Social Icons

හොයමු බලමු

Friday, October 18, 2013

කැරැල්ලක් 02 ( ඔපරේශන් වයිප් අවුට් නොහොත් අවසන් සටන )

පලවෙනි කොටස



"තමුසෙගෙ කට වැඩී " එහෙම කියාගෙන ඉස්සරහට ආපු කොම්පියුටර් සර් අත පුරවලා මගේ කණ හරහා ගැහුවේ දෙතුන් පාරක් කැරකිලා විසිවෙන තරං වේගෙන් ........ සිහි එලවා ගන්නත් කලින් සර් තවත් පාරක් ගහන්න අත උස්සන හැටි මට ලාවට පෙනුනා .....

"මොකද මොකද ඔය ළමයට ගහන්නේ ........" ඒ විදිහට කියාගෙන අපේ හිටපු විවාද කන්ඩායම භාර  ටීචර් , චමිලා මිස්  පිට්ටනිය මැද්දෙන් දුවගෙන වගේ ආවා....

                   දෙවනි පාරටත් අත උස්සන්න හදපු කොම්පීතර සර්ගේ රැස් ඩිංගක් විතර අඩුවෙලා යනවා වගේ පෙනුනේ චමිලා මිස්ගේ මැදිහත්වීමත් එක්කයි .

 මොකද කොමිපියුටර් මහත්තයෝ ඔය කොල්ලව මරන්න හදන්නේ ?

බලන්න චමිලා මිස් මේ ළමයා වයසේ හැටියට නෙවෙයි වැඩ , දෙයක් කිව්වහම  පිලිගන්නේ නැතුව එකට එක කියවන්න එනවා .....

නිකං බොරු කියන්න එපා සර් , කොහෙදෝ ඉදන් මේක මැද්දට ඇවිල්ලා මං ගත්තු  තීරණ වෙනස් කරන්න හදන්නේ ඇයි .... චමිලා මිස් දිනෙල්ක මල්ලි කියවපු එකට එකක් නෑ 

ආහ් , ඒ පාර තමුසෙත් පටන් ගත්තද ? එහෙම කියපු කොම්පියුටර් සර් නිවාස නායකයා දිහවටත් මරුමුස් බැල්මට් එකක් දැම්මා .

මට පේන්නෙත් කොම්පියුටර් මහත්තයා තමන්ට අයිති නැති දේකට මැදිහත් වෙලා නිකං බොරුවට ළමයි එක්ක ප්‍රශ්න හදාගන්න වගේ හදන්නේ . කරුණා කරලා ඔබතුමා  අර ඒසී කාමරේ ඇතුලට ගිහිං ගේම් එකක් ගහගෙන පාඩුවේ ඉන්න . චමිලා මිස් එතැනින් ගියේ ඒ විදිහට කියාගෙන .
                                                 විනාඩි දෙක තුනක් යනකං එතනටම වෙලා දත්මිටි කාපු කොම්පියුටර් මහත්තයා අපි දිහා බලන්නෙවත් නැතුව ලැබ් එක දිහාට ඇවිදගෙන යන්න ගියේ අපේ කොල්ලෝන්ගේ හූ සද්දෙ මැද්දෙන්. 
                                       වීරයෝ වගේ හූ කිව්වට මොකද තිබුන අවුල දැන් දෙක තුන වෙලා තමයි එලියට බහින්නේ කියලා අපිට තේරුනේ ඈතින් පුශ්පකුමාර සෑර් උත්තමයා වේවැලත් අරන් එද්දී . හූ කියන එක තවත්තලා එකා දෙන්නා හෙමින් සීරුවේ පතෝල මැහි අස්සෙන් නොපෙනී යන්න  ගත්තා .
                                    හැමෝටම පුදුම  හිතුනේ තෝරගැනීම් තිබුන ඉතුරු දවස් කීපය කිසිම වෙනසක් නැතිව ගෙවිලා ගිය නිසා . ඒත් මාහා කුණාටුවකට කලින් ගුප්ත නිහැඩියාවක් තියෙනවා කියන කථාව ඇත්තක් . තෝරා ගැනීම් තරඟ ඉවරවුන පලවෙනි දවසෙ උදේ පාන්දරම දහය වසර සෙක්ශන් එකටම පිට්ටනියට එන්න කියලා පුශ්පකුමාර සර් එවලා තිබුන පණිවිඩයත් එක්කයි . මොනව උනත් විදුහල්පති ‍කෙනෙක්ගේ අණට පිටින් යන්න හිතුවේ නැති අපි කියපු පරක්කුවෙන් පිට්ටනියේ . පාවට්ටා ගස් දෙකක් අතර හැදිලා තිබුන මහ අඹ ගහ යට රැස්වෙලා හිටපු අපේ පැත්තට ආපු පුශ්පකුමාර සර් බොහොම දරුණු විදිහට අපේ දිහා බැලුවා.

තොපි කාලකන්නි හැත්ත , උඹලා නේද අර අළුත් කොම්පියුටර් සර්ට හූ කිව්වේ !!!!! වේවැල් තුනක් විතර එකට තියලා හදාගත්තු පොල්ලක් වගේ එකකින් අහුවෙච්ච පලවෙනි එකාගේ උරපත්ත පැලෙන්න තරං හයියෙන් ගහපු පුශ්පේ ඉස්කෝලෙම දෙදරන තරං හයියෙන්ඇහුවා . 
ගුටි කාපු එකා උරහිස අතගගා කොල්ලන්ගේ මැද්දට එන අතරෙ තවත් දෙතුන් දෙනෙකුටම ඒ පොලු පාරටත් වඩා සැරට දෙන්න අළුත් සර් අමතක කලේ නෑ .

හැදියව් තොපි කාලකන්නි හැත්ත පිට්ටනිය මැද්දේ පෝලිමක් ....... දණ ගහපිය අව්වේ ....

                                   මුළු දහය වසරම ගිණිකාස්ටක අව්වේ දණ ගස්සපු අළුත් සර් කොණක ඉඳන් පටන් අරන් හැම එකාගෙම පිට මැද්දට දෙක ගානේ අර  පොලු කෑල්ලලෙන් ගහන්න පටන් ගත්තා .

නැගිට්ටනේ නෑ තොපි එකෙක්වත් අද ඉස්කෝලෙ ඇරෙනකං හිටපියව් ඔහොම .......

                                           ඔය වෙලාවෙ තමයි කිසිම කෙනෙක් විශ්වාස නොකරන විදිහේ වැඩක් සිද්ද වුනේ , ඒ ලෙවල් පන්ති වල හිටපු සේරම කොල්ලොයි එකොලහ වසරේ සෙක්ශන් එකෙන් භාගයකුයි අනාරාධිතවම ඇවිත්  කට්ට අව්වේ අපිත් එක්කම දණ ගහගෙන ඉන්න ගත්තේ .අළුත් සර්ගේ කට ඇරිලා දිව එලියට ඇවිත් ....

මේ මොකද වෙන්නේ , තමුසෙලාට කවුද එන්න කිව්වේ ....... පලයව් යන්න 

නොකරපු වැරද්දකට දහය වසරේ කොල්ලොටික දඬුවම් විඳිනවා , අපි ආවේ උන් එක්ක ඒක බෙදාගන්න , අපිටත් දැන් දඬුවම් විදින්න දෙන්න සර් , මොකද ඉස්සරහට අපේ අතින් වැරද්දක් වෙන්න තියෙනවා . ඒ වෙනුවෙන් තමයි මේ අවේ ............. ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍යනායකයා වගේම මට කලින් විවාධ කන්ඩායමේ නායකයා වෙච්ච විජිත අයියා එහෙම කිව්වේ දනිස් දෙකේ දූවිලි ගෑවෙන එක නවත්තන්න බිම එලපු කොල කෑල්ලක් උඩ දණ ගහන ගමන් .
                                          කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරිවුන ලොකු සර් තමන්ගේ කාර්්‍යාලය පැත්තට ගියේ උගන්වන්න ළමයි නැතිවුන පන්ති වලින් එලියට බැහැලා පිට්ටනිය දිහා බලාගෙන ඉන්න ගුරුවරු දිහා එක පාරක් විතරක් හැරිලා බලලයි .

පිස්සුනේ විජිත අයියේ , උඹලා මොන රෙද්දටද ආවේ ? රන්දිකයා කථා පටන් ගත්තා .

මේක මෙහෙම කරන්න බෑනේ බං , අපිට නං මූව එපා වෙලා තියෙන්නේ . දැං බලපං අපේ ඉස්කෝලේ කෝටිපතියන්ගේ ළමයි නෑනේ බං ....... එහෙම වෙලා තියෙද්දි . මේ හුත්** පුතා හැම සතියෙම මොකක් හරි ලබ්බක් කියලා පන්තිවලින් සල්ලි එකතු කරනවා ............... ඒ ලෙවල් පන්තිවල හිටපු ගුරුවරු මාරුවීම් හදාගෙන ගිහිං , මූ එක්ක ඉන්න බෑ කියලා .....  අපිට උගන්වන්න ගුරුවරු නෑ ........ මං නං  කියන්නේ අපි කොහෙම හරි මූව එලවමු . විජිත අයියා තමන්ගේ අදහස එලියට දැම්මේ ඒලෙවල් පන්තියේ තමන්ගේ යාළුවෝ දිහා බලන ගමන් . 
උන් සේරම හිටියේ එකම අරමුනකින් කියන එක ඒ වෙලාවේ මූණු වලින් බේරිලා ආපු හැඟීම් වලින් අපි සේරටම පැහැදිලි වුනා . එත් මූව එලවන්නේ කොහොමද ?

අපෙන් කඩා ගන්නවා විතරක් නෙවෙයි බං , මූ හැමදාම හවසට බෝතලයක් ගෙනත් සික්කත් එක්ක කඩාගෙන බොනවා ....

සික්කත් එක්ක !!!!

ඔවු බං .......... මහ පොන්***** , බොන්න එකෙක් නැත්තං තනියෙං බීපං . අනික ඉස්කෝල ඇතුලට ඕවා ගේන්න තහනං නේද බං ....... අපි මූ බොන වෙලාවක් බලලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් එක්කං එමුද ? ඒ අයිඩියාව ලොම්බගෙන්

ඒ විතරක් මදි , මෙහෙම වැඩ වලට අපි විරුද්ධයි කියලා පෙන්වන්න අද කලිං ඉස්කෝලෙං එලියට යමු බං ......... ඒ ලෙවල් පන්තියෙන්ම තවත් යෝජනාවක්.

                                       ලොම්බා දීපු ඒ අයිඩියාවත් එක්ක පිනා එලවන්න ඕනේ කියන ඒත් කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර නැත්තෙම නෑ කියලා තේරුනා . අළුත් සර් ගැන ඔත්තුව අමාත්‍යංශෙට දීලා ගේම ක්ලෝස් කරන වැඩේ විජිත අයියා බාරගත්තා . කුමන්ත්‍රනේ එතනින් ඉවර කරලා , ඉස්කෝලෙ ඇරෙනකං දණ ගහං ඉන්න හිටපු අපි සේරම නැගිටලා පන්තිවලට ඇවිත් පොත් මළු කරේ දාගෙන රොත්ත පිටින්ම ඉස්කෝලෙන් පිට වෙලා ගියා . සික්කාට උනත් ඒ තරං සේනවක් එක්ක හැප්පෙන්න බැරි නිසා පැත්තකට වෙලා බලාගෙන හිටියා .

මං නං කියන්නේ ඒ මදි බං ....... ඊළඟ දවසේ උදෙන්ම පන්තියට ආපු ඩප්පියත් අළුත් සර්ගේ ගැන කථාවට පැටලුනා 

උඹ මොනවද කියන්නේ එහෙනං ....

හේතුවක් නැතුව අපිව මෙහෙම අව්වේ දනගස්සපු එකට රිටන් එක දෙන්න ඕනෙ .....

ඉතිං දැං වැඩේ ප්ලෑන්නේ බං ....

එහෙම නෙවෙයි බං !!! රිදෙන්න දෙන්න ඕනේ......අපි මේ කරන වැඩෙන් යන්නේ පිනා විතරයිනේ , ඌත් එක්ක එකගෙයි කන අනිත් හු**ලා ට මොනවත් වෙන්නේ නෑනෙ බං 

මොනවද කරමු කියන්නේ ? 

අපි මිනිහගේ කාමරේට කෙලවමු , ලොකු සද්දයක් එන විදිහට ......... කට කොනකින් හිනාවෙන ගමන් ඩප්පියා කිව්ව ඒ කථාව ඇතුලෙ හැංගුන මොකද්දෝ දරුණු සැලස්මක් තියෙනවා කියලා 10A පන්තියේ හිටපු අපි හැමෝටම තේරුනා .

වරෙල්ලාකෝ කියන්න .......... අපි සේරම ඩප්පියාව වට කරගත්තා .

*********************************************************************************************

                                          ඩප්පියාගේ ප්ලෑන් එක බොහොම අවදානම් වුනත් පුශ්පකුමාර උත්තමයට ඇඟට දැනෙන්නේ මෙහෙම එකක් කලොත් තමයි කියන මතයට අපි හැමෝම ආවේ , ඒක ජන්දයෙන් ඒ සැලසුම අනුමත කරගෙන . ප්ලෑන් එක අහපු වෙලාවෙ ඉඳක්  හැම එකාම පුදුම කික් එකකින්. කික් එක වැඩි කමටම අපි මේ කරන්න යන වැඩේට නමකුත් දැම්මා ....... ඔපරේශන් වයිප් අවුට්

                            සම්පූරණ සැලස්ම කොටස් තුනකින් ක්‍රියාත්මක වෙනවා .......... අන්තිම කොටස බොහොම භයානකයි වගේම , ඉස්කෝලෙ නමටත් හරි නැති වෙන්න පුලුවන් . එත් අළුත් සර්ව යවන එක ඉක්මන් කරන්න නං මේ වැඩේ කරන්නම වෙනවා .

සීය සීය ගනිල්ලා ....... මේ අන්තිම පාර , ආයේ උඹලාගෙන් අර පල්ලෙහා කාමරේ සුදු ඇඳන් ඉන්න කලවැද්දා සල්ලි ගන්නේ නැති වෙන්න නං මේ ඉල්ලන ගාන අද දීපල්ලා ..... සීයක් නැත්තං තියෙන කීය කීය හරි කමක් නෑ .....
                         ඉන්ටර්වල් එක වෙලාවේ අපේ දෙතුන් දෙනෙක් හැම 10 වසරේ පන්තියකටම ගිහිල්ලා අපේ ගරිල්ලා සැලසුම පැහැදිලි කරලා සල්ලි ඉල්ලුවේ ඒ විදිහට .
                             අපේ උන් මිශන් ඉම්පොසිබල් ජාතියේ ගේම් වලට බොක්කෙන්ම බහින්න ඕනේම වෙලාවක රෙඩි වෙලා ඉන්න නිසා අළුතෙන් ගෙනාපු ඔපරේශන් වයිප් අවුට් ප්ලෑන් එකත් එක්ක බ්‍රයිටගේ ඉඳන් පාංකඩයා දක්වා ඉන්න හැම එකාම එකතුවුනා . 
                         සීය ගානේ නෙවෙයි තියෙන උන් දෙතුන් සීය ගානේ සම්මාදමට දායක වුනා. අන්තිමට පන්ති හතරකින් රුපියල් දොලොස්දාස් ගානක් එකතුවුනා .

ඔපරේශන් වයිප් අවුට් , පළවෙනි කොටස යෙදිලා තිබුනේ අපි සල්ලි එකතු කරපු ඉන්ටර්වල් එකට පස්නේ තිබුන පලවෙනි පීරියඩ් එක වුනු ගණිතය පීරියඩ් එකේදී .
                                        පුශ්පකුමාර ගැන්සියේ හිටපු ගුරුවරියක් විදිහට ප්‍රසිද්ද වෙලා හිටපු ඇන්ටිමනී මිස්  වෙනදා වගේම පැද්දි පැද්දි පන්තියට ආවා . ඇන්ටිමනී කියන්නේ එයාගේ නම නෙවෙයි , අපි දාපු නමක් .........මේ ටීචර් අඳින්නෙම පිටෙන් භාගයක් නැති සාරි ජැකට් ඒ වගේම බුරියටත් අඟල් හය හතක් පාත් වෙන්න සාරිය , ඇන්ටිමනී  කියන්නේ ආවර්ථිතා වගුවේ මූලද්‍රව්‍යක් කියලා දන්නවා ඇතිනේ සංබේතය වෙන්නේ Sb  අපි මේ ටිචර්ට මුලින්ම නම දීලා තිබුනේ සෙක්සි බඩුව ( sexy baduwa ) කියලා ඉතින් ඔය වචන දෙකේ මුල අකුරු වෙච්ච  Sb දෙක එක තැන තියලා Sb වෙනුවෙන් තියෙන හොඳ වචනෙ වෙච්ච ඇන්ටිමනී කියන නම ටීචර්ට රෙජිස්ට් කලා .
                               කුමන්ත්‍රනයේ මූලික අදිර ලෑස්තී . ටීචර් ඇවිත් උගන්වන්න පටන් ගත්තා  වෙනද එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉන්න අපි සෙරම අද හෙන උනන්දුවෙන් පාඩම අහගෙන ....... ටීචර්ට නිකං මොකද්ද වගේ ඇයි යකෝ වෙනදා වගේ නෙවෙයි ...... කවුරුත් කෑගහන්නෙ දඟලන්නේ නෑ .කවුදෝ මන්දා පුටුවක් පිට්පස්සට අදින සද්දයක්, ඔන්න අපි බලාගෙන හිටපු සංඥාව මෙච්චර වෙලා කඳ කෙලින් තියාගෙන හිටපු සේරම උන් ඔළුව ඩෙස් එකේ තියාගෙන පොත අරගෙන ඔළුව වහගත්තා . ළමයි පනහක් ඉන්න පන්තියක හැම එකාම පොත් ඔළුවෙ තියාගෙන නිදාගෙන ඉන්නව දැක්කහම කොහොමද...

තමුසෙලාට මොකද වෙලා තියෙන්නේ , ආහ් ..... උගන්වන්න ඕනේ නැද්ද .......ඔළු උස්සනවා . මොකද්ද මේ විකාරේ ....... ඇන්ටිමනී ඔහේ කියවනවා , අනේ අපිටනං තඹ සෙම්බුවක ගානක් නෑ .

හිටපල්ලා මං ප්‍රින්සිපල්ව එක්කං එන්නං , එතකොට කට්ටියගේ රැස් බහින්නේ නැතෑ ......
විනාඩි විස්සක් විතර නවත්තන්නේ නැතුව බැනප ඇන්ටිමනී ටීචර් පන්තියෙන් එලියට ගියෙ එහෙම කියාගෙන ......

අඩෝ හරි දැන් දෙවනි කොටස ......... සමිරයා එහෙම කියාගෙන පොත් සේරම ඔබාගෙන  බෑග් එක කරට ගත්තා . 

කට්ටියම බොහොම කලබලෙන් පන්තියේ ඩෙස් පුටු එහෙට මෙහෙට ඇඳලා මේස ටිකක් විතරක් පන්තියෙ මැද තියෙන විදිහට පන්තිය හැදුවා . පුටු සේරම පන්තිය වටේට . අනිත් පන්තිවලට සද්දේ ඇහෙන්නේ නැති වෙන්න බොහෝම හෙමින් තමයි මේ වැඩේ වුනේ හැබැයි වේගෙන් . විනාඩි දෙකක් යන්න කලින් වැඩේ හරි ......
සනිදුවා අපි කලින් ලෑස්ති කරගත්තු බෝඩ් කෑල්ල . මේස ටික උඩින් තිබ්බේ පන්තියට ඇතුල් වෙනකොටම පේන විදිහට ....

අපි එන්න කලින්,,



ඇන්ටිමනී , කොම්පිතර , සමසමාජ , ඇස්ගුල්ලා,...... තොපි සේරම පල.....



පිනා ( පුශ්පකුමාර ) , තෝ අනිවාර්යයෙන්ම පල                 
      


                                          

                                         බොහොම පැහැදිලි අකුරින් ඒ බෝඩ් එකේ ලියලා තිබුනේ එහෙමයි ....... පිනා එන්න කලින් පන්තියෙන් පිටවුන අපි තාප්පෙන් පැනලා ගෙවල් වලට ගියේ ඔපරේශන් වයිප් අවුට් තුන්වෙන් කොටස වෙච්ච දවසක් පාසල වර්ජනය කිරීම කියන එක හෙට දවසේ කරන්න හිතාගෙන . ඊට අමතරව තුන්වෙන් කොටසෙම අනු අංගයක් විදිහට අද රෑට ගුරුනිවාසෙ වටේට හිස් අරක්කු බොතල් තියන වැඩේ ඉස්කෝලෙ ලඟින්ම පදිංචි වෙලාහිටපු සෙට් එකකට පවරන්නත් අමතක කලේ නෑ 
                               ඇන්ටිමනීට විරෝධය අපේ විදිහට පලකලාට පස්සේ දවසේ අපි කවුරුත් ඉස්කෝලෙ ගියෙ නෑ.එදා දවස මුලු 10 වසර සෙක්ශන් එකම නිවාඩු අරන් . උදේ නැගිටලා මිදුලට එන කොටම පේන්න තිබුන හිස් අරක්කු බොතල් තොගේ නිසා පුශ්පකුමාර සර් අම්බානක මලෙන් ඉන්නවා කියන එක අපේ සන්තෝසේ වැඩිකරන ආරංචියක් වුනේ ඔපරේශන් වයිප් අවුට් හොඳින් ක්‍රියාත්මක වෙන නිසා .
                            වයිප් අවුට් අවසාන කොටස යෙදිලා තිබුන දවසේ අපි ඉස්කෝලෙට එකතු වුනේ උදේ 6.30 ට.පරක්කු වුනොත් වැඩ වරදින්න තියෙන ඉඩ වැඩිනිසා දෙතුන් දෙනෙක් හැරෙන්න අනිත් සේරම වගේ ඒ වෙලාව වෙනකොටත් ඇවිල්ලයි හිටියේ . හැමෝගෙම හිත්වල උනන්දුව වගේම බය කියන එකත් අඩු නැතිව එකතු වෙලා තිබුනා . 
                          අවසාන කොටසේ පලවෙනි අදීරය වුනේ , දෙවනි තට්ටුවේ තිබුන අපේ සෙක්ශන් එකට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බැරිවෙන විදිහට පඩිපෙල බ්ලොක් කරන එක , උඩට එන්න තිබුන පඩිපෙලවල් දෙකම පන්ති දෙකක තිබුන ඩෙස් පුටු සේරම දාලා බ්ලොක් කරලා පස්සේ දහය වසර සෙක්ශන් එකේ තිබුන හැම ජනේලෙයක්මත් වහලා දැම්මා ....... දැං පලවෙනි කොටස සාර්ථකයි . වැඩ කටයුතු ඔහොම වෙන අතරේ තුන්වෙනි තට්ටුවේ හිටපු ඒ ලෙවල් ආර්ට් පන්ති ටිකත් අපිත් එක්ක අමතර සේනාංක විදිහට එකතු වුනා . අනිත් උන්ට එකතු වෙන් බෑ මොකද කාටවත් එන්න බැරි වෙන්න අපි පඩිපෙල හරස් කරලා තිබුන නිසා . ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක ගැහුවා . 
                                එලියේ ඉන්න හැමෝම කලබල වෙලා ........ ඇයි දෙයියනේ පඩිපෙලවල්  දෙකක් සීල් වෙලානේ. 
                                 ඔය අතරේ   තඩිම තඩි  පොහොර මලු තුනක් උස්සගෙන ආපු අයියලා තුන්දෙනෙක් , සැලස්මේ ඊළඟ අදීරය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා . මලු තුන පිරෙන්න තිබුනේ තුන්හුලස් , රතිඥ්ඤා. වගේම අහස්කූරු .
                                        පන්සිල් ගන්න පටන් ගන්න ගහන දෙවනි බෙල් එකත් එක්කයි අපි අපේ වැඩේට මුල පිරුවේ .......... අපේ පන්තියට යාර දහයක් විතර ඉස්සරහින් පහලින් පේන්න තියෙන විදුහල්පති කාමරේ හොයාගෙන එක වේගෙන් පියාඹගෙන ගියපු අහස්කූරු වැස්සකින්.
                              එතනින් එහාට කිසිම පාලනයක් තිබුනේ නෑ , ඉස්කෝලෙ ඇතුල නන්දිකඩාල් කලපුව වගේ වෙන්න පටන් ගත්තා . අහස්කූරු  , රතිඤ්ඤා , අහස්කූරු ඉස්කෝලේ වටේම තිබුනු පුශ්ප කුමාර සර්ගේ බංකර් හොයාගෙන පියාඹලා ගියා . අපේ පහරදීම සාර්ථකයි .... කොම්පියුටර් ලැබ් එකට වැටුන තුන්හුලස් වලින් කූල් වෙච්ච කොම්පීතර සර්ගේ ගුරු විවේකාගාරයේ ආරක්ශාව හොයාගෙන දුවන්න පටන් ගත්තා . විදුහල්පති අළුත් සර්ට තමන්ගේ කාර්්‍යාලයේ මේසේ යට හැංගෙන්න වුනේ  මිනිහා එලියට එන්න හදන හැම වෙලාවෙම තමන්ව ඉලක්ක කරගනෙ අහස්කූරු කන්දක් පියාඹගෙන එන්න වීම නිසා . 
                           එක පාරටම පටන් ගත්තු ගිනි කෙලි සංදර්ශනේ නිසා පැයක් යන්නත් කලියෙන් මුලු බොරැල්ලම ඔකද වෙලා . දෙමාපියෝ ඉස්කෝලෙ වටේට එකතු වෙන්න පටන් ගත්තා . අපි බලාපොරොත්තු නොවුන විදිහට දෙමාපිය සහයෝගයත් අපේ ඔපරේශන් වයිප් අවුට් එකට ලැබෙන්න පටන් අරන් .අළුත් සර්ගේ කුහක වැඩ ගැන දෙමාපියොත් බොහොම තරහෙන් තමයි ඉඳලා තියෙන්නේ.
                                                                ඇතුලෙ යුද්දෙ බොහොම දරුණු විදිහට යනවා . 
  පැයකට විතර පස්සේ පුශ්පකුමාර  සේනාව අපි අවහිර කරපු පඩිපෙල හරහා උඩට එන්න හෙන ගේමක් දෙන්න ගත්තත් එක දිගට කකුල් වලට වැටුන රතිඤ්ඤා කරල් ඒ උත්සාහය හීන කලා බොහොම අමාරුවෙන් කාගෙන පඩිපෙලේ බායක් නැගපු කැඩෙට් ප්ලැටුන් එක බාර සර්ටත් පහු බහින්න වුනේ පඩිපෙලේ උඩ ඉඳන් ලේන්සුවලින් මූනේ පහල කොටස වහගත්තු ඒ ලෙවල් ගැන්සි කොහෙන්දෝ හොයාගත්තු පොලුවගේකින් සන්නද්ද වෙලා ඉන්නවා දැක්ක නිසා .වැරදිලා හරි උඩට ගියා නං අම්බානක ෆෝම් වෙලා ඉන්න කොල්ලො නිසා  සර්ගේ ඇට ටික එකතු කරන්න වෙන්නේ සවලකින් තමයි .                                                                                             පහු බැහැපු පුශ්ප කුමාර ගැන්සිය සංගීත කාමරේ ඇතුලට රිංගනවා දැක්කා . ඊට පස්සේ දෙවනි තට්ටුවේ දහය වසරෙන් සංගීත කාමරේට එල්ලවුනේ බොහොම දරුනු ප්‍රහාරයක් තුන්හුලස් වැල් පිටින් සංගීතකාමරේ ටියුන් කරන්න පටන් ගත්තා . දෙවනි තට්ටුවේ ඉඳන් සංගීත කාමරේ වහලෙට පැනපු අපේ ගරිල්ලා බටයෝ වහලේ තිබුන උලු එහෙ මෙහෙ කරලා එතනිනුත් ඇතුලට පහර දෙන්න ගත්තා . ඒ දරුණු ප්‍රහාරය නැවතුනේ ඇතුලේ හිටපු දෙන්නෙක්ගේ කලිසම් වලට ගිනි ඇවිලිලා ටැප් එක පැත්තට දුවන් ගත්තට පස්සෙයි ......
                                           මේ වෙද්දි සිද්ධිය සමථයකට පත්කරන්න හිතාගෙන පොලීසියෙනුත් අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් ඇවිත් හිටපු නිසා අවහිර කරපු පඩිපෙල ක්ලියර් කරගෙන අපි විදුහල්පති කාමරය වටකරගත්තා . ඉතුරු වෙලා තිබුන රතිඤ්ඤාටිකත් පත්තු කරලා කාමරේ ඇතුලට විසිකරපු අපි එක හඩින් කිව්වේ විදුහල්පති මේ දැම්මම තියෙන කොට්ට පැදුරුටික අකුලං යන්න ඕනේ කියන එකයි. 
                                             උදේ අටට පටන් ගත්තු ඔපරේශන් වයිප්අවුට් නතර කරලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආපු මහත්තුරුන්ට සාකච්චාවක් දෙනකොට වෙලාව දොලහත් පහුවෙලා . ඒ මහත්තුරු අළුත් පුශ්පකුමාර සර්ව අදම වෙන තැනකට යවන්ත් . මේ ඉස්කෝලෙ කරපු වැඩ ගැන පරීක්ශනයක් තියන්නත් තීරණය ඇමති තුමාගේ නියෝගයක් යටතේ තීරනය කරලා . 
                     ඒ නිසා මේ වැඩේ නවත්තලා හොඳ ළමයි වගේ ගෙවල් වලට යන්න කියලා . පොලොවෙ හැපි හැපී ඒ මහත්තුරු ඉල්ලා හිටියා . 



කෙටියෙන්ම කියනව නං අපි සටන දිනුවා . ඔපරේශන් වයිප්අවුට් නිසා අමාත්‍යංශයෙන් කරන්න ඕනේ වැඩ ටික ඉක්මනට කරවන්න අපිටපුලුවන් වුනා . විදුහල්පති කාර්්‍යාලයේ අරක්කු බොතල් තියාගෙන හිටපු අළුත් සර් කැලනියේ ගුරුකු**** ඉස්කෝලෙට ගියපු බවත් එතනිනුත් බොහොම කෙටිකාලෙකින් ළමයින්ගේ විරෝධය නිසා වෙන තැනකට යන්නත් වුන බව දැන ගන්න ලැබුනා .අළුත් සර්ගේ වටේට ගොට්ට අල්ලගෙන හිටපු මානසික රෝගියොන්ට දුශ්කර පලාත්වල පනිශ්මන්ට් ට්‍රන්සර් ලැබුනා. හැබැයි ඔපරේශන් වයිප්අවුට් නිසා අපේ ඉස්කෝලෙට තිබුන මදාවි කියන නම තවත් දෙතුන්ගුනයකින් වැඩි වුනා.
               
 පහුගිය මාසේ සෙනසුරාදා දවසක්......... බොහොම සාමාන්‍ය දවසක් වුනත්  නාරහෙන්පිට අපේ සයිට් එකේ වැඩට එනකොට මුන ගැහුන චරිතයක් නෙවෙන්න මට මේ කථාව ලියන්න නොහිතෙන්න ඉඩ තිබුනා . 
                                                          ඒ වෙන කවුරුත් නෙවෙයි , ඔපරේශන් වයිප්අවුට් සැලස්ම මුලින්ම ඉදිරිපත් කරපු ඩප්පියා . මිනිහා දැන් යුධ හමුදාවේ ෆුට්බෝල් ස්කොඩ් එකේ සාමාජිකයෙක් . ඩප්පියා කියපු විදිහට  අපේ සටනේ ඉස්සරහින්ම හිටපු ලොම්බා දැන් වෙළඳ නැවක සේවයට බැදිලා .. සනිදු නං ඇමරිකාවේ ගිහිල්ලා ජොබ් එකකට . කොහෙම හරි වේවා එදා ගේම ඇදපු හැම එකාම , මාත් ඇතුලුව අද වෙනකොට හොඳටම නැතත් හොඳ තැනක ඉඳීම ගැන මට තියෙන්නේ මුලු හිත ඇතුලෙන්ම එන සන්තෝසයත් එක්ක ආයේ උන්ව ලේසියෙන් හම්බ වෙන්නේ නෑ නේද කියන දුකත් මිශ්‍ර වෙච්ච අමුතුම හැඟීමක් .




                                   
                         

40 comments:

  1. මේක දැක්කම මට මතක් වුනේ මෙවැනිම සිද්ධියක්. අපි කාලෙකට ඉහත කරපු. අද ඒ සෙට් එකත් ඔබේ සෙට් එක වගේම උසස් තත්ත්වයකින් සමාජයේ ජීවත් වෙනවා. කොටින්ම මම උසස් පෙළ පංතියේ හිටියේ අවුරුද්දයි . අනිත් අවුරුද්ද ගෙදර ඉදන් ලිව්වේ. ස්තුතියි මතකය අලුත් කළාට.

    ReplyDelete
    Replies
    1. තවත් කැරලි කාරයෙක් අඳුනා ගන්න ලැබීම ගැන සතුටුයි

      Delete
  2. තැන්කූ වේවා කතාව මග නවත්තන්නෙ නැතුව ඉවර වෙනකන්ම ලියලා දැම්මාට!! සිරා පාඩමක් නෙව උගන්නලා තියෙන්නෙ ගුරුහොරු සැට් එකට! ජය!!

    ඇත්තටම මල්ලි ඉස්කෝලෙ යන කාලෙ ගුරුහොරු විසින් මදාවි කියන කුලකයට ඇතුල් කරන ගොඩක් උන් එලියෙ පය ගහපු ගමන් ගොඩක් ඉස්සරහට යනවා. මොකද ඉස්කෝලෙදි කොන්ද කෙලින් තියෙන, කෙලින් කතාකරන අයට තමයි ඔය "මදාවි" කියන නම්බු නාමය ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැබැයි මං නං මදාවියෙක් නෙවෙයි :P :D :D

      Delete
    2. මං මඟ නතර කරපු කථාවකුත් තියෙනවද ඇ .........

      Delete
  3. උබලා මිට කලින් හමුදාවේ ට්‍රේනින් එකකටවත් ගියාද

    ReplyDelete
    Replies
    1. යා යා .........උඹටත් ඕනේ නං ට්‍රේනිං එක දෙන්නං

      Delete
  4. මරු මරු. මෙහෙම තමා ඉන්න ඔනෙ!

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු !!!!! නැද්ද මං කියන්නේ

      Delete
  5. මාරයිනේ බං. උඹ ඔය කියන පුෂ්පකුමාර රාජ පස්ස වගේ නමක් තියෙන VW භීට්ලෙ එකක් එලවන පොරක්ද?

    ReplyDelete
    Replies
    1. රාජ පස්ස වගේ නමක් නං තියෙනවා ඒත් වාහනයක් තිබුනද කියලා මතක නෑ

      Delete
    2. වගේ නෙවෙයි ඒ නම තියෙන බුවෙක් අර උඹ කියන ඉස්කෝලේ වැඩකලා සෑහෙන කාලයක්.

      Delete
    3. පස්සේ ඒකෙනුත් යන්න වුනානේද ?

      Delete
    4. ඔව් යන්න වුනාලු. ඔය එකම පොර තමයි එහෙනම්.

      Delete
  6. ජයවෙවා.නියම සටන

    ReplyDelete
  7. අපේ ඉස්කෝලෙ කොල්ලෝ ටික එක පාරක් ගණන් උගන්නන්න ආපු මිස් කෙනෙක්ව එලවපු හැටි මතක් උනා...උන් නම් ඔච්චර දරුණු දෙයක් කලේ නෑ..ග්‍රොසරි කවර වලට වතුර පුරවලා උඩ උගන්නනකොට පල්ලෙහා ඉඳලා ගැහුවා.. මිස් අඬ අඬා ගිය පාර ඉස්කෝලෙනුත් ගියා..ඒක නම් පව් කියලා හිතෙනවා...මොනවා උනත් ගමේ ඉස්කෝලෙටම හිටපු එකම ගණන් මිස් ,පොඩ්ඩක් නපුරු උනාට හොඳට ඉගැන්නුවා

    මගේ දෙවනි ඉස්කෝලෙදී ඔය වගේම පිනෙක් අපේ කොල්ලො පැන්නුවා...ඒ පිනා නම් පන්නපු එකමයි හොඳ...! අඩුම තරමේ කතා කරන්නවත් දන්නෙ නෑ ළමයින්ට

    ReplyDelete
    Replies
    1. ඒ ජාතියේ උන්ව පන්නන්නම තමයි ඕනේ

      Delete
  8. අපේ මහත්තයා මෙතන ඉඳන් අහනවා මොකද හලෝ තනියෙන් හිනා වෙන්නෙ කියලා... ඒ පාර මුල ඉඳන්ම මේක හයියෙන් කියවන්න උනා... හයියෝ... ‌මේකෙ තැන් තැන් වල අකුරු හැලිලා, කොමා, තිත් එහෙම අතුරුදහන් වෙලා නිසා මොනවා කියෙව්වද මන්ද.. ඒකත් බඩ අල්ලන් හිනා වෙවී... හි හි....

    ReplyDelete
    Replies
    1. අකුරු හැලිලා :O
      :(
      @ විසි එකොලොස්වෙනි පාරටත් කියවමින්

      Delete
  9. නියමයි මචං... එලම එල.... සාර්ථක විදියට ඒක අවසන් වෙච්ච එක ගැන නම් මටත් මාර හැපි. ඒ වගේ දෙයක් ඇත්තටම වුණාද කියලත් හිතන්න බැරි තරම්. ඒ වගේම ඒ සටන උඹ නියමටම විස්තර කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මචං

      Delete
  10. ඔය වගේ උන් නිසා තමයි ගුරු දෙවි වරු කියලා කියපු උතුම් සේවයක් බලු උනේ. ඔය වගේ උන්ට ඔය වගේ වැඩක්ම තමයි කරන්න ඕනේ :3

    ReplyDelete
    Replies
    1. අනිවා !!!! ආතල් එකට ගහලා කරුමෙට ඉපදුනු උං ගුරුවරු වුනාම මෙහෙම වෙනවා බං

      Delete
  11. අඩේ නියමයි බං. මට මතක් උනේ සඳරුවගෙ තලගොයි ප්‍රහාරය.
    ඔයවගේ ගුරුවරු නිසා ගුරු සංහතියම එපා වෙනව

    ReplyDelete
    Replies
    1. බොරැල්ලේ කො‍යින්ද තලගොයි , නැත්ත අපිටත් ඒ වගේ වැඩක් කරන්න තිබුනා .......

      Delete
  12. මේ තියෙන්නේ වැඩ! අපිට ඔහොම දෙන්න එකෙක්ව සෙට් උනේ නෑනේ! කැම්පස් එකේ එකෙක්ටවත් දීලා බලන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. ඩීන්ව එලවපං ......... වැඩක් කරන්නෙත් නැතුව නිකං පුටු රත්කරන බුවානේ

      Delete
  13. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. එල එල !!!!! මං දාන්නං

      Delete
  14. කවුරු ලිව්වාම මට මොකද !!!!
    ඔය කියපු තුන්දෙනාවම මං දන්නේ නෑ බං
    ඔය නම කියපු බ්ලොග් දෙක දන්නෙත් නෑ
    අනික ඕක හෙව්වයි කියලා මට හෙට දවල්ට කන්න ලැබෙන්නේ නෑනේ බං

    ReplyDelete
  15. නියම වැඩේ බං.. ඇත්ත මොනවා උනත්.. ඉවසන් ඉන්න ඉන්න තමයි හැමදේම වෙන්නේ.. ඒ අතින් බලද්දී මේ කරපු වැඩේ හොදයි..

    ReplyDelete
  16. oka une 2005 wageda ban..? wijitha kiyanne wijitha pradeep neda ? mamath susame ekek thamai.. eth ban mehe uba athin pain damma kaali nisa kathawa thawa rasawath wela... habai dan ape iskole anathai.. balapanko hati... mama grade 1 indala 5 wenakam hitiye jayasinghe kiyala principal kenek.. a kaale susame maara sira iskolayak.. eeta passe jinawansa hamuduruwo awwata passe thamai iskole pirihenna gaththe... anika ban ape ekata aawe amu madawi haththa ne... magasin rode wanathe bandaranayaka pura maradana maligawatta ithin kawara kathada

    ReplyDelete
  17. මටත් ඉන්න තිබුනනම් කියලා හිතෙනවා උඹලාගෙ ඔපරේශන් වයිප් අවුට් එකට

    ReplyDelete
  18. අපිත් ඒ ලෙවල් කරන කාලේ විප්ලවයක් කළා මතකයි.. :) ඒ නං අපේ පන්ති වලින් අපිව එළවලා දාපු නිසා. සතියක් පන්ති තහනං කරලා තිබ්බ අපේ. :)

    ReplyDelete
  19. ඇයි බං උඹ දැං ලියන්නේ නැත්තේ

    ReplyDelete
  20. අඩේ මම මේක අද කියෙඋවෙ, මේ අපෙ ඉස්කෝලෙ මේ කතාවෙ සමහර කෑලි වැඩියි, සමහර වැදගත් කෑලි අඩුයි, බොරැල්ල සුසමයවර්දනේ, හදවතේ කොනක තියෙන මතක අවදි කරා හැබැයි, මමත් මේ කැරැල්ලේ ප්‍රධාන සාමජිකයෙක් කියල ආඩම්බරෙන් කියනව මම

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text