Social Icons

හොයමු බලමු

Monday, August 6, 2012

හිගනකම


ජීවිතේ මහ පුදුම දෙයක් බං . වෙලවෙකට සුන්දරයි කියල හිතෙනව තමයි ඒත් මටනම් වැඩි පරම හිතෙන්නේ මහා කාළකන්නී කියල. ඒ මම ජීවිතේ දකින හැටිද නැත්තං ජීවත් වෙන හැටි නිසාද කියන එක මේ අවුරුදු 21ටම තේරුනේ නෑ .කැමති විදිහටම හැමදේම වෙන්නේ  නෑ තමයි , ඒත් කැමත් විදියට කිසිම දෙයක් නොවුනහම දැනෙන්නේ කොහොමද කියල මම උඹලට අමුතුවෙන් කියල ාදන්න ඕන නෑනේ .
                                             මම ඇවිල්ල හෙනම දතක් කියල මාව දන්න කියනඑවුන් හිතාගෙන හාටියට මොකද , මං තරං හිගන්නෙක් තවත් නැකුව ඇති . ලෙසටද තියෙන ඩෙනිමක් ටීෂර්ට් එකක්  ඇදල පාට පාට කැන්වස් දාගෙන , සන්ග්ලාස් දාගෙන කොන්ඩෙ ජෙල් කරගෙන , අයිෆෝන් එකක් ඇරගෙන කවදාවත් උන් එක්ක ෆන් ගන්න ගියපු නැති මගේ ගැන උන් එහෙම හිතන්නේ ඇයි කියල මම දන්නෑ , ඇරත් මට ඒ විදිහට යන්නත් බෑ මොකද ඔය කියපු දේවල් එකක් වත් මට නෑ බං . මී‍ට අවුරැදු දෙකකට විතර උඩදි රුපියල් 1500 කට ගත්තු චයිනීස් ෆෝන් එකකුයි 1000කට විතර ගත්තු ඩෙක් ශුස් දෙකකුයි නම් තියෙනව. 
                                     මට මගේ ගැන හෙන දුකයි බං එකට හිටපු එවුන් හැම එකාම තවම ඉගෙන ගද්දි මම විතරක් මහ රෑ 10 වෙනකං රස්සාවක් කරල අතේ ඇගිලිගානටත් අ‍ඩු දාහේ කොළ ගානක් අතට ගන්නව .ජොබ් එකට ඇදගෙන යන කලිසම් ‍තුනකුයි ශර්ට් හතරකුයි ඇරුනාම මට තියෙන්නේ ඩෙනිම් දෙකකුයි , පොකට් කළිසම් එකකුයි එකම එක ටීෂර්ට් එකකුයි විතරයි බං. ඩෙනිම් දෙකෙත් කකුලේ විළුඹ තියෙන හරියේ ඉරිල, 
ටීෂර්ට් එකේ පාට ගිහිල්ල , පාරේ යනකොට මිනිස්සු හිනා වෙනව , උන් හිනා වෙන්නේ මගේ දුප්පත් කමට කියල තේරෙනකොට උගුරේ යකඩයක් හිරවෙනව වගේ .පාරෙ යනකොට ඇස් දෙකට කදුළු පිරිල එන වාර ගාන අනන්තයි .
                                  කොතන හරි මට වැරදුනා ඒත් ඒ කොතනද . කම්පියුටරේම එල්ලිලා ඉන්නේ නැතිව පොඩ්ඩක් යාළුවෙත් එක්ක ඇවිදලා එන්න කියල අම්ම කිව්වට ‍, කො අම්මේ යාළුවෝ . උන් උන්ගේ  ලෝක වල , කවුද කැමති මගේ නැත්බැරි ජීවිතේට එන්න , මම කථා කලාට උන් කොහෙවත් යහන්න එන්නේ නෑ . එතකොට අම්බානක මල පැනගෙන තොපිත් කථා කරපියව් කො ! මම එන්නෙත් නෑ කියල කිව්වට . මම  උන් කථා කරපු ගමන් , තියෙන එකම ටීෂර්ට් එකයි‍ අමාරුවෙන් හරි ඩෙනිමකුයි ඇදගෙන මම  යනව බං. උනුත් මගේ අසරණකමෙන් ප්‍රයෝජනේ ගන්නව.  දැන් කවුරුත් හිතන්න එපා මම මහ පීචං වෙච්ච ඩයල් එකක් කියල.
                                 කොහේ හරි යන්න කථා කළා‍ම මුලින්ම එතැන්ට යන්නේ මම , පැයක් විතර අව්වේ කට්ට කෑවම තමයි අනිත් උන් එන්නේ.ඒ එන්නෙත් තනියෙන් නෙවෙයි බං කෙල්ලෙකුත් එක්ක . මට ඉතිං ගහකින් කපාගෙන තමයි කෑල්ලක් අරන් යන්න වෙන්නේ .

" දිනෙල්කයෝ , වරෙන් බං අද සෙට් වෙමු , ............. අපේ ඔක්කෝම එවුන් එනව  " 


                  ( ඔය කොළ පාට ටී ශර්ට් එකක් ඇදන් ඉන්නේ මං )

එතකොට මමත් යනව තමයි , ඒත් දැන් ඒක මම කළින් හිටපු සෙට් එක නෙවෙයි  , සෙට් එක ඇතුලේ මම තනිවෙලා . උන්සේරම කිරිල්ලියොත් එක්ක ඇවිත් දෙන්න දෙන්න යනව , කවදාවත් කාගෙවත් නිදහසට බාද කරන්න අකමැති නිසා මම ඔහේ උඩ බලාගෙන පස්සෙන් යනව . 

තවත් ලියන්න පුළුවන් බං ඒත් මෙචුචර වෙලා බර වෙලා තිබ්බ ඇස්දෙකට දැන් හොදටම අමාරුයි . අඩන්න ඔන උනත් බෑ , අම්මට ඇහුනොත් එයත් අඩයි බං . ඒ නිසා ලියන එක නවත්තන්න වෙලාව හරි . 

දැන් උඹල මගේ බ්ලොග් එක කි‍යවන එක නවත්තයිද දන්නෑ " මේක මේ කොහෙද යන නිකමෙක් ලියන එකක් කියල "  , අපේ රටේ මිනිස්සු ගොඩක් එහෙමයිනේ බං . අමාරුවෙන් වේල කන එකාගේ ගෙදරමනේ බිදින්න හදන්නේ . 
කමක්නෑ බං මම තරහ නෑ ඕන නම්  නතර කරපන් . මට නැති වෙන්න දෙයක් නෑ බං ................ කවදාවත් තිබුනෙත් නෑ .......




ප.ලි -      මට නැති වෙන්න දෙයක් නෑ බං ................ කවදාවත් තිබුනෙත් නෑ ....... ඉස්සරහටත් එහෙමම වෙයිද !!!!!!! නෑ මම එහෙම වෙන්න ඉඩ ති‍යන්නෙ නෑ 

22 comments:

  1. අපි දෙන්නම එකම බෝට්ටුවේ බං ....

    ReplyDelete
  2. "දැන් උඹල මගේ බ්ලොග් එක කි‍යවන එක නවත්තයිද දන්නෑ " මේක මේ කොහෙද යන නිකමෙක් ලියන එකක් කියල " , අපේ රටේ මිනිස්සු ගොඩක් එහෙමයිනේ බං . අමාරුවෙන් වේල කන එකාගේ ගෙදරමනේ බිදින්න හදන්නේ .
    කමක්නෑ බං මම තරහ නෑ ඕන නම් නතර කරපන් . මට නැති වෙන්න දෙයක් නෑ බං ................ කවදාවත් තිබුනෙත් නෑ ......."

    ඇයි මෙහෙම කියන්නේ....:(
    අපි ඉන්නවානේ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මගෙත් එක්ක දිගටම ඉන්න එකට .).).)

      Delete
  3. දුක් විඳපු කෙනෙක් තමයි තව කෙනෙක්ගේ දුකක් අදුන ගන්නෙ.
    හැමදාම දුක තියෙන්නෙ නෑ වරදින්න වරදින්න උත්සාහ කරන එකා තමයි කවදා හරි හොඳ තැනකට එන්නෙ.

    අනෙක මිනිහෙක්ගෙ වටිනාකම තියෙන්නෙ සල්ලි වල නෙමෙයි ඒ මිනිහගෙ තියෙන ගතිගුණ ආකල්ප මනුස්සකම මත. ඉතිං දිනෙල්ක ගාව ඒ හැමදේම තියෙනව. ඉතිං තව අය මෙතනට එකතු වෙන එක මිසක් කව්රුවත් දාල යන එකක් නම් නෑ. අපි නම් ඔන්න දිගටම එනව ඕං!

    ReplyDelete
    Replies
    1. ස්තූතී කියනව හැරෙන්න වෙන කියන්න දෙයක් මට හිතාගන්න බෑ බං

      Delete
  4. ජීවිතේ ගැන කල කිරිල වගේ කතා කරන්නේ ඇයි යාලු.. අපිටත් දවසක ඉර පායනවා සතුටින් ඉන්න...
    මට නැති වෙන්න දෙයක් නෑ බං ................ කවදාවත් තිබුනෙත් නෑ ....... ඉස්සරහටත් එහෙමම වෙයිද !!!!!!! නෑ මම එහෙම වෙන්න ඉඩ ති‍යන්නෙ නෑ (එහෙම තමයි හිතන්න ඕන..)

    ReplyDelete
    Replies
    1. +++++++ ඒහෙම කරන්න් තමයි හිතාගෙන ඉන්නේ ...

      Delete
  5. සැලෙන්න එපා බං ජීවිතේ අපී හිතන පතන හැමදේම ලැබෙන්නේ නෑනේ
    අනේමන්දා තවත් මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ, හිතින් වැටෙන්න එපා බං
    එතකොට ගතිනුත් නිකන්ම වැටෙනවා
    උඹ ලියපං අපි එනවා දිගටම

    ReplyDelete
    Replies
    1. දිගටම එන එකට බොහෝම ස්තූතී ..........

      Delete
  6. කමෙන්ට් කරල තිබුන හැටමෝටම ගොඩක් පින් ........මම මේක ලිව්වේ කවුරැවත් කමෙන්ට් එකක් දාන්නේ නැතිවෙයි කියල හිතාගෙන.......... මේක ලිව්වට පස්සේ මගේ හිතේ තිබුන ලොකු බරක් නිදහස් වුනා වගේ දැනෙනවා ...........

    ReplyDelete
  7. මල්ලි ජීවිතේ කියන්නෙ මේ හැමදේකම එකතුවක්..කවදාවත් සැලෙන්න එපා කිසිම දේකට..අදට වඩා හෙට හොඳයි කියල මුහුණ දෙන්න ජීවිතේට..

    ReplyDelete
    Replies
    1. හැමදාම එකවගේම දුක තියෙන්නේ නෑ කියල මම දන්නව අක්කේ ...... බොහෝම ස්තූතී මේ පැත්තේ ආවට ඊට වඩා ස්තූති කමෙන්ට් එකට......

      Delete
  8. උඹ මිනිස්සු ගැන වැරදියට හිතන එක නතර කරපන්.උඹ හිගන්නෙක් වුනත් උඹ ලියන දේ නොකියවා ඉන්න තරම් කුහක නැහැ බං අපි.අනික උඹ හිතන්න එපා උඹේ ජීවිත කතාව උඹට පමණක් තියෙන එකක් කියලා.උඹට ජොබ් එකක් හරි තියෙනවා ඒත් උඹ දන්නවද මට ජොබ් එකක්වත් නැහැ.මට හිතෙන කිසිම දෙයක් ගන්න බැහැ බං.මම අවුරුදු එකහමාරක් එකතු කරපු සල්ලි වලින් තමා ඈ ෆෝන් එකත් ගත්තේ.ඒත් මම කවදාවත් මගේ කතාව කාටවත් කියලා නැහැ බං කියන්නෙත් නැහැ.ඒත් මේ බ්ලොග් වල ඉන්න මිනිස්සු ගොඩක් බුද්ධිමත් බං.මං ලියපු ලිපි වලින් මගේ අනන්‍යතාවය මම කවදාවත් එලි කරලා නැහැ ඒත් ඒ ලියපු ටිකෙන් මගේ ජීවිතේ තේරුම් ගත්ත එකෙක් ඉන්නවා බං මම දන්නෙත් නැහැ ඒ කවුද කියලා.ඇත්තටම මට වඩා උඹ වාසනා වන්තයි.මටත් මේ ලෝකේ අම්ම හැරෙන්න කව්රුත් නැහැ ඒ මදිවට අම්මට සනීපත් නැහැ.මෙතන ඒවා කොටන්න බැහැ බං.උඹ නෙවේ මමයි බ්ලොග් අවකාශේ අවාසනාවන්තම එකා ඒත් මම කාටවත් ඒක පෙන්වලා නැහැ.

    ReplyDelete
    Replies
    1. හිතේ තද කරගෙන ඉදල ඇතිවෙලා හිටියේ ..... ඒකයි බං ඔන්න ඔහේ ඕන එකක් කියල ලියල දැම්මේ .... දැන් හිතට හොද නිසා හොද දෙයක් හිතේ නිදහස තියාගෙන කරන්න පුළුවන්වේවි .....

      Delete
  9. සැලෙන්න එපා යාලු..අනේ මන්ද.. :( :(
    අපිනම් එනවා ඔන්න කියවන්න හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද කියල තමයි අනේ මටත් කියන්න තියෙන්නේ ... මම තිසිම දෙයක් ඔනවට වඩා සීරියස් ගන්නේ නෑ ... අනේ මන්ද මගේ අතින් මේක කොහොම ලියවුනාද කියල !!!!!!!!!

      "හිතින් අතරමං වුන,ඒත් හිනාවෙන කොල්ලෙක්" කියල මම මගේ ගැන ලිව්වේ ලියන්න දෙයක් නැතිකමට නෙවෙයි, ඇත්තටම මම එහෙම කෙනෙක් නිසා !!!!

      Delete
  10. මොනවද බන් මේ ලියන්නේ? මේක උබේ බ්ලොග් එක තමයි.. එත් යකෝ මෙහෙම ලියන්න එපා... උබ තමන් ගැන තියෙන ආත්ම විසවාශය නැති කරගන්නත් එපා.. උබ හිතන් ඉන්නේ අපි වලව්වෙ හාමුලා කියලද..? දවසක සෙට් උනාම මම උබට මම ගැනත් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ආයේ ලියන්නනෑ බං :D ......... එල එල සෙට් වෙමුකෝ දවසක!!!!

      Delete
  11. malliye positive hithanna...oyata dawasaka hari yai

    ReplyDelete
    Replies
    1. දැන් හරි සේරම ........... හිතුවට වඩා හොදට සිද්දවුනා .... බොහොම ස්තූති

      Delete
  12. අපි ඔක්කොම එක යායක. උබෙයි මගෙයි අතරෙත් කිසිම වෙනසක් නෑහෑ බන්. හෑබෑයි මගෙ ඈහෑට කදුලක් නම් ඈවිල්ල නෑහෑ එහෙම ගියා කියල. (සෑ.යු. ඈයි බන් අමබානට බන් බන් ගාන්නෙ :p )

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text