Social Icons

හොයමු බලමු

Friday, October 5, 2012

වෙල් ෆැන්ටා පානය කළ වගයි


                පොලිස් තාත්තෙක්ගේ පුතෙක් විදිහට ...... සාමාන්‍යයෙන් මං ගෙවන්නේ වගේම ගෙවල තියෙන්නෙත් සංචාරක ජීවිතයක් කියල කිව්වොත් සීයට සීයක්ම හරි ..........
                        හංවැල්ලේ ඉදං මහරගම පැත්තට කිලෝමීටර 10ක් විතර එනකොට හම්බවෙන තුන්නාන කියන ගම් පොඩ්ඩ, මගේ ජීවිතේ එක නැවතුම්පොලක් වුනා . හිච්චිම එකා සන්දියේ ! ඒකියන්නේ මගේ වයස අවුරුද්දක් විතර වෙනකොට , මං ශිෂ්්‍යත්වේ ලියනකොට වගේම ඕලෙවල් කරන්න  පටන් ගත්තු දහය වසරේ අන්තිම හරියේත් මායි අම්මයි නංගි පැටියයි ජීවත්වුනේ ඔය අපූරු ගමිපොඩ්ඩෙ තමයි . ඒ වෙන මෙනවත් නිසා නෙවෙයි  පොලිස් නිලධාරියෙක් වගේම බලපෑම් වලට යටත් නොවන නිළධාරීන් හැමෝටම උරුම හෙන ගහන්න වගේ ලැබෙන ස්ථාන මාරුවීම් වලට පින් සිද්ද වෙන්න . ( ඒ ජීවිතේ ගැන පස්සේ පෝස්ට් එකක් දාන්නම්කෝ ) .
                               මේ අවුරුද්දේ මුල්ම මාසේ , ඒකියන්නේ  ජනවාරි වල මැද හරියෙ , ආයෙත් පාරක් 
 මට‍ තුන්නානට ගිහින් එන්න අවස්ථවක් හම්බවුනා , ඒ  මගේ යළුවෙකුගේ  නංගියෙකුගේ කොටහළු මංගල්ලෙකට ආරාධනාවක් ලැබිච්ච නිසා . දන්න විදිහට ඉස්කෝලේ එකට හිටපු උන්ගෙන් මු මේකට එන්න කියල තිබුනේ මට විතරයි ( ඇයි දන්නෑ නේද ? ) . කොහොමින් කොහොමින් හරි ඔන්න  යන්න ඕනේ කරන දවසත් ආවා , උදේ රැයින්ම 10ට  විතර :D මං ඇදුන් ටිකකුත්  එක්ක තෑග්ගක් අරන් දෙන්න දාහෙ කොළ තුනකුත් මිටි බැදගෙන ගෙදරින් ගියේ අද රෑට උන්ගේ ගෙදරම ඉදල හෙට හවස් යාමේ ගෙවල් බලා බස් නගින්න හිතාගෙන.
                        සදුද දවසක් නිසා වෙන්න ඇති 122 බස් එක පිරෙන්නම සෙනග සූ ගාලා විස්සක් විතර :D   . පිටකොටුවේ මල්වත්ත පාරේ කඩේකින් අරන් බෑක්කියට පුරවගත්තු තෑගි පොඩ්ඩ පොඩිවෙයි කියන භයට පිටේ එල්ලන් යන බෑග් එක බඩේ බැදගෙන බස් ‍එකට නැගපු මං තරං , සෙනග නෑ කියල සන්තෝස වෙච්ච කෙනෙක් එදා බස් එකේ වෙන නොඉන්න  ඇති .....
                    කට කට ........ අපෝ කට හොද නෑනේ ! මහරගම  නැවත්තුවා විතරයි  , මං ඉදන් ඉන්න පැත්ත බිමට නැමෙන්නම සෙනග පිරුන. කොයි ලෝකෙන් ආපු එවුන් ටිකක් ද මන්ද .....දැන්නං ඉතිං බහින්න ගිහාම කලිසමත් ගැලවෙන සයිස් එකට මිනිස්සු , දෙන්න වෙන ගේම සුළු පටු නෑ කියන එක ඉතින් සුදු වෑන් වගේ ශුවර් .
:D                           හෝමාගම................... , මීගොඩ , මීපෙ  ඔන්න තුන්නානටත් ආවා .වෙනද පැය දෙකේ ගමනට අද පැය 3යි . ජය වේවා .
          "අම්මට සිරි !!!!!! දිනෙල්ක උඹව දකින් තියෙන ආසාවක් ..... අඩේ මූ  රැවුල කපලත් නෑ ..... එල එල ඈ !! "
"රැවුල !!!!! මං තොට කියන්නෑ ඉතිං මේ ගෙදර උන් ඉන්න  නිසා "
                  නොදකින් විතරක් පේනවනේ මේ මූසලය ආපු ගමන් පිලිගත්ත කැත විතරක් .අන්න ඒකටත් එක්ක මුගේ අම්ම දෙවියෝ රැක දෙන්න ඔනේ ඒ අම්මව  ... එවෙලෙ ගහෙන් කඩපු වෑවර ගෙඩියක් එක්ක උත්සවෙට හදපු  කැවිලිපෙ‍විලි ටික සේරම මට ලංකොලා නෙව ..... කොහොමෙයි  ඉතිං අනේ බෑ කියන්නේ . 
:D . දවල්ටත් හරිහමන් විදිහට නොකා හිටපු මට ඒ දුන්න ටික අමුර්ථයයි සිද්ධලෝක රසයයි වගේ වුනා කියල නොකිව්වට බඩගින්නේ හිටපු ඕනේම එකෙකුට ඒක තේරෙනවනේ ......
 කාලා නාගෙන එහෙම ඇවිත් ගෙනාපු තෑගි බෝග  නංගියාට පූජා කොරල මාත්  රෙඩි වුනා පාටියට  .
                       හවස  හය හත වෙනකොට සේරම  නෑයොයි , ගමේ ඈයෝයි , යා‍ළුවොයි ගෙදරට පිරුනා . අන්න දැන් නම් හැබෑවටම සූ ගාලා සෙනග .එක කොනක බෑන්ඩ් එක්ක සෙල්ලම් කරනව , ඒකේ මයෙ හිතේ සද්දේ මීගොඩ හරියටත් ඇහෙනව ඇති. බෑන්ඩ් එක  සෙල්ලම් කරන තැනට  ටිකක් විතර වම් පැත්තට වෙන්න පොඩියට ගහපු සමර් හට් පේලියි ........ කට්ටිය එකා දෙන්න සෙට්වෙලා  .
මාත් ජනියත් එක්ක ඒපැත්තට ගෑටුවේ උගේ ගමේ යාළුවො ටිකක් සෙට් වෙලා හිටිය හට් එක හොයන්න . පේලියේ කොනටම වෙන්න තිබ්බ හට් එකට වෙලා මෙන්න ඉන්නව  ගැන්සියම .... රත්තරං පාට ලොකු අමුතු හැඩේ ලස්සන බෝතලයක් දිහා කන්න වගේ බලාගෙන ,
                                     අපිත් ඉදගත්ත. හෝගාලා මදුරුවේ කනව මුන්ට ගානක්වත් නෑ .......... ජනියත් වැඩට සෙට් වුනා .  මං ඉතින් අමධ්‍යප ව්‍යාපාරේ සභාපති විදිහට ....... බීමේ ආනිසංස එහෙම කියල දීල මුංව මේ නරා වලෙන් ගොඩ ගන්න හැදුවට කෝ !!!!! මෙලෝ වැඩක් නෑ .... මට හිනා වෙවී බොනව ......මොන ඇටි කෙහෙලක්ද , තොපි ඕනේ මගුලක් කොරගනියව් කියල මාත් ඔය බයිට් වලටයි සැන්ඩි වලටයි වැඩේ දෙන්න ගත්ත .!කට්ටියම පැය භාගයක් විතර වල් පල් කියව කියව ඉන්න ඇති වැඩිම උනොත් විනාඩි 45 ක් ........... මෙච්චර වෙලා කෑලි ගැනයි බූට් ගැනයි මැච් ගැනයි කථා කරපු සේරම උන් දැං කථා කරන්නේ ජීවිත දර්ශනය, දුප්පත් පෝසත් භේදය , ආග හා දර්ශනය ,රටේ ආර්ථිකය ගැන . බොන්නේ නැති උනත් බොන  උන් ආස්සරේ කොරන්න මං කැමතී මෙන්න මේ හේතුව නිසා .......... රත්තරං වතුර වලින් ලාමක ටිං ටිං ගති සේරම  මකල ඇතුලේ ඉන්න නියම එකාව එලියව ගන්නව ....
" අඩේ ජනිය ....."
" ඈ .........."
" මේව හරි යන්නෑ බං " ඌ එහෙම කිව්වේ මේසෙ උඩ තිබ්බ රට බීම බෝතලේ පෙන්නන ගමන් .
" එහෙනං ලෙමන් ජින් .... ජින් ... ගේන්නද? "
" චික් ........ මල ජරාව "
" මොනවද යකෝ එතකොට ඕනේ "
" අපි යන්ද දාබරේ මාමාගේ ‍ෆැන්ට ටිකක් බොන්න "
" අප්පද බොල ......... වෙල් ෆැන්ට !!!!! අපෝ බෑ බං කොයිවෙලේ ‍පොලොසිය පනීද ........ ද ..න්නෑ "
" උඹ චාටර් බං........ ශික් ... මෙහෙම පැය ගනං දුක් විදින්න ඕනෙ නෑනේ බං එක වීදුරුවයි දවසම පවර්  "
                 මොකටද අපි සුද්දවම පෝසත් කරන්නේ . ඇයි අපිට බැරි අපේ දේ අගය කරන්න , සූර්්‍ය සිංහයෙක් වෙන්න . පර සුද්දංගේ සාක්කු පුරවන හැති‍කරේ නොදකින් මුසල හැත්ත . නැවේන කටට එනකන් තමයි බලන් ඉන්නේ .... බැහැ කියල බෑ අපි යන්න ඔනේ දාබරේ මමාගේ දේශීය ව්‍යාපාරය නගා සිටුවන්න සහය දෙන්න . අපේ දේ වටින්නේ අපිටනේ  . මගේ හිත ඇතුලේ පිරිල තිබ්බ දේශිය හැගීම් පිපිරිලා ගියේ ඔන්න ඔහොමයි .

" ජනිය .... යමංකෝ අර කිව්ව දිහාට ... " කිව්ව විතරයි මූ මගේ දිහා බැළුවෙ හරියට අමුතුම අමුතු සතෙක් දිහා බලන විදිහට . ඊළගට ඉදන් උන්න පුටුවත් පෙරලගෙන නැගිටලා සමර් හට් එක අමතන්න ගත්ත .
" දිනෙල්ක කියන්නේ මගේ අතීසාර මිත්‍රයෙක් ( මොකක් කිව්ව  අතීසාර ??)  ඌ අපිවගේ නරක නෑ........ මූ බොන්නෑ .... ඒත් අද මූගේ ආසාව තියෙනව වෙල් ෆැන්ට  බොන්න ( හුටා !) අපි බෑ කියල බෑ ....... වෙලාව ප්‍රශ්නයක් නෑ අපි යං "
" හරී .............."
" අ‍ඩෝ මෝල්ද මට ..............................." කොහෙද මොන කථාද මුං ටික මාවත් කුදලගෙන  ගේ පිටිපස්සේ තිබ්බ කුඹුර දිගේ යන්න ගත්ත .


ජීවිතේට බියර් වීදුරුවක් වත් නොබීපු මට  වෙල් ෆැන්ට බීපුමට මොකද වුනේ කියල ඊළග කොටසෙදි බලමු !!!!! ( ලබන සදුද හොදේ  )...


26 comments:

  1. මිත්‍රයා කියන්න කලින් හිතා ගන්න පුළුවන් මට
    වැලේ ....වැල් නැති වෙන්නැති :D

    ReplyDelete
  2. දේශීය නිෂ්පාදන අගය කරන්න එපැයි..
    කොල්ලගේ වැඩ බලමුකෝ සඳුදට..:)

    ReplyDelete
    Replies
    1. අතිව අනිව ...... එහෙම නො‍කර පුළුවනෑ

      Delete
  3. මොකක් කිව්වා ?-ජීවිතේට බියර් වීදුරුවක් වත් නොබීපු මට... -
    -අනේ පලයන් යන්න දිනෙල්කයෝ ..අපි නොදන්න කැට කිරිබත්.
    උඹ මේ ලියන තාලෙට මම හරි කැමතියි මචෝ
    මම තුන... (තුන?)

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවට බන් ......... මන් බොන බුවෙක් නෙවෙයි

      Delete
    2. මම නොබොන බුවෙක් නොවෙමි.

      Delete
    3. උඹ ???? නොබොන බුවෙක් ?????!!!!! අපි නොදන්න කැට කිරිබත්. පල පල !!! ඩී

      Delete
  4. හිකිස්. ඔය පැත්තේ මගෙත් යාලුවෝ ඉන්නවද කොහෙද. :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ........... එහෙනං අපේ වැඩේ ආරංචි වුනාද දන්නෑ ..... ඒක හෙන ෆේමස් වුනා

      Delete
  5. දැනෙන්න ලියල ලිපිය...

    ReplyDelete
  6. බලමු මොකද වුනේ කියලා :)

    ReplyDelete
  7. //ඒකේ මයෙ හිතේ සද්දේ මීගොඩ හරියටත් ඇහෙනව ඇති. //

    ඇහුනේ නෑ බං

    හෙළ නිෂ්පාදන නගා සිටුවන්නට අපි අත හිත දිය යුතුමයි.....

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් රාවනා පරපුරේ නිසා එහෙම වෙන එපායැ .....:D

      Delete
  8. බලහංකෝ ඉතින් මුන්දැත් කරලා තියෙන වැඩ... බලමු බලමු කස්ටිය වෙල් පැන්ටා බීපු හැටි...

    ReplyDelete
    Replies
    1. අපි කරෝත් ඉතින් මේවගේ රජ වැඩක් තමයි!!! අනිව බලමු ........

      Delete
  9. මම අදමයි ආවේ...ඔන්න ෆලෝ කොරා...මගේ ක්මෙන්ට් එක දාන්නෙ මොකෝ වුනේ කියලා බලලමයි... :D

    ReplyDelete
    Replies
    1. සදුද හවස් වරුවේ මේ පැත්තේ ආවොත් බලාගතහැකි වෙයි !!!!

      Delete
  10. හ්ම්ම්..බලමුකෝ ඉතුරු ටිකත් එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. හ්ම්..... හාකෝ හාකෝ

      Delete
  11. :D දාබරේ මාමගෙ බිස්නස් වැඩි වේවි මේකෙන් පස්සෙ.

    ReplyDelete
  12. අනේ අපි නම් දැන් ඕවට නැ මලේ...

    ReplyDelete
    Replies
    1. හැ............. ඔය කිවිවට නැත්තෙමත් නෑ නේද අයියේ !:D

      Delete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text