Social Icons

හොයමු බලමු

Showing posts with label දුටිමි .......... Show all posts
Showing posts with label දුටිමි .......... Show all posts

Sunday, January 17, 2021

මරණය 01

 


''සර් මේ දැන් කෝල් එකක් ආවා වජිරාරාම පාරෙ ‍අඵතින් පදිංචියට ආපු කට්ටියක් ඉන්න ගෙදරකින් පුදුම විදිහේ කුණු ගඳක් එනවා කියලා. දවස් දෙකක් විතර තිස්සේ දොරවල් ජනෙල් වහලලු . කවුරුත් ඉන්න බවක්පේන්නෙත් නෑලු ,අද දවල් ඉදන් ගඳ ඉවසන්න බැරි තරම් වැඩී කියලා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා කියන්නේ.''


මහ පාන්දර පටන් අරන්  පැය දොලහක විතර ඩියුටිය ඉවර වෙන්න තව පැය දෙකක් විතරක් ඉතුරු වෙලා තියෙනකොට පුරුද්දක විදිහට රාජකාරී කාලය දික් කරන්න දෙවියෝ එවන මේ වගේ ‍දුරකථන ඇමතුම් සතියට හතර පාරක් විතර එන එක දැන් ජිවිතේම කොටසක් වෙලා . Thanks God 


''වෙන කවුරුත් නැති වෙයිද ජයසිරි, හෙන බඩගින්නේ ඉන්නේ , දවල්ට කන්න වෙලාවක් ආවේ නෑනේ හරියට ''


''අනිත් මහත්තුරු සේරම ඕ‍‍ෆ් එක දාලා සර් , ට්‍රැ‍ෆික් සරුයි , සරුයි විතරයි ඉතුරු හෙට ඉරිදා නිසා කට්ටිය වෙලාවටම ඕෆ් වෙලා .''


"OIC මහත්තයාට කිව්වද?"


"ඔව් සර් එනවා කිව්ව‍ා යන්න , කුරුප්පු සර්ටත් ලෑස්ති වෙන්න කිව්වා යන්න.” ජීවිතේ එහෙමයි , බැදපු නැති උන්ට කෲරයි.


 "හරි මම ටක්ගාලා තේ එකක් බිලා එන්නම් එහෙනම් සර් ලෑස්ති වෙලා එන්න කලින්"


***********************************************************************



මම දන්නේ නෑ මේක කිව්වට ඔයාලා විශ්වාස කරයිද කියලා . මට දැන් අවුරුදු විසි 28ක් වෙනවා. මේ අවුරුදු විසි අටෙන් වැඩිම කාලයක් මම හිටියේ කූ‍ඩුවක් ඇතුලේ . ඔව් යකඩ දැල් ගහපු යකඩින්ම හදපු කූඩුවක් ඇතුලේ . බිමට ලෑලි අතුරලා තිබුනා . ඒ ලෑල්ලට යටිනුත් ති‍යෙන්නේ යකඩ දැලම තමයි. පියන් දෙකේ දොරට ‍ලොකු ඉබ්බෙක් දාලා තිබුනා. ඉස්කෝලේ ගියපු කාලේ හැරුනාම එයාලා මාව මේ කූඩුවෙන් එලියට ගත්තෙම නැති තරම්. කාලය යන එක ගැන මට මහ ලොකු හැගිමක් තිබුනේ නෑ. දැන් දවල්ද රැ ද කියලාදැනගෙන හිටියෙත් නෑ . තනිකාමරයක් ඇතුලේ සේරම දොරවල් ජනෙල් වහලා ලයිට් එලියෙන් විතරක් කාලයක් ඉන්නකොට ඒ වගේ කාලය ගැන හැගිමක් නැති වෙන එකඅමුතුදෙයක්‍ නෙවෙයි‍නේ.


මට කූඩුවෙන් වත් ගෙදරින් වත් එලියට එන්න අම්මා කවදාවත් ඉඩ දුන්නේ නෑ. මගේ පෙනුම නිසාද දන්නේ නෑ.  අන්තිමට කන්නාඩියෙන් මූණ බලකොට වයසට වඩා ටිකක් වැඩිමල් පෙනුමක් තිබුනට එහෙම ලොකුවට ප්‍රශ්ණයක් මට තේරුනේ නෑ. 


කූඩුව ඇතුලේ පොඩි ඉඩට දැන් මම පුරුදුවෙලා වුනත් දුක හිතෙන එක නතර කරගන්න බෑනේ. එහෙම අමාරුම වුන දවසක මම අඩනවා. එහෙම වුනාම මම දන්න විදිහට අම්මා මාව නලවන්න ඕනේ වුනත් කවදාවත් එහෙම දෙයක් වුනේ නෑ. ඉස්කෝලෙ ඉවර වුනාට පස්සේ තාත්තා මට ගහන එකත් සික‍රට් කොට වලින් මාව පුච්චන එකත් දවසේ එක අංගයක් වූනාත. දකුණු අත සම්පූරණයෙන්ම පිරිලා තියන්නේ පිච්චුන තුවාල වලින් . උඹ අපේ පවුලට ආපු සාපයක් , පර බල්ලා කිය කිය තාත්තා මට බෙල්ට් වලනි ගහනකොට අම්මා කලේ ඒ දේවල් දිහා බලාගෙන හිටපු එක විතරයි. මම එයාලට කිසිම වරදක් නොකර මට මේ විදිහට සලකන්නේ ඇයි.


***********************************************************************


සීන් විසිට් එකට OIC ත් මුලින් යනවා කියන්නේ මේක ටිකක් ලොකු කේස් එකක් වෙන්න ඕනේ. ලොකුද පොඩිද අදාල නෑ රාජකාරි දිනයක ඔබ අවිවාහක ආදුනික නිලධාරියෙක් නම් ඒ කේස් එකට අනිවාර්්‍යයෙන් යන්න ඕනේ. කලිනුත් කිව්වේ , තනිකඩයින්ට මේකේ ජීවිතේ අමාරුයි.


කැන්ටින් එකක් නොතිබුන නිසා පොලිසිය ඉස්සරහා තිබුන තේ කඩේ අපි හැමෝම කැන්ටිමක් කරගෙන තිබුනා . මහ ලොකු වෙලාවක් තිබුනේත් නැති වුනත් දවල්ට කාලානැති ඇරියස් එක අල්ලනත් එක්ක බිත්තර ආප්ප දෙකකුයි ප්ලේන ආප්ප ‍තුනක් එක්ක , මගේ ස්පෙශල් ටී එකෙන් කොප්ප‍ දෙකකුත් විනාඩි 10ක් වගේ ඇතුත හිස් කර ගන්න පුලුවන් වුනා. ඕෆ් වෙන්න පොඩි වෙලාවක් තියාගෙන ආපහු යන්න වුන රාජකාරිය ගැන හිතේ එකතු වෙලා තිබුන කළු වලාකුටික බඩගින්න නිවුනට පස්සේ ටිකෙන් ටික අඩු වෙන් පටන් ගත්තා . බඩ පිරුනට පස්සේ හිත එකලස් කරගන්න ලේසි වෙනවා කියන කථාව ඇත්තක් වෙන්න ඇති. බන අහන්න එන බඩගිනිකාරයෙක්ට මුලින්ම ඒ ගින්න නිවාගන්න උදව් කරන්න කියලා බුදු හාමුදුරුවෝ කියන්න ඇත්තෙත් මේ නිසා වෙන්න ඇති. 


තව විනාඩි 10කදී මමත් ස්ථානාධිපති තුමාත් , තවත් පොලිස් නිලධාරින් පස් දෙනෙකුත් , අලූතින් පොලිසියට ලැබුන scopion ජිප් එකේ වෙල් යායාක් මැදින් රත්නපුර කඳු පැත්තට බලාගේන යන ගමන් හිටියා. පාර හොදට තිබුනත් , පොලිස් ඒරියා එකේ කොනක තිබුන ගමක් නිසා සිද්දිය වුනු තැනට යන්න අපිට තව විනාඩි 15ක් විතර ගතවේවි.


"අපරාදේ‍ සර් ආවේ. මට ගිහිල්ලා බලන්න පුලුවන් කම තිබුනා" මම එහෙම කිව්වේ වාහානේ ඇතුලේතිබුන නිහඩ බව බිදින්න හිතාගෙන. පුද්ගලික ජීවිතේත් පරික්ෂක ශේනියේ නිළ්‍ධාරීන් විතරක් ඉන්න තැනකත් හැරුනාම අපේ ස්ථානාධිපති තුමා තරමක නිහඩ චරිතයක් . 


''සිද්ධිය මොකද්ද කියලා හරියටම දන්නේ නැතත් කෝල් එකේ විදිහට වෙලා තියන දේ  අපිට අනුමාන කරන්න පුලුවන්නේ කුරුප්පු . ළඟදි පදිංචියට ආපු පිරිසක් ඉන්න ගෙදරක් , දවස් කීපයකින් කවුරුත් දැකලා නෑ , දැන් ගේ පැත්තෙන් තද ගඳක් එනවා. ඒ ඇතුලේ කවුරු හරි මැරිලා කියලාහිතන එක රොකට් සයනස් නෙවෙයිනේ. මේ සිද්ධියට මට කොහොමත් යන්න වෙනවානේ . ඉතිං මුලින්ම ගිහිල්ලා සින් එක විසිට් කරන එක වැඩිය හොදයි.''


''මම ඒ පැත්තේ ඉන්න අපේ ඥාති කෙනෙක්ට කෝල් එකක් දිලා බැලුවා . ඒ ගෙදර කීප දෙනෙක් හිටියලු සර් , බොහෝ වෙලාවට මර්ඩර් එකක් වෙන්න ඇති. පිටිපස්සේ සිට් එකේ හිටපු සැරයන් තුමත් කට ඇරියා. කුරුප්පු සර්ට අද ඔන්න ඉගනගන්න දේවල් නම් ගොඩක් තියේවී. මේවගේ කරන පලවෙනි කේස් එකනේ.''

 

මමත් ස්ථානාධිපති තුමත් දෙන්නම ඔළුව වැනුවේ එකම වෙලාවෙ. 


***********************************************************************


ඉස්කෝලෙ යන කාලෙ නම් පොඩි නිදහසක් තිබුනා උදේ පහට විතර කූඩුව ඇරුනා . හොදපු නිල ඇඳුම් හම්බ වුනාට ඒවා කවදාවත් මැදලා තිබුනෙ නෑ . ඒවා මදින්න මට එහෙම උවමනාවක්වත් තේරුමක්වත් තිබුනේත් නෑ. දෙක වසරේ ඉදන් හැමදාම ඉස්කෝලෙට ගියේ තනියම . මාව එක්කගෙන යන්න උවමාවක් තිබුනේ නෑ. කෑම හම්බවුනා සමහර දවසට. නැති දවසට කැන්ටිම ගාව ඉදලා එක එකාගෙන්  කැල්ල කෑල්ල ඉල්ලා ගත්තා. 


දවල් කෑමට දෙයක් බොරැල්ල උපවංශෙන් හොරකම් කරන්න පුලුවන් වුන දවස් වලදීහවසට මම ගෙදර ගියේ නෑ. කූඩුව අප්පිරියයි. එහෙම දවසට හවස් වෙනකල් බොරැල්ල පුරාම ඇවිදලා රෑ වේගෙන එනකොට ඉස්කෝල වත්තට ආයෙම පනිනවා. චිත්‍ර කාමරේ  නිදාගන්න කියාපුතැන. සීතලත්නැති  රස්නෙත්නැති අමුතු වටපිටාවක් තිබනා . දෙපාරක් විතර එතන නිදාගෙනඉදලා උදේ අහුවුනාට මම තැනනම් වෙනස්කලේ නෑ.


පන්තිවල උන් හේතුවක් නැතුව මට ගැහුවා. උන්ගෙ අතේ පයේ හිරි ඇරගන්න ගත්ත‍ෙ මාව. විකුම් ලගට වරෙන් කියලා අහේතුකව මාව වැටෙනකල් ගහනවා. ගුටි කාලා ගුලිවෙනවා හැරෙන්න ආපහු උන්ට ගහන්න විදිහක් මට තේරුනේ නෑ. 


එකොලහ වසරේ හිටියත් මට කිසිම අකුරු හතර පහක වචනයක් කියවාගන්න බෑ. ඒවා‍ පොත පුරාම එහෙ මෙහෙ දුවනවා පේනවා.ගානක් හදන්න බෑ. ඉලක්කම් කියවන් බෑ, චිත්‍රයක් අදිනකොට පාට එහා මෙහා වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ……..  ඉංග්‍රීසි ???? ඒ මොනවද….


***********************************************************************


අතර මගදි තැන් දෙකකි විතර අහලා හරියටම සිද්ධියට  වෙලා තියනවා කියන නිවස ලගට එනකොට වෙලාව හවස පහ හමාර විතර වෙලා. වටින් ගොඩින් කලුවර වැටිගෙන එන වෙලාව. කොහොමත් කඳුකර පැතිවලට අනිත් පැති වලට කලින් කලුවර වැටෙන එක සාමාන්‍ය දෙයක්.  ගේ‍ට්ටුවක් හෝ වැටක් නොතිබුන ඉඩමට ජීප් එක කෙලින්ම ඇතුල් කරලා ගේ ඉස්සරහම නතර කලා .


තරමක් හොදින් නඩත්තු කරපු බවක් පෙනෙන්න තියන පර්චස් 15 ක විතර ඉඩමක් ගිනිකොන දිග පැත්තට මුහුණදාලා හදපු තනි තට්ටුවේ ගෙදරක්. ඉඩමත් එක්ක සලකලා බලනකොට ගෙදර නම් තරමක අපුල ගතියකටයි පෙනෙන්න තිබුනේ . වත්තේ කොනකට වෙන් කොට තාප්පයක් බැඳලා තිබුනු බොලොක්ක ලිඳ නම් ටිකක් අමුතුයි. මේ පලාත්වල අඩි පහක් කපනකොට වතුර තියනවානේ ඉතිං එහෙම ගොඩක් ගැඹුරට කපපු ලිං දකින්න ටිකක් අමාරුයි. වත්තේ කොන් දෙකක් සරුවට හැදිලා තිබුන‍ රඹුටන් ගස් දෙකකි දවස් කීපයක් තිස්සේ වැටුන කොල රොඩු  එකතු වෙලා තිබුන නිසා තරමක අපිලිවල ගතියකුත් නොතිබුනාම නෙවෙයි. 


හැම දේයකටම වඩා විශේෂ ඒ පලාතම වැහිලා තිබුන ඉවසාගන්න බැරි කුණු ගද , කොල් කරලා තොරතුර දීපු මිනිස්සු සාදාරණයි. එහෙම ගඳක් උ‍හුලගෙන ඉන්න එක ලේසි නෑ . 

වාහනෙන් බැහැපු ගමන් හැම කෙනෙකුගේම අත් නහය ගාවට ආවේ නිරායාසයෙන්මයි. ගෙදර කවුරුත් ඉන්න බවක් පේන්න තිබුනේ නෑ .  පාලු මූසල ගතියකින් වට පිටාව වැහිලා තිබුනේ . ගේ ඉස්සරහා දොරට තට්ටු කලාට අරින්න කවුරුත් නැති බව දැන දැනම වුනත් සිරිතක් විදිහට අපි එහෙම කලා . කිසිම ජනේලයක් ඇරලා තිබුනේ නැතත් . ලෑලි ගහලා වහලා දාලා තිබුන එක ජනේලයක් අනිත් ඒවාට වඩා විශේයෙන් පෙනුනා . සමහර විට කාමරේ ඒ සී කරලා ඇති . එත් එහෙම මැශින් එකක් ඇති බවට වෙන සාක්ෂියක් පේන්න තිබුනේ නෑ. 


ගේ ඇතුලට යන්න ඕනේ කියලා අපි තීරණය කලා. ඉස්සරහා දොර ලොක් කරලා තිබුනේ නෑ . අගුල කරකවපු ගමන් නිකන්ම දොර ඇරිලා ගියා . එත් එක්කම ඇතුලේන් ආපු ගඳ ඉවසාගත්තු විදිහ මට අදටත් ගැටලුවක් . ටික වෙලාවකට කලින් කාපු ආප්ප ආපහු කට ඇතුලටම එන්න ගියේ තත්පර දෙක තුනයි . මට විතරක් නෙවෙයි තවත් කීප දෙනෙකුට එහෙමයි කියලා මම දැක්කට පස්සේ තමයි හිතට ටිකක් හරි ගියේ. කිසිම විදුලි ආලෝකයක් දැල්විලා නෑ . අනිත් හැම ‍කෙනෙකුටම එලියෙන් ඉන්න කියලා මමත් ස්ථානාධිපති තුමත් විතරක් ගෙදරට ඇතුල් වුනා . තියන හැම අඩිමකටය නිල මැස්සෝ සීයක් විතර පෑගෙන්න ඇති. මුලු ගෙදරම බිම වැහිලා තිබුනේ නිල මැස්සන්ගෙන් . සාමාන්‍ය මැස්සෝ වගේ මොකක් හරි බාදකයක් තමන්ගේ පැත්තට එනකොට උන් අයින් වේන්නේ නෑ . ඉතිං කරන්න දෙයක් නෑ. 


සාලෙත් කාමර කීපයකුත් බැලුවට අපිට කිසිම දෙයක් හම්බ වුනේ නෑ . ඒ අතරෙ තමයි කහපාටින් පින්තාරු කරලා තිබුන පොඩි දොරක් තිබුන ගබඩා කාමරේ දොර මම ඇරලා බැලුවේ . අදුරට ඇහැ හුරුවෙලා තිබුන නිසා නෙවෙයි නම් ‍එ දේ මට දැක ගන්න වෙන එකක් නෑ . ඒ අඩි තුනේ තුනේ ගබඩා කාමරය ඇතුලෙන් ලඟදි බිත්තිය කඩලා හලා තිබුන පැති දොරක් තියනවා . ගබඩා කාමරේ දොර ඇරෙන්නේ කාමරෙ ඇතුල් පැත්තට ඒ දොර ඇරුනාම අළුත් දොර පේන්න‍ෙ නැති විදිහට වැහිලා යන්න තමයි හදලා තිබුනේ . 


'' සර් මෙතන හැංගිච්ච දොරක් තියනවා  කියන පරක්කුවට oic  මහත්තයා එතන. ''


Wednesday, July 19, 2017

------බඩගින්න------



නුවර පාරේ ඉඳන් කිලෝමීටර දෙකක් ඇතුලට ගිහාම අන්ත දුශ්කරයි . ඉන්නේ එදා වේල හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු , බොහොම අව්‍යාජ ජීවිත මේ කරන රස්සාවට ආවේ නැත්තං මෙතනට අහිංසකයි කියන වචනෙත් දාන්න තිබුනා .
වෙන කොහොවත් නෙවෙයි මේ කෑගල්ල.

වැස්ස කාලෙට ගලන මහා වතුර පාරට සබරගමු කඳු පල්ලෙහාට හේදිලා යන නිසාවෙන්න ඇති ඒ ජීවිත වල තියන කර්කශක බව වත් පුරුද්දක් විදිහට විඳන දුකවත් අඩුම තරමේ සමන් දෙවියන්ට වත් ගානක් නැතිවෙලා.

මොන තරම් වැස්සත් රෑට කොයි තරම් සීතල වුනත් දවල්ට තියෙන රස්නෙ කොළඹට ගිණියමට දෙවනි වෙන්නේ නෑ . කුඩ ඉහලගෙන , වාහන ඇතුලේ ඒ සී එකට සම වැදිලා සනීපෙට යන අය ගැන පාරේ ගිනි කාගෙන දුම් බීගෙන වාහන වලට අත වනන අපිට ඊරිසියාවක් නැත්තෙමත් නෑ . වෙන මොනවත් නිසා නෙවෙයි ........... මේ දුක ඉවසන්න ටිකක් අමාරු නිසා . ඒත් ඉතිං කවුරුවත් බලෙන් ඇප්ලිකේශන් දාලා එන්න පුතේ කියලා රස්සාවට ගත්තෙ නැති නිසා කාටවත් දොසක් කියන්ත් බෑ . බැඳගත්ත නං පුතේ ගහපං බෙරේ .

ස්කූල් ටයිම් එකට එනකොට කෑගල්ල නත්තල් කාලෙට ටවුම ගෑස් පහ හන්දියට දෙවනි නෑ ..... වාහනයක් නැති අඟලක් හොයාගන්න හරි අමාරුයි . ඒ පැය තරං එපා වැඩ වැඩිවෙන පැයක් දවසේ වෙන වෙලාවක ඇතිවෙන්නේ නෑ . ඉතිං එතනින් පස්සේ අපි වුනත් පොඩි විවේකයක් නොගෙන බෑ . මැශින් නෙවෙයිනේ . 

කථාව සිද්ධ වෙන්නේ ඔන්න ඔය විවේක කාලෙදි . උසස් නිලධාරියා විදිහට මේක ලියන උන්දෑ වෙච්ච මම දෙයියනේ කියලා යටත් නිලධාරියත් එක්ක පොඩි විවේකයක් එක්ක තේ එකක් බොන්න කියලා හැමදාම පුරුදු තැන වුන දම්මික හෝටලේට ගොඩ වුනා . වෙනදා තරම් අව්වක් නොතිබුන තරමක වැහි අඳුරක් එක්ක අපි දෙන්න හෝටලේට ගියේ වෙනද යන පුරුද්ද නිසා වෙන් ඇති. 

නැති තැන කැ!@යෝ කියලා බැන්නාට ඉන්න තැන අපි තමයි දෙවිවරු, අප්පේ සැලකිලි , පුරුදු තැන නිසා අපේ අයටම වෙන් වෙලා වගේ තිබුන ටේබල් එකකුත් තියෙනවා .
පැයගාන්ක් හිට ගෙන ඉඳලා යාන්තමට ඉඳගත්තාම දැනෙන සනීපේ . ලිව්වට වත් කිව්වටවත් වැඩක් නෑ දෙයියෝ ඒක විඳලම බලන්න ඕනේ .
" සර් වෙනදා එකමද ? මේ මහත්තයව මොනවද !!! "

ඒ දමින්ද හෝටලේට මේ කොල්ලා ගියාම හැමදාම සර්විස් එක දෙන සාපිං මාමා . පුරුදු එක කිව්ව අමුතු අයිටම් එකක් නෙවෙයි .හෝටලේට ගියපු පලවෙනි දවසෙ මමම ගිහිල්ලා තේහඳන කොල්ලට කියලා මයිලෝ හැන්දක් , තලපු ඉගුරු කෑල්ලක් එක්ක පදමට වැඩිපුර සීනි කහට කිරිපිටි දාලා හදවගත්තු ස්පෙශල් ටී විලක්කුව එඩිශන් එක 

" දෙන්නමට ඒකෙන් දෙකක් ගේන්න අංකල් ."
කඩේ ඇතුලට එනකොට තිබුන වැහි අඳුර වැස්සක් වෙලා . කෑගල්ල එහෙමයි .
ස්පෙශල් ටී දෙකයි . සාපිං අංකලයා කෑගහගෙන තේ යාරේ ගාවට ගියා.
කඩේ ස්පෙශල් ටී කථව පටන් ගත්තේ මං කෑගල්ලට ආවට පස්සේ ( මං හෙන පොර ) . එතකල් තිබුනේ ටී එකයි ස්ට්‍රෝන් ටී එකයි .
ස්කූල් ටයිම් එක ඉවර වුන ගමන්නිසා වෙන්න ඇති සැලකිය යුතු පිරිසක් කඩේ ඇතුලෙ හිටිය වුනත් සාමාන්‍ය තත්වෙට වඩා නීවිලා ගියපු ගතියකුත් නොතිබුනාම නෙවෙයි .

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

" සර් "

කඩේ ඇතුලේ දාලා තිබුන සින්දුවත් එක්ක වෙනම කල්පනාලෝකෙක හිටපු මාව ඇහැරෙව්වේ රාලහාමි . මුල් දවස් වලනං මගේ තාත්තටත් වඩා වයසක නිලධාරීන් මේ පෙරේදා ආපු මට සර් කිව්වාම හෙන අවුල් වගේ වුනාට දැං පුරුදුයි .

මං හරිම ආසා සින්දුවක් , නන්දාමාලනී නොනගේ කට හඩට ගහන්න දැං ඉන්න කිසිම එකියකට බෑ ."

ඇත්ත ඒක හරි අමුතු පෞර්ශයක් තියෙන කටහඩක් ඒ ආයේ බිහි නෙවන ජාතියේ කටහඩක් ,මොන සින්දුව කිව්වත් සින්දුව මිනිස්සුන්ට සංවේදී කරවන්න පුලුවං කටහඩක් . 

අපේ ස්පෙශල් ටී දෙක මේසෙට ආවෙයි කඩේ දොර ලඟින් අවුරුදු තුනක විතර මල්පුංචි කෙලි පැටික්කියක් වඩාගත්තු බඩ දරු අම්මා කෙනෙක් ඇතුලට ආවෙයි එකම වෙලාවේ .
අනුන්ගේ දේවල් හොයන එක මගේ ගතිය නොවුනට මේ දෙන්න මොකද්දෝ හේතුවක් නිසා මගේ අවධානය දිනාගෙන තිබුනා . පුංචි කෙල්ලගේ තිබුන හුරතල් ගතියද !! තේරෙන්නේ නෑ . කොහොම හරි දෙන්නත් එක්ක ගියේ කඩේ කෑම රාක්ක ගාවට .
තාම ලන්ච් එක ඉවර නෑ ඒනිසා රාක්ක බත් ව්‍යන්ජන වලින් පිරිලා . කෙල්ලත් වඩාගෙන අර අම්මා හැම ව්‍යාන්ජනයක් දිහාම බලාගෙන ඉදලා අපි හිටපු ටේබල් එක ලගම තිබුන කැශියර් එක ලඟට ආවා . කෙල්ල අම්මගේ කොණ්ඩෙන් අදිනවා . මූනත් දෙහි ලෙල්ල වගේ ඇයිද මන්දා .

" මල්ලි .... "

" ම්ම්ම්ම්.... යකෝ කැශියර්ගේ ලොකු කම . පස්සේ අල්ලගන්නං.

" කෑම වල ගනං කොහොමද මල්ලි ... "

" විකන් නං 250 , බීෆ් තියෙනවා 275 , බිත්තර 150 , එලවලු තියෙනවා 140 ."

පොඩි කෙල්ල කැශියර් කොල්ලගෙ කැල්කියුලේටරේට කුරුමානං අල්ලනවා .
අර අම්ම කොල්ලගේ මූන දිහා ටිකක් බලං ඉඳලා ආපහු හැරිලා කඩේ දොර පැත්තට ගියේ අතේ හිටපු කෙල්ලගේ මූන යන්තම් අතගාලා කනට කරලා මොනවද කියන ගමන් . දොර ගාවන් එලියට යන්න ලැබුනේ නෑ පොඩි කෙල්ල අම්මගේ උරහිස අපාගෙන අඩනවා . සද්දයක් ඇහෙන්නේ නෑ ඒත කඳුලු බේරෙනවා .
පොඩි එකී මෙහෙම අඩන්න පුරුදුවුනේ කොයින්ද 

අම්මට මේක දැනුන නිසා වෙන්න ඇති . කෙල්ලගේ මූන දිහා ආයෙම බලලා ... ආපහු හැරිලා කඩේ ඇතුලට ආවා ..

අපිට එලවලු කෑම එකක් දෙන්නකෝ මල්ලි .."
එහෙම කියාගෙන ගෑණු කෙනා වාඩි වුනේ අපේ ටේබල් එකට අල්ලපු එකේ ...
පොඩි එකීව පුටුව උඩ ඉන්දවපු අම්මා පර්ස් එක අරන් උකුල උඩ තියාගෙන කාටවත් නොපෙනෙන්න සල්ලි ගන්ං කරන්න ගත්තා .
මගේ පපුව පත්තු වෙන්නපුලුවං උපරිමේටම පත්තු වුනේ ඒ පර්ස් එක දැක්කාම රුපියල් පනහේ කොලේකුත් විස්සේ කොල දෙකකුත් ඇරුනාම තිබුනේ දහයේ කාසි කීපයක් විතරයි .

අම්මා බඩගින්නේ හිටපු කෙල්ලව අරන් කඩෙන් එලියට යන්න හැදුවේ කෑම කන්න අතේ සල්ලි නැති නිසාද . දැං මේ බඩ දරු අම්මයි පොඩි එකී දෙන්නම කන්නේ එක එලවලු කෑම එකද !!! තේ එක බීබී හිටපු රාලහාමිත් මගේ දිහා බැලුවේ වැඩේ තේරිලා වෙන්න ඕනේ .
මේසෙට බත් එක ආවා ....... දෙයියනේ පොඩි එකී කොච්චර බඩගින්නෙ ඉඳලද කියලා තේරුනේ බත් පිඟාන මේසෙට එනකොට කෙල්ල යන්තමට අම්මා දිහා බලලා අප්පුඩි ගහපු එකෙන් . 

පොඩි කෙල්ලට හොඳට කන්න පුලුවං . අම්මා කලේ බත් එක අන අන කෙල්ලට කවන ගමන් යන්තං එහෙන් මෙහෙන් කටක් දෙකක් කාපු එක . දෙයියනේ තව මාස ගානකිං දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද !!!!! 

අපේ ගෙවල් වල බඩ දරු කිව්වාම කෑම පිඟන බෙදන්නේ දෙන්න පුුලුවං උපරිමෙන් දෙන්නෙකුට හරියන්න . ඒත් මෙතන .....
යාත්නමට ඇස් දෙකට කඳුලු උනාගෙන එන අතරේ මම මේසෙන් නැගිටලා හෙමින් හීරුවේ අම්මයි දුවයි ලඟට කිට්ටු වුනා .

" මිස් , මම බාරයක් වෙලා තියෙනවා මේ මාසේ පඩියෙන් දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්ට මොනව හරි අරන් දෙනවා කියලා .ඒත් ඉතිං හරිය තේරෙන්නේ නෑ මොනවද ගන්නෙ කියලා . මිස්ගේ අකමැත්තක් නැත්තං බාරේ ඔප්පු කරන්නත් තියෙන නිසා මං සල්ලි දෙන්න මොනවා හරි ඕනේ කරන දෙයක් ගන්න පුලුවන්ද ? "

අම්මා මගේ දිහා බලාගෙන හිටියෙ . මොනවා කරන්නද මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ....... අන්තිමට ඇස්ප දෙකත්ද තෙමාගෙන යන්තම් පද දෙකක් ගැට ගහගන්න පුලුවං වුනා .

" සර්ට යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඔනේ ....''

පොඩි එකීට මොනවා තේරෙනවා කියලද . ඒකි කලේ ලොකු ඇස් දෙක තවත් ලොකු කරගෙන බලාගෙන හිටපු එක
පඩි ලැබෙන්න තව දවස් 10 යි . මගේ වොලට් එකේ තිබුන අන්තිම රුපියල් 5000හේ කොලේ ගෑනු කෙනාගෙ අතේ තියලා . ඩියුටි ඕෆ් වේන්න හිතාගෙන පාරට ආවා ......
යාන්තමට ගහන පොදෙත් එක්ක හමන හුලඟ නිසා නටන කොන්ඩෙ වැහෙන්න කැප් එක දාගෙන හිරිකඩ පාරදිගේම ඇවිදගෙන යන මට ආයම මතක් වුනේ නන්දාමාලනීගේ සින්දුවේ පදු පේලි දෙකක් ...........

ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්
( විලක්කුව ලියවෙන්නෙ සෑහෙන කාලෙකින් . දන්නෝ දනිති , නොදන්න කට්ටිය ඉන්න නිසා මේක කියන්න වෙනවා . විලක්කුවේ ප්‍රභන්ධ නෑ, අත්දැකීම් විතරයි ...... බොහොම ස්තූති )

Thursday, October 10, 2013

ගෑණූ කොහොමත් විකිනෙන්නේ වැඩිම ලංසුවට බං !!!!




අයිස් ක්‍රීම් එකක් කමුද ? "

මොකක් ? 

අයිස් ක්‍රීම් බං !!!එව්වා එකක් කමුද ? ..... හැබැයි ෆලුඩා මැජික් "

මොලේ හොඳ නැද්ද යකෝ!!! "

ඇයි ? "

ඇයි අහන්නේ !!!! ගේ කපල් එකක් කියලා හිතයි ...... ෆලූඩා කන්න ..... මෙන්න මෙහෙ වර ගිහිං ස්ප්‍රයිට් පාරක් දාමු !!!! "

තර්කයක් නෑ ..... මේ දුක හිතෙන වෙලාවක් , එත් කවදාවත් නැතුව සජිත්ගෙ මුනේ තිබුනේ අතරමං වෙච්ච එකෙකුගේ පෙනුමක් . ඉස්කෝලෙ යන දවස් වල පන්තියේ හිටපු සංවේදීම චරිතේ , හිතේ තිබුන දේවල් හංඟන්නේ නැතුව කියලා දාපු  මනුස්සයෙක්ට මේ වගේ වෙන්න තරම් ........ ඇයි ඒ.....
නනාගේ කඩේ තවම තියෙනව නේද බං !!! උඹට මතකද අපි ඉස්සර සෙට් එක පිටින්ම ඇවිත් මෙතන බදු ගන්නවා , මුස්ලිම් මින්ස්සුන්ගෙන් මට හම්බවුන එකම හොඳම මිනිහා බං ....."

කඩේ තිබුනට නනා නෑ බං , දැන් වෙන එකෙක් කරනවා ඇත්තේ  ..... ලෝකෙට මුස්ලිම් වුනාට ඌ ස්ලාම්  නෙවෙයිනේ බං ...... "

හ්ම් ........ කොම්පඤ්ඤ වීදියේදි වෙඩි කාලා මැරුනනේ "

මිනිහා හිටිය නං අද ස්ප්‍රයිට් එකට සල්ලි  ඕනේ නෑ ....... මුලු හවස් වරුවටම සජිත්ගේ මූනේ ලාවට ඇදිලා ගියපු පලවෙනි හිනාව දැක්කේ ඒ වෙලාවේ .

******************************************************
දිනෙල්ක , හෙට උදෙන්ම පනා‍ගොඩ ගිහින් අළුත් ප්ලාන්ට් එකේ ඉලෙක්ට්‍රසිටි වැඩේ ඉවරයක් කරලා දාන්න ඕනේ හොඳද "

හොඳයි සර් "

මෙහෙන් හයට විතර පිටත් වෙන්න , නැත්තං පාදුක්ක ඉලෙට්‍රසිටි බොඩ් එකේ උන් ඩිස්මිස් වෙලා ඉඳි යද්දි ........ මගේ වාහනේ අරන් යන්න , අද හවසට මං ඒක තියලා යන්නං. පෙට්‍රල් වලට බිල් එක ගේන්න නැත්තං ක්ලේම් කරන්න බැරිවෙනවානේ.... ඕකේයියියි...... "

ඔකේ සර් මං යන්නම් "

                                  හෙනම උනන්දුවෙන් , ආසාවෙන් , උවමනාවෙන් ඕකේ සර් කියලා කිව්වට මොකද මට නං දැං තෝව මරාගෙන කන්න තරං කේන්තී ....... කාටද යකෝ උදේ 6ට වැඩට එන්න පුලුවන් ....... මට හොඳටම නින්ද යන්නේ 6ට ..... අනික ඒ වෙලාවට සික්කත් බුදිද කොහෙද . අද රෑ නං කකුලා විතරක් නෙවෙයි උගෙ ගෑනිවත් කොට්ටේ උඩ තියාගෙන තමයි බුදියන්න වෙන්නේ , නැත්තං කොහොමද 6ට වැඩට යන්න ලෑස්ති වෙන්නේ .......

******************************************************

ආහ් ........ දිනෙල්ක මහත්තයා !!!! ඉතින් කොහොමද ??? ඇයි අද උදෙන්ම ඇවිත් ....."

ඔවු ඔවු ..... මේ පනාගොඩ යන්න තියෙනවනේ ... කෝ **** මහත්තයාගේ වාහනේ තියෙනව නේහ්??"

" හ්ම් ...... ඊයේ යද්දි මට කියලා ගියේ අද  දිනෙල්ක මහත්තයා උදෙන්ම එයි ආවහම දෙන්න කියලා , රෙස්ට් රෑම් එකෙන් ඩ්‍රයිවර් කෙනෙක්වත් කථා කරලා ගන්න කිව්වා ."

ඇ යකෝ එහෙනං ගේට්ටුවෙන් එද්දිම  අද උදෙන්ම ආවේ මොකද කියලා ඇහුවේ ආච්චිගෙ වස්තරේටද ..... මට පේන්නේ සික්කා මාව කොචොක් එකට අරන්ද කොහෙද !!  මූසලයා ග්‍රවුට් වලකට වැටිලා මැරියං .

*****************************************************

වැඩේ ඉවරද මහත්තයා ? "

හ්ම් ........ මං දැනං හිටියේ නෑනේ ලයිට් ඉල්ලලා ඇප්ලිකේශන් එකක් දාන එන මේ තරං වෙලා යන වැඩක් කියලා . අර ග්‍රාමසේවකයගෙන් තමයි ලොකුම වදේ තිබුනේ . අම්මාපා අස්සනක් ගහන්න එච්චර වෙලා යනවනේ ඌට ."

ඕහොම තමයි මහත්තයා , ඔය මොකුත් නෑ කීයක් හරි මිට මොලවලා ආවනං ...... මිනිහම ඇවිල්ලා වයර් ටිකත් ඇදලා දෙයි ."

එකෙන් මේකෙන් මහින්ද අයියට දවල් කෑමත් පරක්කු වෙලා නේද !!! දැං එකත් පහුවෙලා මගේහිතේ ..... ෆෝන් තිබුනට ඒවගේ වෙලාව  වැඩ කරන්නේ නෑනේ ."

දැං ඉතිං ගිහිල්ලාම කමු ..... කෑමඑක පිළුනුවෙලාද දන්නේ නෑ "

                                   රටේ තියෙන කාළකන්නි පරිපාලනයත් එක්ක බැඳුන ක්‍රියාපිලිවෙත් ගැන අන්තෙටම කලකිරිලා ගොඩක් කල් නිසා මේ සිද්දියට මගේ හිත අළුතෙන් රිද්දන්න පුලුවන් වුනේ නෑ .ඒත් මෙතන නං විකාර ගොඩයි  විදුලිබල මන්ඩලේ කාර්්‍යාලය තියෙන්නේ පාදුක්කේ , සල්ලි ගෙවන්න ඕනේ හංවැල්ලේ මහජන බැංකුවට ......... කළමනාකරනය හා මහජන සුභසාදනය ගැන ඉතිං තවත් කුමන කථාද !

*****************************************************

 ජීවිතේ හරි පුදුමයි , කාලයක් අපි දොස්තරලා ඉන්ජිනේරුවෝ පයිලට්ලා වෙන්න හීන දැක්කා .එහෙම හීන දැක්කේ ඒ හීනෙ හැබෑ කරගෙන සන්තෝසෙන් ඉන්න , හීන හැබෑකරගන්න කළයුතු දේවල් සතුටින් කරන්න  ......දැන් හීනේ හැබෑ වේගෙන එනවා  , තව අවුරුදු දෙකකින් විතර හරියටම හරියයි .... ඒත් සතුට කෝ . "

" දැං මොකද්ද වෙලා තියෙන්නේ කියපංකෝ බං උඹයි මායි මේ සෙට් වුනේ අවුරුදු 5කට විතර පස්සේ , ඔලෙවල් වලින් උඹ  විසි වෙලා වෙන ඉස්කෝලකට ගියානේ ......"

ඔය මොකා වෙන්න හීන දැක්කත් වැඩක් නෑ ............ සල්ලි අපිව යට කරලා .සල්ලි තියෙන එකා තමයි හැමදාමත් දිනන්නේ , සල්ලි නැති එකාට වෙන්නේ මාසේ අන්තිම වෙනකං සල්ලි කාරයංගේ කුණු අදන එක .... "අහපු ප්‍රශ්නෙට උත්තර නොදී මූ බයිලා කියවනවා .

එහෙම තමයි බං මං අද දවසටම කෑවේ උදේ කෑම එක විතරයි . කන්න බොන්න ඕනෙ කමට සල්ලි හෙව්වට , අපිට සල්ලි දෙන උන් කෑම කන්න වෙලාවක් දෙන්නේ නෑ බං . සල්ලි දීලා අපේ ගාව තියෙන හැම දෙයක්ම උදුර ගන්නවා , වැඩේ කියන්නේ උන් ඒවා අපෙන් උදුරගෙන කියලා තේරෙනකොට පරක්කු වැඩී . "

මෙච්චර වෙලා ගෝල් ෆේස් එකේ බංකුවක ඇන්ද උඩට වෙලා ඉඳගෙන හිටපු සජිත් මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ . 

උඹ වෙනස් වෙලා , ඒ කාලේ උඹ ඔහොම කථා කලේ නෑ "

මේකට කියන්නේ අනුගත වීම කියලා බං ........... ආහ් එක නෙවෙයි , ඒලෙවල් කරන කාලේ එක දවසක් මං උඹව දැක්කා සුවිසයිඩ් බාලිකාවේ කෙල්ලෙක් එක්ක ජෝඩු දාල යනවා ........."

*****************************************************
කොහොමද දිනෙල්ක .......... වැඩේ කලාද ? "

ඔවු සර් දැන් ඇස්ටිමේශන් එක ආවාම ගාන ගෙවන්න විතරයි තියෙන්නේ !!!"

ගූඩ් ගූඩ් ....."

"දිනෙල්ක තව පොඩි වැඩක් තියෙනවා ....... කෑමට කලින් ඒකත් කරන්නකෝ ....."

It's time to play the game...
Time to play the game! Ha ha

It's all about the game and how you play it.
All about control and if you can take it.
All about your debt and if you...................

"ආහ්.... ආන්සර් කරලම එන්නකො !!!"

අම්මේ කථා කරපු එකාට පිං දැං ඉතිං කථා කරලා කාලම තමයි ඇතුලට යන්නේ , නැත්තං ඉතිං කන්න වෙන්නේ නෑ....
දන්න අදුරන නම්බරයක් නොවුනට කවුරු වුනත් තැංකූ වේවා 

හෙලෝ ........."
මචං දිනෙල්ක !!!!"
ඔව් "
මං සජිත් බං !!!!"
මොන......"
ඇයි බං **** මේ හිටියේ "
අඩෝව්ව්ව්ව්......... අවුරුදු කීයකට පස්සෙද !!!!  ඉතිං ඉතිං  කොහොමද නම්බරේ හොයා ගත්තේ ....
ඒ ගැන පස්සේ කථා කරමුකෝ , මට උඹව හම්බ වෙන්න ඔනේ අද හවසට ගොල් ෆේස් එක පැත්තේ වරෙං ...... මං කෝල් එකක් දෙන්නං ඇවිත් ....... අනිවා වරෙං ආ ... හෙන වැදගත් "
"උඹලව බලන්නත් ආසයි බං .... හරි හරි මං එන්නං ....."
.
.
.

දිනෙල්ක ....... ප්ලීස් කම් ඉන් සයිඩ් .."
කාලා හමාරයි ( ෆක් යූ )

*****************************************





                                                    බටහිර මුහුදේ කරදිය සුවඳත් එක්ක මුහුවෙලා එන මොකද්දෝ අමුතු සුවඳකින් මුලු වෙරළම පිරිලා ඉතිරිලා . වෙනද තරම්ම නැති වුනත්, අපේ ජීවිත කථාව වගේ ඔහේ පාවෙන සරුංගල් , ඒ දිහා බලාගෙන හූල්ලන පොඩිඋන්ගෙන් වෙරළ පිරිලා. එක පේලියට හයිකරලා තිබුන බංකු උඩට වෙලා තමන්ගෙම ලෝකවල තනිවෙලා වැරදි පැත්තට කුඩ ඉහලං ඉන්න පෙම්වතුන් , ඒ දිහා පිලිකුලෙන් බලලා සන්තෝසෙන් ඉන්න ආපු හවස්යාමේ ලේපුච්ච ගන්න වැඩිහිටියෝ ......... ඒ හැම දේම දිහා බලාගෙන මොකද්දෝ ලොකු කථාවක් කියන්න හදන අපි .

ඒ ගැන කථා කරන්න කියලා තමයි බං එන්න කිව්වේ .. ලොකුම ලොකු හුස්මක් ඇදලා ගන්න ගමන් සජිත් කථාව පටන් ගත්තා ."

ආහ් ......... බූට් එකක්ද ? ඕවා ඔහොම තමයි බං ....... කවුද ගනං ගන්නේ , අනික එහෙම එකක් කෑවෙ නෑ කියන්නේ ජීවිතේ ලොකු අඩුවක් . "

උඹ කියන තරං ඒහෙම එකක් දරාගන්න ලේසී නං මොනවා කරන්න බැරිද බං ."

කවුද කිව්වේ ලේසී කියලා ...... ලේසි නෑ බං .....ඒත් මුහුද දිහා බලාගෙන හිතුවා කියලා ගිය එක එන්නේ නෑ බං ..... මං දන්නවා , දැන් උඹ මුලු ගෑනු සංහතියටම වෛර කරනවා ඇති . "

පිස්සුද බං ....... මං ඒ තරං බිමට වැටිලා නෑ, මටත් අම්මෙක් අක්කෙක් ඉන්නවානේ , ලස්සනට ආදරේ කරන කෙල්ලොත් දැකලා තියෙනවනේ ... ඒත් හරි අමාරුයි බං ."

මොකද උනේ කියපංකෝ  "

 මට ඒකිව හම්බ වුනේ  ඒලෙවල් කරද්දි තමයි , අර උඹ දැක්කා කිව්වේ , ඒ ඒයත් එක්ක යනකොට වෙන්න ඇති . මට වෙන කෙල්ලෝ හිටියේ නෑනේ බං . පලවෙනි  ලව් එක !!!! "

ම්"

ඒ ලෙවල් ඉවර උනා , දෙවනි පාරත් කලා ..... අපි දෙන්නම , විභාගෙ පාස් වුනත් කැම්පස් යන්න බැරිවුනා. ජොබකට සෙට් වුනා . "

ඉතින් ......"

අවුරුදු හතක් අපි එකට හිටියා බං . මීට මාස දෙකකට කලින් කෙල්ලත් ජොබ් එකක් පටන් ගත්තා . ***** ට්‍රස්ට් බැංකුවේ , ***ය බ්‍රාන්ච් එකේ. "

ඉතිං ..........."

මං කවදාවත් කෙල්ලගේ ෆෝන් එක අරන් මැසේජ් කියවලා නෑ ...... එයාගේ එෆ් බී එකවුන්ට් එකේ පාස්වර්ඩ් ඉල්ලලා නෑ , ඊමෙල් පාස්වර්ඩ් ඉල්ලලා නෑ .....  ගමනක් යන්න හදනකොට එපා කියලා නෑ . කොටින්ම උපරිම නිදහස් "

අපිට උංව හිර කරලා තියන්න බෑනේ බං "

ඒ නිසා තමයි බං මාත් අරම කලේ 
ඉතිං ......... ගිය සෙනසුරාදා උදෙන්ම මට කෝල් කලා , අපි හැම සෙනසුරාදම හම්බ වෙනවා , කොහෙ හරි යනවා , කනවා බොනවා . විහිලු කරනවා ,...... මේ සෙනසුරාදා උදෙන්ම කෝල් කරලා කිව්වා අද එන්න වෙන්නේ නෑ . යළුවෙක්ගේ මල ගෙදරක යන්න තියෙනවා සොරි කියලා ......
                  මොනතරං දුක හිතුනත් බං , යන්න එපා කියන්නෙ කොහොමද ! මලගෙදරක්නේ .... මං හා කිව්වා , කොහෙවත් යන්නත් නැති එකේ මං පබ්ලික් ලයිබ්‍රියට ගියා යාළුවෙක්ගේ පොතක් එලිදක්වන උත්සවේකට එන්න කියලා තිබුන නිසා . යන්න නෙවෙයි හිටියේ ඒත් ගියා බං ........ 
                     අපි ඉතිං තාමත් ගමන ලක්ෂ 60 වාහනේ නේ බං ...... ටවුන් හෝල්එක ගාව තියෙන 155 බස් හොල්ට් එකට වෙනකං ඇවිදන් ආවේ විහාරමහාදේවි එක පැත්තෙන් .උඹ විස්වාස කරපං අවුරුදු හතක් තිසේසේ මං පන දෙන්නං කියලා කියපු අපේ ගෑනි ඇතුලෙ ඉඳන් එලියට එනවා කොල්ලෙක් එක්ක...... මට හිටපු තැනත් අමතක වුනා බං විනාඩි දහයක් විතර යනකං , කර කියාගන්න දෙයක් හිතාගන්න කලින් උන් දෙන්නා ප්‍රාඩෝ එකක නැගලා යන්න ගියා . "

සල්ලි කාරයෙක්........ඒත් . යාළුවෙක්ද දන්නේ නෑනේ බං "

උඹට පිස්සුද බං , එහෙමනං අත බදාගෙන තුරුල් වෙලා එයිද  අනික ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වුනානේ ! "

ඒ කොහොමද ? "

මාසයක් විතර තිස්සේ කෙල්ල මට කෝල කලෙත් අඩුවෙන් බං , මං කෝල් කරපු ටික විතරයි ඒකි කලේ කෝල් කලොත් ආන්සර් කරන එක විතරයි . අර සීන් එකෙන් දවස් හතරක් විතර යනකන් මං කෙල්ලට කථා නොකර හිටියා , මොකද වෙන්නේ බලන්න . "

ඉතිං ? "

වැඩක් නෑ බං ....ඒකිට මං උන්නද මලාද කියලා හොයන්නවත් උවමනාවක් නෑ ... කෝල් එකක් නැතිම තැන මං ඊයේ හවස ගියා කෙල්ලගේ ගෙදර . "

යකෝ ..... උඹ මාර පොරක්නේ "

අවුලක් නෑ බං .... ගෙදරින් දන්නවා ., "

හ්ම් ...... ඉතිං "

වෙනදා හෙන හැපි එකෙන් පිලිඅරං කාමරේටම ඇදං යන කෙල්ල අද එලියට ආවෙත් මං ගිහිං විනාඩි දහයක් විතර පුටුවක ඉඳං හිටියාම , අම්ම උනත් හෙන අකමැත්තෙන් හිටියේ ,..... හරියට නිකං තරහකාරයෙක් ඇවිත් වගේ ......
                        කෙල්ල ඇවිත් ඇහුවා දැන්ද ආවේ කියලා , ඉතිං මොනවා කියන්නද බං ,....... වැඩිය වටේ යන්නේ නැතුව මං කෙලින්ම ඇහුවා කවුද අර එදා හිටපු පොර කියලා .......සෑහෙන වෙලාවක් යනකං කෙල්ලට උත්තර නෑ . "

එහෙම පුලුවන් ද බං උත්තරයක් දෙන්න එපාය..... මොන හු**ද "

සොරි ...... අපි හුඟක් කල් එකට හිටියා ,  අපි ගැල පෙන්නේ නෑ , මට ඔනේ දේ දෙන්න ඔයාට බෑ , ඔයා ඒක තේරුම් අරන් මට යන්න දෙයිකියලා මං හුඟක් කල් බලාගෙන හිටියා . ඒත් එහෙම වුනේ නෑනේ, ඉතිං මං තීරණය කලා ඒ තීරණය මමම ගන්න ඔනේ කියලා .කැම්පස් නොගියට කමන්නෑ , ඒත් ඔයා හිතන්නකෝ ඔයා ගන්න හිඟන පඩියෙන් කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා . ම් ....... බෑ නේද !! ඒකයි මං ජොබ් එකකටත් ගිහින් බැලුවේ පුලුවන්ද කියලා ..... ඒත් බෑ .... සොරි සජිත් මේක ඉවරයි 
ඒකි එහෙම කියාගෙන කාමරේ ඇතුලට ගියා බං .......විනාඩි ගානක් යකනං සජිත්ට කියන්න දෙයක් හිතාගන්න මට පුලුවන් වුනේ නෑ .
උඹට මතකයිනේ දිනෙල්ක , අපි දෙන්නම එකට ඩිබෙටින් ටීම් එකේ හිටියේ , උඹ කැප්ටන් කරද්දි මං ෆෝත් , මං කැප්ටන් කරද්දි උඹ ෆෝත් . කවදාවත් කවුරුවත් කියපු දේකට උත්තර නොදී ඉන්න තරං මාව හිර වෙලා නෑ . ඒත් ඊයේ ........ "

                                        ලෝබ කමක් නැතුවම ඇස් ඇතුලේ හිරවෙලා මෙච්චර වෙලාවක් දුක්විදපු කඳුලු පේලියක් මුහුදු හුළඟත් එක්ක පැටලුන හැන්දෑ අදුරට එකතු වුනේ කොල්ලගෙ හිතේ තෙරපෙන්නේ මොනතරං දුකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න වගේ . පිරිමියෙක් ලේසියෙන් අඩන්නේ නෑ , අඩනකොට හිත හදන්නත් ලේසියෙන් බෑ.

සජිත් , මචං ප්‍රශ්න එනවා තමයි බං , ඒත් ඒවට වැටිලා බෑ ...... "

උඹ දන්නවද .... ඊට පස්සේ කෙල්ලගෙ අම්මා ආවා , මං මගේ කෙල්ලව හැදුවේ තැන තැන වැටිලා රස්සා කරන්න නෙවෙයි .අවුරුදු 22ක් වෙලත් බස් එකේ යන  මං වගේ හිඟන්නෙකුට නෙවෙයි ඒකිව දෙන්නේ මොනවා නැතත් සල්ලි තියෙන එකෙකුට කිව්වා . වෙන වෙලාවක ඔහොම එකක් කිව්වා නං මං උත්තර දෙනවා බං , ඒත් වෙලාවෙ හැටියට මට වචන එකතු කරගන්න බැරිවුනා ..... මං හිඟන්නෙක්ද බං දිනෙල්ක?
ඇයි බං මේ සම්භන්දේ ඉවරයි කියලා නැවත්තුවෙ නැත්තේ , මගෙ අම්ම තාත්තවත් එහෙම කියලා නෑ බං."

උඹට පිස්සුද බං , එහෙනං මේ රටේ බස් වල යන සේරම හිඟන්නෝ වෙන්න එපාය . අනික වාහන වල යන උන් තමයි බං හිඟන්නේ , උන් අනිත් උන්ගෙං හිඟාකාපුවා එකතු කරලා තමයි ඕවා ගන්නේ , ඔන්න බලහං මං කිව්වා කියලා මතක තියාගනිං . එකිව අරන් යන එකා ගැන ඒකිගේ අම්මා හිතාගෙන ඉන්නේ අර විදිහට නං ........ උඹේ කෙල්ලව අරන් යන එකා ඒකට කන බොන ටික දෙන්නෙත් මැනලා කියලා. "

ආත්මීය ආදරය , ආත්ම ගනාක් එකට හිටපු කථා , පණ දෙන සීන් අපිත් ඒවා විස්වාස කරගෙන බඩ බැඳං හිටපු මිනිස්සු
                                                          ඒත්මේවා සේරම බොරු කථා බං .ආදරේ කියලා දෙයක් නෑ බං , කවුරුත් ආදරේ කරන්නෙත් නෑ , ඇත්තටම ආදරේ කරන උනුත් මේ වගේ දේවල් නිසා ආදරේ විස්වාස කරන්නේ නැතිවෙනවා බං .  ගෑනු කියන්නේ වැඩිම ලංසුවට විකිනෙන බඩු බං . උන් යන්නේ තමන්ට වැඩිම වටිනාකම දෙන එකාගාවට . ඒ වගේම උන් ඒ වටිනාකම බලාපොරොත්තු වෙන්නේ සල්ලි වලින් මිසක් ආදරෙන් නෙවෙයි .  අපි ජීවත් වෙන්න ඕනේනේ බං , ඒකට සල්ලි ඕනේ ඒ නිසා කෙල්ලෝ ඒවගේ වැඩිම ලන්සුවට යන එක වැරදී කියලා මං කවදාවත් හිතන්නේ නෑ ........ 
"

                                    බැහැලා ගියපු ඉරත් එක්කම පායාගෙන ආපු තරුවලින් අහස පිරිලා . ෆ්ලෑශ් ලයිට් එලියෙන් පේන වෙරල පුරා දුවන කකුලුවෝ රෑනක් හදිස්සියේම කඩාගෙන ආපු රළපාරකට අහුවෙලා මුහුදටම ඇඳිලා ගියා . තමන් කරපු වැඩේ ගැන දුක හිතිලා වගේ කකුලුවෝ වෙනුවට සුදු පාට පෙන ඉතුරුකලා රැල්ලත් යන්නම ගියා .

අපි වෙන කෙල්ලෙක් හොයාගමු බං , වෙරලේ ඉන්නේ එක කුකුලුවද .."

හ්ම් ....... සජිත්ගේ කඳුලු වේලිලා . ලාවට හිනාවක් මතුවුනා . හොයාගමු  හොයාගමු , හැබැයි මං ආයේ ආදරේ කරන්නේ නෑ ,  සල්ලි හොයනවා විතරයි ,ඊළඟ මාසේ මං ඇමරිකාවේ යනවා ....... පහුගිය සෙනසුරාදා කෙල්ලව හම්බවෙලා මං ඒ ගැන කියන්න හිටියේ . මං අර හදපු පෑනට පේට්න් එක ලැබුන නේ  , ඒ විස්තරෙත් දාලා මං එහෙ යුනිවර්සිටි එකකට ලියුමක් දැම්මා . උන් මට ෆුල් ස්කොලශ්ප් එකක් දෙන්න කැමති වුනා . ලියුමත් ආවා . පාට් ටයිම් ජොබ් පර්මිට් එකකුත් දුන්නා . "

සුපිරි මචං සුපිරි ........... අරකි මේ සීන් එක දැන ගත්තහම අපරාදේ කියලා හිතෙයි . මෙච්ච වෙලා මූඩ් ගහල හිටපු මටත් අමුතුම කික් එකක් ආවේ ඒ ආරංචියත් එක්ක

මට ලංකාවෙන් යද්දි කියලා යන්න හිතුනේ උඹට විතරයි බං . මං දිනේ කියන්නං එයාපෝර්ට් වරෙං ... "

එල එල ......... අවුරුදු කීයකටද ??? "

මං ආයේ එන්නේ නෑ .........අළුතේන් හදපු ජැටිය පැත්තට එන නැවක ලයිට් එලිය දිහා බලාගෙන සජිත් කිව්වා .

මේ පිස්සු නං කෙලින්න එපා ඇ ...... අපි මේ රටේ  නිදහස් අධ..... "

අනේ උඹේ ලබ්බේ බණ........... අපි එහෙම ඉඟන ගත්ත තමයි . ඒත් එහෙම ඉගගෙන අපි මොනව හරි කලාම කෝ බං පිළිගැනීමක් . කෝ අපිට කරන්න රස්සා ,අපේ නිර්මානශීලීත්වය බල්ලට දාලා , අපිව ගනං ගන්නේ නෑ බං . මෙහෙ තියෙන්නේ ගාමන්ට්වලයි , බැංකුවලයි ජොබ් තමයි . සයන්ස් කරපු අපිය කෝ ගැලපෙන ජොබ් .........ඒකනේ බං සයන්ස් උපාධි කාරයෝ සේරම රට දාලා යන්නේ . මේ රටේ  උන්ට තැනක් නෑ . පිස්සු හුත්*** තමයි මෙහෙ තැන තියෙන්නේ . අපිට උඹලට හරියන්නේ නෑ බං මෙහෙ.
              දැන් උඹ බලපං , මට අර පෑණ හදන අයිඩියා එක දුන්නේ උඹ , මූලධර්මෙ පෙන්නුවේ උඹ ...... උඹ මොනවද කරන්නේ ජොබ් එකට ආහ් ...... මං යනවා බං ආයේ එන්නේ නෑ ,අම්මලාවත් එහෙට ගන්නවා , සුද්දියෙක්ව බඳිනවා , උන් හෙන ඕපන් ........ උඹත් එනව නං වරෙං .... මං දාපු යුනියටම ඇප්ලයි කරපං ඒත් ඊට කලිං මට කියලා දුන්න වගේ ප්‍රින්සිපල් එකක් ඇප්ලයි කරලා අළුත් දෙයක් කරල වරෙං , එතකොට උන් පිලිගන්නවා උඹව ........උඹට එහෙ ආපුවාම උදව් කරන්න මං සැදී පැහිදී !!!! මොකද මේ ලෝකෙට ඕනේ උඹලා වගේ මිනිස්සු ....
                                         මං උඹට එන්න කිව්වෙත් මේ කථාව කියලා උඹටත් ඒහෙට ඇප්ලයි කරන්න කියන්න "

හහ් ......... මගෙන් සුබ පැතුම් බං , යන දවසට කියපං මං අනිවා එන්නං.
 මොකක් හරි අළුත් දෙයක් නේද ........ බලමු ...... දැං වරෙං යන්න , ගිහිං ෆලූඩා මැජික් එකක් කමු "







Saturday, July 6, 2013

මැදියම් රැයේ හමුවූ බෝදිලිමා ( සාමාන්‍යයෙන් ඔබ්බට ගිය සත්‍ය කථාව )

එදා පරිසරය 

 පළවෙනි කොටසට මෙතනින්

මැදියම් රැයේ හමුවූ බෝදිලමා ( සාමන්‍යයෙන් ඔබ්බට ගිය සිදුවීම් දාමය )

                                 

             පට්ටිපොළට හිරු බැස යන්නේ එතෙක් පැවතියාවූ සොඳුරු පරිසරය මුලුමුනින්ම වෙනස් කරමිනි .සොඳුරු දසුන් එකවනම මිහිදුමත් සමඟ ගලා එන්නාවූ අඳුරින් වැසීයයි .
                                  මධ්‍යාහනට පසු එකවනම රාත්‍රිය උදාවීම පට්ටිපොල ප්‍රදේශයට වසරේ එක කාර්තුවදී මුහුණදීමට සිදුවන්නාවූ ස්වාභාවික සිද්ධීයකි . අප කඳවුරු බැඳි ඒ මාසයද , පෙරකී කාර්තුවට අයත්වූවකි . පට්ටිපොල පතනයේ ලඳුකැලෑ අතරින් මිනිස් ඇසින් වෙන්වී ගිය සො‍ඳුරු දිය ඇල්ලක් සොයා යන ගමනක අපි නිරතවී සිටියෙමු . දින දෙකක් ගතකොට දිය ඇල්ලවෙත ලඟාවීමටද අනතුරුව එලඹෙන දින දෙක යලි පැමිනීමටද යොදාගත් අතිවෙහෙසකර ව්‍යායමයක දෙවන දිනයේ දිය ඇල්ල අද්දර කඳවුරු බැඳගැනීමට අපට හැකිවිය .
                                                      ආවේනික සර්පයින් කීපදෙනෙක් හමුවීම හැරුනුකොට මේ දින දෙක තුල අපට මුහුණදීමට සිදුවූ කිසිදු ජීවිතාවදානමක් හෝ අණතුරක භීතියක් නොවීය . 
                                              නමුත් දැන් අප මේ මුහුණදී සිටින්නේ කුමන ආකාරයේ අවදානමකටද !!  සියළුදෙනාම භීතියෙන් තැතිගෙන සිටී . කූඩාරම තුල එල්වූ ලන්තෑරුමේ මන්දාලොකයෙන් හා කඳවුර ඉදිරියේ දැල්වෙන ගිණිමැලයේ ආලෝකයෙන් මා දුටුවේ අප මඟපෙන්වන්නන් පවා භීතියෙන් තැතිගෙන සිටින ආකාරයයි . ඔවුන් අපගේ බලවත් ඉල්ලීම මත දින හතරක මේ ගමන සඳහා සහභාගී වු අහිංසක ගැමියන්ය . 
                                     අඳුර හා මීදුම විනිවිද යමින් ඇසෙන්නේ කාගේ කුමන හඬද යන්න මාගේ මනසේ විදුලි කෙටීමට  ගතවන්නට ඇත්තේ තත්පර කිහිපයකි . මින් පෙර එකවරක් පමනක් අසා ඇති ඒ භීතියේ හඬ, යලි කිසිදා නොසන්නට පැතූ ඒ මුසල හඬ යලිත් ඇසෙන්නට වීම අනෙකුන්ට වඩා මා සිත සලිත කලේ . සොඳරිගෙන් දෙවන වරමක්  ලැබීම සිදුවන දෙයක් නොවන බව කලකට පෙර වෙද සීයා පැවසූ වදන මනසේ හොල්මන් කරන්නට වීම නිසාය . 
                                        බඩදරු අම්මා‍ කෙනෙක් විලිරුදාවෙන් නඟන හඩට නොව , සොඳරි ගේ හඬ සමාන වන්නේ විලිරුදාවෙන් මියෙන්නට දඟලන කාන්තාවකගේ හෝ පාපතරයෙකු විසින් ගෙල හිරකිරීම නිසා වේදනාවෙන් කෑගසන කාන්තාවකගේ හඬටය . සියළුම සංවේදී ඉන්ද්‍රියන් හිරිවැටෙන ආකාරයෙන්  සිදුවෙමින් පවතින මුර ගෑම හමුවේ විනාඩි කීපයකට පෙර පැවති නිසල විනෝදාස්වාදය පලාගොස් ඇත . කඳවුරු බිමේ පිරිමින්ම සත්දෙනෙකි . 
                     නමුත් ප්‍රතිමල්ලවයා මිනිසෙකු නොවේ !!!! ‍ කිසිවෙකු නොදුටු අමනුස්සයෙකි , නැත්නම් දුටු අයවලුන් සිහිවිකල් කලාවූ සත්වයෙකි . අපි කෙසේ නම් මීට මුහුණ දෙමුද !!!
                                  මයිලක් පමණ ඈතින් ඇසුන වේදනාකාරී හඬ ලං වෙමින් පවතී .බෝදිලිමා පහර දෙන්නේ එලෙ‍සින්ය . ඔය ඇසෙන්නේ අණතුරු ඇඟවීම විය යුතුය . සිංහල සේනාව එනවිට වැයෙන රණ බෙර ඇසුන පෘතුගීසින්වත් මේ තරම් අසරණ නෙවෙන්නට ඇත . 
                    අප කිසිවෙකුටත් කථා කරගත නොහැකි තත්වයකට පත්වී ඇති සෙයකි . ගිණිමැලයේ ආලෝකයෙන් දිලෙන ,  මීටර් දහයක් පමණ ඈතින් ඇති ලඳු කැලෑවේ ආරම්භය දෙස සියල්ලෝම නෙත් යොමා සිටින්නේ කොයි මොහොතක හෝ  පඳරු අතරින් එලියට ඇදෙන අපේ මරණය බලාපොරොත්තුවෙන්ද !!!
                                        මරණ භය , මිනිසෙකුට දැනෙන්නේ ජීවිතයේ අවස්ථා කීපයකදී පමණක් විය හැක . නැත්නම්  අවසන් මොහොත තෙක් දැනෙන්නේ නැත. නමුත් අප මේ මුහුණ දී සිටින්නේ පිරිමින් සත් දෙනෙකුට මරණ භය දැනෙන මොහොතකටයි . ඒ දැනෙන්නෙත් උපරිමයට බව ඉර හඳ මෙන් විස්වාසය. අවට සිටින මා මිතුරන්ගේ මුහුණු ඇකිලී ඇත්තේත් ,ඔවුන් බලාගත්වනම බලාසිටින්නේත් ඇයි දැයි කියා සිතාගැනීමට නොහැක. හිස කරකවා වටපිට බලන්නේ මා පමණද !!! 
                       " සංජීව " මා අසලින්ම සිටි මිතුරා දෙස බලා  ආමන්ත්‍රනය කලද ඔහු‍‍ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීම පුදුමයක් සේම මා සිත්හී ඇතිවුන භීතිය දෙගුන කිරීමටද හේතුවක් විය . 
                             " සම්පත් , රජී , අඩෝව් කථා කරපං යකෝ  මොනව හරි කරමු ගනිං ඔය ‍ගිණිපෙල්ලක් අතට ...... මොකෙක් හරි සතෙක් වෙන්න ඇති "
එසේ කලේ හිත රවටා ගැනීමටය . තව මොහොතකින් මා මීට වසර පහලොවකට පෙර දුටු අප්‍රසන්න දසුන දකින්නට වෙන බව හොඳාකාරවම දනිමි .
                                මා ඇමතුවේ අනිත් මිතුරන්ටය . නමුත්  ඔවුන් නිසලය ........... වශීවී ඇති ආකාරයකින් ඔවුන් බලාගත් අතම බලාසිටී . කරන්නට දෙයක් නැතිකමින් සම්පත්ගේ උරහිසට තද පහරක් එල්ලකලේ ඔහුව නිද්‍රාවෙන් ගලවා ගැනීමටය . නමුත් අසාර්ථකය. 
                                  පඳුරු තැලෙන හඩු ඇසෙයි . අවදිව ඇත්තේ මා පමනි ........ තවත්  සුලුමොහොතකි ....... වසර පහලොවකට පෙරදුටු අප්‍රසන්න රුව හොඳින් ගිණී එලිය නොඑන මුල්ලක පෙරලෙමින් දඟලනු පෙනින. මිතුරන් වශිවී හෝ භීතිය නිසා ගල්ගැසී ඇත . මා පමණක් මේ අමනුස්ස ග්‍රහණයට නතුනොවුයේ ඇයි .
                                                 දහනවය කන්ද මුදුනේදී මහසෝනා මුණගැහුනු ආකාරයත් ගැලවුන ආකාරයත් තත්පර කීපයක කාලයකදී විදුලි කෙටුවාක්මෙන් සිහිවිය . අමනුශය ග්‍රහනයට මා නතුනොවන්නේ උපන් වෙලාව හා ගණය නිසා බව වෙද සීයා පැවසූ ආකාරයද ඒ සමගම සිහිවුන නමුත් මෙහිදී මා කලයුත්තේ කුමක්ද  .
                                            මනස වසර පහලොවක් අතීතයට යන්නට ගතවූයේ සුලුමොහොතකි . එදා බෝදිලිමා අපේ මිදුලේ දර්ශනය වූ විට වෙද සීයා මැතුරුවේ කුමක්ද !!!
" ඒ සතා ආව වෙලාවේ මොනවද සීයේ කිව්වේ ඒ "
" ඒක බොහොම බගතු මන්තරයක් පුතේ "
" මටත් කියලා දෙන්නකෝ "
" තව ලොකු වෙද්දි පුලුවං වෙයි නිකම්ම , දහම්පාසලට යද්දි උගන්නනවා "
" මන්තර උගන්නවයැ දහම්පාසලේ "
" මේක මන්තරයක්ම නෙවෙයි , ආරක්ශක පිරිතක් පුතේ රතන සූත්‍රය......"

                              ඔවු රතන සූත්‍රය ........ එකල එම සූත්‍රය නොදැන සිටියත් පසු කාලීන දහම් අද්‍යාපනය සමග එය සෙල් ලිපියක් සේ මනසේ තැම්පත්වී තිබිනි . සැලෙමින් වේදනා දෙමින් ඳඟලමින් කෑගසන ගුලිය දෙස බලාගෙන රතන සූත්‍රය තොල් මැතිරෙන්නට ගත්තේ  සිතාමතා නොවේ .....
                                    මෙතෙක් වෙලා සෙමෙන් ඉදිරියට එමින් තිබූ ගුලිය නැවතුන අතර ආපස්සට පෙරලී යන්නට විය පඳුරු අතරින් එය අතුරුදන්වීමටත් වේදනා කාරී හඬ නැවතීමටත් ගත්වූයේ සුලුමොහොතකි . පසුව සියල්ල අඳුරුවිය.
පසුදා අළුයම හිරු කිරන දිය ඇල්ලේ මුදුන සිප ගනිද්දී අප ආපසු ගමනට සූදානම් විය.
                                පෙරදා රාත්‍රියේ සිදුවීම ගැන කථා කලද සිදුවූයේ මොනවාද කලේ මොනවාද යන්න ගැන කිසිවෙකුටත් නිවැරදි මතකයක් නොවීය . රතන සූත්‍රය මැතිරීම හා ගිරිය යටින් මොර දෙන හඩ හැරුනුකොට මටත් කිසිවක් ගැන නිවැරදි මතකයක් නෙවුන නමුත් කළු පැහැති අප්‍රසන්න ගුලි ගැසුන සත්වයා හා ඌ සූත්‍රයකට බියවී පලාගිය අයුරු මනසේ තැම්පත්වී තිබිනි. 
සමහර විට තෙවනි වරයක් සොඳරිගෙන් මට නොලැබෙනු ඇත !!!!


ප/ලි - මේ ලියන්නේ විද්‍යාත්මක බණ දෙසන්නට එන අයටය , මේ සිදුවීම විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නම් එයට මුහුන දිය යුතුය . බෝදිලිමා කටුස්සෙකු හෝ වෙනත් සතෙකු විය හැකි බවට මත ඇත . බෝදිලි කටුස්සා නමින් කටුසු වර්ගයක් සිටින බව සියල්ලෝම දන්නා කරුණකි .   එය සත්‍යකි  නමුත් එම කටුස්සාට මෙවන් ශබ්ධයක් පිට කල හැකිද ? එසේම , සුත්‍රයකට බියවී පලා යන්නේ මන්ද ? 
 උත්තර නැත !!! මටත් එලෙසමට .


-දිනෙල්ක-

 

Sample text

Sample Text

Sample Text