Social Icons

හොයමු බලමු

Thursday, August 2, 2012

රාවනාගේ 2 ........... වැරදුනා!! රාවනා - දෙවන කොටස

ඔන්න හැමෝම බලාගෙන හිටපු රාවණා යුගයක් ආපහු  එන්නේ කොහොහොමද කියක එක පැහැදිලි කරලාදෙන ලිපිය. කලින් ලියපු එකෙන් වුනේ කස්ටියගෙම කුතුහලය ඇවිස්සුන එක විතරනේ . ඒ නිසා ඔන්න ආයෙත් ඒ  වගේ බලු වැඩ නොකර මේ පෝස්ටුවෙන් කථාව ඉවරයක් කොරල දාන්නයි ඉන්නේ .


පලාවනි පෝස්ට් එක කියවපු නැති අය ඉන්නව නම් ඔන්න කියවලාම එන්නකෝ 


ආහ් ... ඇත්තද රාවනා එනවද 01 ... ( රෙද්ද තමයි ? )



හරි යකුනේ  දැන් අපි ආපහු වැඩේට බහිමු , මම ඊයේ කියපු පුස්කොළ පොතට අනුව රාවනා දේහයත් එක්ක ස්ථාන කීපයක රාවනා රජුන්ගේ මිරිවැඩි සගල , පසින්ගල් මාණික්‍යය වගේම රජුට අයිති වෙලා තිබුන සියළුම වස්තුව ඇතුලත් කරල තියෙන සතරමහා නිධානයක් ගැනත් ලියවිලා තියෙනවා .
දේහය නින්දෙන් මුදවන්න නම් කරන්න ඕනේ වතාවත් මොනවද කියල මම සරළව කියන්නම් කෝ,  මුලින්ම  අට සිල් ගත්ත පිරිමින් 108 දෙනෙක් කරණීයමෙත්ත සූත්‍රය කියමින් ලග්ගල කදු මුදුනට ගිහින් පසින්ගල් මාණික්‍යය හොයාගන්න ඔනේ ( දැන් ඉතින් කොහොමද ඕන හොයන්නේ,,,,,, කව්ද දන්නේ ..... ) කොහොම හරි කැලේ පෙරළලා ඕක හොයාගත්තාය කියමුකෝ, ඊට පස්සේ ඒක සමන් මල් යහනාවක තියන්න ඕනේ , ඒක ඇතුලේ තියෙන රන් මිරිවැඩිසගල ලබාගන්න ඕනේ ඒහෙම ලබාගන්න කරන්න ඕනේ වතාවත් වෙනම ලියවිලා තියෙනවා.

මේ විදිහට ලබාගන්න පාත්තු දෙක මහකුඩුගල දේහය තැම්පත් කර ඇති ගල් දෙණ අසලින් තිබ්බහම දෙණ විවර වෙලා ඔය කියන දේහය එළියට එනවලු  පස්සේ ඒක උස්සගෙන ගිහිං ගංගානම් ගගේ වතුරවලින් හෝදන්න ඕනේ , එතකොටලු ඔය රජාට පණ එන්නේ ........


දැන් ඉතින් එය රජතුමා 2012 අන්තිමේදි නැගිටලා එනව කියකිය තමන්ගේ මතය කොහොම හරි මොන බොරුවක් හරි කියල ඔප්පු කරන්න යන , ආදි භාශා තියා සිංහලවත් හරියට බැරි , මහාවංශ වාදියෝ දේශයට විනකටින උන්කිය කිය , රාවනා පුරාවෘතය බ්ලොග් අවකාශයේ විහිලුවක් කරන මීජයා උන්නැහේටයි හෙන්චයියන්ටයි  සනීප ඇති ........ රාවණා ඒන්නේ නෑ යකෝ , ගෙන්න ගන්න ඕනේ, තනියෙන් නැගිටින්න බෑ   ....... ඒක කරන්නේ කොහොමද කියන්න කලින් , අපි රාවන කියන වචනේ නියම තේරුම බලමුකෝ


රා = සූර්්‍යය 
වන =  වාංශික 


එතකොට රාවන කියන්නේ සූර්්‍ය වාංශික නොහොත් සූර්යයිගෙන් පැවතඑන පරපුරයි .  සිදුවන බව කියන ආගමනය අන්තර්ජාල ලිපිමගින් විවරනය කිරීම වෙනුවට පැහැදිලිවම කළ යුත්තේ  ඉතිහාසය පිලිබදව ලියවී ඇති පුස්ථක පරිහරනය කරන එකයි , රාවනාගේ නැවත පැමිණිම කියන  සංකල්පය පැහැදිලිවම විවරණය කරන්න ඕනේ බුද්ධිය මත පදනම් වෙලා සහ ඔය කියන පුස්කොළ පොත් ලියවුන වකවානුවෙ රටේ තිබුන ‍ආගමික හා දේශපාලන වටපිටාව මත පදනම්වෙලා . 
ඔය බොරුවට කයිවාරු ගහන අයියලා දන්නවද දන්නෑ  සිද්ධ රාජ පත්තිරු වගේම රාවනා කථා පුස්ථකයත් කියන දෙකම ලියවුනේ අනුරාධපුර යුගයේ අග භාගයේ කියන එක .
 ඔය කාලේ වෙනකොට රටේ තිබුනේ බුදුදහම නොහොත් බුද්ධිමතුන්ගේ ධර්මය රජ කරන , ජීවමාන රහතන් වහන්සේලා වැඩවාසය කරන,හැබැයි අරාජික දේශපාලන වටපිටාවක්. තමන්ගේ රටට දකුණු ඉන්දීය බලපෑම් නිසා , සියළුම දෙනා ජීවන් උනේ යුධ මානසික වාතාවරනවක් යටතේ . මේවගේ කාළයක ලියවෙන පොතපත බොහෝවෙලාවට පදනම් වෙන්නේ තමන්ගේ අතීත විභූතිය අනාගතය වෙනුවෙන් ලබා දෙන්නට හරි නැත්නම් තමන්ගේ තාක්ශනය අනාගතය වෙනුවෙන් ලබා දෙන්නට හරි එහෙමත් නැත්නම් වටිනා අවවායක් අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන්නටයි . ඒ විදිහට කියන්න ඕනතරම් සාක්ශි තියනව ( පොඩ්ඩක් හොයපල්ල....... හැමදේම මම කිව්වහම කිසි ගතියක් නෑනේ .) 
සිද්ධ රාජ පත්තිරු  කියන්නෙත් අනාගත පරපුරත් ඒකාලේ උන්න පරපුරවගේම බුද්ධිමත් වේවි කියල හිතල ලියපු වටිනා අවවායක් ව්‍යංගාර්ථයෙන් දෙන්න ලියපු කථාවක් .
වර්ථමාන ලෝකයේ මූලිකම ශක්ති මූලාශය තමයි දැවි තෙල් , ඒත් මේ වනකොට අපි ඒ  ශක්ති මූලාශය පාව්ච්චි කරන විදිහ නිසා බොහෝම කෙටි කාළයක් තුලදී ඒ සම්පත නැතිවෙලා යනව , එතකොට බොහොම පැහැදිලිවම ලෝකයාට සිද්දවෙනව විකල්ප , ස්වාභාවික ශක්ති  මූලාශය  වලට මාරුවෙන්න . එයින් ඉදිරියට පැහැදිලිවම ලෝකයාට සිද්ධවෙනව සූර්්‍ය ශක්තිය මූලික ශක්ති මූලාශය කරගන්න . ඒ කියන්නේ තවත් නොබෝකාලයකින්ම සුර්්‍ය වාංශික යුගයක් බිහිවෙනව කියන එකයි . ලෝකේ මෙච්චර කාළයක් දිව්වේ එකම විදිහට ඒත්  තව බොහොම ටික කාලෙකින් ඒක වෙනස්වෙලා රාවණ රජු ලංකාව පාලනය කළ කාළයේදී වගේ  සූර්්‍ය ශක්තිය මූලික ශක්ති මූලාශය වෙනව මෙච්චර කාළයක් නිදාගෙන හිටපු "රාවනා නිවැරදි  කාළය ආවිට එක් ඇලයක සිට තවත් ඇලයකට හැරෙනු ඇත" කියල    සිද්ධ රාජ පත්තිරු වලින් විස්තර කරල දෙන්නේ ඔන්න ඔය සන්සිද්ධියයි .


 ඒ වගේම තමයි ඒ වැ‍‍ඩේ ඔය හිතන තරම් ලේසි වෙන්නෙ නෑ, අවශ්‍ය තාක්ශනය හොය‍ගන්න ඕනේ , කියන එක කියන්න තමයි අර උපමාව දීල තියෙන්නේ ( මොන උපමාවද ?  ලග්ගල කදු මුදුනට ගිහින් පසින්ගල් මාණික්‍යය හොයාගන්න ඔනේ කියන උපමාව  ) , රාවනා රජුගේ අභාවයත් එක්ක වල් වැදිල ගියපු තාක්ශනය ආපහ් වතාවක් , අළු දූවිලි පිරුණ යමක් ගංගානම් ගගේ පිවිතුරු වතුර වලින් හේදුවාම දිලිසෙනව  වගේ රාවනා යුගයක් යලිත් වරක් පණගහල එන බව තමයි   සිද්ධ රාජ පත්තිරු වලින් විස්තර කරල කියන්න උත්සහ කරන්නේ !!!!!!!
ඔය කියන රාවනා යුගයේදී සමකය ආසන්නයේ තියෙන දින 365ම ඉර එළිය ලැබෙන රටවල් වලින් කාන්තාර කරනය නොවූ , අවශ්‍ය හැමදේම නොඅඩුව තියෙන එකම රට  වෙන මගේ ලංකාවට ලොකයම හොල්ලන්න පුළුවන් වෙන එක අහන්නත් දෙයක්ද !!!!!!!


රාවනා කියල රජ ‍කෙනෙක් රට පාලනය කළාය කියන කථාව පැහැදිලිවම සත්‍යක් බව මෙහිලා සදහන් කළයුතු අතර ගිණි තබන ලද  හෙල අටුවාවෙන් බේරාගනු ලැබු අපේ ඇත්ත ඉතිහාසය ඇතුලත් පුස්කොළ පොත් වලින් විශාල කොටසක් නාවලපිටිය ගම්පොල පරන පාරෙ පිහිටි ගම්මානයක ජීත්වෙන පරපුරක් සතුව තවමත් ඇතිබව සලකනු මැනවි . මේ ලිපිය සදහා මූලයන් වූයේ ඒවාය. එහි ඇති පුස්ථකයන්හී  දැක්වෙන තාක්ශනය මේවනවිටත් ලාංකීය විද්වතුන් දෙදෙනෙකු විසින් හදාරනු ලබයි ( මමත් ඉදල හිටල උළුව දාලා එනව ) . එක් පොතක දැක්වෙන පරිදි රාවනා රජුගේ බල ශක්ති කේනද්‍රය මද්‍යම කදුකරයේ ගිනිකොණ බෑවුමේ පවතී එය සොයාගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි .
  




ප.ලි - නෑ මේක මෙහෙම නෙවෙයි කියල පැහැදිලි පදනමකින් තර්කයක් ආවොත් මම තවත් පොස්ට් එකක් ලියනව . 



20 comments:

  1. උඹ මේ පිස්සුවක්නේ කෙලලා තියෙන්නේ. ඇත්ත කන්නද බං. ශ්‍රී රාවණ නරෝත්තමයා ආයෙත් එනකම් මග බලාගෙන ඉන්න හෙළුවන් වන අපිට ඔය පසිංගල් හොයලා බොඩි එක හොයාගෙන ගංගා නම් ගගේ නාවලා ගේන එක මහා කජ්ජක්ද? බලාගෙන හිටපන් උඹටත් හම්බවෙයි සම්බුව ඔය එක එක මගුල් කියවන්න ගිහින් :P
    ශ්‍රී රාවණ සිද්ධම්෴

    ReplyDelete
    Replies
    1. ඉන්ටනෙට් එකෙන් වැදිබන කියවන එවුන් ඔය මම කියපු මූලාශ්‍ර 2 දැකලවත් නැති උන් බං ....... මම කිව්වේ ඇත්ත කථෘව . අනික තමයි පෙඩ්ඩකු හිතපන් ... රාවනාව ඔය විදිහට තැම්පත් කලේ විභීශන කියල ලියවිලා තියෙනව .. උඹ කිය්නේ විභීශන , තමන්ගේ හතුරව ආයේ නැගිටින්න පුලුවන් විදිහට තියාවි කියලද .... :P එහෙනං උඹට වැරදිලා .... අනික යකෝ ගංගා නම් ගග තියෙන්නේ ඉන්දියාවේ ..... රාවනාගේ හතුරගේ රටේ එහේ වතුරවලින් ආයෙ පන ගන්න තරන් රාවනා බින්දුවට වැටෙයිද ...... මොලේ තියෙන්නේ හිතන්න , ඒ නිසා හිතපන් .....
      රාවනාගේ මරනයත් එක්ක විභීශන සුර්ය වාංශික යුගය වහල දැම්ම කියන එකයි ඔය කියන්නේ !!!!!!

      Delete
  2. රාවණාගෙ ආපසු ඒමක් ගැන නම් විශ්වාසයක් නෑ. ඒත් ලෝකෙම හොල්ලන්න පුළුවන් සොයාගැනීම් කරන්න පුලුවන් බුද්ධිමතුන් ලංකාවෙ ඉන්නව කියන එක නම් විශ්වාස කරනව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ..........

      Delete
    2. මාත් ගිමන් නිවන්නගේ කතාවට එකගයි.හැබැයි ලංකාවේ කොච්චර බුද්ධිමතුන් හිටියත් වැඩක් නෑ ඒ මිනිස්සුන්ට ඉස්සරහට එන්න, ඒවා දියුණු කරගන්න රජය උදවු කරන් නැත්නම්..

      Delete
    3. ලංකාවෙ බුද්ධිමතුන් ඉන්නව අන්දකයිප්පුද ?
      පුලුවන්නම් ඔප්පු කර පෙන්වන්න.
      ලාංකාව සතුව එකදු වාණිජ වටිනකමක් ඇති පේටන්ට් බලපත්‍රයක් නැත.
      ලංකාවෙ එකෙක් කිසිදු වැඩකට ඇති දෙයක් සොයාගෙනද නැත.
      මෙහි යන්තම් වත් මොලය ඇති පිරිසකට ඇත්තේ දේශපාලකයන් පමනි මන්ද මෝඩ ජනතාව ඇන්දවීමට තරම් ඔවුන බුද්ධිමත් බැවිනි.

      Delete
    4. 1. ලෝකයේ පළමු අධෝරක්ථ කැමරාව ශ්‍රී ලාංකිකයෙකුගේ නිර්මානයක් එහි පේටන් අයිතිය අප සතුය ( දන්නේ නැත්තං අසා දැනගන්න )
      2 මිටසුබිශී වාහන වල රිවස් කරනවිට පසුපසින් ඇති බාදක හදුනාගැනීමෙ පද්දතිය ශ්‍රී ලාංකිකයෙකුගේ නිර්මානයක් එහි පේටන් අයිතිය අප සතුය ( දන්නේ නැත්තං අසා දැනගන්න )
      3.මයික්‍රෝ මෝටර් රථ සමාගම පසුගිය වසරේ මෝටර් රථයක් වෙනුවෙන් ලබාගත් පේටන් අයිතිය ලබා ( දන්නේ නැත්තං අසා දැනගන්න )
      4. ලොව ප්‍රථම ප්‍රමානාත්මක ද්‍රව රසායනික මික්සරය ශ්‍රී ලාංකිකයෙකු පාසල් සිසුවියක ගේ නිර්මානයක්වේ එහි පේටන් අයිතිය අප සතුය ( දන්නේ නැත්තං අසා දැනගන්න )

      තවත් උදාහරන ඔන තරම් ....
      සැ.යු - අනන්‍යතාවය වසාගැනීමට ඇනෝ කෙනෙකුවීම ප්‍රමානවත් විය හැකි නමුත් නොදන්නාකම හෙවත් මෝඩකම වසා ගැනීමට ප්‍රමානවත් නොවේ .

      Delete
    5. මේ කමෙන්ටුවෙන් වැදගත් නොදන්නා දේවල් කිහිපයක්ම දැනගත්තා. ඔබට ස්තුතියි!

      Delete
    6. @ වකා - මට බොහොම සතුටුයි නොදන්න දෙයක් ලියන්න ලැබීම ගැන....

      Delete
  3. අඩෝ තොපිලා රාවණා විරෝධියෝ බොලව්.පර ඉන්දියානුවන්ට කත් අදින රාවණා විරෝධියෝ පරිස්සම් වෙලා හිටු :D

    ReplyDelete
    Replies
    1. හැ ........... එහෙමද !!!! හරි එහෙනං බලාගම්මු ඈ :D:D:D:D:D:D

      Delete
  4. ටිකක් පරක්කු උනා ලිපිය කියවන්න.නිදහසේ කියවන්නම් කියල හිතුන නිසා..
    තාර්කික ලිපි ලියන එක හොඳයි ඇත්තටම.
    ඔබේ කමෙන්ටුවකිනුත් නොදන්නා ගොඩක් දේවල් ටිකක් ඉගෙනගත්තා.
    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හෑ .... " නොදන්නා ගොඩක් දේවල් ටිකක් " ...... හාකො හාකො ... මටත් බොහොම සතුටුයි

      Delete
  5. ආවේගාත්මකව ලියල තියෙනවා ඔබේ තර්කයත් හොඳයි. සලකා බැලිය යුත්තක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්්‍යයෙන් ......... දිගටම අපිත් එක්ක ඉන්න ආරාධනා කරනව ...

      Delete
  6. හොද ලිපි දෙකක් , :) , මිස්ටර් මී වණ ට නම් කොහොන්මත් අවුල් නේ , ඒ උනාට අප්සට් වෙලාවට හිනා වෙන්න හොදම බ්ලොගිය එක :D

    ජය !

    ReplyDelete
  7. අනේ හොඳ පොස්ට් එකක්, මේක කොහොම හරි අර මීවනයට පෙන්නන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඊත් ඔය ගජබින්නය එකටට් මොනවා හරි එකක් කියල බෙඑරෙඉ.

    ReplyDelete
  8. maru talks tika dinelka. mata monaaw3a kiyanna hithenne naha mokada sinhala comment godak maeda eng. walin cmnt ekak daanna wena eka nikan mata mokakda mokakda wagee(haebaei daanawa hode :D) aeththatama karanna kaemathima waedak thmai oya parana deewal aussana eka (aussanawa qwata hoyanne nam naha haebaei daekkoth atha arinne naha :D) oyaata mama suba pathanawa digatama blog eka karagena yanna

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text