Social Icons

හොයමු බලමු

Wednesday, April 17, 2013

( ලාවට 18 + ) ඔය නෝනයි මහත්තයයි ඉස්සරහට ගිහින් ඕක කරගන්නවද ........ ( බස් + කෝච්චියේ ගම්පහට ආතල් - 01 )




( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ .....හරි ........... ඔන්න නොකිව්වයි කියන්න එපා ඇ ........ පස්සේ අපිට බනින්න ඔට්ටු නෑ ) 
                                      ඉතිං අපි දෙන්නත් එක්ක ඒ ලස්සනම ලස්සන සුදු කඟවේනාගේ පිටේ නැගලා , කඳු අස්සෙන් හොරෙන් හොරෙන් ඉර එබිකම් කරන ‍ඉරෙන් පෙරිලා එන රැස් විඳින ගමන් , දුඹුරු පාට ගල් අල්ලපු අපිටම හදපු පාරේ , බලන් ඉන්න අයට ඉරිසියා හිතෙන තරං ලස්සනට යන්න ගත්තා .  

                            හුඟාක් ඈත ඉදන් ........ හුඟාක්ම ඈත ඉදන් ....කඳු අතරෙ වැවිලා තියෙන සුවඳ මල් වල සුවඳත් අරන් එන හුළඟට ඔයා ඇඳන් ඉන්න සුඳුපාට සේද ගවුම ඒ මේ අතට පැද්දෙන්නේ මගේ ඇස්දෙක ඒ දිහා නොබලා ඉන්න බැරි තරමටම අලව ගන්න ගමනුයි . එත් එක පාරටම අහසෙන් මොකද්දෝ එකක් අපි දෙන්න අතරට කඩාගෙන වැටුනා .........අනේ ඔයා පේන්නේ නැතුව ගියා ....
" අයියේයේයේයේ .................... නැගිටින්නේ නැද්ද ......... " ‍කඩ‍ගෙන වැටුනේ මොකද්ද කියලා පැහැදිලී .දුවගෙන ආපු වේගෙන්ම ඇඟට පැනපු නංගියා හින්දා යස අගේට බල බල හිටපු හීනේ කෑලිවලට කැඩිලා ගියා විතරක් නෙවෙයි අත පයත් කැඩිලා ගියාද කොහෙද ........  
" මොන වදයක් ද ......... යනවකෝ යන්න ........ අද සෙනසුරදා "
" ඒක තමයි ........ මාව ක්ලාස් එක්ක යන්න වෙන්න ඔයාට , තාත්තට ඩියුටියක් වැටිලා "
" මොකක් " උදේ පාන්දරම මාරාලයක් සෙට් වෙන්නයි යන්නේ .......කඩේ යන එකයි ඇඳුං ගන්න යන එකයි ඇරුනාම මං අකමැතිම අනිත් වැඩේ තමයි නංගිව ක්ලාස් එක්ක යන එක . ඒත් ඉතිං දැන් මොනවා කරන්නද ..... තාත්ත නෑ කියන්නේ මට  යන්නම වෙනවා කියන එක තමයි .
" කීයටද තියෙන්නේ ?" 
" 10ට !!!! 9ට විතර මෙහෙන් ගිහාම ඇති ! " 
" හැ .......... නවයට යන එකට මොන කෙහෙම් මලටද මැට්ටියේ  මේ මහ පාන්දර ඇහැරව්වේ  "
" මොන පාන්දරද !!!! දැන් 6යිනේ , දැන් මිනිස්සු නැගිටින වෙලාව "
" ඒ වෙන මිනිස්සුනේ , මට හොඳට‍ම නින්ද යන්නේ 6ට ,දැන් යනවද වද නොදී !!! "
" ලෑස්ති වෙලා ඉන්න ඇ 9 වෙනකොට " ඇති යන්තං ගියා . තව පැයක් හමාරක් නිදා ගන්න පුලුවන් වෙයි දැන් . අර හීනේ ඉතුරු ටික පෙනුනොත් ලොකු දෙයක් .
 """" උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම් ......... බිස්කට් කුඩු බිස්කට් කුඩු .......... ( හින්දි සින්දුවක් ) """" 

                            මොන බම්මුවක්ද මන්දා ..... ෆෝන් එක රිං වෙනවා . මෝලා ඊස් කෝලින් කියලා ලොකුවට ස්ක්‍රීන් එකේ වැටිලා තියෙනවා .
" හෙ.........ලෝ" 
" ඒ උඹ බුදිද ........... "
"ඈ..... යකෝ  මේ පාන්දර තෝ කෝල් එක ගත්තේ මං බුදිද බලන්නද ? ‍තොට මෝලා කියලා කාඩ් එක දාපු එකාට මාර්ග ඵල ලැබෙන්න ඕනේ යකෝ !!!! ඔවු ඔවු මං බුදි ......... දැන් ෆෝන් එක තියපං "
" පිස්සුද යකෝ ......... ඔහොම හිටපං ......... සමියගේ තාත්තට අමාරු වෙලා ඉස්‍පිරිතාලෙට ගෙනත් බං ...... අපි යන්න කියලා උඹ එනවනේ !! " 
"අම්මට සිරි !!!!! " මගේ නිදි මත කොහෙ ගිහාද මන්දා. කොටින්ම මෙච්චර වෙලා පෙරලි පෙරලි හිටපු මාව ඇදේ ඉන්ද උනා  ......               " අමාරුයිලුද බං ? මොනවද වෙලා තියෙන්නේ ?අනිවා අනිවා මං එනවා ....... කොහෙටද එන්න ඔනේ කියහංකෝ...... "
" ගම්පහනේ බං උංගෙ ගෙවල් .......... එහෙ ඉස්පිරිතාලෙට තමයි ඇතුල් කරලා තියෙන්නේ , හාට් ඇටෑක් එකක් ලු , ටිකක් සීරියස් කියල තමයි ආරංචිය ....... ලෙඩ්ඩු බලන්න දෙන්නේ දොලහටනේ නේද ? ඒ වෙලාවට ඉස්පිරිතාලේ ඉස්සරහට වරෙංකෝ "
" එල එල ........ මං වෙලාවට එතන ඇති "
" එහෙනං තිබ්බා "
" හරි "
ගිය පාර ගම්පහ ගියපු වෙලාවේ බඩ පැලෙන කං කෑවේ සමියලාගේ ගෙදරින්. ඒ වෙලාවනං උංගෙ තාත්තට ඉහෙං බහින ලෙඩක්  පේන්න තිබුනේ නෑ . කොහොම වෙතත් ගිහින්ම තමයි බලන්න වෙන්නේ . ඌ වගේ අති ජාත මිත්‍රයෙකුට කරදරයක් වෙච්ච වෙලාවක අපි නැත්තං වැඩක් නෑ .  .........
                         දැං ඉතිං දෙපාරක්ම නින්ද කැඩුන නිසා සිහි නැති වෙනං ගැහුවොත් මිසක් ආයෙ නින්ද යනනේ නං රෑට තමයි . අපරාදේ මගෙ හීනේ ...........
ඔහොම හිතා‍ගෙන නැගිටලා කාරිය කක්කුස්සිය පැත්තෙත් රවුමක් දාලා ඇඳුමත් ඇදන් ශේප් එකේ නවය වෙනකං ගේම් එකකුත් ගහලා .9ට නංගිත් එක්ක ගෙදරින් එලියට බැස්සා .......... 
                        අපි ඉතිං ඉන්නේ නිල නිවාස වලනේ .........  දොරෙන් එලියට අඩිය තියනකොටම එතන ඉස්සරහා නිදාගෙන හිටපු පූසෙක්ගෙ නැට්ට පෑගුනා කියපංකෝ ..... ඌ පාර හොයාගෙන කැලේ  දිව්වා ..... හැම රෙද්දටම හිනාවෙන නංගි ඒක දැකලා හිනා වෙන්න ගත්තා .  පූසෙක්ගෙ නැට්ට පෑගිච්ච එකේ හිනා වෙන් තියෙන්නේ මොකද් කියලා හිත හිතම ගිහින් බස් එකටත් නැග්ගා . 
නංගි ක්ලාස් එකට දාලා එලියට එනකොට වෙලාව 10ට විතර ඇති ...... දැං ඉතිං ගම්පහට තමයි ........  නුගේගොඩින් 176 බස් එකේ ඇවිත් තමයි මරදානෙන් ගම්පහ කෝච්චියට නගින එක තමයි ප්ලෑන වුනේ . 
නුගේගොඩ සුපර් මාර්කට් එක ගාව කොහි වෙලේ බැලුවත් ඉන්න සෙන‍ග ගොඩ අස්සේ තෙරපීගෙන කොහොමෙන් හරි 176කට ගොඩ උනා කියමුකෝ . සාමාන්‍යයෙන් මේ වෙලාවට වෙනද නං මේ තරං සෙනගක් නෑ ආතල් එකේ ඉඳගෙන යන්න පුලුවන් , ඒ උනාට අද පිරිලා ...... ඇයි දන්නේ නෑ ...... මගෙම වෙලාව වෙන්න ඇති . ඉස්සරහ දොරේ ‍‍ෆුට් බෝඩ් එකේ තැනක හිරවෙලා ඉන්න අතරේ බස්‍එක යන්න ගත්තා ....... 
                                     වෙනදා නැවත්තුවා මොකද අද නුගේගොඩ ලීඩ්ස් එක ගාව බස් එක  නැවත්තුවේ නෑ .... සෙනග නිසා වෙන් ඇති , එතන බහින්න හිටියෙත් දෙන්නයි ඒ දෙන්නට බහින්න බස් එක ලාවට වගේ ස්ලෝ කරලා ආ‍යේ අද්දන්න ගත්තා .. 
                                              හදිස්සියේම හෝල්ට් එකේ හිටපු අංකල් කා‍රයෙක් යන බස්එකට නගින්න හිතාගෙන වෙන්න ඇති පණ දාගෙන දුවගෙන එන්න ගත්තා ...... බස්එක යනවා ඒත් මිනිහා ගේම අත අරින්නේ නෑ , තවත් වේගෙන් දුවගෙන එනවා ......බස්‍එකට මීටර් දහයක් විතර පස්සෙන් බෑග් එකකුත් එල්ලන් දුවගෙන එන බුවෙක් ගැන හිතාගන්නකෝ ..... මිනිහා දැන් දුවගෙන එන්නේ බස් එකට නගින්න නෙවෙයි . දුවන්න පටන් ගද්දි හොල්ට් එකේ හිටපු උන් බලන් හිපු නිසා බස් එකට නැග්ගෙ නැත්තං චාටර් නිසා වෙන්න ඇති .  

" මොන මගුලක්ද මන්දා වෙන බස් නැතුව වගේ මේක පස්සෙංම දුවනවා . ඔය නාකියාට දුවලා දුවලා පපුවෙ අමාරුවක් හැදුනොත් මටත් පවු  "  

ඩ්‍රයිවර් අංකල්ටත් දුක හිතිල වෙන්න ඇති සයිඩ් කන්ණාඩියෙන් 
බලාගෙන ඉදලා බස් එක නැවත්තුවා.  
පුලුවන් උපරිම වේගෙන් දුවන් ආපු අ‍පේ කථා නායකයට බස් එකේ පිටිපස්සේ දොර ගාවදි බ්‍රේක් ගහන්න බැරි උනා ...... ඒතරං වේගේ .. දැන් මිනිහා පස්සේ දොර පහු කරලා ඉස්සරහා දොරට දුවනවා .... බස් එක ඇතුලේ හිටපු අපිට මේ සීන් එක හෙන ආතල් ...... ක්ලාස් ඇරිලා  යන කොල්ලො වගයකුත් බස් එක ඇතුලේ , උන්ටික අංකල්ට චියර් කරනවා

" බම්බුව , දොරෙන් දොරට මාරුවෙනවා ....... ගස් මාරු කියලා හිතුවද දන්නේ නෑ  "
එහෙම කියපු ඩ්‍රයිවර ගොයියා බස් එක පිකප් කරලා   යන්න ගත්තේ අපේ මැරතන් ශුරයා පාරේ පපුවත් අල්ලං බලාගෙන ඉද්දි . 
                රාජගිරියේ පල්ලිය ගාව බස් එක නැවත්තුවා ..
" වැලිකඩ යූසී බහින්න.......... වැලිකඩ යූසී බහින්න " කොන්දා කෑගහනවා . ඒ මදිවට මූ කෑගහන්නේ මගේ කණ ගාව ඉදන් , නොදකිං !!! .
" පුතේ රාජගිරිය නේද " කොහේදෝ හිටපු ආච්චි කෙනෙක්ගේ කටහඩ බස් එකේ මැද්දෙන් ඇහෙන්න ගත්තා ....
" ඔවු ඔවු බැහැගන්න ........ තාම ඉඳගෙනද මෙනවා කරනවාද අම්මේ නවත්න කංම ඉන්නවා දොරගාවට එන්න ......... බහින්නේ නැද්ද  ඔන්න අපි යනවා ඇ ...." කො‍න්දා කෑගහනවා 
" බහිනෝ බහිනෝ ....... "
" ඉක්මනට එන්න "
"  ඔය ඉතිං අද්දන්න එපා මොඩයෝ ....... මං බහිනවා බහිනවා ........ " ආච්චි මොර දෙන්න ගත්තේ බස්‍එකේ අපිට තවත් ආතල් එකක් දෙන ගමන් .
" කෝ අපි යන්නේ නෑ .... එන්න ඉක්මනට "
" ආහ් ගියේ නැද්ද ........... " හෙන කොට ආච්චි අම්මමෙක් ‍බොහොම අමාරුවෙන් සෙනග අස්සෙන් මතුවුනා ...... " එහෙනං අර ‍කොහෙද යක හපුටෙක් කෑගැහුවේ අපි යනවා කියලා ....... මං හිතුවේ ගියා කියලා "  කොණ්දට කට උත්තර නෑ .......
" ඒ හපුටා ...... හූ .......... " ‍ක්ලාස් ගිහින් එන කොල්ලෝ ටික කෑගහනවා.  කොන්දාට අම්බානක ෆලවර් ජම්ප් වෙලා හිටියේ. ඒ උනත් මොනව කියලා කරන්නද !!!! බුවා කට වහගෙන හිටියා .
 රාජ ගිරියෙදි හිටපු සෙනග ගොඩෙන් හුඟක් දෙනා බැහැලා ගියා . මේ වෙනකොට බස්එකේ මැද හරියට ඇවිත් හිටපු මං , හිස් වෙලා තියෙන පිටිම පස්සේ සීට් එකේ වාඩි උනා .
 ඔය අස්සේ තමයි ලාවට 18 + සීන් එකක් පටන් ගත්තේ . සෙනග අඩු වුනාට තාම හිටගෙන යන කට්ටිය ඉන්නවා .......... අවුරුදු 38ක් 39 විතර වෙන ඇන්ටි කෙනෙක් බස් එකේ මැද හරියට වෙන්න හිටන් ඉන්න අතරේ රාජගිරියෙන් බස් එකට නැගපු 45ක විතර අංකල් කෙනෙක් ගිහින් ඒ හරියෙන්ම හිට ගත්තා .....ඇන්ටිට වියත් 3ක් විතර දුරින් ඉඳන් ඇන්ටිට  බැල්ම දාන්න ගත්තා වැඩි වෙලාවක් ගියෙනෑ මූ ඒතන අත ඇරලා ඇන්ටිගේ පිටිපස්සට ගිහිං හෙමීට හේතුතු වුනා ............. පිටිපස්සෙම හිටපු මට දර්ශන පථය පැහැදිලී . අම්මපා ඉතිං මේ බැදපු උන් දෙන්නෙක්නේ නේද ..... කොල්ලෝ කෙල්ලො නං කමක් නෑ , පවු ආසාවනේ කිව්වහැකී ....ඒත් ඇයි යකෝ මෙහෙම වෙන්නේ ...... ඇන්ටි ගැන අම්බාන දුකයි .......
ඔය අස්සේ තමයි මේ සීන් එක කොන්දා දැක්කේ . මේ දෙන්නා හින්දා බස්‍එකේ මැදින් මොකෙකුටවත් ඉස්සරහට යන්න බෑ .....
" ඔය මහත්තයා ඉස්සරහට යනවද ........ බලන්නකෝ මැදින් කාටවත් යන්න බෑනේ ..... " ම්හ් ....... මිනිහගෙන් නෝ රිප්ලයි ..
" එහෙනං ඔය නෝන යනවද ඉස්සරහට ඔතන ඉන්න එක කරදරයනේ  .....අර ඉස්සරහ ඉඩ තියෙන්නේ "එක පාරක් විතරක් ඔලුව ලාවට හරවලා කොන්දා දිහා බලපු ඇන්ටි හෙන මනමාන හිනාවක් දාලා ආයේ ඉස්සරහා බලාගත්තා ........ 
අයියෝ සල්ලි ..... ඇන්ටිත් හෙන කැමත්තෙන් එතන ඉන්නේ ..... අපරාදෙ පවු කියලා හිතුවේ .............
ආච්චි කෙනෙක්ගෙන් චා වෙලාහිටපු කොන්දට මුන් දෙන්නම ඌව  ලාවටවත් මායිං නොකරපු එකට තවත් මල .
" මේ ඔය රතු සාරිය ඇදන් ඉන්න නොනයි එයා පස්සේ ඉන්න මහත්තයයි දෙන්න බස් එකේ ටිකක් ඉස්සරහට ගිහින් ජැක් එක ගහං ඉන්නවද පවු නොදී ........... "
 වහ කනව ඔයි ...........


 බස් + කෝච්චියේ ගම්පහට  ආතල්  - 02  බලා පොරොත්තුවන්න 

45 comments:

  1. බලාපන් මේ කොන්දා කරලා තියෙන අසමජ්ජාති වැඩේ????

    ReplyDelete
  2. හැ,, අම්මපා යන එක නිකම් යන්නැතුනව බොටත් වැඩ නෑනේ කොන්දා චාටර් වෙන එක බලන් ඉන්නෙත.

    ReplyDelete
    Replies
    1. අහල පහල වෙන දේ ගැන විමසිල්ලෙන් ඉන්න එපායෑ 

      Delete
  3. අන් අයගේ සැපතට ඉරිසියා නොකරන්න කියලා ගහලා තිබුණේ නැද්ද බස් එකේ...:P

    ReplyDelete
    Replies
    1. අනේ අපි නං දන්නේ නෑ ඕවා

      Delete
  4. ඉසොකොලේ යන කාලේ සීන් එකක් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඒ මොන දශකයේද අයියේ ? :D "D

      Delete
    2. සුදීකට මේවා කැත නැද්ද?

      Delete
    3. හැ ඒ මොකෑ ඒ

      Delete
  5. ඉතින් දෙන්නා ඉස්සරහට ගිහින් ජැක් එක ගහගත්තද?
    :P

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ හොඳම කොමෙන්ට් එක විදිහට මේක තේරෙන වගයි ...............
      :D:D

      Delete
  6. කොන්දගේ කතාවට ගහපු ජැක් එක ගැලවිලා යන්න ඇති...

    ReplyDelete
    Replies
    1. මොනව උනත් කොන්දා කලේ හෙන කැත වැඩේ බං :D:D:D

      Delete
  7. ඇයි බං අපි යන බස් වල මෙහෙම සීන් වෙන්නේ නැත්තේ..??

    ReplyDelete
    Replies
    1. දෙයියො තමයි ඕව දන්නේ අයි ඩෝන්ට් නෝ වයි :D:D;

      Delete
    2. @Pramudi : ඔච්චරම ආසනම් ටිකක් වටපිට බැලුවොත් අංකල් කෙනෙක් සෙට් කරගන්න බැරිවෙන එකක් නැහැ

      Delete
  8. මට දුක හිතුනා ඕයි ආච්චි ගැන... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. චෑ චෑ කොන්ද කල වැඩේ කැතයි. අඩුගානෙ වයස ගැන හිතන්න තිබුන

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම කැත වැඩක් බවට එකඟ වෙමි

      Delete
    2. එතකොට bus එක මැද්දේ ජැක හොඳ වැඩක්? o.O

      Delete
    3. මං හිතන්නේ රාජ්ගෙ කොමෙන්ට් එක ආච්චි ගැන මිසක් ජැක් එක ගැන නෙවෙයි වෙන්න ඕනේ :) :)

      Delete
  10. බස් එක ඇතුලේ 10.30 දර්ශනය ප්‍රදර්ශනය නොකොට දෙන්නම කැමති නම් තිබුනෙ මරදානෙ බුහාරි එක හරියෙන් බැහැල පැයට රු.400/=ක් විතර දීල කාමරයක් අරගෙන රූපගත කිරීම කරන්න.

    ReplyDelete
    Replies
    1. අද්දැකීමෙන්දත් මන්දා :D:D:D:D නෑ නෑ ......... අපිනං දන්නේ නෑ ඕවා ...
      :D:D:D

      Delete
  11. ඕම සීන් එකක් මං බස් එකේ යනකොටත් උනා බං සීයා කෙනෙක්ට..
    දා ගන්න විදිහක් නැතුව ඉන්නේ...
    මගේ බ්ලොග අපේ තාත්තලගේ ඔපිස් එකේ උං කියෝනවා..
    චැහ්...

    ReplyDelete
  12. වැඩිහිටියොන්ට සලකන්නවත් දන්නෙ නැති හපුටෙක්.....

    ReplyDelete
  13. මේ අපේ බ්ලොග් ලියන සමියගේ තාත්තද බන්? මන් නිකමටවත් දන්නේ නැහැනේ :/

    ReplyDelete
  14. මලා... ජැක් එක බහින්න ඇති නේ කතාවට

    ReplyDelete
    Replies
    1. කථා කරලා වැඩක් නෑ ......... ඒ හින්දා කථා කරලා වැඩක් නෑ :D:D:D:D

      Delete
  15. ජැක් එක ඩිස්මැන්ටල් කරලා, රීලොකේට් කරලා, රීඅසෙම්බල් කරාම වැඩක් නැතුව ඇති නේ.


    අර ආච්චිගේ කතාවල් නම් එළ! :D

    ReplyDelete
    Replies
    1. දෙවනි පාර කොහොමත් එච්චර වැඩක් නෑ‍ලු‍......... අනික කොන්දගෙ ටෝකට අංකල්ට ගෙදර ගිහින් වත් වැඩේ කරගන්න බැරි විදිහට ......... ඉතිරි ටික හිතා ගන්නකෝ :D :D :D :D :D

      Delete
  16. හත්තිලවුවයි.......

    ReplyDelete
  17. ලොල් එපා වෙන්න ඇති උන් දෙන්නට

    ReplyDelete
  18. කොන්දගෙ අම්*#$@%^$#&*

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text