Social Icons

හොයමු බලමු

Monday, July 1, 2013

මැදියම් රැයේ හමුවූ බෝදිලමා ( සාමන්‍යයෙන් ඔබ්බට ගිය සිදුවීම් දාමය )

                   
                          


                                   කඳුකරයට හිරු නැඟ එන්නේ අනිත් පළාත් වලට වඩා බොහෝ ප්‍රමාද වීමෙන් සේම,  හිරු අනිත් පලාත්වලටත් කලියෙන්  බැසයාමද සාමාන්‍යය දෙයකි . 
                    ගම්පොල නාවලපිටිය පරන පාරේ පිහිටියාවු  දියුනුවේ මං පෙත් හෙළි පෙහෙලි නොවූ කුරුඳුවත්ත ග්‍රාමයට  මෙම කාලගුණික විපර්්‍යාසය අනිත් පලාත් වලට වඩා තදින් දැනෙන්නේ  සිව් දෙසින්ම කඳුවලින් වටවී  ඇති නිසා විය යුතුය . 
                                                යම් තරමක හෝ වත්කමක් ඇති මිනිසුන් එහි වී නම් , ඒ  අතේ ඇඟිලි වලටත් වඩා අඩුවූ ප්‍රමාණයකි . අනිත් පිරිස යැපුනේ අතමිට ඇතියවුන්ගේ බැලමෙහෙයෙන් ලැබෙන කුලියෙනි . එයද බොහෝ අවස්ථාවල රුපියල් දෙසීයය නොඉක්මවයි . එදිනදා ජීවතය ගැටගසා ගන්නා ආකාරයට අමතරව සිතන්නට යමක් ඔවුන්ට නොවීය .
                                      සිව් දෙසින් කඳු වලලු වලින් ගිලගත්තාවූත් . හාත්පස, කඳුකර වනාන්තර වලටම ආවේනික ලක්ෂණයන්ගෙන් යුතු වනාන්තරත් ,  අතරින් පරත සොහොනක කොත්  හෝ සුදු පැහැයෙන් ඳඟලන්නාවූ ගොක් කොල වලින් යුතු පස්ගොඩැලි අතර ,  තෙරක් නොපෙනෙන තේ වතු වලිනුත් ගැමියන්ගේ ජීවිත තවත් හුදකළා කලා පමනක් නොව මුලු ගම්මානයටම අමුතුම ගුප්ත බවක් එක්කර තිබිනි . 
                                            හොඳින් හඳ එලිය  ඇති රැයක හැරුනුකොට අන් කිසිඳු දිනක රාත්‍රියේදී ගැමියන්  නිවසින් එලියට බසින්නේනම් ඒ  බොහෝ කලාතුරකිනි . පරිසරය ගිල ගත් සීතල සේම , අඳුරු ගුප්ත බවින්ද මැඩවුන ඔවුන් නිවස තුලම ගුලිවි සිටිති . 
                                       සවස් කාලය එලඹෙත්ම , නිවස වටා ඇති සියළු කොළ රොඩු අතුගෑවීයන පරිදිමුලු ගෙපැලටම ආච්චි අම්මාගේ ඉදල් පහස ලැබෙන්නේ  රාත්‍රියේ ගොදු‍රු සොයා එලියට ඇදෙන්නාවූ සර්පයන් උණුසුම සොයා ඒ කොළ රොඩු තුල ගුලිවී සිටීමට ප්‍රිය තාවයක් දක්වන නිසාය . 
                                    ගම්මානයම වැහිබර අඳුරකින් ගිල්වමින් හාත්පස අඳුරුවී ගිය තවත් එක්  සන්ද්‍යාවකි . බටහිර අහස ගුගුරුවමින් නැග එන හෙනහඩ මාහා කුනාටුවක පෙරනිමිති පලකරමින් තිබිනි .ආච්චි අම්මා මිදුල අතුගා ගෙට ඇතුලු වූවා පමණි . මා ඇගේ ඇකයට   පැනගත්තේ මව් සෙනෙහස නොඅඩුව ඒ තුලද ගැබ්වී තිබුනු නියාවෙනි.
                                         ඉකිබිති  හටගත්තේ අති බිහිසුනු කුණාටුවකි ..
 සැඩ සුළඟින් කැඩී ඉරී විසිරී සීසීකඩ ගිය වැහි වලාකුළු බටහිර අහස වටකොට පැතිරුනේ ආක්‍රමණයකට මුලපුරන්නාවූ සතුරන්ට විරුද්ධව පෙළගැසේනා ගුරුළු රෑනක තරම් චන්ඩ විලාසයෙනි.හදිසියේ පුපු‍රා ගිය කස පහරින් අවදිවූ අසුන් රෑනක් වෙන් ඇඹරෙමින් දිව ආ සුළඟ , සතර අතින්ම බටහිර වා ගැබ පෙලන්නට විය .
                                          තැනින් තැන එබෙමින් සිටි හිරුමඩල පිළඹඳ ආරංචියක් පවා සොයාගත නොහැකි තරම්ය . යම රජුනිගේ අණින් අවදිවූ කුළු මී රැලක තරමට නපුරුවූ දළ රළගෙඩි , දුටුවන් භීතියෙන් උමතු කරවන තරම් විය .
                    බියකරු හඩක් නගාගෙන හිසට ඉහලින් හෙනයක් පිපිරිණි . ඊළඟට ඈත නිම් වලල්ලම දම් පැහැගන්වමින් විදුලි කොටන්නට වූයේ හාත්පස පැවති අඳුර සේම අහසද පුපුරවා දෙබෑ කරන්නට වන තරමිනි..
හොරා යන්ත්‍රයේ  පහේ කනිසම ඉක්මවූවා පමණි . නමුත් හාත්පස වූ  අදුර නිසා පරිසරය අපැහැදිලිවී ඇත. 
                                         පැයකට පමණ පසු වර්ශාව එසේම පැවතුනත් විදුලි කෙටීමේ යම් අඩුවක් විය . නමුත් ඒ අඩුව පිරවෙන්නට ගියේ සුලු මොහොතකි . මුළුමහත් වා තලයම හීන් කෙඳිරිලි හඩකින් පිරි යන්නට විය . එය කෙමෙන් කෙමෙන් වැඩිවී වේදනාවෙන් මුරගාමින් දඟලන්නාවූ  ගැහැනිය‍කගේ හඬට සමාන විය . උදව් ඉල්ලමින් දිගින් දිගටම ඇය වේදනාවෙන් මොර දෙන්නට වූ අතර ඇඟ හිරිවැටී සිටි මගේ කුතුහලයද ඒත් සමඟම වැඩිවිය . 

" කවුද ආච්චි අම්මි ඒ !!!! "
" කටවහගෙන ඉන්ට පුතා " ආච්චි අම්මා එසේ පැවසූයේ වෙද සීයා දෙසද බලමිනි .
                   වෙද සීයා යනු  ආච්චි අම්මාගේ තාත්තාය . ඔහු සිය පුටුවෙන් නැගිට බුදු කුටිය වෙත යනු දකින්නට ලැබුනි. වේදනාවෙන් කෑගසන හඬ දැන් ඇසෙන්නේ අපේ මිදුලෙනි . 
                                            දෙවරක් නෙසිතූ මා මුලින්ම කලේ ආච්චි අම්මා අහක බලන තුරු හිඳ  වසා තිබු දොර පලු විවිර කිරීමයි .......
                                            මිදුලේ පෙරලෙමින් ඳඟලමින් තිබූ කළු පොට්ටනියකි .අඳුරට ඇස හුරුවත්ම එය කාන්තාරුවකට සමාන වුවත් අසාමාන්‍ය විරූපී ස්වභාවයක් ඒ රූපය තුල ගැබ්වී තිබුන බව  වැටහෙන්නටත් ඒ සමඟම හටගත්  ආගන්තුක බියකින් සිත පිරීයාමටත් ගතවූයේ තත්පර කීපයකි . ඇය නැඟූ හඬ දෙසවන් බිහිරිකරන තරම්ය .වේදනාවෙන් යමක් ඉල්ලමින් මා දෙසට වේගයෙන් ඇදෙන රූපය දෙස බලාසිටිනවා විනා කරන්නට කිසිවක් මා සිත්හී හට නොගතී . පලා යාමට අවැසි වුවත් දෙපා ඊට අවනත නැත . කල හැක්කේ බලාසිටීම පමණයි . 
                                       ලිපේ අළු ඉවත් කිරීම වෙනුවෙන් තබාතිබූ ඉලපතද රැගත් ආච්චි අම්මා අප අතරට කඩා වැදුනේ විරූපී රුවත් මාත් අතර වූ පරතරය අඩි කීපයක් වී තිබියදීය. 
                                             එකවරම නැවතුන කලු ‍ගුලිය ආපස්සට පෙරලෙන්නට වූයේ වෙද සීයා ගේ යම් මැතිරිලි හඬක්ද ගුවනට මුසුවී තිබුන අතරය . කෑගැසීම දැන් නැත . ඇත්තේ වැහිබිරුමත් ඉඳහිට ඇසෙන ගෙරවිලි හඞත්  පමණකි . ආපසු හැරුනු ආච්චි අම්මි මා වැළඳගෙන වඩාගෙ යද්දී වෙද සීයා පසුපසින් පැමිණ රිදෙන්න ටොක්කක් ඇනීමටද අමතක නොකලේය.  බෝදිලිමා නොහොත් සොඳරී අවතාරය මූණටම මුනගැසුන පළමු අවස්ථාව එය විය .....
                                          මීට වසර පහලොවකට පමණ සිදුවූ ඒ සිදුවීම් දාමය යලිත් වතාවක් මා සිත තුල හොල්මන් කරන්නට වූයේ හාත්පස ගුගුරමින් යලිත් වතාවක් පහලොස් වසරකට පසුව ඒ මූසල වේදනාබර හඬ  අපඉදිකල කූඩාරම අබිමුවෙන් ඇසෙන්නට වූ නියාවෙනි .   
                                          නමුත් ඒ ගම්පොල හෝ අපේ ගම නොවේ , උදව් ඉල්ලන්නට හෝ  තත්පරෙන් තත්පරය අපවෙත ලංවෙමින් ඇසෙන ‍බොදිලිමාගෙන් අප ගලවාගන්නට කාන්තාවක්ද අප අතර නැත ......... තවත් තත්පර කීපයකින් ඌ අපේ කූඩාරම ඉදිරියේ දෘශ්‍යමාන වනු ඇත ................

බොදිලිමාගේ හමුවීම 02 බලාපොරොත්තු වන්න .


31 comments:

  1. බොලාටම මෙහෙම එව්වා වෙන්නේ මොකෝ කියල මට තේරෙන්නේ නෑ :/

    ReplyDelete
    Replies
    1. එක්කෝ වාසනාව !!! නැත්තං හෙනම අවාසනාව නිසා වෙන්න ඇති බං

      Delete
  2. Replies
    1. එව්වා එහෙම තමයි බං

      Delete
  3. අඩෝ මේක උබට සිරාවටම වෙච්චි දෙයක්ද? පට්ටෙට ලියල තියෙනවා. intro එක උපරිමයි. අද දවාලෙයි බෝදිලිමා ගැන පත්තරේකින් කියෙව්වේ. දෙවෙනි කොටසත් දාපං මචෝ ඉක්මනට. දැන් ඉතින් ඒක කියවනකන් ඉවසිල්ලක් නෑ

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දෙයක් තමයි බං ..... හිටපංකෝ ලියනවා අනිකත් .... වෙලාව තමයි බං අවුල

      Delete
  4. අඩේ සුපිරියි.. අනික් කොටසත් ඉක්මනට ලියපං..

    ReplyDelete
  5. සුපිරියි! ඉක්මනට ඊලග කොටස දාන්න.

    සිතුම් සයුර

    ReplyDelete
  6. අපිට‍ නොදේනන සමහර දේවල් ලෝකයේ සිදවෙනවා
    ඊලග කොටස ලියපන්

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්තං තමයි... සිද්ද වෙන දේවල් වලින් ඇහැට පේන්නේ බොහොම ටිකයි

      Delete
  7. ඕවා ගැන මගේ වැඩි විශ්වාසයක් නෑ.

    ReplyDelete
    Replies
    1. කැමත්තක් :) දකිනකං විස්වාස කරන්න හොඳ නෑ තමයි ඕනෙම දෙයක්

      Delete
  8. බෝදිලිමා ගැන මාත් අහල තියේ ...මේ හැබෑටම දැක්කද ඇ ? බලාගෙන යද්දී ඔයාගේ පස්සේ හොල්මන් අවතාර එනවා වැඩිද මන්දා ..එකපාරක් මහසෝන් දිෂ්ටිය ! දැන් බෝදිලිමා .., බොලා මොන ඝනේ ද ඇ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං තව හම්බ වෙච්ච උන් ඉන්නවා ....... අපි රාක්ස ගණලු ඇ

      Delete
    2. රාක්‍ෂ ගන වලට හොල්මන් පෙන්නේ නැහැ බං.

      Delete
  9. මචෝ මේ ප්‍රබන්ධයක්ද සත්‍ය සිදුවිමක්ද. ලියවිල්ලනං මරුම තමා.

    ReplyDelete
    Replies
    1. අනිවා සත්‍ය සිදචුවීමක්

      Delete
  10. බුදු අම්මෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මමනෙ බං බය වෙන්න ඕනේ

      Delete
  11. අඩෝ තේකක් දීලා පිලිගනින් අවුරුදු පහලොවකින් නේද එනවා කිව්වේ. පව් යකෝ කාගේ උනත් බෝදිලිමෙක්නේ

    ReplyDelete
    Replies
    1. මං කිව්වට හරි ගියෙ නෑ බං ..... පොඩ්ඩක් ඉන්න තේඑකක් බීලම යං වතුර ලිදේ කියලා කිව්වා .... ඇහුවේ නෑ

      Delete
  12. දෙවැනි කොටසත් ඉක්මනින් දාපන් . මම ඔයවගේ කතා කියවන්න හරි ආසයි (මේක ඇත්තම එකක්ද බං, බෝදිලිමා කියන්නේ කටුස්සෙක්ට නෙවේද ?)

    ReplyDelete
    Replies
    1. කටුස්සෙක් කියලත් කියනවා !!! බකුසු කුලේ එකෙක් කියලත් කියනවා ... ඒ උනාට ඔය කියන සද්දෙ දාන සතාව කවුරුත් හරියට දැකලා නෑ

      Delete
  13. මම මේක ඊයේ රෑ දැක්කා, කියෙව්වෙ නෑ,, කෝකටත් කියලා :D හොද වෙලාවට දැන් කියෙව්වෙ.. දෙවනි කොටසා දාපිය ඉක්කනට..

    ReplyDelete
    Replies
    1. එහෙම ඉකිමනට දැම්මාම ගතියක් නෑනේ ......

      Delete
  14. ඔය වැම්පයර් කතාවලුයි ඒලියන්, සුපර්නැචුරල් කතාවලුයි කට ඇරගෙන බලන්නේ ඕවා දෑහින් දකලයැ බං... මං නං ඒ ජාතියේ එක්ක කියලා හිතාගෙන අනිත් කොටස දානකම් බලං ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. මේක නං ඇත්තලු ඇහ් .....

      Delete
  15. අඩේ.... මේක ඇත්තට බොලාට වෙච්චි දෙයක්ද? පිස්සු හැදෙනවනේ..... මං හිතුවේ එහෙම එකෙක් නෑ කියලයි.

    ReplyDelete
  16. අඩෝ බෝදිලිමා සිරාවට උඹ දැක්කද බං...? ඇඟේ මවිල් ස්මයිල් වෙලා කොයිල් වෙලා යනවා බං.

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text