පළවෙනි කොටසට ..... ( ගෑල්ලමයි මේ කථාවේ අන්තිම කොටස බලන්න එපා ඈ :D:D:D )
කොච්චර එපා කිව්වත් , මොන තරම් බෑ කිව්වත් උන්ට නෙවෙයි ඒක ඇහුනේ , අන්තිමට බැරිම තැන මාත් කට පියාගෙන හිටිය වෙන මක්කොරන්නද කියල ... දැන් හය හත් දෙනාම වෙල මැද්දේන් පේලියට යනව ....... හරියට පාර දන්න චමිය මුලින් .......
පැය කාලක් විතර යන්න ඇති , එකපාරටම මතක් වුන දෙයක් නිසා මට ඇතිවුනේ මහ මූසල හැගීමක් , බරාව ( නම හරිද මන්ද ?? මට ශුවර් නෑ ) හුධ හමුදා වෙඩි පිටිය තියෙන්නේ මුංගේ ගෙදර පිටිපස්සේ ඉදන් බොහොම ලගින්. කිලෝ මීටර තුනක් ඇති වැඩිම උනොත් ,මෙහෙම කළුවරේ ගිහින් ගිහින් ඕක අස්සට අපිව සෙට් උනොත් ෆැන්ටා කෙසේ වෙතත් බඩකට පුරා වෙඩි කන්න තමයි වෙන්නේ.
" තව දුරද බං " මං එහෙම ඇහුවේ ඒ බය නිසාමයි.
" හූවයි බල්ටියයි "
වෙල මැද්දෙන් , පදුරු අස්සෙන් , ගස් ගල් උඩින් පැන පැන තවත් පැය භාගයක් කෑලීකැපෙන කළුවරේ අපි ඇවිදින්න ඇති , අන්තිමට පදුරු අස්සෙන් ටිකක් ඈතින් පස්තුවෙන ප්‍රෙටල් ලාම්පුවක එලිය දැක්කේ අපේ ගමනාන්තයට පාර පෙන්නන්න වගේ ! ටික ටික ලගට යද්දි දර්ශන පැහැදිලි වෙගෙන ආව .... පොඩියට අටවපු පැලක් වගේ එකක් වටේට බැරල් පෝලිමයි , හත්වලාමේ ජල සම්පාදන මන්ඩලේවත් නැතුව ඇතිමේතරං බැරල් ගොඩක් . එකෙන් එකට බට දාලා ..... සමහර ඒවා වතුර යටින් යවල .... අම්මට සිරි නියමම පරීක්ෂණාගාරයක් , ඕකනේ මං කිව්වේ දේශීය දේ අගයන් ඕනේ කියල ....
" කවුද මේ අවේලාවේ හැබෑටම ඈ " දාබරේ මාමා එහෙම කියාගෙන එලියට ආවේ හොද මිත්‍රශිලි ස්වරේකින් නං නෙවෙයි , ඒ මදිවට අතේ තඩි කැත්තක් . අනේ අපේ අම්මට කොල්ලෙකුට කියල ඉන්නේ මං විතරයි මූ කොටයිද !!!!!!!!.......
" මාමේ මාමේ ......... මේ මං ..... චමිය චමිය ........"
" අප්පෝච්චියෝ........... මං මේ බැළුව කවුද මේ ගමේ උත්සවයක් තියෙන දවසක මේ පැත්තේ බඩ ගාන්නේ කියල "
" අපිත් මේ ඒකේ ඉදල තමයි ......... ඒවයේ බඩු හරියන්නෑ ....... අපිට ඔනේ නියම රජ බඩු "
දාබරේ මාමාගේ මූනේ හිනා කටයි . ආදරේ බේරෙනව .
" එහෙම තමයි එහෙම තමයි ........... තමංගේ දෙවල් වටින්නේ තමන්ටනේ"
ඔන්න ඔය අතරේ තමයි අපේ ජනිය තැන ගිනි තියන්න ගත්තේ ,
" මේ අපේ දිනෙල්ක ඉන්නවනේද !!!! ඌ තමයි අද අපිව මෙතනට ගෙන්නුවේ , ඒ නිසා ඌ බොනකං අපි බොන්නේ නෑ "
දාබරේ මාමා මගේ දිහා හරිම ආදරෙන් බැළුව ..........
"වරෙං කොල්ලෝ මසං උඹලට ටිකක් වැඩියෙනුත් දාලා දෙන්නම් ."
"අයියෝ මං බොන්නෑ බං .......... මං කිව්වේ තැන බලන්න ඔනේ කියල විතරයි "
" මොකා ............. එතකොට උඹ මේ මහ රෑ අපිව මෙහාට ගෙනාවේ නිකං බලන්නද ගොනා ........ වරෙං යන්න ගෙදර , උඹට එපානං අපිටත් එපා "
ජනිය මාවත් ඇදගෙනම අනිත් පැත්ත හැරුන . මෙච්චර වෙලා හිනා කටක් වෙලා තිබ්බ දාබරේ මාමාගේ මූන කිබුලෙක්ගේ වගේ වෙන්න වැඩි වෙලා ගියේ නෑ .
" එහෙම හරි නෑ නේද කොල්ලෝ ....... මොකද්ද උඹේ නම කිව්වේ දිනේච නේද ........ යළුවො එක්ක ආවනං බීලම යන එක තමයි හොද ... අනික මගේ නින්දත් කැඩුනනේ " කැති තලේ අතගගා ඒක කියපු විදිහට මට නිකං උන් හිටි තැනුත් අමතක උනා වගේ . වෙන තැනකදි නම් කැති නෙවෙයි තුවක්කු අරන් ආවත් මං නෙවෙයි ආයේ හැරෙන්නේ . ඒත් අනේ කාගේ කරුමෙකටද මන්ද මේ වෙන තැනක් නෙවෙයි නේ ඕයි !!! අද නං බොන්නම වෙයි වගේ , නැත්තං මෙතන මොනවයින් මොනව වෙයිද දන්නෑ .
" හරි හරි ........... ඔන්න හැබැයි මං වීදුරුවෙන් කාළයි හොදේ "
" හුරේ !!!!!!!!!!!"
ඔන්න දැන් දාබරේ මාමා ආයෙත් හිනා වෙනව !
ඔන්න දැන් සේරමත් එක්ක අර පොඩි අතු පැලට වැදිල කැමතිම මුල්ල බලල ඇනතියා ගත්ත . ඔය අතරේ දාබරේ මාමා ගිහින් ලීටර පහේ බූලියක් අරන් ඇවිත් සේරටම එක වීදුරුවෙන් පොවන්න ලෑස්ති වුනා. මුලින්ම මං ........ වීදුරුවෙන් කාලක් පිරිල මගේ අතට ආවා .මේවගේ දෙයක් බොන පලවෙනි පාර එකත් ලෙසි නෑ ........ අනිත් උන් පටන් ගන්නේ මොනව හරි ඔය සැර අඩු දෙයක් පාවිච්චි කරල , අන්තිමට තමයි මෙතනට එන්නෙ .... ඒත් මං අයියෝ පටන් ගන්නෙම කසිප්පු ගහල ! හතුරෙකුටවත් නොවේවා ........වීදුරුව දිහා ටිකක් වෙලා බලාන ඉදල මං හෙමින් සැරේ තොල් දෙක ගාවට වීදුරුව ගෙනාව.... මාශල් ආට් ටූනමන්ට් එකකදිවත් මෙතරං පපුව ගැහෙන්න නැතිව ඇති .......... පට්ටම ගදයි ඒ අස්සේ අනිත් උන් සේරම මගේ දිහා බලාගෙන . ඔනෑ ඇටිකෙහෙලක් කියල එක උගුරට ඇදල දැම්ම ...... කට හෑරිලා යන අමුතු රසක් එක්ක තදම තද ඇඹුල් රහක් දිවේ ඉදන් ආමාශෙටම ඇදිල යන්න ඇති . දිව නෑ වගේ පිච්චෙනව . හැබැයි කෙලින් .
" කොහොමද ? " ඒ ජනිය
" අවුලක් නෑ ( සෑහෙන්න අමාරුයි ) හෙනම ඇඹුල්නේ බං "
" අප්පද බොල ඇඹුල් වෙලාද ....... ශික් දවස් දෙකට ......... මේක ඇඹුල් උනාම බොන්න හිතෙන්නෑ බං ........ යුරියා ටිකක් තිබ්බනං දාලා හොල්ලා ගන්න තිබ්බ ....... කෝ නෑනේ " ඒ දාබරේ මාමා .
මට දෙයියෝ සිහිවුනා ,,, හත් වලාමේ යකෝ එතකොට මොවට යූරියත් දානවද ....... මං හෙට උදේ නැගිටීද දන්නේ නෑ .
" වෙන විදියක් නැද්ද , අරූ කාලක් ගැහුව කියන්නේ ......මට වීදුරුවක් ගින්නක් නෑ ..... එත් අප්පිරියාවෙන් බොන්නේ කොහොමද ?"
" එක වැඩක් නම් තියෙනවා............. ඒත් උඹල කැමතිවෙයිද දන්නේ නෑ
"
" මොකද්ද ? "
" කවුරු හරි මේකට චූ කරානං හරි " මගේ ඇස් ආයෙත් උඩ ගියා . එත් අවුලක් නෑ මුං චූකරල බොන එකක් නෑ .
" හරි ඔහොම ඉදින් " එක පාරටම ඉස්සරහට ආපු ජනිය . බුලිය අරන් මුල්ලකට ගිහින් ඇතුලට !@$@$@$$% ඇතුලට දාලා චූකරන්න ගත්තේ නැද්ද කියහංකෝ ........ ගෙදරදි පාවිච්චි කරපුවා වැඩ කරන්නේ දැන්ද කොහෙද ........... මට මොනව හරි කියන්න ඔනේ උනත් වචන එන්නේ නැති ගතියක් තියෙනව ... හැබැයි කල්පනාව තවම අවුට් ගියේ නෑ .............
වැඩේ ඉවර කරපු ජනිය එතනම තියල වීදුරුව පුරව ගත්ත . සිං ගාලා එක උගුරට වීදුරුවම හිස් කරල හයියෙන් කාරලා ගේ ඇතුලෙම කෙල ගැහුව . ....................... දාබරේ මාමට හරිම හැපී .......
අනිත් උනුත් වැඩේ ඉවරකළා ඔය වෙනකොට ජීවිතේ පළවෙනි පාරට මං යම් දෙයක් අත් දැකලයි තිබුනේ , ඔව් ඒක ඇත්ත ලෝකේ කැරකෙනව තමයි !!!!!
ගාන ගෙවල අපි එලියට බහිනකොට 10.30 ට විතර ඇති , හය හත් දෙනා ටිකක් දුර යනකං වෙන වෙනම ආවට ආයෙනං බෑ වගේ ..... මගේ කකුල් දෙක නිකන් පොලවටම ඇලිල වගේ අනේ !!!!! දනිස් දෙකත් රිදෙනව සෑහෙන් ගල්වල වැදිලම ( ඒ රිදෙන එක තේරුනේ පහුවෙනිද ) ........ කකුල් දෙකෙන් ආව ඇති දනගාමුද ...... කරන්න දෙයක් නෑ මේ ඇත්තමයි මං ඒ වෙලාවේ දන ගාගෙන එන්න ගත්ත කොහොමෙන් කොහොමෙන් හරි ජනියලාගේ ගෙදර එලිය පේන හරියටම ඇවිල්ල .....
" තව ටිකයි කොහොම හරි යමු මචංලා " එහෙම කියල කෑ ගැහුව කියල හිතුවට මගේ කටින් වචනයක් වත් එලියම ආවේ නෑළු ( ජනිය පහුවදා කිව්වේ ) ........ ඔය අස්සේ පස්සෙන් උන්න මොකෙද්දෝ එකෙක් කබා දානව ඇහුනට කාටද ඕව බලන්න සිහියක් තියෙන්නේ ! පට්ටෙම පායලා තිබ්බ එදා ජනිය කෑ ගහන්න ගත්ත මෙන් වහිනව කියල ........ ...ඌට නං කරු කුට් වෙන්නම වැදිල කියල අමාරුවෙන් හිටියත් මට තේරුනේ මේ පට්ට දාඩියේ වහිනව කියල කෑගහන නිසා .
යනකොට තිබුන සංගීත සාජ්ජෙ කෝ ...... හත් වලාමේ පාටිය ඉවර වෙලා .......... වෙලාවකීයද ගෙදර මිනිස්සු අපිව හොයනවද ......... පොලිසිත් ගිහින්ද දන්නෑ.......... ඔන්න ඔච්චරයි මතක
ඔය අතරේ පහුවෙනිදා මං , ඇහැරෙනකොට ජනියගේ ගෙදර ඇදක උඩු බැලි අතට බුදි ....ඊයා මොකෙද්දෝ අසමජාති බල්ලෙක් මගේ ඇග උඩ කබා දාලා ....... මයේ එහා පැත්තේ ජනිය ........ අනිත් උනුත් කාමරේයි ඇදෙයි තැන් තැන්වල වැටිල හිටිය . ඇහැරියාට මොකද ඇස් ඇරන් හිටියේ පුදුම අමාරුවකින් ..... ඇස් එලියට එන්න හදනව ...... දිව තාමත් දනව .. ඔක්කෝටම හපන් ඔළුව ....... පුපුරන්න වගේ . ඊයේ රෑ උත්සවේ ඉවරවෙලා හුගක්වෙලා ගිහිනුත් අපි නැතිනිසා අපිව හොයන්න කට්ටියක් ඇවිල්ල ... එක එකා වෙලේ තැන් තැන්වල වැටිල ඉදල තමයි හම්බවෙලා තියෙන්නේ ....... අයියෝ චාටර් . කලින් දවසේ අරුන්ගේ අම්මගෙන් තිබ්බ සැලකිලි කොහේ ගියාද නෑ ... රෙදිත් හෝදගෙන කොහොම හරි රෑ 7.00 බස් එකෙන් කොළඹ ඇවිත් බැස්ස ...... ආයෙත් කැරකිල්ල වගේ ... ට්‍රීවීල් එකක් කථා කරං ගෙදර ඇවිත් එහෙම්මම බුදියගත්ත.......... පහුවෙනිද ඉදන් නං අවුලක් නෑ ......
දාබරේ මාමාට නං හෙන කණගාටුදායක ඉරනමක් තමයි අපිනිසා ඇතිවුනේ . ගමේ කොල්ලොන්ට බලෙන් කසිප්පුපොවනව කියල ගමේ උන්ම මිනිහට ගහල එලවලා ............ එදා අපි යන්න හදපුවෙලේ යන්න දුන්න නම් මිනිහ අදත් හොදට ඉන්නව . ....ඉතින් මගේ ගැන කියනව නම් එදා ඉදන් අද වෙනකං මං ආයෙත් මතින් තොරයි .:D:D:D