Social Icons

හොයමු බලමු

Wednesday, July 4, 2012

බස් නැවතුම සහ මම






හා හාපුරා කියල බ්ලොග් එකක් පටන් ගන්නව කියල මගේ පළවෙනි පොස්ටුව කොටල අදට දවස් 5යි. ඉතිං ‍ඒක බලපු ,නොබලපු හැමෝටමයි,, විශේෂයෙන්ම මගේ පලවෙනි පොස්ට් එක‍ට ,මුලින්ම  කමෙන්ට් කරපු අභීත අයියටයි නිෂ් , අඩවි රජ දෙන්නටත් ස්තූති කරන ගමන්ම දෙවැනි එක පටං ගන්නයි යන්නෙ ඔං 


----------------------------------------------------------------------------------------------------------------------------------


කස්ටියටම ටිකක් විතර හිනා වෙන්න පුලුවං කථාවකින් වැඩ විලක්කුව  පත්තු කරන්න ඕනෙ කියල හිතාගෙන ඉන්නකොට අද වෙච්ච වැඩක් නිසා කථාව ටිකක් වෙනස් කරන්න ඕනෙ කියල මගේ ඔලුව අස්සෙ ඉදං මොකෙක්ද එකෙක් කෑගහනවා.. අන්තිමේදි කීබෝඩ් එක ලගදි මම ඌ‍ට යටත් වුනා.


""""""""""මේ හැමදේම වෙනස් වුනේ අද උදේ පොඩි වැ‍ඩකට බම්බ පැත්තෙ ගිහින් (වැ‍ඩේ මොකක් ද කියල  වෙන කථාවකින් කියන්නම්කෝ)  ආපහු 155 බස් එකට නැග්ගහම. බම්බපිටිය කිව්වට මම බස්එකට නැග්ගෙ අර සෙම්න් පොඩ්ඩක් මි@$$ බාලිකාව ලගින් :)). . ඔන්න ඉතිං බස්එකට ඉස්සරහ දොරින් නැංගා,  ඉතිං මලවදේ හැම එකාම මගෙ දිහා බලනව , ( කොහොමත් ඉතිං ලංකාවෙ පාරක ඔටුවෙක් යනකොට කොහෙමත් බැලෙනවනෙ ) මමත් සපත්තු දෙක ‍දිහා බලාගෙන පඩි ටික නැගලා එහෙම්මම ගිහිල්ල සීට් දෙකක් අල්ලගෙන උඩ බලාත්ත.. කොන්දා තවමත් එලියෙ කෑගහනවා, මූ මොකාට කෑගහනවද මන්ද !!!හොල්ට් එකේ මෙලෝ මල යකෙක් නෑ. කල්පනා ලෝකෙ ඉන්න ගමන් රෙඩාර් එකට වැටෙන බෝනික්කියෝ ඉන්නවද කියල බලන්නත් අමතක කලේ නෑ . මුළු බස් එකටම හිටගෙන හිටියෙ මමයි තව දෙතුක් දෙනෙකුයි විතරයි ,ඒ නිසා දර්ශන පථය  පැහැදිලී ..... ඒත් ශික් ,ඇහැට කනට පේන එක කෙල්ලෙක් හිටියෙ නෑනෙ...... ( තුක් විතරක් )  ඇතියන්තං බස් එක යනව  !!
         
" දිනෙල්ක!! ඔයා... දිනෙල්ක නේද ??" හත් ඉලව්වයි මේන් බොලේ ජීවිතේ‍ට දැකල නැති කෙල්ලෙක් මට කථා කරනවා.  මම ආයෙත් බැලුවා, හොදට බැලුවා,  ඔව් ඔව් ජීවිතේ‍ට දැකල නැති කෙල්ලෙක් තමයි, දැං මොකද කරන්නෙ !!ඇයි අහනවද ඔව් කියනවද !!!

" ඔව් "

 "මාව මතක නැත්ද ? මම නිලූශා "
  නිලූශා .......නිලූශා .......නිලූශා ....කව්ද බොලේ නිලූශා!!!!!!  හුටා...  නිලූශා,,, කෙල්ල කව්ද කියල මතක් වුනා විතරයි මට නිකං කලන්තෙ වගේ.. වෙලාවට කෙල්ලත් එක්ක හිටපු හිටපු ආච්චි නැගිටලා ගියා මමත් දනි පනි ගාලා එතනින් වාඩිවුනා.
" දැං මතකද ?? "කෙල්ල මගෙත් එක්ක හිනාවුනා

...........................
" තරහද ?? "අවුරැදු 15 කට පස්සෙ හම්‍බ වුන ‍කෙල්ලෙක් එක්ක මම කථා කරන්න ප‍ටන් ගත්තෙ ඒහෙමයි.  

" ඒ මොකට ද තරහ වෙන්නෙ " 
" හැම දේටම" කියල කියන්න ඕනෙ වුනත් මගෙ කටට ඒක කියන්න පන ආවෙ නෑ !!!


*********************************************************************
 " මමත් එන්නද අල්ලන සෙල්ලම් කරන්න " 
 " අපෝ දිනෙල්ක ,  නිලූශා එනවනම් මම එන්නෑ "
 " මමත් නෑ "  
 " අප්පිරියයි අ‍නේ එයාව ගන්නව නම් මමත් එන්නෑ "
 " ඔයාව ගන්නෑ යනව යන්න........ කරදර නොකර "  


ඔව්,, ඒකාලේ  ඉස්කෝලෙ ගියපු හැමදාම වගේ ඉන්ටවල් එකට  අපි පන්තියම  නිලූශාව කොන් කලේ එහෙමයි ඉන්ටවල් එකට  විතරක් නොවයි ඉඩලැබුනු හැම වෙලාවකම අපි ඒක කළා, පව් පොඩි කෙල්ලට කොච්චර දුක හිතෙන්නඇද්ද, අපිට ඉතිං ඒකාලෙ ඕව තේරුනේ නෑනෙ !!!!!! ,, ඔව් ඔව් ඒ මීට අවුරුදු 15කට කලින්, මම 1 වසරෙ ඉන්න කාලේ,  ........ ගමේ ඉස්කෝලෙ තිබුනෙ, ගම්පොල නාවලපිටිය පරණ පාරෙ නාවලපිටියට කිට්ටු වෙන්න. ටිකක් විතර ලොකුයි ( මධ්‍ය මහා විද්ද්‍යාලයක්නෙ ) සම්පූර්ණ කන්දක්ම පිරෙන්න ඉස්කෝලෙ    ........ ගොඩක් ළමයි ආවෙ පිලිවලක‍ට ඇදගෙන ලස්සනට ඔලුව එහෙම පීරගෙන, ඉතිං ඔය අතරේ, කහ ගැහිල පොඩිවෙච්ච ගව්මක් ඇදගෙන ‍ගෙන සෙරෙප්පු දෙකක් දාගෙන ආපු  නිලූශා , බහුතරය අතරින් හිරිකිත විදිහ‍ට කැපිල පේන එක අහන්නත් දෙයක්ද !! 


මම දැනං හිටපු විදිහට නිලූශා‍ හිටියෙ තාත්තයි මල්ලී එක්ක මල්ලි ඉපදෙන කොට අම්ම නැතිවෙලාලු ඉන්න හරියට ගෙයක් වත් තිබුනෙ නෑ. ඉස්කෝලෙ ලග තිබ්බ පරන  බස් නැවතුමක් තමයි ගෙදර වෙලා තිබුනේ. සංගනනෙදි ඒකට අංකෙකුත් දීල තිබුන නිසා ලිපිනයක් නම් තිබුනද කොහෙද!  . තාත්ත කලේ කුලීවැඩලු,, 1 වසරෙනේ ඔච්චරයි දැනං හිටියේ .


මම නම් කවදාවත් නිලූශව කොන් කලේ නෑ කියල බොරු ලියන්න මම කැමතිනෑ, සමහර වෙලාවට මම තමයි බයිට් එක ලීඩ් කලේ ( දැන්නම් මම මේ වගේ නෑ හොදේ ) . එහෙව් කෙල්ල ,මොනව කිව්වත් හැම  ඉන්ටවල් එකේම ‍වගේ " මමත් එන්නද  සෙල්ලම් කරන්න "  කියල අහනවා ,හැමදාම හම්බවුනේ එකම උත්තරේ . මම ඒ ඉස්කෝලෙට  ගියෙ එක අවුරුද්දයි,(තාත්තගේ සේවා මාරැ වීමක් එක්ක අපි කොළඹ ආවා ) ඒ අවුරුද්දේ කිසිම දවසක  නිලූශා සෙල්ලම් කලේ නෑ කියල ම‍ට හොද‍ට මතකයි, වැරදුනා අපි  කිසිම දවසක  නිලූශාව සෙල්ලමට ගත්තෙ නෑ. 


**********
" මොකටද මම තරහ වෙන්නෙ " කෙල්ල දෙවනි පාරටත් ඇහුව්වා, මම ආපහු බස් එක‍ට ආවෙ එතකො‍ට . ඒත් මට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ 
" කොළඹ මොනවද කරන්නේ ? " ශේප් එකේ කථාව වෙන පැත්තකට හරවන්න try  කළා
" මම දැං  @$$%%$$$$ කැම්පස් ‍එකේනෙ " 
කෙල්ලගේ ඇස් දිලිසෙනවා .

ඒක ඇහුවාම ම‍ට අඩන්න හිතුනා ( සතුටට නම් නෙවෙයි ), අන්ත දුප්පත් පවුල් වල ළමයි ඉගෙනගෙන ජීවිතේ දිනන්නේ කථා පොත්වල විතරයි කියලයි මම හිතාන උන්නෙ.
"‍ මරුනෙ හොස්ටල්ද ඉන්නෙ ? "
" ඔව් ඔයා මොනවද කරන්නෙ,  කැම්පස් ‍ තේරුනානේද ?? දිනෙල්ක ඉතිං ඒ දවස් වල ඉදන්ම දක්ෂයිනෙ "
හුටා දැන්නම් ඇඩෙන්න ඔන්න මෙන්න .,උ / පේ පාස් උනාට මාව කැම්පස් ‍ තේරුන්නෑ ,කෙල්ල මාව පරද්දලා ,.........
" අනේ නෑ ,මම **** ‍එකේ  කොම්පියුටර ඉන්ජිනියරිං කරනවා " 
" අනේ ..... අපරාදේ  කමක් නෑ ඔය කොස් එකත් හොදයිනෙ ......" 
" හ්ම් " කියනවා ඇරෙන්න මට වෙන කියන්න දෙයක් තිබුනෙ නෑ 
" අනේ  දිනෙල්ක මම ඉස්සරහින් ‍බහිනවා මට ඔයා ගේ නම්බරේ දෙන්නකෝ පස්සෙ කථා කරමු " 
මමත් ඔන්න ඔහේ ඕන එකක් කියලා නම්බරේ ලියන්න ගත්තා  එතකොට තමයි දැක්කෙ කෙල්ලටත් පොඩි  ෆෝන්  කෑල්ලක් තියෙනවා කියලා 
 " එහෙනං මම යන්නං  " 
නොදකින් නොදකින් නොදෝමකින් මේ කාළකන්නි බස්කාරයා ආයෙමත් ඔහේ ඉන්නවා යන්නෙ නැතුව.....  බස්කාරයාට පිං සිද්දවෙන්න,  බස් එකෙන් බැහැපු නිලූශා, ඒකි එනකං මග බලං උන්නු කොල්ලෙකුගේ අතිං අල්ලාගෙන  කැම්පස් එක පැත්තට නැලවි නැලවි යන හැ‍ටි මට බලං ඉන්න උනා . ඉතිං මං පරාදයි !!!!
  
මගේ අතිං ඒකාලේ වෙච්ච දේවල් වලට සාධාරනයක් කරන්න හිතාගෙන තමයි මේක ලිව්වේ . කවද හරි දවසක නිලූශා ‍වැරදීමකින් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මගේ සමාව පළිගනීවි ( එහෙම වෙයිද ?? ) 


( නිලූශා යනු ඇගේ නියම නම නොවේ )



7 comments:

  1. පරාදයි කිවුවෙ දිනෙල්ක ගෑණු ලමයා වෙන කෙනෙක් එක්ක යාළු නිසාද නැත්තම් ඔයාට කැම්පස් යන්න බැරි උන නිසාද...මොනා උනත් ඔයා සතුටු වෙන්න දුප්පත් කමේ පතුලෙම උන්නු නිලුෂා, ඔයාගෙ යාළුවා අද ඉන්න තැන බලලා...

    ReplyDelete
    Replies
    1. එක පාරට දහස්පාරක් මම සතුටුවෙනව ....... ඩී පරාදයි කිවුවෙ මට කැම්පස් යන්න බැරි උන නිසාම නෙවෙයි ...... ඒවගේම මම කරපු ඒ ජරා වැඩේ කවදාවත් හරිගස්සන්න බැරිනිසා ...

      Delete
  2. අඩේ උබ ඉස්සර ඉදන්ම මිනිස්සුන්ව බයිට් කරන ජොබ කරාද බන්???

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ ..... :ඩී මම කැමත්තෙන්ම කළේ ඒ ජොබ් එක ....

      Delete
  3. හ්ම්ම්ම්.. හිතට දැනෙන කතාවක් මචං..

    ReplyDelete
  4. කෙල්ලට මතක තිබ්බා එහෙනම්.... ගෑණුන්ගේ හිත්වල ඇඳෙන පිරිමින්ගේ රූප ලේසියට අමතක වෙන්නේ නැහැලු :D

    ReplyDelete
  5. හම්! දැනුන කතාවක් බං! ඒ කෙල්ලට හොඳ කලක් යාවි කියලා ප්‍රාර්ථනා කරමු බං!!

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text