Social Icons

හොයමු බලමු

Monday, October 29, 2012

උඩු කිරිංඤා!!!!


ස්ථානය -  කොම්පංඥවීදිය පොලීසිය.
දිනය - දෙසැම්බර් 31 ( වර්ෂය මතකයේ නැත )
සම්භන්දිත චරිත - දිවා සේවා මුරය අවසන් කළ  බැරක්කයේ වාසය කරන උප පොලිස් පරීක්ශක නිලයට වඩා පහල නිලදරණ සියළුම නිලධාරීන් .
ප්‍රධාන චරිතය - ජයන්ත සමගින් උඩු කිරිංඤා !



 ඔය කලේ වෙනකොට මගේ වයස අවුරුදු 16ක් විතර ඇති මයේ හිතේ  ( හප්පේ ! සෑාහන කාලෙකට කලින් නේද :D ) . කිව්වත් වගේ ඇත්තටම මේ කථාව සිද්දවුනේ මොන අවුරුද්ද පටන් ගනිද්දිද කියල මතකේ නෑ, හොයාගන්න  මතකේ මොන තරං ඇව්ස්සුවත් වැඩක් උනේ නෑ ....... මතක් වෙන්නේම නෑ ! 
                                    අළුත් අවුරුද්දක් ලබනව කියන සතුටින් මුළුහිතම පිරිලා .වෙනද මොනව කළත් කොහේ හිටියත් නවය , නවය හමාර වෙනකෙට නිදියන්න ඔනේ වෙන මාත් අද ඇහැරගෙන අළුත්ම ඇදුමත් ඇදගෙන තාත්තත් එක්ක පොලීසියට ඇවිත්( හිරේ ඉන්න නෙවෙයි ඈ :D )  . අළුත් අවුරුද්දක් ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් කොම්පංඤවීදිය පොලීසියේ නිලධාරීන්  හැ‍මෝටම පවුලේ අයත් එක්ක ඇවිදින් විනෝද වෙන්න පුළුවන් විදියේ වෙල්ෆෙයා පාටියක් ලෑස්ති කරලා . මායි අම්මයි නංගීයයි තාත්තයිත් ඇවිත් ‍හිටියේ මේ පාටියට සෙටි වෙන්න .කන්න බොන්න ඇති තරම් ( වැඩියෙනුත් එක්ක ) මිසුසිකල් ශෝ එකකුත් එක්කම  ‍. බොන්න කියල කිව්වට මේ මොනවත් සැර ජාති එහෙම නෙවෙයි . කොකා කෝලා , ස්ප්‍රයිටි වගේ දේවල් :D. එදා රෑට කිසිම විදිහකින් අරක්කු විස්කි බ්‍රැන්ඩි සහ තවත් එවන් දෑ ..... පරිහරනය කරන්න එපා කියලා ඕ.අයි.සී නියෝගයක් ලැබිලයි තිබුනේ .නැත්තං උදේට ඩියුටි යන්නේ හතරගාතෙන් කියලා මිනිහා දන්න නිසා වෙන්න ඇති :D . 
                අපරාදේ කියන්න බෑ .... පට්ටම ආතල් එක ....... චිකන් ෆ්‍රයිඩ් රයිස් වලින් දෙපාරක්ම පිගාන සීගිරිය වගේ පුරවගත්තු මගේ දිහා කීපදෙනෙක් බයවෙලා වගේ බලාන හිටියා ලාවට ගේ මතකයි , ඉතින් මට පාන් යෑ . තුන්වෙනි පාරත් බෙදාගත්ත :D . ඩෙසට් එකට අයිස් ක්‍රීම් ලීටරයක් . ඔන්න ඉතින් ඊට පස්සේ තමයි පොඩ්ඩක් වට පිට බලන්න සිහියක් අවේ . ටිකක් වෙලා ඉදගෙන හිටියා ....... නිදිත් මතයි . නිසිමතේ එක තැනකට වෙලා ඉදන් ඉන්නකොට පට්ටම ආතල් ( ට්‍රයි කරලා බලන්න ) .
" මල්ලි ....පොඩ්ඩක් එනවකෝ මේ අහස් කූර පත්තු කරන්න .... "  මොකද්දෝ එකෙක් වැරදුනා , එකියක් උරසිසෙන් ඇද ඇද ආතල් එක කෑවා .අම්මට සිරි මහේෂිකා අක්ක..... තනියෙන් නම් බැරියැ හෙන පොඩි උන් සෙට් එකක් එක්ක  .කාලෙකට කලින් අපි ඉන්න ක්වාටස් වලම හිටපු, දුකට සැපට එකට හිටපු කෙල්ලෙක් , කාට බෑ කිව්වත් මෙයාට බෑ කියන්නේ කොහොමද . 
" ඇයි තනියෙන් බැරිද "
" අනේ බෑ ...... බයයි ඕයි ...."
" ඇයි ?"
" අතේ පිපුරුවොත් !"
" ආහ් එතකොට මගේ අතේ පුබුරනව බලන් ඉන්නද ආවේ """"
" අනේ මේ විකාර නැතුව පත්තු කරනවකෝ "
" මෙතන බෑ පොඩ්ඩක් එහාට යං "
" හ්ම් "
නත්තල් සීයා වගේ පොඩිඋනුත් වට කරගෙන  , පොලීසිසේ ග්‍රවුන්‍ඩ් එකට දකුනු පැත්ත්තට වෙන්න තිබුන නුග ගහ ලගට ගිහින් පොඩි උන් එක්ක  අහස් කූරු දෙක තුනක්මයැව්ව .
                               හදිස්සියේම වැඩේ නවත්තන්න උනේ ගිනිපෙට්ටිය අතේ තියාන හිටපු පොඩ්ඩගේ අතින් සේරම ගිනිකූරු ටික බිමට වැටුනට පස්සේ . එලිය තිබුනත් හතරවටෙටම විසික්වෙලා ගියාට පස්සේ ගිණිකූරු අහුලන එක ලේසිනෑ. ඒ නිසා ප්ලෑන මාරු කරන්න ඔනේ ....... උදාහරනයක් විදිහට ගත්තොත් අළුත් ගිනි පෙට්ටියක් ඕනේ වගේ ප්ලෑනක් . ඒත් මේ හදිස්සියේ කොහෙන්ද ? ගෙවල් වල ඉන්න සේරම මිනිස්සු මේ වෙලාවේ ඉන්නේ පාටියේ , ගිනිපෙට්ටි ගන්න කියලා ඒ අයව ගේවල් වලට එක්ක යන්න බෑනේ . උගතෝකෝටික ප්‍රශ්නයකට මූණ දීලා ඉන්න මේ වෙලාවේ මගේ ඇහැට වැටුනේ බැරක්ක පේලිය අයිනට වෙන්න පොඩියට හදලා තිබුන කාමර කෑල්ල අස්සේ මිනිස්සු ගැවසෙන චායාව. ඇත්තටම කිව්වොත් බැරක්කෝ කොල්ලෝටික තමයි එතන කැරකි කැරකි ඉන්නේ  . එතෙන්න ගියොත් ගිණි පෙට්ටියක් ශුවර් . ගෑල්ලමයි යන්න බෑ කියල අදිමදි කරන අල්ල පනල්ලේ මම වීරයා වගේ ඒ පැත්තට ඇදුනා .
මෙන්න බොලේ අර පාවිච්චි කරන්න බෑ කියලා තහංචි දාපු ‍ජාතියේ බීම ... ඔව් ඔව් ඒ බීම තමයි , රට ඒවා කාමරේ ඇතුලේ කිසිම තහනමක් නැතුව වීදුරුවලට පිරෙනවා . මොන තහනමක්ද , මට ලාවට වගේ හිනාත් ගියා , අඩි අටේ අටේ කාමරය් ඇතුලේ , බැරක්කේ ඉන්න සේරම බොහෝම අමාරුවෙන් පුටු තියාගෙන බොනවිදිහ දැක්කහම . මොන රාජකාරිය කළත් උනුත් අපේ රටේ අපේ ගම්වල කොල්ලෝනේ . අවුරුද්දට ගමට යන්නවත්නෑ විතරක් නෙවෙයි , කාලක් දාගන්න වෙලා තිායන්නේත් හොරෙන් . දන්න කවුරුත් ඉන්නවද ........ 
" මොනවද පුතා මෙතන කරන්නේ " ආහ් ..... ඔය ඉන්නේ ජයන්ත අයියා .
" ආහ් ...... මේ ජයන්ත අයියේ  මට ගිනි පෙට්ටියක් ගන්න පුළුවන් වෙයිද ! .... අපි එලියේ අහස් කූරු අරිනවා "
" අප්පද බොල උඩු කිරිංඤා ..... මෙන්න පුතා මේක අරන් යන්න " ජයන්තයා නං නහුතෙටම සූර්වෙලා, එහෙනං අපි එලියේ අරින්නේ උඩු කිරිංඤා ඈ.
" තැන්ක්යූ " මං ඉස්සරහට ගිහින් ගිනිපෙට්ටිය අතට අරන් යන්න හැරුනා .
" පොඩ්ඩක් ඉන්ටකෝ පුතා ........ ආ හ් ...... මෙන්න තවත් කූරු ටිකක්..." මැද තිබ්බ මේසේ අස්සෙන් අහස් කූරු සීයේ ‍බන්ඩලයක් ඇදලා අරන් එතනින් දහයක් විතර මට දික් කළා .ඒ හැම එකක්ම එකට අමුනලයි තිබුනේ එක ගිනිකූරෙන් 100ම යවන්න පුළුවන්  . 
" පත්තු කරන්න ...... පරිස්මෙ‍න් "
" මරුනේ ........... තැන්ක්යූ අංකල් , අපිගියා ................."                  ගිණි පෙට්ටියක් විතරක් නෙවෙයි තව උඩු කිරිංඤා තොගේකුත් අරන් වීරයා ගේ මං එන දිහා ඇත පොඩි උන් බලාගෙන ඉන්නව .
කාමරෙන් එලියට බැහැලා මීටර්  පහ හයක් වත් එන්න උනේ නෑ .කාමරේ ඇතුලෙන් මහ හයියෙන් මොකද්දෝ පුපුරනව ඇහුනා , තව එකක් , හත් ඉලව්වයි සූ ගාන සද්දෙත් එක්ක කාම‍රේ ඇතුලේ මොනවද මොනවද එකදිගට පුපුරනවා  ............. .පොඩ්ඩක්  හැරිලා බැළුවා ...... එකෙක් මහාහයියෙන් කාමරේ තිබුන එකම දොරත් ඇරගෙන පණ කඩාගෙන දුවන්න තියා ගත්ත . එකේක නෙවෙයි ......සේරම උන් තෙරපි තෙරපි එලියට එන්න දඟලනවා .... මෙච්ච වෙලා වහල තිබුන ජනේලෙත් ඇරලා  සමරුකාමරේටම තිබුන එකම ජනේලෙන් එලිටයට එන්න දඟලනවා . 



වැඩේ මීටර් උනේ දැන් .............. ‍මොකෙක් හරි එකෙක් වෙරි මරගාතේන් අර අසහ්කූරු බන්ඩලේට ගිනිකූරක් ගහලා .කට වෙනකම් පිරිලා තියෙන අඩි අටේ අටේ කාමරය් ඇතුලේ අහස් කූරු සීයක් යන්න ගත්තහම කොහොමද !!!!! කට්ටියට එදානම් වෙරි අමතක උනා මයේ හිතේ ........
කලින් දවසේ රෑ සීයේ බන්ඩලේට ගිණි කූරු ගැහුවේ , මට ගිණි පෙට්ටිය දීපු ජයන්තයාම බව පහුවෙනිදා වෙනකොට ආරන්චි උනා . දන්න තරමින් එදායින පස්සේ මිනිහගේ නමත් වෙනස් උනා . ඒ මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ .මොකද මිනිහා තවම ඒ පොලිසියේමයි වැඩ කරන්නේ .

ඔන්න ඔහොමයි අළුත් අවුරුදු උදාවෙදි මං ගිණිපෙට්ටියක් ඉල්ලන්න ගිහින් පින් රැස් කරගත්තේ . එදා මං ඒ කාමරේට නොගියා නං අර අහස් කූරුබන්ඩලේ මේහේ අස්සෙන් එලියට එන්නේ රෑ 12 ට . මං නිසා කලින් එලියට ඇවිත් කලින් උඩ ගියා . වෙලාවට කාටවත් අනතුරක් උනේ නෑ.

45 comments:

  1. හික්ස්! පණ යනකම් හිනා බං! මේකත් කොරන වැඩ!

    ReplyDelete
    Replies
    1. අපි වැඩක් කලොත් ආයේ අහන්න දෙයක් තියෙනවද

      Delete
  2. //මොකෙක් හරි එකෙක් වෙරි මරගාතේන් අර අසහ්කූරු බන්ඩලේට ගිනිකූරක් ගහලා// පට්ට පට පට ඩොං..ඩෝං තියෙන්න ඇති නේ...
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. මතකේ ‍විදිහට ඒක ඇතුලේ තිබුන හැම දෙයක්ම පිච්චිලා තිබුනේ

      Delete
  3. :D අනෙ අම්මො බොලත් කරන වැඩ

    ReplyDelete
  4. අඩෝ පට්ට සීන් එක බං. ඒ අහස කුරු පිපුරුවේ නැද්ද බං. මම පොඩි කාලේ රතිඤ්ඤයක් කකුල් දෙක ගාව වැටිලා පුපුරලා සතියක් විතර මගේ කනේ සවුන්ඩ් කාඩ් එක ඩැමෙජ් වෙලා තිබුනා බං

    ReplyDelete
    Replies
    1. :D පුපුරන්නේ නැත්තේ මොකද බං ...... එකක් නෙවෙයි 100ක් ම පිපිරුවා ... එකම තැන :D

      Delete
  5. හි හි..හිනාකාල මැරෙනෝ..:)

    ReplyDelete
  6. අද මට ඔක්කොම පෝස්ට් හයියෙන් කියවන්න වෙලා. ... අපේ මහත්තයා මෙතනට වෙලා මොකද්ද වයර් දෙකක් අල්ලන් දඟලනවා...

    මේක කියෙව්වම ඔන්න ඔක්කොම පැත්තක තියලා බඩ අල්ලන් හිනා වෙන්න අරං... හි හි...

    ReplyDelete
    Replies
    1. වයර් දෙකක් අල්ලන් මක් කොරනවද !!!!:D:D කමක් නෑ ලේ පිරිසිදු වෙන්වනේ !

      Delete
  7. තව විනාඩි 10ක් පරක්කු වුනානම් දිනේල්කයාට මොකද වෙන්නේ....
    වෙලාවට එලියට අවේ .... මොනවා වුනත් මරු කතාව බඩ රිදෙනකන් හිනා වුණා

    ReplyDelete
    Replies
    1. වෙලාවටදත් අහනව .... නැත්තං මටත් එන්න වෙන්නේ ජනේලෙකින් !:D

      Delete
  8. හි හි හි.. මරු සීන් එකක් වෙන්ට ඇති කට්ටිය එළියට එන්න දගලපු එකනම්..

    ReplyDelete
    Replies
    1. කාමරේටම තිබුනේ ‍එක දොරකුයි පොඩි ජනේලෙකුයි විතරයි !!!!! ඇතුලේ 40ක් විතර පිරිලා .... මක්කම ගියා වගේ තමයි :D

      Delete
  9. හරිම භයානකයි. :)

    ReplyDelete
  10. අනේ උඹ අර දුන්න උඩු කිරික්ඤා 10ම ඉතුරු කර ගත්ත එහෙනම්....

    ReplyDelete
    Replies
    1. වෙලාවට !!! නැත්තං සීයක්ම පුපුරනවනේ ........ දැක්ක නේද මං නිසා 100ක් පුපුරන එක 90න් නැවතුනා :D

      Delete
  11. එකෙකුටවත් තුවාල උනේ නැද්ද බං ..

    ReplyDelete
    Replies
    1. එහේ මෙහේ ඇනිලා තුවාල වෙච්ච උන් හිටියට අහස් කූරු නිසා කාටවත් අවුලක් නෑ :D

      Delete
  12. හේ හේ .. යන්තන් ඇති .. උඹ බේරුනා

    ReplyDelete
    Replies
    1. :D ඇතුලේ හිටියනං ආතල් බං

      Delete
  13. උබලගෙත් වැඩ.
    අරූ මොන එහෙකටද අරකක් පත්තු කලේ.

    ReplyDelete
    Replies
    1. වෙරි මරගාතේ මොකට පත්තු කරාද කියලා කවුද බංදන්නේ .... ජයන්තතයාට පහුවෙනිදා මතකත් නෑළු මං ඇතුලට ආපු එකවත්

      Delete
  14. මොලේ විකාර වුනහම ඉතිං කොරන වැඩ තමා. ඇතුලෙ හිටිය අය යහතින් එලියට ආවද?

    ReplyDelete
  15. මගේ අමොඕ, ටාම හිනි බන් වැඩේට, හොඳ වැදී ඕකුන්ට...

    ReplyDelete
  16. හිකිස්... ෂෝය් කතාව අනේ... කාටවත් කරදරයක් වුනේ නැද්ද ඉතින්... ??

    ReplyDelete
    Replies
    1. නෑනේ !!! තිත් දෙකයි ඩී

      Delete
  17. හෙහ්.. සිරා කතාව.. හොද වෙලාවට මේක ගෙදර ඉදන් බැලුවේ.. නැත්නම් හිනාව.. :)

    ReplyDelete
  18. හි හි...හය්යු හය්යු...මාත් අද ඉදන් අහස් කූරු වලට කියන්නේ උඩු කිරිඥ්ඥ ...හි හි..!!!!!!!
    :D

    ReplyDelete
    Replies
    1. එල එල ............. එහෙම තමයි වෙන්න ‍ඕනේ !

      Delete
  19. හික්ස් පට්ට සීන් එක.
    පුදුම වෙන්න දේකුත් නැහැ බන් අපේ රටේ පොලිසියනේ :)

    ReplyDelete
    Replies
    1. ඒ කථාවෙත් ඇත්තක් තියෙනවා :):):):)

      Delete
  20. හය්යෝ මැවිලා පේනවා බං අරුන් ටික එලියට පනින්න දඟලන හැටි. :):)

    ReplyDelete
  21. හි...හිහි...
    මරු සීන් එක නේ...මට මැවිල පේනව
    කට්ටියගෙ වෙරි හිඳිල කාමරෙන් එලියට එන හැටි...

    ReplyDelete
  22. Woah! I'm really digging the template/theme of this website. It's simple, yet effective.
    A lot of times it's very difficult to get that "perfect balance" between usability and appearance. I must say that you've done a amazing job with this.
    In addition, the blog loads very fast for me on Safari.
    Exceptional Blog!
    my website > his website

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text