Social Icons

හොයමු බලමු

Showing posts with label ආතල් ඕයි ...... Show all posts
Showing posts with label ආතල් ඕයි ...... Show all posts

Wednesday, April 9, 2014

ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 01

                                  

  

                                          දවල් එකට විතර පිටකොටුවෙන් බස් එකට නගිනකොට කිසිම ඇදක් පළුද්දක් නැතුව හරි අපූරුවට තිබුන අහස , කඩුගන්නාව හරියට යනකොට කොහේ ගියාද කියලා හොයා ගන්න නෑ .වෙලාව උදේ නවට පහුවුනා විතරක් වුනත් ඒ වෙද්දි මුළු කඳුකරයම වෙලාගෙන තිබුන මහ මූසල වැහි අඳුරත් එක්ක ඒ බව හිතාගන් කාටවත්ම පුලුවන් කමක් තියෙන්න නැතුව ඇති .
                               මම අපේ ගමේදි විතරක් දැකලා තිබුන තරම් මහ පුදුමාකාර ඝණ මීදුමකින් මුලු කඩුගන්නාවම වැහිලා ගිහිල්ලා ගඩොල් කැට විතර ලොකු වැහි බින්දු වලින් මුලු පලාතම හේදිලායන්න තව වැඩි වෙලාවක් ගතවුනේ නෑ .කොහොමත් හෙමිහිට කන්ද නගින බස් එක අද තවත් හෙමීට ලොටන් ගත්තේ හෙඩ් ලයිට් ගහගෙන එන වාහනයක් වුනත් පේන්න පටන් ගන්නේ අඩි දෙකතුන් ලඟට ආවහම විතරක් වුන නිසයි .
           ගිණි රස්නෙට සති ගානක් පෑවිල්ල තිබුන කොළඹින් බස් එකට නගිනකොට මේ වගේ කාලගුණයක් බලාපොරොත්තු වෙලා තිබුනේ නෑ .ඉතිං මං මේ ගමනට කිසිම විදිහකින් කුඩයක් එකතු කරගත්තේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ . කූඩේ ........ මෙතනින් පස්සේ සිද්ද වෙන හැම තුප්පහි සිද්දියකටම මුල ඔය කියපු කරුම කුඩේ තමයි .
              කඩුගන්නාවෙදි කොටි බංකරේකට ශෙල් ගහන්නා වගේ පටන් ගත්තු වැස්ස නුවරම යනකල්ම කිසිම විදිහකින් අඩුවෙන්නේ නැතුව අපිත් එක්කම ආවේ  කාලෙකට පස්සේ හම්බවුන පෙම්වතියව අතඇරලා යන්න හිතක් නැති පෙම්වතෙක් වගේ .
                                                        වෙනද‍ා ස්ටෑන්ඩ් එකටම ගිහිල්ලා මිනිස්සුන්ව බස්සවන බස් එක අද නුවර ඔරලෝස් කණුව ගාවින් සේරම මිනිස්සුන්ව බස්සලා යන්න ගියේ කිසිම හිතක් පපුවක් නැති ගානට . 
                                           වැස්ස නිසා මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තවත් ඉඩ නැති බස් හෝල්ට් , කඩකාමර දිහා මහ වැස්සේ තෙමීගෙන බලාගෙන හිටපු මගේ ගැන ඒ කිසිම කෙනෙකුට ගානක්වත් නෑ . ඒ ඇස් වල ලියවිලා තිබුනේ ‍ඕනේ අහක පලයං මෙතන නං ඉඩ නෑ කියන පණිවිඩය.
                          අඩියක්වත් ඉස්සරහට යාගන්න බැරි තරමට වැහැපු වැස්සේන් බේරෙන්න මට හෙවන දෙන්න අන්තිමට ඉදිරිපත්වුනේ පාර අයිනේ වහලා දාලා තිබුන ලොතරැයි කූඩුවක අඩි එකහමාරක වහලයක් . බෑග් එකකුත් බදාගෙන තෙමිච්ච කෑරලෙක් වගේ ඒක යටට වෙලා පාර දිහා බලාගෙන හිටපු මට තිබුනේ ' ඇයි යකෝ මං කුඩයක් ගෙනාවේ නැත්තේ කියන ' සිතුවිල්ලක් විතරයි .
                                               වෙලාව පහට ලඟයි ඉක්මනට ගම්පොල බස් එක අල්ලගන්න බැරිවුනොත් ගම්පොල ඉඳන් හවස හයයි හතලිස් පහට තියෙන නාවලපිටිය බස් එක මඟඇරෙනවා . ඒ කියන්නේ වැස්ස දවසට බලු බල්ලෙක් නැතිවෙන ගම්පොල ටවුමේ තට්ට තනියම වෙව්ල වෙව්ල රෑ නවයට තියෙන සී ටී බී එක එනකං ඉන්න වෙනවා .
                   අහස දිහා බලාගෙන ඔහොම හිත හිත ඉන්නකොට ,නුවර @#$% එකේ පන්ති ඇරිලා ‍, කීචි බීචිය දාගත්තු පාට පාට කුඩ ඉලහගත්තු සමණලියො ටිකක් ස්ටේශන් එක පැත්තේ ඉඳන් මං හිටපු පැත්තට එනන් පටන් ගත්තේත් , නිල් පාටට මුලු නුවර අහසම පාට කර‍ෙගෙන විදුලි කොටන්න පටන් ගත්තෙත් එකම වෙලාවට .
                    එක දිගටම වැටෙන වැහි බින්දු අතරෙ හිරි වැටිලා තිබුන ඇස් දෙක නිවා ගන්න ඊට වඩා හොද දර්ශනයක් තියෙනවාද . වෙන කරන්නදෙයකුත් නැති නිසා තාලෙකට නැලවි නැලවි , ලස්සනට අඩි තිය තිය ඇවිදන් එන උඩරට මැණිකෙලා දිහා බාලාගෙන එක එක්කනා ගැන ‍වෙන වෙනම අධ්‍යනය කලා.


 " චූටි අයියේ ...... දෙයියනේ නාලා නේද  !!!  මෙහෙ එනවා මැට්ටො කුඩේ යටට "
                                      ඒ රෑනෙන් , කු‍‍ඩේ අතරින් රිංගලා එන හිරිකඩ නිසා සීතලට ගුලි වෙලා , තද හුළගට දඟකරන අකීකරු දිග කොන්ඩෙ‍ පපුව හරහා වැටෙන විදිහට දාගෙන හිටපු කෙල්ලෙක් මගෙ ගාවට ඇවිල්ලා කථා කලේ ඒ විදිහට .
                                       සුදුපාට ඩෙනිම් සායකට දම්පාට ‍බෝල වැටුන බෝරිච්චි අත් තියන කහපාට බ්ලවුස් එකක් ඇඳගෙන හිනාවෙනකොට වම් කම්මුලේ පුන්චියට වලක් හැදෙන ඒ විසේකාර ප‍ොඩි එකීව මම කරප වෙන වෙනම අධ්‍යනයෙන් කොහොම මඟ ඇරුනද . මගේ විතරක් නෙවෙයි ඇස් තියෙන ඕනේ එකෙකුට ඒ ලස්සන වෙන්වෙලා පේනවා . එහෙම තියෙද්දිත් මට මඟ ඇරුනට කෙල්ල මාව මඟ ඇරිලා නෑ.
                                    ඒ වෙන ‍කවුරුත් නෙවෙයි , පොඩි කාලෙ ඉඳන් එකට කාපු බීපු , එක ඇඳුම මාරු කරගෙන ඇඳපු අචිනි නංගි .


" අනේ අම්මේ උදේ පාන්දර එල දෙනක් දැක්කා වගේ සතුටුයි අම්මපා . කොහෙද මෙහෙ මේ වෙලාවේ " හිතෙන් දෙයියන්ට පින් දෙන ගමන් මාත් කුඩේ යටට පැන්නේ එහෙම කියාගෙන.

" යනව යන්න , එලදෙනක්  එක්ක කුඩේ යටින් යන්න නං ඔයා හරකෙක් වෙන්න ඇති . වැඩිය සද්ද දැම්මොත් දානව කුඩෙන් එලියට " ඔය කිව්වට අපි යයි කුඩෙන් එලියට .


" හරි හරි , වැස්ස පායනකං සාම ගිවිසුමක් ගහමුකෝ......... ඇත්තටම නංගි මේ වෙලාවේ ඇයි තනියම බාප්පා අවේ නෑද්ද එක්ක යන්න ? "

" තාත්තා ගම්පොලට එනවා කිව්වා , අපි දැං ලොකුයිනේ තනියෙන් තමයි ගමන........ ඒක පැත්තකි තියමුකෝ , චූටි අයියා  ඇයි මේ වෙලාවේ නුවර ??? " කෙල්ල ඒ ප්‍රශ්නේ ඇහුවේ අමුතු විදිහකට හිනා වෙනගමන් . 

" @#$ එකේ ක්ලාස් ඉවර වෙනකන්ද ???"

" ඔවු ඔවු මං මේ කොළඹ ඉඳන් නුවර ආවේ @#$@ එකේ ක්ලාස් ඉවර වෙලා යන ගොඩේ කෙල්ලෝ දිහා බලන්න තමයි "

" එතකොට අපි ගොඩේ වෙන්න ඇති ? " ඒකනං කිව්වේ අඩන්නා වගේ ස්වරයකින් .

" නෑ නෑ "

" ඇත්තදදදද ?? "

" උඹ නිකම්ම ගොඩේ  නෙවෙයි ගොඩේ ‍එලදෙනක් "


" ඈඈඈ.......... පලයං යන්න , ගිහිං තෙමියං "  මාව අ‍ායෙමත් වැහි බින්දු අතරට විසිවෙලා ගියා . 

" මොකද්ද කිව්වේ , අයියට පලයං කියනවද ? " ආයෙමත් පාරක් කු‍ඩේ යටට රිංගගත්තු මං ඇහුවේ ටිකක් සැරෙන් වගේ .


" නැතුව .... අපි රිප්ලයි එක දෙන්නේ අපිට කථා කරන විදිහට තමයි.  " නියමයි , මේකිත් මං වගේම හැදිලා . 

" අයියේ ......පොඩ්ඩක් වැව රවුම පැත්තට ගිහිල්ලා ඇවිත් බස් එකට නගිමුද , ලස්සන කී ටැග් වගයක් දැක්කා එනගමන් එකක් ගන්න ඕනේ " කෙල්ලොත් එක්ක බඩු ගන්න යන එක ගැන අමුතුවෙන් ලියන්න ඕනේ නෑනේ. මොනවා කරන්නද කුඩේ තියෙන්න මේකි ගාවනේ .
                                      කථවෙන් , හිනාවෙන් දෙන්නත් එක්ක වැව රවුමටත් ආවා කියමුකෝ .

" වෙනදත් මෙහෙම වෙන්න ඇති නේද! ක්ලාස් ඉවර වෙලා රවුම් ගහනවා . අද කමක් නෑ ආයේ එපා තේරුනාද ....... බස් එක මඟ ඇරුනොත් ගෙරද යන්න රෑවෙනවනේ "

" අනේ නෑ , අද එමු කිව්වෙ අයියා ඉන්න නිසා , නැත්ත මං ඊළඟ සතියේ කලින් ඇවිලා ක්ලාස් පටන් ගන්න කලින් ගන්නේ "

" හ්ම් හ්ම් "
                වූල් වලින් , පබලු වලින් හැඩකරලා හදපු පුංචි පුංචි බෝනික්කොන්ගේ කීටැග් වගයක් දැකලා තමයි මේ ඇවිත් තියෙන්නේ . එ් ලෙවල් නෙවෙයි මොන රෙද්ද කලත් කෙල්ලො කැමති මේවටනේ කියන හැඟිමේන් බොහොම උපේක්ශාවෙන් මාත් බෝනික්කෝ තේරුවා . 
             ඒක කී ටැග් එකක් ගන්න ආපු ගැණු ළමයා නැවතුනේ අන්තිමට මගේ අතේ තිබුන තුන්සීයකට තවත් මොනවද කෑලි බෑලී වගයකුත් අරගෙන . අදෝමැයි !!!. 
                       අපි ආපහු හෝල්ට් එකට යන්න කඩෙන් එලියට බහිනකොට වෙලාව හවස හය විතර ඇති . වැස්ස පායලා තිබුනත් තාමත් පොද ගහන එක නැවතිලා තිබුනේ නැති නිසා  අපි තාමත් කුඩේ යට .
                               වැස්ස කියලා ගානක්වත් නැතුව වැව රවුමේ ඈතින් අපේ පැත්තට‍ෙ ඇවිදගෙන එන කොල්ලෝ රංචුවක් දැකපු අචිනි නංගිව ටිකක් ගැස්සිලා වගේ ගියා .

"ඇයි ??? " මම එහෙම ඇහුවේ කෙල්‍ලගේ වෙනස තේ‍රන නිසා.


" නෑ අයියේ , අර එන කට්ටියගෙන් එක කොල්ලෙක් ගෙන මහ වදේ අප්පා ..... "

" ඒ කිව්වේ ? "

" ඒකවත් තේරෙන්නේ නැද්ද !!! ඌම ඕනෙලු මගෙත් එක්ක යාළු වෙන්න . මට කැමතීලු !!!! " අචිනි එහෙම කිව්වේ ඈතින් එන කොල්ලෝ ටික දිහා බලලා ආයෙමත් පාරක් පේමන්ට් එක දිහා බලාගන්න ගමන් .

" අනේ මං කැමති නෑ අප්පා ........ ඒ කොල්ල මහ හොඳ නෑ ඉගනගන්නත් නෑ . මට එහෙම අය එපා . "

" ඇත්තටම කැමති නැද්ද ? නැත්තං දැම්ම කැමති වෙන්න කැමති නැද්ද ? " අයියා කෙනෙක් විදිහට නංගි ගේ ප්‍රශ්නයක් දිහා හැම පැත්තෙන්ම බලන්න ඕනේ කියන එක අද්දැකීමෙන්ම දන්න නිසයි මං එහෙම ඇහුවේ .

" කැමතිම නෑ .....  මං කියන්නද වැඩක් මෙහේ එනවකෝ තව ළඟට . අපි දෙන්න යමු උන් ඉස්සරහින් කපල් එක වගේ . එතකොට වත් පස්සෙන් එන එක නවතීනේ " හොඳ අදහසක් නොවන බව දැන දැනම මං ඒ අදහසට කැමති වුනේ ඇයි කියලා අද වෙනකනුත් හිතනවා .
                                 කෙල්ලට බැල්ම දාන්නේ කවුද කියලා අමුතුවෙන් කාගෙන්වත් අහන්න ඕනේ නෑ . අපි දෙන්නා කුඩේ යටින් එනවා දැකපු එකෙක්ගේ මූණ පුංචි වෙලා ගියපු විදිහට මට තේරුනා කවුද බුවා කියලා. මූණත් පොඩි කරගෙන අපිව පහු කරලා යයි කියලා හිතුවට ඇත්තටම සිද්ද වුනේ මම ‍සිද්ද වෙයි කියලා හිතපු ජාතියේ දෙයක් නෙවෙයි .
                   මලිගාව පේන මානේ තියලා ආපු වීරයෝ ටික අපිට යන්න බැරි වෙන්න පාරේ හරස් වුනා .

" තමුසේ කවුද ? " අචිනි දිහත් මගේ දිහත් මාරුවෙන් මාරුවට බලපු කොල්ලා ඇහුවා.

" සචින්ත , මෙතනින් යනවද අපිට වද නොදී " ඒ අචිනි .

" යන්න .....ඇයි අචිනි ඔයාට බැරි වුනේ මෙච්චර දවසක් මං පස්සෙන් එද්දි මෙහෙමයි මට කොල්ලෙක් ඉන්නවා කියන්න . මට වඩා මොනවද මුගෙ තියෙන්නේ . කවුද මේ ගොඩේ කැ@$$ "

" මුලින්ම හරියට කථා කරනවා ......... මේ මගේ කොල්ලා නෙවෙයි . අයියා "

" තමුසෙට කොහෙන්ද අයියලා ...... ඕයි !!!! අත අරිනවා මගෙ කෙල්ලගෙ අත " සචින්ත නම් වූ ඒ මහා වීරයා මගේ දිහාට අඩියකුත් තියලා එහෙම කිව්වා . 
             මේ වගේ වෙලාවලට මගේ මූණට හෙන කුප්ප හිනාවක් එනවා . මං හිතන්නේ ‍ඒ වෙලාවෙත් ඒ හිනාව එන්න ඇති .

" හිනා වෙන්නේ ඇයි හු @$$ අත ඇරපං ..... " සෙට් එකේ තවත් එකෙක් එලිබැස්සා .මේ ඉන්නේ මං පොඩි කාලේ වඩා‍ගෙන හුරතල් කරපු කෙල්ල ඒකි අත අතඅරින්න කියන්න මේ හිපාටුවා කවුද !

                              මෙච්චර වෙලා ‍අල්ලගෙන හිටපු කෙල්ලගෙ අත අත ඇරපු මං නංගිගේ ඉන වටේට අත දාලා අල්ලගෙන  වීරයා දිහා බැලුවේ උගේ මූණ නියමෙටම හැඟීම් ප්‍රකාශනය වෙන මූණක් නිසා .

" හිතාගෙන හිටියට බං මේ කෙල්ල උඹේ නෙවෙයි . ඒ නිසා දැං චාටර් වුනා ඇතිනේ . වද නොදී පලයං " ප්‍රශ්නේ ගොඩින් බේරගන්න ඕනේ නිසා මං හැදුවේ එහෙම කියලා කෙල්ලවත් අරන් හෝල්ට් එක පැත්තට යන්න .




          ඒ්වුනාට ප්‍රශ්නේ එහෙම විසඳුනේ නෑ ! අපි අනිත් පැත්ත හැරුනා විතරයි . මගේ ‍ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා ගත්තු වීරයා . මගේ මූණට කෙලලා ඇරියේ තියන ෆුල් ගටම දාලා  . හදිස්සියේ වැදුන බලාපොරොත්තු නොවුන පාර නිසා කැරකිලා විසිවුන මං නැවතුනේ වළාකුළු බැම්මේ වැදිලා . 

" අනේ අයියේ !!!! " මුළු නුවරටම ඇහෙන්න හයියෙන් කෑගහපු අචිනි මගේ ගාවට දුවගෙන ඇවිත් බදාගෙන හිටියේ කිසිම එකෙකුට දෙවනි පාරක් ගහන්න බැරිවෙන විදිහට . තත්පර දෙක තුනක් ඇතුලෙද ඇස්වලින් ගලාගෙන ආපු කඳුලු ගඟක් මැද්දේ ගිලිලා හිටපු නංගි පැටියා ගැන මට ඇත්තටම දුක හිතුනා .

                                            ලබ්බෙ වැස්ස , මේක නිසා තමයි මේ සේරම. ඇ‍ඟේ එල්ලිලා හිටපු නංගිව බොහොම අමාරුවෙන් පැත්තකට කරපු මම අයෙමත් වීරයින්ගේ ගැන්සියේ ප්‍රහාරයකට මැදි වුනා . වෙනසකට තිබුනේ මේ පාර මම එහෙම එකක් බලා පොරොත්තු වෙලා හිටපු එක විතරයි .  
                  මොන වීරයා වුනත් දහ පාලොස් දෙනෙක් වට ‍වුනාම දෙමල ෆිල්ම් එකක් නෙවෙයි නං ගුටි කෑම අනිවාර්්‍යයි . ඒත් අවුරුදු 8ක් තිස්සේ ආත්ම ආරක්ශාවට ගුටි කෙලි ඉගනගත්ත එකේ පවර් එකෙන් .
දෙතුන් දෙනෙක්ටම නැගිටින්න බැරිවෙන පාරවල් දෙක තුනකින් සංග්‍රහ කරන්න මට පුලුවන් වුනා . වෙලාවට කොහෙන්දෝ අහුල ගත්තු කොඩි කනුවකට පින් සිද්ද වෙන්න වට වෙලා හිටපු දෙතුන් දෙනෙකුගෙ දනිස් පොල් කටු තිබුන තැන හොයාගන්න බැරි වෙන්න කෙලලා ඇරියා.  දෙන්නා තුන්දෙනා  වැටේද්දි උන්ගෙ සෙට් එකෙන් ආපු පීඩනේ සෑහෙන් අඩුවුනා.
                                    විනාඩි ‍තුනකට විතර පස්සේ ඇ‍ඟෙ ඉතුරු වෙලා තිබුන සම්පූර්ණ හයිය දාලා සචින්තගේ බෙල්ලට ඇදලා ඇරපු කික් එක නිසා ගේම් එක සම්පූරණයෙන්ම වෙනස් වුනා . දෙනෝ දාහක් මැද්දේ , නංගි ඉස්සරහ , නුවර ටවුමේ තනි එකෙකුට නෙලන්න එකතු වුන විසි දෙනාම වෙනුවෙන් එකතු වුන කේන්තිය නිසා නොවෙන්න ඒ කික් එක සාම‍ාන්‍යයනේ අපි ටූනමන්ට් එකකදි වත් පාවිච්චි කරන එකක් නෙවෙයි.
               ඒ පාරත් එක්ක  තත්පර දෙකක් විතර ඇස් ලොකු වෙලා හිටපු වීරයා පාර මැද්දේ පතබෑවුනේ කෙහෙලේ කඳක් වගේ .........................

            



                                       
ලාස්ට් මෑන් ස්ටෑන්ඩින්  නොහොත් ඔපරේශන් බෝගම්බර - 02 සමඟන් ලඟදීම හමුවෙමු 
                            

Thursday, June 27, 2013

(ජයගන්නා අයට සිංහල කෑමක් හා ඉංග්‍රීසි බීමක් ) මඩ කවි මඩුව ???? විලක්කුවෙන් තවත් ආතල් වැඩක් .......



                                            
                                                 පහුගිය දවස්ව වල කට්ටිය හොටු පෙරාගෙන දන ගාගෙන කියවපු විප්ලව වාදියෙකුගේ ආදරය කථාව නවත්තන්න උනා. වෙන මොනවත් නිසා නෙවෙයි කථාවට  අදාල පාර්ශව වලින් එල්ලවුන දැඩි විරෝධය . කථාව ලියන්න එපා කියලා ඉතාමත් දැඩි විදිහට ඉල්ලා සිටිය නිසා අපිටත් සිද්ද උනා ඒ ඉල්ලීමට ඔළුව නවන්න . මොනව  කරන්නද !!!
ඒක නැවත්තුවා.

අළුත්  කථා , සයිට් එකේ සීන් වගේම  සොඳරී නැත්තං බෝදිලිමා අවතාරය මුනගැසීම වගේ පැරනෝමල් ඇක්ටිවිටීස් ගැනත් කථා සෙට් එකක්ම එන්න තියෙන අස්සේ ආතල් එකේම වැඩේ පටන් ගම්මුද ?
   මොකද කියන්නේ...... අද අපි දාමු හිටිවන මඩ කවි මඩුවක් .........
රිප්ලයි තියෙනව නං කවියෙන් විතරයි හරිද !!!!


අනික තමයි හොඳම රිප්ලයි එකට විලක්කුව ලියන දිනෙල්කගෙ ගානේ 
 සිංහල කෑමක් හා ඉංග්‍රීසි බීමක් තෑග්ගක් විදිහට ලැබෙනවා ඇති .....
( කවි බෑමනං ඉතිං කමක් නෑ .....)

රූපවලින් කට්ටිය අදුරනවා ඇතිනේ ......... :D




දෙහිවල සත්තුවත්තේ මතු දියුණ               පතා 
චිම්පන්සියෙක් වෙයි හිතුවගේ පලමු         පුතා 
ගොඩමඩ දෙකම සරු කරනා එකම          සතා 
මී හරකෙක් වෙයි හිතුවගේ දෙවනි            පුතා 


ලිපියක් ලියන්නට ගත්තෙමි          ප්‍රමුදියට
කඳුලු බින්දු ඇදහැලුනා                කොළවලට
වමතින් පිස දමා දකුනින් ලියන               කල
ලයිට් ගියා අපෙ ලක් එක වැඩි                කමට   





ගාන තෙල් සඳුන් වරලස ඔමරි                කොට...
 
මුණ පුර තෙල් ගාගෙන යන                   කලට...


මාන බලති රුවන්ගෙ දත්                      හලන්නට


ශම්මියො නුඹත් එනවද කවි                   ලියන්නට






කලුවන් කලු රුවට අනුශ්කා                        දිලිසෙනවා
ඒකි නිසා හෝම් පේජ්                                 වැනසෙනවා
ඇන්ටනා තේරුවොත් අපි මැච්                         පරදිනවා  
තරියා නිසා අපෙ උන් අව තැන්                          වෙනවා 





ලෝකේ තියෙන බොරු සේරම                         වපුරවනා 
රැජින තමයි කළු හොඬවැල තියෙන                         සතා 
බල්ලෙක් එක්ක බුකියේ සැරි සරණ                         තුරා
මේකා ඉදී බ්ලොග් ලෝකේ පිස්සු                            නටා




බ්ලොග් අඩවියක නිල ආතල්              සපයන්නා 
මැසිම බදාගෙන මූ ආතල්                         ගන්නා 
ගෙට්ටුව දවසෙ ෆුල් ෆන් එක දුන්න             එකා 
දිගටම හිටියොතිං ආතල් අපිට                     තමා 





බුකියේ හුරතලී වෙන්නට දත                       කනවා 
අමුතු මුතු වදන් හරියට                         තෙපලනවා 
බ්ලොග් අඩවියේ ඉන්ටෆේස් එක           පුස්කනවා 
උණට කුරුම්බාසේ බ්ලොග් ලිපි          ලියවෙනවා 






වැඩිය ලියන්න බෑ බං වෙලා නෑ !!!!!!!!! තව තමන්ට කෙලවලා දාන්න ඕනේ කවුරු හරි ඉන්නවා නං කොමෙන්ට් බොක්ස් එක තියෙන්නේ ඒවා කරන්න තමයි .

:D :D :D 


මහවන මැද හමුවූ බොදිලිමා අවතාරය සමඟ යලි හමුවෙමු ,








Thursday, January 10, 2013

ශෝයි අනේ හරිම හොට්නේ ( නපුංසකයෙකුගේ ආලය )





දෙයියෝ............ සාලේ කිව්වලු ,

උදේ අට වෙලත් ඇඳ උඩ ඒපැත්ත මේ පැත්ත පෙරලි පෙරලි , ඇඹරි ඇඹරි හිටපු මාව ඉද්ද ගැහුව වගේ කෙලින් උනේ අද උදේ 8.30 වෙනකොට පෙනී ඉන්න ඔනේ මැත ලෙක්කචරේ සිහි වුනාමයි . 
                              ෆුල්ම ගට දාලා රෙඩී උනොත් 9 වෙනකොටවත් ඇතුලට පනින්න පුලුවන් වෙයි . නො‍ගිහින් හිටියොත් ලෙචාගෙන් අවුලක් නැතත් බෙන්ච් එකේ ඉන්න සින්නොන් ගෙන් අවුලක් යන්න තියෙන ඉඩ නිසා නැගිටපු වේගෙන්ම  මෙලෝකේ සිහියක් නැතුව ඇඳ පහලට පැන්නා . 
 නො‍දකින් නොදකින් නොදෝමකින් ..... උදේ පාන්දර ඇදෙන් බිමට කූඥ්ඤ දෙක ගහල තියෙන්නේ කවුදෝ එකෙක් අසමජ්ජාති විදිහට ඇද පල්ලෙ තියලා තිබුන වතුර බේසමකට ......
                                          එච්චර වෙලා මාව බදාගෙන හිටපු නිද මත , මේ දවස් වල තියෙන සීතල වතුරත් එක්ක කොහේදෝ වාශ්ප වෙලා ගියා . එහෙම්ම ඉදගෙන කල්පනා කලේ කවුද යකෝ මගේ ගෙදරම ඉදන් මට මෙහෙම දෙයක් කරන්න ඉන්නේ කියන එකයි , වැඩිය කල්පනා කරන්නේ මොකටද ..... වෙන කවුද ඉතින් මයේ නගාගේ වැඩ තමයි ඔය. 
                                             ඊයේ උදේ  කෙල්ල ක්ලාස් යන්න  දාන සෙරෙප්පු කුට්ටම් දෙකෙන්ම එකකින් එක ගානේ හැංගීමේ ප්‍රතිවිපාක තමයි මේ ...... නිදිමත කපාගෙන යන්න රිටන් එක වැදුනට පස්සෙ තමයි මීටර් උනේ ඇදන් හිටපු සරමටත් වතුර උනාගෙන ඇවිල්ලා  විලුඹ හරියෙන් ඉදන් වියතක් විතර උඩට යනකන්ම හෙන තෙත පැල්ලමක් හැදිලා කියලා .
ඕවා බල බල ඉන්න වෙලාවක් නෑ යකෝ නැගිටලා පල .... මගෙ හිත මටම දොස් කියනවා ..... නගාට බනින්නත් බෑ ! උදෙන්ම ඉස්කෝලෙ ගිහින් ඇති .....

උදේ පාන්දරම කකුල් දෙකෙන් වතුර පෙරාගෙ සරමත් තෙමාගෙන කුස්සියට දුවගෙන ආපු පුතන්ඩියා දිහා අම්ම බලාගෙන හිටියේ අමුතු සතෙක් දැක්කා වගේ .
" මොකෝ චුටි පුතා‍ මේ ? " අම්ම ඇහුවේ තෙත පැල්ලම දිහා බලාගෙන ලාවට හිනාවෙන ගමන් .
" මොකද තමයි ...... ඔයාගෙ දෝනි ඇද්දැගේ වැඩ  ..... පරක්කු වෙනවා අම්මේ .... මං එන්න කලින් ‍නංගි ආවොත් මං වෙනුවට බනින්න ඈ ! " එහෙම කිහාගෙන එක උගුරට දෙකට කිරි කෝප්පෙත් කටේ හලාගෙන ..... මම රිංගුවේ මූන කට හොදන ගුලට . 
                             එව්ව මෙව්ව කරගෙන පොඩි වෙච්ච ටීශර්ට් එකකට කලබලෙන් අතට අහු වුන කුණු ගෑවිච්ච ඩෙනිමකුත් ඇදගෙන ‍ගෙදරින් එලියට බහිනකොට වෙලාව 8.30ට ඇති . ඔන්න ‍දැන් එහෙ ලෙච පටන්ගෙන , ඒත් අපි තාම මිදුලේ ... ඉතිං බලහංකෝ රටේ අනාගතේ බාරගන්න ඉන්න උ‍න්ගේ වැඩ .
" අදවත් කොන්ඩේ කපන් එනවද !!! " 
" වෙලාව තිබ්බොත් බලමු අම්මේ .............  තාත්තා කිව්වානේ කපන්න ඔනේ නෑ ඕක අවුරුද්දක් විතර වවලා බලමු කියලා ... අනික මං දැක්කා ‍පරණ ෆොටෝ .... ඒ කාලේ තාත්තත් මෙහෙමයි ...."
ඊට පස්සෙ අම්ම කියපු දේවල් ඇහුනේ නැත්තේ ඒ වෙනකොටත් මං පාරට ඇවිත් හිටපු නිසයි .
බස් එකට නැගල ඉදගත්තහම හිතට පුදුම නිවනයි . ඇයි ඉතින් දැන් පරක්කු උනොත් මගේ වරද නෙවෙයිනේ බස් කා‍රයාගේ වරද ! 
අව්ව වැටෙන්නේ නැති පැත්තේ ඉදගෙන ෆෝන් කට්ටෙන් ගේමක් ‍ඔබ ඔබ විනාඩි 20ක් විතර යන්න ඇති ....... පුංචි බොරැල්ල හරි‍යට ලං වෙනකොට මගේ බරණුවට සන්දේශයක් ආවනෙව ...

- මැ‍ජිකෝ ( මැජිකා = දිනෙල්ක ) අපි ලෙචට ගියේ නෑ ..... සරිගමයගේ ගෙදර යනවා .... බොරැල්ලට වරෙන් ... වයි ඇම් බී එක ඉස්සරහා අපි ඇති - 

 බොරැල්ල හෝල්ට් එකට හොල්ට් දෙකතුනක් මෙහායින් තිබුන  තැනකදි පින්ටුවා ගේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට ඔය මැසේජ් එක නො‍එන්න, අද මට මේ කථාව කියන්න වෙන්නේ නෑ .ඇයි ඉතින් ඔය මැසේජ් එක එද්දි මං බොරැල්ල පහු කරලා හිටිය නම් තියෙන කම්මැලි කමට ආයෙ බහින්නේ නෑ අනිත් පැත්තට එන්න . 
 සදීපා එක ලඟදි ‍බස් එකෙන් බැහැලා පින්ටුවට කෝල් එකක් ගත්තා 
" හලෝ !"
" මචං කොහෙද ඉන්නේ ? " 
" මං සදීපා එක ගාව බං "
" එල එල ! ඉක්මනට වර .... අන්න සරිගමයගේ අම්ම අපිට කෑමත් හදාගෙන බලාගෙන ඉන්නවලු "
" අනේ ........... මං නොදන්න උගේ අම්මගේ ......... කෑම ... හිටහංකෝ මං තව විනාඩියෙන ඔතන "
                   සංගීතය ජීවිතය ‍කරගෙන අතල් එකේ ගිටාර් එක ගහගෙන මලක් පහනක් පත්තු කර‍ගෙන ඉන්න . කිරිබත්ගොඩ පොඩි කඩයක හිමිකාර තාත්තෙක්ගේ කොන්ඩේ වවාගෙන ,කරාඹු වක් දාපු අහිංසක හිතක් තියෙන අමුම අමු කාඩ  අමනයෙක්ගේ පෙනුම  තිබුනත් අමන වැඩ  නොකරන, එලම එල  කිරි , වච‍නයේ පරිසමාප්ත අර්ථයෙන්ම මොනවා බැරි උනත් සගීතය පුලුවන් කියලා හිතාගෙන ඉන්න එකෙක් තමයි සරිගමයා කියන්නේ . 
                         බැජ් එකේ අපේ සෙට් එක බොහෝ වෙලාවලදි සෙට් වෙන්න තෝරගන්නේ සරිගමයගේ ගෙදර .ඒකට හේතුව වෙන මොකක් වත් නෙවෙයි . උන්ගේ‍ ගෙදර දෙවනි තට්ටුව අපේම බුක්තියට වෙන්වෙලා තියෙන එක .
                        වයි ඇම් බී එක ගාවට යනකොට සෙට් එකේ අනිත් උන් සේරම ඇවිල්ලා.  ඈත තියා මං එන දිහි බෙල්ල දික්ක කර කරක බලාගෙන හිටියා .
" මොනවද බලන්නේ " 
" මොකද යකෝ මේ ..... උඹ සුනාමියකට අහුවුනාද ........ බලහංකෝ ඇදුමේ හැටි ....කොන්ඩෙ පිරලත් නෑ .....තෝ බුදියගත්තේ ආපු බස්‍එකේද "
" නෑ තොගේ @$$@@$$ ..... මෙන්න මෙහෙ කුණු හරප නැතුව මේ බස් එකේ නැගලා යං බං ........ ආයේ මඟුල් ගෙදරක යනයැ."
" ඔකේ යන්න බෑ බං .........."  එක පාරටම ඒ තිබුන බස් එකේ යන්න බෑ කියලා ආපු විරෝධෙට මාව පුදුම වෙලා ගියා .
" ඇයි ......... ? "
" බලහං ඕක හරියට හෝදලත් නෑ ...... මේ බලහං මෙකේ කොන්දා දත් මැදලත් නෑ."  දොඩං ගෙඩි දෙකක් තරං උස නැති උනාට මොකද සොබනිගෙ සද්දේ ඇහුනේ  කන අස්සේ ගහපු ලවුඩ් ස්පීකරයක් වගේ. 
" කට කට යකෝ .......  මේක බොරැල්ල ..... කන්නයි වෙන්නේ බීපු කිරි මතක් වෙන්න "
" ඇයි මෙහෙ චන්ඩි ද ඉන්නේ පෙන්නහංකෝ බලන්න එකෙක් ..... මාත් හරි ආසයි බලාගන්න ." ආයෙත් සොබනි .
ඉස්කෝලෙ ජීවිතෙන් වැඩිහරියක් ‍ගෙවුනු බොරැල්ල ගැන  මේකි දෙන ටෝකට රිටන් එකක් දෙන්න විදිහක් හොයාගන්න වට පිට බැලුව මට කොහෙන්දෝ තිබුන වාසනාවක් කඩාවැටුනා .
" අන්න බලහං පාරෙන් එහාපැත්තේ කහ ඉර ගාව ඉදන්න පාර මාරු වෙන්න හදන කොල්ලෝ දෙන්නා "
" අම්මට සිරි ........ උන් නං හෙන මැරයොද කොහොද බලහංකෝ හැටි ..." ඒ පචයා ගේ හඞයි .
                                     අපේ උං දැන් උන් දෙන්නා දිහා කන්න වගේ බලාගෙන ... මං දිනුං!
චන්ඩිද දන්නේ නැති උනත්, ඒ වගේ උන් දෙන්නෙක්ව පෙන්නුවානේ . ජයග්‍රහනයේ පලමු වෙඩි මුරය පත්තු කරගෙන සෙබනි ගාවට ගිහින් අත පුරවලා හීනියට ටොක්කක් ඇනලා දැන් මොකද කියන්නේ කියලා ඇහුවා .
" හරි හරි ........ හිටහංකෝ අපිටත් වාරයක් එයිනේ ..." 
                            මං පෙන්නපු කොල්ලෝ දෙන්නා ඇත්තටම හෙන මැර ලුක් එකක් තිබුන දෙන්නෙක් . 
                                         දෙන්නම ආම් කට් ගහලා ත්‍රීක්වාටස් වලට කහපාට සෙරෙප්පු දාලා හිටියේ ..... ඇඟිලි පහටම මුදු , ‍සුදු යකඩ මාල දෙකතුනක්ම බෙල්ල වටේට නයි වගේ එතිලා තිබුනා .
අපි උන් දිහා බලන වග උන්ටත් තේරිලාද කොහෙද මේ පැත්ත බල බල තමයි හිටියේ .
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ මොකටද නේද .........
" ඇති යකෝ බැලුවා .......... 
                        මොන රෙද්දක්ද ‍යකෝ මුං තුම්පනෙන් ආව වගේනේ ..... " වෙලාවටම එතනට බස් එකකුත් ආවා .
" එන්න බැරි උන් හිටපන් මං මේකේ යනවා "
                                              සෙට් එකම  ගොඩ උනා ...... අපි විතරක් නෙවෙයි මැරයෝ දෙනන්ත් ගොඩ උනා ..... බස් එකේ අපි හැමෝටම එකට ඉදගෙන යන්න පිටි පස්ස සීට් එකේ ඉඩ නෑ .
කට්ටිය විසිරුනා ..... මායි පින්ටුවයි සොබනී .... අනිත්ම සීට් එකට සෙට් උනා .... මැරයොන්ට ඉඩ නෑ උන් හිටගෙන ... ළමා රෝහලට යන කං කිසිම අවුලක් තිබුනේ නෑ . ඒත් අවුල පටන් ගත්තේ ඊට පස්සේ . පිටි පස්සේ සීට් එකේ හිටපු අන්කල් ලා දෙන්නම එතනින් බැස්සා .... මැරයෝ දෙන්න ඉදගත්තා .සෙබනි ජනේලෙ ලඟ මම ඊඟට එතනින් පස්සේ පින්ටු පස්සේ මැරයෝ දෙන්නා .
මේන්න යකෝ හිටපු මැරයෝ දෙන්නගෙන් එකෙක් හෙනම හෙන ලතා වොයිස් එකකින් අනිකට කථා කරනවා ...... මාව කූල් වෙලා ගියා .සොබනිටවත් නෑ ඒ තරං පැහැදිලි ස්ත්‍රී වොයිස් එකක් ......... මුං දෙන්න සීට් එකට වෙලා දැන් හෙන හයියෙන් කථාව . මිනිස්සු හිනා වෙවී බලනවා ....
" බලන්න අද හරිම හොට් නේද ........."
"ඒකනේ .....කෝ මේ බස් එකේ අයියා ඒසී එක ‍ඔන් කරන්නෙ නෑ නේ .... අපි කෑගහල කියමුද " 
දෙදෙනාම - " අයියේ .......... රස්නෙයි "
 නොදකින් විතරක් මුං ම‍ගේ බොරැල්ලේ සායම කෑවා. සෙබනි , ‍මගේ දිහා බලාගෙන හිනා නොවී හිනා වෙනවා . ඒ මදිවට අරුනි කථා කරන වාරයක් ගානේ කොනිත්තනවා .
                                               වරදවා හිතන්න කාරි නෑ ..... ඒ ඇවිල්ලා අපි දෙන්නගේ අතරේ තියෙන සීතල යුද්දෙක ප්‍රතිඵල .අයියා-නංගිලා දෙන්නාගේ කථාව වෙනස් මාතෘකාවකට ගියා .
" බලන්න සදු කොච්චර ස්වීට් කොල්ලෙක්ද ඔයාගේ එහා පැත්තේ ඉන්නේ ...... " එකෙක් / එකියක් එහෙම කිවිවේ ම‍ගේ එහා පැත්තේ හිටපු පින්ටුවා දිහා බලන ගමන් .
"  මොනවද මල්ලි කරන්නේ .......... " පින්ටුවාට ප්‍රශ්නයක් 
" අපි අහවල් කැම්පස් එකේනේ .......... " 
" හනේ හරි  ශෝයි ........ බලන්න මිතූ ඔයාට සෙට් වෙන්න යනේනේ යුනිවර්සිටි කොල්ලෙක් " 
දැන් නං මටයි සෙබනිටයි විතරක් නෙවෙයි බස් එකේ බාගෙකට විතරම ඉල නෑ  .අපේ පින්ටුවාට කොල්ලෙක් සෙට් වෙන්නයි යනේනේ . මේක කිව්වහට ඌගේ කෙල්ලගේ මූන බලන්න ඔනේ .
" මල්ලි අපි දෙන්නටත් ඕකට එන්න බැයිද අනේ "
පින්ටුවා කථා නෑ 
" එපා අනේ ඒ කොල්ලගෙන් ඔනේ නෑති දේවල් අහන්න ..... " ඒ අනිකා .
" කොහෙද මල්ලි යන්නේ ...... කිරිබත්ගොඩද ?? " 
" අපි කොහො ගියාම තමුසෙලාට  මොකද ? " මෙච්චර වෙලා හිනා වෙවී හිටියට මට පින්ටුවාගේ වොයිස් චේන්ජ් එක අදුරගන්න අමාරු වුනේ නෑ ....මුට අම්බානක මල පැනලා ( එහෙම නොවුනොත් තමයි පුදුමේ ) 
" අනේ ........... මේ බලහල්ලකෝ  මෙයාට තරහ ගිහින් ...... ඔහොම තරහ ගන්න එපා රත්තරං, වයසට යනවා "
හිනාව ආයෙත් අළුත් උනා ....
" මෙන්න මේ ........... මෙයාගේ මූනත් රතුවෙලා " 
                       එහෙම කියාගෙන එකෙක් පින්ටුවාගේ නිකටෙන් ඇල්ලුවා . එච්චර වෙලා හිර කරගෙන හිටිය තරහ පිටවුනේ ඒ වෙලාවේ . පින්ටුවා මොකද්ද වුනා වගේ නැගිටලා අරුන්දෙන්නගේ එකෙක්ගේ මූණට මිට මොලවලා කෙලලා ඇරියා . 
                                                   ඔන්න බැජ් ෆිට් එක නැඟගෙන ආවා සරිගමයගේ ගෙදර යන්නආපු අපි සේරම එකතු වෙලා අරුන්ට  බස් එක ඇතුලෙම කෙලවෙව්වා . ඇන්ටිලා කෑගහනවා අනේ කවුරුහරි නවත්තන්නකෝ කියලා . ඒත් කවුරු නවත්තන්නද .... දෙන්නටම ඉහ මොල රත් වෙන්න ‍දීලා බස් එකෙන් එලියට දැම්මා .
" උන්ට ඔහොම තමයි පුතා කරන්න ඔනේ ...... මුං පිරිමි කම කනවා ..." අංකල් කෙනෙක් අපිට සප් එක . 




ප.ලි - මොනව උනත් උන් දෙන්නට ගහපු එක ගැන මම දුක්වෙනවා ..... ඒ වෙන මොනවත් නිසා නෙවෙයි . සමාජයෙන් සැලකිල්ලක් ලැබිලා නියම පිරිමියෙකුගේ තත්තවයට පත් කරන්න පුලුවන් මේ වගේ ජීවිත .... විනාස වෙලා යන එකට මටත් කරගහන්න වුන නිසා

Thursday, November 22, 2012

අම්මට සිරි තේ ............... ( තේරුනොත් ලොකු දෙයක් )


තේ වනාහී ‍සුද්දාගේ ජා‍තික පානය සේම ලාංකිකයාගේ සුදු ලකුණ වන්නාවූ ද , මද බෑවුමක් හා රතු ලැටරයිට් පසක් ඇති ස්ථානයන් හී වාරිශික වර්ශාපතනය මිලිමීටර 2000ත් තවත් කීයක් දෝත් අතර පිහිටි ලැම්බෝගිනි  යන  තරම් දුගී දුප්පත් ප්‍රදේශවල වැවෙන , කොළ පැහැති ඳල්ලක් හා වේලුන පසු කළු කුඩක් වන මෙව්වා එකක් ලෙස සැලකිය හැක.

‍සයිවර් කඩ වල වැඩ කරන කොල්ලන්ට නොඅඩුව අයඩින් සහිත ලුනු කෑමට  ලැබෙන්නේ යැයි සැලකූ කල්හී , නයිට් කඩේදී රුපියල් 20ටත් දවාලට  රුපියල් 15 ටත් අයඩින් සහිත තේ කෝප්පයක් රස විදීමට අපට ගතවන්නේ ‍ සංඛ්‍යාත්මකව ගෙන විනාඩි වලින් පැවසූවිට , වැඩි වුන ප‍‍ඩියටත් අඩු කාලයකි .
විනිමය අනුපාතය ඉහල‍ගොස් ගැටුම් ඇතිවන සමහර අවස්ථා වලදී ‍නිවසේ  වලං ලේක් හවුස් එක ඉස්සරහා පොලවේ ගසා අවසන් වූ පසු  අපට ඉතුරුවන්නේ පාර අයිනේ තේ දමනා ජංගම මෙව්වා එකයි . එහිදී නානාගේ යාරේ දැමීමේ හැකියාවෙන් අපිට තේ කෝප්පයේ ප්‍රමිතිය පිළිඹද මිනුමක් ලබාගත හැකිවන්නේය.
                                       කොහේ හෝ අමාරුවක් ඇතිවූවිට හෝ මූලග්ගාය තදවූ අවස්ථාවකදී නැත්තං දෙනෙත නිවා ගැනීම උදෙදා සුදු ගලක් බැලීමට සිතුන විට තරු පහේ හෝටලයක සුදු පුටුවකට වී කළු තේ කෝප්පයක්, 
රුපියල් 250කට පමණ  ලබාගත හැක .මෙහිදී වැරදීමකින් හෝ කළු කෝපි ලැබීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් කාරිවිය යුතුය . එසේම එහිදී සීනි තබා ඇත්තේ වෙනම පැකට් ලෙස වෙනම තැනක බව දැනගෙන යාමෙන් තේ බී අවසානයේ සීනි පිළිඹඳ දුක් වීම වලක්වා ගත හැක. කෙසේ වෙතත් ගෙදර අම්මා හදන තේ කෝප්පයට ගහන්නට හෝටලේ ලොයිඩ් උන්දෑට තියා උන්දැගේ අම්මාට වත් බැරිබව අද්දැකීමෙන්ම දන්මි .  තේ සෑදීමේ අද්දැකීම සේම ආදරයද කෝප්පයට වැටිය යුතුය ....... රසවත් වන්නේ එවිටය .
වතුර ,තේකොළ හා සීනි....... , තේ කෝප්පයක ප්‍රධාන ප්‍රභේධ වන අතර මේවා ප්‍රදාන උප ප්‍රභේද රාශයිකට දැක්විය හැක ...... තේ සෑදීමට උණු වතුර බහුලව භාවිතාවන අතර ඇල් වතුර යොදා ගන්නේ කඩේ මුදලාලිගේ කුකුල් සායම් තවමත් එලෙසින්ම ඇද්දැයි තහවුරු  කරගන්නටය . නමුත් මුදලාලි සමහර විට දක්ෂයා වෙන්නේ උඩින් හොද ඒවා පෙන්නා යටින් ගේම දෙන නිසාය. අමුබුලුවාගල පැත්තේ මේ වැඩේ නියමෙට යන්නේ රෝද පුටුවේ සිට නැගිගොස් වෙඩි තබා යලි පැමිණ රෝද පුටුවේ හිඳගෙන බබා පාට් දැමු     මූ... මුදලාලි කෙනෙකුට පින් සිදුවන්නටය. උන්දෑ  පරණ දේවලට නමදාගන්න උපන් හපනාය .
                                        මේ අතර වැහි වතුර උනු කිරීමෙන් තේ සෑදීම මඟින් අමුතු ආතල් එකක් ගත හැක .වතුර ගන්නෙ කොළඹින්ද නුවරින්ද නුවර එලියෙන්ද නැත්නම් මැදමූලනින්ද යන්න මත තේවල රසය වෙනස්වේ .
කෙසේ වෙතත් කැලනි ග‍‍‍ඟෙන් ගත් වතුරෙන් සෑදූ තේ තරම් අනික්වා රසවත් නොවනා බව වටහා ගත්තේ පෑලියගොඩදී බොන්නට ලැබුන තේ කෝප්පයකට පින්සිදුවන්නටය.  කඩේ උන්දෑට ගාන නොදී මාරු වෙන්නට මෙහිදී මට අවස්ථාව ලැබුනේ තේකෝප්පයේ අවසානයේ අඩියෙන් මතුවූ මැස්සෙකුට පින් සිදුවන්නටය .ගාල්ලේ බස් නැවතුම අසල ටැප් එකේ වතුරෙන්ද පංකාදු තේ සෑදිය හැක .......
සුදු සීනී ගබඩාවේ මීයන්ගේ පෝෂණ මට්ටම සේම සීනි මිටි කරගහන්නන්ගේ ලවන මට්ටම අනුව තේකෝප්පයේ රස වෙනස්වනු ඇත . මීට අමතරව රතු සීනි භාවිතා කරන්නේ නම් එහි සේවකයන්ගේ බුලත් විටේ ප්‍රමිතිය සේම සීනි කම්හ‍ල අසල ඩිස්පැන්සරිගේ දොස්තැර උන්දෑගේ තුවාල බෙහෙත් වල සැර මට්ටම අනුව තේ රස වෙනස්වේ .

                                      උඩ රට තේ , පහත රටතේ සේම BOP අගයද රෝසා සහ මාමාගේ උපදෙස් මතද ‍වෙනස් රසකින් යුතු තේ සාදා ගත හැක.
මෙහිලා ග්‍රීන්ටී නොහොත් කොළ තේ ගැන කථා කරන්නේ නැත්තේ අපේ උන් ඒවා බොන්නේ නැති නියාවෙනි .
හැන්දක් , කෝප්ප දෙකක් , සීනි තේකොල ටින් එක හා වතුර කේතලයක් නැති තැන තේ ගැන කථා කිරීම ඵල රහිත වන්නේය එසේ කලහොත් එය දවසේ කථාව වනබව නිසැකය , ඒ මොන තරං වැදගත් දේ තිබුනද දවාසේ කථාව වන්නේ මොකෙක් හරි  කොහෙදෝ අමාරුවකට කියන ගොන් කථාවක් හැමදාම දවසේ කථාව වන නිසාය ..... අපිත් බලාන ඉන්නේ ඌට හිනා වී පසුව තේ වත්තේ වැඩට යවන්නටය .
ඉහත උපකරන මේසයකට ගෙන තේ හැදුවද ...... නුදුරු අනාගතයේදී අපටත් 
ග්‍රීන්ටී  හදනවිදිහට සියළූම අඩුම කුඩුම බිමට ගෙන කරාතේ ක්‍රීඩක ලීලාවෙන් ඇන තියාගෙන ඒවා සෑදීමට සිදුවිය හැක. මෙහිදී පිජාමා එක අනිවාර්්‍යවේ  නැත්තං ගතියක් නැත.




ප.ලි - පිජාමා යන්න කිමෝනා ලෙස වෙනස් විය යුතුය .

ප.ප.ලි - පහුගිය දවස් ටිකේම බ්ලොග් එක පැත්ත පලාතේ එන්න බැරි වුනා. උඹලාගේ බ්ලොග් කියවන්න බැරි උනාට සමාවෙන්න ඕනේ . අම්බානක වැඩ සෙට්උනා. ඒකයි එන්න බැරි උනේ ඔන්න කොනක ඉදන් අද කියවන්නම් .තේ‍ එක බීලම වැඩ පටන් ගමුකෝ.
 

Sample text

Sample Text

Sample Text