එදා පරිසරය
පළවෙනි කොටසට මෙතනින්
මැදියම් රැයේ හමුවූ බෝදිලමා ( සාමන්‍යයෙන් ඔබ්බට ගිය සිදුවීම් දාමය )
පට්ටිපොළට හිරු බැස යන්නේ එතෙක් පැවතියාවූ සොඳුරු පරිසරය මුලුමුනින්ම වෙනස් කරමිනි .සොඳුරු දසුන් එකවනම මිහිදුමත් සමඟ ගලා එන්නාවූ අඳුරින් වැසීයයි .
මධ්‍යාහනට පසු එකවනම රාත්‍රිය උදාවීම පට්ටිපොල ප්‍රදේශයට වසරේ එක කාර්තුවදී මුහුණදීමට සිදුවන්නාවූ ස්වාභාවික සිද්ධීයකි . අප කඳවුරු බැඳි ඒ මාසයද , පෙරකී කාර්තුවට අයත්වූවකි . පට්ටිපොල පතනයේ ලඳුකැලෑ අතරින් මිනිස් ඇසින් වෙන්වී ගිය සොඳුරු දිය ඇල්ලක් සොයා යන ගමනක අපි නිරතවී සිටියෙමු . දින දෙකක් ගතකොට දිය ඇල්ලවෙත ලඟාවීමටද අනතුරුව එලඹෙන දින දෙක යලි පැමිනීමටද යොදාගත් අතිවෙහෙසකර ව්‍යායමයක දෙවන දිනයේ දිය ඇල්ල අද්දර කඳවුරු බැඳගැනීමට අපට හැකිවිය .
ආවේනික සර්පයින් කීපදෙනෙක් හමුවීම හැරුනුකොට මේ දින දෙක තුල අපට මුහුණදීමට සිදුවූ කිසිදු ජීවිතාවදානමක් හෝ අණතුරක භීතියක් නොවීය .
නමුත් දැන් අප මේ මුහුණදී සිටින්නේ කුමන ආකාරයේ අවදානමකටද !! සියළුදෙනාම භීතියෙන් තැතිගෙන සිටී . කූඩාරම තුල එල්වූ ලන්තෑරුමේ මන්දාලොකයෙන් හා කඳවුර ඉදිරියේ දැල්වෙන ගිණිමැලයේ ආලෝකයෙන් මා දුටුවේ අප මඟපෙන්වන්නන් පවා භීතියෙන් තැතිගෙන සිටින ආකාරයයි . ඔවුන් අපගේ බලවත් ඉල්ලීම මත දින හතරක මේ ගමන සඳහා සහභාගී වු අහිංසක ගැමියන්ය .
අඳුර හා මීදුම විනිවිද යමින් ඇසෙන්නේ කාගේ කුමන හඬද යන්න මාගේ මනසේ විදුලි කෙටීමට ගතවන්නට ඇත්තේ තත්පර කිහිපයකි . මින් පෙර එකවරක් පමනක් අසා ඇති ඒ භීතියේ හඬ, යලි කිසිදා නොසන්නට පැතූ ඒ මුසල හඬ යලිත් ඇසෙන්නට වීම අනෙකුන්ට වඩා මා සිත සලිත කලේ . සොඳරිගෙන් දෙවන වරමක් ලැබීම සිදුවන දෙයක් නොවන බව කලකට පෙර වෙද සීයා පැවසූ වදන මනසේ හොල්මන් කරන්නට වීම නිසාය .
බඩදරු අම්මා කෙනෙක් විලිරුදාවෙන් නඟන හඩට නොව , සොඳරි ගේ හඬ සමාන වන්නේ විලිරුදාවෙන් මියෙන්නට දඟලන කාන්තාවකගේ හෝ පාපතරයෙකු විසින් ගෙල හිරකිරීම නිසා වේදනාවෙන් කෑගසන කාන්තාවකගේ හඬටය . සියළුම සංවේදී ඉන්ද්‍රියන් හිරිවැටෙන ආකාරයෙන් සිදුවෙමින් පවතින මුර ගෑම හමුවේ විනාඩි කීපයකට පෙර පැවති නිසල විනෝදාස්වාදය පලාගොස් ඇත . කඳවුරු බිමේ පිරිමින්ම සත්දෙනෙකි .
නමුත් ප්‍රතිමල්ලවයා මිනිසෙකු නොවේ !!!! කිසිවෙකු නොදුටු අමනුස්සයෙකි , නැත්නම් දුටු අයවලුන් සිහිවිකල් කලාවූ සත්වයෙකි . අපි කෙසේ නම් මීට මුහුණ දෙමුද !!!
මයිලක් පමණ ඈතින් ඇසුන වේදනාකාරී හඬ ලං වෙමින් පවතී .බෝදිලිමා පහර දෙන්නේ එලෙසින්ය . ඔය ඇසෙන්නේ අණතුරු ඇඟවීම විය යුතුය . සිංහල සේනාව එනවිට වැයෙන රණ බෙර ඇසුන පෘතුගීසින්වත් මේ තරම් අසරණ නෙවෙන්නට ඇත .
අප කිසිවෙකුටත් කථා කරගත නොහැකි තත්වයකට පත්වී ඇති සෙයකි . ගිණිමැලයේ ආලෝකයෙන් දිලෙන , මීටර් දහයක් පමණ ඈතින් ඇති ලඳු කැලෑවේ ආරම්භය දෙස සියල්ලෝම නෙත් යොමා සිටින්නේ කොයි මොහොතක හෝ පඳරු අතරින් එලියට ඇදෙන අපේ මරණය බලාපොරොත්තුවෙන්ද !!!
මරණ භය , මිනිසෙකුට දැනෙන්නේ ජීවිතයේ අවස්ථා කීපයකදී පමණක් විය හැක . නැත්නම් අවසන් මොහොත තෙක් දැනෙන්නේ නැත. නමුත් අප මේ මුහුණ දී සිටින්නේ පිරිමින් සත් දෙනෙකුට මරණ භය දැනෙන මොහොතකටයි . ඒ දැනෙන්නෙත් උපරිමයට බව ඉර හඳ මෙන් විස්වාසය. අවට සිටින මා මිතුරන්ගේ මුහුණු ඇකිලී ඇත්තේත් ,ඔවුන් බලාගත්වනම බලාසිටින්නේත් ඇයි දැයි කියා සිතාගැනීමට නොහැක. හිස කරකවා වටපිට බලන්නේ මා පමණද !!!
" සංජීව " මා අසලින්ම සිටි මිතුරා දෙස බලා ආමන්ත්රනය කලද ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීම පුදුමයක් සේම මා සිත්හී ඇතිවුන භීතිය දෙගුන කිරීමටද හේතුවක් විය .
" සම්පත් , රජී , අඩෝව් කථා කරපං යකෝ මොනව හරි කරමු ගනිං ඔය ගිණිපෙල්ලක් අතට ...... මොකෙක් හරි සතෙක් වෙන්න ඇති "
එසේ කලේ හිත රවටා ගැනීමටය . තව මොහොතකින් මා මීට වසර පහලොවකට පෙර දුටු අප්‍රසන්න දසුන දකින්නට වෙන බව හොඳාකාරවම දනිමි .
මා ඇමතුවේ අනිත් මිතුරන්ටය . නමුත් ඔවුන් නිසලය ........... වශීවී ඇති ආකාරයකින් ඔවුන් බලාගත් අතම බලාසිටී . කරන්නට දෙයක් නැතිකමින් සම්පත්ගේ උරහිසට තද පහරක් එල්ලකලේ ඔහුව නිද්‍රාවෙන් ගලවා ගැනීමටය . නමුත් අසාර්ථකය.
පඳුරු තැලෙන හඩු ඇසෙයි . අවදිව ඇත්තේ මා පමනි ........ තවත් සුලුමොහොතකි ....... වසර පහලොවකට පෙරදුටු අප්‍රසන්න රුව හොඳින් ගිණී එලිය නොඑන මුල්ලක පෙරලෙමින් දඟලනු පෙනින. මිතුරන් වශිවී හෝ භීතිය නිසා ගල්ගැසී ඇත . මා පමණක් මේ අමනුස්ස ග්‍රහණයට නතුනොවුයේ ඇයි .
දහනවය කන්ද මුදුනේදී මහසෝනා මුණගැහුනු ආකාරයත් ගැලවුන ආකාරයත් තත්පර කීපයක කාලයකදී විදුලි කෙටුවාක්මෙන් සිහිවිය . අමනුශය ග්රහනයට මා නතුනොවන්නේ උපන් වෙලාව හා ගණය නිසා බව වෙද සීයා පැවසූ ආකාරයද ඒ සමගම සිහිවුන නමුත් මෙහිදී මා කලයුත්තේ කුමක්ද .
මනස වසර පහලොවක් අතීතයට යන්නට ගතවූයේ සුලුමොහොතකි . එදා බෝදිලිමා අපේ මිදුලේ දර්ශනය වූ විට වෙද සීයා මැතුරුවේ කුමක්ද !!!
" ඒ සතා ආව වෙලාවේ මොනවද සීයේ කිව්වේ ඒ "
" ඒක බොහොම බගතු මන්තරයක් පුතේ "
" මටත් කියලා දෙන්නකෝ "
" තව ලොකු වෙද්දි පුලුවං වෙයි නිකම්ම , දහම්පාසලට යද්දි උගන්නනවා "
" මන්තර උගන්නවයැ දහම්පාසලේ "
" මේක මන්තරයක්ම නෙවෙයි , ආරක්ශක පිරිතක් පුතේ රතන සූත්‍රය......"
ඔවු රතන සූත්‍රය ........ එකල එම සූත්‍රය නොදැන සිටියත් පසු කාලීන දහම් අද්යාපනය සමග එය සෙල් ලිපියක් සේ මනසේ තැම්පත්වී තිබිනි . සැලෙමින් වේදනා දෙමින් ඳඟලමින් කෑගසන ගුලිය දෙස බලාගෙන රතන සූත්‍රය තොල් මැතිරෙන්නට ගත්තේ සිතාමතා නොවේ .....
මෙතෙක් වෙලා සෙමෙන් ඉදිරියට එමින් තිබූ ගුලිය නැවතුන අතර ආපස්සට පෙරලී යන්නට විය පඳුරු අතරින් එය අතුරුදන්වීමටත් වේදනා කාරී හඬ නැවතීමටත් ගත්වූයේ සුලුමොහොතකි . පසුව සියල්ල අඳුරුවිය.
පසුදා අළුයම හිරු කිරන දිය ඇල්ලේ මුදුන සිප ගනිද්දී අප ආපසු ගමනට සූදානම් විය.
පෙරදා රාත්‍රියේ සිදුවීම ගැන කථා කලද සිදුවූයේ මොනවාද කලේ මොනවාද යන්න ගැන කිසිවෙකුටත් නිවැරදි මතකයක් නොවීය . රතන සූත්‍රය මැතිරීම හා ගිරිය යටින් මොර දෙන හඩ හැරුනුකොට මටත් කිසිවක් ගැන නිවැරදි මතකයක් නෙවුන නමුත් කළු පැහැති අප්‍රසන්න ගුලි ගැසුන සත්වයා හා ඌ සූත්‍රයකට බියවී පලාගිය අයුරු මනසේ තැම්පත්වී තිබිනි.
සමහර විට තෙවනි වරයක් සොඳරිගෙන් මට නොලැබෙනු ඇත !!!!
ප/ලි - මේ ලියන්නේ විද්‍යාත්මක බණ දෙසන්නට එන අයටය , මේ සිදුවීම විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නම් එයට මුහුන දිය යුතුය . බෝදිලිමා කටුස්සෙකු හෝ වෙනත් සතෙකු විය හැකි බවට මත ඇත . බෝදිලි කටුස්සා නමින් කටුසු වර්ගයක් සිටින බව සියල්ලෝම දන්නා කරුණකි . එය සත්‍යකි නමුත් එම කටුස්සාට මෙවන් ශබ්ධයක් පිට කල හැකිද ? එසේම , සුත්‍රයකට බියවී පලා යන්නේ මන්ද ?
උත්තර නැත !!! මටත් එලෙසමට .
-දිනෙල්ක-
පොඩි අය බය වෙනෝ කියල දන්නේ නැද්ද මෙව්ව ලියන්නෙ :'( හෙලා දකිනව
ReplyDeleteඅනේ ඉතිං අපි නොදන්න බ්ලොග් කියවන පොඩි එවුන් .... හැහැ හෑ ^_^
Deleteඋබ මරු වේලාවකනේ දාලා තියෙන්නේ... හෙට උදේට හරියටම කියවලා කමෙන්ට් කොරන්නන් ඈ..දැන් මටත් දුර බැහැරක තනියම යන්න තියෙනවා ..හික්...බයේ බැහැ ..
ReplyDeleteමඟදි හම්බ උනොත් අපි නං දන්නේ නෑ ඕං ^_^
Deleteඅපෝයි.... මටත් මේ රෑම මේක කියවන්න ඕනි වුනානේ.....
ReplyDeleteමේක දවල් වෙලාවක දාන්න බැරි වුනාද මේකට මේක..... අහිංසක අපිව බය නොකර..... :-/
මේ වගේ ඒවා කියවන්න ඔනේ රෑට තමයි .... ෆීලිං එක එන්නේ එතකොටනේ ^_^ ^_^
Deleteමගේ අත්දැකීමක් මෙතන
ReplyDeletehttp://mata-hitena-hati.blogspot.com/2011/10/blog-post_27.html
කියෙව්වා මචං !!!! සුපිරි ඇ
Deleteපරිස්සමට සයිඩ් එකට ^_^
ReplyDeleteශේප් එකේ හිටපං පැත්තකට වෙලා ^_^ ^_^
Deleteඅඩේ මං මේක කියවන්න ඇවිත් තියෙන්නෙ මරු වෙලාවක. හෙට දවල් නිදාගත්තම බය උනොත් එහෙම උඹ තමයි දිනෙල්කයො...
ReplyDeleteදවල් නිදාගත්තාම බය වෙන්නේ ඇයි යකෝ !!!!!
Deletedanui kiyewwe :D meaka prabandayak kiyapanko :/
ReplyDeleteකියන්න නං පුලුවං !!! ඒත් එහෙම නෙවෙයිනේ බං ^_^
Deleteනොදන්නා හැම දෙයම බොරුයි කියන්න බෑ. ඒත් පරම්පරා කීපයකට පෙර, සුලභ දෙයක් වු හොල්මන්, අවතාර අද විරල ඇයි කියන ප්‍රශ්ණය, කියවන්නාගේ සිතේ නැගෙන එක නං නවත්වන්න බෑ. සමහර විට ජනකීර්ණ නගරයක ඇත්තටම හොල්මනක් දැක්කත්, එය ගැන සිතේ භීතියක් ඇති නොවන්න පුළුවනි. බොහෝ අය මෙවැනි සිදුවීම් ප්‍රතික්ශේප කරමින් විද්‍යාත්මක අර්ථකතනයක් දෙන්න හේතුව එය වෙන්න පුළුවනි.
ReplyDeleteපලි කොටස දැක්ක නිසයි මේක කිව්වෙ.
ඔබ ලිව්වේ, ඔබ දැක්ක දේ. කොටස් දෙකම ආසාවෙන් කියෙව්වා. ස්තූතියි
ඒක සම්පූරන ඇත්ත ...... සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට ^_^
Deleteමං දැකල නෑනේ හොල්මං ... :D මොකෝ දන්නෑ අපිට පෙන්නේ නැත්තේ .මං හරි ආසයි බලන්න ...අපි දේව ඝණ නිසාද දන්නෑ
ReplyDeleteඅනේ මන්දා !!!! රැට ටිකක් එලියට ඇවිත් බලන්නකෝ තනියෙං
Deleteමොකද මේ වගේ සිදුවීම් ම ලියන්නේ?
ReplyDeleteමුලු බ්ලොග් එකටම මේ වගේ කථා තියෙන්නේ දෙකයිනේ !!!! ඉතිං කොහොමද මේවම ලියනවා වෙන්නේ
Deleteමොනා කියන්නද කියල හිතාගන්න බෑ මෙයා.
ReplyDeleteඅපිටනම් ඉතින් බෝදිලිමගෙන් කරදරයක් වෙන්නේ නෑ නේ.
කළු කුමාරයා ගැන තමා බය වෙන්න ඕනි අපි. :D
ඇත්තටම අර කලින් කමෙන්ට් එකක තිබුන ප්‍රශ්නේ මටත් තියෙනවා.ඇයි දැන් මේ වගේ සිදුවීම් අහන්න දකින්න වෙනවා අඩු..??
අනිත් එක අහන්න බැරිවුනා නේ.
Deleteඅර වශීවෙලා වගේ හිටිය අය බෝදිලිමා ගියාට පස්සේ ඇහැරිලා මොකද කිව්වේ..?? ඒ ටිකත් ලියන්නකෝ මෙකෙම කෑල්ලක් විදිහට.
//කළු කුමාරයා ගැන තමා බය වෙන්න ඕනි අපි//
Deleteකළු කුමාරයා ඔය කියන තරම් නරක නෑ මෙයා :)
එයා ඕන්නං ඇවිත් විරිත්තයි. නූලක් මතුරලා බැන්ඳා, වැඩේ අහවරයි. බය වෙන්න ඕනෙ , දේවාල වල ඉන්න කපු කළුකුමාරයින්ටයි, ස්කයිප් හරහා එන මහාචාර්ය කළුකුමාරයින්ටයි තමා :)
අඩු ඇයි කියල නං දන්නේ නෑ ....... කළු කුමාරයා නේද !!! අනේ ඒ අහිංසකයට ඉන්න දීපං බං :D:D:D
Deleteමේවා ගැන කියන්න තරම් අපේ මනස් දියුණු නැහැ. ඒ නිසා නොදන්න දෙයක් ගැන කොහොම ද අපි චැලෙන්ජ් කරන්නෙ. ඔබ කියන දේ විශ්වාස කරනවා.
ReplyDeleteමිනිස් බුද්ධියට හසු වී නැති තව බොහෝ දේ මේ සක්වළ ඇති බව නම් මම තදින්ම විශ්වාස කරනවා.
ඒ නිසාමයි කිව්වේ අර්ථ දක්වන්න කලිං විඳලා ඉන්න කියලා !!! :D:D:D නැතිවෙන්න බෑ මෙහෙම එව්වා
Delete
ReplyDeleteකළු කුමාරයා ඔය කියන තරම් නරක නෑ මෙයා :)
එයා ඕන්නං ඇවිත් විරිත්තයි. නූලක් මතුරලා බැන්ඳා, වැඩේ අහවරයි. බය වෙන්න ඕනෙ , දේවාල වල ඉන්න කපු කළුකුමාරයින්ටයි, ස්කයිප් හරහා එන මහාචාර්ය කළුකුමාරයින්ටයි තමා :)
ට්රූ ඉස්ටෝරි. සැටිපිකේට් ට්රූ.
යප් යප් :D:D
Deleteතවම කල්පනා කරනවා.
ReplyDeleteLOADING. PLEASE WAIT...
එල එල !!! මොඳට කල්පනා කරලා මොනව හරි කියමුකෝ බලන්න
Deleteඅනේ මන්දා...........
ReplyDeleteගුඩ් මෝනිං :D :D
Deleteතමන් අත්විදපු දෙයක් අපි කුහක කමට බොරු කියලා කියන්න හොද නැහැ මමනම් පිලිගන්නවා
ReplyDeleteඇත්ත ඇත්ත :D:D:D
Deleteලස්සන කතාවක්. මා කුඩා කල අත්තම්මා මට බෝදිලිමා ගැන කතා කියල දීල තියෙනවා.ඒවා නැවත මතක් උනා වාගෙයි.අත්තමලා ඉස්කෝලේ නොගියට ඒ අය උපන් ගෙයි බුද්ධිමත් අය.ඒ ගොල්ල පරිශීලනය කල දැනුමෙන් බින්දු මාත්‍රයක් තමයි අපි අතගාල තියෙන්නෙ. එබැවින් ඔබේ කතාව මාඅ එහෙම පිටින්ම විශ්වාශ කරනවා.
ReplyDeleteඅනිවාර්්‍යයෙන්ම ඒ කථාව ඇත්ත !!!! අපි දන්නේ විශය නිරිදේශෙය විතරයිනේ !!! :D
Deleteමම දැන් දවස් දෙක තුනක්ම ඇවිල්ලා ගියා මේක කියවන්නෙ නැතුව, ඒ හැම සැරේම ආවේ රෑ වෙලාවක නිසා, :/ හොද වෙලාවට දැන් කියෙව්වෙ.. එතකොට එයාගෙන් ගෑණු අයට කරදරයක් නැතිද?
ReplyDeleteහැපෝ...... කථාවනං තියෙනවා රට අල්ලන්න ඒ උනාට රෑවෙලා හොල්මන් කථා කියවන්න බෑ .... හූ ඇ :D:D:D
Deleteපච කෙලිනවා හිටගෙන!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පල ඩෝ යන්න :D:D:D
Deleteඅඩේ මාරයිනෙ බං.. මං දැනුයි මේක දැක්කෙ බං.. සිරා ලිවිල්ලක් බොල.. කියවන්න ආසයි.. දැන් බයයි වගේ..
ReplyDeleteමට කියහන් ඇයි උඹටම මේවා වෙන්නෙ??
බෝදිලිමා කියන්නේ අවතාරයක් කියලා තමයි කියන්නේ .. කටුස්සට සම්භන්ධයක් තියෙනවා , ගැහැණු අයට කරදරයක් නැතිලු .. පිරිමින්ට වින කරන අමනුස්සයෙක් හැටියට තමයි ගනම් ගැනෙන්නේ ..
ReplyDeleteකතාව එළකිරි .. උබ රාක්ෂ ගනේ නිසා පොඩි චාන්ස් එකක් තියෙනවා ..
Kathawanam niyamai brother. Me story eka season wage liyannako...!! Ekai man thawa holman kath walatath kamathi.. :)
ReplyDeleteමාත් බය උනා හොදේ...
ReplyDeleteමේ මගුල මම කියවන්නෙ මධ්‍යම රාත්‍රී 11.48 :O :O :O :O :(
ReplyDeletemcn kaluwara aduna gena dannawada
ReplyDeletemcn gurukam huwamaaru karaganna kamathi...0710665343 mata call ekak ganna.bs
ReplyDeleteඔයාගෙ ඝනේ මොකද්ද??
ReplyDeleteකියන්න අඩුපාඩු කිසි දෙයක් නැහැ..... සුපිරි
ReplyDelete