Social Icons

හොයමු බලමු

Thursday, November 22, 2012

අම්මට සිරි තේ ............... ( තේරුනොත් ලොකු දෙයක් )


තේ වනාහී ‍සුද්දාගේ ජා‍තික පානය සේම ලාංකිකයාගේ සුදු ලකුණ වන්නාවූ ද , මද බෑවුමක් හා රතු ලැටරයිට් පසක් ඇති ස්ථානයන් හී වාරිශික වර්ශාපතනය මිලිමීටර 2000ත් තවත් කීයක් දෝත් අතර පිහිටි ලැම්බෝගිනි  යන  තරම් දුගී දුප්පත් ප්‍රදේශවල වැවෙන , කොළ පැහැති ඳල්ලක් හා වේලුන පසු කළු කුඩක් වන මෙව්වා එකක් ලෙස සැලකිය හැක.

‍සයිවර් කඩ වල වැඩ කරන කොල්ලන්ට නොඅඩුව අයඩින් සහිත ලුනු කෑමට  ලැබෙන්නේ යැයි සැලකූ කල්හී , නයිට් කඩේදී රුපියල් 20ටත් දවාලට  රුපියල් 15 ටත් අයඩින් සහිත තේ කෝප්පයක් රස විදීමට අපට ගතවන්නේ ‍ සංඛ්‍යාත්මකව ගෙන විනාඩි වලින් පැවසූවිට , වැඩි වුන ප‍‍ඩියටත් අඩු කාලයකි .
විනිමය අනුපාතය ඉහල‍ගොස් ගැටුම් ඇතිවන සමහර අවස්ථා වලදී ‍නිවසේ  වලං ලේක් හවුස් එක ඉස්සරහා පොලවේ ගසා අවසන් වූ පසු  අපට ඉතුරුවන්නේ පාර අයිනේ තේ දමනා ජංගම මෙව්වා එකයි . එහිදී නානාගේ යාරේ දැමීමේ හැකියාවෙන් අපිට තේ කෝප්පයේ ප්‍රමිතිය පිළිඹද මිනුමක් ලබාගත හැකිවන්නේය.
                                       කොහේ හෝ අමාරුවක් ඇතිවූවිට හෝ මූලග්ගාය තදවූ අවස්ථාවකදී නැත්තං දෙනෙත නිවා ගැනීම උදෙදා සුදු ගලක් බැලීමට සිතුන විට තරු පහේ හෝටලයක සුදු පුටුවකට වී කළු තේ කෝප්පයක්, 
රුපියල් 250කට පමණ  ලබාගත හැක .මෙහිදී වැරදීමකින් හෝ කළු කෝපි ලැබීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් කාරිවිය යුතුය . එසේම එහිදී සීනි තබා ඇත්තේ වෙනම පැකට් ලෙස වෙනම තැනක බව දැනගෙන යාමෙන් තේ බී අවසානයේ සීනි පිළිඹඳ දුක් වීම වලක්වා ගත හැක. කෙසේ වෙතත් ගෙදර අම්මා හදන තේ කෝප්පයට ගහන්නට හෝටලේ ලොයිඩ් උන්දෑට තියා උන්දැගේ අම්මාට වත් බැරිබව අද්දැකීමෙන්ම දන්මි .  තේ සෑදීමේ අද්දැකීම සේම ආදරයද කෝප්පයට වැටිය යුතුය ....... රසවත් වන්නේ එවිටය .
වතුර ,තේකොළ හා සීනි....... , තේ කෝප්පයක ප්‍රධාන ප්‍රභේධ වන අතර මේවා ප්‍රදාන උප ප්‍රභේද රාශයිකට දැක්විය හැක ...... තේ සෑදීමට උණු වතුර බහුලව භාවිතාවන අතර ඇල් වතුර යොදා ගන්නේ කඩේ මුදලාලිගේ කුකුල් සායම් තවමත් එලෙසින්ම ඇද්දැයි තහවුරු  කරගන්නටය . නමුත් මුදලාලි සමහර විට දක්ෂයා වෙන්නේ උඩින් හොද ඒවා පෙන්නා යටින් ගේම දෙන නිසාය. අමුබුලුවාගල පැත්තේ මේ වැඩේ නියමෙට යන්නේ රෝද පුටුවේ සිට නැගිගොස් වෙඩි තබා යලි පැමිණ රෝද පුටුවේ හිඳගෙන බබා පාට් දැමු     මූ... මුදලාලි කෙනෙකුට පින් සිදුවන්නටය. උන්දෑ  පරණ දේවලට නමදාගන්න උපන් හපනාය .
                                        මේ අතර වැහි වතුර උනු කිරීමෙන් තේ සෑදීම මඟින් අමුතු ආතල් එකක් ගත හැක .වතුර ගන්නෙ කොළඹින්ද නුවරින්ද නුවර එලියෙන්ද නැත්නම් මැදමූලනින්ද යන්න මත තේවල රසය වෙනස්වේ .
කෙසේ වෙතත් කැලනි ග‍‍‍ඟෙන් ගත් වතුරෙන් සෑදූ තේ තරම් අනික්වා රසවත් නොවනා බව වටහා ගත්තේ පෑලියගොඩදී බොන්නට ලැබුන තේ කෝප්පයකට පින්සිදුවන්නටය.  කඩේ උන්දෑට ගාන නොදී මාරු වෙන්නට මෙහිදී මට අවස්ථාව ලැබුනේ තේකෝප්පයේ අවසානයේ අඩියෙන් මතුවූ මැස්සෙකුට පින් සිදුවන්නටය .ගාල්ලේ බස් නැවතුම අසල ටැප් එකේ වතුරෙන්ද පංකාදු තේ සෑදිය හැක .......
සුදු සීනී ගබඩාවේ මීයන්ගේ පෝෂණ මට්ටම සේම සීනි මිටි කරගහන්නන්ගේ ලවන මට්ටම අනුව තේකෝප්පයේ රස වෙනස්වනු ඇත . මීට අමතරව රතු සීනි භාවිතා කරන්නේ නම් එහි සේවකයන්ගේ බුලත් විටේ ප්‍රමිතිය සේම සීනි කම්හ‍ල අසල ඩිස්පැන්සරිගේ දොස්තැර උන්දෑගේ තුවාල බෙහෙත් වල සැර මට්ටම අනුව තේ රස වෙනස්වේ .

                                      උඩ රට තේ , පහත රටතේ සේම BOP අගයද රෝසා සහ මාමාගේ උපදෙස් මතද ‍වෙනස් රසකින් යුතු තේ සාදා ගත හැක.
මෙහිලා ග්‍රීන්ටී නොහොත් කොළ තේ ගැන කථා කරන්නේ නැත්තේ අපේ උන් ඒවා බොන්නේ නැති නියාවෙනි .
හැන්දක් , කෝප්ප දෙකක් , සීනි තේකොල ටින් එක හා වතුර කේතලයක් නැති තැන තේ ගැන කථා කිරීම ඵල රහිත වන්නේය එසේ කලහොත් එය දවසේ කථාව වනබව නිසැකය , ඒ මොන තරං වැදගත් දේ තිබුනද දවාසේ කථාව වන්නේ මොකෙක් හරි  කොහෙදෝ අමාරුවකට කියන ගොන් කථාවක් හැමදාම දවසේ කථාව වන නිසාය ..... අපිත් බලාන ඉන්නේ ඌට හිනා වී පසුව තේ වත්තේ වැඩට යවන්නටය .
ඉහත උපකරන මේසයකට ගෙන තේ හැදුවද ...... නුදුරු අනාගතයේදී අපටත් 
ග්‍රීන්ටී  හදනවිදිහට සියළූම අඩුම කුඩුම බිමට ගෙන කරාතේ ක්‍රීඩක ලීලාවෙන් ඇන තියාගෙන ඒවා සෑදීමට සිදුවිය හැක. මෙහිදී පිජාමා එක අනිවාර්්‍යවේ  නැත්තං ගතියක් නැත.




ප.ලි - පිජාමා යන්න කිමෝනා ලෙස වෙනස් විය යුතුය .

ප.ප.ලි - පහුගිය දවස් ටිකේම බ්ලොග් එක පැත්ත පලාතේ එන්න බැරි වුනා. උඹලාගේ බ්ලොග් කියවන්න බැරි උනාට සමාවෙන්න ඕනේ . අම්බානක වැඩ සෙට්උනා. ඒකයි එන්න බැරි උනේ ඔන්න කොනක ඉදන් අද කියවන්නම් .තේ‍ එක බීලම වැඩ පටන් ගමුකෝ.

38 comments:

  1. hoda lipiyak.. e wagema machan anik ewath godak hodai...
    elipita sena kenek neda?

    ReplyDelete
  2. මමනම් තෙ වලට මුකුත් කියන්නෙ නෑ තේ හන්දා තමා අපේ ජොබ තියෙන්නෙත්

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. කංකානි කෙනෙක් වෙන්ටෑ :D

      Delete
  3. "කෙසේ වෙතත් ගෙදර අම්මා හදන තේ කෝප්පයට ගහන්නට හෝටලේ ලොයිඩ් උන්දෑට තියා උන්දැගේ අම්මාට වත් බැරිබව අද්දැකීමෙන්ම දන්මි"

    +++++++++++

    ReplyDelete
  4. තේ එකක් බොන ගමන්ම බැලුව ඔන්න.

    ReplyDelete
    Replies
    1. එල එල ......... ලුණු රස දැනෙන්ට ඇති එහෙනං !!!!:D

      Delete
  5. තේ ගහනවා කියන්නෙත් ඕකට සම්බන්ධ දෙයක්ද....?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ..... ඒත් හිතුවොත් ‍සම්භන්දයක් ‍හොයාගන්න බැරිවෙන්නේ නෑ :D:D:D

      Delete
  6. සුදු සීනී ගබඩාවේ මීයන්ගේ පෝෂණ මට්ටම සේම සීනි මිටි කරගහන්නන්ගේ ලවන මට්ටම අනුව තේකෝප්පයේ රස වෙනස්වනු ඇත .//..................................... ඒක්කා :/
    (ඒක්කා කිවුවට ඉතිං අපි බොන්නෙත් ඔව්ව තමයි ,මොකෝ අපිට ඉස්තරම් එව්වා දෙන එකක්යැ )

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ...... අපිට කොයින්ද බූල් බල්ලෝ
      :D

      Delete
  7. තේ ගැන කියෙව්ව :)

    ReplyDelete
    Replies
    1. තේ‍ බොන ගමන් නෙවෙයිනේ ....... ආයේ තේ බොන්න හිතෙයිද දන්නේ නෑ

      Delete
  8. තේ ගැනත් කියන්න ජාති බොහොමයි නේද.

    ReplyDelete
    Replies
    1. හැමදාම දැක්කට මොකද සමහර කුකුල්ලුන්ගේ කරමල සුදු නෙවෙයිළු

      Delete
  9. "මෙහිලා ග්‍රීන්ටී නොහොත් කොළ තේ ගැන කථා කරන්නේ නැත්තේ අපේ උන් ඒවා බොන්නේ නැති නියාවෙනි"

    කොළ තේ එකක් බොමුද?
    තේ කොළ සහ කොළ තේ

    ReplyDelete
    Replies
    1. අයියෝ ලින්ක් එක අවුල් වෙලා. දැන් හරි.

      තේ කොළ සහ කොළ තේ

      Delete
    2. අපොච්චියේ !!!! ඒ කියන්නේ බොන උන් ඉන්නව නේද !!!!!

      Delete
  10. අඩෝ ග්‍රීන් ටි කියන්නේ මගේ ජාතික පානේ ඈ

    ReplyDelete
    Replies
    1. අ‍පි ‍නොදන්න උඹේ ...... ග්‍රීන් ටි :D:D:D:D

      Delete
  11. Replies
    1. අපිනං ඉතින් ඕනේ වෙලාවක රෙඩී !!!!!!!!!!:D

      Delete
  12. Replies
    1. තේ .......... රුනේ කොහෙද ??? මොනවද ??? :D:D:D:D

      Delete
  13. තේ ගැන තේරුණා වගේ..

    ReplyDelete
    Replies
    1. මොනව උනත් තේ නේ නේද !!:D:D

      Delete
  14. හරි මාන්ජමිකයිනේ ,,, තේ ..

    ReplyDelete
  15. //කඩේ උන්දෑට ගාන නොදී මාරු වෙන්නට මෙහිදී මට අවස්ථාව ලැබුනේ තේකෝප්පයේ අවසානයේ අඩියෙන් මතුවූ මැස්සෙකුට පින් සිදුවන්නටය //

    ඊක්කා...............

    ReplyDelete
  16. ඔයා ලියන විදිහ මරු අප්පා :)

    ReplyDelete
  17. තේ ගැන විටරක් නෙවෙඉ, තේ හදාගන්න ඕනේ කරන දෙවලුට්, හදන හැටිත් ගැන දැනගත්තා.

    ReplyDelete

  18. තේ පෝස්ට් එක ගැන මට කියන්න දේ බොහොමයි නමුත් සීමිත කාලයකින් අසීමිත දේවල් කරන්න බැරි නිසා නිහඬ වෙනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  19. කෝ බොල මේකා ... මොනවහරි ලියහන්කෝ
    :/

    ReplyDelete
  20. අපිට නම් තේ එපා වෙලා.. අපේ අප්පොච්චා අවුරුදු 29ක්ම තේ ෆැක්ටරිවල ජොබ කරේ.. අපිත් ඉතිං නිවාඩුවට එහේ ක්වාටස් වල ඉන්න්නවා.. මෙලෝ රහක් නෑ.. බොනව වගේ නෙවෙයි හදන කොට ගඳ... ඈක්කා...
    Thoughts Of Yasith|යසිත්ගේ සිතුවිලි

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text