දිනුම කෙසේවෙතත් පැරදිලා ඉවරයක් නැති මගේ ජීවිතේ මේ කථාව සිද්ද වෙන්නේ අපේ ඉස්කෝලේ සුදු දිග කලිසමට බැහැපු මුල්ම මාස කීපය ඇතුලත..........
මාස කීපයක් ඇතුලත සිද්දවුන සිද්ධි දාමයක් නිසා අපි හැමෝගෙම ජීවත හිතාගන්නවත් බැරි තරම් වෙනස් වුනා කියලා කිව්වොත් වැරද්දක් නෑ .
කොළඹ හතට පොඩ්ඩක් මෙහාට වෙන්න පිහිටලා තිබුන අපේ ඉස්කෝලේ ප්‍රසිද්ධ වෙලා තිබුනේ මැරයින්ගේ පාරාදිසයක් විදිහට .ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ඒ ඉස්කෝලෙට ආපු බහුතරයක් කොල්ලො ජීවත්වුනේ වනාතමුල්ලෙයි මැගසින් රෝඩ් එකෙයි වීම නිසා .අපේ ඉස්කෝලවල වරගවාදය නෑ , කවුරුවත් පහත් කරලා සලකන්නේ නෑ කියලා බණකියන රටේ , කොළඹ කොයි කවුරුත් අපේ ඉස්කෝලෙ දිහා බලාගෙන කෙල ගැහුවා . එහෙම කලේ ඒකේ ඉගනගන්න උන්ගේ වැරද්දක් නිසා නෙවෙයි . ඉගන ගන්න උන් පදිංචිවෙලා ඉන්න පලාත නිසා .
කෙටියෙන්ම කිව්වොත් දෙමාපියන්ගේ වැරදි වලට දරුවන්ගෙන් පලිගැනීමක් තමයි සිද්ද වුනේ .ගුරුවරු කරන්නේ ජොබ් එකක් නෙවෙයි සේවයක් කියලා පූජනියත්වයට පත්වෙන්න හදන ගුරුවරු අපේ ඉස්කෝලෙට ගුරුපත්වීමක් ලැබෙනවා කියලා කියන්නේ දුශ්කර පලාතකට ගුරු පත්වීමක් ලැබෙනවටත් අන්ත විදිහටයි සැලකුවේ.
කොළඹ තිබුන ඉස්කෝලවලට තිබුන පහසුකම් වලින් 1%ක් වත් අපිට තිබුනේ නෑ . කොටින්ම කියනව නං අපිට වතුර බොන්න තිබුනේ එක ටැප් එකයි .
ඔහොම තත්වෙක ඉස්කෝලෙ තියෙද්දි බලෙන්ම වගේ අපේ ඉස්කෝලෙට පත්වීමක් හදාගෙන ආපු එතුමා විදුහල්පති කෙනෙක් නෙවෛයි දෙවි කෙනෙක් , මුලු ඉස්කෝලෙම වෙනස් කලා . පුස්තකාලයක් , අළුත් ජල නල පද්දතියක් , පරිඝනක විද්‍යාගාර දෙකක් ,අළුත් ගොඩනැගිලි ............. ඔය වගේ තවත් ගොඩක් දේවල් අපේ දුප්පත් ඉස්කෝලෙට අරන් දීලා තරමක තත්වෙකට අරගෙන ආපු ජයසෙන සර් , තමන්ගේ සේවාකාලය ඉවර කරලා විශාම යන්න තීරනය කලෙත් අපි දිග කලිසමට බැහැපු මුල්ම දවස්වල.
වෙන ගුරුවරයෙක් විශ්‍රාම යනවා කියලා කියන්නේ අපිටනං නත්තල් වගේ සීන් එකක් වුනාට ජයසේන සර් ගියපු දවස කියන්නේ මුලු ඉස්කෝලෙම අඬවපු දවසක් .
කියන්න යන සිද්ධිය පටන් ගන්නේ ඊට පස්සේ අපේ ඉස්කෝලෙටෙ පත්වීමක් අරන් එන විදුහල්පත් තුමාගේ පැමිණීමත් එක්ක .
ජයසේන සර් නිසා අපේ ඉස්කෝලේ ඉන්න හැම කෙනෙකුගේම හිත්වල විදුහලපති කියන චරිතයට පුදුමාකර ගෞරවයක් ඇත්වෙලා තිබුනා . ඒ නිසා අළුත් විදුහල්පති තුමාව බොහොම හරසරින් බේස්ලයින් පාරේ ඉඳන් පටන් ගත්තු පෙරහැරක් එක්ක ඉස්කෝලෙට කැන්දන් ආවා.
හිටපු ලොකු සර්ට පිං සිද්දවෙන්න ඉස්කෝලේ හදපු එලිමහන් රංඟපීඨයේ තමයි අළුත් සර්ව පිලිගන්න උත්සවය සංවිධානය වෙලා තිබුනේ .
ඉස්කෝලෙ විවාද කන්ඩායම් නායකයා විදිහට විදුහල්පති තුමාව පිලිගන්න කථාව කලේ මම , අළුත් විදුහල්පති තුමාව බොහොම ගෞරවයෙන් පිලිගන්න ගමන් පරණ විදුහල්පති තුමාව අගය කරන්නත් ඒ කථාවෙදි අමතක කලේ නෑ . ඊට පස්සේ තිබුනේ අළුත් විදුහල් පති තුමාගේ කථාව .
එතුමා බොහෝම වටිනා කියන ඇඳුම් කට්ටලේකින් සැරසිලා , සුදු පාට කෝට් බෑයක් එහෙම පොරවගෙන තමයි හිටියේ .
පෙරහැර පටන් ගනිද්දිම දාපු මල් මාලාවලින් බෙල්ලෙ බාගයක් වැහිලා තියෙද්දි වේදිකාවට ගොඩවුන විදුහල්පති උත්තමයා කථාව පටන් ගත්තා. මුළු කථාවම මතක නැතත් කවදාවත් අමතක නොවෙන ඉතිහාසගතවෙන වර්ගයේ කථාවක් උන්නාන්සේ කලා කියලානං හොඳටෝම මතකයි .
"ගරුතර සංඝරත්නයෙන් අවසරයි , මුලින්ම කියන්න ඕනේ මගේ ගුරු ජීවිතයේ මුහුණ දුන්න පිලිගැනීමේ උත්සව අතරින් දුර්වලම උත්සවය තමයි මේක ............. ඉස්කෝලෙ ඉන්න එක ලමයෙක්ගෙන් රුපියල් 10 ගානෙ එකතු කරලා වුනත් මීට වඩා දෙයක් කරන්න පුලුවන් කම තිබුනා............"
මෙච්චර වෙලා හිනා කටක් පුරවගෙනඅළුත් සර් ගැන බලාපොරොත්තු දාහක් හිතේ තියාගෙන හිටපු අපි හැමෝගෙම මල් මල් හිත් සේරම ටික බිමටම කඩාගෙන වැටුනා.
විදුහල්පති උත්තමයාගේ කථාව ඉවරවුනේ යුද්ධෙකට ඕනෙ කරන වටපිටාව නියම විදිහට ඉස්කෝලෙ ඇතුලෙ නිර්මාණය කරන ගමන් .
".......... මට දැන ගන්න ලැබුනා අර පිලිගැනීමේ කථාව කලේ විවාද කන්ඩායමේ නායකයා කියලා . ඇත්තටම ඒ කථාවෙන් මට තේරුනේ අළුතෙන් විවාද හා කථික සංගමයක් පිහිටවලා හොඳන් පුහුනු කරන්න ඕනේ කියන එක....... එකට ඕනෙ කරන කටයුතු මං සූදානම් කරනවා ......"
අති උත්තම විදුහල්පති තුමාගේ ඒ කථාවත් එක්කම විවාද සංගමය බාරව හිටපු මුලු ඉස්කෝලෙම ගෞරවය ආදරය අඩු නැතුව දිනාගෙන හිටපු ගුරුතුමිය සභාව ඉස්සරහදිම නැගිටලා යන්න ගියා . අපිටත් යන්න ඕනේ කම තිබුනට තාම ළමයි කියන එක හිත ඇතුලේ තිබුන නිසා අකමැත්තෙන් වුනත් උත්සවේ ඉවර වෙනකං ඉන්න සිද්ධ වුනා .
උත්සවේ නිවේදන කටයුතු බාවෙලා හිටපු මාධ්‍ය ඒකකයේ කොල්ලො ටිකත් වැඩේ නවත්තලා දාලා පිට්ටනිය මැදට ආපු නිසා නිවේදන කටයුතු ගුරුවරයෙකුට බාරගන්න සිද්ද වුනා .
ඔන්න ඔය විදිහේ බොහොම භයානක වටපිටාවක් විනාඩි කීපයක් ඇතුලත නිර්මාණය කරලා තියපු අළුත් සර් පිලිගැනීමේ උත්සවය අවසාන වුනා .
වේදිකාවෙන් බිමට බහිනකම්ම බෙල්ල තිබුන මාලෙ ගැලෙව්වෙ නැති නිසා අළුත් සර් ඇවිල්ලා පැයක් යන්නත් කලියෙන් පුශ්පකුමාර වුනා .
පුශ්ප කුමාර සර් කියපු විදිහටම වැඩ පටන් ගත්තා , එක ළමයෙක්ගෙන් රුපියල් 50ගානේ එකතු කරලා විදුහල්පති කාමරයේ තීන්ත ගාගත්තු එතුමා ඊටපස්සෙ කලේ විවාද සංචිය විසුරවා හැරලා අළුතෙන් පත්වෙලා ආපු කොම්පීතර සර්ගෙත් සමාජ අධ්‍යනය මිස්ගෙත් ප්‍රධානත්වයෙන් අළුත් විවාද කන්ඩායමක් පටන් ගත්තු එක .පරණ උන්ට ඒ පැත්තේ එන්න එපා කියලා නීතියක් දාපු අපේ කොම්පීතර සර් අළුත් සෙට් එක පුහුණු කරන්න ගත්තා .
ඒ විතරක් නෙවෙයි , තෝරගත්තු කොටසක් හැමදාම කොම්පියුතර පන්තියෙන් එලියෙ තියන්නත් පටන් ගත්තා . මේ විදිහට කොටසක් කොන් කරන්න හේතුවක් හිතාගන්න අමාරුවුනත් , කොන් වෙන්න වෙලා තියෙන්නේ ඉස්කෝලෙ ළමයි වෙච්ච අපිට විතරක් නෙවෙයි කියන එක මේ වෙද්දි තේරිලයි තිබුනේ .
පරණ විවිධ කන්ඩායමත් ඇතුලත්ව අනිත් හැම කාණ්ඩයක්ම බාර වෙලා හිටපු ගුරුවරුන්ටත් සිද්ද වෙලා තිබුනේ මේ සන්තෑසියම තමයි .
කාට කාටත් සිද්දවෙමින් තිබුන අසාධාරණය කියාගන්න තැනක් නැතිකම නිසාම කුඩම්මගේ සැලකිල්ලට පාත්‍රවුන අපේ කල්ලිය ඒ ගැන අමතක කරලා ඉන්න තීරනය කලා . බොහොම අපහසුවෙන් ගෙවපු සති කීපයකට පස්සේ තමයි අපේ ඉස්කෝලේ ස්පෝට්මීට් එකට ප්‍රැක්ටිස් පටන් ගන්නේ .......
හය හත වසරවල් වලදි පැනගෙන ගියාට මොකද කකුල් දෙක දික්වෙන්න වෙන්න මං ක්‍රීඩාවෙන් ටිකක් ඈත්වුන චරිතයක් වුනා . ඒත් මේ ස්පෝට්මීට් එකට නං කොහොම හරි පෙනී ඉඳලා තියෙන සහතික ගොන්නට ක්‍රීඩා සහතික කීපයක් එකතු කරගන්න හීනෙට පන දෙන්න මං හිටියේ බොහෝම ආසාවෙන් .
අවුරුදු ගානක් තිස්සේ තරඟෙට දුවන්නේ නැතිව ලබ්බ තිබ්බා වගේ ඉඳලා ඉස්කෝලෙ ඉන්න ධාවන ශූරයොත් එක්ක හැරෙන්නවත් බැරි බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ . ඒ නිසාම විසිකිරීමේ තරඟ පැත්තට වැඩි අවධානයක් දුන්නා ......
දවසින් දවස ගෙවිලා ගිහින් නිවාස වලින් තරඟ වලට ඕනේ කරන කට්ටිය තෝරන දවසත් ආවා .
පන්තිවලින් එලියට බැහැපු අපිට වෙනදා ක්ලීන් එකට පේන පිට්ටනිය නෙවෙයි අද පේන්නේ . තනිකරම දූඹුරු පාට වලාකුලක් ඒ වලාකුල ඇතුලෙන් ලාවට පේනවා ........,,මුළු පිට්ටනියෙම හෝ ගාලා සෙනග ,කට්ටියක් දුවනවා ....... තව උන් ටිකක් දුවන උන් ඉන්න පැත්තටම කව පෙත්ත විසික්කරනවා , එක් දිහා බලාගෙන ඉන්න ක්‍රීඩා ගුරුතුමා කව පෙත්ත විසික් කරපු උන්ගේ ජාතිය අමතනවා . අපරාදෙ කියන්න බෑ අපේ උන් හෙනම ආතල් එකේ බැනුං අහනවා .
කලිනුත් කිව්වා වගේ අපේ ගල් ආඳොත් එක්ක දුවන්න ගිහින් තියෙන තත්වෙ නැති කරගන්නේ නැතුව , ආතල් එකේ විහිලුවට කරනවා කියලා වටේටම බෙර ගහලා හෙල්ල විසිකිරන පොට් එකට ගියා . අපේ උන් මොකක් හරි පිස්සුවක් කෙලලා හෙල්ලෙන් ඇනලා දෙතුන් දෙනෙක්ව මරයි කියන බය හින්දා හෙල්ල විසික්කරන්න තෝරගෙන තිබුනේ අලුත් කක්කුස්සි පේලිය ගාව කෘශිකර්මය සර් හදලා තිබුන පතෝල මැහි තිබුන බිම් තීරුව.
තෝරා ගැනීම් පටන් ගත්තා , ඒ ලෙවල් අයියෙකුගේ විසිල් පාරට එකා දෙන්න ෆුල් ඩම් එක දාලා දුවගෙන අග උල්කරලා තිබුන යකඩ රිට විසික් කරලා එනවා . සමහර උන් විසික් කරන හෙල්ල මීටර් දහයක් වත් දුර යන්නේ නෑ , හුඟක් උන් විසි කරන හෙල්ල වැටෙන්නේ උල බිම ඇනෙන විදිහට නෙවෙයි , මිට බිම ඇනෙන විදිහට , තවත් සමහරුන්ගේ හෙල්ල උඩින් යනවට වඩා දුරක් බිම දිගේ ඇදිලා යනවා .දහ පාලොස් දෙනෙක්ව අධ්‍යයනය කළාට පස්සේ ඔන්න යන්තං හිතට ෆිට් , මොකද ඉතිං වැරදුනාට චාටර් එකක් නෑනේ , හැමෝම කෙල ගන්නවානේ .
පුර්ෂ ධෛර්්‍යය හිතට අරගෙන සූර පප්පා ඒකෙදි හෙල්ල විසික්කරන විදිහත් මතක් කරගෙන ඔන්න දිනෙල්කයත් හෙල්ල අතට ගත්තා .
ෙකලින් දෙතුන් පාරක් ඔය කියන හෙල්ල අල්ලලා තිබුනට කවදාවත් විසික්කරලා නෑ .අන්තිම පාර ඇල්ලුවාට වඩා සැහැල්ලුවට දැනුන නිසා හිතේ තිබුන ෆිට් එක තවත් ටිකක් වැඩි වුනා .
"මෙහෙමයි මල්ලි , ඔය හෙල්ල ඔයාගෙ උරහිසට සම මට්ටමින් හරි ටිකක් උඩින් හරි තියාගෙන දුවන්න . විසි කරද්දි අංශක 30කට වඩා වැඩිපු වෙන්න අල්ලලා විසි කරන්න . තේරුනාද ?"
"අම්මට සිරි කොහොමද කෝනේ මනින්නේ ? "
"හාල් ගරපං .......... ඔන්න ඕක හිතේ මිම්මට විසි කරලා වරෙං ආවා කොණෙ මනින්න !!"
නිවාස නායකයාගේ දරුණු වාග් ප්‍රහාරයත් එක්ක විසිල් එකටත් කලියෙන්ම මං දුවන්න පටන් ගත්තා . සීමා ඉර ගාවදි නැවතිලා ඇඟේ තිබුන හයියයි හිතේ තිබුන හයියි දෙකම එකතු කරලා හෙල්ල දකුන අතින් අත ඇරියා . එහෙම අත අරින ගමන් පපුව පිරෙන්න හුස්ම අරන් ගිරිය යටින් කෑගහන්නත් අමතක කලේ නෑ , මොකද ලොකු ලොකු තරඟ වලදි හෙල්ල විසික් කරන උන් එහෙම කෑගහනවා මං අහලා තියනවා .
ඒත් කෑගැහිල්ල වැඩි වුනාද මන්දා , මුලු පිට්ටනියෙම හිටපු උන්ගේ අවධානය හෙල්ල විසික්කරන තැනය ආවා . ප්‍රථමාධාර කන්ඩායම ඈතින් දුවගෙන එනවා පේනවා . උන් හිතන්න ඇත් කාගෙ හරි පපුව හිල් වෙන්න හෙල්ල ඇනිලා කියලා .
"ඔවුවුවු..........දිනෙල්කයාගේ අතින් නිදහස්වූ හෙල්ල , බන්දුල සෙනවියාගේ හීසරයක් මෙන් අහස දෙබෑකරමින් ඇදී යනවා අපිට පෙනෙනවා ............. උල බිම ඇනෙයිද .....බිම ඇනෙයිද .......ඇනෙයිද.....ඇනෙයිද " ආතල් කොමෙන්ටේටස් කොරන දෙතුන් දෙනෙක්ගේ සද්දේ බොහොම පැහැදිලිව ඇහෙනවා .
අන්තිමට තත්පර හතරක් පහක් අහසේ රැදිලා තිබුන හෙල්ල මං හිටපු තැනින් සෑහෙන දුරක් ගිහින් බිම ඇනුනා ...... ඔවු , පලවෙනි වතාවට උල බිම ඇනුනා . දුර මනින උන් ටේප් එකකුත් අරන් ඒ පැත්තට දුවන්න ගත්තා .....
" මීටර් 41.75යි ...... "
ඒ වෙනකොට වාර්ථාවුන දෙවනි වැඩිම දුර ............. මගේ පුංචි හිතේ මල් පිපෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ ...... දැං ඉතිං ස්පෝට්මීට් එකට අපේ නිවාසෙන් හෙල්ල විසි කරන උන් දෙන්න අතර මාත් ඉන්නවා .
" ඒක ෆවුල් නේද !!! මං ඈත ඉදන් බලාගෙන හිටියේ ........." අපේ අළුත් කොම්පියුටර් සර් එහෙම කියාගෙන අපේ පැත්තට ආවේ මං ජයග්‍රහනය සමරමින් ඉන්න අතරෙයි .
" නෑ සර් අවුලක් නෑ ...... ඉර පැන්නෙ නෑනේ ........." නිවාස නායක එහෙම කියාගෙන සර් ඉන්න පැත්තට ගියා .
" නැත්තෙ මොකද මං දැක්කනේ , මෙයා විසික් කලේ ඉර පාගලා , ඒක ෆවුල් .......... ඊට අඩුවෙන් දුර විසික් කල කෙනාව දාන්න තරඟෙට , එතන ගිහිල්ලත් ෆවුල් දැම්මොත් අපේ නිවාසෙට තමයි නෝන්ඩිය ...."
කොමිපීතරයා ගේම අත අරින්නේ නෑ .....
මගේ හිතේ සති ගානක් තිස්සේ එකතුවෙලා තිබුන කේන්තිය පුපුරන්න සෑහෙන්න ලං වෙලා තිබුනේ ,බොහොම පැහැදිලිව විසික් කරලා තියෙද්දිත් මේ වගේ බොරුවට චෝදනා කරන එක තවත් ඉවසන්නේ කොහොමද !!!!!!
" නෑ නෑ සර් මං නේ ඉර බලන්න හිටියේ මෙයා ඉර පෑගුවේ නෑ ...... මේ දෙන්නව දාලා දාමු එකයි දෙකයි දෙකම අපිට ලැබෙයි සර් . "
" තමුන්ට ඒ පඬි කථා වැඩක් නෑනේ මේකාව අයින් කරලා වෙන කෙනෙක්ව දානවා ...... නැත්ත ..... "
දැන් නං ඉතිං ඉවසුවා ඇති ,
" ඇයි නැත්තං ඔයා මොනවා කරන්නද ???? මගෙත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද සර් !! තියෙනව නං කථා කරමු . මෙහෙම බලු වැඩ කරන්න එපා ................... " අනිත්මට මගේ කටටත් පන ආවේ ඔහොමයි .
පුතේ උඹට අසාධාරනයක් වෙනව නං කථා නොකර ඉන්න එපා ,අඩො තිව්වොත් උඹත් අඩෝ කියපං . උඹට ගහනව නං උඹත් ගහපං ...........ගුටි කාලා උඹ ඉස්පිරිතාලෙ ඉන්නව නං උඹට ගහපු එකා එහා ඇඳේ ඊට වඩා අමාරු වෙලා ඉන්න ඕනේ ...... මගේ තාත්තා වගේම සීයත් පුංචි කලේ ඉඳන් මාව ඔඩෙක්කුවේ තියාගෙන ඔහොම කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයිනේ ......
මොනව උනත් ගුරුවරයෙකුට එහෙම කථා කරන එක වැරදී වෙන්න පුලුවල් , ඒත් ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබුනද !!!
"තමුසෙගෙ කට වැඩී " එහෙම කියාගෙන ඉස්සරහට ආපු කොම්පියුටර් සර් අත පුරවලා මගේ කණ හරහා ගැහුවේ දෙතුන් පාරක් කැරකිලා විසිවෙන තරං වේගෙන් ........ සිහි එලවා ගන්නත් කලින් සර් තවත් පාරක් ගහන්න අත උස්සන හැටි මට ලාවට පෙනුනා .....
"මොකද මොකද ඔය ළමයට ගහන්නේ ........" ඒ විදිහට කියාගෙන අපේ හිටපු විවාද කන්ඩායම භාර ටීචර් පිට්ටනිය මැද්දෙන් දුවගෙන වගේ ආවා.....
දෙවනි කොටස

දෙවනි කොටස බලාපොරොත්තු වන්න !!!!!
දෙවනි කොටස
ඒ ... මොකෙද්ද බං ඒ බූරු අලුත් සර්... කොහොමත් ඔය හොඳ මනුස්සයෙක් ඇවිත් යන්තං තැනක් ගොඩ දාපු ගමන් කවුරුහරි දේශපාලුවෙක්ගේ වටේ කැරකෙන හාල්පාරුවෙක් ඇවිත් ඒකෙ ලකුණු ටිකත් දාගෙන, අර කරපු හොඳ ඔක්කොම විනාස කරලා දානවා... ඕක අපේ රටේ හැටි....
ReplyDeleteමේ .. ඉස්කෝලෙ වේළුසුමනෙද.... නිකමට ඇහුවෙ... හි හි
නෑ නෑ ඒ සුමනේ නෙවෙයි බං අක්කේ .....
Deleteකොහොමත් ඔහෙම තමයි හැම තැනක්ම ඉතිං .....
boalle susamayawardana
Deleteයකෝ අලුත් එක දාපන් ඉක්මනට... ලේ පිච්චෙනවා බං කේන්තියට.
ReplyDeleteකියවද්දි ඔහොමනං ඇත්තටම වෙද්දි කොහොමද කියලා හිතලා බලපංකෝ
Deleteනෙදකින් බන් තොපේ ඉන්නේ පො**න හැත්තක්නේ .. සර් නෙවෙයි මොකා උනත් හේතුවක් නැතිව ගහනවනන් පෞද්ගලික තරහවල් එවුව මෙවුව පිරිමහන්න එනවනං කොල්ලෝ එකතු වෙනවා... නොදමකින් තොපේ ඉස්කෝලේ කොල්ලෝ... ගුරු ගෞරවේ නැතුව නෙවෙයි එක ඉහටත් උඩින් තියෙනවා එත් ගුරු වෘත්තියටත් නිගා දෙන උන්ට ගහන්න ඕනි හරක් ප**යකින් ...
ReplyDeleteඅපේ නන ඔහොම වෙලා දෙන්නෙක් හොඳට ගුටි කාවා ඉස්පිරිතාලේ නවතින්න... පොඩි ළමයින්ට වැරදි ආදර්ශයක් වෙයි කියල හැමෝම කිවුවේ .. එත් දැන් ඉස්කෝලේ ඉස්සරට වඩා ගොඩක් හොඳයි.. ටිච්ර්සලා සරල උනත් දන්නවා පෞද්ගලික තරහ මරහා අමුතු එවුවා මෙවුව අකර්න්න අවොත් ළමයි අත පය විසික් කරන්න උනත් ලේස්ති බව...
මොකක්ද බන් ඉස්කෝලේ.. පිනාගේ නම මොකක්ද -_-
ඉන්නේ නෙවෙයි බං හිටියේ පො**න හැත්තක්....... දෙවනි කොටසත් කියවපංකෝ ....... හෙට දානවා !!!!
Deleteඉස්කෝලෙයි පිනාගෙ නමයි කියන එක හරි නෑනේ නේද
ගුටි කෑවත් කතා කළ එක හරි!
ReplyDeleteගුරුවරයෙක් නෙවුන නං ගුටි කාලා නිකං ඉන්නෙත් නෑ
Deleteයකෝ උඹ ගියේ ඉස්කොලේකටද වෙන මොකක් හරි එකකටද? O.o
ReplyDeleteඉස්කෝලෙකට බොල ඉස්කෝලෙකට
Deleteඔය වගේ අසාධාරණ වෙලාවට ඉතිං ගුරුවරු කියලත් අමතක වෙනවනේ.... ඔවැනි වෙලාවක කතා නම් කල යුතුයි...
ReplyDeleteඉතිං ඉතිං ඊට පස්සේ?
ඉතිං ඊට පස්සේ දෙවනි කොටස බලන්නම වෙනවා
Deleteඉස්කෝලෙනම් මොකක්ද කියලා මං දන්නවා ,,,,
ReplyDeleteඅපේ එකත් උබලගේ එකට දෙවෙනි නෑ ,,,
කොලබින්ම නිකන් පච කරන ඉස්කෝල 2ක 3න අතරේ අපේ ඉස්කෝල 2ක ඉසරහින්ම තියනවනේ .....
දාපං පහක්
Deleteහරි! බලමුකෝ කොහොමද උඹ ගේම ගොඩ දාගන්නේ කියලා!
ReplyDeleteබලමුකෝ !!!! දෙවනි කොටසටත් වරෙං
Deleteමේක ඇත්ත කතාවක්ද දිනෙල්ක? මමත් ඉගැන්නුවා කොළඹම තියෙන නමුත් දුශ්කර ඉස්කෝලෙක කාලයක්. ඊ ලඟ කොටස ලියලා නේද තියෙන්නේ?
ReplyDeleteයප් යප් !!!!!!!! ඇත්ත කථාවක් , දෙවනි කොටස හෙට දාන්නයි ඉන්නේ
Deleteකෝ බ්න ක්මෙන්ට් එක :/
ReplyDeleteඋඹ කටමන්ට් කරලා නෑ ........... එහෙම එකක් නෑ , ආයෙ ලියපං ඩෝ
Deleteඅම්මට සිරි.. මට මේක කියවද්දී මතක් වුනේ මම අපේ එකවුන්ට් සර් එක්ක වලිය දා ගත්ත එක.. හැබැයි මෑන්ස් නම් මට ගහනවා තියා හිතුවෙවත් නෑ..
ReplyDeleteමේකත් එහෙම වුන නං අවසානය වෙනස් වෙන්න තිබුනා
Deleteඅනෙ මන්ද මචන් මට මතක් මුනෙ හිස් අහස.උටත් වෙන්නෙම ඔයවගෙ එව.මට ඇත්තටම හිතිල තිබුනෙ මෙවත් අර මෙගා නට්යවලයි හින්දි ෆිල්ම් වලයි විතරක් වෙන එව කියල
ReplyDeleteහිස් අහස කියන්නෙ මං කැමතිම බ්ලොග් එක බං ..........
Deleteමෙහෙම ඒවා වෙන්නේ නාට්‍ය වල විතරක්ම නෙවෙයි
දීලා ඇරපං දිනෙල්ක ඔය බූරු පිනාගෙ තට්ටෙ පැලෙන්න. අපේ සහෝදර පාසලේ කස්ටිය නම් ඔහොම පිම්බෙන්න එන ගුරුහොරුන්ට සලකන්නේ එහෙමයි. ඇත්තමයි දෙයියනේ මට එන තරහ. ඉක්මනට අනිත් කොටස දාන්නකෝ අපේ ලේ පුච්චන්නෙ නැතුව.
ReplyDeleteදානවා දානවා .......... මොකද්ද හැබෑටම ඉස්කෝලේ ඇ ...
Deleteඅප්පට සිරි අමාර ප්‍රින්සිපල් කෙනෙක්නෙ ඇවිල්ලා තියෙන්නේ,
ReplyDeleteකතාව කියවගෙන ආපු මටනම් හිතුනේ අනිත්පැත්තට හැරිලා කම්පිතර සර් ගේ කන රත්වෙන්න දෙකක් දෙන්න ..
ඔන්න දෙවනි කොටස දැම්මා ....... බලන්නකෝ මොනවද වුනේ කියලා
Deleteකැතයි හොදේ..ගුරු ගව්රවේ තියෙන්න ඕන
ReplyDeleteපල ඩෝ ........
Delete