සොදුරු හිතැත්ත්නගේ හොදම අදහස් ඇති අමුතුම ඉසව්ව , සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් අඩවි ..... මතකේ හරිනං ( වරදින්න විදිහක් නෑ ) මං දෙවනි පාරට ඒලෙවල් විභාගේ ගත්තු 2011 අවුරැද්දේ අප්‍රේල් මාසේ , මූණු පොතේ සිංහලෙන් ස්ටේටස් කොටන්න ඕනේ කියන අමුතු ආසාව කොහෙන්ද මන්ද ඔළුවට වැටුන .ඒත් හත්වලාමේ කොහොමද දැං ඕක කරන්නේ ඈ !!!!! සිංහලෙන් කොටනව තියා වෙන එකෙක් කොටපු දේවළුත් මට පේන්නේ කොටුකොටු විදිහට හරියට නිකන් 18 + වගේ .සිංහල අවුරුද්දත් කට අස්සේ තියාගෙන කොහේවත් යන්නත් බෑ මේක කරන්නේ කොහොමද කියල දැනගන්න ( නිකන් මොකද්ද වගේ ) .සෑහෙන අවුලක් !!!
ගෙදර ඉස්සරහට වෙලා, තියෙන පුන්චි සිමෙන්ති පිල්කන්ඩියේ ඉදගෙන ඔළුව බර කරගෙන හිතන්න ඕනේ තරම් ලොකු ප්‍රශ්නයක් .අළුතින් හදාගෙන යන තට්ටු එකොළහක බිල්ඩිමේ මුදුනෙම තියෙන යකඩ කූරුවලට හිරවෙච්ච පුංචි සරුංගලයක් හෝගාල දගලනව . ලා අළුපාට වැහිවලාකුළු අම්මෙක් පැටව් දෙන්නෙක් එක්ක ඒපැත්තට හෙමීට ඇදිල යන්නේ , බක්මහ අකුණු අස්සේ උඩයන්න හදන සරුංගල් වලට වෙනදේ පෙන්නන්න වෙන් ඇති . ගෙන්දගම් පොළොව උනාට මොකද කොළඹත් අමුතු ගතියක් තියෙනව ( හරියට බලනව නම් ඕනේ කුණුගොඩක් හෙන හැඩට පේන්න ඉඩතියෙනව :D ) .
ශා..... මල් ගවුමක් !!!!!! හොව් හොව් ..... මොකක් කිව්ව මල් ගවුමක් ??????? තැනට ගැලපෙන්නෑ නේද ! සරුංගල් , වලාකුළු ඒව මේව අස්සේ මල් ගවුමක් ! යාන්තං පියවේගෙන ගියපු ඇස්දෙක හොදට ඇරල බැළුව ...... ආහ් ..... මේ අපේ අහවල් ඇන්ටිගේ දූ සිගිත්තනේ මොනව උනත් පට්ට කෑල්ල ඈ ......
කෑල්ල කෑල්ල කෑල්ල කෑල්ල .............. අම්මට සිරි කෑල්ල .... අන්න හෙල්ප් එකක් ගන්න පොයින්ට් එක .ගොඩය ට කෝල් කරානං තක්කෙටම දැන ගන්න පුළුවන් කොහොමද මේක කරන්නේ කියල .බෙන්තර ගගෙන් එහා පැත්තෙ ඉදන් ආවට මොකද හෙන හිතහොද බුවා හැබැයි හෙනම පම්පෝරි කාරයා ( ඒ පැත්තේ හැමෝම වගේ එහෙමයිනේ ඉතින් @ අද්දැකීමෙන් / හැබැයි ඉතින් දැන් දැන් සමහර නුවර කෙල්ලොත් එහෙමයි ,,,,, මං කියන්නේ කවුරු ගැනද කියල දන්නව නම් :D :D ) . මිනිහ කොළඹින් කෙලි පැටික්කියක් එහෙම හොයාගෙන කෙල්ලගේ අම්මට එහෙමත් කියල කැමත්ත අරන් තිබුන අමර පොරක් , ඒ කෙල්ලට අපි කිව්වේ අපේ කෑල්ල කියල . ඒ නිසා තමයි කෑල්ල කියපු ගමන් ගොඩයව සිහිවුනේ ... දැම්ම කෝල් කරනවද පස්සේ කරනවද ,,,,,, ඔන්න ඔහේ පස්සෙම කරමු .දැන් ගෙදරින් ශේප් වෙන් ඕනේ , අම්ම පිටි කොටන්න උදව්ව කරන්න කථා කරන්න ඉඩ තියෙනව .
" පුතා........."
අයියෝ !!!! පලා යාමේ මෙහෙයුම අසාර්ථකයි , දැන් ඉතින් කොටහංකෝ පිටි .
ගොම්මං යාමෙට කිට්ටු කරල ආයෙත් පාරක් නාගත්ත , ඇග පුරාම පිටිනේ . දැංවත් කෝල් කරමුද !
" ඕක කරන් මචං සිංහල යුනි කෝඩ්ස් ඔනේ බං "
" සිංහල මොකක් කිව්ව ?"
" යුනි කෝඩ්ස් යකෝ යුනි කෝඩ්ස් හිටිංකෝ මං උඹට ලින්කුව එවන්න එතන්න ඩවුන්ලොර්ඩ් කොරහං "
" හා " ***
අම්මට සිරි ඔය පේන්නේ දැන් යස අගේට .......... කලින් මට කොටු විදිහට තිබ්බ ඒවා දැන් ඔය තියෙන්නේ සුද්ද මිහිරි සිංහලෙන්ම ...... ම් ම් .......ම් ඒත් දැං කොහොමෙයි කොටන්නේ ? ඉදහංකෝ බලන්න .... ලැන්ග්වේජ් බාර් එකෙන් සිංහල සිලෙක්ට් කළා .'A' හරිනේ 'අ' යන්න , 'P' බලමු මොනවා !! :O 'ච' යන්න අයියෝ සල්ලි . ගනිං කොළයක් ,දැං ලියහං ඉංග්‍රීස් අකුරට එන සිංහල අකුර . ඔන්න ඔහොමයි මං අකුරෙන් අකුර අමුනලා මාස දෙකක් තුනක් ඇඹරිලා එහෙම සිංහලෙන් අවුලක් නැතිව කොටන්න පුළුව්න්කම හදාගත්තේ . ඔන්න ඉතින් දැං ඒක හරි ඈ ! .
මොකද කියන්නේ සිංහලෙන් කොටල සිංහල සින්දුවක් හොයමුද .... මොකද්ද දැන් මේ සින්දුව? ම් ...... "හදවත පාරන සොදුරු හැගුම් ". ලියමු 'හ' යන්න අම්මට සිරි මේක දැක්කහම මට මතක්වෙන්නේ හොද සුද්ද සිංහල වචනයක් හදවත පාරන්න පසසේ බැරිය 'හ' යන්න 'හි' යන්න වෙන්න තත්පරයක්වත් ගියේ නෑ . මෙන්න ඉතුරු අකුරු ගහන්න කලින් රිසාල්ට් වගයක් පෙන්නනව . උඩින්ම තියෙන්නේ ' හිස් අහස ' කියල එක්ක . මොකද්ද හත්වලාමේ හිස් අහස කියන්නේ , බලමු ......
" මගේ පව්කාර ආදරය " ..... හැ ..... මොනවද මේ ලියල තියෙන්නේ !
පැයක් යන්න ඇති , දෙකක්ද දන්නෙත් නෑ .......මට නෙවෙයි ගානක්වත් ගියේ . අකුරෙන් අකුර ගැළපිලා හරි අපුරුයි නොවැ තමන්ගේම ජීවිත අද්දැකීම් එකතුකරල හදපු හරිම අපූරු අඩවියක් .අම්මට සිරි මෙන්න තවත් ඒවට ලින්ක් තියෙනව , අඹ ගහේ ජම්බු කිව්වලු .!!! :D .
පිස්ස ලියපු පලාමල්ලේ නෙත්මිගේ කථාව , පූසෝ සෙට් එක ලියන බ්ලොග් ගඩොල් , මාරයා ලියපු මාරයාගේ හෝරාව , දේවගේ අඩවිය , ගිමන්නිවන්නගේ අම්බලම , රෙපාගේ කිලෝමීටර් නැති ජීවිතේ ගැන , නිශාන්ගේ මඩිස්ස, රජාගේ තහනම් අඩවිය ........... තවත් එකි මෙකී නොකී ගොඩාක් ඒවා ...... අප්පට සිරි තව පොඩ්ඩෙන් අමතක වෙනව පොඩි කුමාරිහාමිගේ වලව්වේ වගතුගත් මරුම තමා :D .. ගෑණු ළමයෙන් ලියන බ්ලොග් වලින් මට සෙට් වුනේ පොඩි කුමාරිහාමිගේ එක විතරයි ( අනිත් අය තරහ වෙන් එපා හොදේ ..... ඔන්න ඇත්තම කිව්ව ..... ඇත්ත තිත්තයි වගේ නම් දුවල ගොහින් සීනි හැන්දක් කටේ දාගන්නව හොදයි :D ).
මෙච්චර කාළයක් කිසිම දේකට ඇබ්බැහි නොවී හිටපු මම ( රහස් පරීක්ශක කථා කියවීමට හැර :D ) හදිස්සියේම බ්ලොග් කියවන්න ඇබ්බැහිවෙලා. හිටපුගමන් අම්ම ඇවිත් බැනල යනව අන්තිමට දොරකඩින් එහාට ගියේ කවදද කියල අහල . ඕන් අපි බ්ලොග් කියවනව .
ආසම කලේ සදරු අයිය ලියපු හිස් අහසට , මුලින්ම අහුවෙච්ච බ්ලොග නිසා නෙවයි මමයි රජා කියාගන්න ( අපේ අඩවි රජා ගැන එහෙම නෙවෙයි හොදේ :D කථාවට කිව්වේ ) උන්ට , මගේ හැකියාවයි ඔය තවත් මොකද්ද එකකුයි ගැන කියන ඇච්චො පැච්චො දෙන ලාමක ටින් ටින් ආතල් වගේ නෙවෙයි ලියපු දේවල් හිතට වදින්නම ලියන නිසා .
පහුගිය ජූනි මාසේ අන්තිම හරිය දවසක රෑ හරි වෙනස් ,සදරුගේ අඩවියට ගොඩ වැදුනේ යකඩ බජාර් එකේ කථා , කොමඩ් සින්ක් කථා, මුල්ල පටස් කථා අයෙම කියවන්න හිතුන නිසා , ඈතින් බල්ලෙක් උඩු බුරලනව ඇහෙනව ...... කොළඹ උනාට ඒකේ ඒහැටි අමුත්තක් නෑ ............ ගෙදර මින්ස්සු හැමෝම නිදි කිසිම සද්දයක් නෑ , ඔරලෝසුවේ තත්පර කට්ට යන සද්දෙ ඇහෙන්නේ හරියට පාර හාරන මැසිමක සද්දේ ඇහෙනව වගේ තදේට . කූඹියෙක් ......... ඔව් කූඹියෙක් තමයි , කීබෝඩ් එකේ එන්ටර් කී එක ඇතුලේ ඉදං එලියට ඇවිත් මේසෙට බැස්ස . මට අම්බානක මල ....! ඇයි යකෝ මූට රිංගන්න තැන් නැතුවටද මවුස් එක අරන් කෙලල ඇරිය .... කෝ මූට වැදුන්නෑනේ කොහේදෝ යන්න එලියට බැහැපු එකා මගේ ප්‍රහාරය හමුවේ ආයෙමත් කීබෝඩ් එකටම නැගගත්ත. මවුස් එක අත ඇරපු මම ඇගිලි වලින් ඌට ගේම දෙන්න බැළුව . මොන මූ ආයෙමත් අස්සටම රිංගුවා. ඊට පස්සේ තමයි සික්‍රීන් එක දිහා බැළුවේ . කූබියත් එක්ක ෆයිට් එක තිබ්බ වෙලාවේ මොන මොනවද එබිල මෙන්න මගෙන් අහනව බ්ලොග් එකක් හදනවද තියෙන එකට සයින් ඉන් වෙනවද කියල .
ඔය වෙනකොට මේකේ උන්ගේ ආතල් දැකලම මටත් බ්ලොග් එකක් පටන් ගන්න බොක්කේ කොනක ( දැන් ඉන්න උන්ට හිතේ හරි හදවතේ හරි කොනක් නෑනේ , බොක්කෙන්මනේ කියන්නේ ! :D ඔන්න මමත් බොක්කෙන්ම කිව්ව ) බ්ලොග් එක්ක පටන් ගන්න ඕනේ කියල හිතිලය් තිබුනේ .!!!!!! කූඹියාට පින්සිද්ද වෙන්න එදා රෑ එලි වුනේ බ්ලෝකෙට විලක්කුව කියල බ්ලොග් එකක් එකතුවෙලා . ඒ මීට මාස තුනකට කලින් . " ජය සක් මැද විලක්කුව දල්වන්නට අවසර " ඔන්න පලවෙනි පෝස්ට් එක . ඒක දාලා විනාඩි 10ක් යන්න හම්බ වුනේ නෑ . පළවෙනි කමෙන්ට් එක ..... බ්ලොග් ලෝකේ දැවැන්ත චරිතයක් "අභීත" අයියගෙන් ........... හිතා ගන්නවත් බැරිවුනා ආසාවේ කියවපු 'ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න එන්න ' ලියන . බ්ලොග් ලෝකෙම එකතු කරල සිහින අවුරුදු උත්සවය තියපු ' අභීත ' අයියගෙන් පලවෙනි කමෙන්ට් එක ලැබුන කිව්වහම . හැබැයි ඊට පස්සේ නම් එතුමගෙන් කොමෙන්ටුවක් මේවෙනකං ලැබුන්නෑ , සමහර විට මගේ ලිවීම ඒතරං පොලිශ් වෙලා නැති නිසා වෙන්න ඇති ( ඔහොම යංකෝ පොලිශ් වෙන්නැතෑ ). කවදාවත් මගේ බ්ලොගේ කොමෙන්ට් කරල නැතිවුනාට කවුරු කොතනදි ඇහුවත් මගේ ගුරුතුමා කියල මම බයක් හැකක් නැතුව කියන සදරු අයියගේ පිහිටෙන් බ්ලොග් එකට RSS මෙව්ව එක හදවගෙන සින්ඩි ටිකකටත් දැම්ම ... හැබැයි ඉතින් සංසදයේ මහ සින්ඩියෙන් නම් තවම අපිව ගනන් ගත්තෙවත් නෑ යවපු ඊයෙනුත් වැඩක් වුනේ නැති නිසා අපිව එපානං බලෙන් කොහොම යන්නද කියල හිත හදාගෙන :D ස්වාධීන වුනා .
විලක්කුවට තුන් මාසයයි . හිතේ තියෙන දේ ඒවිදිහටම ලියන්න හිතාගෙන පටන් ගත්තට මොකද බ්ලොග් එක පටන් අරන් දවස් කීපයක් යද්දි හිතේ නිදහස කොහේදෝ පාවෙලා යන්න ගියා , ඒ මට අකමැත්තෙන් කරන්න වුන රස්සාවක් නිසා .නියම දිනෙල්කයා වැහිල ගියා කිව්වොත් 100% හරි මගේ ලියන ශෛලිය හිටන් වෙනස්වුනා .ඒ නිසාමස කොහෙද ලියපු සමහර පෝස්ට් පතෝල වගේ වුනා කියල මට හිතෙනව . ඒත් දැන් ඒ ඔක්කොම හරි , මං ඒ ජොබ් එකට ගිය මාසේ තිත තිබ්බ . ඔන්න දැං මං ඇවිල්ල මංම තමයි :D බ්ලොග් ලියන්න පටන් ගත්තු පිස්සු කොල්ලම තමයි .
හොදම කථාවක් දැම්මත් මොන පල් කථාවක් දැම්මත් නැව ගිළුනත් බෑන් චුන් කියල දුටු තැන කමෙන්ට් කරන එව්වෝ ට්කකුත් මට ඉන්නව ..... මං උන්ට හෙනම ආදරෙයි ..... විහිලුවට බයිටට නෙවෙයි උන්වගේ සෙට් එකක් මගේ වටේ නොහිටින්න මං පතෝල වෙලා හිටපු මාස තුන ඇතුලේම විලක්කුව නිවිල යන්න හොදටම ඉඩතිබුන ...........
රෙපා,මඩිස්සලේ නිශාන්, වකා , තරිය අබේ රෙහානි, වීපොකුර,අඩවි රජා වගේම හිරුහිමාවිටත් එක වාරයකට දහස් වාරයක් ස්තූති ඒ විදිහට මාව දිය වෙන්න ඉඩ නොතියපු එකට .අම්ට සිරි අමතක වුනානේ ..... රතු රජරටටත් මීගොඩයටත් එසේමැයි ඈ........:D
සදරු වගේ කෙනෙක් ගුරුවරය වෙච්ච අභීත වගේ කෙනෙක්ගෙන් පළවෙනි කමෙන්ට් එක ලැබුන ( දෙවනි කමෙන්ට් එක දීපු නිශ් අක්කව මතක් නොකලොත් අවුල් ගේ නේද ..... ඇයි තුන්වෙනි කමෙන්ට් එක දීපු අඩවි රජාව ....:D ) ඕනේ ගිණිගෙඩියක් වරක ගෙඩියක් කරන මගේ බ්ලොග් යාළුවෝ සෙට් එක්ක .. මං දිනෙල්ක මෙන්න මේ විදිහට විලක්කුවේ තුන් මාසෙට පින් පතල කියවීමට යමක් දන් දෙනව :D:D.
ප.ලි - මං ඇවිල්ල ටිකක් විතර අමුතුයි හොදේ ....... ගෝල්ෆේස් එකේ බංකුවක් උඩට වෙලා අයිස් ක්රීමක් තනියම කන ගමන් කොහේ ගියත් බෑග් එකේ තියෙන පුංචි නොට් බුක් එකේ පිටුහතරක් පිරෙන්න මේ කථාව ලිව්වේ ගෙදර ඇවිල්ල බ්ලොග් ගත කරන්න හිතාගෙන. මීට අවුරුදු දෙකකට විතර කලින් අර බිල්ඩින් එකේ පැටලිලා නටපු ජාතියේම සරුංගලයක් අරන් මේ දැන් පුන්චිම පුච්චි බෝල කොළුපැටියෙක් මගේ ඉස්සරහින් පෙරලි පෙරලි ගියා .
ෆලො කරලත් මේක මිස් උනේ කොහොමද?????
ReplyDeleteමේ ලියල තියන විදියට පට්ට ලයික්....
මොන මිස් වීමක්ද ....ූ!!! ඔය කොමොන්ට් කරල තියෙන්නේ මුලින්ම .... ඩී
Deleteහී හී,, මම බැලුව මොකද්ද අප්පේ මේ කියල..
ReplyDeleteජයෙන් ජයම වේවා! :)
ඒකනේ .......... බොහොම ස්තූතියි කිව්ව
Deleteජය වේවා මචං !! මම නිතර මේ පැත්තේ එන්න බැරි වුණාට අහිතක් හිතන්නෙපා ..
ReplyDeleteඅප්පට සිරි ගජ මේන්න ගුරුතුමා ....... බොහෝම සන්තෝසයි බං අයියේ උඹව මේ පැත්තට ගෙන්න ගන්න හම්බ වෙච්ච එකගැන . එහෙම අහිතක් හිතන්නෑ .... හිතනව නම් මෙහෙම තුන් මාසේ දානේ ගැන ලියන කොට උඹ ගැන නොලිය ඉන්න තිබුනානේ .
Deleteකොහොම උනත් ඔන්න ගුරු දේවයින්ගෙනුත් කොමොන්ටුවක් වැටුන ඇ
බ්ලොග් ලෝකෙන් දියවෙලා යන්න හදනකොට නම දැකලා මොකක්ද කේස් එක කියලා බලන්න ආවේ. ජයෙන් ජයම වේවා :)))
ReplyDeleteමුල ඉදලම හිටියට බොහෝම ස්තූති
Deleteඔන්න මං පනුච්චිත් ගොඩඋනා ඈ.. ජයම වේවා !!!!
ReplyDeleteමේකට ගොඩ වෙච්ච කෙනෙක් ආයේ දාල ගිහින් නැ..... බොහොම ස්තූති
Deleteඅහ අහ අහා...........
ReplyDeleteයකඩෝ.... මාර විදිහටනේ මූ බ්ලොග් ලියන්න ඇවිත් තියෙන්නේ. අපි නං ආවේ හිතේ දුකට :)
එල එල... දිගටම ලියමු
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයෙත් අහල ඉතිහාසගත වෙනව නෙවද ...... තැන්කයූ වේවා
Deleteමම දිනේල්ක ගැන හෙන අනුකම්පාවෙන් හිටියේ වැඩ ඇරිලා රෑ 10ට ගෙදර එන එක ගැන.බලන් ගිඉයාම මු ගෝල්ෆේස් එකේ කූල් එකේ අයිස්ක්‍රීම් කන බුවෙක්නේ.තාම මාස තුනයිනේ බොල ඔහොම යමන් අවුරුද්දක් දෙකක් යද්දී උඹ බ්ලොග් ලෝකේ සුපිරි තරුවක් වෙලා ඉඳියි අපිව මතක තියෙයිද දන්නෙත් නැහැ :).
ReplyDeleteඉදිරියටම යන්න මගෙන් උඹට සුභ පැතුම් මචන්.
ගිය මාසේ 30 වෙනකම්ම එහෙම තමයි ...... දැන් නම් එහෙම නෑ..... තරුවක් කිව්ව මොන තරුද බං ....ඩී
Deleteඔහොම යන්.. ඔහොම යන් සහෝ.. ජය..!!
ReplyDeleteබොහොම ස්තූති මචෝ
Deleteමචන්. උබ මේ පින් අනුමෝදනාව (නැත්නම් මතක බණ ද මන්දා ))ලියලා තියෙන විදිහ නම් ඇත්තටම මරු. පුතේ උඹ මේ පෝස්ටුව පටන් ගන්න කොට ලියපු වචන සෙට් එක නම් කියලා වැඩක් නෑ ..ජය පතනවා... දිගටම ලියහන්.. එතකොට අර කොලම්බු නයිට් ෂෝ එක ඉවරයිද ?
ReplyDeleteනයිට් ශෝ එක ඉවර නෑ තව තියෙනව ......... මේ මතක බණේ උඹටත් හෙන වෙැදගත් තැනක් තියෙනව .... මුල ඉදලම හිටියට පින් ....ඩී
Deleteහි හි. මාත් ආවෝ :) :) :) :) :)
ReplyDelete:) :) :) :) :)
Deleteමම ඒත් බැලුවෙ කාලෙකින් දැක්කෙ නැත්තෙ මොකද කියල. මාස 3 පිරීමට මගෙනුත් සුභ පැතුම්! ජයෙන් ජය වේවා!
ReplyDeleteඔන්න ආවා .......... බොහොම ස්තූති මචං
Deleteඒ තරියා අබේ රෙහානි කියන්නේ කවුද බං????????
ReplyDeleteඈ.....
හි හි...
සුභ පැතුං වේවා මචෝ....
එල ඈ...
තරියා අබේ රෙහානි ???!!!!!! හුටා කොමාවක් කොල හදියක් .... මං උඹට අළුත් වාසගමක් දීල වගේ නේද ...... බොහෝම ස්තුතී හොදේ
Deleteඔන්න වකාත් ජය පතන්න ආවා දිනෙල්ක අයියේ..
ReplyDeleteඉතිං... ලස්සන දීර්ඝ බ්ලොග් ගමනකට මගේ උණුසුම් සුබ පැතුම් !
ඔන්න හෙඩින් එකටම නම දාලා දැම්ම ...... මං වගේ කථාවක් තියෙන තවත් එකෙක් නිසා ....... සුභ පැතුමට ස්තූති
Delete:D
Deleteෆේස් බුක් එකේ රණ්ඩු වුනත් ඔන්න අදයි ආවේ මෙහෙට.සුබ පැතුම් හොඳේ..
ReplyDeleteඅයියෝ මෙන්න මෙයත් ඇවිල්ල !!!! ........ඩී ... සාදරයෙන් ආදරයෙන් , එ ලියපු වචන දෙකම තනි ඉරකින් කපල දාලා පිලිගන්නව ..... තිත් දෙකයි ඩී .....
Deleteබොහොම ස්තූති
හොදයි මචං උබ ලස්සනට ලියනවා....
ReplyDeleteඔහොම දිගටම ලියමු... ___ජය___
thank you මචං :D
Deleteඕං මාත් ආව.
ReplyDeleteසාදරයෙන් පිළිගනිමු
Deleteඔන්න මචෝ මාත් ඇවිත් ගියාලු.. ජයවේවා!!
ReplyDeleteපිස්සු තමයි ...... මෙහෙට ආපු කවුරුත් එහෙම ආයෙ යන්නෑ තිත් දෙකයි ඩී
Deleteඅද තමයි විලක්කුව පැත්තට ආවේ. පරණ ලිපි කිහිපයකුත් කියවන ගමන්.
ReplyDeleteජයෙන් ජය මලයා!
බොහෝම ස්තුතී ........ දිගටම ඉදී කියල හිතනව
Deleteමම බ්ලොග් එකක් කියලා ඉස්සෙල්ලම දැක්කේ කතන්දර ඊට පස්සේ මාරයාව
ReplyDeleteමාරයාවනං මටත් හම්බවුනා මුල් කාලෙදාම ඒත් කතන්දරව සෙට් වුනේ බ්ලොග් ලියන්න ගත්තට පස්සේ
Deleteතුන් මාසේ දානේ හොදා.... පිංකම දිගටම කරගෙන යන්න ..
ReplyDeletefb එකේ අහක යන කමෙන්ට් එකකට ඔලුව දාල හරි මේ පැත්තට එන්න ලැබීම සතුටක් .....
ඔබට ජයෙන් ජය .......
හැ .. මට මිස් උනා නේද .. මේ බ්ලොග් එක ..අපරාදේ ... එල එල ..දැන් ඉතින් ... මගෙන් කොමෙන්ට් නැති උනත් .. අනිවා එනෝ හොදේ .....
ReplyDeleteඑල එල ......... :D .... සාදයෙන් පිලිගන්නා වග සටහන් කොරතබන වගයි :D :D
Deleteජය වේවා.. :)
ReplyDeleteහලී...පරක්කුවෙලානේ පොස්ටුව දැක්කේ...!හ්ම්...මමත් ඉතින් පුළුවන් හැම වෙලාවකම ඔබව කියෙව්වා ඔන්න...දිගටම ලියන්න..ඔබට ජය..!
ReplyDeleteමං පරක්කු වෙලා මේ පැත්තට ආව එකෙක්! සින්ඩි වලින් උඹව දැක්කෙ ඉස්සෙල්ලම අද තමයි! ඉතිං ඒකයි කේස් එක! ලියලා තියන හැම කතාවක්ම එල! දිගටම ලියහං!! සුභ පැතුම්!!
ReplyDeleteමට අද තමයි මේ බ්ලොග් එක අහුවුනේ! සින්ඩි වල උඹේ බ්ලොග් එක නෑ කියලා මේ පෝස්ඒ එකේ දැක්කම තමයි හිතුනේ ඒ ඇයි කියලා!! මොනා උනත් මලේ උඹේ බ්ලොග් එක එල! දිගටම ලියන්න! හරි!
ReplyDeleteඔබ නම් කියවන්න වටිනම කෙනෙක්.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ඔහොම යමු ලොක්කා
ReplyDeleteඅදමයි ආවේ මෙහෙට......දිගු කාලයක් ලියන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...ජයවේවා..!!
ReplyDelete