Social Icons

හොයමු බලමු

Friday, October 26, 2012

( 18+ ම තමයි ) දැඩි මතධාරියාගේ අවිහින්සාවාදය !!! ( කලම්බෝ නයිට් ලයිෆ් )




කලම්බෝ නයිට් ලයිෆ් පරන ලිපි බැළුවේ නැද්ද !!!!!  ඔන්න කියවගෙනම එන්නකෝ ,

1.
පිට කොටුවේ රැයක් සමගින් ..... කලම්බෝ නයිට් ලයිෆ් !!!!
2.දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ්

නෑ දැන් ජීවිතේ වෙනස් .............ටේනි‍න් වෙන ෆාමසිස් කෙනෙක් විදිහට යූනියන් කෙමෙස්ට් එකේ කරපු ජොබ් එකට  ආයුබෝවන් කියල මාසෙකටත් කිට්ටු නිසා  වැ‍ඩ ඇරි‍ලා එන ගමන්  රෑට පිටකො‍ටුවේදී ලැබුන අද්දැකීම් දැන් ලැබෙන්නේ නෑ . ඒ නිසා, මේ ලිපියත් එක්ක මං ලියාගෙන ආපු නයිට් ලයිෆ් ලිපි පෙල ඉවරවෙයි ! 

 හැමදාමත් වගේ 10.30ට තියෙන 138 අන්තිම බස් එකට  නගින්න මං වගේම තවත් කීප දෙනෙක්ම හයිඩ් පාක් එක ළග තියෙන ආපිකෝ එනක ඉස්සරහට එකතු වෙනව .  එය අතරෙන් හැම කෙනෙක් එක්කම කථා කරලා නැති උනාට  හිටියොත් කථා නොකර යන්න වෙන්නේ නැති  එකම එක චරිතයක් හිටියා.
                                              වයස අවුරුදු 55ක් විතරවෙන උදැට ‍අපි ආරියරත්න කියලා කියමුකෝ .මේ දැන් අපුල්ලපු තරමට දිලිසෙන සුදු සරමකුයි , ක්‍රීම් පාට ඒත් ටිකක් විතර පො‍ඩිවෙලා ගියපු අත් දිග කමිසෙකුත් ඇදගෙන , කැරකිලා ගියපු උඩු රැවුලකුත් කළු කුඩයක් අරගෙන සතියට දවස් තුනක් විතර මං නගින තැනින්ම බස් එකට ගොඩවෙලා කොටුවට යන ආරියරත්න කියන්නේ අමුතුම මිනිහෙක් , වගේම දැඩි මතධාරී මූලධර්ම වාදියෙක් !! . කොහේදෝ මොනවදෝ ජාතියක් විකුනන උන්දෑ කොළඹට එන්නේ සතියට දවස් තුනයිලු . 
                       හාමුදුරුවරු වුනහම මස්මාළු නොවැළදිය යුතුයි  වගේම සෙරෙප්පු දාන්නත් හොද නෑළු  , ගෑණු අයට පන්සල් එන්න නොදිය යුතුයි හාමුදුරුවන්ගේ සීලේ කැඩෙනවළු , ළමයිත් එක්ක ඔට්ටුවෙන ගෑණුන්ට මොන ඉස්කෝලද , මධුසමයට සුදුරෙද්ද අනිවාර්්‍යයි ,........... ඔය වගේ මාතෘකා ගැන බස් එකක් එනකන් මොකෙක් එක්ක හරි වාද කරන එක තමයි උන්දෑගේ රෑ රාජකා‍රිය උනේ . හුගක් දෙනා කට වහගෙන පැත්තනට උනේ මුගෙන් බේරෙන්න බැරි නිසා , ඒත්  එකග වෙන්න බැරි දේවල් කොහේ හරි කථා වෙනව ඇහෙනකොට මගේ මොකද්දෝ  එකකට අමාරු හුගක් දවසට  නිසා බස් එකක් එනකන් මු මගෙත් එක්ක ඇර ගන්නමයි ට්‍රයි එක . ගණිකා වෘත්තිය ගැනඇදිල ගිය කථාවක් මල පැනගත්තු මූ  එක දවසක්  බස් එක එනකන් නොඉද පයිනුත් ගියා මතකයි .සමාජයටම පිලිලයක් වෙන ගනිකාවෝ සේරම එකතු කරලා කාමරෙකට දාලා ගෑස් ගහන්න ඔනේ කියන මතේ තමයි බුවා හි‍ටියේ ................... 
වැඩපොලට සමුදීලා එන්න උන අන්තිම දවසේදී වෙනදට වඩා ටිකක් පරක්කු වුනා....  කොටුවට එන්න උනේ අවිස්සාවේල්ලේ ඉදන් එන  බස් එකකට පැනලා බලෙන්ම වගේ නවත්තලා . කොහොම හරි කොටුවට  එනකොට 11.30ට විතර ඇති . මල්වත්ත පාරට හැරෙන  තැන තියෙන නයිට් කඩේ ඇරුනම කවදාවත් නෑතුව තවත් එක අදුරන කඩයක් ඇරලා තිබුනා ....... ඒකඩේ කරන්නේ ඉසකෝලේ හිටපු යාළුවෙක්ගේ තාත්ත කෙනෙක් .ඔළුව අතුලව දා‍ලා බලනකොට  මෙන්න සමීරයාත්   ඇතුලේ !!දැන් ඉතින් කථා නොකර යන්න බැරි නිසාම  ටෝකක් දීලා යන්න නැවතුනා .....   එතනත් මගේ වගේම සමුගැනීමක් , උන් කඩේ කිරිබත්ගොඩට අරන් යනවලු, බඩු ටික අහුර අහුර තමයි ඉදල තියෙන්නේ  . මමත් ඔන්න ඔහේ කියල උදව් කරන්න පටන්ගත්ත . 

" පුතා පෙට්ටි සේරම ඉවරයි ....... පොඩ්ඩක් ඔය ඉස්සරහ පාරේ ගිහින බලන්නකෝ රෙදි කඩවල මිනිස්සු  හිස් පෙට්ටි දාලා ගිහින් තියෙද කියල ?"
" හරි ........ වරෙන් දිනෙල්ක පොඩ්ඩක් ඔළුව දාලා බලමු ගන්න පුළුවන් මෙනවත් තියෙනවද කියල "
" හම් ... යමන් !! හැබැයි පරක්කුවෙන්න බෑ බං " 
" හරි හරි ......... ටක් ගාලා එමු .... අනික ‍ඔවයේ නියම නියම දේවල් සිද්දවෙනව " ඌ ඒටික නම් කිය්වේ කන ලගටම කරලා.
හැමදාම රෑට ඇවිදින්නේ එකම ටිකේ !ගිහින් බලන් මොන තරම් කැමති උනත් නොගිය  එතනින් එහාට තියෙන අදුරු වීදිවලට යන්න හම්බ වුන චාන්ස් එක නිසා මාත් යන්න පිටත් උනේ හෙන ආසාවෙන්  .....ඒ  කිව්ව වගේ මොනව සිද්දවෙන මරු දේවල් කියල බලාගන්න .
" කෝ බං මොනවත් නෑනේ !!!" 
 "පෙට්ටිද ? "
"රෙද්දේ පෙට්ටියක් නෙවෙයි යකෝ .... අර‍ මොනවද තියනව කියව්වේ එවා "
" ආහ් ..........ඉස්සරහට යමන්කෝ පෙන්නන්න " දවල්ට හැරෙන්නවත් ඉඩක් නැති පාරවල් රෑ වෙනකොට  බල්ලෝ විතරක් ඉන්න පාරවල් වෙලා.  සමීර  එකපාරටම නැවතුනා .
" අන්න බලහන් ඉස්සරහ ..... දැක්කද .... "
" කෝ බං මොනවද ? "
" බලහංකෝ ගොනෝ ..... පේන්නේ නෑද්ද .... ඔය ලෑලි ගොඩට මුවා වෙලා දෙන්නෙක් වැ‍ඩ "  කියලා මීටර විස්සක්  විතර එහායින් තාප්පෙකට හේත්තු කරපු ලෑලි ගොඩක් පිටිපස්සේ දගලන රෝල්වෙන ගුලියක් දිහාට අත දික්කලා .
" මොනවද බං  ඒ කරන්නේ !!! "
" මොකෙක් හරි එකෙක් බඩුවක් ගහ@$%$ ව බං "
" මොනව !!!! මොන හත්ඉලව්වක්ද ඒ !!! යකෝ මේ පේමන්ට් එකේ ඕක කරන්න තරං අසහනකාරයෝ ඉන්නවද බං "
" දවල්ට හිගාකන ගොඩක් ගෑනු රෑට මෙහෙම තමයි !!!! ගාන අඩු නිසා එන එවුන් ඔන තරම් ඉන්නව "
" මේ මදි බං ...... පොඩ්ඩක් යමන් ඉස්සරහට බලන්න " එහෙම කියල අඩිදෙකතුනක් වත් යන්න උනේ නෑ.........  ශික් ! අපිව දැකලා මල පැනපු ,කොහෙද හිටපු බලු තඩියෙක් බුරන්න තියාගත්තේ නැද්ද . දගල දගල හිටපු දෙන්නගෙන් ගෑනු කෙනා බල්ලගේ සද්දේත් එක්ක ඔළුව උස්සලා බැළුව මීටර පහලොවක් විස්සක් තිබුනත් අපිව දකින්න ඇති ...කවුරුවත් නොහිතපු විදිහට  එකපාරටම නැගිටලා ඇදුම්ටිකත් පටලව පටලව දුවන්න තියාගත්තා .
" අපි පොලීසියෙන් කියල හිතන්න ඇති " ඒ සමීර .
 ගෑණි දුවන්න පටන් ගද්දිම මිනිහගේ බෙල්ලද කොහෙද පෑගුන නිසා මිනිහට නැගිටන්න වෙලාගියා ... මොකාද මේ අසහනකාරයා කියල බලන්න මට සෑහෙන උවමනාවක් තිබුනා .
හොදට දැකල පුරුදු මූණක් දූවලි ගස ගස ලෑලි අතරින් එලියට ආවා ........ ඇස්දෙක උඩ මාව ඉද්දඋනාද කොහෙද ..... මෙන්න මූ .....  , ආරියරත්න ..........

" ඔක්කෝම එකතු කරලා ගෑස් ගහමු නේද එහෙනං " ඌට ඇහෙන්න එහෙම කියපු මගේ දිහා ඇස් පුන්චිකරලා බලල වචනයක්වත් නොකියා යන්න ගියා .

51 comments:

  1. හක්කේ බුදුරැස්.. බොක්කේ දඩමස්..!!

    තව ටික කාලයක් ඒ ජොබ් එක කරානම් තව හොද කතා ටිකක් කියවන්න තිබුණා.ඒ කතා සීරියස් එක නියමයි. ජය!

    ReplyDelete
    Replies
    1. මේ කථාව ලියල ඉවර වෙද්දි තමයි මතක් උනේ ..... තව එක කථාවක් තියෙනව .

      Delete
  2. " ඔක්කෝම එකතු කරලා ගෑස් ගහමු නේද එහෙනං "
    ++++++++++ (මේ ටිකට ලයික්ම ලයික්)

    ReplyDelete
  3. ළිපි තුනම කියෙව්වා.. උඹ වගේ උන්ට කියන්නේ ගවේෂණශීලී බ්ලොග් කාරයෝ කියලා. නියමයි පුතා දිගටම ලියපන්.. මම කල්පනා කළේ කොහොමද මට මිස් උනේ කියලා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතී ....... මොන මිස් වීමක්ද ඔය කොමෙන්ට් කොරල තියෙන්නේ අපූරුවට :D

      Delete
  4. අර හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නේ මේ වගේ කථාවලට තමයි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල .... මුන් තමයි බං ර‍‍ට කන්නේ !

      Delete
  5. මල්ලි
    මටත් මතක් වෙනවා ඉස්සර වැඩ ඇරිලා කොටුවේ ඉඳන්
    මරදානට පයින් යනකොට දකින දේවල් නෙවත මතක්
    කරට ගොඩක් එස්තුති.

    ReplyDelete
    Replies
    1. මම ඒ පාරෙන් පයින් නම් ඇවිත් නෑ ...... බල්ලේ ඉන්නවනේ !! කොයි වෙලේ හපයිද ශුවර් නෑතිනිසා පයින් නම් එන්නේ නෑ ...... මිනිස්සුන්ට බය නැති උනාට මං බල්ලොන්ට බයයි බං :D:D:D

      Delete
  6. පිස්සු හැදෙනවා නේ බන්.මට මතක හැටියට මාටින් වික්‍රමසිංහ ශුරීන්ගේ මුල්ම කෙටිකතාවක් වෙච්ච ලීලා එකෙත් ඉන්නවා ඔය වගේ චරිතයක්.

    ReplyDelete
    Replies
    1. ලීලා කියවලා නෑ බං..... පව්කාරයාට ගල් ගැසීම කියන පොතෙත් මේවගේ චරිතයක් ඉන්නව

      Delete
  7. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස් කට්ටියෙන් එක්කෙනෙක් වගේ ඔය ආරියරත්න...

    ඇත්තටම දිනෙල්ක ඔය රෑ ජාමේ හරි හරි වැඩ වෙනවා කියන එක ඇත්ත වෙන්නැති. එක දවසක් අපේ කට්ටිය යාළුවෙන්ගෙ ගෙදර මරණයකට ගිහින් එද්දී මහ රෑ වෙලා පිටකොටුවෙන් බස් එකෙන් බහිද්දී. ඉතිරි ටික එන්න අපේ කොල්ලෙක් ත්‍රී වීල් එකක් කතා කර ගන්න නවත්තලා තිබ්බ ත්‍රී වීල් තුන හතරක් ගාවට ගිහින් බැන බැන එනවා. අහපුවාම කියන්නෙත් නෑ. බැලින්නම් ඒ ත්‍රී වීල් හයර් කරන්නෙ නෑලු. රෑට ඒවා සමහර ඈයින්ගේ රූම්ස්ලු...

    ReplyDelete
    Replies
    1. ඉශාන්ගේ කොමෙන්ට් එකට දාපු රිප්ලයි එක බලන්නකෝ !!!! අක්ක කෙටියෙන් ලියපු මේ කථාව තමයි මතක් උනේ !!!! දැන් ඉතින් ඒක ලියල පලක් නෑ !!! :D:D:D

      Delete
  8. නියමයි දිනෙල්ක මලේ..

    ReplyDelete
  9. Replies
    1. අයි යකෝ හිනා වෙන්නේ :D:D:D:D

      Delete
  10. මට දෙවැනි ලිපිය කොහොමහරි අතපසු වෙලා.අර මාතලන් කියල තියන එක හරි.දිගටම ලියන්න පුතා ජය![පළමු ලිපියේ මගේ කොමන්ට් එකට හරි උත්තරයක් නොලැබුනාට :( ,:'( ] විහිළුවට කියුවේ!!!!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මං හැම කොමෙන්ටුවකටම රිප්ලයි කරනව !!!! ඒත් කොහොන් හරි උඹේ එක මග ඇරෙන්න ඇති ... සොරි මචෝ ............ බොහෝම ස්තූති හොදේ

      Delete
  11. අපුරු ලිපියක් ඔකම තමා බොහො දෙනෙකුගෙ යතාර්තය

    ReplyDelete
    Replies
    1. උපාසක බලල්ලුනේ මීයෝ දෙන්න දෙන්න අල්ල‍න්නේ :D:D

      Delete
  12. හම්මේ... ඔය රෑ වෙන සමහර සිද්දි වලට මාත් මුහුණ දීලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. :D:D එහෙනං ලියල දාපන්කො අපිටත් කියවන්න

      Delete
  13. මෙහෙත් ඉන්නවා ඔය වගේ මිනිහෙක්..
    මොන මාතෘකාව කතා කරන්න ගත්තත් මිනිහට ඕනේ තරම් කරුණු තියෙනවා වාද කරන්න.
    දවල් මිගෙල් රෑ ඩැනියෙල්....

    ReplyDelete
    Replies
    1. ශය වගේ මිනිස්සු කොහෙත් ඉන්නව අක්කේ .... නිකම්ම නිකන් පුස් වෙඩි

      Delete
  14. කියන්නේ එහෙමයි..කරන්නේ මෙහෙමයි.. හිකිස් , ඔන්න මිනිස්සු .

    ReplyDelete
  15. මට නිකමට ආරියරතන ගැන කියද්දි හිතුනා, මිනිහා උපාසක බලලෙක් වෙන්න ඇති කියලා..

    මෙහෙම අත්දැකීම් බ්ලොග් වල ලියන එක හරිම තාත්විකයි!!!

    දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතී ......... මේ‍ බ්ලොග් එකේ තියෙන්නේ මගේම අද්දැකීම් .

      Delete
  16. කොටුවේ මගේ අවුරුදු 3ක ජීවිතේ මතක් වුනා. රෑ පානේ පාන්දර මම ගමන් ගියේ මගේ හචා බෑග් එක එල්ලගන කොන්ඩෙත් කෙටියට කපාගෙන. ඉතින් මාව දැක්කම පඳුරු අස්සෙන් දුවන එවුන් අනන්ත මට පෙනිලා තියනවා. එක එක වර්ගවල එවුන්. එක එක දේවල් කරන. ඒ තමා මගේ ජීවිතේ විශ්වවිද්‍යාල කාලේ.

    ReplyDelete
    Replies
    1. කොටුවේ රෑට පාරවල් වල වෙන්දේවල් වලින් බොහෝම ටිකයි මම ලියල තියෙන්නේ .ඔබතුමා කිව්ව වගේ තව අමුතු ආතල් ‍ඕනේ තරං තියෙනව

      Delete
  17. මේකා හිට්ලර් ගේ නෑදෑයෙක්ද කොහෙද බං! ගෑස් ගහන්න කතා කරන්නේ!

    ReplyDelete
    Replies
    1. හිට්ලර්ගේ නෑයෙක් වෙන්ටෑ ,, මූ හිට්ලර්ට හෙන ආසාවෙන් තමයි හිටියේ !:D :D

      Delete
  18. සමහරු කටින් කයිවාරු ගැහුවට ,, පොර ටෝක් දාලා ලෝකෙට පාඩම් උගන්නන්න හැදුවට ,,, කියන උන්ම ඒ වැරදි කරනවා ... මේකට කියන්නේ තමන්ගේ ඇගේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇගේ තියන තුත්තිරි ගලවන්න හදනවා කියලා

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද බං ‍ඒ ගැන ...... හුගදෙනෙක් එහෙම තමයි .

      Delete
  19. හික්ස්, දැන් ඉන්න ගොඩාක් එවුන් මේ වගේම තමි. උන් කරන්න ඕනේ ඔක්කොම කරලා, අපිට අවවාද දෙනවා...

    ReplyDelete
  20. මේක මෙච්චර දවස් කොහෙද අප්පා හැංගිලා තිබුණේ.. ඕන මාත් මුල ඉඳලා අගටම කියෝගෙන ආවා... නියම කතා ටික.. ( අර තොයිලේ එහෙම... හි හි)

    ReplyDelete
    Replies
    1. වෙන කොහේ තියෙන්නද අප්පා මෙතනම තමයි තිබුනේ ..... හැබැයි කට්ටියට ක්ලික් වෙන්න ටිකක් කල් ගියා ...... හ්ම් මාස තුනක් විතර කියමුකෝ

      Delete
  21. සුපිරි බං. මාතලන් කිව්ව වගේ මේක මිස්වුනේ කොහොමද කියලයි මාත් බැලුවෙ. ලිපි 3ම කියෙව්ව. අපරාදෙ නැවතුනේ.

    ReplyDelete
    Replies
    1. ඔය මිස් උනා කියන්නේ ! බ්ලොග් එකද නැත්තං පෝස්ට් එකද ??? කොහොම හරි වේවා ඔන එකක් .... දැන් බැලුවනේ .....:D :D
      ඒක මගේ සබ්ජෙක්ට් එක නෙවෙයි බං .... ඒකයි නැවතුනේ !!!

      Delete
  22. රියල් පොරක්නේ ආරියා :)

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු !! :D:D:D නැද්ද මං අහන්නේ !

      Delete
  23. නියමයි ලියවිල්ල,,ලිපි ඔක්කොම කියවගෙනනේ ආවේ කලින්ම..ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  24. අඩේ මූට නැව් ටෝක් තිබුනට හබලක්වත් තිබිල නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඌ හබලක් දැකලවත් නෑ :D

      Delete
  25. බලාපන් නලීන් ද සිලවා , අර මහාචාරිය නලීන් ද සිල්වා.
    පොර බටහිර විද්‍යාව පට්ටම බොරුවක් කියන්නෙ, තදට ලෙඩක් හැදුනම හොරෙන්ම යනව.
    http://media.kalaya.org/120805/djpbdspm_q1_nds_48.mp3
    ඉතිං බං අනික්‌ මිනිසු ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. නලීන් ද සිලවා !!!! අර කැළනිය නාථ දේවාලේ ඉන්න බුවා නේ .... අහ් ඒ පොරගේ හැටි :D:D:D

      Delete
  26. ගොඩක් කයිවාරු ගහන උන්ගෙ වැඩ ඔහොම තමයි.

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text