දිනෙල්ක අයියා. සිරාවට මාර මෙව්වා එකක් ආව වලිය ගැන ලියලා තියන විදිහෙන්.
    ඔන්න අද තමා මුලින්ම මෙහෙට වැඩියේ. පිළිවල නිසාම bookmark එකකුත් දාගත්තා ඕං.
    හැම ගෑනිම ඔහොම තමා. අහිංසක කොල්ලන්ව කන්න ඉන්න ජරා යක්කු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මලයා .......... සාදයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  18. අම්මප මං නම් අර හොකී පාර කෙලින්නෙ කෙල්ලට.. බූට් තියල වෙන කොල්ලෙක් එක්ක ගියාට කමක් නෑ. යකෝ මේකි මුං දෙන්නවම අන්දලනේ.

    ReplyDelete
    Replies
    1. හී හි .......... කෙල්ලොන්ගේ හැටිලුනේ ......... අපි නොදනී ඕවා ගැන

      Delete
  19. අඩෝ මම තාමත් කියන්නේ එදා දසුන් කර වැඩේ හරි කියල.අද එක බලල කියනවා අනිත් එකත් සාදාරනව හිතන එකෙක් කියල . උඹ හිතන්නේ දසුන් එදා අර කෙල්ලට නොගැහව්ව නම් ප්‍රශ්නේ මීට වැඩිය වෙනස් වෙන්න තිබුන.සමහර විට ආදරේ ඉල්ලගෙන පස්සේ යන තරමට.නැත්තන් කෙල්ලගෙන් පාලි ගන්න යන්න තිබුනා..අර පාරෙන් ඔක්කොම ඉවරයි නේ.හැම දේම හොදට ඉවර වෙලා.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඒගොල්ලෝ හූඟාක් කල් සතූට්න් ජීවත් උනාලු ........ඩී

      Delete
  20. සර්ව සාදාරන පෙම් කතාවක් සහ වලියක්.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙපා ......... ඒත් මම නම් හිතුවේ ඒදා අපි නැතිවෙන්න කයි කියලා ... ඒත් කෑවේ උන්

      Delete
  21. උඹ ලියන විදිහ හරිම රහයි , මම ඒකට ආසයි

    ReplyDelete
    Replies
    1. හෑ .......... ඇත්තද .... තැන්කූ කිව්වා අටමට

      Delete
  22. අප්පේ....උඹලත් මාර වලි නේ දාගන්නේ!

    ReplyDelete
    Replies
    1. මේ ඇවිල්ලා සාම්පල් එකක් විතරයි බං

      Delete
  23. ෆිල්ම් එකක් වගේනේ..හර්ෂණ නම් පව්.. :(

    ReplyDelete
    Replies
    1. පූරුවේ කරුම තමා ඉතින්

      Delete
  24. කතාව පට්ටයි මචෝ...එක දශමයක්වත් නොබලා ඉන්න හිතුනේ නෑ...පට්ට කතාව...සුපිරියටම ලියලා තියෙනවා...මටනම් මැවිලා පෙනුනා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ .......... එල ඈ

      Delete
  25. //කොල්ලා ගේ තාත්තා ලංකාවේ කෝටිපතියෙක්// හංසි ඇලිලම ඉදල තියෙන්නෙ "බර" ටම කියල තේරෙනව නේද දරුවනේ??කතාව සුපිරියටම ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කථෘවේ අන්තිමට ගන්න තියෙන්නේ ඕක තමයි ..... උඹ විතරද කොහෙද ඒක තේරුන් ගත්තේ .... කාටම හරි තේරෙය් කියන බලාපොරොත්තුවේන තමයි ඒක දැම්මේ

      Delete
  26. මේක කියෙව්වම මට කාටහරි ගහන්න හිතෙනවා බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් රජානේ ....... කාගෙන් කියලා බාධාවක්ද ...... කෙලලා ඇරපන් බං

      Delete
  27. nice end... good writing.... keep it up

    ReplyDelete
  28. නියමෙට ලියල තියනවා.පිවිසෙන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ......... පිවිසුනා පිවිසුනා

      Delete
  29. ටික දවසක් එන්න බැටරි වුනා මේ පැත්තෙ ලිපිය නම් ෆට්ට බං ආසාවෙන් කියෙව්වෙ (‍y)

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා ........ අවුලක් නෑ බං .... දැන් ඇවිත්‍ තියෙන්නේ ඔය

      Delete
  30. හයියෝ...මදැයි කොලා...අන්තිමේදි උඹ පොර වුණාද..? :P
    අරුන් දෙන්න බඳින්න ඇත්තෙ නම් sure එකටම තොපිට අඬවන්න හිතාගෙන තමයි...
    පට්ට story ය බං...

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් පොරවල් තමයි ඩෝ ........ තිත් දෙකයි ඩී ..... මටත් හිතුනේ අපිට පේන්නද දන්නේනෑ බැන්දේ කියලා ... ඒත් බං මොකාද කියහංකෝ තමන්ගේ ජීවතේ වැදගත්ම තීරණයක් වෙන එකෙක්ට පේන්න ගන්නේ .... එ නිසා මං ඒ අදහස අතඇරලා දැම්මා

      Delete
  31. අවසානය හරිය මට නිකන් ඇඩෙන්න එනවා බන්.සිරා කතාව මේක ඇත්තටම වුන එකක්ද?

    ReplyDelete
    Replies
    1. අඩපන් අඩපන් ......... ඩී

      ඇත්ත තමයි බං

      Delete
  32. අම්මට සිරි..... නින්දක් දාන්න කියල හිටියේ... මේක කියවල නිදිමටට් නැටි උන... දෙකම කියෙව්වේ දැන්.. ඊත් අන්තිමට මම බලාපොරොත්තු උනේ කෙල්ල උඋටත් බූට් පාර ටියි කියල..... මම හිටන්නේ කොල්ල සල්ලි කරය නිසා වෙන්න ඇති.. කෙල්ලොනම් ඉතින් ඔහොමමනේ...

    ReplyDelete
    Replies
    1. ගෑණු කවද්ද හිතේන දේ කලේ ........තිත් දෙකයි ඩී

      Delete
  33. හරිම ත්‍රාසජනකයි බන් :)ඔයා කොයි හොස්පිට්ල් එකේද නැවතුනේ ඊට පස්සේ ඒ ගැනත් කියහන්

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න ........ එහෙම වෙන්නේ උඹෙ කොල්ලා වලිවලට ගියාම තමයි අක්කේ ........ හූ ඇ ....
      තිත්‍ දෙකයි ඩී

      Delete
  34. අඩෝ මං දාන පලවෙනි කමෙන්ට් එක.කතා දෙකම කියෙව්වා.. නියමෙට ලියල තියනව මචං උඹ.. කුතුහලය කියන දේ කතාවෙ අන්තිමට යනකම්ම තිබුනා.. කතාව ඉවර උනු විදියත් හොදයි.. හංසි කියන චරිතෙ මගෙ ජීවිතෙත් එක කෙල්ලෙක් රඟ පෑවා. මට ඉතිං වලි බෑ.. දුකයි මතකයනුයි ඉතිරි කරගෙන පැත්තකට උනා..

    ReplyDelete
    Replies
    1. කිව්වා නං අපි එනවනේ වලියට ......... ඩී
      සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  35. හප්පේ ෆිල්ම් එකක් බැලුවා වගේ. :o
    ඔය තරමින් ඉවර වුනා මදැයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ........... තිත් දෙකයි ඩී

      Delete
  36. වලි සීන් නම් හොඳටම මවන්න පුලුවන්...හෙහෙහෙ...සුබ පතනවා.වලි දාගන්න නම් එපා හොඳේ..

    ReplyDelete
    Replies
    1. වලි සහ මගේ අතරේ මොකද්දෝ ආත්මීය බැදීමක් තියෙනවා බං .... මං නොගියත් මාව හොයාගෙන එනවනේ ........ මේක ඇත්ත කථාවක් හොදේ

      Delete
    2. හෑ.... මලු කෙනා කියන්නෙ වලි ඩාගන්නෙපා කීල.......:O

      Delete
  37. වලි සීන් එක නම් නියමෙට හිතේ මැවුණා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ........... තිත් දෙකයි ඩී

      Delete
  38. මචෝ මේ කතාව එනකන් මං ඇගිලි ගැන ගැන හිටියේ බන්.. එකෙන්ම මරු දොරේ...

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ .........මචෝ ........

      Delete
  39. කථාව ඉවර උනා , කට්ටිය විසිර ගියා.
    දිනෙල්ක, අපි පොඩි කාලෙත් වලි හොයාගෙන යන ගතියක් තිබ්බා. හොඳට ගහගත්තත් ඒක එතනින් ඉවර වුනා. නමුත් අද ඒක එතනින් නතර වෙන්නෙ නෑ නේද? ඒක සමහරවිට නතර වෙන්නෙ මිනී මැරුමකින්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අබුද්දස්ස කාලෙනේ බං ......... මොනවා කරන්නද

      Delete
  40. amboo ubalatath maru seen thamai wela tiyenne..
    Aththatama danna kiyana kenek apen athata yanawa kiyanne loku dukak..

    Hitha yata hangichcha akamathi mathakayan nawatha nawatha matak kara kara innawa kynnet loku dukak..

    Niyama kathawa..
    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මචෝ ......... සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  41. හෙහේ..නියම කතාව..වලි නම් මට බෑ. සහයෝගෙන් ඉන්න බලාගෙන ඔන්න එකතු වුනා විලක්කුවටත් දිගටම ඉන්න බලන්.

    ReplyDelete
    Replies
    1. එල එල ........අවුලක් නං කියහංකෝ අපි එන්නම් .........තිත් දෙකයි ඩී

      Delete
  42. අ‍ඩෝ.......... මං මේ සීන් එක දන්නවා......... මීට අවුරැදු 3 විතර කලින් උබ මට ඔක කිවුව බං.... මං හිතුවෙ පට්ටපල් කෙබ්බයක් කියල.................

    ReplyDelete
  43. Yakado oya waliyata wenna mamath awa
    attatama me e waliyamada????

    ReplyDelete
  44. අඩෝ ඒ ලෙවෙල් කාලේ මතක් වුනා බන් රොටරිය ඉස්සරහා චිත්ත සිං වලටම කොච්චර ගහගෙන ඇත්ද දැන් කොච්චර තරහා ගියත් ගහන්න කලින් සැහෙන්න හිතලා කේන්තිය අඩු කරගන්නවා ඒ දවස් වල හිත හිත ඉන්නේ නැ ටි ෂර්ට් එකෙන් අල්ලන මුනට අත පුරවලා ඇන ගෙන ඇන ගෙන යනවා

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text