Social Icons

හොයමු බලමු

Saturday, May 11, 2013

විප්ලව වාදියෙකුගේ ආදරය - දෙවන දිගහැරුම ( විප්ලවයක ඇරඹුම )






විප්ලවයේ  මතක - 

.................... තවත් විශාල පිරිසක්‌ අත්අඩංගුවට ගත්හ. අප සමග එකට සිරබත් කෑ එක්‌ සාමාජිකයකු පොලිස්‌ පහර කෑම් නිසා සිර කුටියේදීම අවසාන හුස්‌ම පොද වාතලයට මුසු කිරීමට මොහොතකට පෙර සිර කුටියේ බිත්තියේ සටහන් කළ කවි පද හතර මගේ මතකයෙන් තවමත් මැකී ගොස්‌ නොමැත.

මැතිවරණයෙන් ජන රවටන ලද බලය

උරුමෙන් ලද ද තී යෙදුවේ යුද බලය

තරුණන් මැරූ සුදු අදිරද සුරතලිය

මරණෙන් පසුත් ගන්නෙමි ලේවල පලිය


කලින් කොටස කියෙව්වේ නැද්ද ?

දෙවන දිගහැරුම

කොහේදෝ  පාවෙලා යන රස්තියාදුකාර හුළඟකට ඔච්චම් කරන්නා වගේ අපූරුවට දඟ කරන සුදු රැලි ගවුම ඉර බැහැගෙන යන ලස්සනත් එක්ක එකතු වෙලා මැව්වේ අමුතුම විදිහේ සුන්දරත්වයක් . හුලං පාර නිසා ඔහේ පාවෙලා ගිහින් මූණට වැටුන කෙස් රොදක් වම් අතින් හුරුබුහුටි විදිහට කණ පිටිපස්ට කරන් එන හැඩ , මුලු දවසම බලාගෙන හිටියත් ඇ‍ති වෙන්නේ නැතිවෙයි කියලයි පියල්ට හිතුනේ .  
                                                      මතකේ තියාගෙන ගෙදර ගිහින් රස විදින්න පුළුවන් තරමේ  අපූරු කෝමළ රේඛා දහදාහක් ඒ රූපේ ඇතුලේ තියෙනවා . හැම රේඛාවකින්ම පුදුමාකාර ලාලිත්‍යක් එකතුවුනා . පියල්, ජීවිතේ පලවෙනි වතාවට ඇස් අහක් කරගන්න බැරි තරම් ලෝභ කමකින් ගෑණු ලමයෙක් දිහා බලාගෙන.

" මොනතරං වතුර තිබුනත් සීතගඟුලේ තියෙන වතුර තරං රස වතුරක් වෙන කොහෙවත් නෑලුනේ බං , කවුද අකමැති සීත ගඟුලේ වතුර ටිකක් බොන්න නේද !!!!!  "
තිලක් ඇහුවේ පියල් දිහාත් ඇවිදන් එන ගෑණු ළමයා දිහාත් ටිකක් වෙලා බලාගෙන ඉදලා . 
" මං දෙයක් කියන්නද ? "
" මොකද්ද ? " 
" මට උඹව හම්බ උනේ අද තමයි බං . ඒ උනාට උඹ කවුද කියන එක  හොඳටම තේරුන් ගන්න ඒ වැඩිත් එක්ක , උඹ ඒ තරං විනිවිධ පේනවා ."
" හැබෑට ! " පියල් හිනා වෙනවා 
" හැබෑව තමයි යකෝ , උඹේ වට්ටියට හරියන්නේ ඔය එනවා වගේ මලක් තමයි බං "  ඒ කථාවට නං පියල්ගේ හිනාව නැතිවෙලා ගිහින් ටිකක් විතර බැරෑරුම් පෙනුමක් ආවා .
" උඹ දැඩිමුන්ඩ දේවාලේ දන්නව නේද ? , ගෙලිඔයේ තියෙන්නේ ! "
" ඉතිං "
" හැමෝටම ගිහින් පූජාවට්ටි තියලා එන්න පුලුවං  තමයි , එත් ......"
" එත් ? " 
" ඒත් , කපු මහත්තයා දේවාලේ දොර ඇරලා ඇතුලෙන් පූජාව ගිහින් තියන්න දෙන්නේ ‍බොහොම ටික දෙනෙකුට විතරයි බං , දෙයියෝ කැමති උනත් නැතත් ළඟින්ම පූජාව තියන්නේ කපු මහත්තයා කැමති මිනිස්සු විතරයි "
"  හැම කපුවම නරක නෑ , අනික මේ දේවාලේ කපුව ගැනවත් දේවාලේ ගැනවත් මොනවත් දන්නෙනෑනේ උඹ  !!! " පියල් හිනා උනා විතරයි .
                              ගෑණු ළමයි ටික යාළුවෝ දෙන්න හිටපු තැනය මීටර් දහයක්  විතර ඈතින් තිබුන ලංගම ෂෙඩ් එක ගාව නැවතිලා බරටම වැඩ .කොහෙන්දෝ මන්දා හදිස්සියෙන්ම හිතට ආපු සිතුවිල්ලක් නිසා ඒ ලස්සන ඇස් දෙක හදිස්සියේම පියල්ගේ පැත්තට හැරවුනා .
                                 තත්පර කීපයකට ඇස් හතර හුඟාක් දේවල් කථා කලා . කොහෝදෝ දැකලා තිබුන ගතියක් , මේ ආත්මේ නෙවෙයි කලින් ආත්මේ , පතාගෙන ආපු බවක් . පියල්ට මේ තත්පර දහය දොලහ ජීවිත කාලේ වගේ , කරන්ට් එක  වැදුනා වගේ . සුදු රොස මලත් තත්පර දෙකෙන් රතු වෙලා ගිහින් . හීනි දිග ඇස් දෙක ලොකු කරගෙන පියල් දිහා බලාගෙන උන්නා . ඒ ඇස් දෙකෙන් කියවුනේ පියල්ව අඳුරගත්තු බවක් .
" ලඟදිම ජය සිරි මංගලම් ද කොහෙද ! " තිලක් පියල්දිහා හැරිලා මනමාල හිනාවක් දැම්මා .
" සීසන් එක ගන්න ගම්පොල ඇවිත් උඹට මාව හම්බවුන එකට පින් දීපන් , නැත්තං උඹ දැන් කලින් ආපු බස් එකේ නැගලා සිංහ පිටිය හරියේ ........... උඹේ කුමාරි මෙතන තනියෙන් "
" බයිලා කියවනවා ........... මේ අදම දැක්ක කෙල්ල කොහෙමද බං මගේ කුමාරි වෙන්නේ ! "
                                         සුදු රෝස මල මොන තමන්ගේ යාළුවොන්ට මොනවදෝ කිය පියල්ව පෙන්නුවේ ඇස් දෙකෙන් . මොන තරං වහන් හැදුවත් රෝස මල කරපු දේ පියල්ට හොඳට තේරුනා .
" ආ.........ආ......... දැන් මෙතනින් ශේප් වෙමුද මචෝ ......... කෙල්ලට නෝට් ...... අපි චා වෙන්නයි යන්නේ "
" පිස්සුද පියලෝ ......... ඔහොම හිටපං මුලිං පොඩ්ඩක් චා උනාට මොකද මල වැටෙන්නේ උඹේ වට්ටියටනං "
 මෙච්චර වෙලා මුනු මුනු ගගා හිටපු  ගෑණු ළමයි ටික පියල්ගේ පැත්තට ඇවිදන් එන්න ගත්තේ , තිලක්ගේ විරිත්තිල්ලට හයියෙන් හිනාවෙන ගමන් .
" විකාරද යකෝ .......... චා වෙලා ඉන්න තරම මදිද තොට "
" අනේ පල , ලඟට ආවාම මොනව හරි කියලා කථාවට අල්ලා ගනිං "
තමන්ගේ හදවත ගැහෙන සද්දේ එලියටම ඇහෙන තරමට වැඩිවෙලා ,              
                               මෙච්චර කාලෙකට දැනුනේ නැති ආගන්තුක හැඟීම් කෝටියක් හිත පුරාවට උතුරනවා .ගෑණූ ළමයෙක් නිසා කවදාවත් අමුතු විදිහට  වෙනස් නොවී තිබුන තමන්ගේ හිතට අද මොනවද මේ වෙලා තියෙන්නේ කියලා පියල්ටම පුදුමයි .
                     " ඔහේ යන දිහාවක යයි , මං මොනවත් කියන්නේ නෑ , උඹත් කට වහන් හිටපං ................ "පියල් කිව්වේ බොහෝම සීරුවට තිලක්ගේ කණ ගාවට ලංවෙලා . 
ගෑණු ළමයි ටික ඇවිත් නතර උනේ පියල් තිලක් එක්ක වාඩි වෙලා හිටපු කොට තාප්පේ අයිනෙමයි .
" මේ පියල් අයියා නේද ? " රෝස මල පියල් දිහා බලලා හිනා වෙලා ඇහුවා . වීණා නැත මිහිරි මින් මතු කිසි දිනක මට .......... පියල්ගේ මුලු ඇඟම වෙව්වලා ගියා . නත්තල් කුණාටු කාලෙදි පොරවන්න රෙද්දක් නැතිව නිදාගත්ත දවස් තිබුනත් මේතරං සීතලක් දැනුනෙ නෑ .   
                                                 කොල්ලෙක් ගොලු වෙන්නේ තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගාව විතරයිලු, මොනතරං දේවල් තිබුනත් කියාගන්න බැරි වෙන්නෙත් එයා ගාවදි විතරයිලු. මොන තරං චන්ඩියා උනත් එතනදි යට වෙනවලු  . එකොලහ වසරේ සිංහල උගන්නපු වික්ටර් සර් කියපු මේ කථාව , හිතන්න දේවල් දාහක් තියෙන අතරේ පියල්ගේ හිතට ආවා . 
                             'මෙයා කොහොමද මාව දන්නේ ' පියල්ට ප්‍රශ්නයක් . තිලක් හිනා වෙලා අනිත් ගෑණු ලමයි ගාවට කිට්ටු ‍වුනේ කුරුලු ජෝඩුවට බාධා වෙන්නේ නැතිවෙන්න.
" ඔ..........වු ..... ඔවු , මාව දන්නවද ? " කවදාවත් නැති විදිහට වචන ‍හිර වෙලා , නැත්තං ඇතුලෙන් වචන දාස් ගානක් දොඩමලු වෙලා .
" මතක නැද්ද අයියේ මං දිනූශි ........... අයියලා අපේ ඉස්කෝලෙට ආවේ , අර අපිට ලෙක්චර් එකක් එහෙම දුන්නේ "
                                  පියල් , ‍ජෝසප් බාලිකාවට ගිහින් තිබුනේ එකම වතාවකි . ඒ විවාධ අවසන් තරඟයකටය. ඒත් මේ මුහුණ දැක්ක කියලා කිසිම මතකයක් නැතිය .
" ඩිබෙට් එකකට " පියල් අකුරු එකතු කලා 
" ඔවු........ ඔවු , අයියලා එදා කැන්ඩි ගර්ස් හයි ස්කූල් එක පැරද්දුවානේ ...... හැමෝම හිතුවේ එයාලා දිනයි කියලා . හැබැයි අපිනං හිතුවේ අයිලාට දිනුම ලැබෙන්නම ඕනේ කියලා . අයියා හරි ලස්සනට ටීම් එක ලීඩ් කලා " 
" තැන්කයූ " පියල්ට තවමත් රෝස මල දැක්කේ ඉස්කෝලේ මොන හරියෙද කියලාවත් මතකයක් නෑ .
" තාම මතක නෑ නේද මාව .......... " රෝස මල ටිකක්  දුකින් වගේ ඇහුවේ . " අයියලා ඩිබෙට් එක ඉවර වෙලා මතකද අපිට ,අපේ ඩිබෙටින් ප්ලැටුන් එකට ටිප්ස් වගයක් දුන්නේ කොහොමද විවාදෙයක් දිනන්නේ කියලා "
" හරි .....හරි ..... ඔයාලා නේද ඒ වෙලාවේ අපිට කෑම ඇල්ලුවේ " කෙල්ලගේ හිත රිදවන්න පියල්ට ලෝබයි , ඒ කණා පාර ගැහුවේ ඒ නිසාමයි . 
" අම්මේ ඇති යන්තං මතක් උනා ....... " රෝස මල හිනා වෙනකොට සිරියාවන්තකම කියන්න වචන නෑ . දරාගන්න බැරි සුවඳකින් තමන්ගේ ජීවිතේ සත්මහලම පිරිලා ඉතිරිලා ගිහින්  කියලා පියල්ට දැනු‍නා.
" දැන් මොනවද නංගි ඔයා කරන්නේ ? "
" දැන් දහයෙනේ, තව මාස දා හතරකින් ඕ ලෙවල් " කෙල්ලට ඇත්තේ අමුතුම විදිහේ වචන මාලාවකි . කොහෙන් ඉගෙන ගත්තත් ඒ වචනවල ඇත්තේ පුදුම ආකර්ශනයකි . නැත්තං ඒ පියල්ට හිතෙන හැටි වෙන්නත් බැරිනෑ .
" අපෝ තාම පොඩි උන්නේ " 
" අනේ නිකා ඉන්න ....... අයියා මට වඩා වැඩිමල් අවුරුදු දෙකයිනේ , ඔයා  යන්තං ඇවිදිනකොට මං ඉපදුනා , ඉතිං මහ ලොකු වෙනසක් නෑනේ " පියල්ට තනියෙන් හිනා .
"හම් ......... අයියා ඔලෙවල් ඉවරයිනේ ...... දැන් මොන ඉස්කෝලෙද ? තාම සේනාධිකාරියේද ? ඔලෙවල් අමාරුද අයියේ , මටනං බයයිත් වගේ " 
                               ප්‍රශ්න කෝටියයි , පියල් හැම එකකටම උත්තර දුන්නේ ආ‍සාවෙනි . මේ වගේ ප්‍රශ්න අහන්න කෙනෙක් ලගින් සිටිය යුතුමය . ජීවිතය සම්පූරණ වෙන්නේ එතකොට යි .
                                            දොලොස්බාගේ  බස් එකක්  ඩිපෝවෙන් එලියට දානකොට තවත් පැය භාගයක් විතර ගිහින් තිබුනා . රෝසමලයි පියලුයි මේ වෙනකොට ඉපදුන දවසේ ඉදන් දන්න තරමට යාළු වෙලා . ජීවිතේ උරුමක්කා‍යන් හම්බ වුනාම එහෙම වෙන්න ඇති . මොනතරං නොදන්න නොඅඳුනන දෙන්නෙක් උනත් පුදුමාකාර විදිහට ලංවෙනවා වෙන්න ඇති .
" බස් එක නං ආවා නංගි ............. දැම්ම නඟිමුද , නැත්තං හිටගෙවන තෙරපෙන්න වෙනවා " එක ළඟ සීට් එකක උර හිස  වැදි වදී  රෝසමලත් එක්ක යන්න තිබුන ආසාව නිසාම පියල් ඇහුවා . 
" යාලුවොත් එනවද ? " පියල් ආයෙම ඇහුවේ තිලක්ගේ කොලං වලට හිනා වෙවී හිටපු අනිත් ගෑණු ළමයි දිහා බලන ගමන් .
" අනේ නෑ අයියේ , එයාලා ආවේ මාව බස් එකට දාන්න විතරයි ...... "
කොල්ලට හෙනම හැපිය . රෝස මලත් එකක් පැයක් බස් එකේ එක සීට් එකේ යනවා කියන්නේ ලේසි පාසු වැඩක්ද ! 
                                  තිලක් එක්ක වාහනේ සැපට යන්න හිටියට  මොකද , දැන්  බස් එක ඊට වඩා සනීපයි කියන සිතුවිල්ල පියල්ගේ හිතේ තෙරපෙනවා . 
                            බස් එක දැකපු තිලක් පියල් දිහා බලලා ලාවට හිනා වෙනගමන් ඔළුව ගැසුවේ , බස් ‍එකේ පලයං කියන්න බව පියල්ට උගන්නන්න ඔනේ නෑ .
               දෙන්නත් එක්ක ගිහින් බස් එකේ දකුණු පැත්තේ සීට් පේලියේ මැද හරියේ සීට් එකක ලස්සනට වාඩි උනා . රෝස මලගේ අතින් අල්ලගෙන යන්න හිතට ආපු සිතුවිල්ල පියල් යටපත් කලේ බොහෝම අමාරුවෙන් . කෙල්ලගේ කොන්ඩේ , ජනෙලෙන් එන හුළං පාර නිසා පියල්ගේ  උරහිස උඩ ලස්සනට රටා මවනවා  . ජනේලෙන් එලියේ පේන්නේ හැමදාම දකින  දර්ශනේ උනත් ඒක මේ තරං ලස්සනයි කියලා පියල්ට කවදාවත් හිතුනේ නෑ . 
‍                                   බස් එක නොදැනීම කුරුදුවත්තටත් ආවා , රෝස මල බහින්නයි  යන්නේ ,  මලටත් ටිකක් අමාරුයි වගේ  පියල්ට ඊටවඩා අමාරුයි . කොහොමද දෙයියනේ දැන් මං මේක නොදැක ඉන්නේ . දෙන්නගේ ඉස්කෝල දෙක තිබුනේ ගමන් අන්ත දෙකකය . කවදාවක් එකම බස් එකේ එකට හම්බ වෙන එක පුදුම අහම්බයක්‍. ඇත්තටම වෙන්නම බැරි තරං . දෙන්න බස් එකට නඟින්නේත් හම්බ වෙන්න බැරි තරං ඈත තියෙන හෝල්ට් දෙකකින් .  මෙච්චර වෙලා පිපිලා සුවද දී දී හිටපු රෝසමල එක පාරටම පර වෙලා . කෙල්ලගෙ මූණත් එකක් අමුතු වෙලා .  ඒත් යන්න ඕනේමයි . දෛවය ආදරවන්නතයන්ට සලකන්නේම හරි නපුරු විදිහට .
          දෙන්නගේ පලවෙනි හමුවීමෙන් දැන් මාස තුන හතරක් ගිහින් .......... අහම්බෙන් වතාවක් ආයමත් ගම්පොලදි හම්බ වුනා ඇරෙන්න පියල්ට දිනූව හම්බ වෙන්නවත් කථා කරන්නවත් ලැබෙන්නේ නෑ .

************************************************************************************************************
                       
" අනේ පුතේ ........... ඉක්මනට වරෝ .......... " 
                                දෙසම්බර් සීතල අතරින් අම්මගේ කටහඩ පිපිරිලා ගියේ  පියල්ගේ පපුව මොනවදෝ කරගෙන .  කාමරේ ඇඳට වෙලා තිලක් එක්ක පාඩම් කර කර හිටපු  පියල් අඩියට දෙකට  පිලිකන්නේ . මොනවද වෙන්න යන්නේ ...... අයියලා දෙන්නා තාත්තව උස්සගෙන පාරට දුවනවා අම්මා ඊට පස්සෙන් දුවනවා .
" අම්මේ ......... මොකෝ මේ "
" තාත්තගේ පපුවේ අමාරුව ආයේ වැඩි උනා මයේ පුතේ .......... කුරුදුවත්තේ වෙද මහත්තයා ගාවට අරං යමු , පුලුවන්නං ..... පරාක්‍රමගේ පාං වෑන් එකට  එන්න කියපං පුතේ ..............

විප්ලව වාදියෙකුගේ ආදරය ‍- තෙවන දිග හැරුම ////
විප්ලවවාදියාගේ රන්තැටිය පිරිවෙනට ආගමනය  සමග  විප්ලවය ඇ‍රඹෙයි

බලාපොරොත්තු වන්න ..........................




43 comments:

  1. දැන් නම් නරකින්ම කියන්න වෙනවා කතාව දාන ප්‍රමානේ කොට වැඩි බන්... මෙහෙම දානවනම් දවසකට එක පොස්ට් එක ගානේ දාපන්....

    එලම තමා...

    ReplyDelete
    Replies
    1. දවසක් ඇර දවසක් දාන්නං අයියේ ........... මේ දවස් වල ඉන්ටර් නෙට් එන්නේ ප්‍රී පෙයිඩ්

      Delete
  2. පලවෙනි කොටස අදයි කියෙව්වේ. ඒක කියෝලා ඉවර වෙලා බලනකොට මෙයා දෙවැනි ඒකත් දාලා.... නියමයි.... නියමයි...

    ReplyDelete
    Replies
    1. අපි එහෙමනේ .........සීඝ්‍රගාමී මත් නොවුනට ඒ වගේ

      Delete
  3. හෆ්ෆා... රෝසමල පවු හෆ්ෆා.., මූ කණා පාරක් වත් ගැහුවෙ නැත්තම් කෙල්ල අප්සට් යනවානෙ :/ :/ කොහොම වුනත් කෙල්ලම ඇවිල්ල කත අකරපු එක සුබයි!! ;)

    අන්තිමටනම් ටිකක් දුක හිතෙන දෙයක්නෙ වුනෙ.., බලමු ඊළඟ කොටසින්.....

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ ...... ඒක සුභයි ......... ඇයි කියලා දැන ගන්නම ඕනේ නං , ඊලඟ කොටස් සේරම බලන්න .........

      Delete
  4. මේක මහ අමුතුම විදියකට ලියැවෙන කතාවක්. සම්බන්ධය තේරුම් ගන්න ටිකක් කල් යයි නේද දිනෙල්ක?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඊළඟ කොටසින් පුලුවන් වේවී .

      Delete
  5. අපිට පපුවේ අමාරුවක් හැදෙන්න කලින් තුන් වෙනි කොටස දානව ද?

    ReplyDelete
    Replies
    1. තව කථෘවක් ලියන්න පුලුවං උඹට පපුවේ අමාරුව හැදුනොත්

      Delete
    2. අනේ බොල මේ අහිංසක මා ව මැරෙන්න කියලා කොහොම ද දෙයියනේ හිත හදාගෙන කිව්වෙ? :P කතාව හුඟක් හිතට ඇල්ලුවා, දිනෙල්ක අයියේ. ඉක්මනට ඉතුරු කොටසත් දාන්න.

      Delete
  6. කතාව නම් හොඳින් ලියල තියෙනවා.එත් මාතෘකාව තමයි ටිකක් අවුල්. මට මතක් වෙන්නේ 71දි ඔය විප්ලව ගැන දේසනා හද පත්ලෙන්ම විශ්වාස කරලා ඒ වෙනුවෙන්ම කැපවී වැඩ කර , එමෙන්ම සටනේදී මිය ගිය බව ඇසු මගේ මිතුරියක්.(මා ඊට පසු ඇය කවදාවත්ම දුටුවේ නැහැ) ලොක්කො ටික කලින්ම ශේප් උනා.මොලේ තිබුන අය සටන් නොකර බාරවී පුනරුත්ථාපනය උනා. තමන්ගේ සහ තම පවුලේ දුප්පත් කම ඉවත් කර ගත හැක්කේ මේ මගින් යයි සිතු මෝඩ අහිංසකයෝ ටිකක් තම ජිවිතයෙන් වන්දි ගෙව්වා.

    ReplyDelete
    Replies
    1. [තමන්ගේ සහ තම පවුලේ දුප්පත් කම ඉවත් කර ගත හැක්කේ මේ මගින් යයි සිතු මෝඩ අහිංසකයෝ ටිකක් තම ජිවිතයෙන් වන්දි ගෙව්වා.]

      ජීවිත පූජාකරපු මිනිස්සුන්ට මෝඩයන් කියලා කියන්න පුලුවන්ද?ඈත්තටම ඔවුන් වීරයන්.ඵ් වීරයන්ට අනවශ්‍ය ගෑරහිලි කරන ඔබ වගේ අයට මෝඩයන් කියලා කියන්න පුලුවන්.

      -චාමර

      Delete
    2. මම ඒ අයට මෝඩයෝ කිව්වේ නැහැ. කිව්වේ අහිංසක මෝඩයෝ කියල. ඒ කලින්ම ශේප් වුනු ලොක්කෝ සහ පුනරුත්තාපනය වෙන්න තරම් කට්ටි පැනල හිටපු අය එක්ක ඒ අහිංසකයෝ සංසන්දනය කරලා. මිත්‍රයා. මම 71 හොඳට දැක්ක.පුනරුත්තාපන කඳවුරු වලට ගොස් බේරුන යාලුවොත් බැලුව. එකට හිටපු සගයන් පාවා දෙන හැටිත් දැක්ක.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. උන් මෝඩයොත් නෙවෙයි ! එදා වේල හොයා ගන්න සටනට බැහැපු උනුත් නෙවෙයි . ඒ උනත් ඔබ තුමාගෙ මතයෙත් ගතයුත්තක් තියෙනවා .

      Delete
  7. ඔය මහා මානව හිතවාදියා කියන මිනිහා නිසා දාස් ගාණක් අහිංසක ජීවිත විනාස උනා.

    ReplyDelete
    Replies
    1. පිලිගන්න පුලුවන් මතයක් විදිහට දකින්න අමාරුයි ........... ජීවිත විනාස වෙච්ච එක ඇත්ත ඒක පිලිගන්නවා , ඒත් ඒ හිටියේ මානව හිතවාදියෝ කියලා කියා ගත්තු පිරිසක් නෙවෙයි , සැබෑ මානව හිතවාදියෝ පිරිසක් ,
      ඒ ගොල්ලන්ගෙන් අද ඉතුරු වෙලා ඉන්න අයනං මානව හිතවාදියෝ කියලා කියාගන්න පිරිසක් කියන එකට එකඟවෙනවා .

      Delete

    2. මට වැටහෙන අන්දමට විජේවීරට 71දි බලය ගන්න තිබුන කඩිකුලප්පුව මේ විපතට හේතුවයි.ඔහු 70දි බලය ගත් මැතිනියට සහ වාමාංශික නායකයන්ට තම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තරමේ කාලයක් දෙන්න තිබුනා.ඔවුගේ මේ කඩිකුලප්පුව සමාන වන්නේ 52දි බණ්ඩාරනායකගේ බලකාමය මත කල කඩිකුලප්පුවට විතරයි.මේ දෙකෙන්ම රටට උනේ අයහපතක්.70දි මැතිනිය කෘෂි කර්මයට පලදාවර්ධන කමිටු, රාජ්‍ය ආයතන වලට ජනතා කොමිටි දාලා සමාජවාදී පාලනයක් ගෙනයන්න උත්සාහ කළා.විජේවීර ඇති කල විනාශය නිසා රජය ඊට පස්සේ එහෙම පිටින්ම සමාජවාදය පැත්තකට දැම්මා.රටවැසියන්ටත් සමාජවාදය තිත්ත උන නිසා තමයි.77 පෙරලිය සහ විවුර්ත ආර්ථිකය පැමිණියේ. එකේ අනිසි පල තවමත් අපි විදීනවනේ. කැරැල්ලට පෙරම පළමු පෙලේ නායකයන් හැඟුනා.දෙවෙනි පෙලේ අය මොලේ පාවිච්චි කරලා ශේප් උනා. අහිංසකයෝ ටිකක් විතරක් තමන් දරු මතය වෙනුවෙන් පෙරට ගොස් මැරුන.නැතහොත් ආපසු සමාජයට මුහුණ දෙන්න බැරිව හැඟුනා.සැබෑ මානව හිත වාදීන් වන්නේ මෙසේ අසරණ උන් අයට නිශ්බ්දවම පිහිට උන අය විතරයි. එහෙම පිහිට වෙන අය අදටත් ඉන්නවා. එහෙම නැතිව තව සැරයක් තරුණ ජිවිත බිලි දෙන්න හදන අය නෙමෙයි.

      Delete
    3. කොහෙත්ම එකඟ වෙන්න බෑ ....... ධන වාදී යූ.ඇන්.පී යට ආණ්ඩු බලය නොදෙන්න තමයි පෙරමුණ මැතිනියත් එක්ක එකතුවුනේ . ඒ හදපු ආණ්ඩුවත් මාස කීපයක් යද්දී පෙරමුණට බය උනා , රටේ ආන්ඩුව ආයේ වෙනස් වෙයි කියන බය ඇති උනේ මැයි දිනයට පෙරමුනෙන් තියපු මැයි දින සමුලුවට ආපු සෙනඟ කන්දරාව දැකලා . ඒ කාලේ හිටපු ජේ වීපීයේ කථිකයෝ වේදිකාවෙන් බහින කොටම අත්තඩංගුවට ගන්න මැතිනිය නියෝග කරන්නෙත් , ජවිපේ තහනම් කරන තැනට යන්නෙත් ඔවුන් සාමකාමීව තමන්ගේ විප්ලවය ඇරගෙන ගියපු අවදියේමයි . සටනකදි මුල් පෙල නායකයෝ එලියට ආවේ නෑ කියන්න බෑ ......... ඔවුන් හිටියේ සාමාජිකයින් අතරෙමයි , එහෙම නොවුනා නං සටන වෙනුවෙන් මැතිනිගේ කාලේ විතරක් විසිදාහක් කොල්ලෝ ජීවිත පූජා කරනකං විප්ලවේ අරන් යන්න බැරි වෙනවා විතරක් නෙවෙයි . විප්ලවේට පස්සේ ජ.වි.පෙ නැති වෙනවා . එත් එහෙම උනේ නෑනේ .............
      අසරණයන්ට පිහිට වු‍න අය මානව හිතවාදියෝ තමයි ඔවුන් අගය කරන්න ඕනේ පැහැදිලිවම ඔවුන්ට ණය ගැතී . හැබැයි වැඩක් නෑ , ඒ මානව හිතවාදීකම ඇවිල්ලා කැමත්ත තියාගෙන කෙල්ල දිහා බල බල ඉන්නවා වගේ වැඩක් . ධර්මය දැනගෙන දේශනා කරන්නේ නෑ වගේ වැඩක් . පතෝලයි වැටකොලුයි එක්ක බත් කනවා වගේ වැඩක් .
      වරදින තැන් තියෙනවා .... මැතිනිය රට සමාජවාදී කරන්න ගිය විදිහ වැරදී , ඒ කරන්න තිබුනේ පියවරෙන් පියවර , එහෙම නැතුව පොල්ලෙන් ගැහුව වගේ එක පාරට වරාග ගුවන් තොට වහගෙන , ඉඩම් පවරගෙන නෙවෙයි . එහෙම කලේ විජේවිරගේ පක්ශේට වඩා තමන් සමාජවාදී කියලා මිනිස්සුන්ට පෙන්නන්න . පස්සේ ඒක වැරදුනාම වැරද්ද පැටව්වේ තිබුන ප්‍රභලම සමාජවාදී පක්ශය වුන ජනතා විමුක්ති පෙරමුණට .රට විනාසකලේ , අහින්සකයන්ව මැරුවේ , සමාජවාදය මිනිස්සුන්ට එපා කලේ , ජවිපේ නෙවෙයි මැතිනියගේ ආණ්ඩුව

      Delete
    4. බණ්ඩාරනායකට බලකාමය නොතිබුනා නම් එම පක්ශයේම රැඳී ඩි .එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්ති දිගටම ගෙනයන්න ඉඩ තිබුනා.එහෙනම් අකාලයේ මරණයට පත් නොවී ඔහුට 1960 පමණ වන විට අගමැති වෙන්නත් ඉඩ තිබුනා. ඉන්දියාවේ අද සන්වර්ධනයට අඩි තාලම නේරු ප්‍රතිපත්ති අඛණ්ඩව අවුරුදු 40ක් (අඛණ්ඩව 5 අවුරුදු සැලසුම් 8ක් ක්‍රියාත්මක කිරීම) ඉදිරියට ගෙනයාමයි. එසේ උනානම් අද රටේ ගැටළු බොහොමයක්ම ඇතිවන්නේ නැ.ඒ බණ්ඩාරනායකගේ බල කාමයට රට ගෙවූ මිල.
      විජේවීරගේ බලකාමය මා කලින් පැහැදිලි කළා.ඔහුට අඩු තරමේ වසර 5ක් කාලයක් මැතිනියට තම සමාජවාදී පාලනය ඉදිරියට ගෙනයාමට ඉඩ දෙන්න තිබුනා.71 කැරැල්ලට පෙරම විජේවීර හිටියේ හිරගේ.භාර වෙන්න කිවම ශේප් වෙන්න පමණක් සටන් කරපු අය භාර උනා. ලස්සන වචන ටිකකට තමන් රැවටුන බව නොදත් අහිංසක මෝඩයෝ ටික කෙලින්ම සටන් බිමේදී මැරුන. නැත්නම් තමන් හඳුනන සමාජයට මුහුණ දෙන්න බැරිව අතුරුදන් උනා.
      ඒක තමයි විජේවීරගේ බලකාමයට රට ගෙවූ මිල.
      තවත් කෙනෙකුගේ බලකාමී රඟ පැමකට රැවටී තවත් මිලක් රට ගෙවිය යුතුද?
      දකුණේ හෝ වමේ හෝ අපේ රටේ ඉන්න දේශපාලකයෝ ඔක්කොම හොරු. බලකාමය හැර ඔවුන්ට වෙන ඉලක්කයක් නැහැ. රටේ අනාගතය තියෙන්නේ සිංහල බෞධයෝ අත.රටේ ගැටළු විසඳන්න ඕන නම් දේශ පාලකයෝ පැත්තකට දමල ඔවුන් එකතු වෙන්න ඕනෑ.

      Delete
    5. ඔය කියන දේ කවදාවත් වෙන්නේ නැති දෙයක් ! මේ රටේ නේවෙයි කිසිම රටක දේශපාලකයෝ එකතු වෙන්නේ නෑ ! එහෙම වෙන්න ඕනේත් නෑ , විරුද්ධ මත තියෙන්නම ඔනේ , එහෙම නැතිවෙනවා කියන්නේ ඒකාධිපත් පාලනයක් ඇති වෙනවා කියන එකයි , එහෙම නෙවෙයි කියන්න බෑ . විජේවීරගේ බලකාමය කියන එක දරාගන්න බැරි තරමට තිබුනේ නෑ කියන එක පැහැදිලිවම කලින් පාර පෙන්නුවානේ , බලකාමයක් නොතිබ්බා නෙවෙයි , ‍එහෙම එකක් නැත්තං දේශපාලනේ කරන්නේ නෑනේ . හැම දේශපාලකයාම බලයට කැමතී .
      මැතිනිය ගැනත් කලින් කිව්වා , මැතිනිය රට සමාජවාදී කරන්න ගියපු විදිහ වැරදී , හරියට කලා නං අද ලංකාව හෙන දියුණුයි , කලින් කිව්වා වගේම තමයි මැතිනය පොල්ලෙන් ගහල වගේ රට සමාජවාදී කලේ ජවිපේ සාමකාමීව අදහස් විප්ලවයක් අරන් යනකාලෙදී ඒ අදහස් නිසා මිනිස්සු ඒ පැත්තට නැමෙයි කියන බයට , අලුත් පක්ශේ බලය ගනී කියන බයට . ලස්සන වචන වලින් කලේ තියෙන තත්වේ පැහැදිලි කරපු එකයි කරන්න ඕනේ දේ කරපු පැහැදිලි කරපු එකයි විතරයි , කිසිම කෙනෙක් එල් ටී ටී එකට වගේ බලෙන් අරන් ගියේ නෑ ., සයනයිඩ් මාල බෙල්ලේ දාලා පාවා නොදී හිටපං කිව්වෙත් නෑ . ඉහල නායකයෝ හැංගුනේ නෑ කියන එක කලින්ම පැහැදිලි කලානේ .
      අනික තමයි ඉතුරුවුන කට්ටිය හැංගුනෙත් නෑ , හැංගුනා නං හැංගුනේ පොලීසියට හමුදාවට බයේ විතරයි . එහෙම හැංගුනානං අද ජවිපෙයක් නෑ . රටේ දේශපාලකයෝ සේරම හොරු නෙවෙයි . හොඳ මිනිස්සු ඉන්නවා . වෙලාතියෙන්නේ හොරා කන එකා නැවතීමක් නැතුවම හොරාකන එකයි , අවංක එකා හොරාව පාවලා දෙන්න බය වෙන එකයි විතරයි . හැම දේශපාලකයම හොරා කියන කථාව හරියට හැම පොලිස් කාරයාම බල්ලෝ කිව්වා වගේ කථාවක්.
      රට වන්දිගෙව්වේ විජේවීරගේ බල කාමය නිසා නෙවෙයි , විරුද්ඨ පක්ශයක් ශක්තිමත් වෙන එක බලාගෙන ඉන්න බැරිඋන මැතිනියගේ බලකාමය නිසා . වේදිකාවේ දේශපාලනේ කැලේට අරන් යන්න උනේ මැතිනියගේ බලකාඹය උපරිම ‍වුන නිසා . පෙරමුණ සටන පටන් අරන් මාස කීපයක් සටන් කලේ විකල්පයක් නොතිබුන නිසා , පස්සේ තමයි පොලීසි ආක්‍රමණය කරන්න පටන් ගත්තේ . සටන පටන් ගත්තේ , සටනට උල්පන්දන් දුන්නේ , කොල්ලෝ මැරුවේ විජේවීරවත් ජවිපෙවත් නෙවෙයි . මැතිනියයි එයාගේ ආණඩුවයි . කොල්ලෝ කලේ තමන් දරපු මතය අවසන් මොහොතෙවත් වෙනස් නොකරපු එක විතරයි

      Delete
  8. ඇත්ත. හැලපානිස් ලියන ලිවිල්ලට මාත් හරි කැමතියි. මම බයේ ඉන්නේ ඌ මොනාලිසා ලඟට යාවිද කියලා. එහෙම වුනත් ඌ වෙන මොකක් හරි ආයෙ අලුතෙන් පටන් ගන්නේ නැතෑ, නේද?

    මාත් පාං වලට මාර ආසයි බං. ඒ ලංකෑඉ පාං වලට. මෙහෙ තියෙන ඔය පෙති ගහපු ස්ටයිල් පාං වල තියෙන්නේ පැණි රසකට හුරු රසක් නිසා අපි කැමති විදියට පරිප්පු හොද්ද, අල හොද්ද හරියන්නේ නෑ.

    ලංකාවේ පාන් වල තියෙන අවුල තමයි, හදපු හැටියෙම විතරයි කන්න පුලුවන්. දවසක් පහු වුනොත් වැඩක්ම නෑ. ඒ තියා උදේ පාන් ගෙඩිය හවසට කන්නත් බෑනේ බං.

    ReplyDelete
    Replies

    1. :D හුටා. වැරදි comment එක දැම්මේ. මේකෙ ඩිලීට් ඔප්ෂන් එකත් නෑනේ බොලං. මේක ඩිලීට් කරලා ස්පෑම් ෆෝල්ඩර් එකත් පොඩ්ඩක් චෙක් කරන්නකො, දිනෙල්ක.

      Delete
    2. අවුලක් නෑ ඔහේ තියෙද්දෙං ........... කටටිය දෙවනි පාරටත් කථාව කියවයි මේ කොමෙන්ට් එක දැකලා , මෙච්චර වෙලා බැලුවේ වෙන බ්ලොග් එකක් ද කියලා :D :D :D :D :D :D :D

      Delete
  9. කොටස් දෙකම කියවන්න අවස්ථාවක් තාම ලැබුනෙ නෑ... ආයෙත් වෙලාවක එන්නම්...

    ReplyDelete
    Replies
    1. වෙලාව තියෙන වෙලාවක එන්නකෝ

      Delete
  10. වෙනස් කතාවක් නිසා කුතුහලේ වැඩියි,, අන්තිම කොටසෙදි මම දාන්නෙ ක්මෙන්ට් එක.. :D

    ReplyDelete
  11. නියමයි... ඉක්මනට අනික් කොටස......ඕනි... කතාව කොටයිනේ :(

    ReplyDelete
    Replies
    1. ඒ තරං දිගනෑ ........ හිතන තරං කොටත් නෑ

      Delete
  12. නියමයි මචං... වෙනස්ම කතාවක් හින්දා හිත යනවා වැඩී. දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. උඹ ලියන්නේනැද්ද බං දැං

      Delete
    2. වෙලාවක් නෑ බං... ඒත් ඉක්මනටම ලියන්ඩ ඕනේ

      Delete
  13. අවසානය වෙනකම් ඉන්නව.... ප්‍රශ්ණ ගොඩක් තියෙනව.......

    ReplyDelete
    Replies
    1. මෙනවාද දන්නේ නෑ ........ දරුණු ප්‍රශ්න අහන්න ඔට්ටු නෑ හරී..... උදාහරණයක් විදිහට මේ චරිත දෙකේ ඇත්ත නම් වගේ දේවල්

      Delete
  14. අඩේ ඔන්න මමත් හොයාගත්තා 4න් එකෙන් කොමෙන්ටු දාන විදිහ.. මේ ගැන කියන්න වචන නෑ බං..

    ගොඩක් රසවත් විදිහට, වෙනස්ම ආරකට ලියවෙන බවයි පෙනෙන්නෙ.. මොනවා වුනත් පෝස්ටුව තව ටිකක් දිග වැඩි වුනා නම් එලම තමා.. මොකද ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට පෝස්ට් එක ඉවරයි.. පුලුවන් උත්සාහයක් දීපන් පෝස්ටුව දිග් කරන්න..

    අඩෝ ඒ රෝස මල මගේ වුනා නම්.. උබ මේ කොහෙවත් ඉන්න පියලෙක්ට ඒකිව දීලනෙ.. මං වගේ තනිකඩ ජීවිත පවු නේද??? :(

    ReplyDelete
    Replies
    1. ඩබල් උනාය කියලා හිතන තරන් ආතල් එකක් නෑබං ....... තන්කඩ කම දාහෙන් සම්පතයි

      Delete
  15. පැණි බේරෙනවනේ දෙනෙල්ක.... මටත් අවුරුදු 10කට විතර කලින් අතීතේ මතක් උනේ බං... හි හි...

    ReplyDelete
    Replies
    1. දැන් වයසයිනේ ..............හි හි...

      Delete
  16. වෙයිටින්ග් මචං වෙයිටින්ග්

    ReplyDelete
  17. දිනෙල්ක භීෂනේ අත්වින්දද ? ඔයා ඉපදුනේ මොන අවුරුද්දෙද ?

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

වෙලාව කියන්නේ අපි හැමෝටම හුගක් වැදගත් දෙයක් , ඒනිසා කොමෙන්ට් නොකලා කියලා මගේ කිසිම තරහක් නෑ !

 

Sample text

Sample Text

Sample Text