Social Icons

හොයමු බලමු

Sunday, August 12, 2012

ඇදගෙන නෑම නොහොත් ගෑල්ලමයින්ට ( සිංහල බැරි ) පච වීම ....





" එක්ස්කියුස් මී මිස් ......... මම පොඩ්ඩක් දිනෙල්ක මල්ලිට කථා කරන්නද ? " 
" හ්ම් "
හත් ඉලව්වයි මොන ගිණිගෙඩියක්ද මන්ද ,මෙන්න  යකෝ අපේ ඉස්කෝලේ හෙඩ් ෆිෆෙට් කාරයා ඇවිත්!!!!!. ඔන්න බුවා හෙමින් හෙමින් ලගට ආට .
" අඩෝ !! ඉන්ටවල් එකට ලයිබ්‍රියට වරෙන් ඩිබෙට් එකකට ඉන්විටේශන් ඇවිල්ල "

ඔන්න ඔය විදිහට තමයි ඒ ඉතිහාසගතවෙන  පච වීම පටන්ගත්තේ. 

 ඔය ඇවිල්ල මම ඕලෙවල් ලියන අවුරුද්ද මේ සිද්ධිය වෙනකොට විභාගයට මාස 06 ක් විතරතමයි ඉතුරු වෙලා තිබුනේ . මම ඉතිං කොහොමත් හොද ළමයනේ , බෝ පැලේ වගේ තමයි . හැම වෙලේම බලාගෙන ඉන්නේ මොන වෙලාවෙද පීරියඩ් එකක් කට් කරන්නේ කියල. 
                                   දෙයියෝ මූන බැලුව වගේ මෙන්න දැන් ඔෆීශියලි පීරියඩ් කට් කරන්න චාන්ස් එකක් .මොකද දන්නවද දැන් මම ඉන්ටවල් එකේදී  ගියාම ඊළග පීරියඩ් 4ම ප්‍රැක්ටිස් තමයි . ප්‍රැක්ටිස්  කිව්වට ෆන් එකේ ඉදිල්ලක් තමයි තියෙන්නේ. 
                                       බොහෝම අමාරුවෙන් උදේ පීරියඩ් 4 ඉවරවෙලා ඉන්ටවල් බෙල්එක ගැහුව විතරයි . ඩෙස් පුටුත් පෙරලගෙන කුරුල්ලෙක් එළියට පියෑඹුවා . කට්ටිය බයවෙලා බලන් ඉන්නව මේක මේ බත් එකකටවත් ගේමක් දෙන්නද යන්නේ කියල . ඇයි ඉතින් වෙනදට ඉන්ටවල් එකේදි දුවන්නේ බත් එකක් දිග ඇරපු තැනකටනේ ( හිකිස් ..... ) හැබැයි අපරාදේකියන්න බෑ ඒ විදිහට කන එකෙන් පන්තියේ උන් සේරම එක පව්ලේ උන් වගේ වෙනව . එකපාරට 40 විතර   පොරකනකොට එක එකාට අහුවෙන්නේ බත් එකේ එක තැන් , සමහරුන්ට බත් විතරයි තවන් උන්ට පරිප්පු විතරයි ... ඔහොම ඔහොම එක එකාට අහුවෙන දේවල් පස්සේ තමයි බෙදාගන්නේ .එකෙක් කාලා දාපු මස් මාළු කටු තව එකෙක් ආයේ අහුලන් කනව , ආයේ නෑ මාරම සහොදරත්වයක් තමයි ........ මතක් වෙනකොට දුකේ බෑ . ඒත් අද කොහෙද ඒ වගක් ..... බත් වගේද බං පීරියඩ් හතරක් කියන්නේ.
                                        මං ලයිබ්රියට යනකොට මොකෙක්වත් ඇවිල්ල හි‍ටියේ නෑ ..... අපරාදේ කෑමකට සෙට් වෙලාම එන්න ති‍බුනේ දැන් ආයේ යන්න බෑ අප්ප කම්මැලී .  විනාඩි 10 විතර යනකොට ඔන්න එකෙක් ආවා , කණ්ඩායමේ 3 වැනි කථිකයා . 

"අඩේ උඹ දන්නවද ....ලංකාවේ පලවෙනි අගමැතිනියගේ නම තියෙන  බාළිකා වෙන් බං ඉන්විටේශන් එක ඇවිල්ල තියෙන්නේ "

ඔලෙවල් කරන කාලේ මම ගියෙ කොළඹ 08 තියෙන ඉස්කෝලෙකට තමයි , ඒත් ඒක ඔය ජනප්‍රිය කි‍යන ගොන්නට නොවැටීච්ච පොඩිඑකක්, ඉතින් එහෙව් එකකට අරවගේ ඉස්කෝලෙකින් ආරාධනාවක් ලැබුනාම මැජික් වගේ තමයි , හැබැයි  2007 අවුරුද්ද අවුරුද්ද නම් ඒවගේ මැජික් ගොඩක් වෙච්ච අවුරුද්දක් වුනා. ඇයි දන්නවද ,  ඒ අවුරුද්දේ මුල්කාලේ අපිට වැරදිලාද මන්ද ඔය ටෙස්ටියුබ් බාලිකාවෙන් ආරාධනාවක් ආවා විවාද තරගෙකට , ඒකේ අන්තිම තරගේදී අපි අතින් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ පැරදුනානේ .......... ඔය වැ‍ඩේනිසා අපිට සෑහෙන ප්‍රසිද්දියක් ආවා විතරක් නෙවෙයි හෝ ගාලා විවාද තරගත් ආවා .
                                                 
පුස්ථකාලෙට අන්තිමට ආවේ විජිත අයිය  , මිනිහ  ඉස්කෝලේ හෙඩ් ෆිෆෙට් වගේම විවාද කන්ඩා‍යමේ නායකය .මාරම වචන ටිකක් තියෙන බුවෙක් විවාදෙකදි කථාව පටන් ගත්තහම පාරේ යන උනුත් නැවතිලා බලාන ඉන්නවා. අනේ ඉතින් ඔන්න මේක පුරාජේරුවක් නම් නෙවෙයි ඕං දෙවනියට හොදම කථීකයා මමලු ඒකනේ ඒකාලේ මම කන්ඩායමේ උප නායකයා වුනේ !!!!!! මම හිටියේ කණ්ඩායමේ හතරවෙනි කථිකයා විදිහට ........අනිත් කන්ඩායමෙන් ගේන තර්ක බිදින එක තමයි   හතරවෙනි කථිකයාගේ රාජකාරිය. ඒනිසා ඔං මටත් තියෙන්නේ පොඩිපහේ කටක් නෙවෙයි ......හරිද !!!! : ඩී

" ශ්‍රීලංකාවේ අනාගත අභිවෘධිය හා සංවර්ධනය වෙනුවෙන් කාන්තාවන් විදේශගතවීම  සුදුසුය / නුසුදුසුය " 

                                       ඔන්න ලැබිල තිබිනු මාතෘකාව , අපි ප්‍රතියෝජක . මාතෘකාව බැලුවහම ඔනෙම කෙනෙකුට තේරෙනව ප්‍රතියෝජක පිලට සෑහෙන්න වාසි දායක එකක් කියල . ඒත් යෝජක කණ්ඩායම දක්ශයෝ නම් ඒගොල්ලන්ටත් කියන්න දේවල් ඕනේ තරම් තියෙනව . කොහොම හරි වේවා  අපිත් එක්ක විවාද කරන අනිත් ඉස්කෝලේ මොකක්ද කියල දන්නේ නැති නිසා උපරිමේටම පුහුනුවීම් කරල අදාල දවසේදී ඒ අදාල ඉස්කෝලෙට ගියාලු . 

මතක විදියට උදෙන්ම ඇවිල්ල හි‍ටියේ අපිද කොහෙද !! අපරාදේ කියන්න බෑ බොහෝම ආදයෙන්( ? ) ගෞරවයෙන් අපිව පිලිගන්ත . වෙලාව එනකන් ඉදගෙන  ඉන්න කියල මෙන්හෝල් එකටද කොහෙද දැම්ම . ඒවුනාට කාටද අප්ප පැය 2 විතර ඔහේ නිකන් ඉන්න පුළුවන් , අපි හතරදෙනා එලියට ඇවිල්ල ඇරල තිබ්බ පන්තියකට ගිහිල්ල අවසාන පුහුනුවීම් කරන්න හිතුව .අවශ්‍යතාවය මොකක්ද කියල කිව්වහම ලංකාවේ පලවෙනි අගමැතිනියගේ නම තියෙන  බාළිකා වේ විවාද කණ්ඩායමේ නා‍යිකාව ඇවිල්ල පන්තියක්  පෙන්නලා දුන්නේ ,

"වැඩිය කෑගහන්න එපා මිනිස්සු බයවෙයි" කියන ගමන්. ආහ් මට අමතක වුනානේ ....ඒ විවාද කණ්ඩායමයි අපේ එකයි අතරේ පොඩි නෑකමකුත් තිබුනා , අපේ දෙවනි කථීකයා විදුර අයියගේ 'අරය' හිටියේ ලංකාවේ පලවෙනි අගමැතිනියගේ නම තියෙන  බාළිකා විවාද කණ්ඩායමේ 3 වෙනි කථීකයා විදිහටයි , ඒ නිසාද මන්ද අපිට ටිකක් වැඩිපුර සැලකිලි තිබුනා . හ්ම් හ්ම් .........

ඔන්න අවසාන පුහුනුවේ මුල්ම අවස්ථාව විජිත අයියට . විවාදේ කරන විදියටම ඩෙස්එක එහෙම හදාගත්තු මිනිහ කථාව පටන් ගත්ත . ඔය වෙනකොට තවත් කණ්‍ඩායම් දෙක තුනක් ඇවිල්ලයි හිටියේ .කථාව පටන් අරන් ටික වෙලාවක් යනකොට හීනියට කිචිබිචි ගාලා හිනාවෙනව ඇහේන පටන්ගත්ත. කො‍කටත් කියල මම  වටපිට බැළුව , මෙන්න බොලේ පන්තිය දිහා බලාගෙන කෙල්ලෝ හකර දෙනෙක් හිනා වෙනව ( ඔය නෙලුම් පොකුනහරියේ තියෙන  බාලිකාවක් )  .

 මොන විකාරයක්ද ! විවාද කණ්ඩායමකට අයිති නැති කට්ටියක් නම් විවාද පුහුනුවීමක් දිහා බලාගෙන හිනාවුනාට කමක් නෑ .... ඒක සාධාරනීකරනය කරන්න පුළුවන් . ඒත් විවාද කණ්ඩායමක්ම එහෙම හිනාවෙන එක සාධාරනයි කියන්න බෑ කොහෙත්ම . හිත ටිකක් රිදුනත් අපි කට වහගෙන හිටිය ! . තව පාරක් පුරුදු වෙන්න හිතේ තිබුන නිසා  පලවෙනියගේ කථාව ඉවර වුන ගමන්ම රැප් එකක් වගේ දෙවනියා පටන්ගත්ත . එතකොට අරැංට තවත් ආතල්ද කොහෙද ! හයියෙන්ම හිනා වෙනව . උන්ට දෙකක් කියන් නැතුව  විජිතය ‍තවම කට වහගෙන .  

"මොන මගුලද්ද මේ !!!! ඇයි මේකේ ඇතුලේ වදුරෝ නටවනව වගේ පේනවද හිනාවෙන්න "කෙල්ලොන්ගේ දිහා බලනගමන් මම ටිකක් සද්දෙන් ඇහුව. . ටිකක් සද්දෙන් කිව්වට මොකද ඒ සද්දේ මෙන් හෝල් එකටම ඇහෙන්න ඇති. ඒනිසාද කොහෙද විවාදේ සංවිදානය කරන  ගෑල්ලමයිත් ඔළුව දාලා බැළුවේ . 
" අපි ම්ඒ බ්ඇලුවේ කවුද ග්ඔරවන්නේ කියල " 
හුටා!!!!!! මුන්ට සිංහල බැරිද ! බැරුව ඇති නැත්තං ඒවගේ අමුතු විදියට කථාකරයිද .විජිත අයිය බඩ අල්ලගෙන , අනිත් උන් කටවල් ඇරගෙන, අර‍ ගෑල්ලමය කථා කරපු විදිය ඇහිල. මටනං තවමත් අම්බානක මල , මුන් හිනාවෙලා මදිවට තව රෙද්ද කථා කරන්න එනව .

" ගොරවන්න???  අනේ !!! පලයං අක්කේ යන්න ඇවිල්ල බලහංකෝ උඹලෑ තාත්ත මේක අස්සේ නෑ "
 ඒකටනං හතර දෙනාගෙම මූණු රතුවෙන්න වැඩි ‍වෙලාවක් ගියේ නෑ. අඩන්න වගේ . මමත් ආයේ මොනවත් කියන්න ගියේ නෑ මොකද ඒ කියපු එක වැඩිත් එක්ක නිසා . හිනා මූනු කළුකරගෙන  හතර දෙනා වෙන පැත්තකට ඇවිදං යන හැටි අපි බලන් හිටිය . 

" පව් බං " ඒ විජිත අයිය .
" ටිකක් වැඩීවගේ තමයි ඒත් මොනව කරන්නද , ඉල්ලගෙනනේ කෑවේ, මෝඩ ඇඩ් නොදී හිටිය නං ඉවරයිනේ " ඒ වෙලාවේ කේන්ති ගියාට මොකද මටත් දැන් නිකන් දුකයි වගේ . 
............................................................................................................   




විවාදෙට වෙලාව හරි අපි හතර දෙනාත් කලින් වුන දේ අමතක කරල ගිහින් විවාදෙට නියම කරල තිබුන තැන ඉද ගත්ත . මෙන්න බොලේ ටික වෙලාවකින් අර සිරික්කිය දාපු හතර දෙනා ඇවිත් යෝජක කණ්ඩායම විදියට වාඩිවුනා .දැන් ඉතින් මොනව කරන්නද .............. තරගේ පටන් ගත්ත . ඒ කණ්ඩාමෙ නායිකාව හැර අනිත් සේරම ඈයෝ සිංහල කථා කලේ අර මම ඉස්සල්ල කියපු විදියට . ඒ ඇරත් කිසිම වැදගත් කරුනක් කියවුනේනෑ. දැන්නම් හොදටම ශුවර් අපි දිනල කියන එක . 

දෙපැත්තටම දීල තිබුන කාලය ඉවර උනා .දැන් තියෙන්නේ දින්නේ කව්ද කියන එක කියන්න ( හොදටම ශුවර් ඒ අපි කියල ) . 

"  ශ්‍රීලංකාවේ අනාගත අභිවෘධිය හා සංවර්ධනය වෙනුවෙන් කාන්තාවන් විදේශගතවීම  සුදුසුය / නුසුදුසුය , මාතෘකාව යටතේ අහවල් විද්‍යාල දෙක අතරේ පැවති තරගයේ ජය සිංහල  බැරි කෙල්ලන්ගේ බාලිකාවටයි , මේක ඒක මතික තීරනයක් "  

 මොකා...........ක්  !!!!!!!!! අපේ ඇස් උඩ ගිහිල්ල හිටියේ . විවාදයක් ඉවරවෙනකොට කණ්ඩායම් වල කථිකයන්ගේ  ගුන දොස් කියන එක සාමාන්‍ය සිරිත උනත් මේ තරගෙදි එහෙම උනේ නෑ . අපි දිහා අනුකම්පාවෙන් වගේ බලපු විනිශ්්‍ය මන්ඩලය අපිටත් කලින්ම නැගිටලා ගියා . ඊලගට බාළිකාවේ ටික . අන්තිමට අපි ............

" ඇයි බං අපි  පැරදුනේ " 
" අනේ මන්ද !!! හැම තුරුම්පුවක්ම තිබ්බේ අපේ පැත්තට " 
" පැරදුනාට වඩා‍ දුක සිංහල බැරි කෙල්ලන්ට සිංහල විවාදෙකදි පචවෙච්ච එක " 
 එදා ආපහු ඉස්කෝලෙට යනකං අපි කථාවුනේ ඒ ගැනමයි . 
මේක උනේ 2007 ජූනි මාසේ ........ සිංහ පැටව් 4දෙනා එකට ගියපු අන්තිම විවාදේ තමයි ඒක . මම 11 වසරේ හිටියට අනිත් තුන් දෙනාම ඒ අවුරුද්දේ  උ/පේ විභාගය ලියන නිසා විවාද නැවතුනා .

අගෝස්තු මාසේ විභාගේඉවර වෙලා සැප්තැම්බර් මාසේදි  අවුරුදු 1 1/2 පුරාවට මුළු කොළඹම හොල්ලපු විවාද කණ්ඩායම ආයේ කවදාවත් එකතු නොවෙන්නම වෙන්වුනා . හතර දෙනාම ගිහිල්ල උපවංශ හෝටලෙන් පරාට පාරක් දාලා y.m.b.a  එක ලගදි අතට අත දීල අනාගනය වෙනුවෙන් සුභ පතාගෙන වෙන්වුනා . 

"දිනෙල්ක උඹ අප්සට් ගන්න එපා බං ....ඒත් උඹ මේක දැන ගන්න ඔනේ නැත්තං උඹ මේ වරද ආයෙත් කරනව ." අන්තිම මොහොතේ විජිත අයිය කිව්ව .
" මොකක්ද ?"  
" අපි අර එදා පැරදුන විවාදේ පැරදුනේ .......  අදක්ෂ නිසානෙවෙයි ....  විවාදෙට කලින් අපි අර කෙල්ලොත් එක්ක අවුලක් දාගෙන තිබ්බ නිසා . ඒක විනය විරෝධී නිසාලු අපි පැරදුනේ " ...............................







48 comments:

  1. හපොයි.. ඉල්ලගෙන කෑමක්නේ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල !!!!!!! මොනව කොරන්ටද !!!!

      Delete
  2. නියම කතාවක් නේ... :)

    ReplyDelete
  3. yako tho oya borelle hariye tamath raum gahanawada..ahuweyan ape nangith hitya sirimavo eke viwada kandayame..mata kiwa tama upset dial tikak banna kiyala..hidapan dennam forial eka

    ReplyDelete
    Replies
    1. අයියටත් සිංහල බෑ වගේ :)

      Delete
    2. @ Anonymous - අනේ යකෝ බොරැල්ලේ රවුම් ගහන්න මම කාගෙන්වත් අහන්නෑ !!!!!! නංගි හිටියේ මොන අවුරුද්දේ විවාද කණ්ඩායමේද !!!

      Delete
    3. @ රාජ් - මටද නැත්තං ඔය උඩ කමෙන්ට් කරල තියෙන මුන පෙන්නන්න බැරි ගල් මූසලයටද ???!!!! තිත් දෙකයි ඩී

      Delete
    4. ඒ කවුද අප්පේ අපි නොදන්න මෙහෙම අයියෙක් ඉන්න නංගී අපේ විවාද කණ්ඩායමේ හිටපු?? හික්ස්..

      Delete
  4. ඉස්කෝලේ සුසමයවර්ධනේ නේද? අපූරු පාසලක්.

    ReplyDelete
  5. හුටා අපරාදේ බං

    ReplyDelete
    Replies
    1. හත් වලාමෙ වෙච්ච දේට මක්කරන්ටද !!!!!

      Delete
  6. කොච්චර උනත් අතිශයින්ම අසාර්ථක තීන්දුවක්. ඕනෑම තරගයකදී සිදුවෙන්නෙ විනය විරෝධී ක්‍රියාවකට දඬුවමක් ලැබීම මිසක් අදාල තරගය පරාජය කිරීම නොවේ.

    ReplyDelete
  7. හපොයි අපරාදේ! ඒත් දෙපැත්තම වැරදිකාරයෝ නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒත් දඩුවම අපිට විතරයි බං
      !11

      Delete
  8. හපොයි අපරාදේ! ඒත් දෙපැත්තම වැරදිකාරයෝ නේද?

    ReplyDelete
  9. දිනෙලක, ඔන්න දැනුයි තේරුනේ,,, ඔහොමත් කෑගහනවද?

    ReplyDelete
    Replies
    1. උඹල තවම දන්නෑ මේ කට ගැන !!!! තිත් දෙකයි ඩී

      Delete
  10. Uba niyama kollek widiyata gema illala bn.elama thama..

    ReplyDelete
  11. පිෆෙට් නෙවෙයි ප්රිෆෙක්ට්, Prefect. ලයිබ්‍රිය නෙවෙයි ලයිබ්‍රරිය Library. ඩිබෙට් නෙවෙයි ඩිබේට් Debate. ඉන්වීටේශන් නෙවෙයි ඉන්විටේෂන් Invitation. ඔලෙවල් නෙවෙයි ඕ ලෙවල්. අභිවෘධිය නෙවෙයි අභිවෘද්ධිය. මෙන්හෝල් නෙවෙයි මේන්හෝල් menhole = මිනිස් හිල. ඉද ගත්ත නෙවෙයි ඉඳගත්තා. අප්සට් නෙවෙයි අප්සෙට් upset. ඔයාටත් සිංහල බැරිකොට කොහොමද විවාදෙකින් දිනන්නේ.

    ReplyDelete
    Replies
    1. ආහ් තවත් නංගිමල්ලි කෙනෙක් කමෙන්ට්ටුවක් කොටල , වැරදි වචන පෙන්නලා දුන්නට ස්තූතියි . සංඤක අකුරු ටයිප් කරන විදිහ දන්නෑ . දැනං හිටියනං හරියට ටයිප් කරනව , මැශිමක් නොවන නිසා සමහර වචන වරදින්න පුළුවන්

      මම හිටියේ සිංහල විවාද කණ්ඩායමේ ඒනිසා ඉංග්‍රීසි වචන වැරදුනාට විවාද දිනන්න පුළුවන්.කොන්දක් තියෙන සිංහලයෙක් නම් මුන වහගෙන කමෙන්ට් කරන්නෑ . තමන් කවුද කියල කින්නේ නැති තෝ කොහොමද යකෝ රෙදි ඇදගෙන අනිත් උන්ගේ වැරදි පෙන්නන්නේ .

      ආයේ නාවත් කම්නෑ ඉතිං !!!!

      Delete
  12. එහෙම නීතියක් තියෙනවද බං? :(

    ReplyDelete
    Replies
    1. දෙයියෝ දනී අපි නොදනී !!!!! තිත් දෙකයි ඩී

      Delete
  13. ඕ..හොඳ ආදර්ශයක් මොනා උනත්!

    ReplyDelete
    Replies
    1. තිත් දෙකයි ඩී !!!! තිත් දෙකයි පී

      Delete
  14. ඇයි බං තරඟෙට ඉස්සෙල්ලනෙ එහෙම කරේ.. තරඟෙ වෙලාවේයැ.. එහෙම නම් තරඟෙ නොතියාම දිනුම දෙන්න තිබුනනෙ..

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද බං !!!! සමහර විවාද කණ්ඩායම් නම් ගේම ඉල්ලගෙන යනව !!!! ඒත් ඒක මහ චාටර් වැඩක් නිසා අපි එහෙම කලේ නෑ !!!තිත් දෙකයි ඩී

      Delete
  15. හාපෝ මොන ඉස්කෝලෙ උනත් ඒ වැඩේ වැරදියි. වැරදි විනිශ්චය කරපු පොරවල්. විනය විරෝධී දෙයක් උනා නම් කියන්න තිබ්බ. විවාද තරගේ ලකුණු අඩු කරන්නේ කොහොමද,
    ඕවා ගණන් ගන්න එපා මල්ලි, සමාජය ඔයිට වඩා දරුණුයි.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම හිතල තමයි හිත හදා ගත්තේ!!!!!!!!! තිත් දෙකයි )

      Delete
  16. OKA ADA HAMATANAMA WENAW ADILLA TIBA PATHTHTA GODA

    ReplyDelete
  17. ෂුවර් එකට ම විනිශ්චය දුන්නේ අර හතරට අදින කට්ටියක්...

    ReplyDelete
  18. තරඟෙකට කලින් වුණු දෙයක් තරඟයේ නීති වලට අදාල වෙනවද මල්ලි ? මොනව උනත් ඒක වෙලා ඉවරයි නෙ. අර ඉස්කෝලෙදි කෑම කන විදිහ කියෙව්වම මටත් ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා. ජීවිතේටම එක වතාවයි එකෙම කාලයක් ලැබෙන්නෙ. :)

    ReplyDelete
  19. යකඩෝ මේවා හතර බීරි කතානේ. එහෙම නීති තියෙනවාද ?

    ReplyDelete
  20. එහෙම නීතියක් නැහැ මලේ..මේක වෙන හේතුවක් වෙන්න ඇති..

    ReplyDelete
  21. මට නම් හිතෙන්නෙ ඕක ඔය කෙල්ලො ප්ලෑන් කරලම දාගත්තු වලියක් කියලා.... ඔයාලව කේන්ති ගස්සන්න

    ReplyDelete
  22. ජය පැරදුම දුන්නට පස්සෙ තමයි විවාදෙ පටන්ගන්න තිබ්බෙ

    ReplyDelete
  23. ඔහොම නීතියක් මම නම් අහලා නැහැ බන්... සමහර විට උඹල ට උන් ට වගේ අර ඉදිරිය ට නෙරා ආපු රන් හසුන් මෙන් මෙව්ව 2ක් නැති හින්දා වෙන්නත් පුලුවන්... :ඩී

    ReplyDelete
  24. අහ්! ෂිට්! ඒක නං අවුලක් බං!! අතට අත දීලා වෙන්වීම කිව්වම මටත් අපි ස්කෝලෙන් වෙන් වුන විදිය මතක් උනා බං! දුකයි!

    ReplyDelete
  25. හොද වැඩේ......... තොටත් ඕන්නැති මගුලක් නෑනෙ..... හැම රෙද්දටම කට ගහගෙන යනව...........

    ReplyDelete
  26. machan maalani kodi thuwakku mis neda oka bharawa hitiye... mamath susame koillek thamai... wijitha kiwwe.. wijitha pradeep da...???


    susame kollek..;)

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text