දවල් එකට විතර පිටකොටුවෙන් බස් එකට නගිනකොට කිසිම ඇදක් පළුද්දක් නැතුව හරි අපූරුවට තිබුන අහස , කඩුගන්නාව හරියට යනකොට කොහේ ගියාද කියලා හොයා ගන්න නෑ .වෙලාව උදේ නවට පහුවුනා විතරක් වුනත් ඒ වෙද්දි මුළු කඳුකරයම වෙලාගෙන තිබුන මහ මූසල වැහි අඳුරත් එක්ක ඒ බව හිතාගන් කාටවත්ම පුලුවන් කමක් තියෙන්න නැතුව ඇති .
මම අපේ ගමේදි විතරක් දැකලා තිබුන තරම් මහ පුදුමාකාර ඝණ මීදුමකින් මුලු කඩුගන්නාවම වැහිලා ගිහිල්ලා ගඩොල් කැට විතර ලොකු වැහි බින්දු වලින් මුලු පලාතම හේදිලායන්න තව වැඩි වෙලාවක් ගතවුනේ නෑ .කොහොමත් හෙමිහිට කන්ද නගින බස් එක අද තවත් හෙමීට ලොටන් ගත්තේ හෙඩ් ලයිට් ගහගෙන එන වාහනයක් වුනත් පේන්න පටන් ගන්නේ අඩි දෙකතුන් ලඟට ආවහම විතරක් වුන නිසයි .
ගිණි රස්නෙට සති ගානක් පෑවිල්ල තිබුන කොළඹින් බස් එකට නගිනකොට මේ වගේ කාලගුණයක් බලාපොරොත්තු වෙලා තිබුනේ නෑ .ඉතිං මං මේ ගමනට කිසිම විදිහකින් කුඩයක් එකතු කරගත්තේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ . කූඩේ ........ මෙතනින් පස්සේ සිද්ද වෙන හැම තුප්පහි සිද්දියකටම මුල ඔය කියපු කරුම කුඩේ තමයි .
කඩුගන්නාවෙදි කොටි බංකරේකට ශෙල් ගහන්නා වගේ පටන් ගත්තු වැස්ස නුවරම යනකල්ම කිසිම විදිහකින් අඩුවෙන්නේ නැතුව අපිත් එක්කම ආවේ කාලෙකට පස්සේ හම්බවුන පෙම්වතියව අතඇරලා යන්න හිතක් නැති පෙම්වතෙක් වගේ .
වෙනදා ස්ටෑන්ඩ් එකටම ගිහිල්ලා මිනිස්සුන්ව බස්සවන බස් එක අද නුවර ඔරලෝස් කණුව ගාවින් සේරම මිනිස්සුන්ව බස්සලා යන්න ගියේ කිසිම හිතක් පපුවක් නැති ගානට .
වැස්ස නිසා මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තවත් ඉඩ නැති බස් හෝල්ට් , කඩකාමර දිහා මහ වැස්සේ තෙමීගෙන බලාගෙන හිටපු මගේ ගැන ඒ කිසිම කෙනෙකුට ගානක්වත් නෑ . ඒ ඇස් වල ලියවිලා තිබුනේ ඕනේ අහක පලයං මෙතන නං ඉඩ නෑ කියන පණිවිඩය.
අඩියක්වත් ඉස්සරහට යාගන්න බැරි තරමට වැහැපු වැස්සේන් බේරෙන්න මට හෙවන දෙන්න අන්තිමට ඉදිරිපත්වුනේ පාර අයිනේ වහලා දාලා තිබුන ලොතරැයි කූඩුවක අඩි එකහමාරක වහලයක් . බෑග් එකකුත් බදාගෙන තෙමිච්ච කෑරලෙක් වගේ ඒක යටට වෙලා පාර දිහා බලාගෙන හිටපු මට තිබුනේ ' ඇයි යකෝ මං කුඩයක් ගෙනාවේ නැත්තේ කියන ' සිතුවිල්ලක් විතරයි .
වෙලාව පහට ලඟයි ඉක්මනට ගම්පොල බස් එක අල්ලගන්න බැරිවුනොත් ගම්පොල ඉඳන් හවස හයයි හතලිස් පහට තියෙන නාවලපිටිය බස් එක මඟඇරෙනවා . ඒ කියන්නේ වැස්ස දවසට බලු බල්ලෙක් නැතිවෙන ගම්පොල ටවුමේ තට්ට තනියම වෙව්ල වෙව්ල රෑ නවයට තියෙන සී ටී බී එක එනකං ඉන්න වෙනවා .
අහස දිහා බලාගෙන ඔහොම හිත හිත ඉන්නකොට ,නුවර @#$% එකේ පන්ති ඇරිලා , කීචි බීචිය දාගත්තු පාට පාට කුඩ ඉලහගත්තු සමණලියො ටිකක් ස්ටේශන් එක පැත්තේ ඉඳන් මං හිටපු පැත්තට එනන් පටන් ගත්තේත් , නිල් පාටට මුලු නුවර අහසම පාට කරෙගෙන විදුලි කොටන්න පටන් ගත්තෙත් එකම වෙලාවට .
එක දිගටම වැටෙන වැහි බින්දු අතරෙ හිරි වැටිලා තිබුන ඇස් දෙක නිවා ගන්න ඊට වඩා හොද දර්ශනයක් තියෙනවාද . වෙන කරන්නදෙයකුත් නැති නිසා තාලෙකට නැලවි නැලවි , ලස්සනට අඩි තිය තිය ඇවිදන් එන උඩරට මැණිකෙලා දිහා බාලාගෙන එක එක්කනා ගැන වෙන වෙනම අධ්‍යනය කලා.
" චූටි අයියේ ...... දෙයියනේ නාලා නේද !!! මෙහෙ එනවා මැට්ටො කුඩේ යටට "
ඒ රෑනෙන් , කුඩේ අතරින් රිංගලා එන හිරිකඩ නිසා සීතලට ගුලි වෙලා , තද හුළගට දඟකරන අකීකරු දිග කොන්ඩෙ පපුව හරහා වැටෙන විදිහට දාගෙන හිටපු කෙල්ලෙක් මගෙ ගාවට ඇවිල්ලා කථා කලේ ඒ විදිහට .
සුදුපාට ඩෙනිම් සායකට දම්පාට බෝල වැටුන බෝරිච්චි අත් තියන කහපාට බ්ලවුස් එකක් ඇඳගෙන හිනාවෙනකොට වම් කම්මුලේ පුන්චියට වලක් හැදෙන ඒ විසේකාර පොඩි එකීව මම කරප වෙන වෙනම අධ්‍යනයෙන් කොහොම මඟ ඇරුනද . මගේ විතරක් නෙවෙයි ඇස් තියෙන ඕනේ එකෙකුට ඒ ලස්සන වෙන්වෙලා පේනවා . එහෙම තියෙද්දිත් මට මඟ ඇරුනට කෙල්ල මාව මඟ ඇරිලා නෑ.
ඒ වෙන කවුරුත් නෙවෙයි , පොඩි කාලෙ ඉඳන් එකට කාපු බීපු , එක ඇඳුම මාරු කරගෙන ඇඳපු අචිනි නංගි .
" අනේ අම්මේ උදේ පාන්දර එල දෙනක් දැක්කා වගේ සතුටුයි අම්මපා . කොහෙද මෙහෙ මේ වෙලාවේ " හිතෙන් දෙයියන්ට පින් දෙන ගමන් මාත් කුඩේ යටට පැන්නේ එහෙම කියාගෙන.
" යනව යන්න , එලදෙනක් එක්ක කුඩේ යටින් යන්න නං ඔයා හරකෙක් වෙන්න ඇති . වැඩිය සද්ද දැම්මොත් දානව කුඩෙන් එලියට " ඔය කිව්වට අපි යයි කුඩෙන් එලියට .
" හරි හරි , වැස්ස පායනකං සාම ගිවිසුමක් ගහමුකෝ......... ඇත්තටම නංගි මේ වෙලාවේ ඇයි තනියම බාප්පා අවේ නෑද්ද එක්ක යන්න ? "
" තාත්තා ගම්පොලට එනවා කිව්වා , අපි දැං ලොකුයිනේ තනියෙන් තමයි ගමන........ ඒක පැත්තකි තියමුකෝ , චූටි අයියා ඇයි මේ වෙලාවේ නුවර ??? " කෙල්ල ඒ ප්‍රශ්නේ ඇහුවේ අමුතු විදිහකට හිනා වෙනගමන් .
" @#$ එකේ ක්ලාස් ඉවර වෙනකන්ද ???"
" ඔවු ඔවු මං මේ කොළඹ ඉඳන් නුවර ආවේ @#$@ එකේ ක්ලාස් ඉවර වෙලා යන ගොඩේ කෙල්ලෝ දිහා බලන්න තමයි "
" එතකොට අපි ගොඩේ වෙන්න ඇති ? " ඒකනං කිව්වේ අඩන්නා වගේ ස්වරයකින් .
" නෑ නෑ "
" ඇත්තදදදද ?? "
" උඹ නිකම්ම ගොඩේ නෙවෙයි ගොඩේ එලදෙනක් "
" ඈඈඈ.......... පලයං යන්න , ගිහිං තෙමියං " මාව අායෙමත් වැහි බින්දු අතරට විසිවෙලා ගියා .
" මොකද්ද කිව්වේ , අයියට පලයං කියනවද ? " ආයෙමත් පාරක් කුඩේ යටට රිංගගත්තු මං ඇහුවේ ටිකක් සැරෙන් වගේ .
" නැතුව .... අපි රිප්ලයි එක දෙන්නේ අපිට කථා කරන විදිහට තමයි. " නියමයි , මේකිත් මං වගේම හැදිලා .
" අයියේ ......පොඩ්ඩක් වැව රවුම පැත්තට ගිහිල්ලා ඇවිත් බස් එකට නගිමුද , ලස්සන කී ටැග් වගයක් දැක්කා එනගමන් එකක් ගන්න ඕනේ " කෙල්ලොත් එක්ක බඩු ගන්න යන එක ගැන අමුතුවෙන් ලියන්න ඕනේ නෑනේ. මොනවා කරන්නද කුඩේ තියෙන්න මේකි ගාවනේ .
කථවෙන් , හිනාවෙන් දෙන්නත් එක්ක වැව රවුමටත් ආවා කියමුකෝ .
" වෙනදත් මෙහෙම වෙන්න ඇති නේද! ක්ලාස් ඉවර වෙලා රවුම් ගහනවා . අද කමක් නෑ ආයේ එපා තේරුනාද ....... බස් එක මඟ ඇරුනොත් ගෙරද යන්න රෑවෙනවනේ "
" අනේ නෑ , අද එමු කිව්වෙ අයියා ඉන්න නිසා , නැත්ත මං ඊළඟ සතියේ කලින් ඇවිලා ක්ලාස් පටන් ගන්න කලින් ගන්නේ "
" හ්ම් හ්ම් "
වූල් වලින් , පබලු වලින් හැඩකරලා හදපු පුංචි පුංචි බෝනික්කොන්ගේ කීටැග් වගයක් දැකලා තමයි මේ ඇවිත් තියෙන්නේ . එ් ලෙවල් නෙවෙයි මොන රෙද්ද කලත් කෙල්ලො කැමති මේවටනේ කියන හැඟිමේන් බොහොම උපේක්ශාවෙන් මාත් බෝනික්කෝ තේරුවා .
ඒක කී ටැග් එකක් ගන්න ආපු ගැණු ළමයා නැවතුනේ අන්තිමට මගේ අතේ තිබුන තුන්සීයකට තවත් මොනවද කෑලි බෑලී වගයකුත් අරගෙන . අදෝමැයි !!!.
අපි ආපහු හෝල්ට් එකට යන්න කඩෙන් එලියට බහිනකොට වෙලාව හවස හය විතර ඇති . වැස්ස පායලා තිබුනත් තාමත් පොද ගහන එක නැවතිලා තිබුනේ නැති නිසා අපි තාමත් කුඩේ යට .
වැස්ස කියලා ගානක්වත් නැතුව වැව රවුමේ ඈතින් අපේ පැත්තටෙ ඇවිදගෙන එන කොල්ලෝ රංචුවක් දැකපු අචිනි නංගිව ටිකක් ගැස්සිලා වගේ ගියා .
"ඇයි ??? " මම එහෙම ඇහුවේ කෙල්‍ලගේ වෙනස තේරන නිසා.
" නෑ අයියේ , අර එන කට්ටියගෙන් එක කොල්ලෙක් ගෙන මහ වදේ අප්පා ..... "
" ඒ කිව්වේ ? "
" ඒකවත් තේරෙන්නේ නැද්ද !!! ඌම ඕනෙලු මගෙත් එක්ක යාළු වෙන්න . මට කැමතීලු !!!! " අචිනි එහෙම කිව්වේ ඈතින් එන කොල්ලෝ ටික දිහා බලලා ආයෙමත් පාරක් පේමන්ට් එක දිහා බලාගන්න ගමන් .
" අනේ මං කැමති නෑ අප්පා ........ ඒ කොල්ල මහ හොඳ නෑ ඉගනගන්නත් නෑ . මට එහෙම අය එපා . "
" ඇත්තටම කැමති නැද්ද ? නැත්තං දැම්ම කැමති වෙන්න කැමති නැද්ද ? " අයියා කෙනෙක් විදිහට නංගි ගේ ප්‍රශ්නයක් දිහා හැම පැත්තෙන්ම බලන්න ඕනේ කියන එක අද්දැකීමෙන්ම දන්න නිසයි මං එහෙම ඇහුවේ .
" කැමතිම නෑ ..... මං කියන්නද වැඩක් මෙහේ එනවකෝ තව ළඟට . අපි දෙන්න යමු උන් ඉස්සරහින් කපල් එක වගේ . එතකොට වත් පස්සෙන් එන එක නවතීනේ " හොඳ අදහසක් නොවන බව දැන දැනම මං ඒ අදහසට කැමති වුනේ ඇයි කියලා අද වෙනකනුත් හිතනවා .
කෙල්ලට බැල්ම දාන්නේ කවුද කියලා අමුතුවෙන් කාගෙන්වත් අහන්න ඕනේ නෑ . අපි දෙන්නා කුඩේ යටින් එනවා දැකපු එකෙක්ගේ මූණ පුංචි වෙලා ගියපු විදිහට මට තේරුනා කවුද බුවා කියලා. මූණත් පොඩි කරගෙන අපිව පහු කරලා යයි කියලා හිතුවට ඇත්තටම සිද්ද වුනේ මම සිද්ද වෙයි කියලා හිතපු ජාතියේ දෙයක් නෙවෙයි .
මලිගාව පේන මානේ තියලා ආපු වීරයෝ ටික අපිට යන්න බැරි වෙන්න පාරේ හරස් වුනා .
" තමුසේ කවුද ? " අචිනි දිහත් මගේ දිහත් මාරුවෙන් මාරුවට බලපු කොල්ලා ඇහුවා.
" සචින්ත , මෙතනින් යනවද අපිට වද නොදී " ඒ අචිනි .
" යන්න .....ඇයි අචිනි ඔයාට බැරි වුනේ මෙච්චර දවසක් මං පස්සෙන් එද්දි මෙහෙමයි මට කොල්ලෙක් ඉන්නවා කියන්න . මට වඩා මොනවද මුගෙ තියෙන්නේ . කවුද මේ ගොඩේ කැ@$$ "
" මුලින්ම හරියට කථා කරනවා ......... මේ මගේ කොල්ලා නෙවෙයි . අයියා "
" තමුසෙට කොහෙන්ද අයියලා ...... ඕයි !!!! අත අරිනවා මගෙ කෙල්ලගෙ අත " සචින්ත නම් වූ ඒ මහා වීරයා මගේ දිහාට අඩියකුත් තියලා එහෙම කිව්වා .
මේ වගේ වෙලාවලට මගේ මූණට හෙන කුප්ප හිනාවක් එනවා . මං හිතන්නේ ඒ වෙලාවෙත් ඒ හිනාව එන්න ඇති .
" හිනා වෙන්නේ ඇයි හු @$$ අත ඇරපං ..... " සෙට් එකේ තවත් එකෙක් එලිබැස්සා .මේ ඉන්නේ මං පොඩි කාලේ වඩාගෙන හුරතල් කරපු කෙල්ල ඒකි අත අතඅරින්න කියන්න මේ හිපාටුවා කවුද !
මෙච්චර වෙලා අල්ලගෙන හිටපු කෙල්ලගෙ අත අත ඇරපු මං නංගිගේ ඉන වටේට අත දාලා අල්ලගෙන වීරයා දිහා බැලුවේ උගේ මූණ නියමෙටම හැඟීම් ප්‍රකාශනය වෙන මූණක් නිසා .
" හිතාගෙන හිටියට බං මේ කෙල්ල උඹේ නෙවෙයි . ඒ නිසා දැං චාටර් වුනා ඇතිනේ . වද නොදී පලයං " ප්‍රශ්නේ ගොඩින් බේරගන්න ඕනේ නිසා මං හැදුවේ එහෙම කියලා කෙල්ලවත් අරන් හෝල්ට් එක පැත්තට යන්න .
ඒ්වුනාට ප්‍රශ්නේ එහෙම විසඳුනේ නෑ ! අපි අනිත් පැත්ත හැරුනා විතරයි . මගේ ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා ගත්තු වීරයා . මගේ මූණට කෙලලා ඇරියේ තියන ෆුල් ගටම දාලා . හදිස්සියේ වැදුන බලාපොරොත්තු නොවුන පාර නිසා කැරකිලා විසිවුන මං නැවතුනේ වළාකුළු බැම්මේ වැදිලා .
" අනේ අයියේ !!!! " මුළු නුවරටම ඇහෙන්න හයියෙන් කෑගහපු අචිනි මගේ ගාවට දුවගෙන ඇවිත් බදාගෙන හිටියේ කිසිම එකෙකුට දෙවනි පාරක් ගහන්න බැරිවෙන විදිහට . තත්පර දෙක තුනක් ඇතුලෙද ඇස්වලින් ගලාගෙන ආපු කඳුලු ගඟක් මැද්දේ ගිලිලා හිටපු නංගි පැටියා ගැන මට ඇත්තටම දුක හිතුනා .
ලබ්බෙ වැස්ස , මේක නිසා තමයි මේ සේරම. ඇඟේ එල්ලිලා හිටපු නංගිව බොහොම අමාරුවෙන් පැත්තකට කරපු මම අයෙමත් වීරයින්ගේ ගැන්සියේ ප්‍රහාරයකට මැදි වුනා . වෙනසකට තිබුනේ මේ පාර මම එහෙම එකක් බලා පොරොත්තු වෙලා හිටපු එක විතරයි .
මොන වීරයා වුනත් දහ පාලොස් දෙනෙක් වට වුනාම දෙමල ෆිල්ම් එකක් නෙවෙයි නං ගුටි කෑම අනිවාර්්‍යයි . ඒත් අවුරුදු 8ක් තිස්සේ ආත්ම ආරක්ශාවට ගුටි කෙලි ඉගනගත්ත එකේ පවර් එකෙන් .
දෙතුන් දෙනෙක්ටම නැගිටින්න බැරිවෙන පාරවල් දෙක තුනකින් සංග්‍රහ කරන්න මට පුලුවන් වුනා . වෙලාවට කොහෙන්දෝ අහුල ගත්තු කොඩි කනුවකට පින් සිද්ද වෙන්න වට වෙලා හිටපු දෙතුන් දෙනෙකුගෙ දනිස් පොල් කටු තිබුන තැන හොයාගන්න බැරි වෙන්න කෙලලා ඇරියා. දෙන්නා තුන්දෙනා වැටේද්දි උන්ගෙ සෙට් එකෙන් ආපු පීඩනේ සෑහෙන් අඩුවුනා.
විනාඩි තුනකට විතර පස්සේ ඇඟෙ ඉතුරු වෙලා තිබුන සම්පූර්ණ හයිය දාලා සචින්තගේ බෙල්ලට ඇදලා ඇරපු කික් එක නිසා ගේම් එක සම්පූරණයෙන්ම වෙනස් වුනා . දෙනෝ දාහක් මැද්දේ , නංගි ඉස්සරහ , නුවර ටවුමේ තනි එකෙකුට නෙලන්න එකතු වුන විසි දෙනාම වෙනුවෙන් එකතු වුන කේන්තිය නිසා නොවෙන්න ඒ කික් එක සාමාන්‍යයනේ අපි ටූනමන්ට් එකකදි වත් පාවිච්චි කරන එකක් නෙවෙයි.
ඒ පාරත් එක්ක තත්පර දෙකක් විතර ඇස් ලොකු වෙලා හිටපු වීරයා පාර මැද්දේ පතබෑවුනේ කෙහෙලේ කඳක් වගේ .........................
ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 02 සමඟන් ලඟදීම හමුවෙමු
huh.. huh..... යකෝ මේක හින්දි පිල්ම් එකක් වගේ නේ.. 2 බලන්න අනිවා එනවා..
ReplyDeleteවරෙං මචං ........ කාලෙකට පස්සෙනේ අපි ආවෙත්
Deleteඅනුවේදනීය ප්‍රේම ජවනිකා.... ත්‍රාසජනක සටන් ජවනිකා.... සමග මෙන්න නැවතත් විලක්කුව!
ReplyDelete2 ඉක්මනට දාන්ඩෝ!
ඉක්මනට දෙන්නම්!!!! ගොඩක් අය හිතන්නේ මේවා ප්‍රභන්ධ කියලා ..... ඒවුනාට මේවා ඇත්ත කථා
Deleteඊට පස්සේ උබට 2 දි වෙන දේ හිතාගත්තෑකි,බෝගම්වර ඉදල ලගදිද ආවෙ මෙච්චර කල් විලක්කු නිවල දාල තිබ්බේ ඈ? ඉක්කනට 2 දාපං දැං මේ කතාව කියවල කික් එකේ ඉන්න වෙලේ ;)
ReplyDeleteබෝගම්බර නොගිහිං ශේප් වුනා
Deleteහැබෑ ජීවිතේදීත් ඉඳහිට මෙව්වා තියනකොට අනාගතේදී මෙව්වා මතක් කිරීමෙන් ලැබෙන සතුට නිම්හිම් නැත.
ReplyDeleteකරුමෙ කියන්නේ පහුගිය අවුරුදු පහ ඇතුලත ඔය වගේ එව්වාඉඳ හිට නෙවෙයි දිගටම තිබුන එකනේ .........
Deleteඒ වුනාට පහු කාලෙකදි මතක් කරනකොට නං සුන්දරයි තමයි
ලියමු ලියමු ඉතුරු කොටසුත්. ළඟ දි තමා විලක්කුවෙ පෝස්ටුවක් දැක්කෙ!
ReplyDeleteමාස 6කට විතර පස්සේ මං හිතන්නේ මේ පෝස්ට් එකක් දැම්මේ
Deleteමම බැලුවා බෝගම්බර වහපු එකේ මේ අලකලංචිය මූ කියලා! එතකොට උඹට මේ අත්මාරක්සක ඒවත් පුලුවන්ද?
ReplyDeleteඔවු ඔවු .......... දෙයියංගෙ පිහිටෙන් ඒවා පුළුවං
Deleteනියමයි දෙවනි කොටසත් දාන්ඩ ෆිල්ම් පරාදයි මේ ලිවිල්ලට
ReplyDeleteතැන්ක් යූ වේවා ... ඉක්මනට දානවා
Deleteමේකා ඉදලා ඉදලා ලිවුවොත් වලි කේස් එකක්මනේ.. ලියමුකො බලන්න එහෙනම්..
ReplyDeleteඑව්වමනේ බං වෙන්නේ .......... මොනවා කියලා කරන්නද
Deleteඅයියා වලියක් තියනවා එන්න බැරිද
ReplyDeleteහේතුව ඕනේ නෑ ......... තැනයි දවසයි කියපං මං එන්නං
DeleteNiyamai..... ridennama dila thiyenawa.
ReplyDeleteapi eahemai :D
Deleteලියමු ලියමු... මාත් ආවා.... ^_^ වෙනද වගේම සුපිරි...
ReplyDeleteඇයි ආවේ -_- දැං අපිව පේන්නේ නෑනේ
Deleteතෑන්ක් යූ ^_^
සාමදානෙන් බැරි නම් වෙන මොනව කරන්න ද. නේද.. කියමුකො බලන්න අනිත් විස්තරෙත්.
ReplyDeleteඒකනේ කියන්නේ බං ! කොහොම හරි වැඩේ ගොඩ දාගන්නත් එපාය
Deleteකෝ බං රෙද්ද...මම දැන් හතර පස් පාරක්ම ඇවිල්ල බැලුව අලුත් කොටස දාල ඇති කියල..දාල නෑ නෙ.... :/ දාහංකො ඉක්මනට...අපිට කියවන්න ඕන -_-
ReplyDeleteko meke anith kotasa mamath dan kihipaserayakma avith beluwa.
ReplyDeleteko ban uba?
ReplyDeleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
කෝ.. මූ තාම හොස්පිටල් එකේද ? වලිකඩද ?
ReplyDelete