Social Icons

හොයමු බලමු

Wednesday, August 1, 2012

ආහ් ... ඇත්තද රාවනා එනවද 01 ... ( රෙද්ද තමයි ? )




කලින් දවසක් වර්ගපූර්ණිකාව ‍බ්ලොග් එක පැත්තේ ගියපු වෙලාවක ඒකෙ තියෙන දේවලට බඩ අල්ලගෙන හිනාවෙන ගමන් ,  ලොකු මිනිහ වගේ  රාවනා ආයෙ එන විදිහ ගැන පොස්ට් එකක් දාන බවට පොරොන්දු වුනා , ඔන්න ඉතින්  ඒ පොරොන්දුව නිසා මම අද ඒ ගැන ලියන්නයි යන්නේ .


ඔක්කෝටම කලින් හැමෝගෙන්ම සමාව ගන්න ඕනේ  සති දෙකක් තිස්සේ කිසිම පොස්ට් එකක් නොදාපු එකට ( කස්ටියට මාව මතකයිද මන්ද ) ..........ඒහෙම උනේ ඇයි කියල මම ඊලග පොස්ට් එකෙන් කියන්නම්කො ඈ !!!!!!!!!!


ඔන්න ඉතින් අද කරන්න ආපු වැඩේට බහිමුකෝ .......... 
                                   හැබෑවටම  ඉතින් ඔය කියන විදිහට  2012.12.21‍ රාවනා රජතුමා ආපහු ඇවිල්ල රට භාර ගන්නවද !  ඒක වෙන්න පුළුවන් දෙයක්ද !!!!! ඔන්න ඔය කියන මල ඉලව් මතය, ගොන් ආතල් දෙන්නෙ ‍මෝඩ ජෝක් කරන්න නැතිව විමසමුකෝ බලන්න !!!! මොකද , රාවණා‍ එන්නේ නෑ කියල කියන‍කොට පැහැදිලි පදනමක් තියෙන්න එපායෑ ..


රාමායනයේ කියල තියන විදිහට රාම රාවණා යුද්දෙදි රාවනා මිය යනව , ඒත් රාවනා කථා පුස්ථකය වගේම සිද්ද රාජ පත්තිරු වලත් තියෙන විදිහට රාම රාවණා යුද්දෙදි වෙන්නේ විශ ඊතලයක් වැදීම නිසා රාවනා
රජතුමා සිහි මූර්ජා වීම .ඉතින් ඔය කථාව වෙන්න පුළුවන් සම්භාවිතාව ගැන මම මෙතනදී කථා කරන්න යන්නේ නෑ !


ඔය කියපු පුස්කොළ පොතේ තියෙන විදිහට රාවනා දේහය ආපහු වතාවක් සාමාන්‍ය තත්වෙට හැරෙන්න ගතවෙන කාළය , රාවනා රජු ජීවත් වෙලා හිටපු කාලය කියල අපි හිතාගෙන ඉන්න කාලයේ ඉදන්   ඉදිරියට ගනන්  හදල බැලවොත් 2010 ත් 2015 අතර කාළයට වැටෙනව,    එතකොට ඉතින් ඔන්න දැන් රාවණා එන එක විහිළුවට අරන් ඉන්න අයගේ මතය ලිඛිත සාක්ශි මත බිද වැටෙන පදනමක් නැති කථාවක් වෙනව , මොකද  සිද්ද රාජ පත්තිරු කියන්නේ රාමායනය වගේ කථා පොතක් නෙවෙයි ඉතිහා‍ස පොතක් නිසා.


ඒත් ඔය කථාව ඇත්තද ! වෙන්න පුළුවන්ද ! මීට අවුරුදු 5100 කට විතර කලින් හිටියයි කියන , හිටපු බවට කිසිම විදිහක සාක්ශියක් මේ වෙනකන් හොයා ගන්න බැරිවුන කෙනෙක්, පොතක තිබ්බබ පළියට ආපහු එයි කියල හිතන්න පුළුවන්ද !!
හොදයි අපි ආපහු  ඔය  සිද්ද රාජ පත්තිරු දිහාට හැරෙමුකෝ බලන්න , ඒකේ තියෙන්නේ රාමගේ විශ ඊ පහරකින් සිහිමූර්ජා වුන රාවනා දේහය නුවරඑලියේ මහකුඩුගල කදු මුදුනේ ගලින් කල මන්ජුසාවක බෙහෙත් වලින් පදම්කරල තැම්පත් කරල තියෙනව කියල ( කවුරුවත් කියන කථා නෙවෙයි අදාල පුස්කොළ පොත් පෞද්ගලිකව කියවා ඇතිබව සළකන්න) .



 යලිත් රාවනා යුගයක් එනව කියල මේ පොතේ තියෙනව තමයි හැබැයි කිසිම තැනක කියල නෑ රාවනා රජු පෙට්යෙන් නැගිටලා ඇවිත් ,ඔය කියන රාවනා යුගය ඇතිකරනව කියල . අදාල කාළය ආවහම  ( ඒකියන්නේ  2012 දීය කියමුකෝ ) සාමාන්‍ය තත්වයට පත්වෙන රාවනා දේහය එක් ඇලයකින් තවත් ඇලයකට හැරෙනව කියල තමයි ලියල තියෙන්නේ .ඔය කාළය ආවහම  ආපහු රාවනා රජතුමා අවදි කරවන විදිහත් ඔය පොතේ තියෙනව !!!!!
මෙතන දී අපි ‍තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනව , ඒ තමයි කියල තියෙන වතාවත් කලහම රාවනා රජු අවදිවෙලා ලෝකය පාලනය කරනව කියන්නේ රාවනා රජතුමා  මරණයෙන් අවදිවෙලා රට පාළනය කරනව කියෙ එක නෙවෙයි ( එහෙනං ? ) . සරළව තේරුම් ගම්මුකෝ , කස්ටියම දන්නව නේද අර කම්මැලි පුතාල දෙන්නව ලෝකෙට වැඩක් තියෙන ළමයි දෙන්නෙක් කරන්න හිතිගෙන තමන්ගේ මරණි
න් පස්සේ වත්තේ හංගපු  නිධානේ අරන් ජීවත් වෙන්න කියල දරුවොන්ට ගොවිතැන උගන්නපු තාත්තගේ කථාව ( දන්නැති කවුරු හරි ඉන්නව නම් දන්න කෙනෙකුගෙන් අහගන්නකෝ ) , සිද්ද රාජ පත්තිරු වල තියෙන්නෙත්  ඒව‍ගේ කථාවක් , තේරුම් ගන්න නම් මොලේ තියෙන්න ඕනේ !!!!!!

ඔන්න මම අද ආරම්භයක් ගත්ත මෙතනින් නවතින් නෑ දවසක් ඇර දවසක් මේ ගැන ලියනව , හැමෝටම තේරුම කරවනව ‍, කොහොමද ඔය කියන යුගය එන්නේ කියල  . දැන් ඉතින් රස්සාවකුත් කොරන නිසා ටිකක් විතර බිසී නේ !!!!!!!!!! 


23 comments:

  1. රාවණා රජ්ජුරුවො ආපහු ආවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මොකෝ වෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ !!!!!!!!!! රාවනා රජතුමෙක් එයිද නැද්ද මම දන්නෑ ..... හැබැයි රාවනා යුගයක් නම් එනව ..... අනිද්ද වෙනකං ඉවසන්නකෝ මම කියල දෙන්නම් !!

      Delete
    2. ඔය එනවා කියන රාවණත්, උඩු රැවුලක් තියෙන නැෂනල් සූට් අදින කණ්නාඩි කේස් එක අතේ අරන් යන අයෙක් ද දන්නේ නැහැ නම් තමා. මේ දේ ගැන මට කිව්වේ මගේ මිත්‍රයෙක්. ‍‍‍අනේ මන්ද සහෝ... ( සහෝ කි‍ව්වේ සහෝදරයන්ටයි සහෝදරියන්ටයි හැමෝටම හොදේ)

      Delete
    3. ඔය මිත්‍රයා රාවනා උන්නැහේගේ පරපුරේ නම් කථෘව ඇත්ත වෙන්න ඇති

      Delete
  2. මේකනම් හොඳ ලිපියක්..

    දැන් මේ රාවණා බ්ලොග් එකට වෛරස් එකක් වගේ වෙලා ..

    ReplyDelete
  3. මම ආසයි මෙහෙම ලිපි කියවන්න..:) නියමයි සහෝ..:)

    ReplyDelete
    Replies
    1. :) දිගටම කියවන්න ..........

      Delete
  4. රාවනා කථා පුස්ථකය, සිද්ද රාජ පත්තිරු හොයා ගන්නේ කොහෙන් ද?

    ReplyDelete
    Replies
    1. ඊළග ලිපිය කියවන්න උත්තර ලැබේවි

      Delete
  5. මාත් කියෙව්ව! තාම හරියට තේරුනේ නැහැනෙ. ඉතුරු ටිකත් කියන්නකො බලන්න

    ReplyDelete
  6. ඇත්තටම මචන් රාවණා යුගයක් නම් දැනටමත් ඇවිල්ලනේ තියෙන්නේ.ආයේ ඕකේ වෙනසක් තියෙන එකක් නැහැ~

    ReplyDelete
    Replies
    1. තවමනෑ බං ......:) හැබැයි ලගදිම එනව

      Delete
  7. රාවණාවන් නැවත පැමිණි පසු රාවණ විරෝදින්ට හොද සම්බුවක් ලබා දෙනු ඇත. :P ශ්‍රී රාවණ සිද්ධම්෴

    ReplyDelete
    Replies
    1. මාත් බලා ඉන්නේ උන්දෑ එනකං තමයි .... සබ්බුව ලබාගන්ට :P ශ්‍රී රාවණම රාවනම සිද්ධම්෴ :):):):):):):):)

      Delete
  8. ඕවගේ ඇත්ටකුට් නැතුවම නෙවෙඉ, ඊත් ඉතින් අර 'වර්ගපූර්නිකව' කරන මොලේ අමරුකරය ලියන ඒවා කියෙව්වහම, ඒවා විශ්වාස කරන එකට් පුකෙන් හිනා වෙනවනේ,

    ReplyDelete
  9. කවුරු ව්ශ්වාස කලත් නොකලත් මම රවනා රජ්ජුරුවො අයෙත් එනව කියල විශ්වස කරනවා............ මොකද ඒක මගෙ ඇගට දැනෙනව.. මම රවනා ගුහවේ 750' බඩ ගාගෙන ගියපු එකෙක්.......... අනික ඒකට කියන්නෙ ප්‍රත්යක්ශය කියල...........
    මට මේක තමුන්ලා විශ්වස කලත් එකයි නොකලත් එකයි.....................

    මෙතන ඉන්න පුකෙන් හිනා යන උන් කියහල්ල බලන්න උබලා ගුරුත්වාකර්ශනය තියනව කියල පිලිගන්නවද???????????????????

    ReplyDelete
    Replies
    1. රාවනා කථාව දිගේ සීගිරියේ ඉදන් පිදුරංගල හරහා ඇවිත් දුමම්බර කදු පාමුලට එනකන් මාස 3ක් තිස්සේ මාත් , කථාවේ ඇත්ත නැත්ත හෙව්ව ..... දඩුමොනරය හම්බවුනා.. ඒක බොහෝම කාලෙකට කලින් වෙද මහත්තයෙනක් රාවනා තාක්ශනයෙන් හදපු එකක්ලු .ඒකාලේ උඩ ගියාට දැන්නම් තල්ලු කරන්නවත් බෑ .....
      ඒත් රාවනා එනව කියන එකට නම් මට එකග වෙන්න බෑ බං ... කිසිම සාදකයන් හම්බවෙලා නෑනේ !

      Delete
  10. ඕක ඔය කියනවට වඩා ගැඹුරුයි. ධ්‍යාන ශක්තියෙන් විතරමයි අවබෝධයක් ලබාගන්න පුලුවන් ඕක ගැන.

    ReplyDelete
  11. ඕක ඔය කියනවට වඩා ගැඹුරුයි. ධ්‍යාන ශක්තියෙන් විතරමයි අවබෝධයක් ලබාගන්න පුලුවන් ඕක ගැන.

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text