Social Icons

හොයමු බලමු

Monday, December 31, 2012

සඳුන් අරටුව ... නොහොත් සිංහාවලෝකනය!




                                       සැඩ සුළඟින් කැඩී ඉරී විසිරී සීසීකඩ ගිය වැහි වලාකුළු බටහිර අහස වටකොට පැතිරුනේ ආක්‍රමණයකට මුලපුරන්නාවූ සතුරන්ට විරුද්ධව පෙළගැසේනා ගුරුළු රෑනක තරම් චන්ඩ විලාසයෙනි.හදිසියේ පුපු‍රා ගිය කස පහරින් අවදිවූ අසුන් රෑනක් වෙන් ඇඹරෙමින් දිව ආ සුළඟ , සතර අතින්ම බටහිර වා ගැබ පෙලන්නට විය .
                                          තැනින් තැන එබෙමින් සිටි හිරුමඩල පිළඹඳ ආරංචියක් පවා සොයාගත නොහැකි තරම්ය . යම රජුනිගේ අණින් අවදිවූ කුළු මී රැලක තරමට නපුරුවූ දළ රළගෙඩි , දුටුවන් භීතියෙන් උමතු කරවන තරම් විය .
                    බියකරු හඩක් නගාගෙන හිසට ඉහලින් හෙනයක් පිපිරිණි . ඊළඟට ඈත නිම් වලල්ලම දම් පැහැගන්වමින් විදුලි කොටන්නට වූයේ හාත්පස පැවති අඳුර සේම අහසද පුපුරවා දෙබෑ කරන්නට වන තරමිනි.
                                                                      ඔහු අවදිවූයේ  දිනය ආරම්භයේදීම සියල්ල මේ අයුරින් කනපිට හැරීතිබුන වාතාවරණයක් යටතේය.වැහිබිරුම තවත් එලෙසමය, කෙතරම්  අඳුරු වීදි යත්, ඒ උදයේ අඩි දෙක තුනක වත් දුරක් ඉදිරිය නොපෙනෙන තරම්ය.දින කීපයක් සිට පැවති අදුර මේ වනවිට තද වර්ශාවක් වී තිබීම ඔහුගේ සන්තාපයට හේතුවිය .දැනට ලැඟ සිටින අම්බලම  පෙර දිනයේ  හැරයන්නට අවස්ථාව තිබියදීත් එසේ නොයාමට ගත් තීරණය ඔහු වේදනාවට පත් කලේය. ඇතැම් විටකදී ඒ වේදනාව  උහුලාගත නොහැකි තරමට දරුණුවේ............. 
              මධ්‍යයේ ඊයම් පුරවා බලගැන්වූ යකඩ බරුවක් උගුරේ හිරවූ  අයෙකුගේ හැඟීමෙන් මිදෙන්නට උත්සහ දරන ඔහුගේ දෑස නිතරම කඳුලෙන් පිරී පැවතින් . හාත්පස වූ  ඝණ අඳුර නිසාවෙන් අසල වූවන්ට ඔහුගේ කඳුලු නොපෙනේ.
                                            රැය ගතකලාවූ අම්බලමට අඳුර නොතකා පැමිනියවුනගෙන් එය පිරීයද්දි , කුරිරු සමාජය තුල කිසිවක් සිතැගි පරිදි කළ නොහැකි යථාර්ථය පහැදිලි කරමින් ඔහුට සිදුවූයේ එකට සිටි උන්ගේ පාපහර ලැබ අම්බ‍ලමෙන් එලියට විසිවන්නටය. 
                             ආලෝකයක් ලබාගන්නට කිසිවක් නොමැතිවා සේම නොතෙමී යන්නට උපකාරීවන කිසිවක් ඔහු සතු නොවීය . තිබූ සියල්ලද අම්බලමේ සිටි උන් උදුරාගෙන හමාරය. වැස්සට තෙමීමත් පහරකෑමේ වේදනාවත් අඳුරේ යමෙන්  තැන තැන වූ ගල් කුළුවල පා වැදීමත් නිසා දුර්වල වූ හෙතම සිහි මූර්ජාවීම අරුමයක් සේ නොවේ යැයි සිතමි.
                                   දුර්වල උන්  දඩමීමා කරගෙන කුස පුරවාගන්නා කුඩුකාරයින් , රස්තියාදුකාරයින්, අධමයින් හා ගණිකාවන් රැලක් විසින් වටකරගනු ලැබ ඉක්බිති කුදලාගෙන යෑම දක්වා සිදුවීම් දාමයකට මුහුන දෙන්නට ඔහුට සිදුවන්නේ මේ කාලසීමාව තුලදීය.මුලසිටම පිළිකුල් කගවුන් සමඟ එසේ සහවාසයේ යෙදෙන්නට වීම දෛවයේ සරදමක් විය යුතුය.
                                          සිහිය ලැබෙනවිට මධ්‍යාහනද පසුවී තිබිනි ,  නැගිට යාමට තරම් ශක්තියක් සේම උවමනාවක්ද නොවීය . අඳුර එලෙසමය.විටෙක සිතුනේ මේ අඳුර විසින් තම ජීවිතය වෙලාගෙන ඇති බවත් එයින් මිදීයාමට නොහැකි බවත්ය. නමුත්  විටින්  අඳුර මැදින් මතුවන විදුලි එලි නිසාවෙන් හාත්පස පරිසරය දැකීමේත් එමගින් සතුටක් ලැබීමේත් වාසනාව ඔහුට හිමිවිය , එහෙත් ඒ නිමේශයකට පමණි .
                                           නැගිට ගැනීමට තරම් ශක්තියක් ලද පලමු අවස්ථාවේදීම  ඔහු නැඟිසිටියේය , ඒ  පවස නිවා ගැනීමට දිය පොදක් සොයාගැනීම උදෙසාය.දිය උල්පත අසලදී හමුවූ තරුණීයකගෙන් ලද්දාවූ ත්‍යාගක් නිසා ඔහු පිනාගියේය . ඒ ඔහුගේ සොදුරු මතකයන් පිරීගියාවූ අතීතය ගැන ඇය විසින් සටහන් තබන ලද පුස්ථකයකි .ඇය නපුරු විය .යලි කිසිදා හමු නොවන අයුරුන් ඔවුන් වෙන්ව ගිය නමුත් ඇය ඔහුගේ ජීවිත දිශාව වෙනස් කලාය. සිතන්නට යමක් ඉතිරිකලාය.
              උල්පත අසල ජීවිතය සේම අධම‍යින්ගෙන් වෙන්වීමේ තීරණය ගන්නා විට පරිසරය මදක් එලිය වැටී තිබිනි . ඔහු දැන් නැවතත් ගමන අරඹා ඇත . ඔහු වැන්නවුන් රැසක්ම හේ වටා එක්වූයේ නව ගමන එක්ව යන්නටය . දිනය අවසාන වීමට ඇත්තේ තවත් පැය කීපයක් පමනි. 
අද රාත්‍රියේ ඔහු නවාතැන් ගන්නා අම්බලම බෙහෙවින්ම ආලොකමත්ය නමුත් පරිසරයේ වූ අඳුර තවමත් සම්පූරණයෙන් පහවී ගොස් නැත. කම් නැත , රස්තියාදුකාරයින්ගෙන් හා ගණිකාවන් ඇසුරේ සිටියදී ඔහු ඉගෙනගත් දෙයක් විය . ඒ නූපන් හෙට ගැන නොතැවී අද ජීවත්වීමයි . එය ජීවිතය සැහැල්ලු කරනු ඇති බව ඔහුගේ හැඟීමයි.


සමහර විට හෙට ආයෙත් වහීවී ...... කාටද කියන්න පුළුවන්...... ජීවිතය කියන්නේ සදුන් අරටුවක් ..... හිටවලා තියෙනකන් තවත් ගහක් විතරයි උනාට කැපුවහම වටිනාකම කියන්න බැරිතරම් .තැලුනාම , සුවද ඉස්තරම්.



හැමදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!! 

ප.ලි - තේරෙයිද මන්දා !!!!





31 comments:

  1. "ජීවිතය කියන්නේ සදුන් අරටුවක් ..... හිටවලා තියෙනකන් තවත් ගහක් විතරයි උනාට කැපුවහම වටිනාකම කියන්න බැරිතරම් .තැලුනාම , සුවද ඉස්තරම්."

    මේ ටික නම් හොඳටම හිතට වැදුණා දිනෙල්ක අයියේ. සුභ අළුත් අවුරුද්දක් !

    ReplyDelete
    Replies
    1. මම කියන්න හදපු දේ ඒ විදියටම වකා කියලා තියන නිසා කිසිත් නොකියමි,සුබම සුබ 2013ක් වේවා අය්යණ්ඩි

      Delete
    2. දෙන්නටම එසේම වේවා කිව්වා

      Delete
  2. මාර අකුරු ගැලපීමක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති ......... සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
    2. සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  3. මොනවද ඕයි මේ ලියලා තියෙන්නේ?මට නම් මෙලෝ මගුලක් තේරුනේ නැහැ ;/

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා ........ කව්ත් ලියලා ගැටපදෙත් ලියහංකෝ ...... ඔය ලියලා තියෙන්නේ කොල්ලෙක් පහුගිය අවුරුද්ද ගෙවපු විදිහ ටිකක් නිර්මානශීලීව ( වේන්න ඇති ) ..... කොල්ලෙක් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි බං මං .... මගේ අවුරුද්දක සිංහාවලෝකනය තමයි තියෙන්නේ

      Delete
  4. මටත් කිසිදෙයක් තේරුන්නෑ...!!!

    හැබැයි...
    ඔව් අපිත් හිතන්නෙ එහෙමයි හැමදෙයක්ම සුබවාදීව..!

    ReplyDelete
    Replies
    1. සුභ වාදීව නෙවෙයි .... උපේක්ශාවෙන් හිතපන් ..... සුභදායීව කියන්නේ අන්තවාදයක් ...... කොහොම හරි වේවා ..... සුභ අලුත් අවුරුද්දක් වේවා ...
      අන්න තේරුම ලිව්වා මඩිස්සලයගේ කොමෙන්ට් එකට රිප්ලයි විදිහට

      Delete
  5. එසේම වේවා මචෝ ........

    ReplyDelete
  6. බරපතල වැඩිද මංදා...
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ ..... හෙන සරලයි ....
      සුභ නව වසරක්ම වේවා

      Delete
  7. කොල්ලෝ උඹ ගැන ආඩම්බර හිතෙනවා ලියැවිල්ලට. අනාගතය වාසනාවන්.

    ReplyDelete
    Replies
    1. හප්පේ ඇති යංතං පෝස්ට් එක තේරෙන කෙනෙක් හිටියා ..... ඔබ තුමාට සුභ අළුත් අවුරුද්දක් වේවා ......
      අගය කිරීමට බොහෝම ස්තූති

      Delete
  8. ඒ පතාගෙන ආ ස්ත්‍රිය ම ලැබේවා..සාදු සාදු සාදු...
    ලුබ නව වසරක් වේවා ඔබටත් :)

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක් නං හීනෙකින් වත් හිතුවේ නෑ ......... එසේම වේවා...

      Delete
  9. අන්තිම ටික විතරයි තේරුණේ බං. :)

    සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අයියෝ අකුරු ............. එසේම වේවා ....:):):)

      Delete
  10. ඔයාටත් සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  11. සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  12. “සමහරවිට හෙට ආයෙත් වහීවි.......“

    හ්ම්ම්ම්ම්ම්

    අදයි ආවෙ යාලු මේපැත්තට.....සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම සන්තෝසයි ........ දිගටම ඉදීවි කියලා හිතනවා ........ ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  13. සුබම සුබ නව වසරක් මචං.
    මේක හිමින් සීරුවේ කියිවන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. එල එල ......... සුභ නව වසරක්

      Delete
  14. හිතේ තියන සියලුම බලපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නව වසරක් පතනවා

    ReplyDelete
  15. දිනෙල්කටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් නව වසරක් වේවා!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  16. අම්මෝ ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ ,,,,
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text