Social Icons

හොයමු බලමු

Friday, May 3, 2013

රාවනා සොයුරෝ කෝ !!!!!!!!!!!!!!!!!!


                             

                                               මේ වෙන කවරදාටත් වඩා අපිට උඹලව ඕනේ වෙන කාළේ බං . අවුරුදු කීපයකට කලිං ඇඟ  ඇතුලේ තියෙන නහරයක් නහරයක් ගානේ දුවන්නේ පිරිසිදු  සිංහල ලේ කියන එක උඹලා  අපිට මතක් කරලා දුන්නා . උඹලගේ හැම නිර්මානෙකින්ම අපි අපේ කම කියන එක දැක්කා . අපේ දේවල් ඇහෙද්දි හිතට දැනෙන හැඟීම උඹලා අපිට ආයෙමත් කියලා දුන්නා . 
            ඩීජේ සංගීතයට රෝල කැරකෙන රැප් , හිපොප් වගේ නෙවෙයි ..... ලේ ඇතුලටම කාවැදිලා නැටවෙන මට්ටමට අපේ බෙර සද්දේ ප්‍රභලයි කියලා උඹලා අපිට කියලා දුන්නා . ඇහෙන ඇහෙන හැම වෙලේම දැනෙන නිර්මාන බිහිකලා . ඒත් එක පාරටම උඹලට මොකද උනේ බං ........
දැං කෝ උඹලා ටික , අපේ රටට ජාතියට ආගමට කැපවෙන මිනිස්සු එකතු වෙන්න ඔනේ කාලයක් මේක. අපේ උන්ට දැනෙන විදිහට ඒ වැඩේ කරන්න පුලුවන් උඹලා වගේ උන්ට . ඒ නිසා ඉන්නව නං ඉන්න තැනකින් එලියට බහින්න දැං කාලේ හරි මචංලා .




රාවනා සහෝදරයන්ගේ නිර්මාණ කිපයක් බලලම යමුනේ,


                                                                                                                
දන්ඩණාථ වර 





රාවනා ගීතය 









සතන් සෙත්බිම




තවත් එකක් 




ඉතිහාසයේ දැවන්තම බ්ලොග් තරඟාවලිය විලක්කුවෙන් ............. ලඟදීම .
කෝකටත් කියලා ...... පෙර සූදානම තර‍ඟෙට ඉදිරිපත් වෙන්න හිතාගෙන ඉන්න හැමොටම හොදයි. ඉතිං ලෑස්ති වෙලා හිටපල්ලා 


27 comments:

  1. මේ ඊයෙ පෙරේදත් අලුතින් සිංදුවක් කලා... රාවණ සොයුරෝ නැති වෙලා නෑ.. ඉන්නවා. කාටවත් පෙනෙන්නේ නැති එකයි දුක... බුදු ගුණ ගීතය ඇතුලු මහසෙන් දැහැනේ ගීත කළේ ගිය අවුරුද්දේ. මහසෙන් දැහැන ලුම්බිණියේ දෙසැරයක්ම වේදිකාගතවෙන එක බලන්න ආපු අය දන්නවා ඒ දැනුනු හැඟීම ඒතරම් ප්‍රබලයි. රාවණ සොයුරෝ හි ඉන්න සහෝදර සහෝදරියන් අදත් පෙර සේ නොවෙනස්ව රට දැය සමය වෙනුවෙන් කැපවීම් කරන්නේ ඒ නිසා. ඒ හැමෝම අද ලොකු තැන්වල හිටියත් තමන්ගේ වෙහෙස මහන්සියෙන් උපයාගන්න දෙයින් ඕවා කරන්නේ කිසිවක් ආපසු බලාගෙන නොවෙයි කියන එකත් අපි දන්නවා. මුහුණු පොතෙත් යූ ටියුබ් එකෙත් මේ වීඩියෝ සහ පෝස්ට් දුටුවා. මමත් පුළුවන් හැම විටම ඒවාට සහයෝගය දක්වන්නේ ඒනිසා. ඔබ කියා තියෙන දේ හරියටම හරි මචං, ඒ වගේ හැඟීමක් තියෙන උන් අද නෑ. මුහුණු පොතේ හරි අන්තර්ජාලයේ හරි බොරුවට කෑ ගහන කෙරුමෝ කියන එවුන් හැබෑ ලෝකේදී තමන්ගේ රට දැය සමය වෙනුවෙන් කිසි දෙයක් නොකරපු උන්. රාවණ සොයුරෝ පෙරටත් වඩා අද ඕනෑ කරන්නේ එනිසා. කාගෙවත් හිත රිදෙන්න නෙමෙයි මං ලිව්වේ මේ ටික. ඔබ ලියූ මේ පෝස්ට් එක දැක්කම මටත් හිතුනෙම ඒ ටිකයි. ඒකාලේ කොච්චර නම් අපිව ඇහැරෙව්වද නිදන් උන්න මර නින්දෙන් මේ අය සමාජයේ සැබෑ ලෝකේ කරපු වැඩ වලින්. හෙන්‍ රි පේදිරිස් එකේ දහ අට සන්නිය, ටවර් හෝල් එකේ රාවණ දැහැන. ඊළඟට ලුම්බිණියේ මහසෙන් දැහැන ... මේ සේරම ඒ තරම් උසස් දෑ හිතකාමී නිර්මාණ. ඒ වගේම තමන්ගේ අතේ පිච්චිය වියදම් කරගෙන රට පුරා ඇවිදලා කැලෑ වල ආරණ්‍ය රැකගෙන ඉන්න අපේ හාමුදුරුවන්වහන්සේලා බැහැ දැකලා බතක් දානයක් උයාදෙන්න ඉන්න ඒවගේ උන් රැක ගන්න ඕනේ.රාවණ සොයුරෝ අගය දැනෙන්නේ එනිසා. උන් කවදාවත් ඉන්ටර්නෙට් එකේ බොරු වීරකම් පෙන්නුවේ නෑ. දැනෙන දේ හිතට වදින්න කලා.
    ඔය බොහොම කැත විදිහට අද වෙනකොට කාඩ්බෝඩ් බොරුකාරයෝ රොත්තක් කොහෙන්ද මන්දා ඉන්ටර්නෙට් එක පුරා ඉතිහාසය විනාශ කරමින් වසුරු හලමින් ඉන්නවා ෆේස් බුක් එකෙත් එහෙමයි. උන්ට පුළුවන් එච්චරයි. සමාවෙන්න ටිකක් සැරට ලියවුනා...

    ReplyDelete
    Replies
    1. අලුත් සින්දුව නං අහන්න බැරි උනා බං .......... කොහොම උනත් පටන් ගත්තු කාලේ වගේ වැඩි සද්දයක් බද්දයක් නැති එක ගැන නං දුකයි ......
      ඔහොම සද්ද නැතුව ඉදලා වැඩක්නෑ බ, වැඩක් කරන්න ඔනේ අර කලින් කාලේ වගේ

      Delete
  2. හ්ම්ම්. තර‍ඟේ ගැනත් කියාපංකෝ.

    ReplyDelete
    Replies
    1. හරි ලඟදීම කියන්නං මචං

      Delete
  3. තරහ වෙන්න එපා මෙහෙම අහනවට සිංහල ලේ කියන්නේ මොනවද? මම අහල තියෙන්නේ A,B,O, AB කියන රුධිර වර්ග ගැන විතරයි .
    නිර්මාණ ටික හොදයි රාවන සොයුරන්ගේ....

    ReplyDelete
    Replies
    1. මචං , උඹත් තරහ වෙන්න එපා මං ‍මේ වගේ උත්තරයක් දෙන එක ගැන ,
      උඹ දන්නවද දන්නේනෑ සිංහල කියලා ජාතියක් තියෙනවා කියලා . දන්නේනැත්තං පොඩ්ඩක් ග්ලූගල් සර්ච් පාරක් දාලා බලපංකෝ . උන්ගේ ඇ‍‍‍ඟේ දුවන ලේවලට තමයි සිංහල ලේ කියලා කියන්නේ .
      කවුරු හරි උඹට කිව්වොත් උඹ බූරුවෙක් කියලා උඹ පස්ස අතගාලා බලන්නේ නෑනේ නැට්ටක් තියෙනවද එහහෙ නැත්තං කං දෙක දික්වෙලද කියලා . ඒ ඌ උඹට කියලා තියෙන්නේ උඹ හිතලා මතලා යමක් නොකරන බවට සංඛේථයක් , එහෙම නැතුව උඹ බූරුවා කියන සතා කියලා නෙවෙයි . ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නෙත් ලංකාවේ ඉන්න සිංහල මිනිස්සුන්ගේ අගේ ‍තියෙන ලේ ගැන සංඛේතයක් තමයි දීලා තියෙන්නේ
      ලේ තියෙන්නේ A,B,O, AB විදිහට කියලා මං දන්නවා . උඹ හිතපං දැං මං ඔතන සිංහල ලේ කකියනව නොකියා ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ ඇ‍ඟේ තියෙන A,B,O, AB රුධීරයට දැනෙන කියලා කිව්වොත් කොහෙමට තියෙයිද කියලා .
      දැන් නිංක හිතපං මේ කොමෙන්ට් එකෙන් උඹ මොනතරං ගොනෙක් වුනාද කියලා , උඹේ තාත්තා එයාගේ යාළුවෙක් උඹව පෙන්නලා අර ඉන්න එකාගේ ඇගේ දුවන්නෙත් මගේ ලේ කියලා කිව්වොත් උඹ කියනවද නෑ නෑ මං එහෙම නෙවෙයි මොනවද ඔයාගේ ලේ කියන්නේ මගේ ඇඟ පුරාම තියෙන්නේ A,B,O, AB කියන ජාතිවලින් එකක් කියලා . උඹ එහෙම කියන්නේ නෑනේ නේද ?
      අනික තමයි උඹ ලංකාවේ සිංහල නං දැනගෙන හිටපං ගල් උලමෝ සිංහල ලේ කියලා දෙයක් තියෙනවා කියලා , සර්වජාතික ලේඅස්සේ ශිෂ්ඨාචාරය පටන් ගත්තු කාලේ ඉදන්ම වෙන ශිෂ්ඨාචාරවල ලේ එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව ආපු සිංහල ලේ කියලා ජාතියක් තියෙනවා කියලා .
      ඒ ලේ කකියනවා කියන්නේ මොකක් හරි වෙච්ච දෙයක් තදට දැනිලා ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ඔනේ කියන තැනට හිත එනවා කියන එකටයි . ඒ නිසා ගොනා උනාට කමක් නෑ ඒ දකින දකින තාප්පෙට අනින්නෙ නැතුව ඉදපං‍කෝ

      අවසානෙට පොඩි දෙයක් අහන්නද ? උඹට උගන්නපු හරක් උඹට ඉගැන්නුවේ මේ පහල තියෙන විදිහට නේද ?

      ‘උන් උඹලාගේ දරුවන්ට උගන්නාවී ජාතී, ආගම්, භාෂා භේදයක් එපාය කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්, බෝරාකාරයත් එකය කියලා. උන් කියාවී මේ රට උන් ඔක්කෝටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් සදාවී. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දීම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවරුන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කෙල්ලෝ කොල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.‘‘

      -අනගාරික ධර්මපාල-

      උඹ වගේ උන් බිහිවෙලා රට ජාතිය නැති කරනවා කියලා එතුමා දැක්ක බං . අනිත් එක තමයි කියන්න තියෙන්නේ .
      ජාතිය වෙනුවෙන් කට අරින්න බය එකා තමන්ගේ බිරිඳ තමන් ඉස්සරහා දූශණය වෙන තැනක් තිබුනොත් එතනදිත් කට වහගෙන ඉන්න එකෙක් කියලා .
      ආයෙ නාවත් කම් නෑ ඉතිං

      Delete
    2. ඔබගේ ඔය ප්‍රතිචාරය මා බලාපොරොත්තු වූවා.මා පිලිගන්නවා එය නාම මාත්‍රික යෙදුමක් පමණයි. ඒත් එය තුල ගබ්ව ඇති අතිශයෝක්තියයි මා විවෙචනය කලේ.රටක් ජාතියක් ආගමක් කියන්නේ මිනිස්සු හදාගත්ත සංකල්පමය දෙවල් විතරයි.මූලික විග්‍රහයෙදි අපි එක විදිහට හුස්මගන්න එකම රටාවකට ජාන සංයුතියක් තියෙන එකම විශේෂයක ජීවීන් පිරිසක් විතරයි.අපි අනිවාර්යයෙන් අපේ සංස්කෘතික වටිනකම් වලට ගරු කරන්න ඕන එවා අගයන්න ඔනා එත් එවට ඕනවට වඩා වහල් උනොත් අපිටම එවා බරක් වෙනවා.හරියට මගෙ කොමෙන්‍ටුවට ඔබට තරහ ගියා වගේ.ඔබ සංකල්ප වැලඳගන්නා තරමට සංකල්ප විසින් ඔබව ගිල ගන්නවා.ගල් යුගයෙ ඉදල මිනිස්සු වෙන වෙන කන්ඩායම් විදිහට දුරින් දුරීන් තමයි ජීවත් උනේ එක නිසා වෙන වෙන සංස්කෘතීන් අති උනා මිනිස්සු එකට ජීවත් උනොත් සංස්කෘතීන් එකට මුහු වෙලා නව සංස්කෘතියක් ඇති වෙනව.රාවන කියන්නේ විශ්වීය මිනිසෙක් ඒ මහා මිනිසා ජාතිවාදී රාමුවකට කො‍ටු කරන එක බොදුබල සෙනාවට බුදු හමුදුරුවන්ගේ සින්නක්කර අයිතිය දුන්න වගෙ වැඩක්.මීට වඩා පුලුල්ව හිතන්න සහෝදරයා.මා ඔබ තුලින්ම එය මතුකර පෙන් වූවා.මේ නිල් අහස යට මේ මහ පොලව මත මම තවත් එකම එක හොමෝ සේපියන් සේපියන් කෙනෙක් විතරයි. සිංහල කියන්නේ මගේ සන්නිවේදන මාද්‍යය විතරයි. අයෙ නවත් කම් නෑ කිව්වට මට අවුලක් නෑ.මම ආයේ එනවා අමනාප නොවන්න ඔබෙ තරහට හේතුව ඔබ ගොඩක් තදින් එය වැලදගෙන සිටීමයි.නිදහස් මිනිසෙකු ලෙස සිතන්න.අපේ වටිනාකම් ‍රැකගනිමු ඒවාට නිසි තැන ලබදෙමු එහෙත් එවාට අපව ගිල ගැනීමට ඉඩ නොදෙමු.

      Delete
    3. අන්න වැරදුන තැන!!! මං කිසිම දෙයක් තදින් වැළඳගෙන නෑ මොනතං පිලිගන්න දෙයක් උනත් වැරදී කියලා තේරුනොත් අතඅරින තැනයි මං ඉන්නේ .
      රාමුවකට කොටු වෙලා කටයුතු කරන එක ගැන ඔබේ අදහසට මං එකඟයි . බුදු දහම දිහා සංස්කෘතියත් එක්ක පටලා ගත්තු දෘශ්ඨියකින් බලන්න පටන් ගත්තු කාලේ ඉදලම ඒ දහමේ තිබුන නියම හරය ගන්න අපිට බැරි වෙලා තියෙනවා .
      ආගම දහම , ජාතිය ,රට විතරක් නෙවෙයි අම්මා තාත්තා නංගි මල්ලි වගේ දේවලුත් මින්ස්සු ගොඩනඟා ගත්තු සංකල්ප කියලා ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔබට වැටහෙයි .ආශ්‍රයට නොගැලපෙන්නන් සිටින විට තනිව ජීවත් වීම යෙහෙකි කියලා බුදු හාමුදුරුවොත් කියලා තියෙනවනේ !!!! ඒ හේතුව නිසා තමයි මිනිස්සු ඔය කියපු ගල් යුගයේ ඉදලම වෙන වෙනම කාණ්ඩ ගැහුනේ , එක විදිහේ අදහස් තියෙන අය ඒක තැනකට රොක් වුනේ .
      සමාජවාදී බැල්මෙන් බලන්නේ නැතුව ප්‍රායෝගිකව බැලුවොත් අදටත් තත්වේ ඕකම තමයි . අපි හැමෝම එකයි , හැමෝටම එකම ලේ , හැමෝටම තියෙන්නේ එකම හැකියාව කියලා හිතුවට ඒ නිසා එකට ඉන්න ඔනේ කියලා හිතුවට ඒ වැඩේ ප්‍රායෝගික නෑ මොන තරං සමාජවාදීයෙකුට උනත් ඔය වැඩේ කරන්න බෑ . ලෝකේ තියෙන සමාජවාදී රටවල් කැඩිලා යන්නේ ඒකයි .
      සිංහල ලේ කියන දේ පැහැදිලි කරලා දුන්න නිසා ආයේ ඒ ගැන කියන්න යන්නේ නෑ . නිර්මානයක් උනාම ඒක දැනෙන්න කරන්න ඔනේ . රාවනා සොයුරෝ ඒ වැඩේ උපරිම විදිහට කරලා තියෙනවා . ලෝකේ වඳවෙලා යන ජාතීන් අතර සිංහල කියන ජාතියත් ඉන්නවා. මොන තරං සම හිමිකම් වෙනුවෙන් පෙනී හිටියත් ඒ මගේ ජාතිය නැතිවෙලා යනකං බලං ඉන්න බෑ . මොකද ඒකේ ඉන්න උන සේරම මගේ උන් මං කැමති උන් නිසා .
      ශිෂ්ඨාචාරයේ තොටිල්ල , එහෙම නැත්තං මිනිස්සු ශිෂ්ඨාචාර ගතවෙන්න පටන්ගත්තු රට අප්‍රිකාව නෙවෙයි උඹයි මායි පය ගහලා ඉන්න මේ රට කියන එක බටහිරි උනුත් දැන් පිලිගන්න තැන ඉන්නේ .එහෙම රටක ආරම්භකයෝන්ගේ ලේ වලට කෙලපු නිසයි කේන්ති ගියේ

      Delete
    4. පොඩි නිවැරදි කිරීමක් කල යුතුයි.මා සමාජවාදියෙකු නොවේ මා ඔය කිසිඳු ලේබලයකට අයත් නැත. මිනිස්සු කණ්ඩායම් ලෙස එකතු වුයේ අදහස් සමාන නිසා නොව ඔවුන් පරිසරයේ අභියෝගවලට මුහුණ දුන් ආකාර අනුවය. පසුකාලීනව තමයි එය අදහස් අනුව බෙදුණු කුඩා කණ්ඩායම් බවට පත් උනේ

      Delete
  4. අඩේ දිනෙල්කයෝ සිරාවටම ඔය කියනකම් ඒක මතක් වුනේ නෑනේ,, ඇත්තටම රාවණා සොයුරන්ගේ සද්දයක්නත් නෑනේ...

    තරඟය කියන්ට ඉක්කනටම..

    ReplyDelete
    Replies
    1. අනිවා ඉක්මනටම තියනවා

      Delete
  5. Replies
    1. ඇයි බං ........ මොකද වෙලා තියෙන්නේ

      Delete
  6. මේ නිර්මාණ ටික නම් හරිම අගෙයි.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්්‍යයෙන්ම

      Delete
  7. සිංදු ටික නම් අමුතුම වෙනසක් තියෙනවා.. තේරුණේ නැති උනත් ඇඟට දැනෙනවා වගේ..

    මං මේ "රාවණා සොහොයුරෝ" ගැන දන්නෙ නෑනේ.. පොඩි විස්තරයක් කරන්න බැරිද ?
    ලයනල් රන්වල කණ්ඩායම වගේ එකක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ වගේ කණ්ඩායමක් තමයි . ඒ උනාට ඊට වඩා පුලුල් සමාජමය වගේම දාර්ශනික අදහසුත් ඇතුව ඉලක්කයක් හඹාගෙන ගිය කන්ඩායමක් !!!!
      වෙබ් සයිට් එකක් ඇති ........ හැබැයි අප්ඩේට් වෙනවද දන්නේ නෑ

      Delete
  8. හුග කාලෙකින් බං මේ සිංදු ටික ඇහුවේ.. සිරාවටම මටත් අමතක වෙලා තිබුනේ..

    ReplyDelete
    Replies
    1. ඔවු බං කාලෙකින් හොයන්ට හම්බ වුනේ නෑනේ

      Delete
  9. මොකක්ද බන් තරඟාවලියක් ගැන කියවනවා ඇහුනේ ?

    ReplyDelete
    Replies
    1. ටික දවසකින් විස්තර දෙන්නංකෝ

      Delete
  10. රාවණාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ^_^

    ReplyDelete
    Replies
    1. කාටද ???? රාවනාටද :රා

      Delete
  11. Lipiya hondai..lebila thiyena comments ehemath hondai..eththatama comment ekaka theruma kunuharupayakin hari mala pannagena hari aye reply karana eka nam hari netha..eken pudgalayage charithayath meniya heka..sthuthiy..

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ මං කොමෙන්ට් වලට රිප්ලයි කරද්දි ටිකක් වෙනස් විදිහකට කරන එක හොඳ වෙයි වගේ !!!!!!!!! මල පැනලා නෑ යකෝ ........... :/ :)

      Delete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text