Social Icons

හොයමු බලමු

Tuesday, January 15, 2013

පාසල ගිණි තැබීම ( ඉස්කෝලේ කට් කරන්න නියම ප්ලෑන )



                    කොහේදෝ දුරක ඉදන් හඬලන කුකුලෙකුගේ සද්දෙ මොන තරං හයියෙන් ඇහුනත් , උදේ පාන්දර ආච්චි අම්මා හදන එල කිරි වීදුවේ සුවද නහය ගාවටම එනකන් ඇ‍‍ඳෙන් නැඟිටින්නේ කොහොමද ........

" මගෙ චූටි මැණික තාම දොයිද ........ නැගිටින් මයේ අම්මා ... ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේ ...... මෙන්න මං මාරි බිස්කට් පැකට් එකකුත් ගෙනාවා .... එන්නකෝ තේ පොඟවලා සීනී ගාලා කවලා යන්ට ලෑස්ති කරන්න " 
                         උදේ පාන්දර නැගිටගෙන , පට්ට හීතලේ ගැහි ගැහි මීදුම අස්සෙන් , ඇලවේල්ල දිගේ සීරුවට ගිහින් නෝනා ආච්චිගේ කඩෙන් නේද දෙයියනේ මේ බිස්කට් ගේන්නේ කියලා හිතට එනකොට  මාසයක් නිදිමරලා හිටියත් නැඟිටින් හිතෙනවා .
                                             තාම අවුරුදු පහේ පොඩි කොල්ලා උනාට එහෙම දෙයක් තේරුං ගන්න බැරි තරං බින්දුවේ මානසික මට්ටමක් මට තිබුනේ නෑ ...... ඔව්, ඒ මම තමයි, මීට අවුරුදු 15කට කලින් මගේ ගමේ ඉද්දි ආච්චි අම්මා මාව ඉස්කෝලෙ යන්න නැගිට්ටවෙව්වේ ඔන්න ඔහොමයි .
නාවලපිටියට බොහෝම ලඟින් තිබුන , වචනෙන් විස්තර කරන් බැරි තරමට ලස්සන ගමකලු මේ කළු කොල්ලා හිටියේ . මොණර කොල සිය ගනන් වියදන් කරගෙන , සීතලේ සැප ගන්න එන මහත්තුරුන්ට ඉරිසියාවේ පැලෙන්න හිතෙන තරමට ගමේ ගෙවුන මගේ ජීවිතේ ලස්සන වුනා.
                                    ඇස්දෙකත් බාගෙට පියාගෙන නින්දෙන්ම වගේ බිස්කට් පැකට් එකම කන්නේ, ආච්චි අම්මගේ ඇඟිල්ලකුත් දෙතුන් පාරක්ම හපන්න අමතක කරන්නේ නැතුවයි.  බොන ලිඳ ගාවට ගිහින්  තියෙන සීතල නිසාම හොරාට මූන කට හෝදන් හදන මාව අල්ලගෙන බලෙන්ම වගේ හොඳට සබන් ගාලා මුලු ඇඟම හෝදලා ලිප ගාවට එක්ක ගිහින් , ආච්චි අම්මාගේ අත්දෙක ලිපේ ගිනි රස්නෙන් රත් කරලා මගේ මූනේ තියන්නේ  හීතල අඩු කරන් හිතාගෙන. 
කරන්ට් එක තිබුනේ නැත්තං පොල්කටු අඟුරු ස්ත්‍රීක්කෙන් හරි කිසිම රැල්ලක් හිටින්නේ නැතිවෙන්න ඇඳුම මැදලා දෙනවා .
                                                        නිල්පාට කොට කලිසමයි ,සුදු පා‍ට අත්කොට කමිසෙයි, කලු සපත්තු දෙකට සුදු මේස් කෙකුත් දාගෙන බොකුටු කොන්ඩෙත් පිරගෙන බෑග් කට්ටයි  එල්ලගෙන, සීයා පප්පිගේ බයික් එකට නගින්නේ බොහෝම සීරුවට .ඒ වෙන මොනවත් නිසා නෙවෙයි , බයික් එකේ යකඩ කෑල්ලක් ඇගේ ගෑවුනොත් මහ හයියෙන්  කෑගැස්සෙන තරමට සීතල නිසයි..... 
එක කික් එකෙන් ස්ටාට් වෙන හොන්ඩා බයික් එකේ තෙල් ටැංකියට උඩින් තියපු කොට්ටේ උඩට වෙලා බෑග් එකත් තුරුල් කරන්  පප්පිගේ  බඩට මගේ පිට තියාගෙන තවත් තුරුල් වෙන්නේ ඇයි කියලා කියන්න ඔනේ නෑනේ . 
එතන ඉදන් පටන් ගන්න  ගමන , මීදුම පිරිලා ගියපු  කඳු මිටියාවත් තේවතු මැදින් ගිහින් සීතල අමතක වෙලා යන තරං ලස්සනට ඉර ‍එලිය /ගස් අතරින් ‍‍බේරිලා එනවිදිහත් දැක්කට පස්සේ තමයි ....... උඩහේන්තැන්න මද්‍යමහා විද්‍යාලයට එන්නේ ............
" මං යනවා පප්පී " 
" හ්ම් ........ අද දවල්ට එන්නේ මං " 
                                               පප්පි කොහොමත් වැඩි ‍කථා බහ නෑ .... ඒ උනාට මහාමෙරක් වගේ ආදරක් මගේ ගැන ඒ හිතේ තියෙනවා කියලා මං දන්නවා . ආච්චි අම්මට මොනතරං ආදරේ උනත් මං නිදාගත්තේ පප්පි ගාව , එයාටත් මං නැතුව නින්ද යන්නේ නෑ කියලා ආච්චි අම්මා අනන්තවත් , අනිත් ගමේ ගෑනු උන්දලා ගෙදරට ආවාම කියනවා මං අහගෙන.
            සම්පූරණ කන්දක් පුරාවටම ඉස්කෝලේ පැතිරිලා තියෙනවා .... කන්ද මුදුනටම වෙන්න කපපු ලස්සන තණකොල පිට්ටනියක් මැද්දට වෙන්න පිහිටලා තියෙන අපේ ඉස්කෝලේ ප්‍රාථමික අංශය තරං ලස්සන ප්‍රාථමිකයක් මේවෙනකන් මගේ ඇස් දෙකට අහුවෙලා නෑ ....... පිට්ටනියේ එක පැත්තකට වෙන්න මානා පදුරු  වලින් වැහිලා ගියපු  ෆයිනස් කැලයක් ..... බොහෝම සරුවට හැදුන මානා පදුරු ඉස්කෝලේ ප්‍රාථමියේ තිබුන එකම බිල්ඩිම එක පැත්තකින් වහගෙන තිබුනේ සුරංගනා කථාවල තියෙන විදිහේ ගෙයක් ඇස් ඉස්සරහාම බොහෝම අපුරුවට මවන ගමන්.
ෆයින් කැලේ මායිමට වෙන්න තිබුනේ දකින හැම වෙලාවකම  පරණ බලකොටුවක් මතක් කරන  ගරා වැඩිච්ච ගොඩනැගිල්ලක් .... කබොක් ගල් වලින් හදලා සමර ගාලා කාලයක් බොහෝම අපූරුවට තියෙන්න ඇති කියලා හිතන්න පුලුවන් ගොඩනැගිල්ලේ වහලේ  වගේම සමහර  බිත්තිත්  ගැලවිලා ගිහින් .
                         ගොඩනැගිල්ලත් එක්කම නියර දෙකේ පුරන් කුඹුරකුත්  ඒ මැද්දෙන් උදේ ඉර එලියට දිලිසි දිලිසී ගලාගෙන යන ගැඹුක් නැති දියපාරකුත් අපේ ඉස්කෝලේ එලිය වැඩි කලා .  
                               හැමදාමත් වගේ එදත් මං ඉස්කෝලේට ගියපු ගමන් දුවගෙන ගියේ ඔන්න ඔය කියන වතුර පාර ළඟට වෙලා රාස්ස කන්දට උඩින් ඉරපායන ලස්සන බලන්න මං එනකන් බලාගෙන ඉන්න තිසුරිව හොයාගෙන . අපි දෙන්න අතරේ තිබුනේ පුදුමාකාර බැදීමක් , එහෙම එකක් ඇතිවුනේ කොහොමද කියලා මං අදටත් දන්නේ නෑ . .......                     
                             හැමදාම  මං එන කං දිය පාර ගාව තිබුන ගල්පොත්ත උඩට වෙලා හිනා කට නැති උනහම මං දවස ගෙව්වේ නිකන් මැරිච්ච එකෙක් ගානට. 
                                       වෙනදා වගේම හිනා වෙච්ච කෙලි පැටික්කිව බලන්න හිතාගෙන ගල්පොත්ත උඩට දුවපු මට එදා දකින්න ලැබුනේ  මුලු ලෝකෙම කඩාගෙන වැටුනා කියලා හිතෙන තරමේ දෙයක් ....... සුදු ගවුම ඇදගෙන සුදු සපත්තු දෙකට සුදු මේස් දාගෙන කොණ්ඩේ කරල් දෙකට ගොතලා රතුපාට පීත්ත පටි දෙකකින බැදගෙන  ගල උඩට වෙලා අඩ අඩ හිටපු කෙලි පැටික්කියක් .
" ඇයි ........... ? ??? අනේ ඇයි අඬන්නේ කියන්නකෝ " මං හෙමීට හෙමීට ලඟට ගිහින් ඇහුවා .
" අර මානා පඳුර ........ ඊහීහීහීහීහීහී.......... "
" ඉතින් ? "
" ඒකෙ හිටපු මොකෙක්ද එකෙක් මගේ අත කෑවා ......මේ බලන්ටකෝ "  වෙරලු ගෙඩියක් වගෙ ඉදිමිච්ච තැනක් පෙන්න පෙන්න කෙල්ල අඩනවා.මටත් ඇ‍ඬෙන්න ගත්තා.
" යමුකෝ ගිහින් ටීචර්ට පෙන්නමු ........... " 
                             අත්වලින් අල්ලගෙන ටීචර් හොයන්න දෙන්නත් එක්ක දිව්වේ දෙන්නම අඬන ගමන්. අපේ ෆෙන්ඩ් ශිප් එක ගැන දන්න නිසාම ටීචරුත් මොනවත් කියන්න නැතුව හිනා වේගෙනම මොන මොනවද ජාතියක් අර ඉදිමිලා තිබුන අතේ ගෑවා .  
කෙල්ලගේ වේදනාව අඩු වුනාට මගේ වේදනාව අඩු වුනේ නෑ ....... මට දැන් මානා පඳුරු ටිකත් එක්ක මාර තරහයි .කොහොම හරි මේ ටික ඉවරයක් කරන්න ඔනේ!!
                                 ගෙදර ගියපු මං අනිත්දවසේ ‍ඉස්කෝලෙට ආවේ ආච්චි අම්මාගේ ලිප ගාව තිබුන පොල් ලෙලි දෙක තුනකට ලාම්පුතෙල් පොඟවගෙන බෑග් එකේ හොරෙන් ඔබාගෙනයි ........ගිනි පෙට්ටියෙන් ගිනි කූරු ගහන්න නොතේරෙන නිසා පප්පිගේ ලයිටරෙත් උස්සන්න අමතක කලේ නෑ.
වෙනදා ගල්වල ගාවට දුවන මං එදා පොල්ලෙලි මල්ලත් උස්සගෙන දිව්වේ ෆයිනස් කැලෑව කෙලවරට . එතනින් තමයි මානා කැලේ පටන් ඇරන් තිබුනේ ...... ආය කවදාවත් කාටවත් කරදර කරන්න බැරි වෙන්න කිලයා හිතාගෙන පොල්ලෙලිවලට ගිනි තියපු මං ඒ ටික මානා කැලේට විසිකලා .......
ආච්චි අම්මගේ ලිප වගේ සීරුවට ඇවිලිලා ඉවරවෙලි කියලා හිතපු මගේ අනුමානේ වැරදුනේ මටත් වඩා උස ගිනි දලු මවාගෙන මාන පිච්චෙන්න ගත්තහමයි........
පොඩ්ඩක් නෙවෙයි ‍හුඟක් බයවුනා ....... ගින්න පැතිරිලා යන්නේ ඉස්කෝලෝ ගොඩනැගිල්ල දිහාටයි ......
කෑගහගෙන පන්තියට ගියපු මං ,
" ටීචර් ......... අන්න කවුදෝ මානා කැලේට ගිනිතියලා ......" කියල  අඩන්න ගත්තා .මං එන්නේ නෑ කියලා හිතලා තනියෙන් ඉර පායනව බලපු  තිසුරි මානා කැලේ ගින්න නිසා එන්න බැරිව දිය පාර ගාව තනිවෙලා ....... 
පන්තියේ වහ‍ලෙත් ටිකක් විතර පිච්චෙනකන්ම ගින්න නිවන්න බැරි උනා .......අන්තිමට ඉස්කෝලේ ලොකු අයියලා අක්කලා එකතු වුනේ නැත්තං  ප්‍රාථමිකේ ආයෙත් මුල ඉදලා හදන්න වෙනවා . ගිනි තියපු එකා හොයන්නයි ආයෙ වහලෙ හදන්නයි අපිට දවස් 3ක් නිවාඩු දුන්නා ...... 
කවුරු නොදැන හිටියත් කැලේට ගිනි තිබ්බේ මං කියලා ටීචර්ට තේරුන නිසා වෙන්න ඇති ඉස්කෝලේ පටන් ගත්තදවසේ මගේ ගාවට ඇවිත් , 

" දැන් ඉතින් ඒ පඳුරු වලට  තිසුරිට මොනවත් කරන්න බෑ නේද ! " කියලා ඇහු‍වේ


එක වසරේ ගෙවපු ඒ සුන්දර ජීවිතයට වගේම ගමේ ජීවිතයටත් ආයුබෝවන් කියලා දෙකවසරට මං අම්මලා තාත්තලා එක්ක කොළඔ ඉස්කෝලෙට ගියාලු



 විශේෂ - මේ කොටස ලියන්නේ තිසුරි කියන අන්වර්ථ නාමයේන් මං හදුන්වපු ඒ ආදරනීය කෙල්ලට.................      අපි දෙන්නත් එක්ක අවුරුද්දක් පුරාවට ගතකරපු ඒ ලස්සන කාලේ එකම එක දවසක්වත් මේ අවුරුදු 15 ක කාලෙයක් වෙලත් මට කවදාවත් අමතක නෑ.............. ඔයාටත් එහෙම්ම වෙන්න ඇති , තාමත් ඉන්නේ මං එදා දැන අඳුරගත්තු කෙල්ල නං ඔයාට අමතක නෑ කියලා මං දන්නවා . කවද හරි දවසක මේ බ්ලොග් පෝස්ට් එක කියවන්න ලැබුනොත් අමතක  කරන්නේ නැතිව ඔයාගේ හරි නමින් කොමෙන්ට් එකක් දාන්න , තව එකපාරක් ඔය මූණ බලාගන්න ආසයි වගේ ....


ප.ලි - ඉස්කෝලෙට වැරදීමකින් හරි ගිනි තියපු කොල්ලෙක් ඩෝ.......... චාටර් නේ !!

37 comments:

  1. ළමා කාලේ අපිට හිටපු එහෙම සුන්දර යාලුවෝ නම් ජීවිතේටම මතක හිටිනවා තමයි...ඒත් එයාලට අපිව මතක ඇතිද....???

    ReplyDelete
    Replies
    1. හෑ...මං එක නේ....:P

      Delete
    2. ඔවු ඔවු ........එකලු ........... අමතක නැතුව ඇති කියලා හිතනවා බං .... එහෙම අමතක කරන්න පුලුවන් නම් වැඩකුත් නෑ

      Delete
  2. හෆ්ෆටසිලි කිව්වාලු!!! :O පොඩි කාලෙම මේක කරලා තියෙන්නෙ මාර වැඩනෙ... හැබැයි ඒ වගේ පැත්තක චුට්ටි ඉස්කෝලෙකට යන්න තිබ්බානම් හොදයි කියලා මට හිතුනා මේක කියවද්දි!!! :)

    දැන් ඔය ගෑනු ළමය මේක කියවයිද?

    ReplyDelete
    Replies
    1. කියවයි සමහරවිට .......... දැන් ඉතින් ඒ පැත්තත් දියුනුයිනේ ..... වෙනදා දවසට එකපාරක් ගමට ආව බස් එක දැන් දවසට දෙපාරක්ම එනවා ........ තිත් දෙකයි ඩී

      Delete
  3. චූටි දිනෙල්ක අයියා මාරයිනෙ ඇ, මම නම් ඉස්සර ඔය වගේ හීන දකිනවා, ඉස්කෝලේ යන්න බෑ කියලා හිතුනම, අනේ කවුරු හරි බෝමබයක්වත් ගහනවනම් කියලා :D

    //එතන ඉදන් පටන් ගන්න ගමන , මීදුම පිරිලා ගියපු කඳු මිටියාවත් තේවතු මැදින් ගිහින් සීතල අමතක වෙලා යන තරං ලස්සනට ඉර ‍එලිය /ගස් අතරින් ‍‍බේරිලා එනවිදිහත් දැක්කට පස්සේ තමයි// මේ ටික කියවද්දි නම් ඉරිසියා හිතුනා.. :/

    ReplyDelete
    Replies
    1. ඊළඟ ආත්මෙ වත් එහෙම ඉස්කෝලෙකට යන්න පින් කොරන්ට ......... තිත් දෙකයි ඩී .......... ඔය කිව්වට වඩා ලස්සනයි

      Delete
  4. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ ඕකටමනේ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ............... ඩී

      Delete
  5. මේ ළඟදි මගේ මොන්ටිසෝරි යාලුවෙක් බැන්දා.. ඒ යකාගේ වෙඩින් එකට ගියාම මූ කෑවා බං මගේ ජාතකේම... අයියෝ... මට ලැජ්ජාවේ පණ නෑ... වෙන මොකක්වත් නෙවෙයි.. මායි අපේ මොහොමඩ් කාරයයි හොරෙන් කොන්වන්ට් එකේ ජෑම් ගහකට බඩගාලා , ජෑම් කකා ඉඳලා බෙල් එකට කලබල වෙලා, ගහෙන් පැනලා දුවන්න ගිහින්, එකා පිට එකා වැටිලා දණිස් කඩා ගත්ත හැටි සබාව මැද්දෙම අතෑරියා මේකා.. හි හි

    අම්මපා මාත් ලැජ්ජාව තියලා ඇතිවෙන්න හිනා උනා බං.. ඒ කාලේ නොදන්න කමට උනත් කරපුවා, කියපුවා මාර අවංකයි... අර ටීචර් කොහෙද කියලත් හොයල බලපං පුළුවන් නමි.. කොච්චර දුරට ළමයින්ව තේරුම් ගත්ත ටීචර් කෙනෙක්ද...

    ReplyDelete
    Replies
    1. ටීචර් දැනට අවුරුදු 4කට කලින් නැති උනා අක්කේ ........... මට යන්න උනේ නෑ ....ඒකට ගියා නං සමහර විට අරයවත් හම්බවෙන්න තිබුනා

      Delete
  6. පොඩිම කාලෙනං මට කෙල්ලො අරහං බං..
    අල්ලපු ගෙදර මධුෂානි අක්කා එකම එක දවසයි මාත් එක්ක සෙල්ලං කරන්න ආවේ මං දුන්නා කොස්සෙං අද වෙනකං මාත් එක්ක එක වචනයක් කතා කරලා නෑ...
    ආච්චම්මයි සීයතාත්තයි ගැන ඉතිං අමුතුවෙං කියන්න ඕන්නෑ...
    ඒ වගේ ඩබලක් මටත් ඉන්නවා..
    මං ප්‍රාර්ථනා කරන්නේ ඒ දෙන්නා මැරෙන්න කලිං මාව මැරිලා පලයං කියලා..
    මොකද ඒ දෙන්නා නැතුව මට හිතාගන්න බෑ මං කොහොම ජීවත් වෙයිද කියලා...

    පෝස්ට් එක සිරා...

    ReplyDelete
    Replies
    1. ආච්චි අම්මයි සීයයි ගැන නං මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි .... !!!!!
      පොඩ් කාලේ අවුලක් නෑ !! දැන් කෙල්ලෝ අරහං නැහැනේ නේද .... එහෙම නං උඹට තේරෙනවනේ මං කියන්න හදන්නේ මොකද්ද කියලා ....
      තිත් දෙකයි ඩී

      Delete
  7. හි හි දඟයා....................... ! මාර විදිහට හිතට වැදුනා හැබැයි පොස්ට් එක ! මාවත් පුංචි කාලෙට ගියා ..හැමෝටම වගේ පුංචි කාලේ ඔය වගේ යාලුවෙක් ඉන්නවනේ .. මටත් හිටියා යාලුවෙක් සංජය කියල ..අන්තිමට අපේ අය්යායි මල්ලියි දෙන්නම රණ්ඩු වෙනකොට ඒ නම කියලා මාව අවුස්සනවා ..හික් !එයා ශිෂ්‍යත්වෙන් පස්සේ වෙන ඉස්කෝලෙකට ගියා ..නමුත් උ./පෙ කරද්දී අපි 2 නා ආයෙත් එකම ඉස්කොලෙකදී හම්බුනා .ඒ වුනාට ඒකා කෙල්ලෙක් එක්ක කතා කරන්නේ නැති තරමට වෙනස් වෙලා තිබුණා .මාව අඳුනනවා වුනත් ඒකා කතාකරේ නෑ ..
    :D

    ReplyDelete
    Replies
    1. මෙයත් මාව දැකලා කථා නොකර යයි ද දන්නේ නෑ නේද ....... අනේ ..... එහෙම උනොත්

      Delete
  8. හිතට වැදුනා පෝස්ටුව..
    ඉරිසියා හිතෙන තරමට ලස්සන අතීතයක්.(එහෙම කිව්වාට ඉරිසියා කරන් නෑ හොදේ).. ඒ තිසුරි මේ පෝස්ටුව කියවත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
    කමෙන්ටු දාපු යාළුවොත් මරු වැඩ තමයි කරලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මගේ වයසේ ඉන්න හුඟ දෙනෙකුට ලැබුන නැති විදිහේ පාසල් කාලයක් මට තියෙනවා ........ ඉස්කෝලෙ කාලේ කරන්න තිබුන හැම මඟුලක්ම කලා ... කෙල්ලෙක් සෙට් කරගන්න එක හැර.... ඒක නොකලේ බොරුවට ආදරේ කරන්න හිත දෙන්නේ නැති නිසා .....
      බොහෝම ස්තූති ..........

      Delete
  9. හප්පේ වයසටද වැඩ :D මරුවට ලියල තියෙනවා. ඔය කාලේ දවසක් ගානෙ මතක් කරන්න දේවල් තියෙනව නේද!

    ReplyDelete
    Replies
    1. ඒ ගෙවපු ජීවිතේ එක දවසක්වත් අමතක වෙන්නේ නෑනේ !!!! තිත් දෙකයි ඩී

      Delete
  10. හප්පට සිරි.. මෙන්න කඩාකප්පල් කාරයෙක් :)
    පුංචි කාලේ ඇතිවෙන බැඳීම් හිතේ ගැඹුරක හැමදාම තියනවා බං..

    ReplyDelete
    Replies
    1. බලහං උඔලා ඔ‍හොම කිව්වට මං කරපු දේ ‍නිසා අපේ කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙකුට දවස් තුනක් නිවාඩු ලැබුනද කියලා ..... දන්නව නම් උන් පින්දෙයි .....:):):)
      පුංච් කාලේ ගැන උඹ කියපු කථාව ඇත්ත බං ... ලොකු වෙනකොටත් උන් වෙනස් නොවී ඉන්නව නම් කොච්චර ලොකු දෙයක්ද නේද :):) ඩී

      Delete
  11. හප්පටසිරි...මූ කරලා තියෙන වැඩක්.... හපොයි..... මාර කොල්ලෙක්නේ ඔයා....හික්....
    මටත් මාර ඉලිසියාවක් ආව අප්පා ඔයයි එක්ක....ඇයි වදේ ඔච්චර ලස්සන පරිසරයක ජිවත් වුනා කිව්වම.....
    ඊට පස්සෙම තිසුරිව හම්බ වුනේ නැද්ද? අයියෝ හොයල බලන්න එපැයි ඔය වගේ යාළුවෙක්ව....එයාටත් ඔයාව මතක් වෙනවා ඇති. එයා වෙනුවෙන් ඉස්කෝලේ ගිනි තිබ්බ කොලුවනේ :p
    තිසුරිව ඉක්මනින්ම හම්බ වෙන්න කියල පතනවා මලේ!

    ReplyDelete
    Replies
    1. හොයන්න වුනේ නෑ අක්කියෝ ......... ගමේ ගිහාම යන් එන තැන් ගෙදරට වාර්ථා කරලා යන්න ඔනේවුනානේ ...... හැබැයි මේ නිවාඩුවට ගිහාම නං හොයනවා මයි

      Delete
  12. කතාව ලියල තියෙන විදියටනම් මැවිල පේනව.....:)

    බ්ලොග් ගඩොල් ලියන පුරු පුරු අයියගෙ කතාව වගේ වෙයිද දන්නෑ නේද අයියො.....??

    ReplyDelete
    Replies
    1. එයා දැන් බැඳලද දන්නෙත් නෑ ....ඒ පැති වල කෙල්ලෝ හුඟක් වයසට යනකන් ඉන්නේ නෑ බඳින්න .... සීතලයිනේ .... තිත් දෙකයි ඩී ...
      හැබැයි එහෙම උනොත් මරු නේද ... ඩී

      Delete
  13. පොඩි උනාට සෙල්ලම් බඩුවක් නෙමෙයිනෙ බලාගෙන ගියාම..

    ReplyDelete
    Replies
    1. මං කවදාවත් සූප්පුවෙන් කිරි බීලා නෑලු ........

      Delete
  14. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. උඹ මේ කොමෙන්ට් එකම තව තැන් දෙක තුනකම දාලා ගිහින් තිබුනා ...නේද ?

      Delete
  15. ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කළින්ම මූ අණ්ඩපාලයනෙ :P

    ReplyDelete
    Replies
    1. මොන හිතකින්ද අප්පා එහෙම කිව්වේ .......... තිත් දෙකයි ඩී

      Delete
  16. ඉතිං ඇයි උඹට කෙලින්ම ගමට ගිහිල්ලා හම්බවෙන්න බැරි ඔය කෙල්ලව?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  17. අම්මෝ මේකා නම් :)ඒ ගැහැණු දරුවා මේ අසරණ පුබ්බා ගේ ලිපිය වැයවූ මෙගා බයිට පිලිබඳ වත් සලකා කියවනු මැනවි

    ReplyDelete
  18. yako me post eka mata miss welane. Kammelikamata kiyawanna deyak hoyagena yanakota dakke.

    Monawa unath umba podi kaale indan sema rogiyek kiyala penawa. Kawada hari e gellamaya hambuweewaaaaaa.

    ReplyDelete
  19. නියම කතාව..පොඩිකමට කරල තියන දගවැඩ...

    ReplyDelete
  20. දිනෙල්ක දෙකේ කණුවේ හරි ඊට කිට්ටුවෙන් හරිද? නැත්තං පත්තුනුපිටිය දිහාවේද? දෙකේ කණුව කිට්ටුව නම් ඉතිං තාමත් උදේට හරිම ලස්සනයි, සනීපයි.

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

වෙලාව කියන්නේ අපි හැමෝටම හුගක් වැදගත් දෙයක් , ඒනිසා කොමෙන්ට් නොකලා කියලා මගේ කිසිම තරහක් නෑ !

 

Sample text

Sample Text

Sample Text