Social Icons

හොයමු බලමු

Thursday, April 11, 2013

ඉතින් සමුගන්න අවසරයි , සභාවෙන් අවසරයි ..................... - විලක්කුව-

සිංහල අවුරුද්ද ලබන්න  තියෙන්නේ  අතේ ඇඟිලි ගානටත් වඩා අඩු දින ගානක් . මතක ඇති කාලේ ඉදන්, හැම අවුරුද්දෙම මාර්තු මාසේ මැද හරියේ ගේ පිටිපස්සේ අඹ ගහේ වහලා ඉදන්ම පුදුමාකාර විදිහට වද දෙන  කොහා මේ පාර නෑ . කො‍හාට අවුරුදු අමතක වෙලා .....
     කො‍හාටයි මටයි කියලා ‍වැඩි වෙනසක් නෑ මටත් අවුරුද්දක් ලං වෙලා කියලා දැනුනෙ නෑ . වෙනදට ඇඳුම් ගන්න යන්න කථා කරන අම්මා මේපාර මට යන්න කථා කලේ නෑ . එයාල ගියෙත් නෑ . හැමෝගෙම හිත්වල මොකද්දෝ අමුතු දෙයක් හි‍රවෙලා , කාටවත් ඒ හිරවෙච්ච දේ එලියට දාගන්න විදිහක් නෑ . ඒ වෙන මොනවත් නිසා නෙවෙයි . කවදාවත් නැතුව මේ වගේ හෝන්දු මාන්දු ගතියක් දැනෙන්නේ ඇයි කියලා හිතා‍ගන්න  බැරි නිසා , ඇත්තම කිව්වොත් කියන්න තරං හේතුවක් නැති නිසා , හේතුව මොකද්ද කියලා හිතා‍ගන්න බැරි නිසා . 
                                                ගිය අවුරුද්දේ සැප්තැම්බර් මසේ දවසක විලක්කුව කියන බ්ලොග් එක පටන් ගන්නකොට  දිනෙල්ක කියන චරිතෙ වටේට ගොඩ නැගිලා තිබුනෙත් මේ දවස්වල තියෙනව වගේම වට පිටාවක් . හිතේ තියෙන දේ එලියට දාන්න විදිහක් නැති වට පිටාවක් . ඔනේවට වඩා වෙනස් විදිහට හිතුවාමත් හරි කරදරයි කියලා හිතෙන වට පිටාවක් මැදින් තමයි විලක්කුව පටන් ගත්තේ .
කොහොම මොන විදිහකට පටන් ගත්තත් මොකද කොළඹ ගෙන්දගම් පොලොවේ වාහන හෝන් සද්ද අස්සේ ඉදන් ලියවිච් විලක්කුවට උඹලා සේරම ආදරේ කලා .....................
වැඩිය කථා ලියවිලා නෑ , ලියවිච්ච කථා අතරේ කිසිම බොරු කථාවකුත් නෑ , මගේ අද්දැකීම් ඒ විදිහටම ලියවිලා තියෙනවා , කාටවත් ‍බො‍රුයි කියලා කියන්න බැරි විදිහට මගේ ජීවිතේ   වැදගත් කථා බොහොමයක් මේ බ්ලොග් එකෙන් එලියට ආවා .
 බ්ලොග් කෙරුවාවෙන් බොහොම ලස්සනට හිතන කොල්ලෝ කෙල්ලෝ ටිකක් අදුර ගත්තා . ගෙට්ටුවට ඇවිත් උන්ව හැබහින් දැක ගත්තා . බ්ලොග් ලෝකේ හරි ලස්සනයි , ඒක ඇත්තටම වෙනම ලෝකයක් .
ඔන්න ඔහොමයි කථාව ...............
           කලින් කිව්වා වගේම දැන් මාස තුනකට ලං වෙන්න වෙනවා විලක්කුවේ කිසිම දෙයක් ලිය වෙච්ච නැති ................. දැන් ඉතිං ඇතිනේ . මෙහෙම නිකං තියෙන එකේ තේරුමක් නැති නිසා මං හිතුවා මේක නවත්තලා දාන්න ..........පටන් ගත්තු හැමදේම කාලේ ඉවර උනාට පස්සේ ඉවර වෙන්න ඔනේ ...... බ්ලොග් එකටත් ඒ ධර්මතාවට වලංගුයි ...... අදින් පස්සේ විලක්කුව ලියවෙන්නේ නෑ ..............මගෙත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම බොහෝම ස්තූතී ..
අදින් පස්සසේ ලියවෙන්නේ විලක්කුව නෙවෙයි.......... 
විලක්කුව සීසන් 2 ........... :D
හරි එහෙනං වෙල්කං බැක් කිව්වා 

විලක්කුව ලියපු දවස් ටිකේ සමරියක් නොදුන්නොත් හරි නෑනේ .........
මගෙත් එක්කම ඒ කාලෙම පටන් ගත්තු හුඟක් බ්ලොග් වලට වීව්ස් 20000 ක් ගන්න පෝස්ට්  පනහක් අඩුම ගිහින් තියෙනවා ....... හැබැයි මට ගියේ පෝස්ට් 36යි .
ඔන්න සමරිය ,
පෝස්ට් - 36 
වීව්ස් ( ලියන වෙලාවෙදී ) - 24046
එක පෝස්ට් එකකට වීව්ස් සාමාන්‍ය - 667.94444
වැඩිම වීව්ස් තිබුන පෝස්ට් එක - ගනිකාවක් සමග පැයක් ( අමුවෙන්ම ) 
අඩුම වීව්ස් - හිඟනකම 
හිට් වෙන්න පටන් ගත්තේ - 18+ ද මන්දා 

                                 සභාවෙන් අවසරයි එහෙනං 

35 comments:

  1. ඔහොම තමයි අනේ එපා කරපු අවුරුදු හැමෝටම තියෙනවා.මටත් මේ අවුරුද්ද මහ කම්මැලි වගේ.එනිවේ සුබ පතනවා විලක්කුව සීසන් ටූ එකට!!!

    ReplyDelete
  2. සිරාවටනම් අනුමත නොකරමි....

    ReplyDelete
  3. වීව්ස් ( ලියන වෙලාවෙදී ) - 24046
    එක පෝස්ට් එකකට වීව්ස් සාමාන්‍ය - 66794444

    මට ගණන් බැරිද නැත්නම් කියන දේ මට තේරුම් ගන්න බැරිවද මන්දා... මොනවා උනත් කමක් නැ කොල්ලා... සීසන් 10ක් හරි ලියලා ඕක හැමදාම ලියපන්...

    ජය වේවා/...

    ReplyDelete
    Replies
    1. දශම තිත අමතක වෙලානේ .......... ඔන්න හැදුවා ........... අම්මපා මුටත් පේන එව්වා :D

      Delete
    2. දවසම ඉන්නේ බන් ඔය ගණන් පාට් එක්කනේ ඉතින්......

      Delete
    3. අන්න ඒකයි.......................... නේද :D

      Delete
  4. වෙල්කම් බැක්......

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කිව්වා

      Delete
  5. හරි එහෙනම් ජය සක් මැද සීසන් 2 එක පටන් ගනින්කෝ!!!!!!!!! එල!!!

    ReplyDelete
    Replies
    1. අද රෑට තමයි
      පටන් ගන්නේ

      Delete
  6. ඕන මගුලක්. 21 වෙනිදා වරෙන් ඈ...

    ReplyDelete
    Replies
    1. එන්න වෙන්නේ නෑ බං ............. මට එදාට ‍‍ට්‍රේනිං එකක් පටන් ගන්නවනේ

      Delete
  7. Replies
    1. හා .............. මෙයාව දැක්ක කල් කොහෙද ගිහින් හිටියේ

      Delete
    2. මම කොහෙවත් ගිහින් හිටියේ නෑ. දිනෙල්ක අයියනේ මොනවත් නොලියා හිටියේ... o.O

      Delete
  8. සීසන් 2 පටන් ගන්නව නං මොකද! මං හිතුව ඉවරයි කියල. හැබැයි බ්ලොග් ලියන්න ආපු එකෙක් කියල වහල යන්නෙ නෑ. යනව නං නොකියාම තමයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නං හැබෑව .......... ඒත් මං නං යනව නං යන්නේ කියලම තමයි

      Delete
  9. දිනෙල්ක මලේ ආයි වරෝ.... උඹ හොද එළ කොල්ලනේ....

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා .......... මේ ඉන්නේ

      Delete
  10. සුභ පැතුම් සුභ පැතුම් :D

    ReplyDelete
  11. මේකෙ ලියන්න ආපු එව්වො එහෙම ලාල යන්නෙ කොහෙද අපිල ඉල්ලකල්.

    ReplyDelete
  12. සුබ පැතුම් දිනෙල්ක..ඔබට ජය!!

    ReplyDelete
  13. ජය වේවා..සුබ නව වසරක් උඹට මලයෝ

    ReplyDelete
  14. මං හෙන ආසාවෙන් කියවපු බ්ලොග් එකක් බං... මං නම් ආසම අර ගෑණු හිතන් ඉන්නෙ පත්තිනි අම්මලද මොකක්ද මංද පෝස්ට් එක.. නම හරියට මතක නැතත් කතාව මතකයි...

    සුද අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  15. වෙල්කම් බැක් එහෙනම් මචෝ

    ආයේ ලියපන් වලි සීන් එහෙම :)

    ReplyDelete
  16. කස්ටියටම තැන්කයූ කිව්වා :) :) :) :) :) :) :) :) :)

    ReplyDelete
  17. අදේ මේ අන්තිමට ඉන්න කෙනා මට මතකයි ඩොලර් වලින් ලිප පත්තු කරනවා කියලා..

    ReplyDelete
  18. කොහෙද හැබෑටම ගොහින් හිටියෙ? ඒවටත් හරියන්න ලියන්න වෙයි ඔන්න!

    ReplyDelete
  19. එහෙනම් සීසන් ටූ, එපිසෝඩ් වන් වලින් පටං ගනිං දිනෙල්ක.
    දිනෙල්කටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text