විප්ලවයේ මතක -
.................... තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්හ. අප සමග එකට සිරබත් කෑ එක් සාමාජිකයකු පොලිස් පහර කෑම් නිසා සිර කුටියේදීම අවසාන හුස්‌ම පොද වාතලයට මුසු කිරීමට මොහොතකට පෙර සිර කුටියේ බිත්තියේ සටහන් කළ කවි පද හතර මගේ මතකයෙන් තවමත් මැකී ගොස් නොමැත.
මැතිවරණයෙන් ජන රවටන ලද බලය
උරුමෙන් ලද ද තී යෙදුවේ යුද බලය
තරුණන් මැරූ සුදු අදිරද සුරතලිය
මරණෙන් පසුත් ගන්නෙමි ලේවල පලිය
කලින් කොටස කියෙව්වේ නැද්ද ?
දෙවන දිගහැරුම
කොහේදෝ පාවෙලා යන රස්තියාදුකාර හුළඟකට ඔච්චම් කරන්නා වගේ අපූරුවට දඟ කරන සුදු රැලි ගවුම ඉර බැහැගෙන යන ලස්සනත් එක්ක එකතු වෙලා මැව්වේ අමුතුම විදිහේ සුන්දරත්වයක් . හුලං පාර නිසා ඔහේ පාවෙලා ගිහින් මූණට වැටුන කෙස් රොදක් වම් අතින් හුරුබුහුටි විදිහට කණ පිටිපස්ට කරන් එන හැඩ , මුලු දවසම බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැතිවෙයි කියලයි පියල්ට හිතුනේ .
මතකේ තියාගෙන ගෙදර ගිහින් රස විදින්න පුළුවන් තරමේ අපූරු කෝමළ රේඛා දහදාහක් ඒ රූපේ ඇතුලේ තියෙනවා . හැම රේඛාවකින්ම පුදුමාකාර ලාලිත්‍යක් එකතුවුනා . පියල්, ජීවිතේ පලවෙනි වතාවට ඇස් අහක් කරගන්න බැරි තරම් ලෝභ කමකින් ගෑණු ලමයෙක් දිහා බලාගෙන.
" මොනතරං වතුර තිබුනත් සීතගඟුලේ තියෙන වතුර තරං රස වතුරක් වෙන කොහෙවත් නෑලුනේ බං , කවුද අකමැති සීත ගඟුලේ වතුර ටිකක් බොන්න නේද !!!!! "
තිලක් ඇහුවේ පියල් දිහාත් ඇවිදන් එන ගෑණු ළමයා දිහාත් ටිකක් වෙලා බලාගෙන ඉදලා .
" මං දෙයක් කියන්නද ? "
" මොකද්ද ? "
" මට උඹව හම්බ උනේ අද තමයි බං . ඒ උනාට උඹ කවුද කියන එක හොඳටම තේරුන් ගන්න ඒ වැඩිත් එක්ක , උඹ ඒ තරං විනිවිධ පේනවා ."
" හැබෑට ! " පියල් හිනා වෙනවා
" හැබෑව තමයි යකෝ , උඹේ වට්ටියට හරියන්නේ ඔය එනවා වගේ මලක් තමයි බං " ඒ කථාවට නං පියල්ගේ හිනාව නැතිවෙලා ගිහින් ටිකක් විතර බැරෑරුම් පෙනුමක් ආවා .
" උඹ දැඩිමුන්ඩ දේවාලේ දන්නව නේද ? , ගෙලිඔයේ තියෙන්නේ ! "
" ඉතිං "
" හැමෝටම ගිහින් පූජාවට්ටි තියලා එන්න පුලුවං තමයි , එත් ......"
" එත් ? "
" ඒත් , කපු මහත්තයා දේවාලේ දොර ඇරලා ඇතුලෙන් පූජාව ගිහින් තියන්න දෙන්නේ බොහොම ටික දෙනෙකුට විතරයි බං , දෙයියෝ කැමති උනත් නැතත් ළඟින්ම පූජාව තියන්නේ කපු මහත්තයා කැමති මිනිස්සු විතරයි "
" හැම කපුවම නරක නෑ , අනික මේ දේවාලේ කපුව ගැනවත් දේවාලේ ගැනවත් මොනවත් දන්නෙනෑනේ උඹ !!! " පියල් හිනා උනා විතරයි .
ගෑණු ළමයි ටික යාළුවෝ දෙන්න හිටපු තැනය මීටර් දහයක් විතර ඈතින් තිබුන ලංගම ෂෙඩ් එක ගාව නැවතිලා බරටම වැඩ .කොහෙන්දෝ මන්දා හදිස්සියෙන්ම හිතට ආපු සිතුවිල්ලක් නිසා ඒ ලස්සන ඇස් දෙක හදිස්සියේම පියල්ගේ පැත්තට හැරවුනා .
තත්පර කීපයකට ඇස් හතර හුඟාක් දේවල් කථා කලා . කොහෝදෝ දැකලා තිබුන ගතියක් , මේ ආත්මේ නෙවෙයි කලින් ආත්මේ , පතාගෙන ආපු බවක් . පියල්ට මේ තත්පර දහය දොලහ ජීවිත කාලේ වගේ , කරන්ට් එක වැදුනා වගේ . සුදු රොස මලත් තත්පර දෙකෙන් රතු වෙලා ගිහින් . හීනි දිග ඇස් දෙක ලොකු කරගෙන පියල් දිහා බලාගෙන උන්නා . ඒ ඇස් දෙකෙන් කියවුනේ පියල්ව අඳුරගත්තු බවක් .
" ලඟදිම ජය සිරි මංගලම් ද කොහෙද ! " තිලක් පියල්දිහා හැරිලා මනමාල හිනාවක් දැම්මා .
" සීසන් එක ගන්න ගම්පොල ඇවිත් උඹට මාව හම්බවුන එකට පින් දීපන් , නැත්තං උඹ දැන් කලින් ආපු බස් එකේ නැගලා සිංහ පිටිය හරියේ ........... උඹේ කුමාරි මෙතන තනියෙන් "
" බයිලා කියවනවා ........... මේ අදම දැක්ක කෙල්ල කොහෙමද බං මගේ කුමාරි වෙන්නේ ! "
සුදු රෝස මල මොන තමන්ගේ යාළුවොන්ට මොනවදෝ කිය පියල්ව පෙන්නුවේ ඇස් දෙකෙන් . මොන තරං වහන් හැදුවත් රෝස මල කරපු දේ පියල්ට හොඳට තේරුනා .
" ආ.........ආ......... දැන් මෙතනින් ශේප් වෙමුද මචෝ ......... කෙල්ලට නෝට් ...... අපි චා වෙන්නයි යන්නේ "
" පිස්සුද පියලෝ ......... ඔහොම හිටපං මුලිං පොඩ්ඩක් චා උනාට මොකද මල වැටෙන්නේ උඹේ වට්ටියටනං "
මෙච්චර වෙලා මුනු මුනු ගගා හිටපු ගෑණු ළමයි ටික පියල්ගේ පැත්තට ඇවිදන් එන්න ගත්තේ , තිලක්ගේ විරිත්තිල්ලට හයියෙන් හිනාවෙන ගමන් .
" විකාරද යකෝ .......... චා වෙලා ඉන්න තරම මදිද තොට "
" අනේ පල , ලඟට ආවාම මොනව හරි කියලා කථාවට අල්ලා ගනිං "
තමන්ගේ හදවත ගැහෙන සද්දේ එලියටම ඇහෙන තරමට වැඩිවෙලා ,
මෙච්චර කාලෙකට දැනුනේ නැති ආගන්තුක හැඟීම් කෝටියක් හිත පුරාවට උතුරනවා .ගෑණූ ළමයෙක් නිසා කවදාවත් අමුතු විදිහට වෙනස් නොවී තිබුන තමන්ගේ හිතට අද මොනවද මේ වෙලා තියෙන්නේ කියලා පියල්ටම පුදුමයි .
" ඔහේ යන දිහාවක යයි , මං මොනවත් කියන්නේ නෑ , උඹත් කට වහන් හිටපං ................ "පියල් කිව්වේ බොහෝම සීරුවට තිලක්ගේ කණ ගාවට ලංවෙලා .
ගෑණු ළමයි ටික ඇවිත් නතර උනේ පියල් තිලක් එක්ක වාඩි වෙලා හිටපු කොට තාප්පේ අයිනෙමයි .
" මේ පියල් අයියා නේද ? " රෝස මල පියල් දිහා බලලා හිනා වෙලා ඇහුවා . වීණා නැත මිහිරි මින් මතු කිසි දිනක මට .......... පියල්ගේ මුලු ඇඟම වෙව්වලා ගියා . නත්තල් කුණාටු කාලෙදි පොරවන්න රෙද්දක් නැතිව නිදාගත්ත දවස් තිබුනත් මේතරං සීතලක් දැනුනෙ නෑ .
කොල්ලෙක් ගොලු වෙන්නේ තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගාව විතරයිලු, මොනතරං දේවල් තිබුනත් කියාගන්න බැරි වෙන්නෙත් එයා ගාවදි විතරයිලු. මොන තරං චන්ඩියා උනත් එතනදි යට වෙනවලු . එකොලහ වසරේ සිංහල උගන්නපු වික්ටර් සර් කියපු මේ කථාව , හිතන්න දේවල් දාහක් තියෙන අතරේ පියල්ගේ හිතට ආවා .
'මෙයා කොහොමද මාව දන්නේ ' පියල්ට ප්‍රශ්නයක් . තිලක් හිනා වෙලා අනිත් ගෑණු ලමයි ගාවට කිට්ටු වුනේ කුරුලු ජෝඩුවට බාධා වෙන්නේ නැතිවෙන්න.
" ඔ..........වු ..... ඔවු , මාව දන්නවද ? " කවදාවත් නැති විදිහට වචන හිර වෙලා , නැත්තං ඇතුලෙන් වචන දාස් ගානක් දොඩමලු වෙලා .
" මතක නැද්ද අයියේ මං දිනූශි ........... අයියලා අපේ ඉස්කෝලෙට ආවේ , අර අපිට ලෙක්චර් එකක් එහෙම දුන්නේ "
පියල් , ජෝසප් බාලිකාවට ගිහින් තිබුනේ එකම වතාවකි . ඒ විවාධ අවසන් තරඟයකටය. ඒත් මේ මුහුණ දැක්ක කියලා කිසිම මතකයක් නැතිය .
" ඩිබෙට් එකකට " පියල් අකුරු එකතු කලා
" ඔවු........ ඔවු , අයියලා එදා කැන්ඩි ගර්ස් හයි ස්කූල් එක පැරද්දුවානේ ...... හැමෝම හිතුවේ එයාලා දිනයි කියලා . හැබැයි අපිනං හිතුවේ අයිලාට දිනුම ලැබෙන්නම ඕනේ කියලා . අයියා හරි ලස්සනට ටීම් එක ලීඩ් කලා "
" තැන්කයූ " පියල්ට තවමත් රෝස මල දැක්කේ ඉස්කෝලේ මොන හරියෙද කියලාවත් මතකයක් නෑ .
" තාම මතක නෑ නේද මාව .......... " රෝස මල ටිකක් දුකින් වගේ ඇහුවේ . " අයියලා ඩිබෙට් එක ඉවර වෙලා මතකද අපිට ,අපේ ඩිබෙටින් ප්ලැටුන් එකට ටිප්ස් වගයක් දුන්නේ කොහොමද විවාදෙයක් දිනන්නේ කියලා "
" හරි .....හරි ..... ඔයාලා නේද ඒ වෙලාවේ අපිට කෑම ඇල්ලුවේ " කෙල්ලගේ හිත රිදවන්න පියල්ට ලෝබයි , ඒ කණා පාර ගැහුවේ ඒ නිසාමයි .
" අම්මේ ඇති යන්තං මතක් උනා ....... " රෝස මල හිනා වෙනකොට සිරියාවන්තකම කියන්න වචන නෑ . දරාගන්න බැරි සුවඳකින් තමන්ගේ ජීවිතේ සත්මහලම පිරිලා ඉතිරිලා ගිහින් කියලා පියල්ට දැනුනා.
" දැන් මොනවද නංගි ඔයා කරන්නේ ? "
" දැන් දහයෙනේ, තව මාස දා හතරකින් ඕ ලෙවල් " කෙල්ලට ඇත්තේ අමුතුම විදිහේ වචන මාලාවකි . කොහෙන් ඉගෙන ගත්තත් ඒ වචනවල ඇත්තේ පුදුම ආකර්ශනයකි . නැත්තං ඒ පියල්ට හිතෙන හැටි වෙන්නත් බැරිනෑ .
" අපෝ තාම පොඩි උන්නේ "
" අනේ නිකා ඉන්න ....... අයියා මට වඩා වැඩිමල් අවුරුදු දෙකයිනේ , ඔයා යන්තං ඇවිදිනකොට මං ඉපදුනා , ඉතිං මහ ලොකු වෙනසක් නෑනේ " පියල්ට තනියෙන් හිනා .
"හම් ......... අයියා ඔලෙවල් ඉවරයිනේ ...... දැන් මොන ඉස්කෝලෙද ? තාම සේනාධිකාරියේද ? ඔලෙවල් අමාරුද අයියේ , මටනං බයයිත් වගේ "
ප්‍රශ්න කෝටියයි , පියල් හැම එකකටම උත්තර දුන්නේ ආසාවෙනි . මේ වගේ ප්‍රශ්න අහන්න කෙනෙක් ලගින් සිටිය යුතුමය . ජීවිතය සම්පූරණ වෙන්නේ එතකොට යි .
දොලොස්බාගේ බස් එකක් ඩිපෝවෙන් එලියට දානකොට තවත් පැය භාගයක් විතර ගිහින් තිබුනා . රෝසමලයි පියලුයි මේ වෙනකොට ඉපදුන දවසේ ඉදන් දන්න තරමට යාළු වෙලා . ජීවිතේ උරුමක්කායන් හම්බ වුනාම එහෙම වෙන්න ඇති . මොනතරං නොදන්න නොඅඳුනන දෙන්නෙක් උනත් පුදුමාකාර විදිහට ලංවෙනවා වෙන්න ඇති .
" බස් එක නං ආවා නංගි ............. දැම්ම නඟිමුද , නැත්තං හිටගෙවන තෙරපෙන්න වෙනවා " එක ළඟ සීට් එකක උර හිස වැදි වදී රෝසමලත් එක්ක යන්න තිබුන ආසාව නිසාම පියල් ඇහුවා .
" යාලුවොත් එනවද ? " පියල් ආයෙම ඇහුවේ තිලක්ගේ කොලං වලට හිනා වෙවී හිටපු අනිත් ගෑණු ළමයි දිහා බලන ගමන් .
" අනේ නෑ අයියේ , එයාලා ආවේ මාව බස් එකට දාන්න විතරයි ...... "
කොල්ලට හෙනම හැපිය . රෝස මලත් එකක් පැයක් බස් එකේ එක සීට් එකේ යනවා කියන්නේ ලේසි පාසු වැඩක්ද !
තිලක් එක්ක වාහනේ සැපට යන්න හිටියට මොකද , දැන් බස් එක ඊට වඩා සනීපයි කියන සිතුවිල්ල පියල්ගේ හිතේ තෙරපෙනවා .
බස් එක දැකපු තිලක් පියල් දිහා බලලා ලාවට හිනා වෙනගමන් ඔළුව ගැසුවේ , බස් එකේ පලයං කියන්න බව පියල්ට උගන්නන්න ඔනේ නෑ .
දෙන්නත් එක්ක ගිහින් බස් එකේ දකුණු පැත්තේ සීට් පේලියේ මැද හරියේ සීට් එකක ලස්සනට වාඩි උනා . රෝස මලගේ අතින් අල්ලගෙන යන්න හිතට ආපු සිතුවිල්ල පියල් යටපත් කලේ බොහෝම අමාරුවෙන් . කෙල්ලගේ කොන්ඩේ , ජනෙලෙන් එන හුළං පාර නිසා පියල්ගේ උරහිස උඩ ලස්සනට රටා මවනවා . ජනේලෙන් එලියේ පේන්නේ හැමදාම දකින දර්ශනේ උනත් ඒක මේ තරං ලස්සනයි කියලා පියල්ට කවදාවත් හිතුනේ නෑ .
බස් එක නොදැනීම කුරුදුවත්තටත් ආවා , රෝස මල බහින්නයි යන්නේ , මලටත් ටිකක් අමාරුයි වගේ පියල්ට ඊටවඩා අමාරුයි . කොහොමද දෙයියනේ දැන් මං මේක නොදැක ඉන්නේ . දෙන්නගේ ඉස්කෝල දෙක තිබුනේ ගමන් අන්ත දෙකකය . කවදාවක් එකම බස් එකේ එකට හම්බ වෙන එක පුදුම අහම්බයක්. ඇත්තටම වෙන්නම බැරි තරං . දෙන්න බස් එකට නඟින්නේත් හම්බ වෙන්න බැරි තරං ඈත තියෙන හෝල්ට් දෙකකින් . මෙච්චර වෙලා පිපිලා සුවද දී දී හිටපු රෝසමල එක පාරටම පර වෙලා . කෙල්ලගෙ මූණත් එකක් අමුතු වෙලා . ඒත් යන්න ඕනේමයි . දෛවය ආදරවන්නතයන්ට සලකන්නේම හරි නපුරු විදිහට .
දෙන්නගේ පලවෙනි හමුවීමෙන් දැන් මාස තුන හතරක් ගිහින් .......... අහම්බෙන් වතාවක් ආයමත් ගම්පොලදි හම්බ වුනා ඇරෙන්න පියල්ට දිනූව හම්බ වෙන්නවත් කථා කරන්නවත් ලැබෙන්නේ නෑ .
************************************************************************************************************
" අනේ පුතේ ........... ඉක්මනට වරෝ .......... "
දෙසම්බර් සීතල අතරින් අම්මගේ කටහඩ පිපිරිලා ගියේ පියල්ගේ පපුව මොනවදෝ කරගෙන . කාමරේ ඇඳට වෙලා තිලක් එක්ක පාඩම් කර කර හිටපු පියල් අඩියට දෙකට පිලිකන්නේ . මොනවද වෙන්න යන්නේ ...... අයියලා දෙන්නා තාත්තව උස්සගෙන පාරට දුවනවා අම්මා ඊට පස්සෙන් දුවනවා .
" අම්මේ ......... මොකෝ මේ "
" තාත්තගේ පපුවේ අමාරුව ආයේ වැඩි උනා මයේ පුතේ .......... කුරුදුවත්තේ වෙද මහත්තයා ගාවට අරං යමු , පුලුවන්නං ..... පරාක්‍රමගේ පාං වෑන් එකට එන්න කියපං පුතේ ..............
විප්ලව වාදියෙකුගේ ආදරය - තෙවන දිග හැරුම ////
විප්ලවවාදියාගේ රන්තැටිය පිරිවෙනට ආගමනය සමග විප්ලවය ඇරඹෙයි
බලාපොරොත්තු වන්න ..........................