Social Icons

හොයමු බලමු

Thursday, January 10, 2013

ශෝයි අනේ හරිම හොට්නේ ( නපුංසකයෙකුගේ ආලය )





දෙයියෝ............ සාලේ කිව්වලු ,

උදේ අට වෙලත් ඇඳ උඩ ඒපැත්ත මේ පැත්ත පෙරලි පෙරලි , ඇඹරි ඇඹරි හිටපු මාව ඉද්ද ගැහුව වගේ කෙලින් උනේ අද උදේ 8.30 වෙනකොට පෙනී ඉන්න ඔනේ මැත ලෙක්කචරේ සිහි වුනාමයි . 
                              ෆුල්ම ගට දාලා රෙඩී උනොත් 9 වෙනකොටවත් ඇතුලට පනින්න පුලුවන් වෙයි . නො‍ගිහින් හිටියොත් ලෙචාගෙන් අවුලක් නැතත් බෙන්ච් එකේ ඉන්න සින්නොන් ගෙන් අවුලක් යන්න තියෙන ඉඩ නිසා නැගිටපු වේගෙන්ම  මෙලෝකේ සිහියක් නැතුව ඇඳ පහලට පැන්නා . 
 නො‍දකින් නොදකින් නොදෝමකින් ..... උදේ පාන්දර ඇදෙන් බිමට කූඥ්ඤ දෙක ගහල තියෙන්නේ කවුදෝ එකෙක් අසමජ්ජාති විදිහට ඇද පල්ලෙ තියලා තිබුන වතුර බේසමකට ......
                                          එච්චර වෙලා මාව බදාගෙන හිටපු නිද මත , මේ දවස් වල තියෙන සීතල වතුරත් එක්ක කොහේදෝ වාශ්ප වෙලා ගියා . එහෙම්ම ඉදගෙන කල්පනා කලේ කවුද යකෝ මගේ ගෙදරම ඉදන් මට මෙහෙම දෙයක් කරන්න ඉන්නේ කියන එකයි , වැඩිය කල්පනා කරන්නේ මොකටද ..... වෙන කවුද ඉතින් මයේ නගාගේ වැඩ තමයි ඔය. 
                                             ඊයේ උදේ  කෙල්ල ක්ලාස් යන්න  දාන සෙරෙප්පු කුට්ටම් දෙකෙන්ම එකකින් එක ගානේ හැංගීමේ ප්‍රතිවිපාක තමයි මේ ...... නිදිමත කපාගෙන යන්න රිටන් එක වැදුනට පස්සෙ තමයි මීටර් උනේ ඇදන් හිටපු සරමටත් වතුර උනාගෙන ඇවිල්ලා  විලුඹ හරියෙන් ඉදන් වියතක් විතර උඩට යනකන්ම හෙන තෙත පැල්ලමක් හැදිලා කියලා .
ඕවා බල බල ඉන්න වෙලාවක් නෑ යකෝ නැගිටලා පල .... මගෙ හිත මටම දොස් කියනවා ..... නගාට බනින්නත් බෑ ! උදෙන්ම ඉස්කෝලෙ ගිහින් ඇති .....

උදේ පාන්දරම කකුල් දෙකෙන් වතුර පෙරාගෙ සරමත් තෙමාගෙන කුස්සියට දුවගෙන ආපු පුතන්ඩියා දිහා අම්ම බලාගෙන හිටියේ අමුතු සතෙක් දැක්කා වගේ .
" මොකෝ චුටි පුතා‍ මේ ? " අම්ම ඇහුවේ තෙත පැල්ලම දිහා බලාගෙන ලාවට හිනාවෙන ගමන් .
" මොකද තමයි ...... ඔයාගෙ දෝනි ඇද්දැගේ වැඩ  ..... පරක්කු වෙනවා අම්මේ .... මං එන්න කලින් ‍නංගි ආවොත් මං වෙනුවට බනින්න ඈ ! " එහෙම කිහාගෙන එක උගුරට දෙකට කිරි කෝප්පෙත් කටේ හලාගෙන ..... මම රිංගුවේ මූන කට හොදන ගුලට . 
                             එව්ව මෙව්ව කරගෙන පොඩි වෙච්ච ටීශර්ට් එකකට කලබලෙන් අතට අහු වුන කුණු ගෑවිච්ච ඩෙනිමකුත් ඇදගෙන ‍ගෙදරින් එලියට බහිනකොට වෙලාව 8.30ට ඇති . ඔන්න ‍දැන් එහෙ ලෙච පටන්ගෙන , ඒත් අපි තාම මිදුලේ ... ඉතිං බලහංකෝ රටේ අනාගතේ බාරගන්න ඉන්න උ‍න්ගේ වැඩ .
" අදවත් කොන්ඩේ කපන් එනවද !!! " 
" වෙලාව තිබ්බොත් බලමු අම්මේ .............  තාත්තා කිව්වානේ කපන්න ඔනේ නෑ ඕක අවුරුද්දක් විතර වවලා බලමු කියලා ... අනික මං දැක්කා ‍පරණ ෆොටෝ .... ඒ කාලේ තාත්තත් මෙහෙමයි ...."
ඊට පස්සෙ අම්ම කියපු දේවල් ඇහුනේ නැත්තේ ඒ වෙනකොටත් මං පාරට ඇවිත් හිටපු නිසයි .
බස් එකට නැගල ඉදගත්තහම හිතට පුදුම නිවනයි . ඇයි ඉතින් දැන් පරක්කු උනොත් මගේ වරද නෙවෙයිනේ බස් කා‍රයාගේ වරද ! 
අව්ව වැටෙන්නේ නැති පැත්තේ ඉදගෙන ෆෝන් කට්ටෙන් ගේමක් ‍ඔබ ඔබ විනාඩි 20ක් විතර යන්න ඇති ....... පුංචි බොරැල්ල හරි‍යට ලං වෙනකොට මගේ බරණුවට සන්දේශයක් ආවනෙව ...

- මැ‍ජිකෝ ( මැජිකා = දිනෙල්ක ) අපි ලෙචට ගියේ නෑ ..... සරිගමයගේ ගෙදර යනවා .... බොරැල්ලට වරෙන් ... වයි ඇම් බී එක ඉස්සරහා අපි ඇති - 

 බොරැල්ල හෝල්ට් එකට හොල්ට් දෙකතුනක් මෙහායින් තිබුන  තැනකදි පින්ටුවා ගේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට ඔය මැසේජ් එක නො‍එන්න, අද මට මේ කථාව කියන්න වෙන්නේ නෑ .ඇයි ඉතින් ඔය මැසේජ් එක එද්දි මං බොරැල්ල පහු කරලා හිටිය නම් තියෙන කම්මැලි කමට ආයෙ බහින්නේ නෑ අනිත් පැත්තට එන්න . 
 සදීපා එක ලඟදි ‍බස් එකෙන් බැහැලා පින්ටුවට කෝල් එකක් ගත්තා 
" හලෝ !"
" මචං කොහෙද ඉන්නේ ? " 
" මං සදීපා එක ගාව බං "
" එල එල ! ඉක්මනට වර .... අන්න සරිගමයගේ අම්ම අපිට කෑමත් හදාගෙන බලාගෙන ඉන්නවලු "
" අනේ ........... මං නොදන්න උගේ අම්මගේ ......... කෑම ... හිටහංකෝ මං තව විනාඩියෙන ඔතන "
                   සංගීතය ජීවිතය ‍කරගෙන අතල් එකේ ගිටාර් එක ගහගෙන මලක් පහනක් පත්තු කර‍ගෙන ඉන්න . කිරිබත්ගොඩ පොඩි කඩයක හිමිකාර තාත්තෙක්ගේ කොන්ඩේ වවාගෙන ,කරාඹු වක් දාපු අහිංසක හිතක් තියෙන අමුම අමු කාඩ  අමනයෙක්ගේ පෙනුම  තිබුනත් අමන වැඩ  නොකරන, එලම එල  කිරි , වච‍නයේ පරිසමාප්ත අර්ථයෙන්ම මොනවා බැරි උනත් සගීතය පුලුවන් කියලා හිතාගෙන ඉන්න එකෙක් තමයි සරිගමයා කියන්නේ . 
                         බැජ් එකේ අපේ සෙට් එක බොහෝ වෙලාවලදි සෙට් වෙන්න තෝරගන්නේ සරිගමයගේ ගෙදර .ඒකට හේතුව වෙන මොකක් වත් නෙවෙයි . උන්ගේ‍ ගෙදර දෙවනි තට්ටුව අපේම බුක්තියට වෙන්වෙලා තියෙන එක .
                        වයි ඇම් බී එක ගාවට යනකොට සෙට් එකේ අනිත් උන් සේරම ඇවිල්ලා.  ඈත තියා මං එන දිහි බෙල්ල දික්ක කර කරක බලාගෙන හිටියා .
" මොනවද බලන්නේ " 
" මොකද යකෝ මේ ..... උඹ සුනාමියකට අහුවුනාද ........ බලහංකෝ ඇදුමේ හැටි ....කොන්ඩෙ පිරලත් නෑ .....තෝ බුදියගත්තේ ආපු බස්‍එකේද "
" නෑ තොගේ @$$@@$$ ..... මෙන්න මෙහෙ කුණු හරප නැතුව මේ බස් එකේ නැගලා යං බං ........ ආයේ මඟුල් ගෙදරක යනයැ."
" ඔකේ යන්න බෑ බං .........."  එක පාරටම ඒ තිබුන බස් එකේ යන්න බෑ කියලා ආපු විරෝධෙට මාව පුදුම වෙලා ගියා .
" ඇයි ......... ? "
" බලහං ඕක හරියට හෝදලත් නෑ ...... මේ බලහං මෙකේ කොන්දා දත් මැදලත් නෑ."  දොඩං ගෙඩි දෙකක් තරං උස නැති උනාට මොකද සොබනිගෙ සද්දේ ඇහුනේ  කන අස්සේ ගහපු ලවුඩ් ස්පීකරයක් වගේ. 
" කට කට යකෝ .......  මේක බොරැල්ල ..... කන්නයි වෙන්නේ බීපු කිරි මතක් වෙන්න "
" ඇයි මෙහෙ චන්ඩි ද ඉන්නේ පෙන්නහංකෝ බලන්න එකෙක් ..... මාත් හරි ආසයි බලාගන්න ." ආයෙත් සොබනි .
ඉස්කෝලෙ ජීවිතෙන් වැඩිහරියක් ‍ගෙවුනු බොරැල්ල ගැන  මේකි දෙන ටෝකට රිටන් එකක් දෙන්න විදිහක් හොයාගන්න වට පිට බැලුව මට කොහෙන්දෝ තිබුන වාසනාවක් කඩාවැටුනා .
" අන්න බලහං පාරෙන් එහාපැත්තේ කහ ඉර ගාව ඉදන්න පාර මාරු වෙන්න හදන කොල්ලෝ දෙන්නා "
" අම්මට සිරි ........ උන් නං හෙන මැරයොද කොහොද බලහංකෝ හැටි ..." ඒ පචයා ගේ හඞයි .
                                     අපේ උං දැන් උන් දෙන්නා දිහා කන්න වගේ බලාගෙන ... මං දිනුං!
චන්ඩිද දන්නේ නැති උනත්, ඒ වගේ උන් දෙන්නෙක්ව පෙන්නුවානේ . ජයග්‍රහනයේ පලමු වෙඩි මුරය පත්තු කරගෙන සෙබනි ගාවට ගිහින් අත පුරවලා හීනියට ටොක්කක් ඇනලා දැන් මොකද කියන්නේ කියලා ඇහුවා .
" හරි හරි ........ හිටහංකෝ අපිටත් වාරයක් එයිනේ ..." 
                            මං පෙන්නපු කොල්ලෝ දෙන්නා ඇත්තටම හෙන මැර ලුක් එකක් තිබුන දෙන්නෙක් . 
                                         දෙන්නම ආම් කට් ගහලා ත්‍රීක්වාටස් වලට කහපාට සෙරෙප්පු දාලා හිටියේ ..... ඇඟිලි පහටම මුදු , ‍සුදු යකඩ මාල දෙකතුනක්ම බෙල්ල වටේට නයි වගේ එතිලා තිබුනා .
අපි උන් දිහා බලන වග උන්ටත් තේරිලාද කොහෙද මේ පැත්ත බල බල තමයි හිටියේ .
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ මොකටද නේද .........
" ඇති යකෝ බැලුවා .......... 
                        මොන රෙද්දක්ද ‍යකෝ මුං තුම්පනෙන් ආව වගේනේ ..... " වෙලාවටම එතනට බස් එකකුත් ආවා .
" එන්න බැරි උන් හිටපන් මං මේකේ යනවා "
                                              සෙට් එකම  ගොඩ උනා ...... අපි විතරක් නෙවෙයි මැරයෝ දෙනන්ත් ගොඩ උනා ..... බස් එකේ අපි හැමෝටම එකට ඉදගෙන යන්න පිටි පස්ස සීට් එකේ ඉඩ නෑ .
කට්ටිය විසිරුනා ..... මායි පින්ටුවයි සොබනී .... අනිත්ම සීට් එකට සෙට් උනා .... මැරයොන්ට ඉඩ නෑ උන් හිටගෙන ... ළමා රෝහලට යන කං කිසිම අවුලක් තිබුනේ නෑ . ඒත් අවුල පටන් ගත්තේ ඊට පස්සේ . පිටි පස්සේ සීට් එකේ හිටපු අන්කල් ලා දෙන්නම එතනින් බැස්සා .... මැරයෝ දෙන්න ඉදගත්තා .සෙබනි ජනේලෙ ලඟ මම ඊඟට එතනින් පස්සේ පින්ටු පස්සේ මැරයෝ දෙන්නා .
මේන්න යකෝ හිටපු මැරයෝ දෙන්නගෙන් එකෙක් හෙනම හෙන ලතා වොයිස් එකකින් අනිකට කථා කරනවා ...... මාව කූල් වෙලා ගියා .සොබනිටවත් නෑ ඒ තරං පැහැදිලි ස්ත්‍රී වොයිස් එකක් ......... මුං දෙන්න සීට් එකට වෙලා දැන් හෙන හයියෙන් කථාව . මිනිස්සු හිනා වෙවී බලනවා ....
" බලන්න අද හරිම හොට් නේද ........."
"ඒකනේ .....කෝ මේ බස් එකේ අයියා ඒසී එක ‍ඔන් කරන්නෙ නෑ නේ .... අපි කෑගහල කියමුද " 
දෙදෙනාම - " අයියේ .......... රස්නෙයි "
 නොදකින් විතරක් මුං ම‍ගේ බොරැල්ලේ සායම කෑවා. සෙබනි , ‍මගේ දිහා බලාගෙන හිනා නොවී හිනා වෙනවා . ඒ මදිවට අරුනි කථා කරන වාරයක් ගානේ කොනිත්තනවා .
                                               වරදවා හිතන්න කාරි නෑ ..... ඒ ඇවිල්ලා අපි දෙන්නගේ අතරේ තියෙන සීතල යුද්දෙක ප්‍රතිඵල .අයියා-නංගිලා දෙන්නාගේ කථාව වෙනස් මාතෘකාවකට ගියා .
" බලන්න සදු කොච්චර ස්වීට් කොල්ලෙක්ද ඔයාගේ එහා පැත්තේ ඉන්නේ ...... " එකෙක් / එකියක් එහෙම කිවිවේ ම‍ගේ එහා පැත්තේ හිටපු පින්ටුවා දිහා බලන ගමන් .
"  මොනවද මල්ලි කරන්නේ .......... " පින්ටුවාට ප්‍රශ්නයක් 
" අපි අහවල් කැම්පස් එකේනේ .......... " 
" හනේ හරි  ශෝයි ........ බලන්න මිතූ ඔයාට සෙට් වෙන්න යනේනේ යුනිවර්සිටි කොල්ලෙක් " 
දැන් නං මටයි සෙබනිටයි විතරක් නෙවෙයි බස් එකේ බාගෙකට විතරම ඉල නෑ  .අපේ පින්ටුවාට කොල්ලෙක් සෙට් වෙන්නයි යනේනේ . මේක කිව්වහට ඌගේ කෙල්ලගේ මූන බලන්න ඔනේ .
" මල්ලි අපි දෙන්නටත් ඕකට එන්න බැයිද අනේ "
පින්ටුවා කථා නෑ 
" එපා අනේ ඒ කොල්ලගෙන් ඔනේ නෑති දේවල් අහන්න ..... " ඒ අනිකා .
" කොහෙද මල්ලි යන්නේ ...... කිරිබත්ගොඩද ?? " 
" අපි කොහො ගියාම තමුසෙලාට  මොකද ? " මෙච්චර වෙලා හිනා වෙවී හිටියට මට පින්ටුවාගේ වොයිස් චේන්ජ් එක අදුරගන්න අමාරු වුනේ නෑ ....මුට අම්බානක මල පැනලා ( එහෙම නොවුනොත් තමයි පුදුමේ ) 
" අනේ ........... මේ බලහල්ලකෝ  මෙයාට තරහ ගිහින් ...... ඔහොම තරහ ගන්න එපා රත්තරං, වයසට යනවා "
හිනාව ආයෙත් අළුත් උනා ....
" මෙන්න මේ ........... මෙයාගේ මූනත් රතුවෙලා " 
                       එහෙම කියාගෙන එකෙක් පින්ටුවාගේ නිකටෙන් ඇල්ලුවා . එච්චර වෙලා හිර කරගෙන හිටිය තරහ පිටවුනේ ඒ වෙලාවේ . පින්ටුවා මොකද්ද වුනා වගේ නැගිටලා අරුන්දෙන්නගේ එකෙක්ගේ මූණට මිට මොලවලා කෙලලා ඇරියා . 
                                                   ඔන්න බැජ් ෆිට් එක නැඟගෙන ආවා සරිගමයගේ ගෙදර යන්නආපු අපි සේරම එකතු වෙලා අරුන්ට  බස් එක ඇතුලෙම කෙලවෙව්වා . ඇන්ටිලා කෑගහනවා අනේ කවුරුහරි නවත්තන්නකෝ කියලා . ඒත් කවුරු නවත්තන්නද .... දෙන්නටම ඉහ මොල රත් වෙන්න ‍දීලා බස් එකෙන් එලියට දැම්මා .
" උන්ට ඔහොම තමයි පුතා කරන්න ඔනේ ...... මුං පිරිමි කම කනවා ..." අංකල් කෙනෙක් අපිට සප් එක . 




ප.ලි - මොනව උනත් උන් දෙන්නට ගහපු එක ගැන මම දුක්වෙනවා ..... ඒ වෙන මොනවත් නිසා නෙවෙයි . සමාජයෙන් සැලකිල්ලක් ලැබිලා නියම පිරිමියෙකුගේ තත්තවයට පත් කරන්න පුලුවන් මේ වගේ ජීවිත .... විනාස වෙලා යන එකට මටත් කරගහන්න වුන නිසා

54 comments:

  1. හැබැයි නෙලන්නත් ඔනේ. ප.ලි කිවුව කතාවත් ඇත්ත හැබැයි. ;)

    ReplyDelete
  2. නෑ නෑ නෙලන්නමයි ඕන.. පිරිමි බවටත් ලැජ්ජයි නොවැ

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට ඇතිවෙන්න නෙලලා යැව්වේ............. තිත් දෙකයි ඩී

      Delete
  3. අනේ මන්දා....නෙලලත් බෑ නොනෙලත් බෑ......:D

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඔහොම මමයි

      Delete
  4. ඇයි බං උඹලටම මේ වගේ ඒවා වෙන්නේ?? :D :D

    ReplyDelete
    Replies
    1. කොහෙදෝ තිබුන කරුමයක් මේ ආත්මේ පඩිසන් දෙනවද කොහෙද ...:D:D

      Delete
  5. නෙලන්න ඕනේ එකෙන්ම.

    ReplyDelete
  6. හයියෝ... සැහ්... මටත් ඔය බස් එකේ ඉන්න තිබ්බා නම් ඒ වෙලාවේ.. හැබැයි අයියණ්ඩියා, ඔහොම අයට ගෑල්ලමෙක් බැන්නොත් පටස් ගාලා බය වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා බනින්නේ ...... උනුත් ජීවත් වෙන්න එපායෑ ........ මට නං හිතෙන්නෙම පවු කියල බං

      Delete
  7. Replies
    1. තනියෙන් සෙට් උනොත් නං මාත් කරන්නේ අපේ බුවා කරපු දේම තමයි ... .තිත් දෙකයි ඩී

      Delete
  8. සැහැ , දිමනක් සෙට් කරන්නම පුළුවන් නියමට

    ReplyDelete
    Replies
    1. දිමනක් ????? ශිෆ්‍ට් + ඕ තිතක් නිකම්ම ඕ

      Delete
  9. අනේ මන්දා දිනෙල්ක. ඔය මනමාලියන්ට අන්දන්න එන සමහර පිරිමි බුවාලත් ටිකක් ඔයවගෙ නේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ටිකක් නෙවෙයි හුඟක් ඩූඩ් අයියේ.. හි හි..

      මේකාටම මේවා කොහොම වෙනවද මන්දා.... හි හි....

      Delete
    2. ආයෙත් අහල මනාලියන්ට අන්දන්නේ කොහොමත් එහෙම උන්තමයි . නැත්තං කොල්ලටත් ලඟට වෙලා බලාගෙන ඉන්නවෙනවනේ ....දැක්කා නේද ..... මැටි උනත් සම්පතක් ...
      මටම මෙහෙම දේවල් වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ බං .... තිත් දෙකයි ඩී මොනව උනත් මෙච්චර දවස් බ්ලොග් එකේ කිව්වෙ වෙලා තියෙන දේවල් වලින් බොහෝම ට්කක් ඩී

      Delete
  10. Patta oi...

    Ubalata kiribathgoda yanna thibbe hak hak

    PISSA. ( palaamalla.blogspot.com )

    ReplyDelete
    Replies
    1. හැ .......... ඇයි බං අයියේ මේ ඇනෝ වෙලා.... ?

      Delete
  11. මේ අවුරුද්දේ පලවෙනි පොස්ටුවනේද? මරු පොස්ටුව අවුරුද්දේ පලවෙනිදා දැම්ම. :D

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බං ......... අපිට වෙන්නේ මෙහෙම එව්වමනේ ! :D :D :D

      Delete
  12. නෙලන්න වෙනව තමයි වැඩිපුර වාත වෙනකොට.

    ReplyDelete
  13. ඔකුං කොල්ලොන්ගේ රෙදි ගලවනවා උන්ගේ සෙට් එකකට මාට්ටු උනහම ...

    ReplyDelete
    Replies
    1. සෙට් එකකට අහුවුනාම .......... ඔය එන්නේ අද්දැකීම් ..... තිත් දෙකයි ඩී

      Delete
  14. හ්ම්ම්... අනේ මන්දා... නෙලලත් බෑ....නැතුවත් බෑ....හැබැයි ඉතිං පව් කියලත් හිතෙනවා.....

    ReplyDelete
  15. //මොකෝ චුටි පුතා‍ මේ//

    හැබෑටම තාම චූටිද බන් ?

    ReplyDelete
    Replies
    1. ඊළඟ මාසෙට යාන්තං 21යි

      Delete
  16. දැන්නම් මගේත් ඉල නෑ
    හෙට දිහාට අප්පච්චි මාව අංගොඞ ගෙනියයිද මන්දා තනියම හිනාවෙනවා කියලා

    ReplyDelete
    Replies
    1. අපි එන්නම් බලලා යන්න... තිත් දෙකයි ඩී

      Delete
  17. අවුලක් නෑ. උන් තමුන්ගේ පාඩුවෙ හිටිය නම් කන්න වෙන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම උනා නං අපිත් අපේ පාඩුවේ ......

      Delete
  18. අනේ සිරිමල් අය්යා..අපිව දාල යන්න ඉපා...!
    මට මතක් උනේ සිකුරු හතේ ලව් එක.

    ඇත්තක්ද බං..??

    ReplyDelete
    Replies
    1. මටත් ලියද්දි මතක් උනේ ඔය සීන් එකමයි ......... තිත් දෙකයි ඩී ....... බොරු ලියන්නේ නෑ

      Delete
  19. ඔය හොටම්බුවන්ටනම් නෙලන්නම ඕනේ බන්.... නට්ටන් උන් හැදෙන්නේ නැහැ....

    ReplyDelete
    Replies
    1. මොකෑ බොල මේ සිංහල වලට වෙලා තියෙන්නේ !! තිත් දෙකයි ඩී

      Delete
  20. mata therenne naha ai megollonwa niyama pirimiyekuge thathwayata path karanna one kiyala?? sorry.. sinhala nathiwelaa.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට නිදසසේ බස් එකකය යන්න ඕනේ නිසා !!!

      Delete
  21. අපිත් A/L කාලෙ ඔයින් පොරකට නෙලූව අම්බානකට.. බස් එකේ ගියපු පොඩි කොල්ලෙක්ගෙ @@ 2 මිරිකලා (දිව දොට්ට)

    ReplyDelete
    Replies
    1. ‍එහෙම එකක් උනා නම් නෙලන්නේ නැතුව අතඅරින එක පාඩුයි ... දිව දොට්ට

      Delete
  22. හෙහ් හෙහ් ...මෙයා හෙන රණ්ඩු කෙක්කක්නේ ! ඕකුන්ට නෙළුවට ණය නෑ දිනේල්කයෝ !

    ReplyDelete
    Replies
    1. අයියෝ ........... මං ඉතිං එහෙමම නෑ ........... තිත් දෙකයි ඩී

      Delete
  23. ubala pera athmawa maara pinak karala tiyanawa bn..
    Hama maraalayakma set wenne ubalata..

    Eka atakin nelapu eke waradakuth na..
    Matath pennanna ba oya wage unwa..

    ReplyDelete
    Replies
    1. හැම එකෙකුටම පේන්න බෑ බං .......... ඇයි මේවගේ දේවල් මට වෙන්නේ කියලා හොයා ගත්තා ........ඊළඟ පෝස්ට් එක බලහංකෝ

      Delete
  24. ඇයි බං නපුංසකයන්ට ගහන්නේ. මේක හෝමොන ගැටලුවක්නේ. අතිශය මානුෂිය ප්‍රශ්නයක් මෙතැන ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. නොගහ බෑ අයියා ..........

      Delete
  25. මමත් ඔතන හිටියනං මං කරන්නේ අර අරෑගෙ නිකටෙන් අල්ලලා හොල්ලලා කන ටිකක් සැරේව වගේ අතගාන එක ;)

    උඹලගේ මුළු සෙට් එකටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කණ විතරක් නං මදි වේවි

      Delete
  26. හුටා දීලා නේද ඇටි හැලෙන්න..වාත වෙනකොට පව් උනත් වෙන මොනවා කරන්නද...

    ReplyDelete
    Replies
    1. ඒ කනේ බං කියන්නේ ......... එක්කො පාඩුවේ පැත්තකට වෙලා ඉන්නයි ....

      Delete
  27. යන මගුලක වාතයක් නොවී ගියානම් ඉවරයිනේ..වාත වෙනකොට ඉතින් නෙලලත් මදි....

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text