Social Icons

හොයමු බලමු

Monday, August 20, 2012

පිට කොටුවේ රැයක් සමගින් ..... කලම්බෝ නයිට් ලයිෆ් !!!!


මම මෙච්චර දවසක් ලියපු ලිපිත් එක්ක සන්සන්දනය කරල බැලුවෙත් මේක හුගක්ම වෙනස් ලිපියක් වේවි . කැම්පස් යන අය මගෙත් එක්ක තරහ වෙන්න එපා මොකද මේ ලිපියේ දෙවනි කොටසේදී ඉන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන  නම  යොදාගන්න පිරිසක් මිසක් ඇත්තටම කැම්පස් යන පිරිසක් නෙවෙයි. 

දිනෙල්ක නොහොත් මට අළුතෙන් රස්සාවක් ලැබුන බව හැමෝම නැතත් ටික දෙනෙක් හරි දන්නව ඇතිනේ ( දන්නැති අය දැන ගන්නකෝ එහෙනම් මට අළුත් ජොබක් සෙට් උනා ....ඈ .... ) . වැඩ කරන තැන තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්දම වටරවුම ලග  ,  උද්ගෝෂණ10 ක් ගත්තෝත් 7 ක්ම තියෙන්නේ ඔතැන තමයි .කොළඹ 07 ටත් සෑහෙන්න ලග නිසා රෑ හය හත  වෙනකොට මරු අප්පා . සුරංගනාවියෝ වගේ ලස්සන සුදු ගෑල්ලමයි හැමතැනම ( ආසයි නේ ) . තොරන් වගේ ලයිට් දාපු සාප්පු සංකීරන . පාරේ හයි කරපු ලොකු ලොකු ‍ටීවී , ලංකාවද කියලත් වෙලාවකට හිතෙනවා . 

කොල්ලගේ වැඩ ඉවර වෙන්නේ රෑ 10 ට විතර  , ඒ වෙලාවෙනම් අර මං කලින් කියපු දේවල් ගොඩක් ඉවර වෙලා ගිහිල්ලා .ගෑල්ලමයි නම් ඇත්තෙම නැති තරං හිටියත් ඉන්නේ කස්ටමර් කෙනෙක් එනකන් ඉන්න හරි මං වගේ වැඩ ඉවර වෙලා ගෙදර යන කෙනෙක් හරි තමයි . දවල්ට, හවසට , අපිට පේන ලස්සන රෑට නැති තරං. 
                                                     කොළඹ  තාත්තලා කීදෙනෙක් කරටි කැඩෙන්න ගහල වැනි වැනි යනවද කියල බලන්න නම් ඒ වෙලාවට එලියට බහින්නම ඔනේ . අනාගත  පරපුරත් ඊට දෙවනි නෑ , සිගරට්කොට වල අළුවලට යට වෙච්ච අවුරුදු 16  , 17 කොල්ලෝ  මොනර කොළ අමුවෙන්ම පුච්චන හැටි බලන් ඉන්නත් දුකයි , මොකෙක් හරි බීලා වැනෙන එක වෙනම දෙයක් , ඌ හෙට  කෙලින් යයි , ඒත් මුංගේ අද කෙලින් උනාට මේ බොන සිගරට් බීමේ හැටියට  තව අවුරුදු 10 ක් 12 ක් යන කොට කෙලින් නොවීම තියේවි . අනේ ඉතින් එහෙම එකෙක් බදින කෙල්ලට බුදු සරණයි . 



                               අර කියපු වට රවුම ලග ඉදලා  මීටර 100 විතර දුරින් තමයි ආර්පිකෝ එක තියෙන්නේ. හැමදාමත් වැඩට යන්නේ වගේම වැඩ ඇරිල ගෙදර එන්න හිතාගෙන  බස් එකට නගින්නේත් ඔය ආ‍ර්පිකෝ එක ලගින් තමයි. පුන්චිම පුන්චි පැටව් දෙන්නෙකුත් වඩාගෙන පාර අයි‍නකට වෙලා  යන එන අයගෙන් කීය කීය හරි ඉල්ලගෙන ජීවත් වෙන අම්ම කෙනෙක්ව මම දැක්කේ එතැනට ආපු පළවෙනි දවසෙමයි , එහෙම දෙයක් දැක්කහම අහක බලන් යන්න කාටද පුළුවන් , මමත් එදා එතනින් ආවේ අතේ තිබ්බ අන්තිම රුපියල් 50න් රුපියල් 20ක්ම ඒ අම්මට දීල, කාත් කවුරුවත් නැති අසරණ මිනිස්සු කියල. ඒත් මම ආයේ නං කවදාවත් ඒ අම්මන්ඩිට සතපහක් දෙන්නෑ කියල හිතාගත්තේ  හිගන නයිට් ලයිෆ් එක දැක්කට පස්සෙයි , ‍කාත් කවුරුවත් නෑ ..... අපි අසරණයි ...... බොහෝම අමාරුවෙන් වේලක් කන්නේ කියල කියන එවුන්ගේ  රෑට ටච් ස්ක්‍රීන් තියෙන ෆෝන් වලින් කොල් ගන්නව . ඩිනර් එක කේ.ඇෆ්.‍සී එකෙන් . නොදකින් කාලකන්නි හැත්ත . 
එදා රෑ ඒක දැක්කහම මට මතක් වුනේ මීට අවුරුදු ගානකට කලින් සර් කෙනෙක් මට කියපු දෙයක් , " උඹලා කවදාවත් හිගන්නන්ට සල්ලි දෙන්න යන්න එපා , ඒක පවක් . මොකද උඹලා උන්ට තවතවත් හිගන කමේ ආතල් එක වටහලා දීලා සදාකාලිකවම උන්ව හිගන්නෝ කරනවා"
                                       අන්තිම 138 බස් එක තියෙන්නේ 10 . 15 ත් 10. 30ත් අතර . මගේ වැඩ ඉවර වෙන්නේ 10ට නිසා ඔය බස් එක මග ඇරෙන්නේ නැති තරම්. බස් එක නම් ෆුල්  ,හැමදාමත්. හැමෝම වගේ ඉන්නේ මං වගේ වැඩ ඇරිලා ගෙවල් වල යන අය . මග දිගට තවත් අය එකතු වෙනවා . මම නම් හරිම කැමති නවලෝක ඉස්පිරිතාලේ ලගින් නගින අක්කලා දෙන්නට . හැමදාමත් වගේ බස් එකේ ඉන්න කාන්තා පාර්ශවේ වෙන්නේ ඔය දෙන්න තමයි , අනිත් සේරම පිරිමි . 
                                            කොටුවේ ස්ටෙශන් එක ලගින් තමයි මම බහින්නේ .කඩවල් සේරම වහල තිබුනත් වර්ල්ඩ් මාර්කට් එකේ හැම කඩයක්ම ඇරපු ගමන්මයි ( ඒවා කීයට වහනවද මන්දා ) . දවල්ට ඕනේ කෑල්ලක් 50ට 60ට විකුනන කඩවල් වල පිලේ හිගන්නෝ නිදි නැත්තං කෑම කනව, කෑම කන එකනං බලන්න අප්පිරියය් අර යස අගේට ඔතල දෙන කෑම එක පොළොව පුරා වනාගෙන. වැලිත් එක්ක කනකොට රස වැඩිඇති මයේ හිතේ . 
පලතුරු විකුනන මැහි වලත් හිගන්නෝ බුදි, ඒවයේ ලෑලි වලට බල්ලෝ චූ කරනවා . මම නං ආයේ පිටකොටුවේ පලතුරු නොකා ඉන්න තීරනව කලා. ඔය විකාරත් බලාගෙනම මල්වත්ත පාරට එනව ,                  එතන ඊට අන්තයි , හිගන ලෝකයයි . ඒ මදිවට උන් බීලා එතන ඉන්න ගෑනුත් එක්ක රණ්ඩු වෙනවා . පාර පුරා ජරා කරලා, ඒ තැන් සුද්ද කරන්න එන නගර සභා සේවකයොත් එක්කත් මුන් වලි ඇදගෙන කුණුහරපෙන් කෑගහනව ( කුණහරප දන්නැති අය ඉන්නවනම් ඒ වෙලාවට මල්වත්ත පාරට එන්න ) . බල්ලෙකුගේ උනුහුමට ගුලිවෙලා නිදියන ඈයෝ එමටයි. 
ඔක්කොමත් හරි කියපංකෝ මුං හැම එකාටම වගේ රේඩියෝ එකක් තියෙනවනේ බොලව් .  සමහරු නිදියන්නේ ඒක දාගෙන . රේඩියෝ එක නැතුව නින්ද යන්නැති එවුනුත් ඒ අතරේ ඉන්නවා. කොළඔ රෑට තියෙන ත්‍රීවිල් සංස්කෘතියත් හරි අමුතුයි , ඒවත් හරියට ප්‍රයිවට් බස්වගේ,මිනිහෙක් පේන්න බෑ යනවද !යනවද කියල අහනව . ඒ මදිවට එක මිනිහෙක් ඇතුලේ ඉද්දි තව එවුන්ව පටව ගන්නවා . කොටුවේ ඉදන් මම ගෙදරට යන්නේ පයින් , පැය 1/2 විතර යනව  , සමහර දාට  ත්‍රී වීල් එකක යන වෙලාවලුත් තියෙනවා . 

මේ ලිව්වේ කලම්බෝ නයිට් ලයිෆ් පලවෙනි කොටස .... දෙවනි කොටසේ තියෙනවා අපේ කැම්පස් අයියලා කියාගන්න අයගේ වැඩ කිඩ ටිකකුත් ..........    

28 comments:

  1. අනේ මන්ද දැන් නම් හිඟන්නන්ට සල්ලි දීල වැඩක් න්හ්හැ.මටත් උනා ඔහොම හොඳ කතාවක්..දවසක ලියන්නම්කො ඒ ගැන..හ්ම්ම්..ඉතුරු ටිකත් ලියන්නකෝ ඉක්මනට :)

    ReplyDelete
    Replies
    1. ලියන්නකෝ බලන්න ............. අපි ඒක කියවන්න බලාගෙනයි ඉන්නේ

      Delete
  2. කොළම් පුරේ ශ්‍රියා ඉතින් අපිනම් දැකල තියේ......... මලය තාම ටිකයි දැකල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අයිය ඉතිං ලොකුයිනේ ..... අපි තවම පොඩ්ඩොනේ ....... :D:D:D

      Delete
  3. " උඹලා කවදාවත් හිගන්නන්ට සල්ලි දෙන්න යන්න එපා , ඒක පවක් . මොකද උඹලා උන්ට තවතවත් හිගන කමේ ආතල් එක වටහලා දීලා සදාකාලිකවම උන්ව හිගන්නෝ කරනවා"

    මේ කතාව මාත් පිලිගන්නවා. මාත් ඉස්සර දුන්නට දැන් දෙන්නේ නෑ. අනික දැන් හිගන්නෝ වැහි වහලා.

    ReplyDelete
  4. ඉතුරු ටිකත් ලියන්න අයියා ඉක්මනට...

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි ලොකුම ප්‍රශ්නේ නංගියෝ ...... පුලුවන් ඉක්මනින් ලියන්නම්

      Delete
  5. ඔන්න ඔව්වට තමයි අත්දැකීම් කියන්නේ , හැබැයි පුතේ කොලඹ නයිට් ලයිෆ් බැලිල්ල (හිඟන එක වගේම අනික්වත් ) ටිකක් පරිස්සමෙන් කරන එක හොඳා

    ReplyDelete
    Replies
    1. අපි පරිස්සමෙන් ..... මේ පැත්තට ආවට බොහෝම ස්තූති

      Delete
  6. මරු මරු, ලියපන් ලියපන්. ඒත් ගොඩක් බ්ලොග් ලියන උන් වගේ බොරු ආතල් නොදී මේ අද ලියලා තියෙනවා වගේ ඇස් දෙකට පේන මහපොළවෙ ජීවත් වෙන උන් ගැන ලියපන්. ජයවේවා...

    ReplyDelete
  7. එල ඈ. ඔය නයිට් ලයිෆ් එක මමත් හොදට අත්දැකලා තියෙනවා. කොළඹ විතරක් නෙවෙයි. ලංකාව වටේම. කොටුව ඉස්ටේසම ඉස්සරහත් රෑට රෑට නියම සෙල්ලම් යනවා. පොඩ්ඩක් ඒ හරියෙත් කැරකිලා ලියපන් එව්වා ගැනත්

    ReplyDelete
    Replies
    1. දෙවනි කොස ඒ ගැන තමයි !!! ඒත් මං බැළුවේ ඒක ලියන්න කලින් වෙන දෙයක් ගැන ලියන්නයි

      Delete
  8. ඇයි යකෝ දැන් ලංකාවේ එකිලා සේරම සුදු වෙලාද ඒ කියන්නේ?නැත්නම් උපතින්ම සුදු එකිලා විතරද රැට එලියට බහින්නේ?එත් නැත්නම් අපේ එකිලා ගෙදරට වෙලා මෙගා නාට්ටිය බලනවා,වෙන රටවල @#$%යෝ පාර කපල ඉන්නවා කියලද?

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ දැන් ලංකාවේ එකිලා සේරම සුදු වෙලාද ඒ කියන්නේ?නැත්නම් උපතින්ම සුදු එකිලා විතරද රැට එලියට බහින්නේ?එත් නැත්නම් අපේ එකිලා ගෙදරට වෙලා මෙගා නාට්ටිය බලනවා,වෙන රටවල @#$%යෝ පාර කපල ඉන්නවාද?
      නැත්තන් වයසේ වැරද්ද නිසා මට සේරම සුදුවට පේනවද ? :D:D:D
      ගැටළුව පැහැදිලී ..... පැහැදිලි පිලිතුරක් ලබා දීමට නොහැකි වීම ගැන කනගාටුයි

      Delete
  9. මරු පෝස්ට් එක දිගටම ලියන්න. හැබැයි කොල්ලෝ පරෙස්සමට ඔය කොළඹ රටේ රෑ ජාමෙ තනියම ඇවිදින්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවෙන් අපි .....! ප්‍රවේසම් වෙන්නම්

      Delete
  10. රෑ දහයාමරට වැඩ ඇරෙනවා නම් උඹ කීයටද බන් වැඩට යන්නේ?

    ReplyDelete
    Replies
    1. 2ට 3 ට විතර තමයි .... කෝස් කෑල්ලකුත් පටන් ලගත්ත නිසා මේක කරන්නේ පාර්ට් ටයිම්

      Delete
  11. කොළඹ නයිට් ලයිෆ් එක කියන්නෙ හරියට සමාන්තර විශ්වය වගේ බලමුකෝ ඉතිරි ටිකත්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කථෘව !!!! සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට

      Delete
  12. ජෝන් කිව්වා වගේම රෑ කොළඹ කියන්නේ දවල් කොළඹට වඩා හාත්පසිනම වෙනස් තැනක්..... දැන් නම් ටික ටික ඒ ගතියත් නැතිවෙනවාද මන්දා...

    ReplyDelete
    Replies
    1. කොළඔ සමහර කොටස් නම් වෙනස් වෙලා තමයි හැබැයි අනික් ‍ඒවා එහෙම්මමයි .

      Delete
  13. හපෝ කොලොම්පුරේ සිරි...ඊළඟ කොටසත් ලියමුකො... අලුත් ජොබ් 1 ලැබුන එකටනම් සතුටුයි ඕන්...

    ReplyDelete
    Replies
    1. ඊලග කොටස කොලොම්පුරේ ජීවිත ගැන

      Delete
  14. මමත් ලිව්වා බං කොළඹ ගැන! අප්පිරියයි කොළඹ ජීවිතේ!

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text