Social Icons

හොයමු බලමු

Saturday, November 10, 2012

ආරච්චිලෑ රොටිය ............. ! ( අපෝ නෑ.... 18 + නෙවෙයි )


දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම ගෙදරකම මිදුලේ පත්තුවෙවි  තිබුන කොප්පරා පන්දම් එළියෙන් මුළු ගමම දිලිසි දිලිසී තිබුනා .මාසේ පෝය නිසාම .....වෙනදා ඇවිත් , කට පුරා හිනා වෙලා මුළු ගමටම එළිය බෙදන හඳ පේන්න වත් නෑ . කොහෙදෝ පාවෙලා යන හිතුවක්කාර වලාකුළක් නිසා ගමට තරු එළිය වැටෙන එකත් නැවතිලා ................
                    හුටා .................. !!!!! සොරිවෙන් ඔනේ මොනවා ලියනවද මන්දා , මේක නෙවෙයිනේ අද කථාව , මේක ඇවිත් කමින් කෑල්ලක් . ‍ඔන්න අද ස්ටෝරිය .

                                 වැයික්කියේ ඉන්න සේරම ආරච්චි මහත්තුරු ටික අවුරුද්දකට සැරයක් කොහේට හරි එකතුවෙලා  එකතුවෙලා  අවුරුද්ද සමරන එක , ගඟ ඉහල කෝරලේ වසමේ ආ‍රච්චි මහත්තුරුන්ට අමුතු දෙයක් නොවුනේ . සුද්දගේ කාලේ ඉදන්ම පුරුද්දක් විදිහට මේ දේ සිද්දවෙන නිසයි ( දැන් නම් කොහොමද දන්නේ නැ ) . සුද්දදා රට දාලා ගිහින් අවුරුදු හැට ගානක් උනාට මොකද මේ ගම්වල මිනිස්සුන්ට ග්‍රාම සේවක කියන නමට දිව හදා ගන්න තවමත් බැරිවෙලා . ඒ මොඩ කමද නැත්තං අහින්සක කමද  කියන එක තේරුම් ගන්න එක බොහෝම අමාරුයි , මුළු ජීවිත කාලෙම ඒ පැත්තේ හැදුනත් වැඩුනත් ඕක තමයි තත්වේ .

                                                         කාලෙකට කලින් , අවුරුදු 14 කට 13 කට විතර කලින් වෙන්න  ඕනේ , ඔය විදිහට ආරච්චි සංගමේ දාන්න ‍තෝරගත්තේ මීතලාව වසම භාරව ඉන්න ආරච්චි උන්නාන්සේගේ වලව්ව . වසම මීගහ තැන්න උනාට මොකද මේ උත්තමයාගේ ගෙවල් තිබු‍නේ ඊට පැයක  විතර දුරින් තිබුන , ගම්පොල නාවලපිටිය පරණ පාරේ කුරුදුවත්ත ටවුමෙන් වම්පැත්තට තියෙන එකම පාරෙ ගියාම හම්බවෙන කොළුවල කියන ගමේ .( ඔන්න දැන් ඒ පැත්තේ කවුරු හරි ඉන්නව නම් දන්නවා කවුරු ගැනද මං මේ කියන්නේ කියලා  :D ).
                                                     බොහා්ම ගාම්භීර විදිහට ‍තොරණක් එහෙම ගහලා ,එන ආරධිත ආරච්චිලෑ පිලිගන්න කටයුතු කරලයි තිබුනේ . හවස හතර පහ වෙනකොට සේරම වගේ ඇවිල්ලා හිටියා . මුලින් මුලින් තම තමන්ගේ වසම් වල තියෙන අඩුපාඩු වගේම ඒවා කොහොමද ඉහලට වාර්ථා කරන්නේ වගේ බොහෝම හරබහ කථා ඇදිලා ගියා . 

                            කට්ටි‍ගේ දැහැන් බින්දේ දොර රෙද්දකට හේත්තුවෙලා බලාගෙන හිටපු බොකුට කොණ්ඩයක් තියෙන පොඩි කොල්ලෙක් අතින් බුලත් හෙප්පුවක් ‍බිම වැටිලා ..... " ටාං " ගාන සද්දෙත් එක්කයි . ලෝකේ පෙරලෙනවා වගේ ආපු සද්දෙත් එක්ක හැමෝගෙම ඇස් ඒ පැත්තට ආවේ  වෙඩිල්ලකටත් වඩා වේගෙන් .
" ආහ් ........... මට කියන්නත් බැරි උනානේ ‍!!!!! ඔය ඉන්නේ අපේ ලොකු කෙලීගේ පුතා දිනෙල්ක " ගෙවල් බාර ආරච්චි උන්නාන්සේ තමන්ගේ මුනුබුරාව කට්ටියට අදුන්වලා දුන්නේ එන්න එහෙමයි . උන්දෑට හෙප්පුව වැටිච්ච එක ගැන ගානක් වත් නෑ . කවදාවත් මොනවා කරත් ආදරෙන් කියලා දෙන පුරුද්ද බුලත් හෙප්පුවක් නිසා උන්දැ නැති කරගන්න ගි‍යේ නෑ .
                             
සම්භාව්‍ය කථා ඉවරයි . හැමෝටම ඔනේ පොඩි එකාව හුරතල් ‍කරන්න . ඌ හෙන හුරුබුහුටීනේ  :D .

                                 


( ඔන්න ඔය දිනෙල්ක කියන ‍එකා පොඩි පැට්ටා කාලේ !! ආහ් දැන් කියහංකෝ හුරතල් නැද්ද කියලා :D :D :D  )



පැයකට විතර පස්සේ සංගමේ මැද්දට ආපු  රට බීම බෝතළුත් එක්ක ,අනේ අර අහිංසකයට එච්චරවෙලා තිබුන සැලකිලි සේරම බෝතල් වලට ලැබෙන්න ගත්තා .........
ටිකෙන් ටික රෑ උනා .... බෝතල් එකෙන් එක හිස් උනා ... කට්ටියටම නාගසලං ..... ටික දෙනෙකුට කබර සලං , ඔය අල්ල පනල්ලේ . අර ආරච්චි උන්නෑහේගේ බිරින්දෑ ඇවිදින් හැමෝටම රෑ කෑමට , කෑම කාමරේ ඇතුලට එන්න  ආරාධනා කලා ............ බත් විතරක් නෙවෙයි . කැමති අයට කන්න රොටිත් හදලා තිබුනා . 

                                       කවදත් අර අහින්සකයගේ ප්‍රියතම ගමේ කෑම රොටී වෙච්ච එකේ , ඌ උගේ පාඩුවේ රොටියක් උල උල පැත්තකට වෙලා ආරච්චි කෝලම බලාගෙන හිටියා . සමහරු පරිප්පු වලට බත් බෙදාග්නවා , මස් හැලියට අත දාලා මස් ගන්නවා , ආරච්චි භාර්්‍යාව කොච්චර එපා කිව්වත් කට්ටිය කාපු පිඟාන හෝදනවා................. වැ‍ඩ කෝටියයි .
ඔය අතරේ දැකපු හොදම දේ දැකපු අර පොඩි එකාට හිනාව නවත්ත ගන්න බැරි උනා  ,
                             රොටියක් අරන් ඒකේ මැදට වෙන්න ලුණුමිරිස් කන්දක් ගොඩහ ගත්තු ගෙවල් භාර ආරච්චි මහත්තයා නොහොත් අර කොලුවගේ සීයා  , බොහෝම අමාරුවෙන් ලුණුමිරිස් ටික කාලා රොටිය හෝදලා පිඟන් රාක්කෙන් තිබ්බ .




ප.ලී - බීපු වෙලාවට රොටී කන්නට යෑම භයානක ප්‍රථීඵල ගෙනදේ . අදාල ආරච්චි උන්නාන්සේ අද දක්වාම මුනුබුරාගේ උපහාසයට ලක්වෙන්නේ මේ සිද්දිය නිසාය . හැබැයි ඒ මුනුබුරා සීයට හෙන ආදරෙයිළු ඇ....... 
 :D

ප.ප.ලි - මේ කථාව බොහෝම ප්‍රසිස්ද වුනාට මොකද කවුරුවත් නිදාන කථාව හරියට දැනන් හිටියේ නෑ . ( එදා වුනේ පරණ කථාවක ප්‍රතිනිර්මානයද කියලා නම්  මං  දන්නෑ ඕං )

31 comments:

  1. යකෝ මූ අර හැමතැනම යන ප්‍රසිද්ධ කතාව උගේ කොරගත්තා වගේ මගේ රොටී ටිකත් උස්සලා... මූනං ආරච්චිගේ මුණුපුරාම වෙන්ට ඕන.. ආරච්චිලත් කොරන තරමක් කොරන්නේ හොර වැඩම නෙව.. හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. අපොච්චියේ ........... මේ රොටී ටික මාරයා අයියගෙද ..... මල ගුලයි ,,, ගුලූගල් දෙයියොන්ගෙන් රොටී කියලා ගහලා පින්තූර ඉල්ලුවාම දුන්නේ ඒවයි පට්ටම එක තමයි මේ ....... කවුද දන්නේ ගුලූගල් දෙයියෝ මට මෙහෙම චාටර් වැඩක් කොරයි කියලා .... අයායෝ සල්ලි .. ආයේ එඩිට් කොරන්ට කම්මැලී ඔන්න ඔහේ තියෙද්දෙන් . හැබැයි කථාව නම් මගේ ඇ.......... හොක් හොක් හොක්

      ප.ලි - මාරයාව සාදරයෙන් පිලිගන්මු .අවුල් වගේනං කියහං අයියේ පින්තූරේ හෙට දිහාට මාරු කොරන්නම්...... අඩේ මං හොරා නෙවෙයි ඇ.:D:D:D:D:D

      Delete
    2. අවුලක් නැහැ අවුලක් නැහැ..ඔහේ තියහං... එක පාරටම රොටී ටික දැක්ක ගමන් මං බැළුවේ මේක කොහොමද මෙහෙ ආවේ කියලා... ඔය යටින් තියෙන්නේ පුංචියට CTK කියලා කෙලලා...

      ඔය කතාවේ වර්ෂන් හුගක් තියෙනවා.. අපේ ගමේ හිටිය ධාවන ශුරයෙකුටත් ඔයින් දෙකක් තිබුනා... මෑන් ගුලි පප්පා... දවසක් ගේ ළග පන්සලට ගිය වෙලේ හාමුදුරුවෝ දවල්ට කාහං කිව්වම මූ කාලා හාමුදුරුවන්ට කියාගෙන ඇවිත් මාළු ටිකනං පංකාදුයි කියලා... හාමුදුරුවෝ බලලා කොහේ තිබුණ මාළුවක්ද කියලා... බැලින්නං දානෙට ගෙනත් තිබුණ පොලොස් හට්ටියටම වග කියලා පුතයා ගිහින් තියෙන්නේ...

      දෙවැනි එක තමා ඔය ලුණු මිරිස් ටික කාලා රොටිය හෝදලා නවලා තිබ්බ එක... ඒකනං වෙලා තිබ්බා කිව්වේ ගෙදරදීම තමා...

      Delete
    3. එදා මාරයා මාව පිස්සු වැට්ටුවා. අද උඹ. අද රෑට අපි කන්නෙ කට්ට සම්බෝලේ එක්ක පොල් රොටි.

      Delete
    4. දැෂ් බෝඩ් එකේ .. පින්තූරේ දකිනකොටම මම රොටිය ඇඳින්නා.... :P

      උබ බය නැතුව උස්සහන් බන්.. මෙයා මේ කඩෙන් ගත්තු රොටී.. නැත්තං කොගෙද මෙච්චර ලස්සන රවුමට රොටියක් හදන්නේ මෙයා

      Delete
    5. රොටි කිව්වම මාරයියව මතක් වෙන තරමට ඒ රොටි ටික මරු .. හි හි.. පින්තූරේ දැක්ක ගමන් මතක් උනා මේක නම් මාරයියගේ ෆොටෝ එකම තමා කියලා.. හි හි...

      Delete
  2. අඩේ ඔව්මනේ ආරචිචිගේ මුණුබුරා මාරෙගේ රොටි ටිකනේ උස්සලා තියෙන්නේ....හොරා හොරා...
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. මෙනන යකෝ නම , සමකෙ වටේ දුවන එකා‍ කියලා වෙනස් වෙලා :D:D:D:D:D:D:D:D

      Delete
    2. කලින් තිබ්බ එකට වඩා මේක මරු. //මම සමකය වටේ (samakaya wate)දුවන එකා// එල නම :D

      Delete
  3. හෙක්ස්... :) :)
    සෝයි පොඩි එකා බං

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව මං පැටියා නෙව !!!!

      Delete
  4. උඹේ ලේබල් එක දැක්කම හිනා ගියා බං... "ඇයි මටම වෙන්නෙ"
    මාරයගෙ පොටෝ එක නිසා කිව්වෙ..හිකිස්..! :))

    ReplyDelete
  5. කමින් කෑල්ල නම් මාලයි...ඒක හෙන ලස්සනය් නොවැ.පොඩි එකා නම් හුරතල් පාටයි තමයි.. උදේ පාන්දර නැගිට්ට ගමන් රොටී දැක්කම..දැන් ඉතින් දවසම බඩගින්නෙ..රොටියක් හම්බෙනකම්ම..

    ReplyDelete
  6. රොටි වගේද සම්බෝල :D බොලෑ සීය නං මරු ඩයල් එකක් වගේ

    ReplyDelete
  7. kathawa ahala thiyanawa! habai danan hitiye na ee ubalage seeya kiyala! sirada bn! :D :D

    ReplyDelete
  8. හප්පේ ඔය කතාවේම වෙන වෙන වර්ෂන් හෙන ගොඩක් මම අහලා තියනවනේ දිනේල්කයෝ.... අර පොඩි එකා නම් සුරුවන් ඈ ....

    ReplyDelete
  9. :D :D අනෙ අම්මපා මෙහෙමත් රොටියක්...

    ReplyDelete
  10. මරු ආරච්චිල තමඊ . එච්චරටම වැඩේ නැගල ගියාද....

    ReplyDelete
  11. අඩේ! අපේ පැත්තට කිට්ටු ගම්පලාතක කතාවක්නේ.

    උඹලාගේ සීයාත් මාර වැඩනේ කරලා තියෙන්නේ. :)

    ReplyDelete
  12. මටත් ඔහොම ඩෝප් සීන් ගනනාවක් මතක් වුනා. මම ඒක කිව්ව ගමන් කට්ටිය වටකරගෙන නෙලන්න තියාගන්නවනෙ ඒ මට වෙච්ච දේවල් කියලා. ඒ හන්දා ඕනෙ නැ.

    අර පැටියා නම් හුරතල් තමා. ඌ පංචායුදේ කාලා නේ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. පොඩි එකා මරු බං... ආරච්චි පැට්ටෙක් නේ ඉතින්..:)
    ඔය රොටි කතාවක් අපේ එකෙකුටත් උනා. මං පෝස්ට් එකකත් ලියල ඇති ඒක.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචන් පොඩි එකාගේ බෙල්ල වටේ පටියක් වගේ එකක් තියන්නේ. මාලේ නෙවෙයි..

      Delete
  14. සීන් කෝන් එක මොනවා උනත් රොටි කන්න නම් මම මාරම ආසයි. උණු උණු රොටී මැද්දට කොච්චි සම්බල් දාලා හූයි හායි කියලා කන්න තියෙනවා නම් තම මොනවද ...

    ReplyDelete
  15. අපිනං මෙහෙම නැත!! අනුගත වූ දවසට(මම නැත) අපේ උන් කරන්නේ ගොදඹ රොටි වන් කබරයා ඇද බෑමයි! ;D ලස්සන කොලු පොඩිත්ත ආ!

    ReplyDelete
  16. හෑ මේක පොඩි කාලෙ ඉදන් අරව මේව්වා පෙරලන පුරුද්ද තිබිල වගේ. :D
    පවුලේ දේවල් ඔහොම පරසිද්ද කරන්න හොඳද ඈ! කොහොම උනත් මරු කතාව!

    ReplyDelete
  17. අඩේ ඔය රොටි කතාව මම අහලා තියෙනවා බොල.

    ReplyDelete
  18. kanne lunu miris bawa notherena tharamatama naaga salanda aa?hi hi...:D

    ReplyDelete
  19. මගෙ ලගත් සමාන කතාවක් තියනවා.... හෑබෑයි ඒකත් සීයෙක්ගෙ.... සීයා හොදටම බීලා ආච්චි පරිප්පු මේසෙන් තියන්න කලින් පිගානේ මලේ ගාගෙන පාන් කාල ඉවර කරල....

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text