Social Icons

හොයමු බලමු

Tuesday, April 16, 2013

සිත්තරෙකුගේ අවුරුදු සැමරුම ................. ( හිරකරුවෝ මනුශ්‍යයෝ ද ? )



        
                    දවසේ වැඩිම වෙලාවක් කට කපලා වාහන පිරිලා තිබුනට මොකද හවස 5.30 න් විතර පස්සේ බෙස්ලයින් පාරේ බො‍රැල්ල  Y.M.B.A එක හරිය , දන්න කියන මිනිස්සුන්ට අමුතුම විදිහේ නිස්කලංක බවක් දෙන තැනක් බවට පත්වෙනවා .
                                   මුලු ජීවිත කාලෙම හරි  ජීවිතෙන් වැඩි කොටසක් හරි , කොළඹ ඉන්න ලොකු ලොකු නෝනලා මහත්තුරු සැප ගන්න යන ජාතියේ ගමක ජීවත් වෙච්ච කෙනෙකුට නං ඒ වෙලාවෙත් මම ඔය කියපු තැන මහ ලොකු වෙනසක් දැනෙන එකක් නැති උනාට ටවුමේ ජීවිතේට හැඩ ගැහිච්ච කෙනෙකුට නං ඒ වෙලාවේ එතන තියෙන වෙනස ඇඟට දැනෙන එක ශුවර් .
                                තද රතු පාටට ගිනි බෝලයක් වගේ ඉර බැහැල යනවා බලන්න මුහුදු වෙරලකට යන්න ඔනේම නෑ ....... මාර්තු අප්‍රේල් මාස වලදී Y.M.B.A එක ඉස්සරහට ඇවිත් හිටියාම , ඇතුල් වීමේ දොර ගාව හදලා තියෙන හිදි පිලිමෙ පිටිපස්සෙන් හරි අපූරුවට ඉර බහිනවා බලන්න පුලුවන් . 
                                 බුදු පිලිමෙත් එක්කම පටන් ගන්න අතුරු පාරේ පිලිමෙට හෙවන දෙන්න වගේ ලොකුවට හැදිලා තියෙන රෑස්ස ගහත් , බැහැගෙන යන ඉරෙන් පෙරිලා එන එලියත් එක්ක  ලාවට හමාගෙන එන හුළඟට එතනම ඉස්සරහා වවලා තියෙන ෆාම් ගස් හෙලවෙනකොට මැවෙන්නේ අමුතුම විදිහේ රටාවක් .
                                            ඉස්කෝලේ  අවුරුදු  නිවාඩුව දෙන්න තව තියෙන්නේ දවස් හතරක් පහක් විතර පොඩි කාලයක් .පලවෙනි වාරෙට කරන්න  තියෙන පාඩනුත් ඉවරයි ...........වාර විභාග ඉවරයි ....... ලකුණු දීලත් ඉවරයි .... පන්තියේ එක දෙක තුන තෝරලත් ඉවරයි ........ ලකුණු අඩු විශයන් ගැන මතක් කරලා ගෙදරින් බැනුං අහලත් ඉවරයි . කොටින්ම කිව්වොත් කරාතේ ප්‍රැක්ටිස් නොවෙන්නට නිවාඩු දෙන දවස වෙනකං ඉස්කෝලේ යන්න කිසිම විදිහක උවමනාවක් තිබුනේ නෑ . 
                                                  ඉස්කෝලේ ඉවර වෙලා 2.30ට විතර පටං  ගන්න පුහුණු වීම් ඉවර වෙනකොට හවස 5.30ට විතර වෙන එක සාමාන්‍ය දෙයක් . ඒවගේම තමයි පුහුණු වීම් ඉවරවෙන හැම වෙලාවෙම අපි හැම එකෙකුටම කෙලින් ඉන්න බැරි තරමට  ඩල් වෙලා ඉන්න එකත් සාමාන්‍ය දෙයක් .... 
                                      කකුල් දෙක අත්දෙකින් උස්ස උස්ස ඇවිදගෙන බස් හෝල්ට් එකට ඇවිත් , වෙනදට දූවිලි පොදක් වදින්න දෙන්නේ නැති බෑග් කට්ට  Y.M.B.A  එකේ පඩි පෙල උඩට අත ඇරලා , සුදු කලිසමට හෙන ගහපුදෙන් කියලා හිතාගෙන ඒ පඩි පෙල උඩම ඉදගෙන බස් එකකට මග බලාගෙ ඉන්න එක අපි හැම අඟහරුවාදම පුරුද්දක් විදිහට කරනවා . අපි කියලා කිව්වම මොකද ඔතන ඉන්නේ මං විතරයි , අනිත් උන් සේරම බස් එකට නගින්න පාරෙන් එහා පැත්තට යනවා . 
             වැඩ ඇරිලා ගෙදර යන කීපදෙනෙකුත් , පාට ‍තුනේ පූස් පැටව් පස් දෙනෙකුට මල් පඳුරු අස්සේ හැංගිලා කිරි පොවන පූස් අම්මෙකුත් ඇරුනාම එදා Y.M.B.A  එක ගාව බස් එකට නගින්න වෙන කවුරුත් හිටියේ නෑ. 
" මහත්තයා තේ එකක් බොන්න කීයක් හරි ගන්න බැයිද ? " ටිකක් දුරින් වෙන්න  කොනකට වෙලා බස්‍ එකක් එනකං  හිටපු අංකල් කෙනෙක්ගෙන් අතපය හතරම හොඳටම තියෙන ඒත් කෙඩෑරි වෙලාගියපු ඇඟක් තියෙන් මිනිහෙක් අහන සද්දේ , පාං කියාගන්නවත් බැරිව  පැත්තක වැටිලා හිටිය මට ඇහුනේ පාරේ මහ හුඟක් වාහන තිබුනේ නැති නිසා වෙන්න ඇති . 
මිනිහා තාමත් බලාගෙන , ඒත්  අංකල්ගෙන් නෝ රිප්ලයි .
වැඩේ හරියන්නේ නැති බව තේරුන නිසා වෙන්න ඇති මිනිහා එතනම එහා පැත්තේ හිටපු ඇන්ටි කෙනෙකුට හැරුනා .
" නෝනා ......... අවුරුද්දට දානයක් දුන්නා කියලා හිතාගෙන කීයක් හරි දෙන්න පුලුවන්ද ...... දවසටම මොනවත් කෑවෙ නෑ .... කෑවනං මෙහෙම ඉල්ලන්නෙත් නෑ " මිනිහා අඞන්න වගේ . ඇන්ටිගෙන් 10ක් හම්බවුනා . තව ‍එතන හිටපු දෙතුන් දෙනෙකුටම කථා කරල මිනිහා ඇදුනේ මං ඉදං හිටපු තැනට .......... 
නොදෝමකිං ...........දැං හරි මගෙනුත් ඉල්ලයි....  අතපය හතර තියාගෙන හිඟාකන උන්ව මට පේන්න බෑ .....එහෙම උන් රටට ණයයි . පාං කියාගන්න බැරුව ඉන්න අස්සෙ මගෙන් ජෑම් ඉල්ලන්න එන මුගේ ජාතිය අමතන්න හිතාගෙන කට උල් කරන් හිටියට මොකද ටිකක් වෙලා මගේ දිහා බලං ඉදලා මූ අනිත් පැත්ත හැරුනා........
අයියෝ සල්ලි ...... මගේ බලා පොරොත්තු සේරම ඉවරයි , මූ මගෙන් ඉල්ලුවේ නෑ ...........ඒ වෙනුවට පාරෙන් එහා පැත්තේ රතිංඤ්ඤායි අනං මනනුයි විකුනන කඩෙයක් ගාව  ප්‍රාඩෝ එකකින් බැහැලා අහස් කූරු බන්ඩලක් ගන්න මිනිහෙක් දිහා බලාගෙන හිටියා .....
                           ටික වෙලාවකිං   ප්‍රාඩෝ එක යන්න ගියා අර මිනිහත් අනිත් පැත්ත හැරිලා මං ඉදන් හිටපු පඩියට පහලින් තියෙන පඩියේ ඉද ගත්තා .
" දැක්ක නේද මල්ලි .......... " මූ මට කථා කලා 
" මොනවද ? "
" අර කාර් කාරයා සල්ලි පිච්චුවා "
" මොන ? "
" අර අහස් කූරු ගත්තේ , උන් අපි වගේ එකෙක් ඉල්ලුවොත් තමයි නෑ කියන්නේ  ............... ඒත්  අවුරුද්දට  පුච්චන්න නං ඕනේ තරං සල්ලි "
" ඒක ඉතිං ඒ මිනිහාගේ සතුටනේ , අනික මොන එකකටද ඔයා උගෙං සල්ලි ඉල්ලන්නේ . ඔය අත පය හොඳට තියෙන්නේ " මං එහෙම කිව්වේ ලාවට හිනාවෙන ගමං . මිනිහා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා .
" මල්ලි දන්නවද , කිසිම මිනිහෙක් කැමති නෑ අනුංගේ ලඟට ගිහිං අතපාන්න ........ අර කොනේ ඉන්න මහත්තයා මට සත පහක් නොදී අහක බැලුවාම , මට මොන තරං ලැජ්ජා හිතුනාද කියලා දන්නවද ....... ඒත් මං ඒක ගනං ගන්නේ නැතුව ඊලග එක්කනා ගාවට ගියේ ඇත්තටම  ඊයේ  උදේ හිරෙන් එලියට එනකොට දීපු සල්ලි සතේට ඉවර වෙලා තිබුන නිසා , අද දවසටම මං මොනවත් කෑවෙ නැති නිසා ..... "
" හිරේ ............. ?????? " අන්න ඒ වෙලාවෙනං උඩ ගියේ මාව , ලොල් ටෝක දුන්නේ වැරදි පොරකටද දන්නේ නෑ ......... ඇඟටත් පන නැතුව ඉන්න අස්සේ අවුලක් ගියොත් එහෙම බටගොල්ලෙ යන්න වෙන්නේ පෙට්ටියකින් තමයි .
" ඔවු ඔවු .............. දැං බය හිතුනද ? "
" කාටද ? " මොනව උනත් කෙලිං ඉන්න එපායැ .
" නැත්තං කමක් නෑ  !!!! මහ ලොකුවට ගහලා තියෙනවා හිරකරුවෝ මනුශ්‍යයෝය කියලා , ඒ උනාට හිරේ ගිහිං තියෙනවා කිව්වාම මෙලෝ යකෙක් ගනං ගන්නේනෑ ........ 
 ඊයේ හිරෙන් එලියට ආවාම කල්පනා  කලේ ආයේ ඇතුලට යන්න කලින්  මොනවද දැං කරන්නේ කියලා "
" ආයේ ඇතුලට යන්න හිතාගෙනද ඉන්නේ " 
" කොහොමත් යන්න වෙනවා ......... මං මුලිංම හිරේ ගියේ 92 අවුරුද්දේ , කුඩු ගහලා . මාස හයක් ඇතුලේ සතියක් එලියේ ...... දිගටම චක්කරේ වගේ ගියේ ඔය වගේ තමයි  . ඒක නවත්ත ගන්න බෑ ඒ හින්දා තව සතියකින් දෙකකින් ආයෙත් පොලීසියෙන් අල්ලං යයි "
" අම්මට සිරි ..........!!!! " ඉක්මනට බස් එකක් එන්නේ නැති හැටියක් .
" ඊයේ එලියට අවේ ආයේ නොයා ඉන්න හිතාගෙන , හොඳ මිනිහෙක් වෙන්න හිතලා ...........ඇවිල්ලා   බැනර් අඳින මුදලාලි කෙනෙක් ගාවට ගිහිං කරන්න වැඩක් ඉල්ලුවා "
" ඇයි බැනර්ම ??? " කථාවක් කියන්න යන නිසාද කොහෙද මටත් නිකං ටිකක් විතර ඉන්ට්‍රස්ට් ගතියක් ආවා .
" මට පිහිටලා තියෙන්නේ චිත්‍ර කර්මේ මල්ලි .......... පුලුවන් දෙයිං ඉස්සරහට යනවා කියලා තමයි ගියේ . චිත්‍ර පටියකට කටවුට් එකක් අදින්නයි හම්බවුනේ . මේ දවස්වල ඩිජිටල් ප්‍රින්ටිං වැඩී තමයි ඒත් සමහරු තාම චිත්‍රෙන් කටවුට් ගහනවා "
" ඉතිං "
" ටිකක් ඇඳන් යද්‍දි දීපු තීන්ත ඉවරයි , හවස් වෙලා නිසා ඔෆිස් එකේ කට්ටියත් නෑ !!! ඉතිං හිරෙන් එලියට එදිද දෙන සල්ලි වලින් තීන්ත ගත්තා .අරන් අද උදේ වෙද්දි වැඩේ ඉවරයි . වෙන මිනිහෙක් නං සතියක් හමාරක් ගනී ....... මං එක දවසිං ඉවරයි " ඒ ටික කියද්දි මිනිහගේ මූනට අමුතුම එලියක් වැටුනා .
" ඉතිං මොකද උනේ ? " 
" උදේම මුදලාලි ආවා ............. කටවුට් එක දැක්කම මිනිහගේ ඇස් උඩ ගියා මල්ලි ........ ඒත් ඒක වචනෙං පෙන්නුවේ නෑ .......... ඒතැන  වැරදී මෙතැන වැරදී .... අරකයි මේකයි කියලා තීන්ත වලට මගෙන් ගියපු ගාන දෙන්නෙ නෑ කිව්වා විතරක් නෙවෙයි 3000කට පොරෝන්දු වෙච්ච එක 1500යි දෙන්නේ කිව්වා ...... මං ඌට දෙකක් කියලා බලාගෙන ඉන්න තැනම බැනර් එකට චූ කරලා  බැස්සා එලියට ......
                                  අතේ සතයක් නැති එකෙක් විදිහට  කන්න බොන්නවත් නැතුව කරගැහුවා . වතුර ටිකක් බොන්න හෝටලේකට ගිහිම බනිනවා ගිහින් නාගෙන ඇවිත්  වතුර බීපං කියලා ...... අන්තිමට කාගෙන් හරි ඉල්ලනවා කියන තැනට ආවා ...... මොනවා කරන්නද  !               
                                                             ඉස්කෝලෙ ඇරිලා ගෙදරයන කොල්ලෙක් ගෙන් කීයක් වත් ඉල්ලන් බැරි නිසයි මං මල්ලිට කරදර කලේ නැත්තේ . ඒත් මල්ලියේ උඹ ඉගනගෙන ලොකු තැනකට ගියොත් අපි වගේ උන්ට උර වගේ සලකන්න එපා  " මට කියාගන්න දෙයක් හිතා ගන්න බැරි උනා .බනින්න කට උල් කරං හිටපු මට මොනවත් හිතෙන්නෙ නැති තැනටම ආවා .                                                            
                  ඇත්තටම හිර කාරයොන්ට මනුස්සයෝ විදිහට අපි සලකනවද . 
හිරෙන් එලියට ආපු එකෙක් දිහා නිවැරදි මිනිහෙක් දිහා බලන විදිහට අපි බලනවද ? හිතන්න දෙයක් .







ප.ලි -  එදා හම්බවුන චිත්‍ර ශිල්පියා කවුද කියන එක ගැන පසු විපරමක් කරන් ඔනේ කියලා මට හිතුනේ ඒ සිද්දිය වෙලා මාස 3ක් විතර ගියාමයි . හොයාගත්ත තොරතුරු වැලිකඩ බන්ධනාගාරේ ඉන්න බොහොම ප්‍රසිද්ද හිරකාරයෙක් එක්ක හුඟක් දුරට ගැලපුනා . 
ඒත් හරියටම නොදන්න නිසා මං නම කියන්න යන්නේ නෑ . ඒ ශිල්පියා වැලිකඩ හිරගෙදර ඇතුලේ ඇඳපු බොහොම ප්‍රසිද්ද වෙච්ච චිත්‍ර ටිකක් පෙන්නන්නං ........ ශිල්පියාව අඳුරගනී කියලා හිතනවා.  පොස්ට් එක පටන් ගන්න තැන තියෙන්නෙත් එයා ඇඳල තියෙන බොහොම ප්‍රසිද්ද චිත්‍රයක් .











27 comments:

  1. පුදුම හැකියාවක්නේ... :O

    ReplyDelete
  2. ඇත්ත බං...අපි කොච්චර කිව්වත් උන්ට ගරහන එකයි කරන්නේ...
    මේ තියෙන්නේ බං මට හිරකාරයෙක් හම්බවෙලා උන කතාවක්.. ඌ චිත්‍ර නම් අදින්නේ නෑ! හැබැයි මිට ලඟින් යන කතාවක්!

    ReplyDelete
  3. Me inne art suda.aththata supiri weddek.

    ReplyDelete
    Replies
    1. ඔවු නියම වැඩ්ඩෙක්

      Delete
  4. උබට හම්බඋනේ සුදාද බං??????????
    ආට් සුදා තමා අර අම්මගේ රූපේ ඇදලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ආරංචියේ විදිහට ඌ තමයි

      Delete
  5. හ්ම්ම්ම්ම් මොනා කියන්න්ද මංදා..

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද බං

      Delete
  6. මේ කට්ටිය ගැන පහුගිය දවසක සති අන්ත පුවත්පතකත් කියෙව්වා වගේ මතකයි... හ්ම්ම්.. :/

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට මෙයාලට සලකන්නේ පත්තර වලින් විතරයි

      Delete
  7. " ඇත්තටම හිර කාරයොන්ට මනුස්සයෝ විදිහට අපි සලකනවද .
    හිරෙන් එලියට ආපු එකෙක් දිහා නිවැරදි මිනිහෙක් දිහා බලන විදිහට අපි බලනවද?"
    යම්තාක් දුරකට හරි හැදිල හිරෙන් එලියට එන මිනිහෙක් ආයෙත් වැරදි කාරයෙක් වෙන්නෙ මෙන්න මේ නිසයි. කවදා මේව සමාජය තේරුම් ගනීද?

    ReplyDelete
    Replies
    1. තේරුං ගන්න එකක් නෑ මං හිතන්නේ ......... හිතන විදිය වෙනස් කරන්න ‍බොහෝම අමාරුයිනේ

      Delete
  8. සුපිරි කලාකාරයෙක් මචං..සිරකරුවොත් මනුෂ්‍යයෝය හැබැයි සමහරු පමණක්

    ReplyDelete
  9. ඇති යන්තම්......

    ReplyDelete
    Replies
    1. හී හී හී ............... මැරියං ......... දානකං වද දුන්නා

      Delete
  10. පව් නෙහ් බන් අපි මිනිස්සුන්ගේ අභ්‍යන්තරේ ගැන හිතනවා අඩුයි!

    ReplyDelete
    Replies
    1. අඩුයි නෙවෙයි බං ............. අපි හිතන්නෙම නෑ

      Delete
  11. නියම වැඩ කාරයෙක්.. මාත් ඔය චිත්‍රේ ඇන්ද කෙනා ගැන ටිකක් විස්තර අහලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. වැඩකාරයෙක්දත් අහනවා

      Delete
  12. ඇත්තටම වෙලාවටම දිනෙල්කත් එතනම හිටිය නිසා අපිට මේ කතාව කියවන්න ලැබුනා. නැතිනම් මම අහලා තිබ්බේ නෑ ඔය චරිතේ ගැන.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි සන්තෝසයි එහෙම දෙයක් කියලා දෙන්න ලැබීම ගැන

      Delete
  13. වැලිකඩ බන්ධනාගාරය ලගින් යද්දි ඔය උඩම තියන චිත්‍රය දැක්කම මට අමුතුම හැගීමක් එනවා.. ඒක දිහා මම බලන්නෙ හරි ආසාවෙන්... මේ විදිහෙ විස්තර දැන්ගත්තෙ නම් අද...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් දැන් දන්නවනේ විස්තරේ

      Delete
  14. අඩේ මේ ආට් සුදා නේද? මූ මැරුණයි කියලා පත්තරේක තිබ්බා.

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text