Social Icons

හොයමු බලමු

Sunday, August 26, 2012

දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ්




" මචං , දිනෙල්කයෝ................... " මහා බෙලෙක්ක කටහඩකින් මොකොක්ද එකෙක් කෑගහනවා   
 කව්ද යකෝ මේ මහ රෑ ටින් බෙලෙක්ක එකට ගහන්නා වගේ මගේ නම කියල  කෑගහන එකා . ඒ මදිවට පිටකොටුවේ. 
                                හ්ම් ..... ඔව් , මම හිට්යේ වැඩ ඇරිලා ගෙදර එන ගමන් තමයි . වෙනදට කොටුවේ ස්ටේශන් එක ලගින් බැස්සට  අද ආව බස් එක එතන නවත්තන්නේ නැතුව දිගටම ගියා , දහ පාළොස් පාරක් බෙල් ලනුව ඇදල ඇදල අන්තිමට ‍ බෝගහ ලගදි බස්එක නවත්ත ගන්න පුලුවන් උනා . එතන ඉදල මල්වත්ත පාරාට යන්න පටන් ගන්නකොටමයි , ම‍ගේ නම ගුවන සිසාරා පැතිරිලා ගියේ .
                                                                           ඕනේ මගුලක් කියලා ආපහු හැරිල බැලුවා .මීටර 20 ක් 30ක් විතර ඈත ඉදන් මොකෙක්ද මන්ද එකෙක් අතවන වන ගෝණියකුත් කරේ තියන් එනව පේනවා . දන්න කියන එකෙක් වෙන්න තියෙන්නේ බොහෝම අඩු සම්භාවිතාවක් නිසා මම හිතුවේ ආපහු කථා කළත් ඇහුනේ නෑ වගේ යන්න ඕනේ කියන එක . එහෙම හිතලා හැරෙන්න හදනකොටම මිනිහටත් වැඩේ මීටර් වෙලාද කොහෙද ආයෙත් කථා කරනව.

"ඒ මම ප්‍රියාන් බං ඔහොම හිටපන්........ "
 ......................................................................................................
 "මොනවද ළමයෝ ‍ඔය ඇදන් ඉන්න ඇදුමේ හැටි ...... ඇ "
"... බලන්න හරියට  සපත්තු දෙක පොලිශ් කරල නෑ  ....."
"අනිත් හැමෝම කෑම පෙට්ටියක් සර්වියට් එකක් ගේනව ඔය ළමය විතරක් ඔතාගෙන එනවා.." 
හැමදාමත් වගේ අපේ පන්ති භාර ටීචර්ට මොනව හරි දෙයක් හොය‍ගෙන්න පුළුවන් ‍වුනා ප්‍රියාන්ගේ හිත රිද්දන්න ,ඒ අපි පොඩි දවස් වල . ගුරුවරු මොනවා කිව්වත් ළමයි හැමෝම වගේ ප්‍රියාන්ට අකමැත්තක් පෙන්නුවේ නෑ මොකද ඌට මොනවා නැති වුනත් හොද හිතක් තිබ්බ නිසා .වනාතමුල්ල කියන්නේ මොන වගේ  පැත්තක්ද කියල හැමෝම දන්නවා නැතෑ , ප්‍රියාන් කොළුවගේ ගෙවලුත් තිබුනේ ඔය පැත්තතේ නිසා මිනිහා අමුම අමු කාඩයෙක් වෙන්න වැඩි කාළයක් ගියේ නැ. 
ප්‍රියාන් ගැන ඉස්කෝලේ ජීවිතේදී  මට කවදාවත් අමතක වෙන්නේ නැත්තේ ඕලෙවල් විභාගේ ප්‍රතිඵල ආපු දවස... මු ප්‍රතිඵල බලන්න ආවේ අම්මත් එක්ක. බලන්න දෙයක් නෑ මිනිහා ෆේල් . 
ඊට පස්සේ මූ අම්මවත් ඇදගෙන ප්‍රින්සිපල්ගේ කාමරේට ආවා . ඒ වෙලාවේ එතන ඕලෙවල් වල හොද ප්‍රතිඵල ගත්ත අයට විදුහල්පති තුමා දේශනාවක් තියතියායි හිටියේ ( මමත් එතන හිටියා ඈ ). ප්‍රියාන් කියන්නේ ඉස්කෝලේ ජනප්‍රිය චරිතයක් , කාඩ වැඩ වලට. හැබැයි ඕලෙවල් ලං වෙනකොට ඒවා අඩුවුනා. 
එක පාරටම මැද්දට පැනපු කොල්ලා ප්‍රින්සිපල්ට කථා කළා. මට ඒ වචන ටික තාමත් මතකයි .......... කවදාවත් අමතක වෙන එකකුත් නෑ . 
"සර්......... මේ ඉන්නේ මගේ අම්මා සර්. ඉස්කෝලෙට දාන්න ආවට පස්සේ අද තමයි මේ පළවෙනි පාරට ආවේ . මං විභාගේ ෆේල් සර් ....... මමත් වැරදී තමයි ඒත් මුං තමයි අපිව කෑවේ සර් . " කියල මු අම්මව පෙන්නුවා .
" සුද්දවන්ත උපාසක අම්ම වගේ ගෙදරටත් සාරිය ඇදන් හිටියට ‍......මේකි කරන්නේ කුඩු විකුනන එක සර්. හැමදාම රෑ වෙනකොට අපේ  ගෙදර කුඩුකාරයංගේ ගුබ්බෑයමක් වෙනවා . තැන් තැන් වල එක එකා වැටිලා , ඒක අපායක් සර් . ගම්වලින් එන අහිංසක කෙල්ලෝන්ට ඇග විකුනන වෙස ගෑනු කරන ජාතියේ එකියක් තමයි මේ . මෙච්චර කල් ඉස්කෝලේ පිස්සු නැටුවට සමාවෙන්න සර් ...... මේ මෙතන ඉන්නේ ඒකට හේතුව තමයි . "

..................................................................................................

ඕලෙවල් කරන කාලේ දැක්කට පස්සේ මූව දැක්කේ අද ! ආම් කට් එකක් ගහල සරමකුත් ඇදලා තඩි පොහොර උරයකුත් ඔළුවේ තියාන ඉන්න මූව මට අදුරගන්න සෑහෙන වෙලාවක් ගියා . 

" අම්මට සිරි යකෝ ! උඹ දැන් මහත්තයෙක් වෙලා නේ " 
" බම්බුව තමයි !!!  ඕලෙවල්  කළාට පස්සේ උඹව  දැක්කේ අද  බං  මොනවද කරන්නේ . මල්ලේ මොනවද ? "
" අඹ ! හෙට විකුනන්න තමයි ........ පේමන්ට් ජීවිතේ " හිනා වෙලා කථා කළාට උගේ හිතේ තියෙන  දුක තේරෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. 
" මං ගෙදරින් පැනලා ආවා බං ඒ අපායේ ඉන්න බෑ !!!!" 
" මොකක්!!! එතකො උඹ කොහෙද ඉන්නේ ? " 
" ******* තමයි තවත් මං වගේ සෙට් එකක් එක්ක "
විනාඩි දෙක තුනක් යනකන් මට කියන්න දෙයක් තිබුනේ නෑ ........ ඒත් මොනවත් ‍නොකියා කොහොමද !
" කොහොමද  බිස්නස් සරුයිද ? " 
" වරදක්මත් නෑ බං !!!!! මං හෙට අනිද්ද දිහාට මේ අඹ අරන් ඇව්දින එක නතර කරල පොඩියට ක‍ඩ කෑල්ලක් පටන් ගන්නවා "
දෙයියන්ගේ පිහිටයි 
" ආහ් ........ එහෙනං ඔය වගේ හැම අඹ විකුනන එකාටම සරු ඇතිනේ , කොහොම උනත්  කඩේ හොදට කරන් පලයන් " 
" පිස්සුද බං ..... මේ රස්සාව කරන කිසිම එකෙකුගේ අතේ හෙට උදේ වෙනකොට අද හොයපුවා ගෙන් තඹ සතයක් නෑ . මටත් එච්චර තමයි ! " 
"එතකොට කඩේ පටන් ගන්න යන්නේ ****** ද ?"
" හිකිස්..... මෙහෙම බිස්නස් කරලා ලොකු ම්නිස්සු වෙච්ච අය ඉන්නවා තමයි ඒත් ඒකට හුගාක් කල් යනවා . මෙහේ තියෙන්නේ වෙනම සිස්ටම් එකක් . මාත් ගෙදරින් ආවේ ඇදන් හිටපු ඇදුම පිටින් පාරෙදි හම්බවුන අඹ කාරයෙක් තමයි මාව  ***** කියලා  මුදලාලි කෙනෙකුට අදුන්වලා දුන්නේ . මිනිහා කරන්නේ අපි වගේ උන්ට පොලියට සල්ලි දෙන එක .අයි‍ඩින්ටිය තියාගෙන රු.2000ක් දෙනව දවසට 10% පොලියට    " 
" යකෝ දවසට 10% ක් පොලිය ගන්නවද ?" 
" ඔව් බං මේ බිස්නස් එකම කරන අනිත් මුදලාලිලාත් එක්ක බැළුවාම මුගේ තමයි අඩුම පොලිය . හැමදාම උදේට රු.2000 අරන් හවසට 2200ක් දීලා ණය බේරන්න ඕනේ නෑත්තං ආයේ ණය නෑ ! 
                                       ඉතින් ඔය 2000න් උදේම මොනව හරි ගන්න ඕනේ විකුනන්න. මම නං අඹ විතරයි ඒත් සමහරු ඒක දවසක් පලතුරක් , අනිත් දවසේ ලේන්සු කීටැග් , පින්තූර පොත් විකුනනවා . හවසට ණය පියෙව්වහම ඉතුරු වෙන්නේ රු.100 විතර තමයි . ඒකෙන් රෑට කනව බං . උදේ වෙනකොට ආයෙත් ගෙදරින් ආවා වගේමයි . 
                                            අපිටනං ඕන දෙයක් බං ඒත් සමහර එවුන් දරුපවුල ජීවත් කරවන්නත් ඕනේ ඔය සොච්චමෙන් තමයි .  පොඩි එකාගේ ඉස්කෝලෙට එක එක දේවල් ගේන්න කියල ගෙදරට පනිවිඩ එවන දවස්වල, උං රෑට අඩනව බං . අපියි කියල මොනවා කරන්නද  , අපිත් ඒ බෝට්ටුවේකොට ....... ඔන්න ඔහොමයි බං අපේ පේමන්ට් වෙ‍ළෙදාමේ ජීවිත ...... උඹල වාසනාවන්තයි 
" අනේ මන්ද බං ! " එහෙම  කියනවා හැරෙන්න මට වෙන කියන්න දෙයක් හිතා ගන්න බැරිවුනා .
" උඹ මල් වත්ත පාරට හැරෙනවා නේද ? මං කෙලින්ම යන්න ඕනේ බං , එහෙනං ආයේ හම්බවෙමු , මං යනව " 
මගි ගුවන් පාලමෙන් ස්ටේයිශන් එක පැත්තට ඌ යන දිහා බලාගෙන ඉදලා මාත් මල්වත්ත පාරට හැරුනා .
අතේ පිච්චියක්නැති ජීවිත ප්‍රායෝගිකව හොයන්න නෑ කියල කිව්වට එහෙම ජීවිත තියෙනව බං.



  

18 comments:

  1. විවෘත ආර්ථිකය, අර ආර්ථිකය මේ ආර්ථිකය ආදී වශයෙන් මොන කෙහෙම්මල ආවත්, අර අධ්‍යාපන ප්‍රති සංස්කරණය, මේ අධ්‍යාපන ප්‍රති සංස්කරණය ආදී මොන කෙහෙම්මල් ප්‍රතිසංස්කරණය ආවත්, කුමන දේශපාලන පක්ෂය බලයට ආවත්, විප්ලවවාදී පක්ෂ රටපුරා උද්ඝෝෂණ, වැඩ වර්ජන, සත්‍යග්‍රහ, පෙළපාලි, මෙකී නොකී ඔක්කොම කලත්, සෑහෙන පිරිසකට, තම දරු පවුල් රැකීම සඳහා කුඩු විනීමට, ඇඟ විකිණීමට තම කොල්ලන්ව සුද්දන්ගේ පාවිච්චියට යැවීමට සිදුවී තිබෙන්නේ කොතන තිබෙන වැරද්දක් නිසාද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වැරද්ද සෙවීම හා පිලියම් යෙදීම රට වනසන දේශපාලුවන්ට පවරා නිහඩ වීම වෙනුවට කළ හැකි යමක් ‍වෙනුවෙනු පෙළගැසිය යුතුය

      Delete
    2. මා අදහස් කලෙත් නිහඬවීම නොවෙයි. හැමදාම රැවටෙන ජනතාවගේ විඥානය දියුණු කිරීමයි අප මුලින්ම කලයුත්තේ. ඔවුන්ව දැනුවත් කිරීමේ වැඩ පිලිවෙලකුයි මුලින්ම ආරම්භ කලයුත්තේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  2. මටත් අනේමන්දා කියනවා හැර වෙන කියන්න දෙයක් නෑ..

    ReplyDelete
  3. අනේ මන්ද අප්පා....................................

    ReplyDelete
    Replies
    1. ආහ් ඒ පාර හැමෝම අනේ මන්ද අප්පා. කියන්න ගත්තද ? තිත් දෙකයි ‍ඩී

      Delete
  4. මහපාරේ බස් එකේ ඔය වගේ පොඩි පොඩි බිස්නස් කරන අය දැක්කහම මේ අය කියක් හම්බ කරනව ඇත්ද? කොහොම ජීවත් වෙනව ඇත්ද කියල නිතරම හිතෙනව. ඒත් අහන්න බැහැනෙ. අපූරුවට විස්තරේ කියල තියනව. එල!

    ReplyDelete
  5. කාලෙකින් දැක්කේ නැති යාලුවෙක් ගැන කාලෙකින් හම්බඋණු යාලුවෙක්ගෙන් ඇහුවම ඌ ගැන කියපු කතාව මීට හපන් ......

    ReplyDelete
  6. ඇත්ත කියලා හිතාගන්ට බැරි විදියේ ඇත්ත කතාවක්. දුකකුත් දැනුනා.

    ReplyDelete
  7. දුක හිතෙන කතාවක්..හෆොයි පව්...

    ReplyDelete
  8. දිනෙල්ක: ගොඩක් හිතන ටිකක් කරන (කරුමෙ තමයි ), හිතින් අතරමං වුන,ඒත් හිනාවෙන කොල්ලෙක්

    ...........................................................

    පෝස්ටුව ගැන මොකුත් කියන්නෙ නෑ... දිගටම ලියපන්...

    ReplyDelete
  9. ජීවිතය විවිදාකාරයි බං!! ඌ අම්මව අඳුන්වලා දීපු හැටි නම් පුදුමයි බං!! පිස්සු හැදෙන කතන්දර!

    ReplyDelete
  10. මොනවා උනත් උදේ පාන්දර බඩු උස්සගෙන ඔය පැත්තේ මිනිස්සු දුවන දිවිල්ල දැක්කම කොළඹ වැඩිපුරම මහන්සි වෙන මිනිස්සු ඉන්නෙ පිටකොටුවෙයි කියලයි දැනෙන්නෙ.

    ReplyDelete
  11. සංසාරේ එපා උනා

    ReplyDelete
  12. රොබින් - ලියපන්කෝ කියවන්න
    Podi Kumarihami - ඇත්ත !! එත් මොනව කරන්නද
    රෙහානි - පව් තමයි
    සාතන් - ඇයි බන් මොනවත් නොකියන්නේ ?
    මාධව - අම්මව හදුන්වලා දීපු විදිහ ගැන නම් ඒ වෙලාවේ එතන හිටපු හැමෝටම පුදුමයි .ඒත් ඒ ගෑනිට අවුලක්නෑ වගේ තමයි හිටියේ .
    දූපත් වැසියා - අනිවා
    Anonymous - මහණ වෙයන් :D:D:D:D

    ReplyDelete
  13. උබට කීයක්වත් දෙන්න හිතුන්නැද්ද..........? අඩුම ගානෙ ඊලග දවසෙවත් ණය නොවී ඌට වැඩ පටන් ගන්න තිබුනා...........

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

වෙලාව කියන්නේ අපි හැමෝටම හුගක් වැදගත් දෙයක් , ඒනිසා කොමෙන්ට් නොකලා කියලා මගේ කිසිම තරහක් නෑ !

 

Sample text

Sample Text

Sample Text